Danathmaka Chinthanaya Pilibanda Bauddha Akalpaya ධනාත්මක චින්තනය පිළිබඳ බෞද්ධ ආකල්පය - අප සියලු දෙනා සිහින මවන වඩාත් යහපත් මානව ගුණධර්මවලින් පිරිපුන් සමාජයක් බිහිකිරීමෙහිලා මෙම ග්‍රන්ථයෙන් ඉතා වටිනා මෙහෙවරක් සිදුවෙනු ඇත. Rs 500.00 Add to cart Buy
Sri Lankave Brahkmanayo ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ - ශ්‍රී ලංකාවේ වලව් නාමාවලිය, ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ කුල අභියෝග, කන්ද උඩරට සමාජ සංවිධානය ආදී සම්භාවනාවට ලක් වූ ග්‍රන්ථ 70කට වඩා ලියා පල කර ඇති ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් දීර්ඝ පර්‍යේෂණයකින් පසුව ලියන ලද "ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ" අද රටේ බුද්ධිමතුන්ගේ සාකච්ඡාවට භාජනය විය යුතු මා හැඟි පර්‍යේෂණ ග්‍රන්ථයකි. අප රටේ මානව විද්‍යාව හදාරණ විද්‍යාර්ථයින්ට සහ ශිෂ්‍යයන්ට මෙය මහඟු ප්‍රයෝජන ලබා දෙනු ඇත. Rs 450.00 Add to cart Buy
Paramee Sankalpaya පාරමී සංකල්පය - පාරමී සංකල්පය බුදු දහමෙහි එන ඉතා ජනප්‍රිය සංකල්පයකි. මෙම සංකල්පය බිහිවීමෙහි ලා මුල් බුදු දහමේ බලපෑමත්, එය ක්‍රමික ව විකාශනය වී පැමිණි ආකාරය පිළිබඳවත් පෙළ සාහිත්‍ය ඇසුරින් පර්‍යේෂණාත්මක අධ්‍යනයක් මෙම ග්‍රන්ථය මගින් සිදු කොට ඇත. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Kurunagala Wistharaya Out-of-Stock කුරුණෑගල විස්තරය - දඹදෙණියේ සිට සීතාවක යුගය දක්වා සමාජ දේශපාලන විමර්ශන සහිත ය. Rs 1,200.00 Details View details
Budu Dahama Devagamak Kireema බුදු දහම දේවාගමක් කිරීම - තථාගත බුදුන් විසින් පිනෙන් නිවන් ලැබිය හැකි යැයි කිසිම සූත්‍ර දේශනාවක දී දේශනා කර නොතිබිය දී බුදු බණ නොතකා පින මුහුකුරා යාමෙන් නිවන් ලැබිය හැකි යැයි හිතුවක්කාර අර්ථ කතනයක් දීමෙන් බෞද්ධයන් සසර මග අතරමං කළ බුද්ධඝෝෂ තෙරුන් බුදු බණ දේවාගමක් බවට පත් කළ ආකාරය මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි කෙරෙයි. Rs 410.00 Add to cart Buy
Out-of-Stock Sinhala Dathu Wanshaya Out-of-Stock සිංහල ධාතුවංශය - ග්‍රන්ථ සංස්කරණය පිළිබඳ විද්‍යාත්මක ප්‍රායෝගික ශික්ෂණය ද ධාතුවංශයට පසුබිම් වූ රුහුණේ සහ කැලණියේ රාජපරම්පරා සහ ඓතිහාසික ස්ථාන පිළිබඳ තත්ත්වාවබෝධය ද භෞතික හා අභෞතික සිංහල සංස්කෘතිය පිළිබඳ තත්ත්වඥානයක් ද ලබාදෙන මෙම අගනා කෘතිය විද්වතුන්ට මෙන්ම සාමන්‍ය සිංහල පාඨකයන්ට ද විෂය විය යුතු ප්‍රශස්ත ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයකි. Rs 2,000.00 Details View details
Out-of-Stock Sidath Sangara Wivarana Wimarshanaya Out-of-Stock සිදත් සඟරා විවරණ විමර්ශනය Rs 350.00 Details View details
