Home

-10%

Porondam Balana Heti

"පොරොන්දම් බලන හැටි'' යන මෙම කෘතිය මගින් ඔබට නිවැරදිව පොරොන්දම් බලන ආකාරය උගතහැකි අතර . එයට අවශ්‍ය සියලුම නක්ෂත්‍ර වගු නොහොත් වක්‍ර මෙම පොතෙහි මුලසිට යොදා ඇති නිසා.  වෙනත් කිසිම ලිතක් හෝ පොතක් නොමැතිව මෙම පොත මගින් පමණක් පොරොන්දම් බැලීමට හැකි අකාරයට රචනා කර ඇති අතර. ඊට අමතරව පොරොන්දම් ශාස්ත්‍රය පිළිබඳ මෙතෙක් එළිදරව් නොවූ අති දුර්ලභ ජ්‍යොතිෂ කරුණු රාශියක් ද මෙම පොතෙහි අන්තර්ගතව තිබේ.
Rs 405.00
Rs 450.00
-10%

Dagargalaya

වරාහමිහිර පඩ්වරයා විසින් රචනා කරණ ලද දගාර්ගලය නම් මෙම කෘතිය  ජ්‍යෙතිෂ විද්‍යානුකූලව ළිං කැණීම පිළිබදව තොරතුරු සටහන් ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 225.00
Rs 250.00
-10%

Jeevithayata Jeyathishaya

ජිවිතයට ජ්‍යෙතිෂය නැමැති මෙම කෘතිය මගින් ජීවන ගැටලු රැසකට ජ්‍යෙතිෂයෙන් පිළියම් දෙන ආකාරය පිළිබදව ඉතා සංශිප්ත ලෙස කරුණු ගොනු වූ කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 387.00
Rs 430.00
-10%

Sonduru kadallata vasthu vidya athvalak

නිවසක් තැනීමේදී හා පවත්වාගෙන යාමේදී ජ්‍යොතිෂ විද්‍යාත්මකව සලකා බැලිය යුතු බොහෝ කරුණු ගෘහ මූලිකයන් විසින් හා නිවාස සාදන්නත් විසින් මගහැරීම නිසා එම නිවසට සිදුවන බොහෝ අපල උපද්‍රව වලින් පීඩා විඳීමට නිවැසියන්ට සිදුවේ. නමුත් මෙවැනි ගැටලු පිළිබඳව නිවැරදි ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූල විධික්‍රම නිසි පරිදි අනුගමනය කළ හොත් ඒවා සාර්ථකව විසදා ගැනීම අසීරු නොවේ.
වාස්තු විද්‍යාව සහ ජ්‍යොතිෂ පිළිබඳව සඟරා සහ පුවත්පත් ආදියට නිරන්තරයෙන් ලිපි සපයන ඩී. එම්. නිලන්තකුමාර ධනසේකර මහතාගේ මෙම ප්‍රයත්නය බොහෝ දෙනාගේ ඉමහත් අස්වැසිල්ලට හේතුවනු නොඅනුමානය. 
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Jyothishaye Nopenena Manaya

Out-of-Stock
ජ්‍යෝතිෂයේ නොපෙනෙන මානය නැමැති මෙම කෘතිය ආචාර්ය පියසේන රතුවිනාන මහතා විසින් රචනා කර ඇති අතර කෙනෙකුගේ ජන්මපත්‍රයේ උපන් වේලාවේ සිට මරණය දක්වා ගමන් කරන මේ භව ගමනේ දී ජ්‍යෝතිෂයට අනුව තමන්ට බල පිහිටන ග්‍රහයන්  කවරෙක්ද ? එසේ තම තමන්ගේ ජිවිත වලට එවැනි ග්‍රහයන් බලපැවැත් වෙන්නේ කෙසේද ? එසේම ජ්‍යෝතිෂයේ ගුප්ත ස්වභාවය, නොපෙනෙන මානය යන මෙවැනි දේ පිළිබදව ඉතා පුළුල් විශ්ලේෂනයකින් අනතුරුව එළිදක්වන ලද ඉතාමත් වටිනා   කෘතියක් ලෙස හැදින්විය හැකිය. 
Rs 382.50
Rs 425.00
-10%Out-of-Stock

