Buddimath daruwaku hada wadagatha haki maga කර්තෘ ගෙන්... 21 වන ශතවර්ෂයේ ලෝකය, නව තාක්ෂණ හා විද්‍යා ලෝකයකි. තොරතුරු තාක්ෂණය, සයිබර් අවකාශය මගින් සමස්ත ලෝකය ම හසුරුවන ලබන විශ්ව ගම්මානයක අද අපි ජීවත් වෙමු. විශ්ව ගම්මානයේ ජීවත් වීමේ දී විශ්ව පුරවැසියකු බවට පත්වීමට අපි අපේ දරුවන්ට ඉගැන්විය යුතු වෙමු. මෙම අධිවේහි, අධි අපේක්ෂා සහිත, අධි ක්‍රියාකාර් ලෝකයේ සාර්ථකට ජීවත් වීමට දැනට දියුණු කරගෙන ඇති ක්‍ෂීරපායි මොළය ප්‍රමාණවත් නොවන තරම් ය. මේ නිසා නව ලෝකයට නව මානවයකු බිහි කරගැනීම වර්තමාන දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ වගකීමකි. අප කැමති වුවත් අකැමති වුවත් අප අද ජීවත් වන්නේ තොරතුරු තාක්ෂණ ලෝකයක ය. අන්තර්ජාල, පර්ගණක, ස්මාර්ට් ෆෝන් මගින් සමස්ත ලෝකයම දරුවාගේ අල්ල මතට ගෙනවුත් දී ඇත. මුහුණු පොත (Face Book) විටර, වයිබර්, වට්ස් ඇප්, ඉමෝ මගින් නොමිලයේ සයිබර් අවකාශයේ සංචාරය කළ හැකි ය. පරිගණක ක්‍රීඩා අසීමිතව නොමිලයේ බාගත හැකි ය. වයිෆයි ද නොමිලයේ ලැබුන විටක මේ සයිබර් අවකාශයේ ඔබේ දරුවා නන්නත්තාර විය හැකි ය. ලිංගික දර්ශන, මත්පැන්, මත්කුඩු සියලු බාධක බිඳ ගෙන ඔබේ ගමට හා ගේ දොරකඩටම පැමිණි ඇත. මේ ගල් රෝල අපට අත තබා නැවතිය නොහැකි ය. නමුත් එම ගල්රෝලට හසු නොවී තැවී පොඩි වී නොගොස් අප අපගේ ගමන යන්නේ කෙසේද යන්න දරුවන්ට කියා දිය යුතු ය. ඒ සඳහා සිත දියුණු කරගෙන, මඩෙහි උපනත් මඩෙහි නොගිලි මතුවන නෙළුමක් මෙන් මතුවන ආකාරය, පූර්ණ ලෙස විකසිත වන ආකාරය ඔබේ දරුවාට කියා දිය යුතුව ඇත. මේ පොතඒ සඳහා ඔබට මගපෙන්වනු ඇත. උදව් වනු ඇත. ඔබත්, ඔබේ දරුවනුත් එක්ව කියවිය යුතු. ගෙදර පුස්තකාලයේ තබාගෙන යළි යළිත් කියවා පෝෂණය විය යුතු විශිෂ්ට ග්‍රන්ථයකි. Rs 450.00 Add to cart Buy
Out-of-Stock Lama manovidyawa ha lama arakshaka Out-of-Stock ළමා මනෝවිද්‍යාව විෂය ක්‍ෂේත්‍රය මෑත අවධියේ බෙහෙවින් ජනප්‍රිය හා අත්‍යවශ්‍ය විෂය ක්ෂෙත්‍රයකි. ඇල්ෆා පරම්පරාව (Generation Alpha) ලෙස නම් කර ඇති වර්තමාන ළමයින් මෙලොවට බිහිවනුයේ අප පෙර දී නුදුටු නව ලෝකයකට ය. ඉපදීමට පෙර සිට ම තාක්ෂණික මෙවලම් පරිහරණය කරන ශබ්ද, ගර්භාශයේ සිටිය දී ම දරුවන්ට ඇසී ඇත. උපත ලබා පා තබනුයේ සයිබර් අවකාශයකට ය. රූපවාහිනිය, පරිගණකය, ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය, කැසට්, වීඩියෝ, වර්ණ සහිත තිර වල රූප දකින නවතම ලෝකයකට ය. නව ලොවට පා තබන නව