Rs 603.00
Rs 670.00
-10%
Home
There are 5400 products.
Deviwaru saha dewala
Out-of-Stock
ආදි යුගයේ පටන්ම ගෞරවයෙන් භක්තියෙන් දෙවියන්ට පුද සත්කාර කළ මිනිසා දෙවියන්ගෙන් විමුක්තියක් හෝ මෝක්ෂයක් බලාපොරොත්තු නොවීය. හැමවිටම දෙවියන්ගෙන් අපේක්ෂා කර ඇත්තේ ලෞකික ලාභ ප්‍රයෝජනයි. හින්දු සංස්කෘතිය අනුව නම් එළුවන් ගවයන් වැනි සතුන් බිලිදී යාග හෝම කොට දෙවියන්ගෙන් සතුරන් නැසීමට, ධන ධාන්‍ය සම්පත් ලබා ගැනීමට පුත්‍රයන් ලබා ගැනීමට බලාපොරොත්තු වී ඇත. එහෙත් බෞද්ධ වත් පිළිවෙත් අනුව සත්ව හිංසනය වෙනුවට පලතුරු, කැවිලි, වස්ත්‍ර මල්පහන් වැනි දේවල් පූජාවන් සඳහා පාවිච්චි කරමින් දෙවියන්ගෙන් ලෞකික ලාභ ප්‍රයෝජන ඉෂ්ට කරවා ගැනීමට කටයුතු කරන බව පෙනේ.
Rs 603.00
Rs 670.00
Dedimunda deviyo
බෞද්ධ ජනතාවගේ පුද පූජාවන්ට ලක්ව සිටින දෙව් දේවතාවුන් අතර දැඩිමුණ්ඩ දෙවියන්ට හිමිවන්නේ වැදගත් තැනකි. දේවතා බණ්ඩාර දෙවියන් නමින් සතර කෝරලයේ පුද ලබන මෙම දෙවියන් දිවයිනේ වෙනත් ප්‍රදේශ වලදී විවිධ නම් වලින් හඳුන්වන බව පෙනේ මෙම ග්‍රන්ථය මගින් ජනශ්‍රැතිවේද මූලධර්ම අනුව දැඩිමුණ්ඩ දේව සංකල්පය විග්‍රහ කරන අතර බැතිමතුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් පුද පූජා විධි සහ දෙවියන් හා බැදුණු සාහිත්‍යාංග ද මෙහි ඇතුළත් කර තිබේ.
Rs 414.00
Rs 460.00
Sakala Sawbhagya Kedawana KiriAmma Danaya
ලොව්තුරා බුද්ධත්වය ප්‍රාර්ථනා කරනු ලබන පත්තිනි දේව මෑණියන් සම්බන්ධව නොයෙක් ග්‍රන්ථ ලියැවී ඇතත් කිරි දානය සම්බන්ධව පැහැදිලිව ලියැවුණු පාරම්පරික දැනුම ගබඩා වූ ග්‍රන්ථයක් ලක්දිව නොමැති තරම්ය.
Rs 337.50
Rs 375.00
Indrajith Ge Kriyoddeeshaya
රාවණ පුත් ඉන්ද්‍රජිත් ගේ ක්‍රිඩීශය නම් මෙම ග්‍රන්ථය තුළ විවිධ හෝම ක්‍රම හා පූජා විධි බොහෝමයක් අන්තර් ගත අතර එම හෝම ක්‍රම හා පූජා විධි පිළිබදව දැනුමක් ලබා ගන්නටත් උගත් ජනයාට ඒ පිළිබදව පරීක්ෂණ පැවැත්වීමටත් මෙය ඉතා ප්‍රයෝජන ග්‍රන්ථයක් වනු නොඅනු මානය.
Rs 1,476.00
Rs 1,640.00
Iperani Sinhala Lankeya Devi Devathavo
කර්තෘගෙන් වචනයක්.....
ශ්‍රී විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ, විභීෂණ ආදී මහා දෙවිවරු පිළිබඳව කව්රුත් කතා කරති. ලියති. කියවති. නමුත් ලාංකීය දෙවිවරු කෙතෙක් ද?වැඩහිටි කන්දේ සිට බින් තැන්න, වෙල්ලස්ස, වැදිරට හරහා වැව් බැඳි රටට ගොස් දකුණු ලක හරහා නැවතත් වට වන්දනාවේ ගිය ගම් නියම්ගම් ගණන දන්නේ දෙපා පමණි. ඒ මහන්සිය නිසාවට " ඉපැරණි සිංහලේ ලාංකීය දෙවිදේවතාවෝ" ඔබ අතට ගෙන ඒමට හැකි විය. තමන් තනි තනිව සිටින දෙවිවරු ඇතත් ඒ පැත්තට පෑන නොමෙහෙයවුණි.දෙවියන් මිනිසාට වඳින බව සමහරු කියති. දෙවියන්ගෙන් වැඳුම් ගත හැකි එක "මනුස්ස පුලුටක්" ලක් පොළවේ සිටී දැයි ප්‍රශ්න නොකරමි. වසර දහස් ගණනක සිට දෙවියන් පිදූවන්ට සිදු වූ හානියක් ඇද්දැයි නොදනිමි. උගුරට හොරා බෙහෙත් නෑ නොහැක.මේ පොතට කරුණු සෙවීමේ දී උපකාරී වූ වැඩහිටි කන්දේ පූසාරි වශයෙන් දිවි ගෙවූ දිවංගත ශ්‍රී සංගරම් පිල්ලේ සාමිතුමා, දිවංගත බෝදාගම විජේනායක රාළහාමි ඇතුළු අය බොහෝ ය. නම් වශයෙන් ලිවීමට දිග වැඩිය. අපහසුය.මෙහි සඳහන් දේවනාම පිළිබඳ සැකයක්ද ඉපදෙනු ඇත. අපේ මුතුන්මිත්තන්ගේ විශ්වාසයට ගෞරව කරමු. මින් යමක් උගතහැකි නම් එය මා හට මහත් මානසික සුවයකි.කරුණු රැස් කිරීමේ දී පසුගිය පනස් වසර තුළ පොතපත ද, දන්නා දේ නොහඟවා කියා උපකාර කළ හැමද සාදරයෙන් සිහි කරමි.

