Home

-10%

Vidura Panditha

'විදුර පණ්ඩිත' නම් මෙම කුඩා ග්‍රන්ථය අදට ගැලපෙන සේ සරලව රචනා කොට ඇති අතර මෙය ප්‍රතිනිර්මාණයක් ලෙසද හැදින්විය හැකි ඉතා අග්‍රගණයේ නිර්මාණකි.මෙම ග්‍රන්ථය තුළ ඇති විධුර ජාතකය තුළින් බෝධි සත්වයන් ගේ ප්‍රඥා පාරමිතාව විදහා දැක්වෙයි.
Rs 135.00
Rs 150.00
-10%

Viharamahadeviya

"අහිත කාන්තා රත්නය විහාරමහා දේවිය" නම් මෙම ග්‍රන්ථය තුළින්, "ශ්‍රී ලංකා ඉතිහාසයේ වීරමාතාව ” යන විරුදාවලිය ලත් විහාර මහා දේවිය පිළිබඳව මෙතෙක් පළ නොවූ වැදගත් කරුණු රැසක් එක් රැස් කොට ඇත. එය සියලු පාසල් දරුවන් විසින් කියවා තේරුම් ගත යුතු වීර චරිතයක් ලෙස සඳහන් කළ හැකිය. එබැවින් මෙය පාසල්, දහම් පාසල්, පුස්තකාල සඳහාද ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 180.00
Rs 200.00
-10%

Ma piyaman kala rajayaya paripalanaya

'මා පියමං කළ රාජ්‍ය පරිපාලනය' යන මෙම කෘතිය 'සුන්දර ගැමි දිවියේ සිට ගැටළු සහිත රාජ්‍ය පාලනය'යන කෘතියේ දෙවන කොටස වන අතර   මෙම කෘතිය තුළ  ජීවිතයේ උසස් පංතියේ දී ගත කරන ලද ගැටළු සහිත දිවි ගමනේ දී දෛර්යෙන් යුතුව ඒවාට මුහුණ දෙමින් උපේක්ෂාවෙන් හා දහම් සංවේගයෙන් යුතුව දිවි ගෙවූ අකාරය පිළිබදව ස්වයං ජීවන චරිතාපදානය පාඨකයා හමුවේ ඉදිරිපත් කරන අතර කුඩා කළ ගැමි පරිසරයේ සුන්දරත්වයත් කාලයාගේ ඇවෑමෙන් සුන්දරයැයි බොහෝ දෙනා පවසන නමුත් පිටතින් පමණක් සුන්දරත්වය රැදී ඇති නගරබද ජිවිතයෙ අව්වේකී භාවයත් පිළිබද සුන්දර ළමා කාලය ඇසුරින් රචිත ඉතා රසවත් ස්වයං ජීවිත චරිතාපදානයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,620.00
Rs 1,800.00
-10%

Amaraneeya Nayakayo 25

ලෝක දේශපාලන හා ආර්ථික ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක කාල පරිච්ඡේදයක් වන 19 වන හා 20 වන සියවස් තුළ එම විප්ලවකාරී අරගලයන්ට දේශපාලන නායකත්වය දුන් පුද්ගලයන් රැසකගේ ජීවන තොරතුරු හා එම වකවානුවට අයත් සමාජ, ආර්ථික තොරතුරු මෙම ග්‍රන්ථයට සරල බසින් ඇතුළත් වන හෙයින් මෙය පාසල් සිසුන් සහ ආධුනිකයින් සඳහා බෙහෙවින් වැඩදායක වනු ඇත.
Rs 207.00
Rs 230.00
-10%Out-of-Stock

