Rs 603.00
Rs 670.00
-10%
Home
There are 5400 products.
Vinaya Pitakaya - 09 Complete Set of Books
විනය පිටකය තුළ බුදුන් වහන්සේ විසින් සංඝයාට දේශනා කර දෙන ලද සංඝාධිපති නීති, සම්ප්‍රදායන් සහ පටිමොක්ඛ නියමයන් ඇතුළත් වේ. මෙය බෞද්ධ භික්ෂු භික්ෂුණි වෘත්තීන්ට අනුගමනය කළ යුතු ආචාර විධි සහ නීති ගොඩනගන පිටකයයි.විනය පිටකය ග්‍රන්ථ 9කින් යුක්ත වන අතර මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතුය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්‍යය කරන්නා වූ සියල්ලන්ටම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂයයි. ලෝ වටා සිටින සියල්ලන්ටම ත්‍රිපිටකය පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය වන අපගේ එක් පියවරකි.
Rs 14,550.00
Rs 21,190.00
Suthra Pitakaya - 35 Complete Set of Books
ත්‍රිපිටකයේ දෙවන කොටස සුත්‍ර පිටකය යි. සූත්‍ර පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය යි. සුත්‍ර දේශනා දාහත් දාහකට වඩා මෙහි අන්තර්ගතය. එය ප්‍රධාන කොටස් (නිකාය) පහකින් සමන්විතය. ඒවා නම්, දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ ඛුද්දක නිකාය යනාදිය යි.සූත්‍ර පිටකය ග්‍රන්ථ 35කින් යුක්ත වේ. මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතුය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්‍යය කරන්නා වූ සියල්ලන්ටම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂයයි. ලෝ වටා සිටින සියල්ලන්ටම ත්‍රිපිටකය පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය වන අපගේ එක් පියවරකි.
Rs 59,110.00
Rs 85,895.00
Abhidharma Pitakaya - 13 Complete Set of Books
ත්‍රිපිටකයේ තුන්වන කොටස අහිධර්ම පිටකය වන අතර මෙය බුදුන් වහන්සේ විසින් දේශනා කළ ගැඹුරු දර්ශන හා මනෝවිද්‍යාත්මක විග්‍රහය යි.අසූ හාරදහසක් වන ශ්‍රී සද්ධර්මයෙන් ධර්මස්කන්ධ හතලිස් දෙදාහක්ම අයත් වන්නේ අභිධර්ම පිටකයටයි. මෙහි අන්තර්ගත වනුයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කල ශ්‍රී සද්ධර්මයෙහි ගැඹුරු දහම් කොටස් ය. එම දේශනා ප්‍රධාන කොටස් හතකට බෙදා වෙන්කර ඇත. ඒවා නම්, ධම්‌මසඞ්‌ගණී ප්‍රකරණය, විභඞ්‌ග ප්‍රකරණය, ධාතුකථා ප්‍රකරණය, පුග්‌ගලපඤ්‌ඤත්‌ති ප්‍රකරණය, කථාවත්‌ථු ප්‍රකරණය, යමක ප්‍රකරණය සහ පට්‌ඨාන ප්‍රකරණය යනාදිය යි.අභිධර්මය ග්‍රන්ථ 13කින් ද යුක්ත වේ. මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතුය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්‍යය කරන්නා වූ සියල්ලන්ටම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂයයි. ලෝ වටා සිටින සියල්ලන්ටම ත්‍රිපිටකය පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය වන අපගේ එක් පියවරකි.