Rs 247.50
Rs 275.00
Sarvaraksha Hevath Bhuthasthambhanaya Ha Uchchatanaya
ඩී .ඩබ්ලිව්. මාරපන ඇම් .කේ. යූ. බණ්ඩාර යන මහත්වරු දෙපල විසින් සම්පාදිත පිටු 65කින් සමන්විත සර්වාරක්ෂා හෙවත් භූතස්තම්භනය හා උච්චාටනය පොතේ යන්ත්‍ර මන්ත්‍ර කටයුතු සිදු කිරීමට මත්තෙන් නොවරදවාම දැනගෙන සිටිය යුතු ඔබේ සහ අන් අයගේ ආරක්ෂාව සැලසීම සඳහා භාවිතා කරන ආරක්ෂා මන්ත්‍ර 53ක් මෙන්ම කඩ ගෙවතු ආරක්ෂාව ,ස්ත්‍රී ආරක්ෂාව ඇදුරු ආරක්ෂාව සහ නොයෙක් දෝෂයන්ගෙන් අරක්ෂාවීමට භාවිතා කරන බලගතු මන්ත්‍ර මෙන්ම ඒවා භාවිතා කරන පිළිවෙල පිළිබඳ වටිනා තොරතුරු රැසක් මෙම පොතේ ඇතුළත් වේ.
Rs 288.00
Rs 320.00
Manthara manjariya
“මන්තර මජරිය” නම් වූ මෙම කෘතිය තුළ ද ඊට බෙහෙවින් සමාන ය.මෙහි අත් බෙහෙත් නැති නමුදු දෛනික ජිවිතයේ දී මුහුණ දීමට සිදු වෙන රෝගාබාධ ඇතුළු විවිධ උපද්‍රව නිවාරණය කර ගැනීමට හැකි ගුප්ත ශාස්ත්‍රීය පිළියම් රාශියක් අන්තර්ගතය.විවිධ රෝගාබාධ, අමනුෂ්‍ය දෝෂ, වගාවට පළිබෝධ නිසා වන හානි, ඇස්වහ කටවහ, හෝවහ දෝෂ, වන සත්ව උවදුරු, සර්ප දෂ්ට නිසා සිදුවන ආසාධන පමණක් නොව තව නොයෙකුත් උපද්‍රව ජය ගැනීමට හැකි ගුප්ත ශාස්ත්‍රීය පිළියම් මෙම කෘතියේ අන්තර්ගතව තිබේ.
Rs 405.00
Rs 450.00
Ravendharthadeepani
Out-of-Stock
මුළු මහත් ලෝකයේම විශිෂ්ටතම සංස්කෘතියකට උරුමකම් ඇති ශ්‍රී ලාංකික අපි සැවොම එකී මහා ප්‍රෞඩ ජාතියෙහි සාඩම්බර නිමිකරුවන් වෙමු. අපටම ආවේණික වූ ඇදහිලි හා විශ්වාසවලින් පූර්ණ ජාතියක් වූ ශ්‍රී ලාංකිකයින් ගුප්තවිද්‍යාවෙහි කුමන හෝ කරුණු පිළිබදව දැන සිටි භූත විද්‍යා ඇදුරන්ට විය. දෛනිත පීවන පැවැත්මේ විවිධ බාධක බිදලීමට අවශ්‍ය ගුප්ත කරුණු පිළිබඳව යම් තරමකින් හෝ දැන සිටි ඔවුහු වතී විද්‍යාව කෙරෙහි ද අප්‍රමාණ විශවාසයක් ඇති අයවලුන් බව අප දනිමු.
නාවිකයෙකු නොමැති නෞතාවක් සේ වතී ක්ෂේත්‍රය තුළ ගමන් කරන හළයන්ට පළපුරුදු නාවිකයෙකු සේ ප්‍රයෝජන ගත හැකි මේ මහා භූත විද්‍යා ප්‍රකරණය වෛද්‍යාචාර්ය පූජ්‍ය අල්ගම වත්තේ සුමනවංශ හිමියන්ගේ වති ශාස්ත්‍රය පිළිබඳ දැනුම් සම්භාරයෙහි ප්‍රතිහයකි. ගුරු ගෝල බැඳීමෙන් ගම්භීරත්වය වින මේ කෘතිය ලාංකික භූත විද්‍යා ඇදුරන්ගේ අවධානයට යොමු විය යුතු මෙතෙක් කලක් හෙළි නොවූ රහස් කැටි කොට ගත් දුර්ලභ කෘතියක් ලෙස හැදින්විය හැකිය.

Rs 2,115.00
Rs 2,350.00
Roga Nivaranaya Saha Nirogi Suvaya Sadaha Dhanvantharee pudha pujaa saha sthrothra
'රෝග නිවාරණය සහ නිරෝගී සුවය සදහ ධන්වන්තරී පුද පුජා සහ ස්තෝත්‍ර' යන මෙම ග්‍රන්ථයේ අනාදිමත් කාලයක සිට පැවත එන ඉන්දීය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයයේ ධන්වන්තරී නම් දෙවි කෙනෙකුගේ බල මහිමයෙන් ලෙඩ දුක් සුව කරණ ක්‍රම ස්ත්‍රොත්‍රද අන්තර්ගත ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 180.00
Rs 200.00
Kali Maniyo
කතු වැකිය....
මා විසින් දෙවිවරුන් පිළිබඳව ලියනු ලබන පොත් පෙළෙහි සිව්වැන්න "කාලි මෑණියෝ” නමින් ඔබ අතට පත් වේ. මෙය ද අනෙක් පොත් තුන මෙන්ම දෙවි දේවතාවුන් පිළිබඳව තොරතුරු සොයා විශ්ලේෂණය කර ලියන ලද පර්යේෂණ කෘතියක් ලෙස සැලකිය හැකිය. දෙවිවරුන් පිළිබඳව ලියනු ලබන ශාස්ත්‍රීය ලේඛන, ජනශ්‍රැති අධ්‍යයනය නමැති විෂය ක්ෂේත්‍රයට අයත් වේ. මේවාට තොරතුරු ලබා ගන්නේ මිනිසුන් අතර පවතින ජන විශ්වාස සහ ජනප්‍රවාද වලිනි.
