ManoWidyava “ සැලකිය යුතු ශාරීරික හේතුවක් නොමැතිව ඇතැම් කෙනෙක් අසනීප වෙන්නේ මන්ද? " මෙය මනෝ විද්‍යාඥයා ඉදිරියේ එදා මෙන්ම අදද නැගෙන ප්‍රශ්නයකි. එයට පිළිතුරු සෙවීමේදි ප්‍රංශයේ සහ ජර්මනියේ වෛද්‍යවරුන් අතර විවිධ මති මතාන්තර ඇති විය. මනෝ විද්‍යාවේ නවීන මනෝ ප්‍රතිකාර අංශයන් ක්‍රම - ක්‍රමයෙන් දියුණුවට ගිය අයුරු මෙම ග්‍රන්ථයේ පිළිවෙලින් විස්තර වෙයි. එනයින් මෙය ප්‍රධාන වශයෙන්ම මනෝ විද්‍යා ඉතිහාසයට සම්බන්ධ කරුණු අඩංගු පොතකි. මෙහි දෙවෙනි සහ තුන්වෙනි පරිච්ඡේද වෙන්වී ඇත්තේ වර්ගීකරණ-විද්‍යාවේ ආරම්භය සහ එහි උපයෝගිතාවය පිළිබඳ විස්තරයකටය. ඉතා සුලූ කාලයක් ඇතුළත විශාල පාඨක පිරිසකගේ ගෞරවයට ලක් වූ මෙම කෘතිය සිංහල මනෝ විද්‍යා සාහිත්‍යයට එක්වූ ඉතාම සරල ග්‍රන්ථයයි. ශාරීරිකාබාධ සම්බන්ධයෙන් නවීන මනෝවිද්‍යාවේ ආරම්භයේදී පළවූ සිද්ධාන්තයන් සහ නිගමනයන් මෙහි විස්තරවී ඇත්තේ කිසිත් අවුලකින් තොරව ආධුනික පාඨකයනට වුවද ලෙහෙසියෙන් වටහාගත හැකිවන අයුරිනි. Rs 250.00 Add to cart Buy
Chiththavega Ha Manovidyava මෙම ග්‍රන්ථයෙහි අඩංගු වී ඇත්තේ චිත්තවේග (Emotions) පිළිබඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයකි. පරිච්ඡේද 8 කින් සමන්විත මෙය මනෝවිද්‍යාව හදාන්න වුනට පමණක් නොව සාමාන්‍ය පාඨකයනට ද ඉතා ප්‍රයෝජනවත් තොරතුරු රැසක් රැගෙන එයි. චිත්තවේග පිළිබඳව විවිධ මනෝ විද්‍යාඥයන්ගේ සිද්ධාන්තයන් ද චිත්තවේග සම්බන්ධයෙන් මොළය ක්‍රියා කරන ආකාරය ද විවිධ ශාරීරික ආබාධ වලට චිත්තවේග බලපාන අයුරු ද චිත්තවේගවල ප්‍රයෝජනවත් හා නිශ්ප්‍රයෝජනවත් අංශයන් ද, චිත්තවේගීය අවප්‍රමාණතා පිළිබඳව ද මෙහි විස්තර වී තිබේ. පාසැල් සිසු - සිසුවියන්ට වුවද තේරුම් ගතහැකිවන ආකාරයට ඉතා සරල බසින් ලියැවී ඇති චිත්තවේග සහ මනෝ විදනන්ට මෙම කතුවරයා විසින් ලියන ලද මනෝ විද්‍යා ග්‍රන්ට කිහිපයෙන් එකකි. මෙය, එහි තුන්වෙනි සංශෝධිත මුද්‍රණයයි. Rs 200.00 Add to cart Buy
Nayakayek Onakara Thibe කර්තෘ ගෙන්... වසර පහළොවකට අධික කාලයක් ලෝකයේ ප්‍රමුඛතම සමාගම්වල නායකත්ව උපදේශකයෙකු ලෙස මා ලැබූ අත්දැකීම් සමුදායක ප්‍රතිඵලයකි මේ. මා අත්හදා බැලූ විවිධ නායකත්ව ශිල්ප ක්‍රම වේද වලින් ලැබූ අත්දැකීම් නොමසුරුව මෙම කෘතියට ඇතුළත් කළෙමි. මේ අතිදැවැන්ත අත්දැකීම් සමුදාය ඔබේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයටද අතිශයින් වැදගත් වනු ඇත. මෙහි එන විවිධ චරිත මගින් මනඃකල්පිතකතන්දරයක් ඔබට ඉදිරිපත් කළද නායකත්වය පිළිබඳව වන මූලික ප්‍රතිපත්ති සහ නිර්නායකවලින් සමන්විතව මෙම කෘතිය නිර්මාණය කර ඇත. එබැවින් මෙහි එන පරිකල්පනීය අත්දැකීමට වඩා ඔබ සමීප විය යුත්තේ මෙමගින් එළි පෙහෙළි කරනු ලබන විධික්‍රම කෙරෙහිය. එමගින් ඔබේ ව්‍යාපාරයත්, පෞද්ගලික ජිවිතයත් අතිශයින් සාර්ථක කර ගත හැකි වනු ඇත. Rs 800.00 Add to cart Buy