Predictive Astrology

Out-of-Stock
Astrology can be considered a useful branch of knowledge only if its concepts and principles could be applied to assess the personality and life of a person, and to look into the years ahead to tell him as to what is in store for him.
The Signs, Houses and Planets are the three basic factors which need to be understood clearly for developing successful predictive ability. In PREDCTIVE ASTROLOGY--AN INSIGHT, rules and facts pertaining to each of these factors have been given and the effect of one factor on the other has been analysed in a very comprehensible and instructive manner.
Rs 2,430.00
Rs 2,700.00
-10%Out-of-Stock

Wanniyalaththo

Out-of-Stock
වනපෙත පරම්පරා උරුමයයි. මහකැලය ජීවන අඩවියයි. දඩමං - අලිමං - උරමං සේම, අධිමං දිගේ සැරිසරනුයේ සහජිවන සබැඳියාවෙනි. වනපෙත සතා සිව්පාවා හා සොබාදහමේ අස්පර්ශය සංස්කෘතික සම්ප්‍රදායට ඔව්හු පරම්පරා ලේ උරුමයෙන් උරුමක්කරුවෝ වෙති. ඌරුවරිගෙ වන්නිය ලැත්තෝ බිහිවන්නේ ආදිවාසී සියලු ජන සම්මුතීන් හා නායකත්ව ජන්ම ලාභය උත්පත්තියෙන් කරපින්නා ගෙන ය. ආදිවාසී පරම්පරා උරුම සුරැකීම සිය සනුහරේ ඇත්තන්ගේ ජීවන සුරක්ෂාව වත්මන් නායක වගකීම් අතර ප්‍රධානය. වනදිවියේ සිරිත් විරිත්, වත්පිළිවෙත්, කිලි, තහංචි, ජනවිශ්වාස, ඇදහිලි හා ජනසම්මුතීන් ඉදිරියට පවත්වා ගෙන යෑමේ අභියෝග වන්නිය ලැත්තෝ සතු ප්‍රධාන වගකීමකි.
"වන්නියලැත්තෝ" චරිතාපදානය සම්මානිත ලේඛක ජනශ්‍රැතිවේදී ගුණසේකර ගුණසෝම සාකච්ඡා ඇසුරෙන් ප්‍රබන්ධිත මානව පුස්තක වියමනකි. එමඟින් ආදිවාසී උරුමයන් ලේඛනාරූඪ කර මතු පරපුර උදෙසා සුරක්ෂා කර තිබේ. කොටස් පොජ්ජ දාසයකින් අන්තර්ගතය සමන්විත මේ චරිතාපදානය යනු: ආදිවාසි සියලු ජනශ්‍රැති එක මිටකට කැටිකර වැදි වහර හා සිංහල ගද්‍ය ශෛලීය කදිමට ඈඳාගත් චරිතාපදානයකි. එහෙයින් වන්නියලැත්තෝ' චරිතාපදානය වූ කලී, ආදිවාසි ජනශ්‍රැති, වාග්ග්විද්‍යා, සංස්කෘතික මානව විද්‍යා, පරිසරවිද්‍යා, ජීව විද්‍යා, ශාකවිද්‍යා, වෛද්‍ය මානවවිද්‍යා, සෞඛ්‍ය විද්‍යා, සොබාදම් විද්‍යා, මෘදු කුසලතා සංවර්ධන විද්‍යා, අස්පර්ශනීය සංස්කෘති උරුම පමණක් නොව ඉතිහාස මුලාශ්‍ර ආදී අධ්‍යයන විෂය මූල රැසක එකතුවකි. එහෙයින් වන්නියලැත්තෝ' චරිතාපදානය සිරිලක ආදිවාසි විශ්ව කෝෂයකි.
මහින්ද කුමාර දළුපොත
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
Rs 2,250.00
Rs 2,500.00
-10%

