Jiwithaya Jaya Gatha Haki Maga විශ්ව ශක්තිය උකහා ගෙන සිතේ ශක්තීන් ප්‍රබල කර ගෙන ජීවිතය සාර්ථක කරගත හැකි අන්දම විද්‍යානුකූල ව හා ප්‍රායෝගික ව ඔබට හඳුන්වා දෙන විශිෂ්ට ග්‍රන්ථයකි. විශ්ව බලයට බද්ධ වීම. ධනාත්මක සිතිවිලි ජීවිතයට බද්ධ කරගැනීම. විවාහ ගැටලු විසඳා ගැනීමට යටි සිතභාවිත කිරීම. සතුට වර්ධනය සඳහා යටි සිතපුහුණු කිරීම. මානව සබඳතා වර්ධනයට යටි සිතපුහුණු කිරීම. සමාව දීම සඳහා යටි සිත පුහුණු කිරීම. වැරදි පුරුදු වලින් අත්මිදෙන්නට හා මානසික බාධක ඉවත් කරගැනීමට යටි සිත පුහුණු කිර්ම. ඔබේ යටි සිත බල ගන්වා භාවිත කර ඔබව ජයග්‍රාහි මාවතට යොමු කිරීමට උදවු වන ප්‍රබල ග්‍රන්ථයකි. එදිනෙදා භාවිත කළ හැකි, ඉක්මණින් ප්‍රතිඵල ලැබිය හැකි ක්‍රම ශිල්ප අන්තර්ගත ය Rs 400.00 Add to cart Buy
Yowun Wiye Manasika Saukhya Ha Yaha Pawathma වර්තමාන යුගයේ පොදුවේ මුළු ලොවට ම බලපාන ගැටලුවක් ව ඇත්තේ යොවුන් වියේ දරුවන් මානසික පීඩා වලට බරපතල ලෙස ගොදුරු වීමයි. යෞවනයන් මුහුණ පාන මෙම මානසික අක්‍රමතා නිසා අධ්‍යාපනික පසුබෑම්, හදිසි කෝපය, චණ්ඩතාව, විවිධ කායික ආබාධ, ජීවිතය ගැන කලකිරීම, හුදකලා වීමට කැමැත්ත, මත්පැන්, මත්ද්‍රව්‍ය හා මත්කුඩු වලට ඇබ්බැහිවීම සහ සියදිවි නසාගැනීම දක්වා බරපතල විය හැකි ය. මේ තත්ත්වයට අප සැමගේ අවධානය යොමුවිය යුතු ය. රෝගි තත්ත්වයට පත් වූවාට පසු බෙහෙත් දීමේ නැඹුරුවේ සිට රෝග වලක්වා ගැනීමේ නැඹුරුව වෙත අපි ගමන් කළ යුතු වෙමු. මානසිකව රෝගී වූ විට ඒවා මුළුමණින් සුවකර ගැනීමට ඇති භව්‍යතාවය අඩු ය. යොවුන් වියේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නංවා හැකියාව ද යහ පැවැත්ම වර්ධනය කිරීමේ අරමුණින් මේ පොත ලියා ඇත්තේ එම යුතුකම හා වගකීම ඉටු කිරීමට ය. Rs 400.00 Add to cart Buy
Pudgala Manovidyawa නූතන මනෝ විද්‍යාවේ පියා සිග්මන් ෆ්‍රොයිඩ් වශයෙන්ද උපදේශනයේ පියා කාල් රොජර්ස් වශයෙන් ද පැවැති ජනප්‍රිය මතවාදය නැවත විමර්ශනය කැරෙන මෙම කෘතිය වත්මන් උපදේශකවරයා හෝ චිකිත්සකවරයා තුළ සැඟවී සිටින සැබෑ ක්‍රියාකාරී සෙවනැල්ල අන් කිසිවකු නොව ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ය යන මතවාදය ගම්‍ය කරවයි. 