Piriven Books

Rasavahini Jambudeepuppaththi Katha

රසවාහිනි ජම්බුදීපුප්පත්ති කථා - රසවාහිනිය පාඨක ලෝකයා අතර කීර්තියක් උසුළන ග‍්‍රන්ථයකි. කථා එකතුවක් වශයෙන් රසවාහිනිය හැදින්විය හැක. මෙහි කථා කොටස් දෙකකි. දඹදිව උපන් හා ලක්දිව උපන් කථා වශයෙනි. මෙම කෘතිය දඹදිව උපන් (ජම්බුදීපුප්පත්ති කථා) වන අතර අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර විභාගයට නියමිත කථා 20 ක් මෙහි ඇතුළත් වේ.
Rs 375.00

Palibhashawatharanaya 1 Potha

පාළිභාෂාවතරණය (පළමුවැනි පොත) - මෙය වනාහි ආධුනිකයන්ට සිංහලෙන් පාලි ඉගැන්වීම සදහා සම්පාදිත පොතකි. මෙහි ගෙන තිබෙන පිළිවෙල නම් වාක්‍යරචනා මාර්ගයෙන් භාෂාව ඉගැන්වීමේ අභිනව ක්‍රමයකි. පාඩම් ක්‍රමයෙන් ගැඹුරුවනසේ ද අභ්‍යාසයෙන් ඉගෙනිය යුතුසේද සම්පාදිතය.
Rs 750.00

Palibhashawatharanaya 3 Potha

පාළිභාෂාවතරණය (තෙවැනි පොත) - මෙම පොතෙන් ඉතා උසස් පරීක්ෂණයකට පෙනී සිටින්නෙකුට වුවත් සෑහෙන තරම් ගැඹුරු දැනීමක් පාළිභාෂාව සම්බන්ධව ලබා ගත හැක.
Rs 600.00

Palibhashawatharanaya 2 Potha

පාළිභාෂාවතරණය (දෙවැනි පොත) - සන්ධි - සමාස - තධිත - කිතකයන් පිළිබද විස්තර ද ආඛ්‍යාතය පිළිබද වැඩි විස්තර ද මෙම පොතෙහි ඇතුළත් වෙයි.
Rs 500.00
Out-of-Stock

Nyaya Bindu

Out-of-Stock
න්‍යාය බින්‍දු - ප‍්‍රාචීන පණ්ඩිත උපාධි පරීක්ෂණය සදහා නියමිත මෙම පොත නර්දේශය අනුව ම සැකසී තිබෙන්නක් බැවින් යෝගචාර විඥානවාදය  විෂය හැදෑරීම සදහා මෙතෙක් පැවති අඩුපාඩුවක් සපුරාලීමක් ලෙස දැක්විය හැක. මෙහි සංස්කෘත අකුරු වලින් ලියැවී නැති නමුත් සිසුන්ගේ පහසුව සදහා සංස්කෘත ශබ්දයන් සිංහල අකුරුවලින් ද එහි අර්ත පැහැදිලි සිංහල භාෂාවෙන් ද මෙහි දක්වා තිබේ. පොත අවසානයේ න්‍යාය බින්දු පිළිබඳව පිටු ගණනාවක විවරණයක් ද සදහන් වේ. 
Out-of-Stock

Tharkasangraha Wivaranaya

Out-of-Stock
තර්ක සංග්‍රහ විවරණය - භාරතීය තර්ක ශාස්ත්‍රයෙහි වෛශේෂික හා න්‍යාය දර්ශනයේ මූලිකාංග සමුලක්ෂණ විවරණයක් වන මෙම ග්‍රන්ථය විශ්ව විද්‍යාලයීය විෂයධාරාවේ දර්ශනය විෂය හදාරණ විද්‍යාර්ථීන්ටත් අ.පො.ස. උසස් පෙළ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය විෂය හදාරණ ශිෂ්‍ය ප්‍රජාවටත් මෙම විවරණය මූලාශ්‍ර අධ්‍යයනයක් ලෙස පරිහරණය කිරීම ඉතා වැදගත් වේ.
Out-of-Stock

Sanskrutha Namakyatha Vivaranaya

Out-of-Stock
සංස්කෘත නාමාඛ්‍යාත විවරණය -  සංස්කෘත භාෂාවේ නාම සහ ආඛ්‍යාත පද සෑදෙන ආකාරය වෘද්ධි වන ආකාරය සහ වරනැගෙන ආකාරය ඉතා පැහැදිලිව විවරණය කර තිබේ. සිංහල පෙළ සමග දේවනාගරි පෙළ ඉදිරිපත් කර ඇති අතර ශිෂ්‍යයන්ට ඉතාමත් ප‍්‍රයෝජනවත් ලෙස සැකසී ඇත. ගුරුවරුන්ට ද, ගුරුඅත් පොතක් වශයෙන් බොහෝ සෙයින් වටිනාකමක් ඇති සංස්කෘත භාෂා ගුරුපොතකි. මාර්ගෝපදේශයකි. 

