Rs 575.00
Best sellers
There are 2679 products.
Amavassa
අමාවැස්ස - බුදුරජාණන් වහන්සේ ගේ අසමසම පඥා මහිමය කරුණාව, දයාව, මුදිතාව, උපේක්ෂාව හා ලෝක සත්ත්වයා කෙරෙහි අනන්ත කැපවීම නිරූපණය කෙරෙමින් උන්වහන්සේ කෙරෙහි පවත්නා භක්තිය සිය දහස් වරකින් ඔප් නංවන, සමාධි සුව සිසිල දනවන මෑත යුගයේ බෞද්ධ සාහිත්යයට එක් වූ විශිෂ්ටතම කෘතියකි.
Rs 800.00
Dineka Kusinarave
Out-of-Stock
දිනෙක කුසිනාරාවේ - මේ අපූර්ව නවකතාවට පසුබිම් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ අසූ වියැතිව පරිනිර්වාණාභිමුඛව ගෙවූ ජීවිත සමයයි. කෘතියේ ප්රධාන කථකයා වෙමින් එම යුගය විවරණය කර දක්වන්නේ අග්ර උපස්ථායක, ධර්ම භාණ්ඩාගාරික අනඳ මහ තෙරිඳුන් විසිනි. මෙය පහන් සංවේගය දනවයි. සැදැහැ බැතිසිත් ඇත්තන්ගේ නෙතට කඳුළක් ගෙන එයි. භද්රජි මහින්ද ජයතිලක මේ සඳහා අශ්රය භූමි කොට ගෙන ඇත්තේ දීඝනිකායේ මහා පරිනිබ්බාණ සූත්රයයි.
Rs 1,230.00
Gihigedara
ගිහිගෙදර - වර්තමානිකයින් ගේ ආස්වාදනය ශික්ෂණය සඳහා එකට ඇඳිය හැකි ජාතක කතා කිහිපයක් තෝරා නවකතාවක් සේ ප්රතිනිර්මාණය කර ඇත.
Rs 800.00
Maha Mihindu Himi
මහ මිහිඳු හිමි
Rs 420.00
Jammavairaya - Wana Katha 3
ජම්මවෛරය - වන කතා 3 - වනකතා පොත් පෙළේ තුන්වැන්න ජම්මවයිරයයි. මිතුරන් කෙටවීම, මිතුරන්ගේ අගේ ලියූ යක්කඩුවේ නායක හාමුදුරුවන්ගේ ඊළඟ වනකතා පොත පොත වුණේ මේ ජම්මවයිරයයි. මුල් පොත් දෙක වගේම මේ පොතත් අමුතුම තාලයේ, අමුතුම විදියෙ පොතකි. වනකතා බණ කතා හැටියට ඉගෙන කියා ගත හැකි අමුතුම අමුතු පොතකි.
Rs 600.00
Ummagga Jathakaya - Sarala Basin
උම්මග්ග ජාතකය - සරල බසින් - උගත් නූගත් සියලු දෙනාටම පහසුවෙන් කියවා තේරුම් ගත හැකි වන පරිදි උම්මග්ග ජාතකය සරල සිංහල බසින් රචනා කර ඇත.
Rs 531.00
Theerthaya
තීර්ථය
Rs 325.00
Maharaja Gamunu
මහරජ ගැමුණු
Rs 990.00
Rs 350.00
Suvasu Siddha Yogeehu
සූවාසු සිද්ධ යෝගීහු - සිද්ධ යෝගීන් පිළිබඳව මෙම කෘතියේ අරටුව වන්නේ, "සූවාසූ මහා සිද්ධවරුන්ගේ ප්රවාද" නම් වූ ටිබැට් කෘතීන් ය. මෙම කෘතිය මට්ටම් තුනකින් අගය කළ හැක. මුලින් ම, ඓතිහාසික වශයෙන් ප්රසිද්ධියට පත් නාගාර්ජුන, සරහා, ලුයිපා, විරූපා ආදී සිද්ධවරුන්ගේ චරිතයන් ය. මෙහි පරිච්ඡේදවලට මාතෘකා ලෙස යොදා ඇත්තේ ද ඒ ඒ සිද්ධවරයාගේ නාමයන් ය. මෙම ග්රන්ථය සඳහා ඉදිරිපත් කොට ඇති හැඳින්වීම, බෞද්ධ තන්ත්ර සඳහා කෙරෙන හැඳින්වීමක් ද වන්නේ ය.