දරුවන්ට කෙසේ ඉගැන්විය යුතු ද? සිදුවිය හැකි ව්‍යසන කවරේ ද? ඔවුන් බලාගෙන සිටින දර්ශන වලින් කුමක් තෝරාබේරා ගන්නේ දැයි වැටහීමක් ඔවුනට නැත. නව ඩිජිටල් යුගයෙහි ස්වභාවය හා අර්බුදකාරී බව Eric Schmidt හා Jared Cohen විසින් තම "New Digital Age" පොතෙන් හඳුන්වා ඇත්තේ Vuca Age (Violence, Uncertainty, Complexity And Ambiguity) (කැරලි සහිත බව, අවිනිශ්චිත බව, පැටලිලි සහිත සහ අවුල් සහිත බව සහ ව්‍යාකූලතාවෙන් පිරි) අවධියක් බව යි. බාහිර පරිසරයෙන් ලැබෙන මෙම ව්‍යාකූල බව නිසා මිනිස් මනස ද නොසන්සුන්ව නිතරම දොඩමළු වෙමින් ඇත. මේ නිසා මනස ද අවුල් ය. සතිමත් බවක් නැත. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස විකෘති සමාජයක් බිහි වෙමින් ඇත. Rs 1,200.00 Details View details
Lama Manovidyawa - Lama Sanwardhanaya Ha Lama Arakshanaya පෙර පාසල් ගුරුවරියන්ට ගුරු පුහුණු පාඨමාලා - හදාරන ගුරුවරුන්ට දරුවන් හොඳින් හදා වඩා ගන්නට උනන්දු වන දෙමාපියන්ට අත්පොතකි. ළමයින් හදා වඩා ගැනීමේ දී ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවන් හා අවශ්‍යතාවන් පිළිබඳව නිවැරදි වැටහීමක් දෙමාපියන් තුළ තිබිය යුතු ය. පුර්ණ පෞරුෂ වර්ධනයකින් යුතු ළමයෙකු හදා වඩාගත හැකි වනුයේ ළමයා ගේ කායික, බුද්ධිමය, චිත්තවේගික හා සාමාජික යන අංශයන්හි වර්ධනය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති විට පමණි. ළමයින්ගේ වර්ධන රටාව සහ ස්වරූපය පිළිබඳව පැහැදිලිව දැන ගැනීමට සිංහල පාඨකයන්ට තිබූ අවහිරය මේ පොත නිසා මගහැරී යයි. නූතන පර්යේෂණ වලින් හෙළි වූ නව තොරතුරු ද ඇතුළත් කොට, ළමා මනෝ විද්‍යාව පිළිබඳ නව දැනුම සරල, සුගම බසින් සිංහල පාඨක ලෝකයා වෙතගෙන ඒමට කතුවරු සමත්ව සිටිති. දරුවන් හදා වඩා ගැනීමෙහි නියැලි සැම දෙනා ළඟ ම තිබිය යුතු පොතකි. Rs 1,200.00 Add to cart Buy
Out-of-Stock Maranaya Ha Maranaya Pilibanda Vidyava Out-of-Stock මරණය හා මරණය පිළිබඳ විද්‍යාව ග්‍රන්ථය මෙලොව ජීවිතය නිවැරදිව වටහා ගැනීමටත්, ජීවිතය සැපවත් කර ගැනීමටත් ඔබට බෙහෙවින් උපකාර වනු ඇත. Christine Longaker දුක් වේදනාවට පත්ව කෙඳිරී ගාමින්, වැළපෙමින් රෝගීව සිටින හා මරණය අබියස, එය පෙනී පෙනී සිටින අසාධ්‍ය රෝගීන්ට උවැටන් කරමින් ඔවුන් එම දුකෙන් බේරා ගැනීමට කටයුතු කළ යුතු ආකාරය Facing Death and Finding Hope ග්‍රන්ථයේ දක්වා ඇත. රෝගීන්, වයසක දෙමාපියන්, වැඩිහිටි නිවාසවල