History & Culture

Gee Madu Puranaya

ලාංකේය දේව ඇදහිලි පද්ධතියේ ශක්තිමත්ම කාන්තා දේවතාවිය සත් පත්තිනි මැණියන්ය. සිය විදේශිය අන්‍යයතාව, දේශසීමා පසෙකලා දේශියකරණයට පත්වීමට තරම් භාගයවත් වුයේ පතිවතාව නම් ප්‍රබල ආසියානු මෙවලම ඇය සියතට ගත් නිසාවෙනි. රමිත් චන්ද්‍රසේකර නම් නූතන පරපුරේ රචකයා විසින් රචිත 'ගී මඩු පුරාණය' නම් පර්යේක්ෂන ග්‍රන්ථයෙන් අධ්‍යනය කරනුයේ ප්‍රධානම පන්තිස් කෝල්මුර සාහිතයට අයත් මඩු පුර පදයවලියේ අන්තර්ගත කරුණු පිලිබදවය.
Rs 980.00

Mihintale Mahavihara Warnanava

පූජ්‍ය හොරේවෙල සුනීත හිමියන් සහ විජයපුර රාහුල හිමියන් විසින් සකස් කරන ලද  'මිහින්තලා මහාවිහාර වර්ණනාව' නම් මෙම ග්‍රන්ථය දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් වන ග්‍රන්ථයකි.
Rs 625.00

Aithihasika Maligawila Puranaya

'ඓතිහාසික මාලිගාවිල පුරාණය' නම් මෙම ග්‍රන්ථය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමියන් විසින් රචිත ග්‍රන්ථයක් වන අතර පුරාතණ වංසකතා වලට අනුව 'අරියකර විහාරය' නමින් හදුන්වන ලද වර්ථමානයේ  මාලිගාවිල රජමහා විහාරය පිළිබද වංසකතා වල  නොයෙකුත් අකාරයේ තොරතුරු සදහන් අතර මහාවංශයට අනුව මෙම ප්‍රතිමාව, මහා තිස්සගේ සහ සංඝසිවා බිසවගේ වැඩිමහල් පුත්‍රයා වූ අග්ගබෝධි රජතුමන් විසින් කරවූ බවද සදහන් වේ.
Rs 200.00

A PILGRIM'S COMPANION

in this book ably written by ken and visakha kawasaki mentions the places associate with the buddha's life and what important events had taken place in those sacred sites. in other words, it provides its ready with the reison d'ere for visiting that particular sacred site
Rs 1,560.00
Out-of-Stock

Muni Dalada

Out-of-Stock
මුනි දළදා, ශ්‍රී ලාංකේය දේශපාලනයේ දළදා භූමිකාව 310-2023, ආචාර්ය ධර්මරත්න හේරත් මහතා විසින් රචනා කොට 2022 වර්ෂයේ දී පළකරන ලද 'Tooth Relic of the Buddha A Relic in Sri Lanka Politics' යන ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. දැනට මහනුවර ශ්‍රී දළදා මාලිගයෙහි වැඩ වසමින් සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනයට පාත්‍ර වන ශ්‍රී වාම දංෂ්ට්‍රා ධාතුන් වහන්සේ, ශ්‍රී ලාංකේය රාජ්‍යත්වය ස්ථාපිත කරමින් හා ආරක්ෂා කරමින් ලක්දිව දේශපාලන හා ආගමික ක්ෂේත්‍රයන්හි අති ගෞරවාර්හ පූජ්‍ය වස්තුව බවට පත්වූ ආකාරය විදහා දැක්වීම මෙම ග්‍රන්ථයේ මූලික අධ්‍යාශය වේ.

Bharathiya Bauddha Kala Shilpa

කර්තෘ ගෙන්...
පැරණි කලාශිල්ප පිළිබද පොතපත කියවීමෙහිත් ශිල්ප කෘතීන් පිරික්සීමෙහිත් කුඩා කල සිට මා තුළ පැවති ආශාව මේ පොත ලිවීමෙහි මා මෙහෙය විය. භාරතීය බෞද්ධ කලාවේ උපත. පරිණාමය සහ පැතිරීම පිළිබද විචාරණාත්මක විස්තරයක් මේ පොතෙහි අන්තර්ගත වෙයි. මෙහි සදහන් නොයෙක් අදහස් අද මෙරට බෞද්ධ සමාජය පිළිගත් ඒවාට විරුද්ධ විය හැකිය. එහෙත් පර්යේෂකයා සිය නිවහල් හැගීම නො පැකිලි ප්‍රකාශ කළ යුතු වෙයි. 
Rs 350.00
Out-of-Stock

Madarata aithihasika wiharasthana

Out-of-Stock
'මැදරට ඓතිහාසික විහාරස්ථාන' නමැති මෙම ග්‍රන්ථය නූතන මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි ඓතිහාසික වශයෙන් වැදගත්, පූජනීය වූ රජමහා විහාර හා පුරාණ විහාරස්ථාන සම්බන්ධයෙන් වැදගත් කරුණු අනාවරණය කරන කෘතියක් ලෙස පෙන්වාදිය හැකිය.