Rs 2,500.00
Asirimath Mihinthalaya
අසිරිමත් මිහින්තලය - ඓතිහාසික මිහින්තලා පූජා භූමියට ප්රවේශ වන ඔබට එහි ඇති පෞරාණික ස්ථාන නැරඹීමට අත්වැලක් සැපයීම මෙම ග්රන්ථයේ අරමුණයි.
Rs 790.00
Sabakolaya
සබකෝලය - මිනිසකුට මරණ බියට පසු ඇති ලොකුම බිය සභාවක් ඉදිරියේ කතා කිරීමේ බිය බව මම කුඩා කාලයේ අසා ඇත. ඒ මරණ බියට සමාන සබකෝල බිය අනන්ත අප්රමාණව මා විඳ ඇත. ඒ සඳහා පිළියම් මෙම ග්රන්ථය පරිශීලනය කිරීමෙන් ලබා ගත හැක.
Rs 1,000.00
Ancient Buddhist Philosophers
Ancient Buddhist Philosophers - This book gives a brief introduction to what is known about the life and background of these ancient Buddhist philosophers and scholars and their theories and viewpoints. A brief note on the ancient Indian Buddhist Universities where these great men studied and taught is included to complete the picture.
Rs 1,298.00
Sambhavya Bhikshu Adhyapanaya Ha Adhyapana Neethi
සම්භාව්ය භික්ෂු අධ්යාපනය හා අධ්යාපන නීති - මෙරට අධ්යාපනය පිළිබඳ සංක්ෂිප්ත, එහෙත් අත්යවශ්ය කරුණු අන්තර්ගත ඉදිරිපත් කිරීමක් මෙම කෘතියෙන් අරමුණු කෙරේ. හෙළ අටුවා යුගයේ සිට පාළි අටුවා කරණයෙන් අනතුරුව ටීකා හා ප්රකරණ බිහි වූ කාල වකවානුවල මහ සඟ රුවනේ අධ්යාපනය හා විශය පරිපාටිය ගැන මූලික ක්රම විධි ගෙන හැර දැක්වීමට යම් ප්රයන්තයක් දරා ඇත.
Rs 200.00
Mahanakama 03
මහණකම 03
Rs 425.00
Mahanakama 02
මහණකම 02 - සිරි සම්බුදු සසුන මහණකම 1 සැපයුනේ බොහෝ සෙයින් පැවිද්ද පිළිබඳව දැනුමක් ඇතිකර ගැනීම හා විශේෂයෙන් සාමණේර භික්ෂූන්ගේ ප්රයෝජනය සඳහා බැව් දන්වමි. එහි දෙවැන්න වන මෙය උපසම්පදාපෙක්ෂකයන්ට මෙන්ම අධිශීලය - උපසම්පදාව ලත් ස්ථවිරයන් වහන්සේගේ ප්රව්රජ්යාව සාර්ථක කර ගැනීමට උපකාර වන කාරණාවන්ගෙන් යුක්ත කිරීමට වෑයම් කළෙමි.
Rs 200.00
Mulsikha
Out-of-Stock
Mulsikha - Professor Risiman Amarasinghe intimated to us his yearing desire to write a Thesis on the "Mulsikha" or Monkish discipline in English. We are quite aware of his thorough knowledge of Sinhala and Pali. It is indeed profound. Hence we encouraged him further. Yet we entertained doubts in our mind whether he possessed the Buddhist Doctrine and that too on an abstruse text related to the discipline of the Buddhist clergy.
We are aware that he is a non-Buddhist ; in fact a Roman Catholic by persuasion but amazingly his research induce us to reject such a view. Until now scholars considered the name of this text as “Sikhavalanda”. Prof. Amarasinghe terms it “Mulsikha”. He employs his logical perception to reach such a conclusion.
This research not only displays Prof. Amarasinghe’s sound knowledge in linguistics but also his etymological erudition. Further he has based his research approach on Munidasa Kumarathunga’s analytical research and editing system.
