Piriven Books

Out-of-Stock

Prakrutha Nama Waranagilla

Out-of-Stock
ප‍්‍රාකෘත නාම වරනැගිල්ල - පාලි භාෂා අධ්‍යයනයට අමතර අර්ධමාගධී, මහාරාෂ්ටී වැනි අනෙකුත් ප‍්‍රාකෘත භාෂා අධ්‍යයනයෙහි යෙදෙන විද්‍යාර්ථීන් වෙත ප‍්‍රධානය කරනු ලබන මහඟු ත්‍යාගයක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය. 

Padya Chudamani

පද්‍ය චූඩාමණී - ත‍්‍රිපිටක සාහිත්‍යයේ ද ලිලත විස්තරයේ ද අශ්වඝෝෂ ස්ථවිරපාදයන් විසින් රචිත බුද්ධ චරිතයේ ද එන තොරතුරු මූලාශ‍්‍රය කොටගෙන සම්පාදිත කෘතියකැයි සැලකෙන පද්‍ය චූඩාමණී මහාකාව්‍යය බුද්ධඝෝෂාචාර්යයන් විසින් බුද්ධ චරිතය කාව්‍යමය නිර්මාණයක් ලෙස අනෙකුත් කාව්‍යය නිර්මාණයන් අතර චූඩාමාණික්‍යයක් සේ විරාජමාන වනු ඇතැයි විශ්වාසයෙන් මෙම කෘතිය නිර්මාණය කොට ඇත. 
Rs 800.00

Sanskruthashikshasangrahaya Ha Arthavayakyava

සංස්කෘත ශික්ෂා සංග‍්‍රහය හා අර්ථ ව්‍යාඛ්‍යාව - පිරිවෙන් පාඨමාලා, උසස් පෙළ පාඨමාලා, ප‍්‍රාචීන පණ්ඩිත, ප‍්‍රාරම්භ මධ්‍යම හා උපාධි පාඨමාලා, ආයුර්වේද පාඨමාලා, විශ්ව විද්‍යාල පාඨමාලා, ජ්‍යොතිෂ පාඨමාලා ආදිය සදහා සංස්කෘත භාෂාව හැදෑරීමෙහි නිරත විද්‍යාරිථීන්හට මේ කෘතියෙන් නොමද ප‍්‍රයෝජන ලැබිය හැකිය.  
Rs 1,250.00

Gadya Padyavalee - 3

සංස්කෘත ප‍්‍රවේශ ගද්‍ය - පද්‍යාවලී III - සංස්කෘත ක්ෂේත‍්‍රයේ පෘථුල බව පිළිබද අදහසක් ඇති කර ගැනීමටත් ඒ ඒ අංශ පිළිබද මූලික කරුණු අවබෝධයක් ලබා ගැනීමටත් අරමුණු කොට සම්පාදනය කළ මෙම කෘතිය ප‍්‍රාචීන විභාග හා වෙනත් උසස් විභාගයන්ට පෙනී සිටින විද්‍යාර්ථීන්හට මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 1,000.00

Weiraghyashathakaya-Sanskrutha Pela anvaya Ha Padagathartha Sahithai

වෛරාග්‍යශතකය - කම් සුවයට ඇබ්බැහි වීමේ මුග්ධ භාවයත්, නිස්සාර භාවයත්, අභිනිෂ්ක‍්‍රමණයේ ශ්‍රේෂ්ඨත්වයත් හුවා දක්වන අග‍්‍රගණ්‍ය උපදේශ කාව්‍යයක් ලෙස මෙය හැදින්විය හැක.
Rs 600.00
Out-of-Stock