සිටින මහලු අය රැකබලා ගන්නන්, පිළිකා හා එඩ්ස් වැනි රෝග වලට ගොදුරු වූවන්ට උදව් කරන අයට තම මිතුරකු දුකට හා විපතට පත් වූ විටෙක කටයුතු වඩා නිවැරදි ව කළ යුතු ආකාරය වටහා ගැනීමට මෙම පොත මහඟු රුකුලක් වනු ඇත. නිවැරදි ක්‍රමය දැන ගෙන එය ඉටු කිරීම මහඟු පිනක් වේ. මිය යන පුද්ගලයකුට සිහි නුවණින්, සිත සැනසිල්ලේ මිය යාමට උදව් කිරීම තරම් වූ තවත් යහපත් පුණ්‍ය කටයුත්තක් නොමැති තරම් ය. එම පුණ්‍ය කර්මය නිවැරදි ව හා හොඳින් ම කර ගැනීමට ඔබට මෙම පොත උදව් වනු ඇත. Rs 350.00 Details View details
Sarthakathvayata Pahasu Manpeth ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට ඍජුව ම උදවු වන ප්‍රායෝගික ක්‍රියාමාර්ග අන්තර්ගත හස්තසාර ග්‍රන්ථයකි. බොහෝ දෙනකු දියුණු නොවන්නේ ඔවුන් තුළ ඇති නොහැකියාව නිසා නො වේ. පරාජයට හේතු වන සාධක හඳුනා ගෙන ඒවා ජය ගෙන දියුණුව කරා ගමන් කරන මාර්ගය නොදන්නා නිසා ය. බොහෝ දෙනෙකු අසමත් වන්නේ අන් කිසිම බාහිර හේතු නිසා නොව ඔවුන් තුළ ම ඇති අසමත් වීමට හේතු වන පුරුදු ය. එම අසමත් වීමේ පුරුදු අතර පැහැදිලි අරමුණක් නැතිකම ඍණාත්මක චින්තනය. ඵලදායිත්වය අඩුකම, ජීව ශක්තිය නැතිකම. තම මතය පැහැදිලි ව ඉදිරිපත් කිරීමේ නොහැකියාව. හැකිළුණ චිත්ත සැලසුම්. දුබල ආත්ම ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීම ආදිය ඉන් සමහරකි. පරාජයන්ට හේතු වන මෙම සාධක වලට අභියෝග කරන්න ඉගෙන ගන්න. ඒ සඳහා ඔබට මෙම පොත උදවු වනු ඇත. මේ පොතේ එන උපදෙස් පිළිගැනීමෙන් හා ක්‍රියාත්මක කිරීමෙන්, ඔබේ සම්පත් හා වස්තුව වැඩි කරගත හැකි ය. සාර්ථකත්වය, සන්තුෂ්ටිය හා පුද්ගල සබඳතා දියුණු කරගත හැකි ය. මාස කීපයක් තුළ දී ම ඔබ දියුණුවේ හිණි පෙත්තට ළඟාවනු ඇත Rs 600.00 Add to cart Buy
Kantha Manovidyawa ha Kanthawadi Upadeshanaya කාන්තා මනෝ විද්‍යාව හා කාන්තාවාදී උපදේශනය නම් වූ මෙම කෘතිය අදාළ විෂය පිළිබඳ සිංහල මාධ්‍යයෙන් පළ වූ ප්‍රථම කෘතිය වෙයි. මෙහි විශේෂ වැදගත්කම නම් කාන්තාවාදී දෘෂ්ටිය හුවා දක්වමින් පුරුෂයකු විසින් ලියන ලද වීම ය. කාන්තා වාදය ගැන බොහෝ සෙයින් ලියා ඇත්තේ කාන්තා ලේඛිකාවන් වන හෙයින් මෙය නවමු අත්දැකීමක් විය හැකිය. කාන්තා මනෝ විද්‍යාව, මනෝවිද්‍යාවේ අනෙකුත් ශාඛා වලට වඩා ඉඳුරා වෙනස් ය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, පුරුෂවාදී දේශපාලනයෙන් කාන්තාව මුදවා ගැනීම, බලය බෙදා ගැනීම, කාන්තාව බලගතු කරණය හා