Rs 140.00
History & Culture
There are 803 products.
A Comparative History Of Ideas
Out-of-Stock
A Comparative History Of Ideas - Hajime Nakamura argues with remarkable erudition that particular intellectual and social developments can be traced in all great cultures; that each culture deals with its problems in about the same order. Discussing, in their similarities and in their subtle differences, ideas from India, China, Japan and Europe, the author considers such inclusive notions as the concept of God, the controversy over universals and the nature of orthodoxy and heterodoxy. This is a lucid and rewarding book which sets a new standard for dealing with a history of thought across many cultures.
Rs 4,400.00
Studies In The Origins Of Buddhism
Out-of-Stock
Studies In The Origins Of Buddhism - The present work is designed to consist of a group of organically connected historical studies relating to the origins of Buddhism. It is the doctrinal rather than the institutional aspect of Buddhism that is mainly considered. The subject matter is for the greater part of a literary and religio-philosophic character, but the treatment is intended to be primarily historical. The whole work attempts to trace the rise and evolution of early Buddhist literature and thought both as an inner cultural process and an external process of actions of individuals and monastic communities.
Rs 5,300.00
Rs 2,950.00
Sirilaka Sthupa Puranaya
සිරිලක ස්තූප පුරාණය - සිරිලක ස්තූප පුරාණය නම් ගවේෂණාත්මක කෘතිය ශ්‍රී ලාංකේය පාසල් ශිෂ්‍ය ශිෂ්‍යවන් හා සරසවි විද්‍යාර්ථීන්ගේ විෂයානුබද්ධ දැනුම වර්ධනය සඳහා රචිත ගුණාත්ම කරුණු වලින් අනූන කෘතියකි.
Rs 790.00
Mesapotemiyanu Shishtacharaya
මෙසපොටේමියානු ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත මෙසපොටේමියාවේ බිහි වු ශිෂ්ටාචාරය පිළිබඳව කියැවෙන්නකි.'
Rs 350.00
Wihara Maha Devi Samuduren A Raja Kumariya
විහාර මහා දෙවි සමුදුරෙන් ආ රාජ කුමාරිය - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි. මේ ජන ප්‍රවාදය දුටුගැමුණු කුමාරයාගේ මෑණියන් වූ විහාර මහා දේවිය, කැලණි පුරයේ සිට රුහුණට මුහුදින් ආ පුවත ගැන යි.
Rs 300.00
Ethihasika Mahanuvara Natha Devalaya
ඓතිහාසික මහනුවර නාථ දේවාලය - ඓතිහාසික මහනුවර නාථ දේවාලය පිළිබඳ ව සිදු කළ පරියේෂණ කෘතියක් වශයෙන් මෙය හැඳින් වීමට හැකි ය. නාථ දේව සංකල්පය, මහනුවර නාථ දේවාලය, නාථ දේවාල පරිශ්‍රයේ ඉදිකිරීම් හා සබැඳි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ, නාථ දේවාලයේ පරිපාලන ව්‍යුහය, නාථ දේවාලය හා බැඳී පවතින චාරිත්‍ර, නාථ දේවාලයෙන් හමු වූ පුරාවස්තු යන පරිච්‌ජේදයන් යටතේ විස්තර කිරීම් සිදු කෙරේ.
Rs 500.00
Saparagamu Darshana
සපරගමු දර්ශන
Rs 2,450.00
Alakeshwara Yuddhaya
Out-of-Stock
අලකේශ්වර යුද්ධය - ලංකා ඉතිහාසයේ එතරම් දීර්ඝ නොවූ, එහෙත් වැදගත්කම අතින් මුල් තැනක් ගන්නා සීතාවක රාජධානි සමයට අයත් එක ම ගද්‍ය කෘතිය සේ සැලකිය හැකි 'අලකේශ්වර යුද්ධය' නමැති මේ කුඩා පොත 'රාජාවලිය' නමැති ඉතිහාස කෘතියට ද මුල් වූ ලේඛනය යි. මෙය ඓතිහාසික ලේඛනයක් වශයෙන් වැදගත්කමක් හිමි කර ගන්නා අතර ම සීතාවක රාජධානි සමයේ භාෂා ලක්ෂණ මෙන් ම සාහිත්‍ය තත්ත්වය ද කියා පාන්නකි.
