Piriven Sisunge Manasika Getalu Saha Manovidya Upadeshanaya කර්තෘ ගෙන්... පිරිවෙන් ශිෂ්‍යයන්ගේ මානසික ගැටලු (Mental Problems) හඳුනාගැනීමත්, හඳුනාගත් ගැටලු විෂයෙහි මනෝවිද්‍යා උපදේශනය (Psychology Counselling) යොදා ගැනීමේ යෝග්‍යතාව පිළිබඳ මානක සෞඛ්‍ය පදනම් (Mental Health) කරගත් ප්‍රතිකාරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කිරීමත් මෙම පරීක්ෂණයේ අරමුණයි. Rs 350.00 Add to cart Buy
Daruvanda Sameepa Weemata Nam සංකීර්ණ වෙමින් පවතින සමාජ වටපිටාවක තම දරුවා කෙසේ හදා වඩා ගන්නේ දැයි දෙමාපියන්ගේ සිත් තුළ පවතින කුතුහලයකි. තමන් යුග දිවියට පිවිසීමේ දී ඇති කර ගත් සුන්දර අරමුණු ව්‍යාකූල කර නොගෙන නිර්ව්‍යාජ සිතුවිලි සහිත පුද්ගල පෞරුෂයෙන් හෙබි දරුවෙක් සඳහා මෙහි ඇතුළත් ධර්මතා උපයෝගී කර ගත හැකිය. දරුවන් තුළ ඇතිවන චිත්තවේග පාලනය කර ගැනීම සහ එයින් අධ්‍යාපනය සාර්ථක කර ගැනීම පිළිබඳ මනා පරිචයක් මෙම කෘතිය පරිශීලනයෙන් ලැබේ. Rs 190.00 Add to cart Buy
Manasika Akramikatha ha Inmideema මනෝ විද්‍යාත්මක උපදේශනය විෂය මෙකල වෙනදාට වඩා ව්‍යාප්ත වෙමින් පවත්නා බව පෙනීයයි. විශ්වවිද්‍යාල, රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතන මගින් ද විවිධ මට්ටමේ උපදේශන පාඨමාලා රැසක් පැවැත්වේ. "අසාමාන්‍ය මනෝවිද්‍යාව" ඒ සියලු පාඨමාලා සඳහා පොදුවේ අත්‍ය වශ්‍ය අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු විෂයකි. අසාමාන්‍ය වූ මානව චර්යා තේරුම් ගැනීමට එම දැනුම අවශ්‍ය වන බැවිනි. අසාමාන්‍ය මනෝ විද්‍යාවේ 'මානසික අක්‍රමිකතා හා ඉන් මිදීම' නම් වූ මෙම කෘතිය පෙරකී සියලුම පාඨමාලා විද්‍යාර්ථින්ගේ අවශ්‍යතා ඌන පූරණය පිණිස සම්පාදනය කරන ලද්දකි. එම පාඨමාලා විෂය නිර්දේශ වල අන්තර්ගත වන සියලු මානසික අක්‍රමිකතා මෙම කෘතියෙහිලා සරළ සුමග ලෙස විස්තර කොට කියා දෙනු ලැබේ. Rs 680.00 Add to cart Buy
Athathiya - Api Dawemuda, Niwemuda ලෝක ප්‍රකට වෛද්‍ය විද්‍යා ලේඛක විනායි ජෝෂි ගේ 'STRESS - Form Burnout to Balance' කෘතියේ සිංහල අනුවර්තනය ලීලනන්ද ගමච්ච් මහතා විසින් ' ආතතිය අපි දැවෙමුද? නිවෙමු ද?' ලෙස සිංහලයට අනුවර්තනය කර ඇති අතර මෙම කෘතියේ සුවිශේෂී ප්‍රබලතාවක් වන්නේ, ආතතියේ හැම අංශයක්ම ජීවිතයේ හැම අංශයකටම බලපාන ආකාරය තියුණු විමර්ශනයකට යොමු කිරීමයි. එසේම, පෞරුෂය, ප්‍රජනනය, ජීරණය, ප්‍රතිශක්තිය, විෂාදය, ස්මෘතිය, වියපත් වීම, දිය වැඩියාව, හෘදයාබාධ ආදියට එහි බලපෑම ගැන කතුවරයා සැලැකිලිමත් වෙමින් ග්‍රන්ථය රසවිදින පාඨකයාහට ඉතා ඉහල රසවින්දනයකින් යුතු ග්‍රන්ථයක් නිර්මාණයක් ඉදිරිපත් කර ඇත. Rs 880.00 Add to cart Buy