Nelson Mandela

Out-of-Stock
නෙල්සන් මැන්ඩෙලා 20 වන හා 21 වන සියවසේ ලෝක දේශපාලන ඉතිහාසයට එක්වන්නේ වර්ණභේදවාදයට හා අධිරාජ්‍ය වාදයට එරෙහි අප්‍රිකානු ජාතික විමුක්තිය සඳහා වූ අරගලය තුළ විවිධ ස්වරූපයෙන් සිය බුද්ධිමය, දේශපාලන හා සංවිධානමය ශක්‍යතාව යොදා ගනිමින් අධිපතිවාදී ලෝක දේශපාලනයට අභියෝග කරමින්, ගෝලීය යුගයෙහි දකුණු අප්‍රිකාව තුළ නිදහස් ජාතික රාජ්‍යයක් ගොඩනගා එය ජාතික සංහිඳියාවේ හා සංවර්ධනයේ මාවතට යොමු කළ අද්විතීය මානවවාදියෙකු ලෙසය. වාර්ගික, ජාතික හා සංස්කෘතික බහුවිධත්වයකින් යුත් දකුණු අප්‍රිකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවලට ආදර්ශයට ගත හැකි නව දේශපාලන සංස්කෘතියක සමාරම්භය සඳහා මාර්ගය විවෘත කළ සුවිශේෂී දේශපාලනඥයෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ එම දුෂ්කර වූද, නිර්භීත වූද, සාර්ථක වූද ප්‍රයත්නයට හේතු පාදක වූ පසුබිම, දර්ශනය, දැක්ම හා උපාය මාර්ග පිළිබඳ විවරණයක් තුෂානි බුළුමුල්ල නෙල්සන් මැන්ඩෙලා චරිතාපදානය කෘතිය මගින් ඉදිරිපත් කර තිබේ.
Rs 540.00
Rs 600.00
-10%

Saddarmapundarika Suthraya Kumarajeeva Himiyange China Parivarthanaya

මහායාන ධර්ම ග්‍රන්ථ අතුරින් ඉතා ම උසස් වූ ධර්ම ග්‍රන්ථයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් අතිශයින් සම්භාවනීය වූ සාහිත්‍ය කෘතියක් ලෙස  සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය සැලකෙන අතර. මහායානිකයන් කියා සිටින්නේ මෙම සූත්‍රය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර අතුරින් ඉතා ම මූලික වූ සූත්‍රය වන බව යි. එමෙන් ම ඓතිහාසික වශයෙන්ද මෙය ඉතා පැරණි වන බව විචාරකයෝ කියා සිටිති. බුද්ධ දේශිත මුල් ම සූත්‍ර අතුරින් මෙය ප්‍රධාන තැන් ගන්නා බව මහායානිකයන්ගේ අදහස වන අතර 'සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය' කුමාරජීව හිමියනන්ගේ චීන පරිවර්තනය ඇසුරින් මහාචාර්ය ලියොන් හුර්විට්ස් මහතාගේ ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරින් මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතා විසින් සිංහලයට පරිවර්තනය කර ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,800.00
Rs 2,000.00
-10%

Akasha Gangavarohana Indeeya Charika Satahan

සිංහල පර්යටන සාහිත්‍යයට අභිනවයෙන් එකතු වන ආකාශ ගංගාවරෝහණ නමැති මෙම කෘතිය විචිත්‍ර දෘශ්‍යමානය විනිවිදිමින් අපගේ අසල්වැසි රාජ්‍යය වෙලා ගත් අඳුරුබර සමාජ යථාර්ථයෙන් බිඳක් මෙසේ සංජීවනී රූපසිංහ මහත්මිය විසින් අප හමුවේ තබයි.
Rs 900.00
Rs 1,000.00
-10%