Adaraneeya Demapiyani දරුවන් සිටින නූතන දෙමාපියන්, වෙනස් වන සමාජයක ජීවත්වන නූතන දෙමා පියන්, වෙනස් වෙමින් විපරිත වන සමාජයක ජීවත්වන දෙමාපියන්, තමාගේ භූමිකාව නිවැරදිව හඳුනා ගෙන තිබෙන්නේ ද? දරුවන් බිහි කළ ද, දරුවන්ට ඉගැන්වීමට මහන්සි ගත්ත ද, බොහෝ දරුවන් අසාර්ථක වීම හේතුවෙන් දෙමාපියෝ කණස්සල්ලට පත් වෙති. ඇතැම් දරුවන් අධ්‍යාපනයෙන් සාර්ථකත්වයක් ලැබුව ද, ජීවිතය අසාර්ථක කරගන්නා අන්දම ද නිරීක්ෂණය කළ හැකිය. ඊට හේතු කවරේ ද? තමන්ගේ දරුවන් වෙනුවෙන් මාපියන් තම භූමිකා අර්ථ සම්පන්න අන්දමින් ගොඩනගා ගැනීමට අවශ්‍ය අවබෝධය හා විනය, ඥානාලෝකයක් සේ තමන් සන්තක කරගන්නේ කෙසේ ද? මේ ප්‍රශ්න සඳහා උත්තර විවිධ මානයන්ගෙන් දෙමාපියන්ට ලබා දීමට, ගුරු භවතුන්, පාසල් ප්‍රධානීන් මෙන් ම, කතුවරයා දරා තිබෙන උත්සාහයන් ඔස්සේ මේ පොත දෙමාපියන් උදෙසා සම්පාදනය කර තිබේ. Rs 850.00 Add to cart Buy
Bhinonmadaya භින්නෝන්මාදය මනස ලෙඩ කරන උග්‍ර මානසික රෝගයකි. මානසික රෝග අතර වැඩියෙන් කතාබහට ලක්වන රෝගය ද එයයි. ලෝකයේ ජනගහනයෙන් 1% ක් පමණ මෙම රෝගයෙන් පෙළෙයි. රෝගය පරම්පරාවෙන් පරම්පරාවට පැතිරයාමේ අවදානම ඇත. රෝගය හට ගැනීමට මුල් වන නිශ්චිත හේතූන් තවමත් නොදනී. එ නමුදු රෝගය ඇතිවීමට බලපෑ හැකි අවදානම් සාධක සමහරක් ගැන කරුණු අනාවරණය වී තිබේ. කෙසේ හෝ රෝග ලක්ෂණ ඇති කිරීමට හේතු වන්නේ, මොළයේ ඩොපැමින් ස්නායු සෛලවල, ඩොපැමින් ස්නායු රසායනික සංයෝගයේ අධි ක්‍රියාකාරීත්ව යයි විශ්වාස කෙරේ. රෝගයේ අවධි දෙකකි. මුල් අවධිය තීව්‍ර අවධියයි. තීව්‍ර අවධියේදී කලින් හඳුනාගෙන, නිසි ප්‍රතිකාර කිරීම තුළින් රෝගය හොඳින් පාලනය කළ හැකිය. මුල් තීව්‍ර අවධියේ ප්‍රතිකාර ප්‍රමාද කිරීම, නිසි ප්‍රතිකාර නොකිරීම, රෝගය නැවත නැවත හට ගැනීමටත්, පාලනය කිරීමට අපහසු, වඩා අහිත කර වූ, නිදන්ගත අවධියට යාමටත් හේතු වේ. Rs 670.00 Add to cart Buy
Adarayai Karunavai ආදරය මෙන්ම කරුණාව ස්ථාවර හෝ තද දෙයක් නොවන බව පැහැදිලිය. හැම මිනිස් සිතකටම ආදරය සහ කරුණාව ජීවන මිහිර විඳින්නට නම් අවැසිමය. හැම මිනිස් සිතකම ආදරය මෙන්ම කරුණාව උපදී. එපමණක් නොව, හැම මිහිස් සිතකින්ම ආදරය සහ කරුණාව ගිලිහීයාම ද ස්වභාවයකි. මට සිතෙන්නේ එය, පිපී දිලුණ මලක් පරව බිම පතිත වීමට සමාන බවයි. එනමුත් ඒ මල් ගසෙහි තව මල් පිපී දිලෙන බව ද අමතක නොකළ යුතු කාරණයකි. කලින් පිපී දිලුණ මල පරව බිම පතිත වූ බව සිහි කර, අලුතින් පිපිණු මල නො දැකීම, එහි සුවඳ නොවිඳීම, නොමනාය. එය වරදකි. මේ දහම වටහා ගැනීම මිනිස් සිතට අවැසි ආදරය සහ කරුණාව උරුම කර ගැනීම විෂයෙහි ඉතා වැදගත්ය. Rs 750.00 Add to cart Buy