Manasa Puhunu Kireema කර්තෘ ගෙන්... ‛සංවර්ධනය මේ ග්‍රන්ථයෙහි අරමුණ වේ. ඔබ සෞඛ්‍යය දියුණු කර ගැනීම ගැන, ආත්ම විශ්වාසය පුහුණු කර ගැනීම ගැන, මතකය තහවුරු කර ගැනීම ගැන, සිතෙහි එකඟ කම ඇති කර ගැනීම ගැන, ආකර්ෂණීය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්මය පරිපූර්ණ කර ගැනීම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සන්තුෂ්ටිය ගැන උනන්දු වන්නෙහි නම්, මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා ඔබට උදවු වෙයි.’ Rs 880.00 Add to cart Buy
Upadeshana Manovidyawe Mulika Sankalpa 'උපදේශන මනෝවිද්‍යාවේ මූලික සංකල්ප' යන මෙම කෘතිය ආචාර්ය සමුද්‍රා සෙනරත් මහත්මිය විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය තුළ මූලික වශයෙන් උපදේශන ක්‍රියාවලිය තුළ උපදේශනය හා උපදෙස් දීම යනු කුමක්ද? උපදේශනය සහ උපදෙස් දීම අතර ඇති වෙනස කුමක්ද , මනෝප්‍රතිකාර ක්‍රම , මනෝවිද්‍යාව, මනෝවිද්‍යාඥයා හා මනෝවෛද්‍ය භූමිකාව උපදේශන ක්‍රියාවලිය හා සම්බන්ධ වන්නේ කුමන ආකාරයකටද එසේම නිවැරදි පාසල් උපදේශනයක් තුළින් දරුවන් යහපත් මාර්ගයට ගන්නේ කෙසේද ? යන මෙවැනි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබදව සංශිප්තාත්මකව කරුනු ගොනු කර උපදෙශනාත්මක ග්‍රන්ථයක් ලෙස පාඨක ඔබ අතට පත් වන ග්‍රන්ථයකි. Rs 680.00 Add to cart Buy
Manasika Athathiya කර්තෘ ගෙන්... වර්තමාන සංකීර්ණ සමාජය තුළ ජීවත් වන මනුෂ්‍යාගේ මනස, නිරතුරුවම විවිධ අභියෝගයන් වලට බඳුන් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මානසික ආතතිය ඔහුගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත් වී තිබේ. එය මිනිසාගේ මානසික හා ශාරීරික යහ පැවැත්මට පමණක් නොව ඔහුගේ ජීවිතයටද තර්ජනයක් ගෙන දීමට හේතු වන ප්‍රබල සාධකයක් වී තිබේ. මානසික ආතතිය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති කම නිසා අද බොහෝ දෙනා, එයට නිසි අයුරින් මුහුණ දීමට නොහැකිව, නිරතුරුව පීඩා විඳිති. මේ නිසා මානසික ආතතිය හඳුනා ගැනීමත්, එයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය උපාය මාර්ගයන් ගැන ඉගෙනිමත් හා එය පාලනය කර ගැනීමට උත්සාහ කිරීමත් මඟින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. මානසික ආතතියට සාර්ථකව මුහුණ දීම තුළින් යහපත් මානසික, ශාරීරික හා ආධ්‍යාත්මික සෞඛ්‍යයක් ඇති කර ගැනීමට අප කා හටත් හැකියාව ලැබේ. Rs 530.00 Add to cart Buy