Budu himi pahasin pin bimak wu mahiyanganaya

" බුදුහිම් පහසින් පින් බිමක් වූ මහියංගණය * නම් වූ මෙම ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථය. 2011 වර්ෂයේ දී ප්‍රකාශිත. "පැරණි ලක්දිව බුදු සිරිපා පහස ලද මයියංගණය " නමැති කෘතියේ සංශෝධිත පිටපතකි. 2026 වර්ෂය වන විට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් ව වසර 2615 ක්ද සම්මා සම්බුදු රජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් ව වසර 2570 ක් ද සම්පූර්ණ වේ. ඒ නිමිත්තෙන් බෞද්ධ ජනහදවත් වල බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරනු පිණිස, අලුතින් ඇතුළත් කරන ලද පරිච්ඡේද කිහිපයකින් ද සමන්විත ව පාලි ත්‍රිපිටකය, අට්ඨ කථා, මහාවංස, දීපවංස වැනි ප්‍රාමාණික ප්‍රාථමික මූලාශ්‍රයන් ද වෙනත් ද්විතීයික හා තෘතීයික මූලාශ්‍රයන් ද පරිශීලනය කොට සම්පාදනය කරන ලද මෙම ග්‍රන්ථය, මා හැඟි ධර්ම ශාස්ත්‍රීය සම්ප්‍රදානයකි.
Rs 675.00
Rs 750.00
-10%

Sammukha Deva Prasadaya Ammaduva Kuda Kataragama Devalaya

අම්මඩුව කුඩා කතරගම දේවාලය පිළිබඳ සවිස්තර විග්‍රහයක් අන්තර්ගත වන මේම කෘතිය සාර්ථක පර්යේෂණ නිබන්ධනයක ස්වරූපයක් ගනියි.දේවාලයේ අතීතය, දේවාල පරිශ්‍රය, වත්පිළිවෙත් සහ ඇසළ පෙරහර ආදී සංස්කෘතික අංග මෙන්ම, කතරගම දෙවියන් පිළිබඳ පුරාවෘත්ත ඇතුළත් වන හෙයින්, දේවාලය පිළිබඳ පූර්ණ චිත්‍රයක් නිර්මාණය වෙයි. තේමාවට අදාළ වන විශ්වසනීය තොරතුරුවලින් සමන්විත වන හෙයින් මේම කෘතිය පාඨකයන්ට වඩාත් ප්‍රියමනාප වනු නොඅනුමානය.
Rs 900.00
Rs 1,000.00
-10%

Seevali Maharahathan Wahanse

'සීවලී මහා රහතන් වහන්සේ' නම් මෙම කෘතිය තුළ මින් භද්‍ර කල්ප ලක්ෂයකට පෙර පියමතුරා සම්බුද්ධ රාජයාණන්ගෙන් ප්‍රථම විවරණ ලැබීමෙන් අනතුරුව අපගේ උත්තම ගෞතම ශ්‍රී පාද මූලයේ ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානයද, විශ්වයේ අනන්තයටත් වඩා අපරිමිතසාගරයේ පත්ලටත් වඩා මහා ගැඹුරැති වදන් නමැති මායාවෙන් පවසා අවසන් කළ නොහැකි අවබෝධයෙන්ම වටහා ගත යුතු ඒ නිමල බුදු දහම වටහා ගත් උත්තරීතර සීවලී සමිඳාණන් පිළිබදව සදහන් වේ.
Rs 540.00
Rs 600.00
-10%

Jayathilaka Saha Suraweera

කර්තෘ සටහන...
මෙම කුඩා පොතට ඇතුළත් වනුයේ, මවිසින් කේ. ජයතිලක තෙමස් අනුස්මරණ උත්සවයේදීත්, ඊට කලින් පැවැත්වුණු මහාචාර්ය සුරවීර අභිනන්දන උත්සවයකදීත් කරන ලද දේශන දෙකක පිටපත්ය.පළමුවැන්න කථන රීතියෙන්ද, දෙවැන්න ලේඛන රීතියෙන්ද සම්පාදනය වී ඇති බැව් පාඨකයින්ට පෙනී යනවා ඇත.මේ දේශන දෙකම, එකී විද්වතුන්ගේ සාහිත්‍ය මෙහෙවර පිළිබඳව කරන ලද පූර්ණ විමර්ශනයක් සේ නොසැලකුව මැනවි
Rs 135.00
Rs 150.00
-10%