කාන්තාව යටපත් වීමෙන් මුදවා ගැනීම යන පංච මූලධර්ම මතගොඩනැගී ඇති කාන්තා මනෝ විද්‍යාව මෙම කෘතිය මගින් මැනවින් අර්ථකථනය කරනු ලබයි. එසේ ම පවතින සමාජ ක්‍රමය තුළ කාන්තාව ඔසවා තැබිය යුත්තේ කෙසේදැයි මෙම කතුවරයා විග්‍රහ කරයි. තමන් කවු ද? තමන්ගේ නියම ස්වරූපය කවරේ ද? යන්න තේරුම් ගෙන, සීමා පවුරු බිඳ ඉවත හෙළා ස්වයං බලවන්ත කරණය වීමට කැමැති සෑම කාන්තාවක් ම මෙම කෘතිය කියවිය යුතු වේ. කියවා ඉවත හෙළනු වෙනුවට එහි සාරය එන්නත් කරගෙන අන්‍යයන්ට ද එසේ කළ යුතු වේ. Rs 500.00 Add to cart Buy
Sandushtika Ha Manushika Manowidya Praweshaya ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රටක මානසික සෞඛ්‍යය සංවර්ධනය සඳහා නිර්දේශ 10 ක් ඉදිරිපත් කර ඇත. ඉන් එක් නිර්දේශයක් වනුයේ මානව සම්පත් සංවර්ධනයයි. මනෝ උපදේශක වෘත්තිකයන් ද මානසික සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයට අයත්වන වැදගත් මානව සම්පතකි. එනයින් මහාචාර්ය රෝලන්ඩ් අබේපාල හා කථිකාචාරීණී අරුන්දතී අබේපාල එක්ව ලියා ඇති සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශ' නමැති අගනා ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ උපදේශන මනෝ විද්‍යාව හදාරන විද්‍යාර්ථීන්ට අතිශයින්ම ප්‍රයෝජනවත් කෘතියක් වන අතරසෑම මිනිසකු තුළම පවතින මානසික ශක්තිය හා විභවය පිළිබඳ සාකච්ඡා කරන සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශයේ දර්ශනය න්‍යායන් හා ප්‍රායෝගික භාවිතය සරල ව පැහැදිලිව නිවැරදිව හා අදාළව පාඨකයාට මිතුරු ලෙසින් මෙහි ලියැවී ඇත. Rs 300.00 Add to cart Buy
Sigmund Freudge Manowishleshanawadaya මහාචාර්ය රෝලන්ඩ් අබේපාලයන් විසින් රචිත සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනොවිශ්ලේෂණවාදය නමැති මනෝවිද්‍යා කෘතිය මනොවිශ්ලේෂණවාදී ප්‍රවේශයඉතා සරල බසින් එහෙත් ගැඹුරින් පැහැදිලි කරනු ලබන සිංහල බසින් ලියවුණු විශිෂ්ට කෘතියක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. Rs 800.00 Add to cart Buy
Kotipathiyeku Wimata Nam එක් පුද්ගලයෙකුට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය විය.ඔහු ජීවත් වන්නේ මුදල් ණයට ගැනීමෙනි.ඩොලරයක් ණයට ගෙන,ඉතිරි කිරීමේ ගිණුමකට බැර කරන මෙන් මම ඔහුට උපදෙස් දුනිමි.මුදල්වල වැදගත්කම ඔහුට වැටහුනේ එසේ කළ දිනයේය. Rs 390.00 Add to cart Buy