'ස්නායුගත ව්‍යාකූලතා ඇති වන්නේ අවිඥානයට අවරෝධනය කරන ලද ලිංගික අක්‍රමිකතා හේතුවෙනි' යන ෆ්‍රොයිඩියානු මතය ප්‍රතික්ෂේප කරමින් ඉන් ඉවත්ව ගිය ඇඩ්ලර් 'පුද්ගල මනෝවිදන සම්ප්‍රදාය ' නමින් නව සම්ප්‍රදායක් ඇරඹීය. ෆ්‍රොයිඩ්, කාල් යුං වැනි පරමාදර්ශී මනෝවිද්‍යාඥයන් විසින් සඳලු තලයට ඔසවා තබන ලද ' මනෝවිද්‍යාව' පොදු ජනතාවගේ මානසික ගැටලු වලට මග පෙන්විය හැකි පරිදි සඳලු තලයෙන් මහ පොළොවට රැගෙන එන ලද්දේ ඇඩ්ලර් විසිනි. රෝලෝ මේ, කාල් රොජර්ස්, වික්ටර් ෆ්‍රැන්කල්, ඒ බ්‍රහම් මාස්ලෝ, එරික් බර්ග්, ප්‍රිට්ස් විටල්ස් වැනි උපදේශන මනෝ විදන ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් පවා ඇඩ්ලර්ට ණයගැති භාවය පිළිගෙන ඇත. ඊටත් වඩා ඔබ්බට ගිය ඇල්බට් එලිස් " නූතන මනෝවිද්‍යාවේ සැබෑ පියා ෆ්‍රොයිඩ් නොව, ඇඩ්ලර් විය හැකි ය." යන මතය පළ කළේය. Rs 350.00 Add to cart Buy
Pashchath Nuthana Upadeshanaya විසි එක් වැනි ශත වර්ෂය උදාවීමත් සමගම උපදේශන මනෝ විද්‍යාව න්‍යායාත්මක වශයෙන් මෙන්ම ප්‍රායෝගික වශයෙන් ද සංවර්ධනය වෙමින් එසේම ජනප්‍රිය වෙමින් ද ඉදිරියට පැමිණ ඇති බව නොරහසකි. නූතන උපදේශන ප්‍රතිකාරක නන්‍යායන් මෙන්ම පශ්චාත් නූතන උපදේශන ප්‍රතිකාරත න්‍යායන්ද එහි ප්‍රතිඵලයකි. ඉතා මෑතකාලීන වූ එම න්‍යායන් මෙම කෘතිය මගින් ප්‍රථමවරට අපරට උපදේශන ක්‍ෂෙත්‍රයට හඳුන්වා දෙනු ලබයි. මේ අතර නූතන ප්‍රතිකාර ප්‍රවේශ වූ යථාර්ථ ප්‍රතිකාරය හා පවුල් පද්ධති ප්‍රතිකාරය වෙන්වී පශ්චාත් නූතන උපදේශන න්‍යායන් වශයෙන් සැලකෙන විසදුන් මූලික ලුහුඩු ප්‍රතිකාරය හා කථන ප්‍රතිකාරය දී මෙහිලා සටිස්තරාත්මක ලෙස හඳුන්වා දෙනු ලබයි. එම න්‍යායන් පිළිබද මුලික සංකල්ප, මූලධර්ම, ප්‍රතිකාරක සබඳතා ක්‍රමශිල්ප, උපාය මාර්ග ආදී වශයෙන් සරල සුගම ලෙස හදුන්වා දෙන බැවින් කවර උපදේශකවරයකුට වුවද ඒවා පහසුවෙන් භාවිතා කිරීමට හැකිවනු ඇත. උපදේශන ක්ෂත්‍රයේ නව නම්‍යතා කළඑළි දක්වන මෙම කෘතිය අපරට සියලු උපදේශන පාඨමාලා ගුරුභවතුන්ට කදිම මාර්ගෝපදේශයක් වනු ඇත. එසේම සියලු වෘත්තීය උපදේශක වරන්ට අත් පොතත් වනු ඇත. මේ හැර උපදේශනය විෂය හදාරණ සියලු විද්‍යාර්ථීන්ට නව දැනුම උකහාගත හැකි දැනුම් සාගරයක් වනු ඇත. මෙබදු අගනා කෘතියක් ප්‍රදාහය කිරීම මහාචාර්ය රෝලන්ඩ් අබේපාල උපදේශන මනෝ විද්‍යා විෂය ක්‍ෂෙත්‍රයට සිදු කළ විශිෂ්ට සේවයක් වශයෙන් අගය කරනු කැමැත්තෙමි. ආචාර්ය සමුදා සෙනරත් අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යනාංශය කොළඹ විශ්වවිද්‍යාලය Rs 500.00 Add to cart Buy