Seewali Maha Rahathan Wahanse

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ අතරින් සජෝතිමත්ව බැබළුණු රහතන් වහන්සේ නමක් වන සීවලී මහා රහතන් වහන්සේ ප්‍රත්‍යලාභීන් අතර හා සිවු පසය ලද්ද වුන් අතර අග්‍රස්ථානය ලබා ගත්තේය. ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් මෙම තනතුර ලබා ගන්න උන්වහන්සේ කල්ප ලක්ෂයක් පෙරුම් පිරූහ. එම ගමන් මඟ මෙම කෘතිය තුළින් විස්තර කෙරේ
Rs 225.00
Rs 250.00
-10%

Maha rahathun daka ganimu

'සංයුක්ත නිකාය - පඨම පාස සූත්‍රයෙහි' දේශිත උපදේශය අනුසාරයෙන් නිවන් මග පසක් කිරීමෙහි යුහුසුළු වන හා නිවැරදි බුදු දහම පිළිබඳ ගවේෂණයෙහි යෙදෙන නූතන සමාජයට ශාස්ත‍්‍රිය මෙන්ම සරලව තේරුම්ගත හැකි කෘතියක් ලෙස "මහ රහතුන් දැක ගනිමු" කෘතිය ප්‍රසම්පාදිතය. ධර්ම ඥානාභිලාෂී ජනයාට මෙමගින් ත්‍රිපිටකයෙන් හෙළිවන ' මහ රහතන් වහන්සේ' පිළිබඳ දහම් කරුණු නිවැරදිව ග්‍රහණය කර ගැනීමට මග පෙන්වයි. මහ රහත් සංකල්පය පිළිබඳව මෑත යුගයේ පළවුණු විශිෂ්ටත ම කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 225.00
Rs 250.00
-10%

Maliyadewa maha rahathan wahanse (Gaweshanathmaka adyanayak)

'මලියදේව මහ රහතන් වහන්සේ '  යන මෙම කෘතිය මලියදේව මහ රහතන් වහන්සේ පිළිබදව ගවේෂණාත්මක අධ්‍යයනයකින් අනතුරුව නාලිනී සුසීලා දිසනායක මහත්මිය විසින් රචනා කොට පඨක ඔබට පිළිගන්වනු ලබයි.
Rs 371.70
Rs 413.00
-10%

Kisagothami Maha Rahath Theraniya

කර්තෘ වැකිය...
" කිසාගෝතමී මහ රහත් තෙරණිය වනාහි ගෞතම බුදුරදුන් ගේ ශාසනයේ රූක්ෂ චීවරධාරී භික්ෂුණන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණින් වහන්සේ යි. කිසාගෝතම් කථා පුවතථෙරවාද බෞද්ධ ලෝකයා අතර අතිශයින් ම ප්‍රකට ය. ලොකු කුඩා සියලු ම දෙනා කිසාගෝතමී කථා පුවත ගැන මැනවින් දනිති. එය එසේ වුවත් මෙතුමිය ගේ ශුද්ධ වූ චරිතයට අදාළ තොරතුරු පෙළ අටුවාහි ඒ තරම් ම ප්‍රකට නැත.
තරමක හෝ විස්තරයක් සපයා ගැනීමට පිහිට වන්නේ "මනෝරථ පූරණි” නම් වූ අංගුත්තර නිකායට්ඨ කථාවත්, " පරමත්ථදීපනී" නම් වූ ථෙරී ගාථාට්ඨ කථාවත්, ථෙරී අපදාන පාළියත් ය. එසේ ම ධම්ම පදට්ඨ කථාවේ සහස්ස වර්ග වර්ණනාවේ කිසාගෝතමී ථෙරි වස්තුවත්, බ්‍රාහ්මණ වර්ග වර්ණනාවේ කිසාගෝතමී ථෙරී වස්තුවත්, සද්ධර්ම රත්නාවලියේ කිසාගෝතමීන්දෑ ගේ කථා වස්තුවත් වැදගත් ය."
Rs 315.00
Rs 350.00
-20%