Sanskrutha Prathama Pusthakaya

සංස්කෘත ප‍්‍රථම පුස්තකය - සංඥා, ධාතු, ක‍්‍රියා, නාම පද, විභක්තීන්හි වරනැඟීම, ලිංග භේදය, විභක්ති ප‍්‍රත්‍ය, අව්‍ය පද, ඒක වචන, ද්වී වචන, බහු වචන, කෘදන්ත, හලන්ත ශබ්ද, පරෙසෙම පද, ආත්මතෙ පද, සර්වනාම (ව්‍යඤ්ජන සන්ධි*, සන්ධි ආදී ව්‍යාකරණ විධි සම්බන්ධ විස්තර අඩංගු පොතකි.
Rs 280.00

Kadambari-Uththarabhagaya 01

කාදම්බරී උත්තරභාගය - 1 - ප්‍රාචීන පණ්ඩිත අවසාන පරීක්ෂණය සදහා නිර්දිෂ්ට මෙය සංස්කෘත භාෂාව හා සාහිත්‍ය හදාරණ කවරෙකු විසින් වුවද ඒකාන්තයෙන් ම පරිශීලනය කළ යුතු කෘතියකි. 
Rs 950.00
Out-of-Stock

Sanskrutha Namakyathapadamalika

Out-of-Stock
සංස්කෘත නාමාක්‍යාතපදමාලිකා (නාමාඛ්‍යාත වරනැගිල්ල - නාගර) - දේවනාගරී අකුරෙන් මුද්‍රිත මෙම කෘතිය සංස්කෘත උගන්නා ආධුනිකයන්ගේ ප‍්‍රයෝජනය තකා සම්පාදනය කර ඇත.
Out-of-Stock

Sanskrutha Baladarshapatamala

Out-of-Stock
සංස්කෘත බාලාදර්ශ පාඨමාලා - සංස්කෘත භාෂාව හදාරණ ආධුනිකයින් වෙනුවෙන් සම්පාදනය කරන ලද්දකි.

Sanskrutha Thruthiyadarsha Wanarathana Vyakya

සංස්කාත තෘතියාදර්ශී (වනරත්න ව්‍යාඛ්‍යා) - සංස්කෘත ඉගෙනීම සඳහා ද්විතියාදර්ශ අවසන් කර ඇති ඔබ, ඊළඟට මෙම පොත පරිශීලනය කරන්න. මතක තබාගත හැකි රසවත් කථා ගණනාවක් සංස්කෘත භාෂාවෙන් ඉදිරිපත් කර ඇත. ඒ අනුව සංස්කෘත වචන මතක තබා ගැනීමට පහසු කර තිබේ. පිරිවෙන් අධ්‍යාපනික පොතකි.
Rs 370.00

Thelakataha Gatha

තෙලකටාහ ගාථා - කැළණිතිස් රජ සමයෙහි කැළණි මහා වෙහෙර වැසි කැළණි මහරහතන් වහන්සේ වදාළ 'ධම්මගාථා' නමින් හැඳින්වෙන තෙලකටාහ ගාථා 100ක් මෙම පොතෙහි අන්තර්ගතය. පාලි ගාථා 100 ත් එහි පදපෙල අරුත් සරල ආකාරයෙන් ඉදිරිපත් කර සංස්කරණය කර ඇත..
Rs 675.00

Jina Charithaya

ජින චරිතය - බුද්ධ චරිතය වර්ණනා කිරීමේ අදහසින් ලියන ලද මෙය අංගසම්පුර්ණ පාලි බුද්ධ චරිත පද්‍ය කාව්‍යයයි. ජින චරිතයෙහි පද්‍ය 472කි. වනරතන මේධංකර මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ කතෘ ය. දඹදෙණි යුගයට අයත් මෙය පලවෙනි බුවනෙකබාහු රාජ්‍ය කාලයේදී රචිතය.
Rs 560.00
Out-of-Stock

Jina Charithaya - Medhankara Theranuwan Kala

Out-of-Stock
මේධංකර තෙරණුවන් කල ජින චරිතය - ඛණ්ඩ කාව්‍ය ගණයට අයත් වන "ජින චරිතය" බුදුරජාණන් වහන්සේගේ චරිත කතාව කෙටියෙන් කියාපාන ග්‍රන්ථයකි. මෙහි ගාථා 472කි. පිරිවෙන් සිසුන් පර්ශීලනය කල යුතු නිර්දිෂ්ඨ ග්‍රන්ථයකි.