Srimath Walisingha Harishchandra Charithaya

කතුවරයාගෙන්...
මේ කුඩා පොතේ අන්තර්ගත වන්නේ බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා ගේ චරිත කථාව යි. මෙය සම්පූර්ණ චරිත  කථාව නොව එතුමා ගේ චරිත ය පිළිබඳ ව දැන ගත යුතු මූලික කරුණු ස්වල්පයක් බව දතයුතු ය. මෙතුමා ගෙන් සිංහල ජාතියට හා සම්බුද්ධ ශාසනයට සිදු වූ සේවාව අතිමහත් ය.
අනුරාධපුර ශුද්ධ නුවර පිහිටි සිද්ධස්ථාන හා මිහින්තලා පුදබිම මිසදිටුවන් ගෙන් බේරා දීමට මුල් වී ක්‍රියා කළේ මෙතුමා ය. නාරන්විට සුමනසාර හිමියන් හා එක් වී මහා සෑයේ සංවර්ධන කටයුතු සඳහා මහත් වූ සේවාවක් සිදු කළේය. මෙතුමා ජීවත් වූයේ වසර තිස්හයක් වැනි කෙටි කාලයකි. ඒත් ඒ කෙටි කාලය තුළ දී රට පුරා යමින් සිදු කළ දේශනා ගණන අතිමහත් ය. දහස් ගණනකි. ග්‍රන්ථ දහ තුනක් ද සම්පාදනය කළේය. බුදු සසුන වෙනුවෙන් මුළු ජීවිතය ම කැප කළේය. ඒත් මේ තොරතුරු කිසිවක් මේ කාලයේ සිටින බහුතරයක් දෙනා නොදනිති. දැන ගැනීමට මගක් ද නැත.කරුණු මෙසේ පවතින බැවින් ' ශ්‍රීමත් බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍ර චර්තය' නම් වූ මේ කුඩා පොත සම්පාදනය කළෙමි. මේ පොත මුල සිට අග දක්වා කියැවීමෙන් ශ්‍රීමත් බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා පිළිබඳ ප්‍රමාණවත් අදහසක් ලබා ගැනීමට හැකිවනු ඇතැ'යි සිතමි.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Yuropiya chinthanaya bauddha punarudaya ha olkot

Out-of-Stock
යුරෝපීය චින්තනය. බෞද්ධ පුනරුදය හා ඔල්කොට් නම් වූ මෙම කෘතිය  ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ ජීවිත කථාවත්, එතුමා ගෙන් ලංකාවේ බෞද්ධ පුනරුදයට හා විශේෂයෙන් බෞද්ධ අධ්‍යාපනයට සිදු වු සුවිශේෂ මෙහෙවරත් සම්බන්ධයෙන් හැදෑරීමට ඇති ඉතා සාර්ථක නිබන්දයක් වන අතර  ඊට හේතුව කතුවරයා යොදා ගෙන ඇති තුන්කොන් දෘෂ්ටි කෝණයයි; එනම් යුරෝපීය පසුබිම. බෞද්ධ පුනරුදය හා ඕල්කට් තුමාගේ භූමිකාවය. ඉතා වැදගත් මේ පුස්තුතය දෙස බලන මෙම අපූර්ව දෘෂ්ටි කෝණය කෘතියට නැවුම් බවක් එක් කිරීමට සමත් වී ඇත. බුද්ධි ප්‍රබෝධයකට, රස වින්දනයකට මෙන් ම ජාති හිතෛෂි භාවයකට පාඨකයා රැගෙන යන අපූර්ව කෘතියක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය.
Rs 1,008.00
Rs 1,120.00
-10%

Shreshta Charitha - 4

ඉතිහාසයෙහි තම නම සටහන් කරමින් ඉතිහාසය ගොඩ නැගීමට මෙන්ම සමාජය නව මං කරා පිවිසවීමට, එය වෙනස් කිරීමට මූලික මෙහෙයක් ඉටු කළ පුද්ගලයන්ගේ චරිත වලින් අපට ලබා ගැනීමට හැකි ආදර්ශ බොහෝ ය. මෙම මෙහෙවර ඉටු කිරීමෙදි ඔවුන්ට මුහුණ පෑමට සිදු වූ ගැටළු. ඔවුන් ඒවාට සාර්ථක ලෙස විසඳුම් සොයාගත් අයුරු ඔවුන්ගේ ජීවන දැක්ම හා ජිවන ආකල්ප පිළිබඳ කිසියම් දැකීමක් ඔවුන්ගේ චරිත වලින් අපට ලබාගත හැකි අතර ශ්‍රෙෂ්ඨ චරිත-4 යන මෙම කෘතිය තුළින් ඉතිහාසයේ සිටි එවැනි ශ්‍රෙෂ්ඨ චරිත කිහිප දෙනෙකු පිළිබදව රසවිදින පාඨකයා හට මනා විශ්ලේෂනාත්මක දැනුමක් ලබා ගත හැකිය. 
Rs 360.00
Rs 400.00
-10%