Sanskrutha Sahitya Praweshaya

Out-of-Stock
සංස්කෘත සාහිත්‍ය ප්‍රවේශය - මානව වංශකථාවේ සාහිත්‍යමය වශයෙන් ඉතා පැරණිතම සාහිත්‍යය වන්නේ සංස්කෘත සාහිත්‍යයි. සංස්කෘත සාහිත්‍යය ඇති අග්‍රගණ්‍යම කොටස් පිළිබඳව මනා වැටහීමක් ලබාගැනීමට හැකිවන පරිදි ඒ පිළිබඳව උනන්දුවන සියලු දෙනාටම සරලව හා සාහිත්‍යය රසය විඳීමට හැකි ලෙස පණ්ඩිත කුමාරදාස මුණසිංහයන් විසින් සංස්කෘත සාහිත්‍ය ප්‍රවේශය රචනා කර ඇත.
Out-of-Stock

English For Pirivena Students (Year 1.2.3.& 4)

Out-of-Stock
English For Pirivena Students (Year 1, 2, 3 & 4) - The author's approach is to provide a series of essays relating to Sri Lanka's history, culture and Buddhism together with the achievements of national heroes. The language practices provided at the end of each section have been structured with a view to assisting the student in familiaring themselves with the various sentence patterns and rules of grammar. The students learn English in lively situations. That the sentence is the starting in learning English is the concept followed.

Samskrita Triteeyadarsa Reader -III

සංස්කෘත තෘතීයාදර්ශය - Reader  -  III - මූලික පිරිවෙන් සංස්කෘත විෂය නිර්දේශිත කෘතියක් වන මෙය නාගර අක්ෂරයෙන් මුද්‍රිතය.
Rs 440.00

Samskrita Dwiteeyadarsa Reader -II

සංස්කෘත ද්විතීයදර්ශය - Reader  -  II - මූලික පිරිවෙන් සංස්කෘත විෂය නිර්දේශිත කෘතියක් වන මෙය නාගර අක්ෂරයෙන් මුද්‍රිතය.
Rs 540.00

Samskrita Prathamadarsa Reader -I

සංස්කෘත ප‍්‍රථමාදර්ශය - Reader  -  I - මූලික පිරිවෙන් සංස්කෘත විෂය නිර්දේශිත කෘතියක් වන මෙය නාගර අක්ෂරයෙන් මුද්‍රිතය.
Rs 540.00

Infant Reader Samskrita Baladarshaya

සංස්කෘත බාලාදර්ශය  -  INFANT READER - මූලික පිරිවෙන් සංස්කෘත විෂය නිර්දේශිත කෘතියක් වන මෙය නාගර අක්ෂරයෙන් මුද්‍රිතය.
Rs 440.00

Pali Bhashadhyayana Margopadesha Sangrahaya

පාලි භාශාධ්‍යයන මාර්ගෝපදේශ සංග්‍රහය - පාලි භාෂාව සම්බන්ධව මූලික කරුණු වලින් ආරම්භ කොට ක්‍රමයෙන් ගැඹුරු කරුණු විස්තර කිරීම් කෙරෙහි යොමු කෙරෙන අතර එක් එක් පැහැදිලි කිරීම් අවසානයෙහි අභ්‍යාසයන් ද ලබා දීම මඟින් භාෂා ඥානය දියුණු කර ගැනීම‌ට පාඨකයනට මෙමඟින් මඟ සලසයි.
Rs 400.00

Vinaya Vinichchaya

ප්‍රාචීන විභාග සඳහා ඉදිරිපත් වන විද්යාර්තින්ගේ පහසුව සඳහා ප්‍රාචීන විභාග සඳහා නව නිර්දේශයන් ට අනුව එක් විභාගයක එක විෂයක් සඳහා එක පොතක් වශයෙන් ප්‍රාචීන ප්‍රාරම්භ,
 මධ්‍යම, අවසාන විභාගත්‍රය සඳහා පොත්  නිකුත් කල "බුද්ධි විනෝදනී" ග්‍රන්ථ මාලාවේ එක් ග්‍රන්ථයකි..
විනය පිටකයෙහි ඇතුලත් හික්මීමට කරුණු මෙම ග්‍රන්ථයෙන් රචිතය..
Rs 475.00