Lankananda Wyakya Sahitha Wu Theththo Daya

ලංකානන්‍ද ව්‍යාඛ්‍යා සහිත වූ තෙත්තෝ දය - ජනතාවගේ සිත් සවන් පිනවීම සඳහා ලියැවුණු ගීත හා කාව්‍ය මෙන් ම වාක්‍ය ද අලංකාරවත් වී ඇත්තේ ඡුන්දස් නිබධ වීම නිසා ය. මෙය චන්දස් ශාස්ත‍්‍රය පිළිබඳ ව අවබෝධයක් ලබාදීම සඳහා ලියැවුණු පොතකි. කාශ්‍යප, පිංගල ආදී ආචාර්යවරයන් විසින් දියුණු කරන ලද මෙම චන්දස් ශාස්ත‍්‍රය රසවත් කාව්‍ය වින්දනයක් ලබා ගැනීම සඳහා අතිශයින් වැදගත් ලඝු, ගුරු අක්ෂර යෙදීම, මාත‍්‍රා යෙදීමේ ක‍්‍රම, වර්ණයන්ගේ සංකලනය ආදී කාව්‍යකරණය සඳහා භාවිත කෙරෙන කුදු මහත් උපක‍්‍රමයන්ගෙන් මෙය සමන්විත ය. 
Rs 950.00

Namashta Shathakaya Nawarathnaya Wyasakaraya Hithopadeshaya

නාමාෂ්ට ශතකය/ නවරත්නය/ ව්‍යාසකාරය/ හිතෝපදේශය - පුරාතන පන්සල්හි දරුවනට අකුරු ඉගැන්වීමේ පොත් පෙලෙහි මූලික අධ්‍යයන ග්‍රන්ථයන් වන නාමාෂ්ට ශතකය/ නවරත්නය/ ව්‍යාසකාරය/ හිතෝපදේශය සංස්කෘත පෙළ සහ සිංහල අර්ථය ද සහිතව මෙහි අන්තර්ගත වේ.
Rs 520.00

Saundarananda Mahakavya 4-5-6 sarga

සෞන්දරනන්ද මහාකාව්‍යය 4-5-6 සර්ග - ප්‍රාචීන විභාගවලට පෙනී සිටින විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා නාගරී පෙළ, අන්වය, පදාර්ථ ද සහිතව සම්පාදනය කරන ලද්දකි.
Rs 340.00

Saundarananda Mahakawyaya 1-2-3 Sarga

සෞන්දරානන්ද මහා කාව්‍යය 1-2-3 සර්ග - ප‍්‍රාචීන විභාගයන්හි සංස්කෘත විෂය සදහා නියමිත මෙම කෘතිය ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් සංස්කෘත සාහිත්‍යය හදාරණ විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය පිණිස ද සම්පාදනය කර ඇත.
Rs 560.00
Out-of-Stock

Sanskruthanamakyathapadamalika

Out-of-Stock
සංස්කෘතනාමාඛ්‍යාතපදමාලිකා (සංස්කෘත නාමාඛ්‍යාත වරනැගිල්ල) - සංස්කෘත උගන්නා ආධුනිකයන්ගේ ප‍්‍රයෝජනය පිණිස සම්පාදනය කළ ග‍්‍රන්ථයකි.
Out-of-Stock

Bauddha Shathakaya Hewath Bhakthi Shathakaya

Out-of-Stock
බෞද්ධ ශතකය හෙවත් භක්ති ශතකය - මෙය පිරිවෙන් වල අධ්‍යාපනය විනය ලබන පැවිදි සිසුන්ට භාෂාව හැදෑරීමේ කුසලතාව පමණක් නොව, සංස්කෘත භාෂාවේ යෙදුම් පිළිබදව මනා අවබෝධයක් ලබාගත හැකි පරිද්දෙන් රචිත ග්‍රන්ථයකි.

Sarasvatha Wivarana

සාරස්වත විවරණය (සංඥා, සන්ධි, කාණ්ඩය)  - ප‍්‍රාචීන විභාග සඳහා මෙන් ම ආයුර්වේදය ඉගෙනීම සදහා ද සංස්කෘත භාෂාව අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් මෙම පොත ප‍්‍රාචීන පණ්ඩිත විභාගය දක්වා ඇති ප‍්‍රාචීන ප‍්‍රථම මධ්‍යම හා අවසාන පන්ති සදහා සුදුසුකම් ලැබීමට භාවිත කිරීම සදහා සැකසී ඇත.
Rs 700.00