Tholsthoyi Thagor saha Gandhi

'තොල්ස්තෝයි තාගෝර් සහ ගාන්ධි ත්‍රිකෝණගත ත්‍රිමූර්තිය' යන මෙම කෘතිය තුළින් ඩබ්ලියු.ඒ.අබේසිංහ මහතා විසින් එකම කෘතියක් තුළින් තිදෙනාම එක් කොට ඉතා විශ්ලේෂණාත්මක අයුරින් පෙර පරිදි ත්‍රිකෝණගත ත්‍රිමුර්තියක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම කෘතිය ලොකු කුඩා සියලු දෙනා හට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 180.00
Rs 200.00
-10%

Walpola Rahula Hamuduruvo

කැලණි විශ්විවද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත, ධර්ම ශාස්ත්‍ර ශිරෝමණී, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය වල්පොළ ශ්‍රී රාහුල මහාචාර්ය පාදයන් වහන්සේගේ ජීවිත කතාව කෘතියක් ලෙස ගුණදාස ලියනගේ මහතා විසින් මෙසේ පාඨක ඔබ හමුවට ඉදිරිපත් කරයි.
Rs 1,620.00
Rs 1,800.00
-10%

Hela Budhusavvekmi

බුදු මඟ, තෙර මඟ, රජ මඟ, වීරු මඟ ගෙනැ නිමි නැගි රඟ සැබවින් මන රඟ
එක ලක යැ අරමුණට ජනපතිඳු නැගෙනුවට ජයවඩන මෙහෙයුම ද අගී මැයි

උතුර නැගෙනහිර යුදබිම සලකා හිමි සඳුගෙ අරම නිතරැ එහි වැඩම කැර කළ මෙහෙය උතුරුතර
හිමි, ඔබට ලැබෙන පුද පඬුරු රැස රට රකින සෙබළ රැස පිණිස පුද පඬුරු කළ ඔබගෙ වෙසතුරු සිරිත උදාර යැ
දවස මෙරමා වැඩම කැප වන සෙ සැලැස් මැති දින සිරිතයති පෙළට උවදෙසෙති

හෙළ බුදු සව්වෙක්මි, නමට නිසි වන පෙවෙතැති ව මෙ විට දෙදහස් පන්සිය පනසට නැඟෙන පුබුදුවට එක් වී වාරියපොළ සුමඟුල් හිමි උපත නැවැත ලැබූ වැනි යැ බෙංගමුවේ නාලක හිමි

අරිසෙන් අහුබුදු
Rs 315.00
Rs 350.00
-10%

Prajapathi Gawthami Theranin Wahanse Pirinivan Pa Awasan Mohotha

යම් මහා ස්ථවිරාවක් මහා ප්‍රඥාවෙන් යුක්ත වූවා ද, පැතිර ගිය පුළුල් ප්‍රඥාවෙන් යුක්ත වූවා ද, භික්ෂුණීන් අතර චිරාත් කල් පැවිදිව සිටියා ද, ඕ තෝමෝ ගෞතමී මහා ප්‍රජාපතී ය. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ පුංචි අම්මා ය. භික්ෂුණී සංඝයාට සරණක් වී පිරිනිවන් වැඩි මහා ගෞතමී තෙරණියට නමස්කාර වේවා! 
ප්‍රජාපති ගෝතමී මහ රහත් තෙරණින් වහන්සේ පිරිනිවන් පෑ අවසන් මොහොත යන මෙම කෘතිය අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 135.00
Rs 150.00
-10%