Rs 150.00
Fahiyan - Sunyun Denama Dutu Pinbim
Out-of-Stock
ෆාහියන් - සුංයුං දෙනම දුටු පින්බිම් - උතුම් ශ්‍රේෂ්ඨ නිර්භීත බුද්ධ පුත්‍රයන් වහන්සේලා දෙනමක් වූ ෆාහියන් හිමි සහ සුංයුං හිමි, උන්වහන්සේලාගේ ජීවිතය පරදුවට තබා මුළු මහත් ලෝක බොදු ජනතාව වෙත සිදු කළ සේවාවෙන් අල්ප ප්‍රමාණයක් මෙම කෘතියේ අන්තර්ගත වේ. අග්ග මහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමියන්ගේ කෘතියක් පාදක කර ගනිමින් වෙනත් තොරතුරු ද ඇතුළත්ව රචනා කර ඇති මෙම කෘතිය පින්වත් බොදු ජනතාවගේ බුද්ධාලම්භන ප්‍රීතිය ඉහළ නැවීමට සමත් කෘතියක් ලෙස හැඳින්වීමට හැකි ය.
Rs 350.00
Sankshiptha Indiyanu Ithihasaya
Out-of-Stock
සංක්ෂිප්ත ඉන්දියානු ඉතිහාසය - සංක්ෂිප්ත ඉන්දියානු ඉතිහාසය නමින් ප්‍රකාශිත මෙම ග්‍රන්ථය විශ්වවිද්‍යාල අභ්‍යන්තර සහ බාහිර විභාග සඳහා වූ ඉන්දියානු ඉතිහාසය පිළිබඳ විෂය නිර්දේශ අනුව සකසා ඇත. එසේ ම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂය හදාරන සිසුන් සඳහාත් සෙසු උසස් විභාග සඳහාත් ඈත අතීතයේ සිට මධ්‍යතන අවධියේ අවසානය දක්වා ඉන්දියාවේ ඉතිහාසය විෂයයක් වශයෙන් හදාරන සිසුන්ට ද මෙය ප්‍රයෝජනයත් වේ.
Rs 950.00
Parani Lakdiva Kanthava
Out-of-Stock
පැරණි ලක්දිව කාන්තාව - ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන මේ දක්වා සැකසුණු ග්‍රන්ථවල දිවයිනේ දේශපාලන, ආර්ථික හා සමාජ උච්චාවචන පිළිබඳ සඳහන් වෙතත් කාන්තාවගෙන් විසූ එහි දී සිදූ වූ කාර්‍යභාරය ගැන දක්වා ඇත්තේ අවම වශයෙනි. මේ තත්ත්වය වටහාගත් මහාචාර්‍ය ඉන්දාණි මුණසිංහ විසින් අතීත ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් ඉටු වූ සමාජ මෙහෙවර සම්බන්ධව කරන ලද පර්‍යේෂණයක ප්‍රතිඵල ලෙස ප්‍රකාෂයට පත් වූ, රාජ්‍ය සම්මාන ලද, "පැරණි ලක්දිව කාන්තාව" නම් කෘතිය මගින් පුරාණ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධව දක්නට ලැබුණු එම අවකාශය සම්පූර්ණ වේ. පුරාණ ශිලාලේඛන හා ග්‍රන්ථ ඇසුරු කරමින් රචිත මේ ග්‍රන්ථයෙන් පැරණි ලක්දිව විසූ කතුන්ගේ ආගමික ජීවිතය, වෘත්තීය ජීවිතය හා ගෘහස්ථ ජීවිතය ද සම්බන්ධව මෙතෙක් ආවරණය වී තිබුණු තොරතුරු රාශියක් එළිදැක්වේ. මේ ග්‍රන්ථයෙන් කියැවෙන පැරණි ලක්දිව කතුන්ගේ රුව, ගුණ හා සවිය ගැන අසන පාඨක ජනයා තුළ මහත් අභිමානයක් ජනිත වෙයි. එසේ නැගෙන අභිමානය ඔවුන්ගේ පෞර්ෂය ශක්තිමත් කිරීමෙහි ලා නිසැකයෙන් ම හේතු වේ.