Kavya Vicharaya Saha Rasasvadaya

කාව්‍ය විචාරය සහ රසාස්වාදය - පැරණි කවීහු කාව්‍ය නිබන්දනයන් රසවත් කිරීම සඳහා ගුණ, අලංකාර රස භාවදියෙන් සරසන ලදී. ඒ රීති පද්ධතිය සහ රසාස්වාදය කුමන අකාරයක දැයි අවබෝධයක් ලබා ගැනීමට කටයුතු කරන්නන් සඳහා මග පෙන්වීමක් වශයෙන් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. උසස් විභාග අපේක්ෂකයින් හට මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නේය..
Rs 265.50

Bauddha Vinaya Margaya Saha Pali Bhasha Parichaya

බෞද්ධ විනය මාර්ගය සහ පාලි භාෂා පරිචය -බෞද්ධ විනය මාර්ගය හා සම්බන්ද භික්ෂු සමාජයේ ප්‍රභවය හා සංවර්ධනය පබ්බජ්ජාව හා උපසම්පදාව, ගුරු ශිෂ්‍ය සම්බන්දය, විනය නීති පැනවීමේ මුලික පරමාර්ථ, භික්ෂු ප්‍රාතිමෝක්ෂය, උපොසථ කර්මය, වස් විසීම, පවාරණය, කටිනය. බෞද්ධ අධිකරණ ක්‍රම, දණ්ඩ ක්‍රමය සහ ගිහි පැවිදි සම්බන්දය යන මුලික මාතෘකා පිළිබඳව සුවිශේෂී දැනුමක් ලබා ගැනීමට උපයෝගී වන අන්දමින් සරලව පැහැදිලි කර ඇත.
Rs 275.00
Out-of-Stock

Pali Nirdishta Grantha Adyanaya

Out-of-Stock
පාලි නිර්දිෂ්ට ග්‍රන්ථ අධ්‍යනය - අ.පො.ස (උසස් පෙළ) විභාගය සඳහා නියමිත පාලි නිර්දිෂ්ඨ කොටස්වලින් ථේරගාථා, ථේරීගාථා, මහාවංශ. සුත්තනිපාත, ධම්මපද, ජාතකට්ඨකථා යන කොටස් පෙළ අන්වය පදගතාර්ථ, විස්තරාර්ථ වර්ණනා සහිතව වදුමුන්නේ මහින්ද හිමියන් විසින් සංස්කරණය කර ඇත.

Dashakumaracharitha

දශකුමරචරිත - ප‍්‍රාචීන මධ්‍යම විභාගය සදහා ඉදිරිපත්වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා, සංස්කෘත විෂය යටතේ නව විෂය නිර්දේශයට අනුව සකස්කරන ලද ග‍්‍රන්ථයකි. 
Rs 1,450.00

Nidasun Sahitha Sanskrutha Chandas Sangrahaya 135

නිදසුන් සහිත සංස්කෘත ඡන්දස් සංග්‍රහය - ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම සහ වෙනත් උසස් විභාග සදහා පෙනී සිටින විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජන පිණිස රචිත සංස්කෘත ග්‍රන්ථයකි.
Rs 800.00

Sanskrutha Kavyavicharaye Muladarma

සංස්කෘත කාව්‍ය විචාරයේ මූලධර්ම - මෙම කෘතිය ආධුනිකයනට පහසුවෙන් වටහාගත හැකිවන පරිදි සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රය සරල ලෙස විවරණය කරමින් සම්පාදනය කර ඇත.
Rs 380.00