Out-of-Stock Sri Lankave Ali Athunge Ithihasaya Pilibanda Shasthriya Wimarshanayak Out-of-Stock ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රීය විමර්ශනයක් - ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබඳ පර්‍යේෂණයකින් පසු ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකරයන් ලියා ඇති "ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය" පිළිබඳ මෙම ග්‍රන්ථවලට වඩා ශාස්ත්‍රීය කරුණු පිරී ගිය නිබන්ධනයක් ලෙස හැඳින්වීම සාධාරණ ය. හීලෑ අලි ඇතුන්ගේ නාම ලේඛනයක් ද අඩංගු මෙම ග්‍රන්ථය අලි ඇතුන් පිළිබඳ හදාරණ විද්‍යාර්ථයින්ට මෙන් ම විද්වතුට ද සාමාන්‍ය ජනයාට ද ප්‍රයෝජන ලබාදීමට සමත් බැව් මගේ අදහසයි. Rs 250.00 Details View details
Out-of-Stock Jana Urumaya Out-of-Stock ජන උරුමය - මානව විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය හදාරන නවකයින්ට මෙන් ම එහි නියැලි ඇඳුරන්ටත් නව දැනුමක් ලබා දීමට මෙම ග්‍රන්ථය සමත් වනු නිසැක ය. Rs 350.00 Details View details
Out-of-Stock Purana Gama Manavavansha Puravidya Wimarshanayak Out-of-Stock පුරාණ ගම මානවවංශ පුරාවිද්‍යා විමර්ශනයක් - සමාජ පරිණාමය පිළිබඳ ව සමාජ විද්‍යාඥයින් කර තිබෙන අධ්‍යයනවලට අනුව ආසියාතික සමාජ අයත් වන්නේ අතරමැදි සමාජ ප්‍රවර්ගයටයි. එනම් ප්‍රාථමික ගෝත්‍ර ස්වරූපයෙන් ඉදිරියට පැමිණ ඇති අතර නවීන නාගරික සමාජ ස්වරූපය කරා තවමත් පැමිණ නොමැති බවයි. මේ අනුව ගැමි සමාජය සන්තතියේ අතර මැද ස්වභාවයක පසු වෙයි. ගැමි සමාජය ගොඩනැගීමේ පදනම වන භූමි පරිභෝජන රටාවන් වැනි ආර්ථික ක්‍රියාකාරකම් සහ කුලය වැනි සමාජ සංවිධානයට අයත් ආයතනික ව්‍යුහයන් පිළිබඳ ව ද සංස්කෘතික අංග ලක්ෂණ පිළිබඳ ව ද ප්‍රාමාණික තොරතුරු සම්භාරයක් මේ කෘතිය මඟින් ඉදිරිපත් කර තිබේ. මෙය පුරාණ ගම පිළිබඳව මානවවංශ පුරාවිද්‍යාත්මක ගවේෂණයට මහඟු ප්‍රතිඵලයකි. Rs 400.00 Details View details
Sambavya Darma Wivaranaya සම්භාව්‍ය ධර්ම විවරණ - මින් දසක දෙක තුනකට පෙර බුදු දහම විවරණය කරමින් සම්භාවනීය විද්වතුන් විසින් ලියන ලද විවිධ ලිපි ලේඛන ශාස්ත්‍රීය සංග්‍රහයන්හි පළ විණි. එම ලිපි පර්‍යේෂණාත්මක වූ අතර තම මතයන් වුවද පළ කිරීමේ දී සහේතුකව, සනිදර්ශිතව එම මත සනාථ කරන්නට දැඩි උත්සාහයක යෙදුණහ. වර්තමානයෙහි ඉතා කඩිමුඩියේ ලියැවෙන ලිපි මිස මෙවැනි සාරගර්භ ලිපි අපට කියවීමට නොලැබේ. පෙර පළවු මෙවැනි ලිපි ලේඛන සංග්‍රහ කොට නැවත පළ කරන්නේ නම් මැනවැයි බොහෝ දෙනකු කළ ඉල්ලීම ඉටුකිරීම් වශයෙන් මෙම සම්භාව්‍ය ධර්ම විවරණ සංග්‍රහ කළෙමි. Rs 250.00 Add to cart Buy
Gnana Darshana ඥාන දර්ශන - ශාස්ත්‍රීය ලේඛනයේ ඥාන දර්ශනය වන්නේ සමාජ විමර්ශනයයි. මේ ලිපි එකතුව ද එවැන්නකි. මහාචාර්‍ය අනුරාධ සෙනෙවිරත්නයන් වරින්වර සමාජ විමර්ශනයෙහි යෙදුන ශාස්ත්‍රීය ලිපි සමුච්චයක් මෙයට ගොනුවේ. එය මෙරට සමාජ ශාස්ත්‍රීය ලිපි පරිහරණය කරන විදාර්ථින්ගේ සොම්නසට කරුණකි. මක්නිසාද යත්, අද්‍යතන සමාජ ගැටළු රැසකට හේතු වූ මූලබීජයන් පිළිබඳව ශාස්ත්‍රීය ලෙස විමර්ශනයක නිරතවන බැවිනි. එයින් උපයුක්ත ඥාන දර්ශනය උකහා ගැනීම ඔස්සේ අද දවසේ අප රට මුහුණ දී සිටින සමාජ ගැටළු රැසකට පිළිතුරු සපයා ගැනීමට කදිම අත්වැලක් වනු ඇත. Rs 450.00 Add to cart Buy