Buddhiya, Bahuvida ha Bhawamaya Buddhiya හොවාර්ඩ් ගාඩ්නර් (1984) විසින් ඉදිරිපත් කරන ලද බහුවිධ බුද්ධි න්‍යාය මනුෂ්‍ය විභව්‍යතා සංවර්ධනය පිළිබඳ පශ්චාත් නූතනවාදී අර්ථකථනයක් වශයෙන් සැලකිය හැක්කකි. මානව ශක්‍යතා සංවර්ධනය පිළිබඳ සාම්ප්‍රදායික බැවහැරයන් උඩියටිකුරු කළ බහුවිධ බුද්ධි නන්‍යාය ඕනෑම දේකින් බුද්ධි වර්ධනය සිදුකළ හැකි බව අනාවරණය කරයි. දැනටමත් මෙම න්‍යාය ලොව පුරා අධ්‍යාපනික හා විවිධ ඉගෙනුම් ක්‍ෂෙත්‍ර කරා පැතිරි හමාරය. කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨය තුළ මෙම කතුවරයා විසින් (2001) ඉගැන්වීම් අරඹන ලද බහු විධ බුද්ධි නකාය මේ වනවිට සියලු තෘතීය, වෘත්තීය හා උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම් විෂයක් මෙන්ම ඉගැන්වීම් ක්‍රම ශිල්පයක් බවටද පරිවර්තනය වී ඇත. සැබැවින්ම බහු විධ බුද්ධි න්‍යාය දිළිදු රටවලට මෙන්ම අප වැනි ඌන සංවර්ධිත රටවලටද මහත් වූ සහනයකි. Rs 750.00 Add to cart Buy
Chiththawega Kalamanakaranaya දෛනික ජීවිතය ගත කරද්දී ගෙදර දොර මෙන්ම රාජකාරී හෝ සේවා ස්ථානවලදී අත්දකින චිත්තවේගීය ගැටලු කිහිපයක් වස්තු කොටගත් මෙම කෘතිය උපදේශන මනෝවිද්‍යාවේ ව්‍යවහාරික අවබෝධය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ලියන ලද්දකි. එසේ වුවද උපදේශනය පිළිබඳ විවිධ මට්ටමින් ඉගෙනීම ලබන විද්‍යාර්ථීන්ට මෙන්ම මනෝ විද්‍යාව කෙරෙහි ඇල්ම දක්වන පාඨකයාටද චිත්තවේග කළමනා කරණය පිළිබඳ ගැටලු නිරාකරණය කරදෙන කෘතියකි. සරල සුගම බස් වහර ආයාසයකින් තොරව කියවා තේරුම් ගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. Rs 500.00 Add to cart Buy
Sarthakathva Muladharma * දියුණුවේ රන් දොරටුව ලක්හඬ ගුවන් විදුලිය ඔස්සේ අභිමානවත් සේවාවක් ඉටු කරමින් ගුවන් ගතවන පුද්ගල පෞරුෂ වර්ධන සාකච්ඡා මාලාවයි. වසරේ විශිෂ්ටතම හා වාර්තාගතයුග මෙහෙවරක් ඉටු කළ හා ඉටු කරන දියුණුවේ රන් දොරටුව වැඩ සටහනෙහි මුද්‍රිත නිර්මාණය සාර්ථකත්ව මූලධර්ම ග්‍රන්ථයයි. ජාතික ගුවන් විදුලි සේවාවක් වන ලක්හඬත්, ජාතික පුවත් පත් වන දිවයින හා ලංකාදීපයත්, පොත් ප්‍රකාශන ක්‍ෂේත්‍රයේ කීර්තිමත් ශික්ෂා මන්දිර ප්‍රකාශන ආයතනයේත් සුසංයෝගය ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඉතිහාසයේ මින් පෙර සිදු නොවූවකි. 2002 මාර්තු මස සිට මේ දක්වා ම ලක්හඬ ගුවන් විදුලිය සතියකට විනාඩි 90ක් එක ම දේශකයකු සමඟ එක ම වැඩ සටහන් මෙහෙයවන්නකු සමඟ වාර්තාගත සබඳතාවක් පවත්වා ගෙන ඇත. එම සෑම සාකච්ඡාවක් ම "දිවයින" හා "ලංකාදීප" ජාතික පුවත්පත් නොකඩවා පළ කරන ලදී. මෙම වැඩ සටහනෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස සිතුමිණි සමාජ දිවයින පුරා බිහි වී ඇත. සාර්ථකත්ව මූලධර්‍ම පණිවිඩය ගම් නියම් ගම් හරහා ගෙන යාමට සිතුමිණි සමාජ දායක වෙමින් පවතී. ලක්හඬ ශ්‍රාවක, දිවයින හා ලංකාදීප පාඨක ජනතාවට ධනාත්මක චින්තනය වර්ධනය කරගැනීමට මෙම සිතුමිණි සමාජ අනාගතයේ දී ද උදවු වනු ඇත. මෙම ජාතික යුග මෙහෙවර ඉදිරි වසරේ දී වඩාත් සංවිධානාත්මක ව හා ජයග්‍රාහී ලෙස පවත්වාගෙන යාම වටනේ ය. පුද්ගල පෞරුෂය හා ජාතික පෞරුෂය ඉහළ නංවාලීමට අවශ්‍ය ශක්තිය මේ පොතෙන් සැමට ලබාගත හැකි වේ. Rs 400.00 Add to cart Buy
Yowun Wiye Paurushaya Shakthimath Karaganimata Dhanathmaka Manowidya Praweshaya යෞවන විය යනු සුවිශේෂ වයස් පරාසයකි. දරුවා ළමා බවේ දළඹු කෝෂයෙන් මිදී යෞවන ලෝකයට සමනලයකු ලෙස පියාඹා යන්නේ යෞවන වයසේ දී ය. මෙතෙක් දෙමාපිය සෙවනේ ඔවුන්ගේ අණසක යටතේ සිටි ළමයින්ට යෞවන වයසත් සමග නිදහසක් ලැබේ. එහෙත් විභාග සමත් වීම, රැකියා සොයා ගැනීම, අනාගතය සුරක්‍ෂිත කර ගැනීම ආදි අභියෝග වලට ද මේ අවධියේ මුහුණ දීමට සිදු වේ. ලෝකයේ නව තාක්ෂණ දියුණුව හා සන්නිවේදනයේ බලපෑම වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඈත ගම් නියම්ගම් වලට ද පැතිරේ ඇත. භෞතික දියුණුව තව තවත් ඉහළට යන අතර ම මත් කුඩු, මත් ද්‍රව්‍ය හා ලිංගික ආශා උද්දීපනය කරන චිත්‍රපට, යොවුන් දරුවන්ගේ ගත සිතකුල්මත් කරවමින් මුළු රට ම ආක්‍රමණය කර ඇත. මෙම අභියෝග හා තර්ජන වලින් බේර් තම අපේක්‍ෂා කරා ළඟා වීමට යෞවනයන්ට මග පෙන්වීම, දිරි ගැන්වීම වැඩිහිටි අපගේ වග කීම වන්නේ ය. Rs 400.00 Add to cart Buy
Sarthaka paul jeewithayakata වර්තමාන සංකීර්ණ සමාජයේ පවුල් සංස්ථාව නොයෙකුත් හැල හැප්පීම්වලට ගොදුරු වී ඇත. විවාහ සහකරුවකු තෝරා ගැනීමේ සිට විවාහය, විවාහ ජීවිතය, දරුවන් හදා වඩා ගැනීම, දරුවන්ගේ හා තම තමන්ගේ වැඩිහිටි ජිවිතය ගත කරන අන්දම පිළිබඳව නව දෘෂ්ටි කෝණයකින් බැලිය යුතුව ඇත. මේ පොත නව සමාජයේ පිටත් වීමේ දී මතුවන ගැටලුවලට නිවැරදි පිළිතුරක් සොයාගත හැකි මග මනෝ විද්‍යා පදනමක් ඔස්සේ ලබාදීම අරමුණු කොට ලියා විවාහ ජීවිතය සාර්ථක කරගැනීම. දරුවන් හදා වඩා ගැනීම. දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගැනීම. පුද්ගල පෞරුෂය දියුණු කරගෙන ගැටළු වලට මුහුණ දෙන අන්දම පවුල් ගැටළු වලට සාර්ථකව මුහුණ දෙන අන්දම් ආදිය මෙහි සවිස්තර ව හා ප්‍රමාණාත්මකට සාකච්ජා කෙරේ. මෙම කෘතිය සෑම විවාහකයකුට ෂී, විවාහපේක්ෂකයකුට ම හා දරුවන් හදා වඩා ගන්නා දෙමාපියන්ට සහ යෞවන යෞවනියන්ට ද අත් පොතක් ලෙස භාවිතා කළ හැකිය. Rs 400.00 Add to cart Buy