Sri Lankeya Perahara Ha Sanskruthika Sanjananaya

ශ්‍රී ලාංකේය පෙරහර හා සංජානනය පිළිබද සිංහලෙන් ප්‍රකාශ වන ප්‍රථම කෘතිය ලෙස 'ශ්‍රී ලාංකේය පෙරහර හා සංස්කෘතික සංජානනය' නම් මෙම කෘතිය සැලකිය හැකි අතර , මේ වූ කලී පාඨක ඔබට පෙරහැර පිළිබද නව අත්දැකීමක්, නවමු හැගීමක් හා නව චින්තන ධාරාවක් උත්පාදනය කෙරෙන කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 720.00

Kanda Udarata Janappriya Wu Dewa Sankalpa Ha Ithihasika Dewala

"කන්ද උඩරට ජනප්‍රිය වූ දේව සංකල්ප හා ඓතිහාසික දේවාල ' නමැති මෙම ග්‍රන්ථය නූතන මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි ජනප්‍රිය වූ දේව සංකල්ප හා ඓතිහාසික වශයෙන් වැදගත්, පූජනීය වූ සතර මහා දේවාල හා අනෙකුත් දේවාල සම්බන්ධයෙන් වැදගත් කරුණු අනාවරණය කරන කෘතියකි.
Rs 550.00
Out-of-Stock

Gadaladeni Wihara Waruna

Out-of-Stock
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, පිළිමතලාවෙහි පිහිටි ගඩලාදෙණි රාජමහා විහාරය වූ කලී මෙරට ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බෞද්ධ පූජනීය ස්ථානයක් වන අතර මෙම විහාරයෙහි විශේෂත්වය වන්නේ ලාංකීය ඉතිහාසයේ ගම්පොල යුගය නියෝජනය කරන අතලොස්සක් වූ විහාරස්ථානවලින් එකක් වන මෙය බොහෝ කලක පටන් ස්වභාවික උපද්‍රවයන්ට මෙන්ම පරසතුරු ආක්‍රමණයන්ට පවා ගොදුරු වී ඇති නමුත්, දැනට ශේෂව පවතින ඓතිහාසික සාධකමත අතීත යුගයක් පිළිබද වෘත්තාන්තයක් ඉදිරිපත් කිරීමට තරම් බොහෝ දෑ ඉතිරිවී තිබීම නිසාවෙනි.

Theravadi Tripitakaye Samarambhaya Ha Wikashaya

"ථෙරවාදී ත්‍රිපිටකයේ සමාරම්භය හා විකාශය” යන මෙම කෘතිය ත්‍රිපිටක සාහිත්‍යය ආරම්භව, වර්ධනය වී ශ්‍රී ලංකාවෙහි හා සෙසු සම්ප්‍රදායික ථෙරවාද බෞද්ධ ලෝකයෙහි ද ව්‍යාප්තව පවත්නා ආකාරය පිළිබඳ සමාලෝචනාත්මක අධ්‍යයනයකි. සාහිත්‍යය, ධර්ම කරුණු සහ ඉතිහාසය ද සංකලනය කරමින් රචනා කොට ඇති මෙම කෘතිය ත්‍රිපිටක සාහිත්‍යය පිළිබඳව දැන ගනු කැමැති ධර්මකාමී සාමාන්‍ය පාඨකයා හට මෙන් ම ත්‍රිපිටකය පිළිබඳව ගැඹුරින් හදාරනු කැමති ශාස්ත්‍රාභිලාෂීන්හට ද එක සේ අර්ථවත් වන කෘතියක් ලෙස හැඳින්විය හැකිය. 
Rs 1,450.00

APE PRAVADA

සිය ප්‍රථම උපාධිය සඳහා ලංකා විශ්ව විද්‍යාලයෙහි ගණිතය ද ආචාර්ය උපාධිය සඳහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙහි තාරකා භෞතික විද්‍යාව ද හදාළ නලින් ද සිල්වා මහතා සිය සමාජ ශාස්ත්‍රීය දිවිය ඇරැඹුවේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු හා මාක්ස්-ට්‍රොස්ට්ස්වාදි න්‍යායාචාර්යවරයකු ලෙස ය. ලංකා සම සමාජ පක්ෂයෙහි ප්‍රබල ක්‍රියාකාරිකයකු ද නව සම සමාජ පක්ෂය ඇරැඹීමෙහි මූලික වූවකු ද වන ඔහු අසුව දශකය මුල දී ඒ පක්ෂයෙන් ඉල්ලා අස්වෙමින් ලියූ ලිපිය 'මාක්ස්වාදය විද්‍යාත්මක ද?' යනුවෙන් සමාජ සංවාදයකට මුල් විය. විද්‍යාව මත පදනම් ව මාක්ස්වාදය ප්‍රශ්න කිරීමෙන් ඇරැඹුණු මේ සංවාදය, විද්‍යාවේ දර්ශනය විෂය ක්ෂේත්‍රය කරගනිමින් ක්‍රමයෙන් විද්‍යාව හා බටහිර දැනුම ප්‍රශ්න කරන්නක් බවට වර්ධනය වී ය. මාක්ස්වාදය හා විද්‍යාව සම්බන්ධයෙන් කෙරුණු මේ න්‍යායාත්මක ප්‍රශ්න කිරීමේ ජාතික චින්තන සංවාදයේ දාර්ශනික පදනම සැකසීමෙහි ලා මූලික විය. 
Rs 1,190.00