Bududahama Gana Wathaman Gatalu බුදුදහම ගැන වත්මන් ගැටලු - වර්තමානය වන විට බුදුදහම හා ශාසනික කටයුතු වාණිජකරණය වෙමින් පවතී. විකෘතිකරණය වෙමින් පවතී. විචිත්‍රකරණය වෙමින් පවතී. නව්‍යකරණය වෙමින් පවතී. දේශපාලනිකකරණය වෙමින් පවතී. සම්බුද්ධ දේශනාවට ඉඳුරාම පටහැනි මෙම ක්‍රියාදාමයන්හි නියැලුනෝ බෞද්ධයෝමය. බාහිර උපද්‍රාවන්ට ඇත්තේ අන්‍යාගමිකකරණය හා අනෙකුත් පරසතුරු කුමන්ත්‍රණ ආදියයි. මෙම කෘතියෙන් බොහෝ දුරට සාකච්ඡා කෙරෙන්නේ විකෘතිකරණය වෙමින් පවත්නා බුදුදහම හා ශාසනික කටයුතු ප්‍රකෘතිකරණය උදෙසා ත්‍රිපිටකාගත හා අටුවා මූලාශ්‍ර මගින් කිසියම් අවබෝධයක් ලබාදීමයි. Rs 300.00 Add to cart Buy
Sinhala Sahithya Sangrahaya Rasavinduma Samaga Rasasvadaya සිංහල සාහිත්‍ය සංග්‍රහය රසවිඳුම සමග රසාස්වාදය Rs 370.00 Add to cart Buy
Kavya Wichara Gaveshana කාව්‍ය විචාර ගවේෂණ - අලංකාර ශාස්ත්‍රය නමින් ප්‍රකට සංස්කෘත විචාර කලාවත්, පැරණි සිංහල කාව්‍ය සාහිත්‍යයත්, පරිවර්තන කලාවත් අරබයා මවිසින් වරින් වර ලියා පළ කරන ලද ලිපි කිහිපයක් එකතු කොට මෙම ග්‍රන්ථය සම්පාදනය වී ඇත. Rs 300.00 Add to cart Buy
Pela, Wisthara, Rasa Windeema Saha Wichara Sahitha Salalihini Sandeshaya පෙළ, විස්තර, රස විදීම හා විචාර සහිත සැළලිහිණි සන්දේශය Rs 500.00 Add to cart Buy
Out-of-Stock Natya Ha Rangakala Praveshaya Out-of-Stock නාට්‍ය හා රංගකලා ප්‍රවේශය Rs 450.00 Details View details
Out-of-Stock Gira Sandeshaya Wimasuma Out-of-Stock ගිරා සංදේශය විමසුම - අ.පො.ස. උසස් පෙළ, පිරිවෙන් හා විශ්ව විද්‍යාල විභාග සඳහා 'ගිරා සන්දේශය' හදාරන සිසුන්ගේත්, ඔවුනට 'සිංහල සාහිත්‍යය' විෂය ඉගැන්වීමේ කාරියෙහි යෙදෙන ගුරු භවතුන්ගේත් අපේක්ෂා සපුරාලමින්. අවශ්‍ය සියලු තොරතුරුවලින් පෝෂණය ලබා ද්මින් මේ ග්‍රන්ථය සැකසිණි. එහෙයින් සන්දේශ කාව්‍ය පරිසරයත්, ගිරා සන්දේශයත් පිළිබඳ පැහැදිලි හා පුළුල් දැනුමක් මෙයින් ඔබට ලැබෙනු ඇත. Rs 550.00 Details View details
Hansa Sandeshaya හංස සන්දේශය - සම්භාව්‍ය සිංහල සන්දේශ කාව්‍ය කිහිපය අතරට ඇතුළත් වු හංස සන්දේශය දේශීය සිංහල කාව්‍ය සම්ප්‍රදාය ද බෞද්ධ සමය සංකල්පය ද සුපෝෂණය කළ රමණීය කෘතියකි. එදා ලක්දිව ගම්, දනව්, නගර, සමාජය, සංස්කෘතිය හා ජන ජීවනය ද පිළිබඳ අව්‍යාජ කාව්‍ය චිත්‍රයක් බඳු වූ මෙම සොඳුරු කාව්‍ය චිත්‍රයක් බඳු වූ මෙම සොඳුරු කාව්‍යය සේවනය කරන සාහිත්‍ය සේවීන්ගේ රසඥතාව ද ජීවිත හා සමාජ පරිඥානය ද සුනිශිත වනු ඇත. මෙම කාව්‍යයෙහි බස හා රස විද්‍යාර්ථීන් වෙත සමීප කරන අන්වය, පදගථාර්ථ, ව්‍යාකරණ හා අර්ථාවබෝධය සහිත ව සම්පාදිත මෙම කෘතිය අධ්‍යයන හා අධ්‍යාපන උභය කාර්යය සඳහා ශාස්ත්‍රීය අනුග්‍රහයක් සපයයි. Rs 400.00 Add to cart Buy
Out-of-Stock Samatha Widarshana Bhavana Pilibanda Aithihasika Adhyanayak Out-of-Stock සමථ විදර්ශනා භාවනා පිළිබඳ ඓතිහාසික අධ්‍යනයක් Rs 750.00 Details View details
Out-of-Stock Sathththa Bojjanga Dharma Deshana Saha Wenath Bauddha Lipi Out-of-Stock සත්ත බොජ්ඣංග ධර්ම සහ වෙනත් බෞද්ධ ලිපි Rs 250.00 Details View details