Duwille Raduna Piya satahan

ක්‍රි.පූ. පළමුවන සියවසේ සිට වර්තමානය දක්වා දිවෙන බුදුරදුන්ගේ චරිතාපදාන සිය ගණනක් ඇති නමුත්, කිසිදු සුවිශේෂත්වයක් නොමැති ව, ඒ හැමෙකක ම පාහේ දැකිය හැක්කේ, ත්‍රිපිටකයෙන් අහුලාගෙන තිබෙන කරුණු කිහිපයක් බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සියවස් ගණනාවකට පසු ඇති වූ ජනප්‍රවාද සමග මිශ්‍ර කිරීමකි. ඔස්ට්‍රේලියානු බෞද්ධ භික්ෂුවක වූ එස්. ධම්මික විසින් රචිත මෙම පොත, බුදුන් වහන්සේ සහ උන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ පැරණිතම වාර්තාව වන පාලි ත්‍රිපිටකයේ ඇති තොරතුරු පමණක් භාවිතා කරමින් ගන්නා ප්‍රවේශය වෙනස් එකකි. බුදුන් වහන්සේ දැන සිටි ලෝකය - එහි ආගම සහ සංස්කෘතිය පිළිබඳ සජීවී හා සවිස්තරාත්මක - විස්තරයක් ලබා දීමෙන් අරඹන කතුවරයා, ඉන්පසු කරන සඳහනෙහි ඇත්තේ, ත්‍රිපිටකය පුරා විසිර තිබුණ බුදුන් වහන්සේ සම්බන්ධ පොඩි පොඩි තොරතුරු රාශියකි. උන් වහන්සේ කෙබඳු කෙනෙක් ද යන්න පිළිබඳ චිත්‍රය පරිපූර්ණ එකක් වන්නේ, ඒවා සියල්ල එකට එකතු කළ විට ය. බුදුන් වහන්සේගේ උස, මහත සහ පෙනුම, උන් වහන්සේගේ ගමන් බිමන්, උන් වහන්සේ පිළිබඳ විවිධ පුද්ගලයින් සිතු දේ, උන් වහන්සේගේ දෛනික චර්යාව සහ ඉගැන්වීමේ විලාසය සහ වඩාත් ම වැදගත් ලෙස, උන් වහන්සේගේ අසාමාන්‍ය ඉවසීම සහ කරුණාව පිළිබඳ විස්තරයක් මේ පොත අපට සපයන අතර, බුදුන් වහන්සේ ගැන අපට කියනු ලබන සහ සැමවිට ම අප විශ්වාස කර තිබෙන බොහෝ දේ ත්‍රිපිටකයෙන් සොයාගත නොහැකි බව ද අපි මෙයින් උගනිමු. එහි ප්‍රතිඵලය වන්නේ, සැබෑ මිනිසෙකු පිළිබඳ යථාර්ථවාදී සහ බලගතු චිත්‍රයකි. සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කිරීමකට සූක්ෂම ලෙස යොමු කර ඇති මේ පොත, ඉතිහාසයේ වැදගත් ම චින්තකයෙකු හොඳින් දැන හඳුනා ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍ය කියවීමක් වනු ඇත.
හෘදරෝග විශේෂඥ වෛද්‍ය උපුල් විජයවර්ධන
Rs 1,200.00
Rs 1,500.00
-10%

Buduhu Wada Wesathi

කතෘ හිමියන්ගෙන්...
පිරිනිවනට සම්බන්ධ වන ලක්ෂණ පරිනිර්වාණ ධාතුවට වැඩම කරන බුදුපියාණන් වහන්සේගේ මනෝ ධාතුවට ද අදාළ විය හැකිය යන හැඟීමෙන් යුක්තව බුදුහු වැඩ වෙසෙති' නමැති මේ කුඩා නිබන්ධනය නිත්‍ය මංගල, නිත්‍ය සුන්දර පරම රමණීය, ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති, සදාකාලික සැප ඇති, ශාන්තප්‍රණීත, අමෘත මහා නිර්වාණ ධාතුවක් පිළිබඳව 'තෙර බස' වදාළ පැරණි සඟපිය උතුමන් වෙතබැති සිතින් යුතුව පිරිනමමි.
Rs 135.00
Rs 150.00
-10%