Maha Pajapathi Gothami Apadanaya

මහා ප‍්‍රජාපතී ගෝතමී අපදානය - ත‍්‍රිපිටකයට අයත් සූත‍්‍ර පිටකයෙහි ඛුද්දක නිකායේ 9 වැනි කොටසට ථේරී ගාථා අයත් වේ. තෙරණියන්ගේ ගුණ කථා ඇතුළත් කොටසය. එසේම එහි 13 ග‍්‍රන්ථය වන්නෙ අපදාන පාළියයි. රහතන් වහන්සේලාගේ ජීවිත කතා එහි ඇතුළත් වන්නේය. මෙහෙණින් වහන්සේලාගේ දිවි පුවත් ඇතුළත් වන්නේද ථෙරී ගාථා අපදානයටය. මෙහි සදහන් වන්නේ එහි මහා ප‍්‍රජාපතී ගෞතමී මෙහෙණින් වහන්සේගේ චරිතාපදානයයි. මේ කොටස පිරිවෙන් වල 5 වැනි ශ්‍රේණියේ පාලි නිර්දේශ ග‍්‍රන්ථයක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිර්දිෂ්ට කර තිබේ.  මේ පොත එම කොටස ඇසුරු කොට, පෙළ - පදාත්‍ථ - භාවාත්‍ථ හා විස්තර වර්ණනා ද ඉතා සැකවින් දක්වා ඇත. 
Rs 230.00
Out-of-Stock

Vimarshanathmaka Parkrutha Vyakaranaya

Out-of-Stock
ප‍්‍රාකෘත ව්‍යාකරණය - ප‍්‍රාකෘත හදාරණ විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනයටත්, ආධුනිකයන් තුළ ප‍්‍රාකෘත භාෂා සාහිත්‍යය පිළිබද අවධිකමක් ඇති කරවීමත් අරමුණු කොටගෙන මෙම කෘතිය එළි දැක්වේ.

Sanskrutha Sahithya

සංස්කෘත සාහිත්‍යය - සම්පූර්ණ සංස්කෘත සාහිත්‍යය අළලා ජී. එස්. බී. සේනානායක මහතුන් විසින් මේ සාහිත්‍යය ඉතිහාස ග‍්‍රන්ථයෙන් සිංහලෙන් සංස්කෘතය හදාරණ ශිෂ්‍යයන්හට මෙන්ම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ කියවීමෙහි රුචිකම් දක්වන සෙසු පාඨකයන් හටද නොමද ප‍්‍රයෝජන ලැබිය හැකිය.
Rs 2,065.00

Pagchathanthre Labdhapranasham Wisthara Sahithai

පඤ්චතන්ත්‍රෙ ලබ්ධප‍්‍රණාශම්ප - පඤ්චතන්ත‍්‍රයේ ලබ්ධප‍්‍රණාශ තන්ත‍්‍රය ශ‍්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ සංස්කෘත විෂය නිර්දේශයේ නිර්දිෂ්ට ග‍්‍රන්ථයකි. ලබ්ධප‍්‍රණාශ තන්ත‍්‍රයේ සියලූම කථාවන්හි කථා සාරාංශ ඉදිරිපත්කොට ඇති අතර එසේම කථාවන්හි සංස්කෘත පෙළ එහි සිංහල උච්චාරණය මෙන්ම සංස්කෘත පෙළට වඩාත් සමීප අර්ථය ද අනතුරුව ඉදිරිපත් කොට ඇත.
Rs 531.00

Pali Patha Sangrahaya

පාලි පාඨ සංග‍්‍රහය - උසස් පෙළ පාලි නව විෂය නිර්දේශයට අයත් සිගාලෝවාද සූත‍්‍රය, ධම්මපදයෙහි පණ්ඩිත වග්ගය, මහා සුපින ජාතකය, චුල්ලවග්ග පාලියෙහි ඇතුළත් උපජ්ඣාය හා සද්ධිවිහාරික වත්, වක්කලි ථෙරාපදානය, මහාවංසයෙහි 11 වන පරිච්ඡේදය පදගතාර්ථ හා ව්‍යාකරණ විස්තර විවරණ සහිතව මෙම කෘතිය සම්පාදනය කර ඇත.
Rs 1,200.00