In sri Lankan literature a research work on this book has not so far been produced. Hence it is with great pleasure that I introduce this scholarly work to the reader.

Rs 550.00
Shramana Sampradaye Aihithihasika Pasubima Ha Budusamaye Annanyathawa
ශ්රමණ සම්ප්රදායේ ඓතිහාසික පසුබිම හා බුදුසමයේ අනන්යතාව - මේ තුළින් කතුවරයා පෙරදිග අධ්යාත්මික ශික්ෂණයේ උපරිම ඵලය බුදුරජාණන් වහන්සේ බවත්, උන්වහන්සේ හඳුන්වා දුන් බුදුසමයත්, ශාක්යපුත්රීය සංඝ සංස්ථාවත්, ශ්රමණ සම්ප්රදායේ ආගමික කණ්ඩායම් අතරින් මතු වූ නවමු ඵලය බවත්, එහි ඓතිහාසික උරුමය මොහෙන්ජොදාරො-හරප්පා සභ්යත්වය දක්වා ඈත අතීතයකට දිවයන්නක් බවත් පර්යේෂණාත්මක විමර්ශනයෙන් හෙළි කරලීමට යත්න දරා ඇති බව පෙනේ. ප්රමාණයෙන් කුඩා වුවත් මෙම මහඟු පර්යේෂණාත්මක ග්රන්ථය බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ ඉතිහාසය හදාරණ ආධුනිකයන්ටත්, පර්යේෂණයන්හි නියැලෙන්නටත්, බෞද්ධ ශාස්ත්ර්රිය ගවේෂකයන්ටත් එක සේ ප්රයෝජනවත් වේ.
Rs 290.00
Rs 800.00
Arahath Sangamith Puda
අරහත් සඟමිත් පුද - සංඝමිත්තා තෙරණියන් වහන්සේගෙන් ලාංකික කාන්තාවගේ උන්නතිය අරභයා වූ මෙහෙවර අතිශයින් වැදගත් වන්නේ ය. ඒ සංඝමිත්තාවෝ පිළිබඳ බොහෝ විස්තර මෙම ග්රන්ථය තුළ අන්තර්ගත වේ.
Rs 500.00
Bhikkupathimokkan
භික්ඛුපාතිමොක්ඛං - භික්ඛු භික්ඛුනී පාතිමොක්ඛ ශික්ෂාපද අඩංගු වන්නේ විනය පිටකයේ සුත්තවිභංග නමින් හැඳින්වෙන පාරාජික පාලි හා පාචිත්තිය පාලි ග්රන්ථ දෙකෙහිය. උපෝසථ දිනයෙහි භික්ෂු භික්ෂුණීන්ගේ ප්රයෝජනය සඳහා ඉතා ඈත යුගයකදී ම එම සිකපද පමණක් සංග්රහ කිරීමෙන් භික්ඛු පාතිමොක්ඛයත්, භික්ඛුනී පාතිමොක්ඛයත් බිහිවිය. දැනට මුද්රණයෙන් බිහි වී ඇති පිටපත් ප්රමාණවත් සංඛ්යාවක් තුලනාත්මකව පරීක්ෂාවට භාජනය කොට පාටාන්තර දෝෂයන් හැකිතාක් අඩුකොට මෙම භික්ඛුපාතිමොක්ඛය පිළියෙල කරන ලදී. මෙය සැකසීමේ දී මූලික අරමුණ වූයේ ද උපෝසථ දින සීමාමාලකයේදී ද අත්පොතක් වශයෙන් භාවිත කිරීම සඳහා උපයෝගී කර ගැනීමට වඩාත් නිවැරදි පාඨග්රන්ථයක් පිළියෙල කිරීම ය.