Sambudu Suvande Pahasa Lath Ananda Maha Theranuwo

කතෘහිමියන්ගේ අදහස් බිදක්...
අප භාග්‍යවතුන් වහන්සේගේ මහාශ්‍රාවක සඟරුවන අතර ආනන්ද මහ රහතන් වහන්සේගේ නම කියන විට ම මුළු මහත් බෞද්ධ ලෝකයාගේ සිතෙහි උවහන්සේ පිළිබඳව මහත් ආදර ගෞරවයක් නිතැතින් ම හටගනී. එයට ප්‍රධාන හේතුව නම් අනඳ මහ තෙරුන් විසිපස් වසක් පුරා සිය සදාදරණීය ශාස්තෘන් වහන්සේට නිබඳ කැපවීමෙකින් උපස්ථානයන් කිරීම ය. එසේ ම, බුද්ධ දේශනා කියවීමේ දී ද ආනන්ද නාමය නිතර ම හමුවේ.අප ගේ අනඳ මහ තෙරුන් පිළිබඳව බොහෝ තොරතුරු ඇතත් ඒ සියල්ල ම එක්කොට පොතක් ලිවීම පහසු නැත. එහෙත් අනඳ මහ තෙරුන් පිළිබඳ දත යුතු බොහෝ වැදගත් කරුණු කාරණා මේ පොතෙහි සඳහන් ය. ඇතැම් විට ඒවා ඉතා අනුවේදනීය ය.
අනඳ මහ තෙරුන් බඳු සත්පුරුෂ උතුමෙකුගේ උත්තුංග චරිතාපදානය මෙපමණෙකින් හෝ ලියන්ට ලැබීම කෙනෙකුට ලැබෙන අතිමහත් භාග්‍යයක් යැයි සිතේ. ඔබත් මේ පොත අවසන් වනතුරු කියවුව මැනව. අනඳ මහ රහතන් වහන්සේ පිළිබඳව සිත පහන් කරගත මැනව. ඒ මහෝත්තමයන් වහන්සේගේ අසිරිමත් දිවිසැරිය දැනගන්ට ලැබීම වාසනාවක් කොට සැලකුව මැනව. එය කවදා හෝ ඔබට පිහිට වනු ඇත.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
Rs 315.00
Rs 350.00
-10%

Kumarathugu Munidas Maha Pandi Ruvana

හෙල බසටත් හෙළ රැසටත් හෙළ දෙසටත් අසදිස මෙහෙයක් කල කුමාරතුංග මුනිදාස නම් හෙළයේ සුබැසි විරුවාණන්ගේ මහරු සිරිත මෙලෙස කෘතියක් ලෙසින් තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමියන් විසින් පාඨක ඔබට පිළිගැන්වේ.
Rs 126.00
Rs 140.00
-10%

Sansara Gamana Saha Dammaloka Hamuduruwo

'සංසාර ගමන සහ තලල්ලේ ධම්මාලෝක හාමුදුරුවෝ' යන මෙම කෘතිය මගින් විවිධ බාධක හැප්පීම් ඔස්සේ තලල්ලේ ධම්මාලෝක හිමියන් ජිවිතයේ ලැබු අත්දැකීම් සම්භාරයක් සීසර් සුදුසිංහ මහතා විසින් මෙසේ පාඨක ඔබ හමුවේ ගෙන හැර දක්වනු ලබයි.
Rs 144.00
Rs 160.00
-10%

E Wagath Mesema

ඒ වගත් මෙසේම.. (පිච්ච මල් හාමුදුරුවෝ) යන මෙම කෘතිය පූජ්‍ය කොටපොළ අමරකිත්ති මාහිමියන්ගේ පණස් වසරක පැවදි දිවියේ මග සටහන් සියල්ල එකට කැටි කොට ඉදිරිපත් කිරීමකි.
Rs 135.00
Rs 150.00
-10%

Athitavarjana

'ස්වයං රචිත චරිතාපදානය හෙවත් අතීතාවර්ජනා, නම් මෙම කෘතිය  ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් ගේ ස්වයං චරිතාපදානය ඇසුරින් උන්වහන්සේ විසින් දඹුලු පුරවරයට කරණ ලද ඒ මහා ශාසනික සේවාවත් අතීතයේ රජ දරුවන් විසින් දඹුලු පුරවරයට කරණ ලද්දා වූ සංවර්ධනයත් පිළිබදව රචනා කරන ලද ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 450.00
Rs 500.00
-10%

Thalave Hamuduruvo

රට - දැය - සමයට ජීවය දෙමින් ක්‍රියා කරන උදාර ගිහි - පැවිදි උතුමෝ සුපූජිත ජීවිත ඇත්තෝ වෙති. ඒ අතර මහ සඟරුවන ඉතිහාසය පුරාම නම් දිනාගත් සුපින්වත්තුය. බෙන්තොට, පිටාරඹ ශ්‍රී ධර්ම විජයාරාමාධිපති, දක්ෂිණ භාරතීය ප්‍රධාන සංඝනායක ධූරන්දර, ආචාර්ය තලාවේ සංඝරතන නාහිමියන් වහන්සේ ලෝකාර්ථ සාධනයෙහි නිරත වන එවැනි උතුම් වූ මහසඟරුවනකි.අප නාහිමිපාණන් වහන්සේගේ සුපේශල, ශික්ෂාකාමී ජීවන ගමන් මඟ අළලා 'තලාවේ හාමුදුරුවෝ" නමින් උදාර චර්තාපදාන ග්‍රන්ථයක් සම්පාදනය කිරීම අතිශයින්ම වැදගත් ය. අර්ථවත් ය, කාලෝචිත ය. ඊට දායකත්වය දරන ඉඳුරුවේ ඇම්. පී. මුනිදාසයන් අප ළබඳ කිව්ව්වරයෙකි. මාධ්‍ය වේදියෙකි, ලේඛකයෙකි. සෞඛ්‍ය සේවාවේ නිරතව දහස් ගණන් රෝගීනට පිළිසරණක් වූ කරුණාබර්ත සත් ගුණවතෙකි.
දකුණු සිරිලක ඉඳුරුව නිජබිම කර ගත් ඇම්. පී මුනිදාසයන් ප්‍රවීණ ජ්‍යොතීර්වේදියෙකු හා කලාකරුවෙකු වූ ඇම්. පී. ගුණදාස සුරින් හා සබැඳි පාරම්පරික කලා පවුලකට අයත් ප්‍රකට කලාකරුවෙකි. මුද්‍රිතජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ හෙතෙම කවි, කෙටිකතා, ශාස්ත්‍රීය ලිපි, ඡායාරූප, වාර්තාකරණය ආදිය පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ප්‍රවීණ ලේඛකයෙකි. මේ කිවිවරයා සම්පාදනය කළ “තලාවේ හාමුදුරුවෝ" කෘතිය පාඨක භවතුන්ට ජීවිතාදර්ශයක් සපයන චරිතාපදාන ග්‍රන්ථයක් වන බව නොඅනුමානය.
නන්දසේන පළිහක්කාර
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Gandhi - Durin hida Oba Piyaneni

Out-of-Stock
'ගාන්ධි - දුරින් හිද ඔබ පියාණෙනි' නම් මෙම කෘතිය ඉන්දියානු ජනතාවගේ පියා වන මහත්මා ගාන්ධි සහ ඔහුගේ වැඩිමහල් පුතු වන හරිලාල් ගාන්ධි අතර තිබූ අරගලකාරී සම්බන්ධතාවය ගැන විස්තර වන නව්‍යවාදී විශිෂ්ට ගණයේ නිර්මාණයක් ලෙස හැදින්විය හැකිය.
Rs 270.00
Rs 300.00
-10%

Sansun Giri Tharanaya

'සසුන් ගිරි තරණය' යන මෙම කෘතිය තුළ ආචාරිනී කොළොන්නාවේ කුසුමා භික්ෂුනියගේ ''Braving the Unknown Summit '' නම් වූ චරිතාපදානයේ සිංහල අනුවාදය ඔබ හමුවේ ගෙන හැර දක්වන වගයි.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Maa Diviya Oba Athata

Out-of-Stock
ථෙරවාදී බෞද්ධ භික්ෂුණියක ලෙස ප්‍රථම වරට පැවිදි වූ අපරදිග කාන්තාව ඓය ඛේමා විය. එබැවින් කාන්තාවන් සඳහා වූ ආරාම ජීවිතය නැවත පණ ගැන්වීමට තැන දරන සෑම බෞද්ධ නිකායකම කාන්තාවන් තුළ උද්යෝගයක් ඇති කිරීමට ඇය ආදර්ශයක් දී ඇත. ඇයගේ සරල හා ප්‍රායෝගික පොත පත නිසා ඇය ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් ලැබූ ගුරුවරියක් වන්නී ය. ඇය ඛෙමා තෙරණිය වීමට ප්‍රථම ගත කළ ඇයගේ ජීවිතයේ කුතුහලය දනවන තොරතුරු මෙම කෘතිය මගින් පාඨක ඔබ හමුවේ ගෙන හැර දක්වයි.
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Upanda Sita