මෙම පොතේ ඇතුළත් තොරතුරු, පූජා විධි, මන්ත්‍ර, කවි පන්ති ආදිය ලබා ගෙන ඇත්තේ මුද්‍රිත හෝ අතින් ලියන ලද පොත්වලින් සහ කපු මහත්වරු, දේවගැතිවරු, ගුප්තවිද්‍යාඥයන්, දේශීය වෛද්‍යවරුන් ආදී අයගෙනි. ඇතැම් දේවගැතිවරු දුරකථනයෙන් අප විමසන ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් දීර්ඝ විස්තර ලබා දුන්හ. මන්ත්‍ර සහ කවි පන්ති ලියා එවූහ. ඔවුන් බොහෝ දෙනකු තම නම ගම ප්‍රසිද්ධ වෙනවාට මනාප නොවන හෙයින්, මෙහි දී ඒ කිසිවකුගේ නම සඳහන් නොකරන්නට වග බලා ගතිමි. එසේ වුවත් ඔවුන් සැම දෙනාටම අපගේ හෘදයංගම ස්තුතිය පුද කරන්නට මෙය අවස්ථාව කර ගනිමි.කාලි මෑණියන් ගැන ලියැවුණ මෙම පොත කුඩා පොත් පිංවක් වශයෙන් අද ඔබ අතට පත් වුවත්, අනාගතයේ දී මෙයට තවත් කරුණු ඇතුළත් කර පරිපූර්ණ පොතක් බවට පත් කරන්නට බලාපොරොත්තු වෙමි. එම නිසා කාලි මෑණියන් ගැන මෙහි සඳහන්ව නැති තොරතුරු, මන්ත්‍ර, කවි පන්ති ආදිය ඔබ දන්නේ නම් ඒවා මා වෙත ලියා එවන ලෙස ඇරයුම් කරමි.

Rs 234.00
Rs 260.00
Saman Deviyo
Out-of-Stock
"සමන් දෙවියෝ " පොත පරිශීලනය කිරීමෙන් සුමන සමන් දෙවියන් පිළිබඳ වැදගත් කරුණු රැසක් දැන ගැනීමට හැකි වන අතර, ලංකාවේ විවිධ පළාත්වල දැකිය හැකි සමන් දේවාල පිළිබදවද සමන් දෙවියන් පිළිබද සදහන් ඉපැරණි ශිලා ලේඛන වැනි දේ පිළිබදවද මෙම ලිපිය මගින් කරුණු රාශියක් අනාවරණය කර ගත හැකි වනු ඇත.
Rs 144.00
Rs 160.00
Paththini pujawa saha shanthiya
Out-of-Stock
නව සැකැසුම ගැන....
දශක ගණනාවක් ම මේ කුඩා ග්‍රන්ථය බොහෝ දෙනාට පත්ති පූජාව නිවැරදිව පවත්වා ශාන්තිය උදාකර ගැනීම පිණිස උපකාර වූවාට සැකයක් නැත. පත්තිනි දේවියගේ කතා පුවත මෙහි සැකෙවින් දක්වා ඇතත් පත්තිනි හෑල්ල නමින් දන්නා ජනසාහිත්‍යයෙහි එන ජනප්‍රිය කාව්‍ය සංග්‍රහය ගැන බොහෝ දෙනෙක් නොයෙක් වර විමැසූහ. මෙම කතා පුවතට ම සම්බන්‍ධ පාළඟ හෑල්ල නම් වූ අන්‍ය කාව්‍ය සංග්‍රහයක්ද ජනශ්‍රැතියෙහි එයි. මේ දෙකම දැනට පාඨකයාට ලබාගත හැකි බවක් නොපෙනන නිසා ඉන් පත්තිනි දේවියගේ නාමය ප්‍රමුඛ කොට රචිත පත්තිනි හෑල්ල මෙම පොතට උපෑඳියක් ලෙස ඇතුළත් කිරීමට අදහස් කෙළෙමු. කන්නගීගේ ස්වමියා වූ කෝවලන්ගේ නාමය ප්‍රමුඛ කොට රචිත පාළඟ හෑල්ල මතු පළ කෙරෙන පත්තිනි උපත හෙවත් සිලප්පදිකාරම් නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදයට ඇතුළත් කිරීමට අදහස් කරමු.

Rs 198.00
Rs 220.00
Pretha Wasthuwa
මේ ප්‍රේත වස්තුව පාලි පේතවත්ථු අටුවාව සරල සිංහලයට නැඟීමෙහි ප්‍රතිඵලයකි. ඒම නිසා ප්‍රේත වස්තු කථා පහසුවෙන් තේරුම් ගැනීමට මේ ග්‍රන්ථය සහාය වෙයි.ප්‍රේත වස්තුවෙහි කථාවස්තු අතර ගාථාද දක්නට ලැඛෙයි. මේ ග්‍රන්ථයෙහි ගාථා කථා වස්තු වලට ඇතුළත් නොකොට ගාථාවන්හි අර්ථ සපුරා සිංහලයට නගා ඇත. එහෙත් ග්‍රන්ථය අවසානයෙහි ප්‍රේත වස්තුවේ සියලු ගාථා අර්ථ සමඟ දක්වා ඇත. ග්‍රන්ථයෙහි කථාවස්තූන්හි සඳහන් කොට ඇති අංක මඟින් එයින් පැවසෙන අර්ථය සහිත ගාථාව කුමක්ද යනු හඳුනාගත හැකි ආකාරයට මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 1,964.70
Rs 2,183.00
Janahada Wesena Ape Devi Gana
මිනිස් මනසේ එක් චමත්කාරජනක කලාපයක් මුර්තිමත් කරන්නකි, දේව සංකල්පය. තම සිතුවිලි පරාසයට නතු නොවූ විවිධ සාධක, ගාම්භීර, අද්භූත හා ගෞරවපූර්වක මනෝභාවයන් හා සංකලනය කරමින්, ඒවා ජීවමාන කිරීමේ මිනිස් කාර්යාවලියක හැඩරුව ජනශ්‍රැතිය' මගින් දැකිය හැකි ය. ජනකතා හා පුරාණෝක්ති අප අතට පත් වන්නේ ඒ ඔස්සේය. 'ජනහද වෙසෙන අපේ දෙව් ගණ' කෘතියේ ඇතුළත් කතා සමුච්චය සැකසී ඇත්තේ ද, ඒ ආශ්‍රිත ව ය.