Rs 21,880.00
Rs 31,540.00
Ribeiro Dutu Lankawa
'Ribeiro History Of Ceilao' නම් වූ මෙම ග්‍රන්ථය පෘතුගීසි භාෂාවෙන් මුලින්ම ලියැවුණේ දාසය වන ශතවර්ෂයේ දී වන අතර එය ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුණේ විද්වත් පී.ඊ. පීරිස් දැරණියගල මහතා විසිනි. මෙම ග්‍රන්ථය ඉතා දුර්ලභ ග්‍රන්ථයක්ව පැවති සමයක රත්නපුර, නීතීඥ වෝල්ටර් සිල්වා මහතාගේ පෞද්ගලික පුස්තකාලයේ ඉතා ආරක්ෂිතව පැවති හෙයින් වර්ථමාන පාඨකයා හට රස විදීම සදහා එම අවස්ථාව උදා වන අතර මෙම ග්‍රන්ථය තුළ මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලනය පිළිබද කරුණු බොහෝමයක් ගම්‍ය වේ.
Rs 1,782.00
Rs 1,980.00
Goblins And Hobgoblins From The Pali Canon
One of his notable translations is this Petavatthu Commentary as Stories of Goblins and Hobgoblins from the Pali Canon. His way of weaving into readable English from the Sinhalese Commentary shows the depth of his maturity and profound insight he has acquired over the years by his delving deep into the labyrinthine pathways of wisdom engraved in the wood of human thought.
Ven. Kirama Wimalajothi thera
Director
Buddhist Cultural Centre
Ven. Kirama Wimalajothi thera
Director
Buddhist Cultural Centre
Rs 768.00
Rs 960.00
Aranaka Nivena Sitha
"අරණක නිවෙන සිත" නැමති මෙම කෘතිය මානසික දියුණුව උදෙසා අරණ්‍යගත භාවනාවේ ඇති වටිනාකම විවරණය කරන අතර ධර්මාවබෝධය උදෙසා වෙරදරන සිව්වණක් පිරිසට ම අතිශය ප්‍රයෝජනවත් වන්නකි.
Rs 2,250.00
Rs 2,500.00
Sathipattana Bauddha Bhawanawe Hadawatha - 'The Heart of Buddhist Meditation'
Out-of-Stock
මෙම පරිවර්තනයේ මුල් ග්‍රන්ථය වන ඤාණපෝණික හිමියන්ගේ 'The Heart of Buddhist Meditation' නම් කෘතිය දැනට වර්ෂ හතළිස් පහකට අධික කාලයක් තිස්සේ මුද්‍රණය වෙමින් පවතින, එමෙන්ම භාෂා දහයකට පමණ පරිවර්තනය වී ඇති ආධ්‍යාත්මික ගුණයෙන් අනූන සම්භාව්‍ය ග්‍රන්ථයකි.
Rs 990.00
Rs 1,100.00
Athek Barata Wasthu Katha
කුඩා අවදියේ දරුවන් කථා ඇසීමට වැඩි රුචිකත්වයක් දක්වයි. කුඩා අය පමණක් නොව ළමා වැඩිහිටි මහළු අයට පවා මේ රුචිකත්වය අඩු නොවේ. ධර්ම දේශනා කරද්දී ජාතික කථා පොත් වහන්සේ ගෙන හැර දක්වන බෝධි සත්වයන් වහන්සේගේ අතීත කතා දැඩි භක්තියෙන් යුතුව අසා සිටීමට අප කවුරුත් පුරුදු පුහුණුව සිටී. එම කථා පොත් වශයෙන් සකස් කර තැබීම නිසා කියවන ලියන කරුණු සොයන බොහෝ දෙනෙකුට මහත් මෙහෙයක් ඉටු කරයි. ඇතැම් කථා ප්‍රසිද්ධ විභාග සඳහා නිර්දේශ කර ඇත.