Rs 1,250.00
Asirimath Sithulpauva
අසිරිමත් සිතුල්පව්ව - සිතුල්පව්ව විහාරය අයත් වූයේ පුරාණ රුහුණේ කතරගම ක්ෂත්‍රීය රජ පරම්පරාවේ පාලනය යටතේ පැවති වපසරිය තුලය.
මෙය දිවයිනේ පැරණිතම විහාරයක් වූවා පමණක් නොව විශාලතම සංඝාරාම අතලොස්සෙන් එකක් ද වූයේ ය. දෙතිස්ඵල රැහ බෝධීන් අතරින් එකක් රෝපණය කිරීමට තෝරා ගත් ස්ථාන අතරින් එකක් රෝපණය කිරීමට තෝරා ගත් ස්ථාන අතරින් එකක් වූයේය ද සිතුල්පව්වයි.
මහාවංශයට අනුව සිතුල්පව්ව විහාරය කරවන ලද්දේ රුහුණේ පාලකයාව සිටි කාවන්තිස්සයි. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ දී රජ පැමිණි වලගම්බා සමයේ දී මෙහි භික්ෂූන් වහන්සේලා 12 000 ක් වැඩ විසූ බව පැරණි මූලාශ්‍රවල සඳහන් වෙයි. දුටුගැමුණු රජුගේ දශමහා යෝධයන් අතරින් සිව් දෙනෙකු විසින් මහා සංඝයා විශයෙහි පිදූ ගල් ලෙන් මෙම ස්ථනයේ දක්නට ලැබෙයි. සද්ධාතිස්ස, ලජ්ජිතිස්ස, ඉලනාග, ගජබා මෙම ස්ථානයට අනුග්‍රහය දැක්වූ රජුන් අතර වූ බවට සාධක සෙල් ලිපිවලින් අනාවරණය වෙයි. අනුරාධපුර අවධියෙන් පසුව මෙම ස්ථානයට කවර ඉරණමක් අත්වීද යන්න පිළිබඳ සාධක කිසි තැනෙක දක්නට නොලැබෙයි.
මෙම ග්‍රන්ථය ඔබ අතට පත් කෙරෙනුයේ එහි යන නොයන ඔබ හට අත්වැලක් සලසනු පිණිස ය.
මෙය දිවයිනේ පැරණිතම විහාරයක් වූවා පමණක් නොව විශාලතම සංඝාරාම අතලොස්සෙන් එකක් ද වූයේ ය. දෙතිස්ඵල රැහ බෝධීන් අතරින් එකක් රෝපණය කිරීමට තෝරා ගත් ස්ථාන අතරින් එකක් රෝපණය කිරීමට තෝරා ගත් ස්ථාන අතරින් එකක් වූයේය ද සිතුල්පව්වයි.
මහාවංශයට අනුව සිතුල්පව්ව විහාරය කරවන ලද්දේ රුහුණේ පාලකයාව සිටි කාවන්තිස්සයි. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ දී රජ පැමිණි වලගම්බා සමයේ දී මෙහි භික්ෂූන් වහන්සේලා 12 000 ක් වැඩ විසූ බව පැරණි මූලාශ්‍රවල සඳහන් වෙයි. දුටුගැමුණු රජුගේ දශමහා යෝධයන් අතරින් සිව් දෙනෙකු විසින් මහා සංඝයා විශයෙහි පිදූ ගල් ලෙන් මෙම ස්ථනයේ දක්නට ලැබෙයි. සද්ධාතිස්ස, ලජ්ජිතිස්ස, ඉලනාග, ගජබා මෙම ස්ථානයට අනුග්‍රහය දැක්වූ රජුන් අතර වූ බවට සාධක සෙල් ලිපිවලින් අනාවරණය වෙයි. අනුරාධපුර අවධියෙන් පසුව මෙම ස්ථානයට කවර ඉරණමක් අත්වීද යන්න පිළිබඳ සාධක කිසි තැනෙක දක්නට නොලැබෙයි.
මෙම ග්‍රන්ථය ඔබ අතට පත් කෙරෙනුයේ එහි යන නොයන ඔබ හට අත්වැලක් සලසනු පිණිස ය.