Out-of-Stock Swarnamaya Horawa Out-of-Stock ජීවිතය ජය ගැනීමට අප බහුතරයකට ඇත්තේ නොහිම් ආසාවක්. ඒත් හැම දෙනෙකුම ඒ සඳහා අවැසි කැප කිරීම සහ වගකීම උර දැරීමට තරම් බුහුටි වන්නේ නැත. මේ විශ්වය ලෝකයේ වෙසෙන සිය සියළු අනුගාමිකයින්ට සමානව මවා ඇති එකම දෙය කාලය යැයි කිව හැකිය. මෙලොව වෙසෙන පළමු පෙළේ ධන කුවේරයාටත් අතු පැළක දිවිගෙවන දුගියාටත් මවා ඇති කාලය දිනකට පැය 24 ක් පමණයි. මේ කාලය ක්‍රමවත්ව කළමනා කරණය කර ගනිමින් ජීවිත සාර්ථකත්වයට ළඟා කරගන්නේ කෙසේද ? Rs 1,400.00 Details View details
Minis Diwiye Arutha Soya මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ට, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න්‍යායය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජිවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතුවරයා ඕස්විවිටස්හි සහ වෙනත් වද කඳවුරු තුළ ගත කිරීමෙන් අනාවරණය කර ගත් ඉෂ්ටාර්ථ චිකිත්සාව, මානසික ව හෝ ආධ්‍යාත්මික ව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන්ගේ පෞරුෂ ගැටලු නිරාකරණය සඳහා දායක වන නවීන හා සුඛවාදී එළැඹුමක් වේ. " පසුගිය වසර පනහ තුළ ලෝකයේ මනෝ විද්‍යා චින්තනයට කරන ලද ප්‍රධාන ම දායකත්වය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය " කාර්ල් ආර්. රොජර්ස් (ප්‍රකට මනෝ විද්‍යාඥ ) Rs 980.00 Add to cart Buy
Daraka Manovidyawa මෙය ළමා මනස පිළිබඳ මනෝවිද්‍යාංශයට අයත් ග්‍රන්ථයකි. දරුවා මානසික වශයෙන් හා සාමාජීය වශයෙන් වර්ධනය වන ආකාරය මෙහි විස්තර වෙයි. මූලික වශයෙන් කතුවරයා උත්සහ කර ඇත්තේ දරුවාගේ පරිණතභාවය හා වර්ධනය පිළිබඳ විවිධ අවස්ථා දරුවාගේ වර්ධනය කෙරෙහි අවට පරිසරය බලපාන අයුරු මෙන්ම, දරුවා ඉපිද සිටින -ඔහු ඇති දැඩි වන සමාජයේ සාමාජිකයනුත් දරුවොත් අතර ඇති සාමාජික හා මානසික සම්බන්ධතා පිළිබඳ කරුණු ගෙනහැර දැක්වීමටය. Rs 200.00 Add to cart Buy
Wayadhi මේ පොත කියවා බැලීමි. ග්‍රන්ථකර්තෘ මහතා අනුන් කී පමණින් හෝ පොත්වල ඇතුලත් දෑ කියවීම් පමණින් නොනැවතී භාවනා මගින් අත්දුටු දෑ පැවසීමට මහත් ප්‍රයාශයක් ගන්නා බව පෙනේ. ගැඹුරු අදහස් වලින් පිරුණු මේ පොත සෙමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කළොත් විශ්වය හා එහි ප්‍රතිවිරුද්ධ පැත්තත්, ගැන සැලකිය යුතු අවබෝධයක් ලැබිය හැකි වෙතැයි සිතමි. බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය ස්ථර. Rs 190.00 Add to cart Buy
Out-of-Stock Sarthaka Jeewithaye Rahasa Out-of-Stock අන් අය සතුටින් ජීවත්වන නමුත් තමන් ගත කරන ජීවිතයේ සතුටක් නැතැයි. සිතන අයට ද, කෙතරම් උත්සාහ කළත් සතුටින් ජීවත්වීමට නොහැකියයි සිතන අයට ද, ජීවිතයේ වැදගත් කඩයිම් වෙත අවබා්ධයෙන් මුහුණදීමට දැනුමක් අවශ්‍යයි සිතන අයට ද මෙය බෙහෙවින්ම ඵලදායක අත් පොතකි. Rs 600.00 Details View details