Rs 1,350.00
Rs 1,500.00
Katha Sarith Sagaraye Katha
Out-of-Stock
කථා නමැති ගංගාවන්ගෙන් සැදුණු සාගරය යන තේරුම ඇති මෙම කථා සරිත් සාගරය' පුරාණ සංස්කෘත විචිත්‍ර තථා සංග්‍රහයකි. කාශ්මීරයේ අමාන්තරජතුමාගේ බිසව වන සූර්යවතී බිසවගේ කලකිරීමක් දුරුකොට මනෝ විනෝදය ඇති කිරීම සඳහා මෙය ලියූ බව සඳහන් වෙයි.දෙවියන්, බ්‍රහ්මයන්, භූතයන්, ප්‍රේතයන්, පිසාවයන්, රජවරුන් මෙන්ම හොල්මන්, අවතාර, උඩින් බිමින්, ගමන් කිරීම් ආදියෙන් පිරුණ මෙම කථා හර්ෂ, ත්‍රාස, අද්භූත ආදී වශයෙන් විවිධය.
Rs 405.00
Rs 450.00
Nelli Kale Weerayo
Out-of-Stock
කතෘ ගෙන්...
ළමා විය සුන්දරය. එහි වාද බේද බොහෝ දුරට හීනය. සතුට, සැනසුම ළමා වියේ ජීවය වේ. එහෙත් දියුණුවේ හිනි පෙත්තට පය තැබීමට මිනිසා දරන වෑයම ක්‍රමානුකූලව නොවන නිසා විටින් විට එක් එක් මාරකයන් මගින් සුන්දර ළමා ලොව විනාශ කරන අවස්ථා අපට අද සමාජයේ සුලභව දක්නට ලැබේ. කුඩා කළ වැරදි මග ගොස් නොමග යන දරුවා වැඩිවියට පත් වූ විට සමාජයෙන් පළිගැනීම වැලැක්විය නොහැකි දෙයකි. ළමා පරපුර කෙරෙන් මෙසේ විද්‍යාමාන වූ ගති ලක්ෂණ උරුමයන් කෙරෙහි විශාල වෙනසක් කිරීමට බාල දක්ෂ ව්‍යාපාරය කරනුයේ මිල කළ නොහැකි සේවයකි.
මම බාල දක්ෂයෙකු සේ ලබාගත් අත්දැකීම් 'නෙල්ලි කැලේ වීරයෝ' නමින් ඔබ වෙත ඉදිරිපත් කරමි. මෙහි මුල් පිටපත මා ලියා අවසන් කළේ මා නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවධියේ දීය. එබැවින් මේ පිළිබඳව සාධාරණ විවේචන ඇතොත් සතුටින් භාර ගනිමි. අවසන් වශයෙන් මම ඔබෙන් මෙය ඉල්ලමි. ජාති, ආගම්, කුල, වර්ණ භේදයන්ගෙන් ළමා පරපුර බේද නොකර ඔවුනට හිමි සුන්දර ලෝකය සැමදාමත් රැක ගැනීමට ඔබේ සහාය ලබා දෙන්න
ළමා විය සුන්දරය. එහි වාද බේද බොහෝ දුරට හීනය. සතුට, සැනසුම ළමා වියේ ජීවය වේ. එහෙත් දියුණුවේ හිනි පෙත්තට පය තැබීමට මිනිසා දරන වෑයම ක්‍රමානුකූලව නොවන නිසා විටින් විට එක් එක් මාරකයන් මගින් සුන්දර ළමා ලොව විනාශ කරන අවස්ථා අපට අද සමාජයේ සුලභව දක්නට ලැබේ. කුඩා කළ වැරදි මග ගොස් නොමග යන දරුවා වැඩිවියට පත් වූ විට සමාජයෙන් පළිගැනීම වැලැක්විය නොහැකි දෙයකි. ළමා පරපුර කෙරෙන් මෙසේ විද්‍යාමාන වූ ගති ලක්ෂණ උරුමයන් කෙරෙහි විශාල වෙනසක් කිරීමට බාල දක්ෂ ව්‍යාපාරය කරනුයේ මිල කළ නොහැකි සේවයකි.