Out-of-Stock Manovidya Upadeshana Praveshaya Out-of-Stock මානව ගැටලු විසදා ගැනීමෙහිලා මනෝවිද්‍යාත්මක උපදෙශනය අතිශය ප්‍රශස්ථ ය. එම න්‍යායාත්මක ඥානය නූතන සමාජයට දායාද කිරීම කාලීන අවශ්‍යතාවයකි. මනෝවිද්‍යා උපදෙශන න්‍යායන් සම්බන්ධයෙන් ලාංකීය අධ්‍යයන ක්ෂ්‍රේත්‍රයෙහි ප්‍රමාණික ග්‍රන්ථ සොයා ගැනීම තරමක් දුෂ්කර ව්‍යායාමයකි. ඒ සම්බන්ධයෙන් සිදුකොට ඇති ශාස්ත්‍රීය විමර්ශන අතිශය දුබල වීම ඊට හේතුව යි. ''මනෝවිද්‍යා උපදෙශන ප්‍රවේශ'' නමැති මෙම කෘතිය මගින් එම අවශ්‍යතාව පූර්ණය වනු නොඅනු මානය. Rs 490.00 Details View details
Pohosath Wanna Sathutin Sitinna මෙම ග්‍රන්ථයෙන් කියැවෙන වැදගත් පනිවුඩ කීපයක්ම ඇත. ඉන් පළමු වැන්න වත්මන් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවය. දෙවැනි පනිවුඩය වන්නේ මේ ලෝකය තුළ කිසිවක් හිඟ නැති බවය. හිඟයක් ඇත්නම් එයට හේතුව හරියට වැඩ නොකිරීමය. තුන්වන පනිවුඩය වන්නේ මුදල් අත්‍යවශ්‍ය වුවත් මුදලට සතුට අත් කර ගැනීමට නොහැකි බවය. මුදල් වලට අමතරව වෙනත් යමක් අත්කර ගත යුතු බව කතුවරයාගේ හැඟීමය. ඒ කුමක්ද යන්න මෙම ග්‍රන්ථය කියවීමෙන් දැනගත හැක. මෙම කෘතිය සැබෑ ලෙසටම කතුවරයාගේ අත්දැකීම් මත රචනා කරන ලද්දක් වීම ද තවත් වැදගත් කාරණයකි. Rs 1,200.00 Add to cart Buy
Out-of-Stock Supiri Mathakaya Out-of-Stock මිනිසා මිහිතලයේ වෙසෙන සුවිශේෂී පිවියා බවට පත්ව ඇත්තේ ඔහු සතු විශ්මිතමානසික හැකියාවන් නිසයි. චින්තාමය හැකියාව හා මතක හැකියාව ඒ අතරින් ප්‍රධාන වේ. සිතීමේ හැකියාව මෙන් ම මතක හැකියාව ද අපගේ බොහෝ දෛනික කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය වේ. මතකයේ සිදුවන ඌනතාවයන් නිසා පොදුවේ අප සෑම අයෙකුට ම විවිධ ගැටළුවලට මුහුණ පෑමට සිදු වේ. මතක හැකියාව පිළිබඳ මැසිවිලි නගන්නන් අතර පරීක්ෂණ සඳහා සූදානම් වන සිසු දරුවෝ ප්‍රධාන වෙති. පිළිතුරු සැපයීමේ දී මතකය ආවර්ජනය කර ගැනීමේ අපහසුව ගැන ඔවුහු නිරතුරුව තමන්ට ම චෝදනා කර ගනිති. එහෙත් මතක තබා ගැනීමේ හැකියාව දියුණු කර ගැනීම සඳහා ක්‍රම ශිල්ප බොහොමයක් තිබේ. සුපිරි මතකය නම් මේ පොත තුළින් මතක තබා ගැනීමේ හැකියාව දියුණු කරලීමට කදිම මඟ පෙන්වීමක් සැපයේ. මතක තබා ගැනීමේ ක්‍රම ශිල්ප රැසක් පිළිබඳව මෙහි දී කතුවරයා විසින් සරල බසින් හා සිත් ගන්නා අන්දමින් විස්තර කර දී ඇත. මතක හැකියාව දියුණු කර ගැනීමට අවශ්‍ය සෑම අයකුට ම මෙම කෘතිය තුළින් අත්වැලක් සැපයෙනු නිසකය. Rs 300.00 Details View details