Atawisi Budurajanan Wahanse Saha Poya Dolaha

ඉපදෙමින් මැරෙමින් සසර පුරා එක් රූපයකින් ඉපිද මැරී නැවත වෙනත් රූපයකින් නැවත ඉපදෙයි. මෙම සසර ගමන නවතාලීම සඳහා බුදුවරු ලොව පහළ වෙති. දෙව්ලොව හා බඹ ලොවට වඩා මනුලොව මිනිසාට පින් රැස්කර ගත හැකි අවස්ථා බහුලයි. ලොව පහළ වූ බුදුවරු සංඛ්‍යාව අප්‍රමාණය. එම බුදුරජාණන් වහන්සේලා හා ගෞතම බුදුරජාණන් වහන්සේගේ කල්පයේ හා පෝය දොළහ පිළිබඳව සවිස්තරව කරුණු ඇතුළත්ව ඉදිරිපත් කර ඇති ග්‍රන්ථයක් ලෙස 'අටවිසි බුදුරජාණන් වහන්සේලා සහ පෝය දොළහ' හැදින්විය හැකිය.
මෙම ධර්ම ග්‍රන්ථය සම්පාදනය කිරීමෙහි ලා කතුවරයා විසින් සද්ධර්මරත්නාකරය, පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය. සද්ධර්මාලංකාරය වැනි කෘතිවල කරුණු ගුරුකොට ගෙන ඇත.
Rs 720.00
Rs 800.00
-10%

Jothiya Maha Rahathan Wahanse

මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ ජෝතීය මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිතකථාවයි. මුන් වහන්සේ ද අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද, ගෞතම බුදුසසුන තුළ ප්‍රකට එසේ ම ප්‍රමුඛ මහ රහතන් වහන්සේ තමකි. බොහෝ දතා අසා ඇත්තේ මුන් වහන්සේ පැවදි වීමට පෙර භාවිත කළ 'ජෝතිය සිටුතුමා යන නමයි. දානයක් පුදා පින් අනුමෝදන් කරබා විට ස්වාමින් වහන්සේලා ජෝතිය. ජ්වල, මෙණ්ඩක, පූර්වාක, ලෝකවලිය. ධනජය ආදී මහ සිටුවරුන් මෙන් මහත් වූ සැප සම්පත් ලබා......... යනාදී වශයෙන් දේශනා කරණු අපට අසන්නට ලැබේ.
මෙසේ ජෝතිය සිටු යන නම අසා ඇතත් එතුමා ගේ චරිත කථාව දන්නේ ඉතා සුළු පිරිසති. එය ඉතා පැහැදිලි සත්‍යයකි. ජෝතිය මහ රහතන් වහන්සේ ගිහි සමයේ මගධයේ අගනුවර වූ රජගහ නුවර වාසය කළ අමිතයභෝගී මහා සිටුවරුන් පස්දෙනා අතුරින් එක් අයෙකි. අවසානයේ කෝට් කෝට් ගගාතක අතිමහත් වූ ධනයත් තමා සතුව පැවති ඒ අසිරිමත් මහා ප්‍රාසාදයත් යන මේ සැම අලුකම ලූ කෙළ පිඬත් මෙන් ඉවත දමා බුදු සසුනේ පැවදි බව ලැබ කල් නොයවා සියලු කෙළෙසුන් නසා උතුම් වූ මහ රහත් භාවයට පත් ව භව ගමන අවසන් කළහ. සැබෑවිත් ම මුන් වහන්සේ ගේ චරිත කථාව ඉතා විසිතුරු ය. දානයේ ආනිශංස. පිනේ බලවත්කම මේ ශුද්ධ වූ චරිත කථාව ඇසුරින් මැතවත් දත හැක. මෙහි සඳහන් කර ඇති තොරතුරු හැරයනු විට මුන් වහන්සේ හේ පැවිදි ජිවිතයට අදාළ තොරතුරු පෙළ අටුවාහි දක්නට නැත.
Rs 315.00
Rs 350.00
-10%

