Psychology

Out-of-Stock

Bauddha Ha Batahira Mano Chikithsava

Out-of-Stock
ත්‍රිපිටකය මූලාශ්‍ර කරගනිමින් බෞද්ධ මනෝ චිකිත්සාව පිළිබඳව සහ බටහිර න්‍යායන් උපයෝගී කර ගනිමින් බටහිර මනෝ චිකිත්සාට පිළිබඳව ද වඩාත් පුළුල් වශයෙන් සාකච්ඡා කොට ඇති මෙම කෘතිය නූතන උපදේශන විෂය ක්ෂේත්‍රයට කළ මහඟු සේවයක් සේ අගය කළ හැකි ය. 

Abhipreranaya saha Bauddha Samuththejana Sankalpaya

අභිප්‍රේරණ සංකල්පය බටහිර මනෝවිද්‍යාව තුළ සඳහන් වුව ද එය සියලු විෂය ක්ෂේත්‍රයන්ට පදනම් වන මූලික දාර්ශනික සිද්ධාන්තයකි. බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය යන විෂයන් තුළද එහි අර්ථය සහ භාවිතය මොනවට ප්‍රකට කෙරේ. බුදු දහමෙහි අනන්‍යතා ලක්ෂණ විග්‍රහ කරමින් අභිප්‍රේරණ සංකල්පය පළමු වරට බෞද්ධ සමුත්තේජනය නමින් මෙහි දී හඳුන්වා දී ඇත.
Rs 550.00

Budu Samaya Eliya Karana Manovidyathmaka Lakuna

බුදු සමය එලිය කරන මනෝවිද්‍යාත්මක ලකුණ නම් මෙම කෘතිය ගුණසිරි බණ්ඩා වීරසූරිය මහතා විසින් රචනා කරන ලද කෘතියක් වන අතර මෙම කෘතිය රචනා කිරීමෙදී ඔහු විසින් පැරණි බෞද්ධ සාහිත්‍ය පොත් පත් ගණනාවක් පරිශීලනය කර ඇති අතර ඒ අතර තුන් පිටකයෙහි පූජනීය ග්‍රන්ථ සම්භාරයෙන් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ද එමෙන්ම සද්ධර්මය අඩංගු වෙනත් දහම් ග්‍රන්ථ සහ බොදු දහමේ උතුම් සාහිත්‍ය කෘතිය වන පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ද පරිශීලනය කරමින් කරුණු ගොන්නක් පිරි කෘතියක් ලෙස එළි දක්වා ඇති කෘතියකි.

Rs 525.00

AdhiManasika Widyava Saha Budu Dahame panena Prathiharya

'අධි මානසික විද්‍යාව සහ බුදු දහමේ පැනෙන ප්‍රාතිහාර්ය' නම් මෙම කෘතිය තුළ ශාස්ත්‍රීය ලෝකයාගේ වැඩි අවධානයට ලක් නොවුණු මිනිස් ජිවිතයේ එක් පැති කඩක් වූ මනස පිළිබඳ අධ්‍යයනය අවධානයට පාත්‍ර වී ඇති අතර මෙම විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ ව ලියැවුණු ග්‍රන්ථ ඉතා විරල යුගයක. මෙම කෘතිය තුලනාත්මක හා විචාරාත්මක ශාස්ත්‍රීය ශික්ෂණයකින් යුක්ත දුබල ගණයේ නිර්මාණයකි. එසේ ම මෙම විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ පර්යේෂණ සිදු කරන විද්‍යාර්ථීන්ගේ දැනුමෙහි නිම් වළලු පුළුල් කිරීම සඳහා අවශ්‍ය මූලික මඟ පෙන්වීම මේ තුළින් සැපයෙන බව නොඅනු මානය.   
Rs 413.00