Rs 690.00
Asirimath Polonnnaruva
අසිරිමත් පොළොන්නරුව - පොලොන්නරුව යනු දිවයිනේ දෙවන අගනුවරයි. මෙම ස්ථානය ක්‍රිස්තු වර්ෂ මුල් සියවස්වල පටන් විටින් විට අනුරාධපුරයේ සිට රජකළ ඇතැම් රජවරුන්ට තාවකාලික වාසස්ථානයක්ද විය. එහෙයින් එය කඳවුරුපුර නමින්ද නම් විය. පොලොන්නරුව මුලින්ම නිත්‍ය වාසස්ථානය බවට පත් කරගන්නා ලද්දේ රාජ රාජ නම් සොළී පාලකයා යටතේ ය. සොළී පාලනයෙන් රට මුදවා ගත් පළමු විජයබාහු රජු 1055 වසරේ දී රාජ්‍යත්වයට පත් විය. ඔහුගේ පාලන සමය දිවයිනේ ඉසුරුමත් අවධියක් ලෙස සළකනු ලැබේ. එතැන් පටන් එතරම් බලවත් නොවූ රජුන් තිදෙනෙකුන් පසුව පළමු පරාක්‍රමබාහු රාජ්‍යත්වයට පත් වෙයි. අභ්‍යන්තර අරගල වලට සාර්ථකව මුහුණ දුන් ඔහු 1153 වසරෙ දී දිවයිනේ පාලකයා බවට පත් විය. පොලොන්නරුව විහාරාරාම හා නගරාංගයන්ගෙන් සම්පූර්ණ කළ ඔහු පරාක්‍රම සමුද්‍රය නම් සුප්‍රකට ජලාශය ද පොලොන්නරුවේ ඉදිකළේය. මින් පසු පොලොන්නරුවේ රජ පද පත් ප්‍රබල රජෙකු ලෙස ඉස්මතු වන්නේ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල පමණකි.
පොලොන්නරුව අද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය අතින් දෙවැනි වනුයේ අනුරාධපුරයට පමණි. එහි යන ඔබට අත්වැලක් සැපයීම මෙම ග්‍රන්ථයේ අරමුණයි.
පොලොන්නරුව අද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය අතින් දෙවැනි වනුයේ අනුරාධපුරයට පමණි. එහි යන ඔබට අත්වැලක් සැපයීම මෙම ග්‍රන්ථයේ අරමුණයි.
Rs 490.00
Nuthana Thissamaharamaya
නූතන තිස්සමහාරාමය - සුමිත් රණසිංහයන් සමාජ පුරාවිද්‍යාව ජනතාව වෙත ගෙන යන විද්වතෙකි. හෙතම වෘත්තියෙන් පුරාවිද්‍යාඥයෙකි. මධ්‍යම සංස්කෘතික අරමුදල තුළ සිටින පිරිස් කළමනාකරුවෙකි, සහකාර අධ්‍යක්ෂවරයෙකි. කෘති රචනා කිරීමට සුදුසුකම් ලද්දෙකි. හෙළ, සකු හා පාලි ආදී භාෂාවන් පිළිබඳ විද්වතෙකි. ඉලක්ක හා අරමුණු ජය ගැනීමට සිය කාර්‍ය මණ්ඩලය මෙහෙය වන පාලකයෙකි.
සිය රාජකාරි ජීවිතයට අමතරව තම විෂය දහරාව අනාගත පරපුරට දායාද කිරීමට කැප වෙන්නෙකි.
සමාජ පුරාවිද්‍යාව පිළිබඳව පරිඥානයක් සතු ඒ මහතා තිස්සමහාරාම ව්‍යාපෘතියේ කළමනාකරු ලෙස නිරත වූ වකවානුවෙහි තිස්සමහාරාමය මෑත ඉතිහාසය ගැන ගවේෂණය කර නිර්මිත නවතම කෘතිය "නූතන තිස්සමහාරාමය" යි.