මම බාල දක්ෂයෙකු සේ ලබාගත් අත්දැකීම් 'නෙල්ලි කැලේ වීරයෝ' නමින් ඔබ වෙත ඉදිරිපත් කරමි. මෙහි මුල් පිටපත මා ලියා අවසන් කළේ මා නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවධියේ දීය. එබැවින් මේ පිළිබඳව සාධාරණ විවේචන ඇතොත් සතුටින් භාර ගනිමි. අවසන් වශයෙන් මම ඔබෙන් මෙය ඉල්ලමි. ජාති, ආගම්, කුල, වර්ණ භේදයන්ගෙන් ළමා පරපුර බේද නොකර ඔවුනට හිමි සුන්දර ලෝකය සැමදාමත් රැක ගැනීමට ඔබේ සහාය ලබා දෙන්න
Rs 360.00
Rs 400.00
Sri Lankeya Shasanika Mathagatum Ha Nirakarana Krama
ශ්‍රී ලාකේය ශාසනික මත ගැටුම් හා නිරාකරණ ක්‍රම (අනුරාධපුර සහ පොළොන්නරු යුගය ඇසුරෙන්) මෙම පර්යේෂණාත්මක කෘතිය පුරාණ ශ්‍රී ලංකාවේ අතිශයින් තීරණාත්මක යුග දෙකක් තුළ භික්ෂු සමාජයෙහි උද්ගත වූ සංකීර්ණතා ගැටලු, ගැටුම් හා ඒවා නිරාකරණය කිරීම විෂයෙහි එවකට පැවති දේශපාලන තන්ත්‍රය හා ඒකාබද්ධව ශාසන භාරධාරී තෙරවරුන් විසින් අනුගමනය කළ ධර්ම විනයානුකූල ක්‍රියාමාර්ග පිළිබඳ වැදගත් කරුණු රාශියක් අනාවරණය කරයි. ඒවා ශාස්ත්‍රීය පදනමකින් යුතුව ඉදිරිපත් කිරීම කරුණු කිහිපයක් නිසා වැදගත් වන අතර අතීත සංසිද්ධීන් ප්‍රාමාණික පරිදි ඉස්මතු කිරීම. වර්තමාන ගැටලු නිරාකරණය සඳහා උපස්තම්භක වීම, ඉදිරි පර්යේෂකයන් සඳහා මාර්ගෝපදේශ සැපයීම මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයනයන්හි නියුක්ත ආචාර්ය ශිෂ්‍ය දෙපක්ෂයට ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් වීම යනාදී ප්‍රතිලාභ රාශියක් මෙම කෘතිය ඇසුරින් ලබා ගත හැකිය.
Rs 1,200.00
Rs 1,500.00
Poya Dolaha
පෝය දොළහ නම් මෙම කුඩා පොත්පිංච බටුවත්තේ රාහුල හිමියන් විසින් රචනා කරන ලද අතර මෙම ග්‍රන්ථය තුළ පෝය දොළහ පිළිබදව ඉතා සංශිප්ත ලෙස විස්තර කර ඇති ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. බෞද්ධයකු සුරතව නිසැකව තිබිය යුතු කුඩා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 162.00
Rs 180.00
Thun suthraya sahitha seth pirith
Out-of-Stock
තුන් සුත්‍රය සහිත සෙත් පිරිත් නම් මෙම කුඩා ග්‍රන්ථය පූජ්‍ය බටුවත්තේ රාහුල හිමියන් හා පූජ්‍ය ඕමන්තේ සෝභිත හිමියන් විසින් රචිත ඉතා වටිනා ග්‍රන්ථයක් වන අතර මෙහි තුන් සුත්‍රය සහිත සෙත් පිරිත් හි සිංහල තේරුමද අන්තර්ගත වේ.