Bauddha Manovidyawa

කර්තෘ ගෙන්..
බෞද්ධ දර්ශනය මනෝ කේන්ද්‍රීය දර්ශනයකි. එහි සෑම සිද්ධාන්තයක් ම මනස සහ එහි ක්‍රියාකාරිත්වය මූලික කොට ඉදිරිපත් කර ඇත. මනස කේන්ද්‍ර නොවූ ඉගැන්වීමක් බෞද්ධ දාර්ශනික සිද්ධාන්ත තුළ නොමැති තරම් ය. බෞද්ධ මනෝ විද්‍යාව නමැති මෙම කෘතිය මනස පිළිබඳ බෞද්ධ දර්ශනය තුළ ප්‍රකට වන ඉගැන්වීම් පිළිබඳ මූලික ඉදිරිපත් කිරීමක් වැනිය. 
Rs 1,380.00
Out-of-Stock

Sarusara Diviyakata Subawadi Salasmak

Out-of-Stock
ධනාත්මක චින්තනය පිළිබද ලෝක ප්‍රකට ලේඛකයන් වන නොයෙල් විටිටේකර් සහ චින් යුන්ග් කෙඔන්ග් ගේ 'Getting it Togeher' නම් විශ්ව ව්‍යාප්ත ග්‍රන්ථයේ සිංහල අනුවර්තනය වන 'සරුසාර දිවියකට සුබවදි සැලැස්මක්' නම් මෙම කෘතිය ලීලානන්ද ගමාච්චි මහතා විසින් සිංහලට අනුවර්තනය කරන ලද කෘතියකි මනුෂ්‍ය වර්ගයාට පමණක් හිමි වී ඇති සුවිශේෂ කුසලතාවක් වන චින්තන හැකියාව තම ජීවිතයේ උපරිම සාර්ථකත්වය සඳහා උපයෝගී කර ගැනීම, මනෝ විද්‍යා ක්ෂේත්‍රයේ නවීනතම නැඹුරුව වී ඇත. එය ධනාත්මක චින්තනය නමින් හැදින්වේ. 
පරිපූර්ණ චින්තනය හෙවත් යුක්ත චින්තන හැකියාව අත්පත් කරගන්නා තරුණ අවධියේ දී ම ධනාත්මක චින්තනය හුරු කර ගැනීමට සමත් වන යම් අයෙක් වේ නම්, ඔහු ගේ ජීවිත සාර්ථකත්වය නියත සහ උපරිම වනු ඇත. 
මෙම ග්‍රන්ථය, තමා ජන්මයෙන්ම උරුම කරගෙන ඇති සැබෑ ශක්‍යතාව අනාවරණය කර ගැනීමටත්, එය උපරිමව භාවිත කිරීමටත් තරුණ ප්‍රජාවට කියා දෙයි. 
 