Saralawa Pali Uganimu

සරලව පාලි උගනිමු - ගැඹුරු අධ්‍යයන ක්‍ෂෙත‍්‍රයක් ඉතා පහසුවෙන් කියවා තේරුම් ගැනීමට හැකි ආකාරයෙන් රචනා කර තිබීම මෙහි දක්නට ඇති සුවිශේෂත්වයයි. ආධුනික ව්‍යාකරණ අධ්‍යයකයෙකුට වැදගත් අංශවල පාලි අක්‍ෂර මාලාව සහ එහි වර්ගීකරණයන්, නාමපද, ක‍්‍රියාපද, විභක්ති, වරනැගීම, සන්ධි, සමාස, තද්ධිත, කෘදන්ත, අව්‍යපද, විශේෂණ පද මෙන්ම වාක්‍ය නිර්මාණයෙහිලා ආදර්ශ වාක්‍ය විශාල සංඛ්‍යාවකින් ද මේ ග‍්‍රන්ථය සමන්විතය.
Rs 250.00

Sarala Niravul Pali Wiyaranaya

සරල , නිරවුල් පාලි වියරණය - මාගධි භාෂාව ලෙසින් හැඳින්වෙන පාලි භාෂාව උගැන්මට අත්වැලක් සපයනු ලබන ග්‍රන්ථයකි. මුල සිට සරලව ආධුනිකයෙකුට උවත් උගත හැකි ලෙසින් ඔබ වෙත ගෙන ඒම මෙහි ඇති සුවිශේෂත්වකි.
Rs 375.00

Sanskrutha Akuru Liyamu 01

සංස්කෘත අකුරු ලියමු 1 - සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන්, දේවනාගරී අක්ෂර ලිවීම, හුරුකරවීම උදෙසා සම්පාදිතය. 
Rs 250.00

Sanskrutha Akuru Liyamu 02

සංස්කෘත අකුරු ලියමු 2 - සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන්, දේවනාගරී අක්ෂර ලිවීම, හුරුකරවීම උදෙසා සම්පාදිතය. 
Rs 200.00

Sanskrutha Akuru Liyamu 03

සංස්කෘත අකුරු ලියමු 3 - සාමණේරායතන, පිරිවෙන් සහ පාසල් ශිෂ්‍යයන්  සංස්කෘත භාෂාවෙන් ඇති පාඨ, සිංහල අකුරෙන් ලිවීමේ දී සම්ප‍්‍රදායිකව භාවිත කරනු ලබන ක‍්‍රමය පුහුණු වීම සදහා සම්පාදනය කරන ලද්දකි.
Rs 200.00

Pali Kramayata Sinhala Akuru Liveema

පාලි ක‍්‍රමයට සිංහල අකුරු ලිවීම - සාමණේරායතන, පිරිවෙන් සහ පාසල් ශිෂ්‍යයන් පාලි භාෂාවෙන් ඇති පාඨ, සිංහල අකුරෙන් ලිවීමේ දී සම්ප‍්‍රදායිකව භාවිත කරනු ලබන ක‍්‍රමය පුහුණු වීම සදහා සම්පාදනය කරන ලද්දකි.
Rs 150.00

Sellipi Samajaya

"සෙල්ලිපි සමාජය" ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයේ දෙවැනි පත්‍රය සඳහා පරිශීලනය කලයුතු ග්‍රන්ථයක් මෙන් ම, වහල් මානසිකත්වයෙන් තොර අපේකම අපේ දෙය අගයන දැහැමි සමාජයක් කරා ගමන් කරන හැම කෙනෙකු විසින්ම කියවිය යුතු පොතකි..
Rs 501.50

Budurajanan Wahanse Ha Brahmana Samajaya

බුදුරජාණන් වහන්සේ සහ බ‍්‍රාහ්මණ සමාජය - බ‍්‍රාහ්මණ චින්තනය, බෞද්ධ දර්ශනය හා සමග තුලනාත්මක ඇගයීමක් වූ මේ ග‍්‍රන්ථය, භාරත ඉතිහාසය, බෞද්ධ දර්ශනය හදාරණ අයට ඉතා වැදගත්ය. 
Rs 350.00