Sithumini ජාතික රූපවාහිනියෙන් ඔබ නැරඹු කතාබහ, සිතුමිණ හා සිතිවිලි යන මනෝවිද්‍යාත්මක වැඩසටහන් හා තරු, ඉසිර, පවන, ලක්හඬ හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ ස්වදේශීය අංශයේ උදාහිර වැඩසටහන යටතේ ඔබ ඇසූ කතාවන් හා සිරිකත, නවලිය, විජය, තරුණි පුවත් පත්වල ඔබ කියවූ මනෝවිද්‍යාත්මක ලිපි.සිය ගණනක් අතරින් තෝරාගත් ලිපි එකතුවක් සිතුමිණි නමින් ඔබ අතට එයි. Rs 200.00 Add to cart Buy
Jeewithaya Jayaganna කර්තෘ ගෙන්... 'අදුරට සාප කරමින් සිටිනවාට වඩා එක ඉටිපන්දමක් දැල්වීම වටනේය . It's better to light one candle than to curse the darkness." මෙම චීන අප්තෝපදේශය අප හැම අයකුගේ ම සිත තුළට තදින් ඇතුළත් කරගත යුතු වේ. අප අප මත් අපේ ඉදිරි පරපුරත් යළි ප්‍රසන්න සුන්දර ධනාත්මක ලෝකයකට කැඳවා ගෙන යා යුතු කාලය එලඹ ඇත. ලොව ප්‍රශ්න නොතිබු කාලයක් තිබී නැත. වරෙක දෙවියකු ද පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළේ. ඇතුළතත් ගැටලු ය. පිටතත් ගැටලු ය, ගැටළු වලින් පිරි මේ ලෝකයේ ගැටලු වලින් මිදෙන්නේ කෙසේ ? යනුවෙනි. මේ තත්ත්වය සෑම කල්හි ම, සෑම රටක ම, සෑම අයකුට ම සාධාරණය. ගැටලු හා ප්‍රශ්න ගැන දොස් නගමින් සිටීම පහසු ය. එහෙත් එය යකඩයෙන් මතු වී යකඩයම කා ගෙන යන මළකඩ මෙන් යකඩය විනාශ කරනු ඇත. උගත් මිනිසුන් වන අප මේ මළකඩ සූරාදමා යකඩය පිළිසකර කර යළි මළකඩ කෑමට නොහැකි පරිදි තීන්ත ආලේපයක් ගල්වා ශක්තිමත් කළ යුතු වේ. Rs 400.00 Add to cart Buy
Out-of-Stock Dhanathmaka Chinthana Out-of-Stock ධනාත්මක චින්තනයට හා පෞරුෂ සංවර්ධනයට උපකාරී වන සාහිත්‍ය ක්ෂේත්‍රයට අලුතින් ම එකතු වන පොත් පෙළයි මේ. ධනාත්මක ව සිතන ජාතියක් ගොඩනංවා ගැනීමට ළමා වියේ සිට ම තමාට යමක් කළ හැකි ය යන ආකල්පය ඇති ජනතාවක් බිහි කර ගත යුතු ය. එය අපි සැම ඉසවුවකින් ම ආරම්භ කළ යුතු ය. පාසල් වයසේ දරුවන්ට ඉගැන්විය යුත්තේ කවර අභියෝගයක් වුව ද ජය ගත හැකි බව යි. අපට ප්‍රශ්න හෝ ගැටලු නැත. ඇත්තේ අභියෝග හා අවස්ථා පමණි යන අයුරින් සිතීමට සිසුන් පුරුදු කළ යුතු ය. මේ උත්සාහය ඒ සඳහාය. මෙම ලිපි දරුවනුත්, දෙමාපියනුත් එක්ව කියවිය යුතු ය. සාකච්ජාවට ගත යුතු ය. අත්හදා බැලිය යුතු ය. අප සිතන කියන හා කරන හැම ක්‍රියාවලියක්ම පළමු පෙළ අයකු ලෙස සිතන්නට, කියන්නට හා කරන්නට හුරු විය යුතු ය. ඔබට පළමු පෙළ අයකු වීමට මෙම ධනාත්මක චින්තන ලිපි සංග්‍රහය මිතුරකු මෙන් උදවු කරනු ඇත. ඔබ ගෙදර සිටියත්, පාසලේ සිටියත් කාර්යාලයේ සිටියත්, වාහනයේ සිටියත් ඔබ ළඟ සිටින හොඳ ම මිතුරා බවට ධනාත්මක චින්තන පොත් ළඟ තබා ගන්න. Rs 250.00 Details View details