Out-of-Stock

Dimenshiyava

Out-of-Stock
කර්තෘ ගෙන්..
ඩිමෙන්ෂියා රෝගීන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඔවුන්ව රැකබලා ගන්නන් සඳහා අත්‍යා වශය කියැවීමක් වන මෙම කෘතිය එළි දැක්වීම පිළිබඳව විශේෂඥ වෛද්‍ය අජිනි අරසලිගම් මහත්මියට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් මගේ සුභාශිංෂණ එක් කරමි. ඩිමෙන්ෂියා රෝගයට ලක්වූවන් සහ ඔවුන්ගේ පවුලවල සාමාජිකයින් මුහුණ දෙන අභියෝග අප්‍රමාණය. ඩිමෙන්ෂියාවට ලක් වුවද ප්‍රශස්ථ ජීවන මට්ටමක් පවත්වා ගෙන යෑම සඳහා කළ හැකි දෑ බොහෝය. ඒ සඳහා ඩිමෙන්ෂියාවට හේතු වන සාධක සහ ඒවා වලක්වා ගන්නා ආකාරය වටහා ගැනීම ඉතා වැදගත්ය. ශ්‍රී ලාංකික ඩිමෙන්ෂියා රෝගීන්ට සහ ඔවුන් රැක බලා ගන්නා පුද්ගලයින් හට ඔවුන් මුහුණපා සිටින අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද යන්න වටහා ගැනීම සඳහා මෙම කෘතිය ඉතා වැදගත්ය. මෙය භාෂා ත්‍රිත්වයෙන්ම රචනා කොට තිබීම සහ එහිදී භාවිතා කොට ඇති සරල සුගම භාෂා ශෛලිය පාඨකයා ඇද බැඳ තබා ගැනීමට සමත් වන අතර ම ශ්‍රී ලාංකීය සෞඛ්‍ය කේෂත්‍රයට ඉමහත් සේවාවක් ඉටු කරයි. වර්ෂ 2017 ලෝක ඩිමෙන්ෂියා දිනය සමරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ යාපනය වෛද්‍ය සංගමය එක්ව පවත්වනු ලබන ප්‍රාදේශීය සැසි වාරයේදී මෙය එළි දක්වන්නට හැකි වීම පිළිබඳව ඉතාමත් ම සතුටු වන අතර මෙහි කතුවරුන් වන විශේෂඥ වෛද්‍ය අජිනි අරසලිගම්, වෛද්‍ය අචල ජයතිලක සහ වෛද්‍ය එන්. වසී කරන් යන වෛද්‍ය වරුන්ට සුභ පැතුම් එක් කරමි.
 

Manaram Manasa

කර්තෘ ගෙන්...
දක්ෂ ගුවන් නියමුවෙකු මෙන්ම සුප්‍රකට විද්‍යාඥයෙකු වූ, ඩෙනිස් වයිලිගේ Seeds of Greatnes හි සිංහල අනුවාදය මා ආශාවෙන් කියැවුයේ, එහි අනුවාදක දිවංගත ලීලානන්ද ගමාච්චි සූරීන්ට පින් සිදුවන්නටය. මේ පොත. ශ්‍රේෂ්ඨත්වයේ බිජුවට' කියවා බලන ලෙස පාඨකයාට යෝජනා කරමි. එහි අවසාන පරිච්ඡේදයේ තාරකා විසි කරන්නා නමැති රමණිය පරිච්ඡේදයට ඔබේ සිත යොමු කරමි. ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය අසල මුහුදේ විවේකයෙන් බිලී බාමින් සිටි ඩෙනිස් වසිස්ට්ලි, ප්‍රචණ්ඩ දිය වැලකට හසු වීමෙන් පසුව, අනූනවයෙන් ජීවිතය බේරා ගන්නේ, දෙපාවල බරපතල තුවාල සහිතවය. පසුදා, හෙතෙම ලොරේන් ඊල්ස්ලි ගේ 'තාරකා විසිකරන්නා ' පොත කියවන්නේ වෙරලේ ගල් කුළු අතර හිඳගෙන විවේකයෙනි. තාරකා විසි කරන්නා කෘතියේ සඳහන් වන අන්දමට, උනුන් පරයමින්, මහත් ‍ගිජු බවින් මුහුදු වෙරළේ සජීවී සිප්පි බෙල්ලන් එකතු කරන පිරිස් දෙස බලා සිටින වියපත් මිනිසෙකි. සජීවී තාරකා මඩුවන්, වැරෑටි, ඉතිරි සජීවී ප්‍රාණීන් එකතු කර ගන්නා පිරිස් පොර බදිමින් ඒවා රැස් කරන දෙස ඔහු බලා සිටියි. ඔවුහු, ඒ සප්‍රාණික කුඩා සතුන් වෙරළෙහි හෝටල්වලට විකුණති. ඒ හෝටල්වල උණු කේතල තුළ තැම්බෙන ජීවීන්, වෙරළට එන අමුත්තන්ට රසවත් ආහාර ලෙස අලෙවි කරති. එහෙත් මේ එකතු කරන්නන් අතර නිහඬව බලා සිටින වියපත් පුද්ගලයා, තාරකා මසුන් ඇතුළු අනෙකුත් සප්‍රාණික ජීවීන් අල්ලා දියට විසි කරන්නෙකි. " ඌට පණ තියෙනවා. ගැඹුරු ජලය තමයි එයාට හොඳ. ' කියමින් ඔහු තාරකා මාළු සහ අනෙක් ජීවීන් මුහුදට විසි කරයි. ජීවිතය යනු එකතු කරන දෙයක් නොවේ. ජීවිතයේ සතුට යනු, සෑම මොහොතකම ආදරය, කරුණාව සහ කෘතඥතාවය සමග ජිවත් වීම අත්විඳින අධ්‍යාත්මක අත් දැකීමක් බව, ඩෙනිස් වයිට්ලි පවසයි. ' මනරම් මනසින්' මා කරන්නට උත්සාහ දරුවේ එයයි. ඉතින් ඔබත් මේ පොත කියවා තාරකා විසි කරන්නෙකු වන්න මම ද තාරකා විසි කරන්නෙක් මී  
Rs 650.00