Rs 612.00
Rs 680.00
Deviyo Saha Prethayo
සූත්‍ර පිටකයට දීඝ නිකාය, මජ්ඣිමනිකාය, සංයුක්ත නිකාය, අංගුත්තරනිකාය, ඛුද්දකන්කාය යැ' යි පෙළ පොත් පහක් ඇත. එයින් ඛුද්දකනිකායට ඛුද්දක පාඨ, ධම්මපද, සුත්තනිපාත, විමානවත්ථු, පේතවත්ථු, ථේර ගාථා, නිද්දේස, පටිසම්භිදාමග්ග, අපදාන, බුද්ධවංස, පොත් පහළොවක් අන්තර්ගත වේ. ඒ ග්‍රන්ථ විමානවත්ථුපාළි සහ පේතවත්ථු පාළි යන පොත් දෙකේ ම ඇතුළත් වන්නේ දෙවිවරුන් සහ ප්‍රේතයන් පිළිබඳ කථාන්තරය. එම කථා සංක්ෂිප්ත ව පාලි ගාථා වලින් විමානවත්ථු පාළි හා පේතවත්ථු පාළි පොත් දෙකේ දැක්වේ. ඒ කථා විස්තර සහිත ව අන්තර්ගත වෙන්නේ විමානවත්ථු අට්ඨ කථාවේ සහ පේතවත්ථු අට්ඨ කථා නම් පොත් දෙකේය. මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමියන් විසින් රචිත මෙම කෘතිය මගින් එම කරුණු ඉතා සංශිප්ත ලෙස ඉදිරිපත් කරණු ලබයි.
Rs 270.00
Rs 300.00
Sadew Lowa Vatha Gotha
Out-of-Stock
හෙළ බොදුනුවන්ගේ හද ගැස්ම මනාව වටහා ගත් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ තම ධර්ම ප්‍රචාරය ආරම්භ කරමින් විමාන වත්ථු, පේත වත්ථු දේශනා කළ සේක. තමන් විසින් කරනු ලබන කර්මවල ඵල විපාක දැන ගැන්මේ නොතිත් ආශාවෙන් පුද්ගලයා ක්‍රියා කරනු ලැබේ. පුද්ගලයා තමා කරන කුශලා කුශල කර්මයන්ගේ විපාක ලෙස හිමිවන ස්ථාන (භවය) පිළිබඳ විස්තර මෙකී ත්‍රිපිටක ග්‍රන්ථ තුළ විස්තර වේ. " සදෙව් ලොව වත ගොත ' ග්‍රන්ථය තුළින් කාම සුගතිය සහ රූප අරූප යන බ්‍රහ්ම ලෝක පිළිබඳ කරන විස්තර කියවන අසන සැම දෙනාගේ සිත්හි ඇති කරනුයේ කුශල සිතුවිලි ය. කුශල මග පියනගන සත්වයා නිරතුරුවම සදාචාර සම්පන්න චර්යාවන්ගෙන් යුතු වේ. එවැනි පුද්ගලයන්ගේ එකතුවෙන් නිර්මාණය වන සමාජය වඩාත් ම යහපත් වේ. ඒ සඳහා වූ මග පෙන්වීමක් මෙම ග්‍රන්ථයේ විස්තර කෙරේ. එබැවින් සෑම පුද්ගලයෙකුම කියවිය යුතු ධර්ම ග්‍රන්ථයකි.
අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ අතිගරු මහා නායක ශාස්ත්‍රපති අති පූජ්‍ය වස්කඩුවේ රතනසිරි මහ නාහිමි
අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ අතිගරු මහා නායක ශාස්ත්‍රපති අති පූජ්‍ය වස්කඩුවේ රතනසිරි මහ නාහිමි
Rs 270.00
Rs 300.00
Guptha gaveshanaya saha dewatha swapna
Out-of-Stock
මෙම කෘතිය තුළින් අතීතයේ සිට හෙලයන් විසින් පවත්වගෙන ආ කනප්පු, කුලු, පොල්, කවඩි ආදි අචේතනික වස්තූන්ට භූතයන් ආවේශ කරවා කළ හැකි විවිධ වූ අදෘෂ්‍යමාන ක්‍රියාකාරකම් දක්වා ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකි කෘතියකි.
Rs 288.00
Rs 320.00
Paththini Deviyo Ha Yathukarma saha Puda Puja
Out-of-Stock
ශ්‍රී ලාංකේය ජනාගමයේ සුවිශේෂී පූජනීය චරිතයක් වන පත්තිනි මෑණියන් පිළිබඳව සාරවත් ජනශ්‍රැති, මූලික කරගත් සංස්කෘතිකාංග රැසක් දක්නට ලැබේ. වෙනත් සමකාලීන දේව වන්දනයන්ට වඩා පත්තිනි ඇදහිල්ල පොදු ජනතාවගේ එදිනෙදා දිවියට සමීප වීමට එකී යාතු කර්ම මගින් ලැබී ඇත්තේ සුවිශාල අනුබලයකි. පත්තිනි දේවතාවිය පිළිබඳ පර්යේෂණාත්මක කෘති රැසක් ඇතද, එතුමිය අගයන පොදු ජනයාට පහසුවෙන් කියවා තේරුම් ගත හැකි කෘතීන් ඉතා අල්පය. මෙම කෘතිය රචනය කළේ එම අරමුණෙනි. පත්තිනි දේවතාවිය සිංහල බෞද්ධයා තුළ ගොඩ නගාගත් පූජනීයත්වයත් ඒ හා බැඳුණු සිංහලයාගේ යාතු කර්මත් පිළිබඳ සරල විමසුමක් කිරීමට මෙමගින් ප්‍රයත්න දැරීමි.
Rs 135.00
Rs 150.00
Sinhala Dewa Puranaya
Out-of-Stock
කතෘගෙන්..