මීට පෙරත් කතරගම් පුවත, කන්දබඩ පත්තුව, සොළොස්මස්ථාන,සඳගිරිය ආදි වශයෙන් ප්‍රකාශ කර ඇති ගමවේෂණාත්මක කෘතිවල කතුවරයා ය. ගීත රචකයෙකි. පුවත්පත් ලේඛකයෙකි.
තිස්සමහාරාමය නූතන ඉතිහාසය පිළිබඳව අප නොදන්නා ඉසව් වෙත පරිච්ඡේද ගණනාවක් මගින් කරුණු ගොනුකර රචිත මේ ග්‍රන්ථය පාඨක රුචිය දනවන අගනා ශාස්ත්‍රීය කෘතියකි. සරසවි විද්‍යාර්ථින්ට ද අගනා මූලාශ්‍රයකි.
සිය රාජකාරි ජීවිතයට අමතරව තම විෂය දහරාව අනාගත පරපුරට දායාද කිරීමට කැප වෙන්නෙකි.
සමාජ පුරාවිද්‍යාව පිළිබඳව පරිඥානයක් සතු ඒ මහතා තිස්සමහාරාම ව්‍යාපෘතියේ කළමනාකරු ලෙස නිරත වූ වකවානුවෙහි තිස්සමහාරාමය මෑත ඉතිහාසය ගැන ගවේෂණය කර නිර්මිත නවතම කෘතිය "නූතන තිස්සමහාරාමය" යි.
මීට පෙරත් කතරගම් පුවත, කන්දබඩ පත්තුව, සොළොස්මස්ථාන,සඳගිරිය ආදි වශයෙන් ප්‍රකාශ කර ඇති ගමවේෂණාත්මක කෘතිවල කතුවරයා ය. ගීත රචකයෙකි. පුවත්පත් ලේඛකයෙකි.
තිස්සමහාරාමය නූතන ඉතිහාසය පිළිබඳව අප නොදන්නා ඉසව් වෙත පරිච්ඡේද ගණනාවක් මගින් කරුණු ගොනුකර රචිත මේ ග්‍රන්ථය පාඨක රුචිය දනවන අගනා ශාස්ත්‍රීය කෘතියකි. සරසවි විද්‍යාර්ථින්ට ද අගනා මූලාශ්‍රයකි.
Rs 1,200.00
Asirimath Mihinthalaya
අසිරිමත් මිහින්තලය - ඓතිහාසික මිහින්තලා පූජා භූමියට ප්‍රවේශ වන ඔබට එහි ඇති පෞරාණික ස්ථාන නැරඹීමට අත්වැලක් සැපයීම මෙම ග්‍රන්ථයේ අරමුණයි.
Rs 790.00
Lankava Kalu suddange Palana Samaya 1948 - 2019
ලංකාව : කළු සුද්දන්ගේ පාලන සමය 1948 - 2019
Rs 660.00
Rathnapura Disthrikkaye Abhilekana Saha Parani Smaraka
Out-of-Stock
රත්නපුරයේ යටගියාව පිළිබඳව සිදු කරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂණ තුළින් සොයා ගත් අභිලේඛන හෙවත් සෙල්ලිපි , ස්මාරක හා සම්බන්දිත තොරතුරු විස්තරාත්මකව මෙමගින් ඉදිරිපත් කොට ඇත.
Rs 570.00
Sidatha Gauthama Bagavatha
බුදුන් වහන්සේ ලක්වාසී අපට අහිමි වීමට හේතු වූ කරුණු කාරණා සහේතුකවත්, ගවේෂණාත්මකවත් විග්‍රහ කළ නව ග්‍රන්ථයක් මෙම ග්‍රන්ථය සැලකීමට හැකි ය.
Rs 1,445.50
Thirikunamalaye Bauddha Puravasthu Ha Pujyasthana
තිරිකුණාමලය බෞද්ධ පුරාවස්තු හා පූජ්‍යස්ථාන - තිරිකුණාමලය අවට ඇති පූජ්‍යස්ථාන හා පුරාවස්තු පිළිබඳ අධ්‍යනයක යෙදුණු කතුවරයා සියැසින් දුටු තොරතුරුත් ග්‍රන්ථාගත කරුණුත් සංසන්දනය කරමින් ලියන ලද මෙම කෘතිය වන්දනාවේ යන බැතිමතුන්ට ද විවිධ අධ්‍යනයන්හි යෙදෙන ආධුනිකයන්ට ද පාසල් දරු දැරියන්ට ද ප්‍රයෝජනවත් දුලබ කරුණුවලින් සමන්විත වේ. මෙහි භාෂා විලාසය සිත්ගන්නාසුලුය. කෘතියෙහි අන්තර්ගත කරුණු සුගම ලෙස වටහා ගැනීමට එම බස ඉවහල් වේ.