Igenum Manovidyave Nava Pravanatha 1

ඉගෙනුම් මනෝවිද්‍යාව පසුගිය දසක දෙක තුන තුළ ලෝකයේ වේගවත්ව ඉදිරියට ගමන් කළ විෂය ක්ෂෙත්‍රයක් වන අතර එම නව දැනුම කරා අපරට විද්‍යාර්ථින් රැගෙන යාමට ගන්නා ලද සාර්ථක උත්සාහයක් ලෙස " ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා '' නම් වූ මෙම කෘතිය සැලකිය හැකිය. මෙය සාම්ප්‍රදායික රටාවේ තවත් අධ්‍යාපන මනෝ විද්‍යා පෙළ පොතක් නොව, ඉගෙනුම් මනෝවිද්‍යාව ආශ‍්‍රිතව ජාත්‍යන්තර දැනුම් ගබඩාවේ ලොව වඩාත් ප්‍රචලිතව සාකච්ඡාවට බඳුන් වූ තේමා 10ක් අන්තර්ගත වූ අපූර්ව සංකලනයකි. ශාස්ත්‍රීය ග්‍රන්ථයක තිබිය යුතු ජීව ගුණය රැකගනිමින් ප්‍රායෝගික ව්‍යවහාරාත්ම කුසලතා පාඨකයාට පහසුවෙන් අර්ථ ගැන්වෙන ආකාරයට පුළුල් පරාසයකින් හෙබි තේමා ගොනුව නිර්මාණාත්මකව මෙන්ම සරල සුගම බස් වහරින් ද පෝෂණය වී ඇත. මෙම අගනා කෘතිය ගුරුවරුන් වන සියලු දෙනාටත්, මනෝ විද්‍යාව විෂය ඉගෙනුම ලබන විද්‍යාර්ථින්ට මෙන්ම උගන්වනු ලබන කථිකාචාර්යවරුන්ට, අධ්‍යාපන ප්‍රතිපත්ති කළමනාකරුවන්ට රිසි සේ පරිශීලනයට ඉතා වටිනා වින්දනාත්මක කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,000.00
Out-of-Stock