සිංහල ජනතාව අතර පුද පූජාවට ලක් වූ දෙවි දේවතාවුන් පිළිබඳ නාමාවලියක් සකස් කිරීමේ අරමුණින් මෙම අධ්‍යයනය ආරම්භ කරන ලදී. සාහිත්‍යගතව මෙන් ම මුඛ පරම්පරාගතව ද එන දෙවි දේවතා විත්ති අකාරාදි පිළිවෙළට මෙහි සංහිතා ගත කර ඇත. අපේ දෙවි දේවතාවුන් ගැන මෙ බඳු පුළුල් අධ්‍යයනයක් සිදුවන පළමු අවස්ථාව මෙය යි. මේ අධ්‍යයනය සර්ව සම්පූර්ණ යැයි නො කියමු. එහෙත් මෙහි ඇතුළත් අන්දමට අති විශාල දෙවි දේවතා සමූහයක් පිළිබඳ තොරතුරු එක්තැන් කිරීමට ලැබීම ශාස්ත්‍රීය වශයෙන් වටිනා කාර්යයකැයි සිතන්නෙමු.මෙම ග්‍රන්ථයේ ආමුඛයෙහි මූලාශ්‍ර පිළිබඳ හැඳින්වීමක් ඇත. එම මූලාශ්‍ර අංක අනුව දක්වා ග්‍රන්ථයේ පසුව එම අංකයෙන් මූලාශ්‍රය කවරේද යන්න සඳහන් කරනු ලැබේ. බේ. අනතුරුව පිටු අංකය ද දක්වා ඇත.ග්‍රන්ථයේ පළමු කොටසෙහි දී හැඳින්වීමක් වශයෙන් සිංහල දේව විශ්වාස පිළිබඳ ඓතිහාසික මෙන් ම සමාජ විද්‍යාත්මක විමර්ශනයක් ඉදිරිපත් කොට තිබේ. දෙවන කොටස දේව නාමාවලිය සඳහා ඇරුණේ ໖.මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් දෙවි දේවතාවුන්ට අමතරව වෙනත් කිසියම් දෙවි දේවතාවුන් පිළිබඳ තොරතුරු හෝ මෙහි ඇතුළත් තොරතුරු වලට නැතහොත් වෙනස් තොරතුරු හෝ කිසියම් පාඨකයෙකු සතුව ඇත් නම් එය දන්වන ලෙස කරුණා ධ්‍යාසයෙන් ඉල්ලා සිටිමු.
මෙම ග්‍රන්ථය සකස් කිරීමේ දී ඊට නොමසුව ආධාර කළ සුධීන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු ය. මුලාශ්‍ර සටහනේ ඔවුන්ගේ නම් සඳහන් වේ. ඒ අතුරෙන් විශේෂයෙන් සඳහන් කළ යුත්තෙක් නම් බොහෝ තොරතුරු සපයා දී මෙහි නම් ද යෝජනා කළ පියසේන කහඳගමගේ මහතායි. ඒ මහතා ඇතුළු සුධීන්ට අපගේ හෘදයංගම ස්තුතිය පුද කරමු.ග්‍රන්ථය මුද්‍රණය කිරීමේ කටයුක්ත භාරගෙන එය මනාව ඉටු කළ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිහාල් අතුකෝරළ මහතා සහ ප්‍රකාශන අංශයේ නිලධාරි මහතුන් ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ විශේෂ ස්තුතිය හිමි වේ.අත්පිටපත සකස් කිරීමේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අර මුදලින් ලැබුණු අනුග්‍රහය කෘතවේදීව සිහිපත් කරමු.

Rs 1,327.50
Rs 1,475.00
Baudda puda puja sanskruthiya
Out-of-Stock
මුල් බුදුසමයේ ප්‍රධානතම හා ආසන්නම අරමුණ අනුගාමිකයින්ට නිවන් පසක් කර ගැනීමට මගපෙන්වීමයි.එහෙත් වැඩි කලක් ගත වීමට පෙරාතුව බහුතර ගිහි සැදැහැවතුන්ගේ අවශ්‍යතාව අනුව එය මෙලොව සහ එලොව යන දෙලොවෙහිම හිතසුව පිණිස වන ජීවන මාර්ගයක් ඉදිරිපත් කරන ආගමක් බවට පත්කරගනු ලැබිණි.වෙනස් වූ ආසන්න අරමුණු දෙකක් මුදුන් පමුනුවා ගැනීම උදෙසා ස්ථර දෙකක සිට බෞද්ධ චරණය අනුගමනය කරන අනුගාමිකයින් දෙපිරිසක් බිහිවුණු බව පැහැදිලිය. බෞද්ධ පුද පූජා හා ඇදහිලි අයිති වන්නේ බහුතර බැතිමතුන් අනුගමනය කරන චරණයටය. වර්තමානයේ මේ බහුතර සැදැහැවත් පිරිස විසින් අනුගමනය කෙරෙන චරණය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට නම්, එයට පදනම් වූ පුද පූජා හා ඇදහිලි ගැන නිරවුල් දැනුමක් ලබාගත යුතුමය.
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ මෙම කෘතියේ සුවිශේෂී වැදගත්කම වන්නේ එවන් විවිධ බෞද්ධ පුද පූජා හා ඇදහිළිවල ප්‍රභවය, විකාසය මෙන්ම බහුතර ගිහි අනුගාමිකයින්ගේ ආසන්න අරමුණ මුදුන් පමුණුවා ගැනීමට එය කෙතරම් අදාළ වන්නේද යන්න බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් පිරික්සා බලා ඉතා සරලව හා සුගමව පැහැදිලි කර තිබීමයි.
සනත් නානායක්කාර

Rs 1,395.00
Rs 1,550.00
Graha dosha haraniya
උපතේ සිට ජීවත් වන කාල පරාසය තුළ ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ ලොකු කුඩා සැමට ඇති වන මාරක ඒරාෂ්ටක අපල, අවුල් වියවුල්, බරපතළ රෝග පීඩා, ධන හානි, පවුල් ජීවිතවල බිඳ වැටීම් සිදු වන බව රහසක් නොවේ. ජීවිතයේ කිනම් අවස්ථාවක හෝ එවැනි ගැටලු උදා වනු ඇත.එහෙත් නිවැරදි කේන්ද්‍රයක් තුළින් නිවැරදි පලාඵල කථනය කරන්නකුට එය ප්‍රකාශ කළ හැකිය. මේ නිසා සෑම කෙනෙක්ම හය මාසයකට, අවුරුද්දකට වරක්වත් කේන්ද්‍රය බලවා ගත යුතුව ඇත. නිවැරදි කේන්ද්‍රයක් තුළින් සත්‍ය ප්‍රකාශ විය යුතුය. එසේ නොවීම නිසා උත්පත්ති කේන්ද්‍රය ද ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.කෙසේ වෙතත් ග්‍රහයින් අස්ථානගත වීම, වක්‍ර වීම, ගමන් කිරීම, විරුද්ධ රාශියකට පැමිණීම මහාදශා අතුරු දශා කාලවල නීච දුර්වල ග්‍රහයින්ගේ බලපෑම් මත ජීවිතයට බලපාන ගැටලුවලින් මිදීම සඳහා මේ කුඩා ග්‍රන්ථයෙන් ඔබට පැතිකඩ කීපයක් පෙන්වා ඇත. එයින් එකකින් හෝ කීපයකින් හෝ සහනයක් ලබා ගැනීමට ඔබට වාසනාව ඇතැයි මම විශ්වාස කරමි.මෙම ග්‍රන්ථය සකස් කිරීමට ඇදුරු ඩබ්ලිව්. සෝමදාස මහතාගෙන් ලැබුණ මග පෙන්වීම අගේ කොට සලකමි. ගුප්තබල ධර්ම බල යන්ත‍්‍ර මන්ත්‍ර සහ මහමන්ත‍්‍ර විද්‍යාව පරිශීලනය කරන පාඨකයින්ගේ ඉල්ලීම පරිදි ලියූ කුඩා ග්‍රන්ථයකි මේ.