Rs 280.00
Bhikku Pathimokkhapali
භික්ඛු පාතිමොක්ඛපාළි -
Rs 500.00
Sanghadhikarana Jothika
Out-of-Stock
සංඝාධිකරණ ජෝතිකා - වසර 2500ත් වැඩි දීර්ඝ කාලීන අඛණ්ඩ ඉතිහාසයක් ඇති සම්බුද්ධ ශාසනයේ ජීවය සුපේශල ශික්ෂාකාමී සංඝ රත්නයයි. එය සංඝ සාමාග්රිය පවත්නා තාක් සුරක්ෂිතය. එබැවින් භික්ෂූන් වහන්සේලා ධර්ම විනය සංඛ්යාත ජීවමාන ශාස්තෘත්වයේ මාර්ගෝපදේශකත්වයට අනුකූලව සමගිව සංඝයාගේ විධායක බලයටත් අධිකරණ බලයටත් අවනත විය යුතුය. ඒ සඳහා සම්පාදිත මේ සංඝාධිකරණ ජෝතිකාව කාලීන අවශ්යතාවයක් සපුරාලීමට ගත් උත්සාහයක ප්රතිඵලයකි.
Rs 600.00
Winaya Shiromani
විනය ශිරෝමණී - විනය බුද්ධ ශාසනයේ පැවැත්මයි. විනය නැති වූ විට ශාසනය ද අතුරුදහන් වන බව තථාගතයන් වහන්සේ දේශනා කර ඇත. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ දින සිට පනවාපු නීති හෙවත් විනය නීති අවුරුදු 450ක් ම රක්ෂා වුණා. එතෙක් සියලු පනවන ලද සිකපද ටික ටික කැඩීමට සමහර පැවිදි උතුමෝ පටන් ගත්තා. එම අවස්ථාවේ විනය පිළිබඳ දක්ෂ උපාලි මහ රහතන් වහන්සේ සියළු භික්ෂූන් රැස් කරවා පළමු සංගායනාව පැවැත් වූ සේක. එයින් භික්ෂූන් පන්සියයක් තෝරා ගත්හ. එම නිසා එය "පඤ්ච සතික" නම් විය. එහිදී පනවන ලද විනය කර්ම මෙම ග්රන්ථය තුළ අන්තර්ගත වී ඇත.
Rs 1,000.00
Asirimath Polonnnaruva
අසිරිමත් පොළොන්නරුව - පොලොන්නරුව යනු දිවයිනේ දෙවන අගනුවරයි. මෙම ස්ථානය ක්රිස්තු වර්ෂ මුල් සියවස්වල පටන් විටින් විට අනුරාධපුරයේ සිට රජකළ ඇතැම් රජවරුන්ට තාවකාලික වාසස්ථානයක්ද විය. එහෙයින් එය කඳවුරුපුර නමින්ද නම් විය. පොලොන්නරුව මුලින්ම නිත්ය වාසස්ථානය බවට පත් කරගන්නා ලද්දේ රාජ රාජ නම් සොළී පාලකයා යටතේ ය. සොළී පාලනයෙන් රට මුදවා ගත් පළමු විජයබාහු රජු 1055 වසරේ දී රාජ්යත්වයට පත් විය. ඔහුගේ පාලන සමය දිවයිනේ ඉසුරුමත් අවධියක් ලෙස සළකනු ලැබේ. එතැන් පටන් එතරම් බලවත් නොවූ රජුන් තිදෙනෙකුන් පසුව පළමු පරාක්රමබාහු රාජ්යත්වයට පත් වෙයි. අභ්යන්තර අරගල වලට සාර්ථකව මුහුණ දුන් ඔහු 1153 වසරෙ දී දිවයිනේ පාලකයා බවට පත් විය. පොලොන්නරුව විහාරාරාම හා නගරාංගයන්ගෙන් සම්පූර්ණ කළ ඔහු පරාක්රම සමුද්රය නම් සුප්රකට ජලාශය ද පොලොන්නරුවේ ඉදිකළේය. මින් පසු පොලොන්නරුවේ රජ පද පත් ප්රබල රජෙකු ලෙස ඉස්මතු වන්නේ කීර්ති ශ්රී නිශ්ශංකමල්ල පමණකි.
පොලොන්නරුව අද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය අතින් දෙවැනි වනුයේ අනුරාධපුරයට පමණි. එහි යන ඔබට අත්වැලක් සැපයීම මෙම ග්රන්ථයේ අරමුණයි.
පොලොන්නරුව අද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය අතින් දෙවැනි වනුයේ අනුරාධපුරයට පමණි. එහි යන ඔබට අත්වැලක් සැපයීම මෙම ග්රන්ථයේ අරමුණයි.