Rs 650.00
Gaigar Dutu Lankava
Out-of-Stock
ගයිගර් දුටු ලංකාව - සංස්කෘතිය සොයා යා හැකි එකම පහුර වන්නේ භාෂාවයි. විල්හෙල්මි ගයිගර් පඬිතුමා ප්‍රාචීන භාෂා ගවේෂනණය කරමින්, අපේ ඉතිහාසය පුරා සැරිසැරූ සහභාගී නිරීක්ෂකයෙක් විය.
Rs 2,000.00
Bauddha Sanskruthika Kollaya
බෞද්ධ සංස්කෘතික කොල්ලය - ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගවේෂණයක යෙදෙන මෙම ලේඛකයෝ, දේහ ලක්ෂණයෙන් සහ ගති සිරිත්වලින් සිංහලයන් හා සමාන, සිංහලයට ඉතා සමීප භාෂාවන් භාවිත කළ, ඉන්දියාවේ දක්ෂිණාපථයේ බෞද්ධ ප්‍රජාවන් විසූ රටවල් ගැන තොරතුරු හෙළි කරමින්, මෙතෙක් ඉතිහාසඥයින් නොදුටු සහ බැලීමට අකමැති වූ විෂය පථයක් පිළිබඳ කථිකාවක් අරඹති. මණිමේඛලයි තුරව් සහ සිලප්පාදිකාරම් මහා කාව්‍යයන්ගේ බෞද්ධ උරුමය පැහැදිලි කිරීම, කෘතියෙන් කෙරෙන ප්‍රධාන කාර්‍යයකි. ගජබා රජුගේ මිතුරකු වූ, කේරළයේ සෙංගුවාට්ටුවන් රජුගේ වන්දනාවට ලක් වූ 'කන්නගී', අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව වන්දනාවට අයත් බෞද්ධ දේවතාවියක බව කෘතියෙන් පැහැදිලි කෙරේ.
Rs 900.00
Leonard Woolfge Dinapote Nila Satahan
ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන් - ලන්ඩනයේ විසූ යුදෙව් පවුලකට දාව 1880 නොවැම්බර් මස 25 වන දින උපත ලද ලෙනාඩි සිඩ්නි වුල්ෆ් කේම්බ්‍රිජ් සරසවියේ උපාධිදාරියෙකි. පෙරදිග සිවිල් සේවා විභාගයෙන් සමත් ව කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1904 දී ලංකාවට සැපත් වු ඔහු මුලින්ම යාපනය සහ මහනුවර කච්චේරිවලට අනුබද්ධව සේවය කළ අතර, උසස් වීමක් ලැබීමෙන් පසු 1908 අගෝස්තු මාසයේ සිට 1911 මැයි මාසය දක්වා කාලය අතරතුර හම්බන්තොට දිස්ත්‍රීක්කය භාර උපදිසාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ. නීතිගරුක දැඩි පාලකයෙකු ලෙස ප්‍රකට වුව ද ඔහු තම රාජකාරි සමයේ දී බොහෝ විට ක්‍රියා කර ඇත්තේ ගැමි ජනතාව කෙරෙහි සානුකම්පිත හැඟීමකින් යුතුව බැව් කැපී පෙනෙන කරුණකි.
Rs 800.00
Sri Lankawe Badu Puranaya
"ශ්‍රී ලංකාවේ බදු පුරාණය" මෙම කෘතිය පී. චන්ද්‍රරත්න මහතා විසින් රචනා කර ඇති අතර ලංකා ඉතිහාසය අධ්‍යයනයේදී බදු පිලිබද විවිධ කතිකාවන් ඇතත් නිශ්චිතව ඉදිරිපත් කිරීමට තරම් හැකියාවක් නොපවතින සමයක බදු සංකල්පය වර්ථමානයේ පුලුල් සමාජ කතිකාවකට මග පාදා ඇත.