Adaraya Danenna Jeewathwenna කර්තෘ ගෙන්... මේ පොත රචනා කර තිබෙන්නේ අඹු සැමියන් වීමට අපේක්‍ෂා කරන අයටත් අඹු සැමියන් ලෙස ජිවිතගොඩනගා ගත් අයටත් කියවීමට ය. පැහැදිලි හේතු සාධක ඇතිව හෝ නැතිව යුග දිවිය ව්‍යාකූල කරගෙන දරුවන්ට ද අනර්ථයම සිදු කරන ස්වාමි පුරුෂයන් හා භාර්යාවන් කිහිප දෙනෙක් හඳුනා ගැනීමට මේ පොතෙන් අවස්ථාව උදාවේ. ඉතා අකාරුණික ජීවිත ගත කරමින් හෙම්බත් වී සිටින ඇතැම් පුද්ගලයන් නිර්ව්‍යාජ ආත්ම භාෂණ ඔස්සේ තම ජීවිත ආලෝකවත් කර ගත් අතර සමහරු දර දඬුවම ජීවත් වන නිසා ජීවිතාවබෝධයෙන් තමන්ගේත් තම දරුවන්ගේත් ජීවිත ප්‍රකෘති තත්වයට පත්කර ගැනීමට අසමත් වී සිටිති. මෙය කියවන පාඨකයන් ගෙන් අපේක්‍ෂා කරන්නේ තම ජීවිතාවබෝධය පුළුල් කරගැනීමට කිසියම් ආලෝකයක් මෙයින් අත් කරගත හැකිදැයි සලකා බලන ලෙසය. Rs 880.00 Add to cart Buy
Sithaka Wehesa - Swami Purushayange Paminili "සිතක වෙහෙස ' නැමැති මේ පොතේ අන්තර්ගත වන්නේ, විවාහක පුරුෂයන් තමන්ගේ ජීවිතය, තමන්ගේ භාර්යාවන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරි තත්වයකට පත්වී යයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරය. ඇතැම් ස්වාමි පුරුෂයන් උගත් කමින් සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස් කම් පළ කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සදහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කීපයකි. ඒ අතර කන්දොස්කිරියාව, නිදහස සම්බන්ධ තත්වයන්, ලිංගික ජීවිතය කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැති කම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන් ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ. මෙහි අන්තර්ගත විස්තර කියවන කවරෙකුට වුව එය පැහැදිලි වනු ඇත. Rs 850.00 Add to cart Buy
Adhyapana Manovidyawa Ha Guruwaraya අධ්‍යාපන මනෝ විද්‍යාව දිනෙන් දින දියුණු වන විෂය ක්‍ෂේත්‍රයකි. මෑත කාලීන පර්යේෂණ වලින් හෙළි වූ තොරතුරු ද සහිතව ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තියෙහි නියැලි ගුරු මහත්ම මහත්මීන්ටත්, දරුවන් හදා වඩා ගැනීමේ නියුතු දෙමාපියන්ටත් වඩාත් උපකාරී වන ග්‍රන්ථයක් ලෙස අධ්‍යාපන මනෝ විද්‍යාව හා ගුරුවරයා පොත සැකසී ඇත. දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සියලුම ගුරු පුහුණු පාඨමාලා වල අධ්‍යාපන මනෝ විද්‍යාව විෂයයට පාඨ ග්‍රන්ථයක් ලෙස මෙය නිර්දේශ කොට ඇත. Rs 2,000.00 Add to cart Buy
Manasika Suvathava Sadaha Sarala Bavana Abyasa තමා කරනු ලබන කාර්යය සඳහා සිත සංකේන්ද්‍ර කරගෙන, මනස සංසුන් කරගනිමින්, සිතසතිමත්ව තබා ගැනීම, අධ්‍යාපන සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. නව තාක්ෂණ විද්‍යාත්මක ලෝකයේ අප කිසිවකුට බාහිර පරිසරය හෝ භෞතික ලෝකය හෝ පාලනය කළ නොහැකි බවට සැකයක් නැත. පණිවුඩ චන්ද්‍රිකා හරහා හුවමාරු වන පණිවුඩ කෝටි ගණනක් මේ මොහොතේ ද ක්‍රියාත්මක වේ. බාහිර සාධකවල බලපෑම වැඩි වීම නිසා ශිෂ්‍යයන්ගේ ඇතුළතසාමය යටපත් වී ඇත. මෙම මානසික අර්බුදය, අසහනකාරී බව සමග සිත සංසුන් කර තබාගෙන, සිත ඒකාග්‍ර කරගෙන ඉගෙන ගැනීමට අපහසු ය. මෙම පොතෙන් ඉදිරිපත් කරන මානසික සුවතාව සැඳහා සරල භාවනා අභභ්‍යාස ඇතුළාන්තසිත සංසුන් කර, චිත්ත බලය ශක්තිමත් කර, මනෝ සංවර්ධනය සඳහා අවශ්‍ය නිසි මග පෙන්වීම කරනු ඇත. ළමයින් මානසික ව වික්ෂිප්ත ව, මත් පැන්, මත්ද්‍රව්‍ය, දුම්පානයට හා අපවාරයට සාමට පෙර. නවීන සන්නිවේදන මාධ්‍ය වල බාල බොළඳ විසුක දසස්න වලට හසු වීමට පෙර, අපේ දරුවන් බේරාගත යුතුම ය. සියල්ල වැරදුනාට පසු දරුවන්ට හෝ වෙනත් බාහිර ආයතන වලට හෝ දොස් කීමෙන් පලක් නැත. අඳුරට කෙතරම් සාප කරමින් සිටියත්, එහි ආලෝකයක් හට නොගනු ඇත. අප සුළුවෙන් හෝ ඉටිපන්දමක් පත්තු කළ යුතුම ය. මේ පොත එම අවිඳු අඳුර පලවා හැරීමට යෝග්‍ය විදක ආලෝකයක් වනු ඇත. Rs 600.00 Add to cart Buy
Out-of-Stock Sampath Akarshanaya Karagatha Haki Maga Out-of-Stock ඔබගේ ජීවිතයට නව ආලෝකයක් හා මග පෙන්වීමක් ලබාගත හැකි ප්‍රායෝගික මනෝ විද්‍යා අත්පොතකි. මේ පොත මගින් ඔබගේ දිවිය ආලෝකමත් කිරීමට නිවැරදි මාර්ගෝපදේශනයක් ලැබේ. ඔබ ඔබ කෙරෙහි ම විශ්වාසය තබන්න. ඔබේ උත්තරීතර ආත්මය හඳුනාගන්න. ඔබ කැමති කවර දෙයක් වුවද ආකර්ෂණය කරගන්න. ආත්ම සංවර්ධනයේ ඉහළ තලයකට ළඟා වන්න. ඉහළ තලයකට ළඟා වීමට, පුරුදු වෙනස් කරගන්න. සියලු සිතිවිලි ධනාත්මක දිශානතියකට යොමු කරන්න. ධනාත්මක සිතිවිලි ජීවිතයට බද්ධ කරගන්න. ගැටලු විසඳා ගැනීමට සිතේ බලය දියුණු කරගන්න. කොන්දේසි විරහිත ව, සීමා රහිත ව ආදරය කරන්න. ඔබගේ වැදගත්කම හා වටිනාකම වැඩි දියුණු කරගන්න. අතීත තුවාල හා වණ කැළල් සුවකර ගන්න. කෘතඥතාව හා ත්‍යාගශීලි බව ජීවිතයට බද්ධ කරගන්න. ඔබට සැබැවින් ම සාර්ථක ජීවිතයක් ගත කළ හැකි ය. ඔබගේ පුස්තකාලයේ තිබිය යුතුම හස්තසාර ග්‍රන්ථයකි. Rs 400.00 Details View details
Uda Wu Yawwanaya වර්තමාන යොවුන් පරපුරට මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතිහාසයේ අන් කවර කලක හෝ මානවයන්ට මුහුණ දීමට සිදු නො වූ තරම් වූ ගතික සමාජයකට ය. නව විද්‍යා තාක්ෂණ දියුණුවත්, ගෝලීයකරණය වූ ආර්ථික ක්‍රියාවලියත්, සන්නිවේදන හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුව ඇති විප්ලවාත්මක ප්‍රසාරණයත් හමුවේ සමාජයට ගලා වන තොරතුරු කන්දරාව තුළ, කළ යුතු හා නොයුතු දේ කුමක්දැ යි තෝරා බේරා ගත නොහැකි ව යෞවනයෝ අන්දමන් ද ව සිටිති. මේ සංස්කෘතික කම්පනයට ඔරොත්තු දීමට කළ යුතු හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවදි බවක් ඇති කරලීම හා ගත හැකි ක්‍රියාමාර්ග වලින් යෞවනයන් දැනුවත් කරලීම යුග අවශ්‍යතාවක් ව ඇත. Rs 500.00 Add to cart Buy