Agrasravaka Mugalan Maha Rahathan Wahanse

සම්බුදු සසුනෙහි අග්‍ර ශ්‍රාවක උත්තමයන් වහන්සේලා පිළිබඳ විස්තර ඇතුළත් ග්‍රන්ථ අතරත රාජකීය පණ්ඩිත පූජ්‍ය මගුරේ සුමේධ හිමියන් විසින් රචිත "අග්‍රශ්‍රාවක මුගලන් මහ රහතන් වහන්සේ" නමැති මෙම කෘතිය සුවිශේෂී කෘතියකි. හුදෙක් චරිත විස්තරම වර්ණනාවට ලක්කරනවා වෙනුවට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා හා බැඳුණු ධර්ම කාරණා සාකච්ඡා කිරීම මෙහි විශිෂ්ටත්වයට හේතු සාධකයෝය.
සූත්‍ර, ගෙය්‍ය, ව්‍යාකරණාදී නවාංග සත්තු ශාසනය මිණි මුතු අතුරෙහි දිවෙන රන් හුයක් මෙන් දෑගසව් උත්තමයන් වහන්සේලාගේ අසහාය චරිතය විරාජමානව දිස්වෙයි. එසේ අපරිමිතව පතළා වූ අග්‍රශ්‍රාවක කීර්ති ශේෂ චරිතකථා ගිහි පැවිදි සමාජයනට තම ජීවිත ලෞකික, ලෝකෝත්තර වශයෙන් ගොඩනගා ගැනීමට මහත් ආදර්ශයෙකි. එකී ව්‍යායාමය . සඵලත්වයට පත්කර ගැනීමට මෙම කෘතිය බහූපකාරී වනු නිසැකය.  
පූජ්‍ය මගුරේ සුමේධ හිමි
Rs 630.00
Rs 700.00

Sons of the Buddha: The Early Lives of Three Extraordinary Thai Master

A thrilling spiritual biography--or rather, three in one--Sons of the Buddha is an excellently written, transcendent account of an all-but-lost Thailand and the early lives of three of its most prominent Buddhist teachers.Filled with lively anecdotes and illustrations, Sons of the Buddha tells the early life stories of three master Buddhist preachers from Thailand, each of whom also has followings in North America. Ajahn Buddhadasa (1906-93), Ajahn Panya (b. 1911), and Ajahn Jumnien (b. 1936), all monks and abbots of monasteries, have been highly influential in Thai society and tireless in their work and teaching.A preacher must have common sense, know how to turn everyday life experience into Dharma lessons, and be able to accurately assess the needs of his audience. Sons of the Buddha shows how three boys evolved into remarkable embodiments of the "preacher" ideal. Each would effect changes in moral attitudes and Dharma practices, restore Buddhism's social dimension, bridge the divide separating laypeople and monastics, and champion an openmindedness toward other religions. In these delightful stories-full of local color-we see what it was that led them to become so fearless and influential
Rs 6,920.00

The Compassionate Life

“The key to a happier and more successful world is the growth of compassion.”—His Holiness the Dalai Lama
Giving and receiving affection is the key to happiness, and compassion is the key that opens our hearts to affection. Illuminating themes touched upon in The Good Heart and The Art of Happiness, this generous and gentle book contains some of the most beloved teachings on compassion that the Dalai Lama has ever offered. Touching and transformative, The Compassionate Life is a personal invitation from one of the world’s most gifted teachers to live a life of happiness, joy, and true prosperity.
Collected here for the first time are four of the Dalai Lama’s most accessible and inspiring teachings on compassion. The purpose of life is to be happy, His Holiness reminds us. To be happy, we should devote ourselves to developing our own peace of mind; the more we care for the happiness of others, the greater our own peace of mind. Therefore, we must develop compassion for others in order to be truly happy.
In these four teachings—imbued with the gentle humor and extraordinary kindness of this incomparable teacher—His Holiness explores altruism and the need for compassion on an individual as well as a global scale. He offers specific practices for developing loving-kindness and compassion in even the most difficult situations.
Rs 5,460.00
-10%