Rs 108.00
Rs 120.00
Thun Suthraya Sahitha Bodhi Puja Saha Buddha Wandana
Out-of-Stock
දහසක් කරදර බාධක මැදින් සහනය සොයා ජීවිත යාත්‍රාව ගෙනයන මිනිසාට බෝධි පූජාව හා බුද්ධ වන්දනාව වනාහි අතිශයින්ම මානසික ඖෂධයකි. චිත්ත අවිවේකීතාවය, මානසික අසහනය ආදි දැයින් පිරී ඇති සිත පාරිශුද්ධතාව කරා ගෙන යන උතුම් වූ අධ්‍යාත්මය සුවපත් කරලීමේ වැඩ පිළිවෙළක් ලෙසද එය හැදින්විය හැකිය. පූජ්‍ය නෙල්ලියද්දේ ධම්මකිත්ති හිමියන් විසින් රචිත තුන් සූත්‍රය සහිත බෝධි පුජා සහ බුද්ධ වන්දනා නම් මෙම ග්‍රන්ථය තුළින් ශ්‍රාවකයා නිසි මගට යොමු කොට චල බවින් අචල බවට ගමන් කරලීමට මග පාදනු නොඅනුමානය.
Rs 288.00
Rs 320.00
Sasunabara Guru Tharuwa Balangoda Hamuduruwoo
පාඨක සිත්හි සැදැහැ වඩමින් සසුන ඹරේ පෑයූ ගුරු තරුවක ප‍්‍රභාවය කෘතිය පුරා විහිදී යයි.
Rs 720.00
Rs 800.00
Ruwanweli Maha Seya
තුන් ලෝකයෙහි ම වැඩි ම සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින ස්වර්ණමාලි නම් පූජනීය චෛත්‍යයෙහි කථා ප්‍රවෘත්තිය, රුවන්වැලි මහා සෑය නම් මෙම සදහම් ග්‍රන්ථය තුළින් කියවේ. මෙම ග්‍රන්ථය කියවා අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් යුතු ව චෛත්‍යය වන්දනාවේ යෙදීම තුළින් ජීවමාන බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කළා සේ ම පින්දහම් රැස් කර ගත හැකි ය.
Rs 288.00
Rs 320.00
Apata Nopenena Lokaya Ha Wenath Da
මතුගම මහින්ද විජේතිලක මහතා විසින් සංගෘහිත " අපට නොපෙනෙන ලෝකය " නම් මෙම ග්‍රන්ථය, කතර පිපාසයෙන් පීඩාවට පත් සත්ජනයන්ට මිහිරි දිය කඳුරක් සේ අස්වැසිල්ලක් ද, සැනසිල්ලක් ද වනු නොඅනුමානය.
Rs 612.00
Rs 680.00
Madyama Lanka Pura wurtha
පෙර පැවති පිළිවෙළ පිළිබඳ පුවත් ' පුරා වෘත්තය ' යි සැලකෙයි. අන්තිම සිංහල රාජධානිය වූ සෙංකඩගලපුරය ඇතුළු ප්‍රදේශත්‍රයකින් සමන්විත මධ්‍යම ප්‍රදේශය පිළිබඳ එබඳු පුවත් ඇතුළත් මෙම ග්‍රන්ථය මධ්‍යම ලංකා පුරාවෘත්ත නම් වේ.
Rs 765.00
Rs 850.00
Parani lakdiva thakshanavedaya saha shilpa gnanya
Out-of-Stock
මෙම කෘතිය මගින් නූතන තාක්ෂණයට අභියෝග කළ හැකි තරම් වූ අපේ පැරණි තාක්ෂණය හා ශිල්පවේදය කෙබඳු එකක් දැයි ඓතිහාසික කරුණු හා ශේෂ වී ඇති භෞතික සාක්ෂි මගින් මැනවින් චිත්‍රණය කරයි.