Jeevithaya Jayaganna

Out-of-Stock
කර්තෘගෙන්........ 
මෙම කෘතිය නිමා කිරීම සඳහා මා හට දෙවසරක පමණ කාලයක් ගත විය. මෙහි අන්තර්ගත සාරය මා දැන සිටි දේ මෙන්ම බටහිර චින්තකයන්ගෙන් උකහාගත් දේය. නොසැලී සිටීම සඳහා කෙනෙකු හට ආදර්ශයට ගත හැකි කරුණු දුසිම් ගණනක් මෙහි අන්තර්ගතය. 'ජීවිතයට දහම් පාසල' වැනි අනගි මාසික ප්‍රකාශනයක් නොතිබෙන්නට මෙවන් ලිපි මාලාවක් මා අතින් නොලියැවෙන්නට බොහෝ විට ඉඩ තිබිණි. ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන්ගෙන් මේ කෘතියට පෙරවදනක් ලැබීම අප හට කෙරුණු ගෞරවයකි. ප්‍රවීණ සිනමා විචාරක ගුණසිරි සිල්වා, අනිල් ජයවීර, ආනන්ද ගුණසේකර, නීල් ගුණසේකර යන සොයුරන් මෙන්ම තනුජා අයගම මෙනෙවියගෙන්ද මෙම කාර්යයෙහිලා ලද සහය අගය කරමි.  

Obe Diyunuwa Oba Thulamaya

ප්‍රවීණ මනෝ විද්‍යා උපදේශක  දිනුක මධුෂාන් වන්නිනායක මහතා විසින් රච්ත 'ඔබේ දියුණුව ඔබ තුළමය යන මෙම කෘතිය තුළ . ඔබේ දියුණුවට අවශ්‍ය මනෝවිද්‍යාත්මක කරුණු රැසක් අඩංගු අතර ඒ තුළින්, තමන් තුළ ඇති ශක්තීන් අවධි කර, තම දැනුම මෙහෙයවා යම් යම් උපක්‍රම මගින් ජීවිතයේ දියුණුව කරා ගමන් කරන අයුරු පහදා දේ. 
Rs 390.00
Out-of-Stock

Pudgala Paurusha Sanwardanaya Ha Mano Vidyathmaka Upadeshana Niyayan

Out-of-Stock
පුද්ගල පෞරුෂ සංවර්ධනය හා මනෝ විද්‍යා උපදේශනයේ න්‍යායාත්මක පදනම් පිළිබඳ සවිස්තර අධ්‍යයනයක් මෙම ග්‍රන්ථයේ අන්තර්ගත ය. සිග්මන්ඩ් ප්‍රොයිඩ්, වර්ක් එරික්සන්, කාල් රොජර්ස්, ඒ බ්‍රහම් මාස්ලො, හැන්ස් අයිසෙන්ක්, බග් ස්කිනර් වැනි මනෝ විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කළ න්‍යායයන් මෙහි අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය උපදේශන ක්‍ෂේත්‍රයේ නියැලි සැමට, තම විෂයය පිළිබඳ නිවැරදි විද්‍යාත්මක මූලධර්ම වටහා ගැනීමට උදවු වනු ඇත.
ඊට අමතර ව විශ්ව විද්‍යාල වල මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, අධ්‍යාපන විද්‍යාව හදාරන පූර්ව උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයන්ට, ප්‍රජා සංවර්ධනයෙහි හා සමාජ සේවා වැඩවල යෙදෙන සංවර්ධන නිලධාරීන්ට, ළමා රැකවරණය හා සංවර්ධනය පිළිබඳව කටයුතු කරන එම ක්‍ෂේත්‍ර වල නිලධාරීන්ට , උපදේශන මධ්‍යස්ථානවල සේවයෙහි නියුතු උපදේශකවරුනට ,පාසල් හා අනෙකුත් අධ්‍යාපන ආයතනවල උපදේශන සේවාවෙහි යෙදෙන උපදේශකවරුන්ට ,  හෙදි පාඨමාලා හදාරන හෙදියන්ට , අධ්‍යාපන ඩිප්ලෝමා, අධ්‍යාපන විද්‍යා පීඨ ඩිප්ලෝමා හදාරන ගුරු සිසුන්ට , ළමා ප්‍රවර්ධන කටයුතුවල නියැලි නිලධාරන්ට හා පරිවාස නිලධාරීන්ට මෙන් ම සෑම ගුරුවරයකුට හා දරුවන් හදාවඩා ගන්නා දෙමාපියන්ට ද අත් පොතක් ලෙස භාවිත කළ හැකි ය.