Out-of-Stock
'උපන්දාසිට' මෙම කෘතිය මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් රචනා කර ඇති අතර ගැමි පරිසරය මාර්ටින් වික්‍රමසිංහයන් කෙරෙහි පැවැත් වූ බලයත් ඒ පරිසරයෙහි බැසගත් මුදුන් මුල ඇති ඔහුගේ චරිතය හැම ආපදාවන්ට ඔරොත්තු දෙන දැඩි ශක්තියක් ලැබූ සැටිත් ඔහු මේ පොතින් ව්‍යක්ත ලෙස නිරූපණය කරන්නේ තමා කළ පින් පව් නොසඟවා කියන මමත්වයෙන් තොර දරුවකු ලෙසිනි.
Rs 877.50
Rs 975.00
-10%

Yugakaraka Yathivaru

අපේ මහ තෙරවරු ධර්ම - විනය උගෙන, ජාතියට එය උගැන් වූහ. බණ පොත් ලියා, බණ දහම් දෙසා ජාතිය විනීත කළහ. ශිෂ්ඨ කළහ. හොඳ හැදිච්ච ජාතියක් බවට පත් කළහ. පොත් ලියා ජාතිය තුළින් දක්‍ෂ ලේඛකයන් බිහි කළහ. කවි පොත් ලියා කවියන් මතු කළහ. ගොවිකමේ අනුසස් කියා ගොවිතැන් කරවූහ. වැව් අමුණු බැන්ද වූහ. වෙහෙර විහාර තැනවූහ. රජ පවුලේ කුමාරවරුන් පන්සලේ නවත්වා ගෙන උගන්වා, රජකම් කරන හැටි කියා දුන්හ. රජුන් තැනූහ. රජුන්ට අවවාද අනුශාසනා කළහ. වැරදි රජුන් පස්සේ නොගියහ. නිලයට කෑදර නුවූහ. ලාභයට, කීර්තියට වාල් නුවූහ.'එවැනි යතිවරු දැයේ පිනට පහළ වූහ. අන්ධකාරය මග හරවන සඳ මඬල පරිද්දෙන් උන්වහන්සේලා බැබළෙන්නාහ. ඉකුත් සියවසේ වැඩවිසු ඒ මහ යතිවරුන් පිළිබඳව මෙම පොත් පෙළෙන් විස්තර කෙරේ.
කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශේඛර නාහිමි, කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමි, පැලෑනේ ශ්‍රී වජිරඥාන නාහිමි, කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමි, කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමි (දිඹුලාගල හාමුදුරුවෝ ), කඹුරුපිටියේ වනරතන නාහිමි සහ වල්පොළ රාහුල නාහිමි පිළිබඳ අවබෝධාත්මක දැනුමක් ලැබිය හැකි කරුණු කාරණා මෙහි ඇතුළත් වේ
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Sasunabara PahanKala Maha Yathiparapura

Out-of-Stock
සිරිමෙවන් සේනක මහතා විසින් විරචිත මෙම ග්‍රන්ථය අපේ සමීප යටගියාවේ විසූ එහෙත් අද බොහෝ දෙනෙකුට අමතක මහයතිවරුන්ගේ වතගොත සැකෙවින් පාඨකයාට පමුණුවන කාලෝචිත ග්‍රන්ථයකි.
Rs 315.00
Rs 350.00
-10%