Footprints In The Dust

It might be true to say that there are two Buddhas the Buddha of legend and popular imagination, and the Buddha of history. The first of these started to appear four or five centuries after the Buddha’s passing in response to devotes’ desire to know more about the man they admired so much and whose Dhamma guided their lives. The second Buddha is the one depicted in the Pali Tipitaka, the most ancient records we have of him and what he taught. Many people will be surprised to discover that there is a considerable difference between the two. The 1 legends are colourful, engaging, and sometimes fantastic, whereas the Buddha of history and the Tipitaka is more down-to-earth-spiritually extraordinary but still humano In this book, the author carefully assembles everything the Tipitaka says about the Buddha as a person his appearance, habits and daily routine, how he responded to criticism, his travels, his method of teaching, and much more. The result is a fascinating and very different portrait of how the great man is usually understood.
Rs 1,350.00
Rs 1,500.00
-10%

Lord Buddha's Journey Reclaimed

Publisher : Kukurampola Narada Thero
ISBN       : 978-624-92439-0-3
Pages      : 175
Weight     : 254 g
Binding    : Soft Binding
Name      : LORD BUDDHA S JOURNEY RECLAIMED
Rs 765.00
Rs 850.00
-20%

Walking In The Sunshine Of The Bhikkhunis

In the twentieth century, something remarkable happened in Theravada Buddhism. Against all odds, the Theravada Buddhist bhikkhuni order-which had been in recession for over a thousand years-was successfully restored with international co-operation in key ordinations of 1996 and 1998.
This is the true story of Ranjani de Silva, who has been described as the "person most responsible" for making this happen.
Rs 472.00
Rs 590.00
-20%

Stories of Brahmas from the Brahma Samyutta

From this book you will learn about the gods that live in the highest heavens, the brahma realms. You will see how arrogant gods became disciples of the Buddha. These stories are a translation of the Brahma Samyutta found in the Samyutta Nikaya. (This book is a translation of Buddhist scriptures found in the Sutta Pitaka, preserved in the Theravada Buddhist tradition.)
Rs 184.00
Rs 230.00
-10%

Arahant Kondanna the First Bhikkhu

Mahamegha is happy to introduce a new English Sadaham publication, written by Prajapathi Jayawardena. The short story Arahant Kondanna: the First Bhikkhu relates the story of Kondanna, who attended to the Bodhisatta during his quest for enlightenment and later became the first Noble Disciple in Gautama Buddha’s Dispensation by listening to the first discourse of the Buddha. A few days later, upon listening to the Anattalakkhana Sutta, Kondanna became an Arahant.
Rs 180.00
Rs 200.00
-10%

Stories of Sakka - Lord of Gods

 In this book you will learn about the life of Sakka, the lord of the gods. You will hear many of his conversations with the Buddha as well as debates with other gods. Additionally, you will learn about Sakka's previous life as a human and the good actions he did that lead to his rebirth as a god. Stories of Sakka, Lord of Gods, is a translation of the Sakkasamyutta found in the Samyutta Nikaya. (This book is a translation of Buddhist scriptures found in the Sutta Pitaka, preserved in the Theravada Buddhist tradition.)
Rs 207.00
Rs 230.00
-10%

The Theragatha The Voice Of Enlightened Monks

From this book you will learn about the lives and enlightenment of monks who followed the Buddha's path to the final end. This is a complete translation of the Theragatha.
Rs 432.00
Rs 480.00
-10%

The Voice Of Enlightened Nuns The Theri Gatha

From this book you will learn about the lives and enlightenment of monks who followed the Buddha's path to the final end. This is a complete translation of the Theragatha.
Rs 270.00
Rs 300.00