ඊබට් අමරසේන
ඊබට් අමරසේන
Rs 144.00
Rs 160.00
Oddi suniyam
Out-of-Stock
'ඔඩ්ඩි සූනියම්' නම් මෙම ග්‍රන්ථය තුළින් සූනියම් ඇදහිල්ල හා සබැදි ජනශ්‍රැති රාශියක් ද, එම ජනශ්‍රැතිවල ඓතිහාසික පදනම ද මෙම නව කතාවෙන් විමසා බැලෙන අතර එම පුරාණෝක්ති ඒකාබද්ධකර කතාව ගොඩනැගීම පිණිස කල්පිත චරිත හා අවස්ථා නිර්මාණය කර ඈත. පාඨක ඔබ හට මෙම ග්‍රන්ථය තුළින් ඉතා ඉහල රසස්වාදයක් දැනුමක් ලැබෙනු නොඅනුමානය.
Rs 1,755.00
Rs 1,950.00
Krurathvayen Mideema
ක්‍රෑරත්වය මිනිස් ආධ්‍යාත්මය මුල්බැසගත් ලක්ෂණයකි. මිනිස් සන්තානයෙන් ක්‍රෑරත්වය බැහැර කරගන්නා අන්දමත් ක්‍රෑරත්වයෙන් විනිර්මුක්ත සිත ළඟා කරගන්නා ආධ්‍යාත්මික සුවය පිළිබඳවත් ක්‍රිෂ්ණමූර්ති සිය BEYOND VIOLENC කෘතියෙන් මනාව විග්‍රහ කර ඇත. එම කෘතිය සිංහලට පරිවර්තනය කිරීම ඉතාමත් ප්‍රයෝජනවත්ය. ක්‍රිෂ්ණමූර්ති දාර්ශනිකයාගේ විශිෂ්ට කෘතියක් සිංහලට පරිවර්ථනය කර පාඨකයන් වෙතලබාදීම ගැන ජයරාජ් කපිල කුලසිංහ මහතාට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුය
Rs 810.00
Rs 900.00
Sithul pawwe bana katha
බුදු දහමේ ගැඹුරු ධර්ම රසය සාමාන්‍ය ජනතාවට රසවත් කථා මාර්ගයෙන් හඳුන්වා දීමේ සම්භාව්‍ය සිංහල සාහිත්‍ය පරම්පරාවට අනුගත වීමෙන් ලේල්වල සමිත හිමියන් විසින් මෙම '' සිතුල්පව්වේ බණ කථා " කෘතිය සම්පාදනය කරනු ලැබ ඇත.පැරණි සාහිත්‍ය මූලාශ්‍ර වල සඳහන් සිතුල්පව්ව හා සම්බන්ධ කථාන්තර උකහා ගනිමින් ඒවායේ අර්ථ හා අරමුණු ආරක්ෂා වන සේ කථා රසය උද්දීපනය වන පරිදි මෙය ලියා තිබීම සිංහල සාහිත්‍යයේ අභිවර්ධනය වෙනුවෙන් කරන ලද මහඟු මෙහෙවරක් සේ අගයමි.මෙහි ඇතුළත් කථා පාලි අටුවා වලින් සහ සිංහල සම්භාව්‍ය ග්‍රන්ථ වලින් උපුටා ගත්ත ද ඒවා සාහිත්‍ය රසය හා මුසුකොට නැවත ඉදිරිපත් කිරීමක් මෙමගින් සිදු කර ඇත. කථා රසය සමගම ධර්ම රසය ගලා යාමට සැලැස්වීම කතුවරයාගේ අභිප්‍රාය වී ඇති බව පෙනේ.උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවාවේ නව මානයක් මෙම කෘතිය මගින් එළි දක්වා ඇත. එම උත්සාහය සාර්ථක වී ඇති අතර හුදී ජන ප්‍රසාදයට මෙන්ම විද්වද් සම්භාවනාවට ද පාත්‍ර වන නිර්මාණයක් ලෙස මෙම කෘතිය අගය කළ හැකිය.
ආචාර්ය කුඹල්බොඩ ධම්මාලෝක හිමි
ආචාර්ය කුඹල්බොඩ ධම්මාලෝක හිමි
Rs 270.00
Rs 300.00
Sri Lankawe Jana Jeevithaya Haa Bandunu Aagamika Puda Puja
ආගමික පුද පූජා දේශීය සංස්කෘතිය තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන බව පැහැදිලි කරුණකි. අනාදිමත් කාලයක සිට පවතින නොයෙකුත් ආකාරයේ අභිචාර හා පූජා පිළිබඳ ලෝක මට්ටමෙන් විවිධ බුද්ධිමතුන් කරන ලද අධ්‍යයතද සුළුපටු නොවේ. එහෙත් අපේ රටේ ඒ හා සාපේක්ෂව කර තිබෙන අධ්‍යයන සීමා සහිත යැයි සඳහන් කළ හොත් ඒ නිවැරදි වනු ඇත." ශ්‍රී ලංකාවේ ජන ජීවිතය හා බැඳුණු ආගමික පුද පූජා " නමින් පූජ්‍ය මහව සංඝරතන හිමියන් විසින් ලියා ඇති මෙම කෘතිය මගින් ආගමක හැගීම පහළ වී ඇති අයුරු හා ආගමික පුද පූජාවල අවශ්‍යතාව ගැන පමණක් නොව පූජකයන් හා ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳවත් පළමු පරිච්ඡේද දෙක යටතේ මාහැගි කරුණු ගණනාවක් ඉදිරිපත් කර තිබේ. අපේ අනුරාධපුර, පොළොන්නරු යුගයේ ආගමික ඇදහිලි මෙන්ම ප්‍රාග් බෞද්ධ ඇදහිලි ගැන මෙන්ම ලංකාවේ පුද පූජා ලබන දෙවි දේවතාවුන් සම්බන්ධයෙන් ශාස්ත්‍රීය අගයකින් කරුණු එක් රැස් කිරීමක් මෙහි දක්නට ලැබේ.