Rs 202.50
Rs 225.00
Ahalepolage jeevitha kathawa
මෙම කුඩා පොත එක්තරා ඉලක්කයක් සහිතව ලියවී ඇත. එම ඉලක්කය නම් 'ඇහැලෙපොලගේ ජීවිතය පිළිබද ව පොදුවේ පිළිගත් හා නිරවද්‍ය විස්තරයක් සැපයීමයි. ඔහුගේ ජීවිත කාලයෙහි කන්ද උඩරට රජවාසලෙහි සිටි ශ්‍රේෂ්ඨතම චරිතය විය. කන්ද උඩරට පළාත් බ්‍රිතාන්‍යයන්ට පවරා දීම සහතික කිරීම පිණිස කටයුතු කිරීමේ දී ඔහු නිසැකව ම ප්‍රමුඛ කාර්යභාර්යක් ඉටු කලේ ය. ඉතිහාසයේ පිටු මත නොමැකෙන අදුරු පැල්ලමක් ඇති කළ ඛේදවාචකයක දුක් පීඩා විදීමට ලක් වූ තැනැත්තකු ලෙස ඔහුගේ නම ලංකා ඉතිහාසයේ සිහි කටයුතු එකක් බවට පත් ව ඇත. අත්තනෝමතික රජකු විසින් ඇහැලේපොලගේ පවුලේ සාමාජිකයන්ගෙන් ගන්නා ලද අමානුෂික පළිගැනීම, දිවයිනේ ජනප්‍රියතම සිංහල නඩගමක තේමාව බවට පත් ව තිබේ.
Rs 432.00
Rs 480.00
Sathyata Seema Natha Nidahase Piyamba Yannata
"සත්‍යයට සීමා නැත" මෙම කෘතිය උත්තරාරෝපිතසංකල්ප වලින් මිදි ජීවිතය අලුතින් දකින්නට, ජීවිතය සතුටින් විඳින්නට, චිතය මෙන්ම ලෝකය දෙස සිහියෙන් බලන්නට මඟපෙන්වන, අපූර්ව ආකාරයෙන් සම්පාදිත කෘතියකි. එය සහජයෙන් අන්ධ භාවයට හෝ පෙස භාවයට පත් නොවුවද අඳ මනසින් බිහිරිව ජිවිත ගෙවන, සත්‍යයේ මායාව වැළදගත්. අන්ධකාරයේ සැරිසරණ අපේ සමාජයට, සිත් සීමාවන් සිද බිද දමන්නට මග පෙන්වන සදුපදේශයක් වනු නොඅනුමානය.
Rs 630.00
Rs 700.00
Asiyave Prabodhaya
'ආසියාවේ ප්‍රබෝධය' නම් මෙම කෘතිය මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලි හිමියන් විසින් රචිත අතර මෙම කෘතිය මගින් ප්‍රධාන වශයෙන් ආසියාතිකයන්ගේ දේශපාලන අවබෝධය කොතරම් දැයි විමර්ශනය කරණ අතරම එම දේශපාලන ප්‍රභවය මුලු ආසියාව පුරාම විහිදී ගිය ආකාරය පිළිබදවද විමර්ශනය කරණු ලැබේ.
Rs 270.00
Rs 300.00
Sathara Paramartha Sahitha Buddha Dharmaya
Out-of-Stock
'සතර පරමාර්ථ සහිත බුද්ධ ධර්මය' යන මෙම කෘතිය මගින් අභිධර්මයෙහි මූලික ඉගැන්වීම් වන චිත්ත, චෛතසික, රූප සහ නිර්වාණ යන සතර පරමාර්ථයන් මෙහි විස්තර කර ඇත්තේ ඒවාට අදාළ සූක්ෂම මනෝ විද්‍යාත්මක අංශයන් නිදසුන් මගින් හැකි තරම් සරල ව ඉදිරිපත් කිරීමෙනි. ඒවා මෙ තරම් සරල ව සිංහලෙන් විස්තර කර ඇති වෙනත් තැනක් නැති තරම් ය. බොහෝ දෙනෙකුට මේවා ඉගෙනීමට ඇති පසුබැස්ම ජය ගනිමින් උද්‍යෝගීමත් ව ඒවා හැදෑරීමට ඔවුන් පෙළඹවීමට මෙම විස්තර සමත් වනු නොඅනු මානය.