Mohottivaththe Sri Gunananda Apadanaya

ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනයකට හේතු වෙමින් බෞද්ධ නව ජීවන ව්‍යාපාරය තුළින් පැන නැගුණු නිදහස් සටන් ව්‍යාපාරයේ පසුබිම හැඩ ගැස්වීමට පූර්වගාමී වූ තත්කාලීන අතුල්‍ය බෞද්ධ නායකයා නම් වූ මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්වාමීද්‍රයන් වහන්සේගේ විරෝදාර චරිතාපදානය ප්‍රතිනිර්මාණය කෙරෙමින් සම්පාදිත" මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද අපදානය " යුග අවශ්‍යතාවක් සපුරා ලන්නකි. උන්වහන්සේ පිළිබඳව ප්‍රාචීන ප්‍රතිචීන ලේඛකයන් පවසා ඇති විවිධ මතිමතාන්තර තුලනාත්මක ව විමසා බලා සැපැයුණු මෙම චරිතකථාව මෙතෙක් අප්‍රකට ව පැවති තොරතුරු රාශියක් ඉදිරිපත් කරයි. මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද අපදානය කලාකීර්ති පණ්ඩිත විමලේ අභයසුන්දර විද්වතුන්ගේ නිර්මාණයකි
Rs 900.00
Rs 1,000.00
-10%

Sudu Wala Yata Eda Wadi Maga 3

කෘතිය ඇසුරින්...
''සියවස් ගණනකට පෙර මහා ඉන්දියානු බිමේ නා නා රළු දුර්ග මාවත් දිගේ අනන්ත අපහසුතා මැද සුදු වළා යට උන් වහන්සේ එදා වැඩි මඟ........ අදත් ඒ සුදු වළා පාවේ... ගංගාවෝ ගලා බසිත්..............ස්වස්තිලා සැන්දෑවේ කඳු මුදුන් වල සිට ගවයන් දක්කාගෙන එති....... පොකුණු වල කුමුදු මල් පිපේ......වස්සාන සෘතු එළැඹේ........ වේරංජා නියං සමයන් පැමිණේ......මං මාවත් ද කාළයේ විපර්යාසයන් හමුවේ වුව තාමත් තිබේ..... දුක සැප නිරාමිසව විඳගත් අපේ බුදුන් අපට කොතරම් සමීපද..........''
Rs 432.00
Rs 480.00
-10%

Budu Sasune Minipahana Ananda Hamuduruwo

'බුදු සසුනේ මිණි පහන ආනන්ද හාමුදුරුවෝ' යන මෙම කෘතිය  බුද්ධ සාසනයේ සැබෑ මිනිපහණ බදු වූ අනද හිමියන් පිළිබද රචනා වී ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,440.00
Rs 1,600.00
-10%

Gauthama Budun Wahanse

සම්බුද්ධ චරිතය පිළිබද ඉතා දීර්ඝ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක විමර්ශනයකින් අනතුරුව ඉදිරිපත් කරනු ලබන කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,620.00
Rs 1,800.00
-10%

Gauthama Budun Wahanse Yatharthava Dakimu

වෛද්‍ය H.W ස්චුමන් මහතාගේ 'The Historical Buddha' නම් කෘතියේ සිංහල පරිවර්තනය වන 'ගෞතම බුදුන් වහන්සෙ යථාර්තව දකිමු' නම් මෙම කෘතිය තුළ බුදුන් වහන්සේ උපතේ සිට පිරිනිවන් මංචකය දක්වා සිදූ වූ ඒ මහා පෙලහර ඉතා සරල ලෙස තේරුම්ගැනීමට පහසු ආකාරයට රචනා කර ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,170.00
Rs 1,300.00
-10%

Sundara Gami Diviye Sita Gatalu Sahitha Rajaya Paripalanayata

'සුන්දර ගැමි දිවියේ සිට ගැටළු සහිත රාජ්‍ය පාලනය' යන මෙම කෘතිය ධර්ම හේවාමද්දුම මහතා විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය තුළ ඔහුගේ ජිවීතයේ ස්වයං ජීවන චරිතාපදානය පාඨකයා හමුවේ ඉදිරිපත් කරන අතර කුඩා කළ ගැමි පරිසරයේ සුන්දරත්වයත් කාලයාගේ ඇවෑමෙන් සුන්දරයැයි බොහෝ දෙනා පවසන නමුත් පිටතින් පමණක් සුන්දරත්වය රැදී ඇති නගරබද ජිවිතයෙ අව්වේකී භාවයත් පිළිබද එතුමාගේ සුන්දර ළමා කාලය ඇසුරින් රචිත ඉතා රසවත් ස්වයං ජීවිත චරිතාපදානයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,170.00
Rs 1,300.00