Rs 405.00
Rs 450.00
Sri Lankawe Dewa Pooja Rata
ශ්‍රී ලංකාවේ දේව පුජා රටා නම් මෙම කෘතිය ඩී.කේ.ධර්මදාස බණ්ඩාර මහතා විසින් රචනා කර ඇති අතර ශ්‍රී ලංකාවේ බහුවිධි සංස්කෘතීන් විදහා පාන දේව පූජාවන් රාශියක් අන්තර්ගත කෘතියක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය.
Rs 270.00
Rs 300.00
Holman,Awathara Thula Athi Dharmanukula Padanama
ප්‍රේතයන්, භූතයන්, යක්ෂයන් ආදී ඕපපාතික ජීවින්ගෙන් මිනිසුන්ට බලපෑම් සිදුවන බව රහසක් නොවේ. අමනුෂ්‍යයන්ගෙන් මිනිසුන්ට බලපෑම් සිදුවන අයුරු ද, අමනුෂ්‍ය උවදුරු වලින් නිදහස් වන අයුරු ද, බුද්ධ දේශනාවන් හී කරුණු සහිතව සඳහන්ව ඇත.වර්තමාන මිනිසුන් අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වීම නිසා මිනිසුන් අතරට සැඩ යක්ෂයන් පැමිණෙන බව ද, යක්ෂයන්ගේ ග්‍රහණයට හසුවීම නිසා දහස් ගණන් මිනිසුන් මරණයට පත්වන බව ද, මහා සාළ සූත්‍රයේ සඳහන් වී තිබේ.
Rs 162.00
Rs 180.00
Natha Dewa Wandanaya Prabawaya Saha Wikashanaya
ආචාර්ය අජිත් කල්වත්ත රචනා කරන ලද නාථ දේව වන්දනය පුභවය සහ විකාශනය ශාස්ත්‍රීය පර්යේෂනා කෘතිය ශ්‍රී ලංකාවේ සමාජ ඵෙතිහාසික ක්ෂේත්‍ර වෙන් ච ආගමික ඉසිසය නැදෑරීමට අතිශයින් ප්‍රයෝජනවත් කෘතියකි. අනුරාධපුර රාජධානි අවධියේ වළගම්බා රජුගේ නලන සමයේ ආරම්භ වූ මහායාන මතවාද මෙරට ආගමික අංශයට එකතු වීම ක්‍රමයෙන් පුළුල් වූ අවස්ථා දක්නට ඇත. ප්‍රධාන වශයෙන් රාජ්‍ය අනුග්‍රහය යටතේ වර්ධනය වූ ථෙරවාදී දහම යටත් කිරීමට මහාගන මහිමතාන්තර අපොහොසත් වූ නමුත් එකී දහමේ සේ ම හින්දු ආගමේ ඇදහිලි විශ්වාස ථෙරවාදී මතවාද අතරට එකතුවීම නොවැළැක්විය හැකි විය. ඒ අනුව මහායාන මහවාද තුළ ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධි සත්වයෝ නාථ දෙවියන් ලෙස ථෙරවාදී විහාරස්ථාන වල වැඳුම් පිදුම් ලැබුහ. මෙම දෙවිවරුන්ට වන්දනාමාන කිරීමෙන් පාරලෞකික පමණක් නොව ලෞකික අපේක්ෂා පවා ඉටුකර ගත හැකි බවට ගොඩනැගුණ විශ්වාසය හිසිදු භේදයකින් තොරව සියලු ම බෞද්ධ ජනතාව තුළ කිඳා බැස ඇති බව කතුවරයා විසින් පැහැදිලි කොට ඇත. ඒ අනුව ථෙරවාදී බුදු දහමේ ඉගැන්වෙන ඇදහිලි විශ්වාස පමණක් නොව මනයාන මතවාද වලින් පුරුදු පුහුණු කර ඇති ඇදහිලි විශ්වාස ද හින්දු ආගමෙන් ලැබී ඇති ආභාසය ද නැහැදිලි කෙරෙන මෙම කෘතියෙන් ශ්‍රී ලාංකේය ආගමික ඉහිස කතා පුවත මනාව අවබෝධ කොට ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
Rs 1,380.60
Rs 1,534.00
Anjanam Puranaya
රසිකා ඔලබොඩුව ගේ අංජනම් පුරාණය නමැති මෙම කෘතිය අනාදිමත් කාලයක සිට සිංහල ජනයා අතර ප්‍රචලිත අභිචාර විධික්‍රමයක් පිළිබද කෙරෙන සන්නිවේදනාත්මක අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙ හැදින්විය හැකි අතර මෙම කෘතිය තුළින් ක්ෂේත්‍රය පිළිබද ව අධ්‍යනය කරන විද්‍යාර්ථයින්ගේ මෙන්ම සාමාන්‍ය පාඨකයින්ගේ ද ශාස්ත්‍රීය කුතුහලය වර්ධනය කරණු නොඅනු මානය.