Rs 767.00
Sinhale Rajavanshaya
Out-of-Stock
'සිංහලේ රාජවංශය' නැමති මෙම කෘතිය නෝමන් සිරිපාල මහතා විසින් රචනා කර ඇති අතර එතෙක් මෙතෙක් ලාංකීය ඉතිහාසය තුල සිංහලේ රජ වරු පිළිබදව ලියවුනු සාර්ථකම කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,500.00
Sinhala Kula Kramaya
Out-of-Stock
'සිංහල කුල ක්‍රමය' මෙම ග්‍රන්ථය ආචාර්ය සේපාලී මායාදුන්නේ මහත්මිය විසින් රචිත අතර ලංකාවේ පුරාතණ කාලයේ සිට පැවත ආ කුල ක්‍රමය පිළිබද සියලුම විස්තර මෙහි ඇතුලත් වන අතර කෂත්‍රිය,බ්‍රාහ්මණ, වෛශය, ශුද්‍ර යන චතුර් වර්ණ කුළ ක්‍රමයක් ඒ වන විට භාරතයේ පැවති අතර. බොහෝ විට භාරතය අනුකරණය කළ මෙරට එසේ වු කුල ක්‍රමයක් පුරාතන අනුරාධපුර රාජධානියේ පැවති බවට සාධක නැතත්. සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ සමගින් අටලොස් කුලයක ජනතාව මෙරටට පැමිණි බවක් වංශකථාවල සදහන් වන අතර එම කුල මහාබෝධි සත්කාරය සදහා පමණක් පැවතියේ යැයි ජනප්‍රවාද වල සදහන් වේ.
මේ ග්‍රන්ථය අධ්‍යයන තුළින් කුල ක්‍රමයේ වර්ධනය ක්‍රමිකව දඹදෙනි රාජධානි යුගයේ සිට කුරුණෑගල, ගම්පොළ ඔස්සේ සෙංකඩගල රාජධානිය දක්වා පැමිණ විකාශනය වූ ආකාරය ඉතා පැහැදිලි සහ නිරවුල් ලෙස අධ්‍යයන කළ හැකිය.
මේ ග්‍රන්ථය අධ්‍යයන තුළින් කුල ක්‍රමයේ වර්ධනය ක්‍රමිකව දඹදෙනි රාජධානි යුගයේ සිට කුරුණෑගල, ගම්පොළ ඔස්සේ සෙංකඩගල රාජධානිය දක්වා පැමිණ විකාශනය වූ ආකාරය ඉතා පැහැදිලි සහ නිරවුල් ලෙස අධ්‍යයන කළ හැකිය.
Rs 1,100.00
Sri Lankeya Paula Ha Wivahaya
'ශ්‍රී ලාංකේය පවුල හා විවාහය' මෙම කෘතිය ස්වර්ණකලාප්‍රදීප දර්ශනපති උඩුගම මෝහාන් නන්දන නානායක්කාර මහතා විසින් රචිත අතර ශ්‍රී ලාංකේය සමාජයේ ඈත අතීතයේ සිට පවුල විකාශනය වු අකාරය පිළිබදවත්, විවාහය පිළිබදවත් ඉතා වැදගත් කරුණු රැසක් මෙම කෘතිය තුළ අන්තර් ගත වේ.
Rs 200.00
Vaitulya Hatane
'වෛතුල්‍ය හටනෙ' යන මෙම කෘතිය මගින් 19 වන සියවසේ අවසාන භාගයේ මෙරට ක්‍රියාත්මක වූ බෞද්ධ නිකාය අතර විවිධ විනය ප්‍රඥප්ති මෙන් ම ඇතැම් ව්‍යවහාර ද අරභයා ඇති වූ මත ගැටුම් පිළිබදව සවිස්තරාත්මක විග්‍රහයක් කෙරෙන අතර භික්ෂුන් අතර මෙන්ම ගිහි ජනයා අතර ද සත්‍ය ධර්මය හා න්‍යායානුකූල ව්‍යවහාර කුමක්ද යන්න පිළිබද ශාස්ත්‍රීය සංවාදයක් ඇති වූ කාල වකවානුවක් විය.