Sanskrutha Chandas Shasthraya

සංස්කෘත ඡන්දස් ශාස්ත‍්‍රය - මෙහිදී ඡන්දස් ශාස්ත‍්‍රයේ ඉතිහාසය පිළිබද හැදින්වීමක් ද ඇතුළත් වන අතර ඡන්දස් ශාස්ත‍්‍රය සම්බන්ධයෙන් දත යුතු ”සංඥා” ඇතුළුව ”මාත‍්‍රා” වර්ණ ඡන්දස් හා ”වෘත්ත” ප‍්‍රභේදයන් ගැන සරල හැදින්වීම් ඇතුළත් වේ.
Rs 250.00

Sanskrutha Vyakarana Tharangini

සංස්කෘත ව්‍යාකරණ තරඞගිණී (සංඥා - සන්ධි - නාම තරඞග) - පිරිවෙන් විභාගයන් සදහා ඉදිරිපත්වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සැකසුණු සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථයකි.
Rs 700.00

Sanskrutha Vyakarana Taranghinee (Aakyatha Krudantha Tharadga)

සංස්කෘත ව්‍යාකරණ තරඞගිණී (ආඛ්‍යාත - කෘදන්ත) - පිරිවෙන් විභාගයන් සදහා ඉදිරිපත්වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සැකසුණු සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථයකි.
Rs 740.00

Sanskrutha Vyakarana Tharangini - (Karaka - Samasa - Thaddhitha - Tharanga

සංස්කෘත ව්‍යාකරණ තරඞගිණී (කාරක - සමාස - තද්ධිත - තරඞග) - පිරිවෙන් විභාගයන් සදහා ඉදිරිපත්වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සැකසුණු සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථයකි.
Rs 480.00

Rupasiddhi Pramodini (Prathama Bhagaya)

රූපසිද්ධි ප‍්‍රමොදිනී - ‘‘කචචායන’’ පාලි ව්‍යාකරණ ග‍්‍රන්ථයේ පරිවාර ග‍්‍රන්ථයක් වන මහා රූප සිද්ධි ගුරුතන්හි තබා සකස් කළ මෙය ද පාලි භාෂා ව්‍යාකරණ ග‍්‍රන්ථයකි. පාලි භාෂාව හදාරන අයට අතිශයින් ම උපකාරීවන ග‍්‍රන්ථයක් ලෙස මෙය හැදින්විය හැක.
Rs 530.00

Sanskrutha Namakyatha Pada Varanegilla

සංස්කෘත නාමාඛ්‍යාත පද වරනැගිල්ල - සංස්කෘත භාෂාව හදාරණ විද්‍යාර්ථියා විසින් පළමුවෙන්ම නාමපද සහ ආඛ්‍යාත පද පිිළිබදව උගතයුතු ය. එම අවශ්‍යතාව අනුව සැකසුණු ග‍්‍රන්ථයකි සංස්කෘත නාමාඛ්‍යාත පද වරනැගිල්ල. 
Rs 850.00

Sinhala Hodiya Nam Potha Magul Lakuna Ganadevi Hella Wadan Kavi Potha Buddha Padya Sakaskada

සිංහල හෝඩිය/ නම් පොත/ මඟුල් ලකුණ/ ගණදෙවි හෑල්ල/ වදන් කවි පොත/ බුද්ධ පද්‍යය/ සකස්කඩ - සිංහල දරුවනට අත්පොත් තැබීමෙන් පසුව අපේ විහාරස්ථාන වලත්, පාසල් වලත් පුරාණයේ සිට භාවිතා කරන ලද පැරණි පොත් පෙළක් විය. මෙය එම පොත් පෙළෙහිම එකතුවකින් සැදුම් ලත් ග්‍රන්ථයකි.
Rs 360.00

Sinhala Sahithya Vimasuma

සිංහල සාහිත්‍ය විමසුම - සිංහල බෝධිවංශය, ගිරා සංදේශය, ඩිංගිරිමැණිකා යන ග‍්‍රන්ථ පිළිබද සවිස්තරාත්මක විවරණයක් සපයන මෙම කෘතිය පිරිවෙන්හි අධ්‍යයනය ලබන ශිෂ්‍යයින් සදහා මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 150.00
Out-of-Stock

Mahawagga pali - Mahakkandha

Out-of-Stock
මහාවග්ගපාලි - මහාක්කනධකය - මහාවග්ග පාලිය කොටස් 10කින් යුක්තය. ඒ අතරින් මහාක්ඛන්දකයේ බණවර 2ක් මෙහි අන්තර්ගත වේ. පදාර්ථ, භාවාර්ථ, විස්තරවර්ණනා, ධර්ම වර්ණනා, ඇතුලත් කොට ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයට අදාලව මෙම පොත සකස් කරන ඇත.