Rs 270.00
Rs 300.00
E Ama Niwan Suwa Boho Dura Nowe
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත 'ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ ' යන මෙම කෘතිය මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් විරචිත අතර නිවැරදි ධර්මඤානයක් අවබෝධ කර ගැනීම සදහා ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 945.00
Rs 1,050.00
Dukase Windina Karma Wipaka
Out-of-Stock
'දුකසේ විදින කර්ම විපාක' නම් මෙම කෘතිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත අතර ප්‍රේත වස්තුව වස්තු විශය කොට ගෙන රචිතය බුද්ධ ශාසනය අංග නවයකින් සමන්විත වේ. ප්‍රේත වස්තුව ඇතුළත් වන්නේ එහි ගාථා නම් වූ ශාසනයට ය. මෙම ප්‍රේත වස්තු පාළි අයත් වන්නේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ඛුද්දක නිකායට ය. ප්‍රේතවස්තුවෙහි තිබෙන්නේ ප්‍රේත ලෝකයෙහි ඉපිද අනන්ත දුක්ඛිත ජීවිතගෙවන්නා වූ අවාසනාවන්ත පිරිසක් ගැන යි. ඒ සියල්ල නිමැවී තිබෙන්නේ තම තමන්ගේ කර්මානුරූපව ය.
Rs 630.00
Rs 700.00
E Ama Niwan Dutu Rahathan Wahansela
Out-of-Stock
කතෘ හිමියන්ගෙන්....
ඔබ මේ උතුම් ග්‍රන්ථය කියවන විට ඒ රහතන් වහන්සේලා ඔබ ඉදිරියේ මැවී පෙනෙනු ඇත. ඔබ සමඟ කථා බස් කරන අයුරු ඔබට දැනෙනු ඇත. ඒ රහතන් වහන්සේලාගේ පරම පිවිතුරු හදමඬල ඔබ ඉදිරියේ විදහා දක්වන අයුරු ඔබට ම දැක ගත හැකි වනු ඇත.ඒ පිරිසිදු බුද්ධ වචනය කොතරම් ගෞරවයකින් ද උන්වහන්සේලා දරා ගෙන සිටියේ. පුද්ගලික අර්ථ විවරණයන් ගෙන් බුද්ධ වචනය දූෂණය කරමින් සිටින වර්තමාන බොහෝ ගිහි -පැවිදි පිරිසට පවා බුදු රජුන්ගේ සැබෑ ශ්‍රාවකයින්ගේ ස්වභාවය මේ ථේර - ථේරී ගාථා තුළින් පැහැදිලි ව තේරුම් ගත හැකි ය.අප කවුරුත් "සංඝං සරණං ගච්ඡාමි” කියමින් සරණ යන අපගේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සඟරුවතේ පිවිතුරු ජිවිත හඳුනා ගැනීමට මේ ථේර - ථේරී ගාථාවන් විස්මිතකැඩපතක් වැන්න
ඔබ මේ උතුම් ග්‍රන්ථය කියවන විට ඒ රහතන් වහන්සේලා ඔබ ඉදිරියේ මැවී පෙනෙනු ඇත. ඔබ සමඟ කථා බස් කරන අයුරු ඔබට දැනෙනු ඇත. ඒ රහතන් වහන්සේලාගේ පරම පිවිතුරු හදමඬල ඔබ ඉදිරියේ විදහා දක්වන අයුරු ඔබට ම දැක ගත හැකි වනු ඇත.ඒ පිරිසිදු බුද්ධ වචනය කොතරම් ගෞරවයකින් ද උන්වහන්සේලා දරා ගෙන සිටියේ. පුද්ගලික අර්ථ විවරණයන් ගෙන් බුද්ධ වචනය දූෂණය කරමින් සිටින වර්තමාන බොහෝ ගිහි -පැවිදි පිරිසට පවා බුදු රජුන්ගේ සැබෑ ශ්‍රාවකයින්ගේ ස්වභාවය මේ ථේර - ථේරී ගාථා තුළින් පැහැදිලි ව තේරුම් ගත හැකි ය.අප කවුරුත් "සංඝං සරණං ගච්ඡාමි” කියමින් සරණ යන අපගේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සඟරුවතේ පිවිතුරු ජිවිත හඳුනා ගැනීමට මේ ථේර - ථේරී ගාථාවන් විස්මිතකැඩපතක් වැන්න
Rs 810.00
Rs 900.00
Ape Budu Samidu Thawama Weda Wesethi
පරිවර්තක ගෙන් .....