Rs 250.00
Kalyani Shila Shila Lipi
Out-of-Stock
'කල්‍යාණි ශීලා ලිපි' මෙම කෘතිය අම්බලම්ගොඩ පොල්වත්තේ ශ්‍රි බුධදත්ත සථවිරපාදයන් වහන්සේ විසින් සම්පාදිත කෘතියකි. මෙම ශිලා ලිපිය පසළොස් වන සියවසේ බුරුම දේශයෙහි ගංගාවතී නුවර පිහිටවූ ශිලා ලේඛනයක මුද්‍රිත පිටපතය. මෙය සමකාලීන බෞද්ධ රාජධානි අතර පැවති සම්බන්ධතා හෙළි කරන ලේඛනයක් මෙන්ම ශාසන ඉතිහාසය සම්බන්ධ වැදගත් මූලාශ්‍රයක්ද වේ.
Rs 300.00
Sri Lankawa Saha Pallava Deshaya
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ කථිකාචාර්ය වරියක් ලෙස සේවය කරන දකුණු ආසියානු කලාපයේ ඉතිහාසය පිළිබද පර්යේෂණ කටයුතුවල නිරතව සිටින ශාස්ත්‍රවේදිනියක වන ආචාර්ය සුමුදු මනෝරී ධර්මරත්න මහත්මිය විසින් රචනා කරන ලද 'ශ්‍රී ලංකාව සහ පල්ලව දේශය' මෙම කෘතිය අධ්‍යයනය කිරීම තුළින් ශ්‍රි ලංකාව සහ දකුණු ඉන්දියාව අතර මානව සබදතාවල ආරම්භයත් එසේම මුල්ම ජනාවාස බිහි වූ අවධිය වැනි ඉතා ඈත ඉතිහාසය පිලිබදවත්.
එමෙන්ම ක්‍රි.ව.හතරවන හා නව වන සියවස් අතර කාල පරාසයේ පල්ලව දේශපාලන බලය යටතේ ශ්‍රි ලංකාව සමග පැවති සබදතා දේශපාලන,සමාජ,සංස්කෘතික සබදතා පිළිබදවත් ඉතා දීර්ඝ සවිස්තරාත්මක විස්තරයක් කර ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය.
එමෙන්ම ක්‍රි.ව.හතරවන හා නව වන සියවස් අතර කාල පරාසයේ පල්ලව දේශපාලන බලය යටතේ ශ්‍රි ලංකාව සමග පැවති සබදතා දේශපාලන,සමාජ,සංස්කෘතික සබදතා පිළිබදවත් ඉතා දීර්ඝ සවිස්තරාත්මක විස්තරයක් කර ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 2,065.00
Gee Madu Puranaya
ලාංකේය දේව ඇදහිලි පද්ධතියේ ශක්තිමත්ම කාන්තා දේවතාවිය සත් පත්තිනි මැණියන්ය. සිය විදේශිය අන්‍යයතාව, දේශසීමා පසෙකලා දේශියකරණයට පත්වීමට තරම් භාගයවත් වුයේ පතිවතාව නම් ප්‍රබල ආසියානු මෙවලම ඇය සියතට ගත් නිසාවෙනි. රමිත් චන්ද්‍රසේකර නම් නූතන පරපුරේ රචකයා විසින් රචිත 'ගී මඩු පුරාණය' නම් පර්යේක්ෂන ග්‍රන්ථයෙන් අධ්‍යනය කරනුයේ ප්‍රධානම පන්තිස් කෝල්මුර සාහිතයට අයත් මඩු පුර පදයවලියේ අන්තර්ගත කරුණු පිලිබදවය.
Rs 793.80
Mihintale Mahavihara Warnanava
පූජ්‍ය හොරේවෙල සුනීත හිමියන් සහ විජයපුර රාහුල හිමියන් විසින් සකස් කරන ලද 'මිහින්තලා මහාවිහාර වර්ණනාව' නම් මෙම ග්‍රන්ථය දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් වන ග්‍රන්ථයකි.
Rs 625.00