Rs 157.50
Rs 175.00
Samanera Bana Daham Potha
මහණකම යනු ලොවේ ඇති හැම කමකට ම ව) උතුම් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ උතුම් මහණකම ලැබෙන්නේ පෙර මහ පිනකින් ම ය.කුඩා කල සිට ම යහපත් ගුරු ඇසුරින් හොඳට සිල් සපුරමින් සංවර ව කීකරු ව ඒ පැවිදි දිවිය රැක ගත්තොත් පුර පස වැඩෙන සඳ මඬල මෙන් ඒ පැවිද්දා ලොව එළිය කරන බව බුදුරජාණන් වහන්සේ වදාළ හ. පැවිද්ද ඉතා නිදහස් නොවහල් දිවියකි. පරාර්ථ චර්යාවෙන් පිරුණු දිවියකි.සැදැහැවතුන් ගේ සිවු පසයෙන් යැපුණ ද අභිමානයත් අනතිමානයත් තෘප්තියත් සපිරුණු ජීවන චර්යාවකි. සිල්වත් උගත් ගුණවත් පැවිද්දා දඹරන් කඩක් හා සමානව අගය කළ හැකි, එහෙත් මිල කළ නොහැකි සුපුෂ්පිත පුෂ්පයකි.සිත් පුබුදු කරවන අයුරින් නවතායෙන් යුතුව සැකැසුණු මේ සාමණේර බණ දහම් පොත අපේ පුංචි හාමුදුරුවරුන්ගේ උතුම් ගමන් මඟට මා හැගි එළියක් දල්වන රුවන්මුවා පහන් ටැඹක් ම වන බව ඉතා ළෙන්ගතු ව සඳහන් කරනු කැමැත්තෙමි.
තිරිකුණාමලේ ආනන්ද මහ තෙර
තිරිකුණාමලේ ආනන්ද මහ තෙර
Rs 225.00
Rs 250.00
Maha Sathipattana Suthra Sajjayanaya
Out-of-Stock
ආචාර්ය පූජ්‍ය හේනේපොල ගුණරතන නාහිමි
මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනය
ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනය මට මුලින්ම අහන්න ලැබුණේ අහඹු ලෙස යූ ටියුබය ඔස්සේය. ඒ සජ්ඣායනය තුළ තිබූ විශේෂත්වය මට එකවරම දැනුණි. ඒ සජ්ඣායනය භාවනාවට යොදාගත හැකි බව වැටහුණු නිසා මම සෝභිත හිමියන්ට දුරකතනයෙන් සම්බන්ධ කරගෙන සම්පුර්ණ සූත්‍ර සජ්ඣායනය ගෙන්වා ගත්තෙමි.උන්වහන්සේගේ සජ්ඣායනාවේ විශේෂත්වයන් කිහිපයක් මම දකිමි. එකක් නම් උන්වහන්සේගේ සජ්ඣායනා ස්වරය යි. එය ගායනාවක් නොවේ. එසේම සූත්‍රය හුදු කියවාගෙන යාමකුත් නොවෙයි. ඒ දෙකටම අයත් නොවන සූත්‍ර දේශනයකට අනුකූල ස්වරයක් රටාවක් ඒ තුළ ඇත. එය නියම අර්ථයෙන්ම සඣායනාවකි. එසේම උන්වහන්සේගේ පාලි උච්ඡාරණය ඉතාම නිවැරදි ය. එසේම පැහැදිලි ය. අද වන විට අන්තර්ජාලයේ හා විවිධ මාධ්‍ය තුළ පාලි ගාථා හා පිරිත් සජ්ඣායනා බොහොමයක් විකාශනය වෙතත්, බොහෝ විට ඒවායේ උච්ඡාරණයන් නිවැරදි නැත. සෝභිත හිමියන්ගේ පාලි භාෂා උච්ඡාරණය අනෙකුත් දේශකයන්ටත් ආදර්ශයකි.
තවද උන්වහන්සේගේ සජ්ඣායනාව තුළ එක් කොටසක් සජ්ඣායන කර අවසන් වූ විට කෙටි නිහඬ බවක් ඇත. එය ඉතාම වටිනා අංගයකි. දේශනා කළ කොටසේ අර්ථ නැවත මෙනෙහි කිරීමට එය හොඳ අවස්ථාවකි. උන්වහන්සේගේ දේශනා ශෛලිය තුළ සජ්ඣායනා කරන දෙයෙහි අර්ථය තේරුම් ගෙනම දේශනා කරන බව වැටහේ. අර්ථ දැනම දේශනා කරන නිසා අවශ්‍ය තැන්වල දී හඬ උස් පහත් කිරීමටත් අවශ්‍ය තැන් වල දී කෙටි නිහඬ බවක් ඇතුළත් කිරීමටත් උන්වහන්සේට හැකියාව ලැබී ඇත. මම දිනපතාම පාහේ මේ සජ්ඣායනාවට සවන් දෙමි. මහා සතිපට්ඨාන සූත්‍රයේ එන වටිනා දහම් කරුණු නැවත නැවත සිහිපත් කරගැනීමට එහි අරුත් විමසීමට උන්වහන්සේගේ සජ්ඣායනාව මහත් උපකාරී වේ.අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ විමුත්තායතන සූත්‍රයේ දහම පුහුණු කරන කෙනෙක් කෙළෙස් ප්‍රහීණ කොට විමුක්තියට පත්විය හැකි අවස්ථා පහක් දැක්වේ. දහම් ශ්‍රවණය කරන අවස්ථාව දහම් දෙසන අවස්ථාව, ඇසූ දහම විස්තර වශයෙන් සජ්ඣායනා කරන අවස්ථාව, ඇසූ දහම මනසින් මෙනෙහි කරන අවස්ථාව හා මැනවින් සිතසමාධිගත වූ අවස්ථාව යනු එම විමුත්තායතනයන් ය. එබැවින් සූත්‍ර ධර්ම නිවැරදිව සජ්ඣායනා කිරීම හා එම සජ්ඣායනා වලට සවන් දීම අපේ සිතේ කෙළෙස් දුරුකරන විමුක්තියට මග පාදන අවස්ථාවන් ය. පුජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමිපාණන්ගේ මහා සතිපට්ඨාන දේශනාව බොහෝ දෙනෙකුගේ සද්ධාව වැඩි දියුණු කිරීමටත්, දහම් අවබෝධය වැඩි දියුණු කිරීමටත් හේතු වේවා.!

Rs 891.00
Rs 990.00
Great Female Disciples Of The Buddha
Females were no less capable than their male counterparts in spiritual attainments. In the spiritual firmament of 2600 years ago India, the world's first order of nuns was instituted. These nuns reached the acme of spiritual perfection and also gained higher powers and faculties. The first Buddhist nun was none other than the Buddha's foster mother, Maha Pajapati Gotami. Regarding her status and achievement, the Buddha boldly declared, "She is wise, of acute intelligence and understanding, compassionate and of great intuition."
Rs 480.00
Rs 600.00