මෙම පුජනීය ග්‍රන්ථයේ සටහන් වී තිබෙන්නේ අතිපාරිශුද්ධ වූ ශ්‍රී සද්ධර්මයයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ආරම්භයත් සුන්දරය. මැදත් සුන්දර ය. අවසානයත් සුන්දරය. ශ්‍රී සද්ධර්මය වනාහී ප්‍රණීත රසැති මධු ගුළාවක් වැන්න. එහි කොයි පැත්තෙන් ගත්තත් රස වෑහෙන මී මධු මය.
මෙම පුජනීය ග්‍රන්ථයේ සටහන් වී තිබෙන්නේ අතිපාරිශුද්ධ වූ ශ්‍රී සද්ධර්මයයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ආරම්භයත් සුන්දරය. මැදත් සුන්දර ය. අවසානයත් සුන්දරය. ශ්‍රී සද්ධර්මය වනාහී ප්‍රණීත රසැති මධු ගුළාවක් වැන්න. එහි කොයි පැත්තෙන් ගත්තත් රස වෑහෙන මී මධු මය.
Rs 1,080.00
Rs 1,200.00
Milindu Raja Prashnaya 1
මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණි වූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වූත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජුගේත්, නාගසේන මහ රහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදු වී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරකට පසුවය මෙම කෘතිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විරචිත අතර 'මිලිදු රාජ ප්‍රශ්නය 1' ලෙසින් ඔබ අතට පත් වන මෙම කෘතිය ඉතා වැදගත් ධර්ම සංගායනාවක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 450.00
Rs 500.00
Rs 6,800.00
Dasha Pradeepaya
Out-of-Stock
දශා ප්‍රදීපය යනු ජ්‍යෙතිශශාස්ත්‍රය පිළිබදව හැදෑරීමට ඇති ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 900.00
Rs 1,000.00
Warahamihiraya
''වෘහජ්ජාතකය හෙවත් වරාහමිහිරය'' යන මෙම කෘතිය හොරා ශාස්ත්‍රය පිළිබදව කරුණු ඇතුළත් කෘතියක් වන අතර හොරා ශාස්ත්‍රය ඉගන ගන්නා ආධුනිකයන් හට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,350.00
Rs 1,500.00
Minis Jeevithayata Balapana Anka Widyava
Out-of-Stock
මිනිස් ජීවිතයට අංක සේම අක්ෂරයන් ද බොහෝ සම්බන්ධකම් පවත්වනු ලබයි. එසේම එමගින් මිනිස් ජීවිතයේ බොහෝ සිදුවීම් ද පාලනය කරනු ලබයි. මෙලොව උපන් සෑම පුද්ගලයෙකුටම සමීප එක් අංකයක් වේ. අංක විද්‍යාව තුළ වැදගත්ම සාධකය වන්නේ ද එයයි. ඔහුගේ ජීවිතයේ සෑම දෙයක්ම සිදු වන්නේ ද එම අංකය පදනම් කරගෙනය.''මිනිස් ජීවිතයට බලපාන අංක විද්‍යාව'' නැමැති මෙම ග්‍රන්ථය මෙතෙක් ශ්‍රී ලංකාවේ පළවූ අංග සම්පූර්ණ අංක විද්‍යාත්මක ග්‍රන්ථය ලෙස හැදින්විය හැකි අතර මේ පිළිබදව හදාරන්නෙකු හට ඉතා වටිනා ග්‍රන්ථය වනු නොඅනු මානය.
Rs 1,440.00
Rs 1,600.00