Rs 490.00
Asirimath Sithulpauva
අසිරිමත් සිතුල්පව්ව - සිතුල්පව්ව විහාරය අයත් වූයේ පුරාණ රුහුණේ කතරගම ක්ෂත්රීය රජ පරම්පරාවේ පාලනය යටතේ පැවති වපසරිය තුලය.
මෙය දිවයිනේ පැරණිතම විහාරයක් වූවා පමණක් නොව විශාලතම සංඝාරාම අතලොස්සෙන් එකක් ද වූයේ ය. දෙතිස්ඵල රැහ බෝධීන් අතරින් එකක් රෝපණය කිරීමට තෝරා ගත් ස්ථාන අතරින් එකක් රෝපණය කිරීමට තෝරා ගත් ස්ථාන අතරින් එකක් වූයේය ද සිතුල්පව්වයි.
මහාවංශයට අනුව සිතුල්පව්ව විහාරය කරවන ලද්දේ රුහුණේ පාලකයාව සිටි කාවන්තිස්සයි. ක්රිස්තු පූර්ව පළමු සියවසේ දී රජ පැමිණි වලගම්බා සමයේ දී මෙහි භික්ෂූන් වහන්සේලා 12 000 ක් වැඩ විසූ බව පැරණි මූලාශ්රවල සඳහන් වෙයි. දුටුගැමුණු රජුගේ දශමහා යෝධයන් අතරින් සිව් දෙනෙකු විසින් මහා සංඝයා විශයෙහි පිදූ ගල් ලෙන් මෙම ස්ථනයේ දක්නට ලැබෙයි. සද්ධාතිස්ස, ලජ්ජිතිස්ස, ඉලනාග, ගජබා මෙම ස්ථානයට අනුග්රහය දැක්වූ රජුන් අතර වූ බවට සාධක සෙල් ලිපිවලින් අනාවරණය වෙයි. අනුරාධපුර අවධියෙන් පසුව මෙම ස්ථානයට කවර ඉරණමක් අත්වීද යන්න පිළිබඳ සාධක කිසි තැනෙක දක්නට නොලැබෙයි.
මෙම ග්රන්ථය ඔබ අතට පත් කෙරෙනුයේ එහි යන නොයන ඔබ හට අත්වැලක් සලසනු පිණිස ය.

Rs 690.00
Sasara Gamana
Out-of-Stock
සසර ගමන - "සසර ගමන" යන මැයෙන් ගෞරවණීය පල්ලෙවෙල දේවරක්ඛිත හිමිපාණන් වහන්සේ විසින් රචිත අගනා ධර්ම පුස්තකය බණ දහම් ගැඹුරින් උගත් නූගත් හැම දෙනාටම කියවා ධර්ම රසය විඳගත හැකි අගනා නිර්මාණයකි. ආරම්භයේදී ම මනෝවිද්යාඥයින්ගේ විග්රහයන් ද උපයෝගී කර ගනිමින් මිනිස් බිළිඳෙකුගේ මව් කුස පිළිසිඳ ගැනීමේ සිට දිගු කලක් ජීවත් වී මරණාවස්ථාව දක්වා මිනිස් සිතේ ක්රියාකාරීත්වය පිළිබඳ කර ඇති ධරමානුලකූල විග්රහය බෙහෙවින් අගනේ ය.
මරණානුස්මෘති භාවනාව වඩන බොහෝ දෙනෙකුට බිය උපදවන අවස්ථාවක් ලෙස සැලකෙතත් මෙම ග්රන්ථයෙහි සරලව දක්වා ඇති විස්තර විවරණ භාවනාවේ යෙදෙන්නට හා සාමාන්ය ජනතාවට ද මනා අවබෝධයක් හා මානසික සුවයක් ලබා දෙයි. කර්මය හා පුනර්භවය පිළිබඳ දැක්වෙන විවරණ බෙහෙවින් අගනේ ය.
අවසාන පරිච්ඡේදය ලෙස දැක්වෙන නිවීම පිළිබඳ විස්තර භාවනා වැඩීම සම්බන්ධයෙන් පවත්නා දුර්මත බැහැර ලා අති අයුරු සිත් ගන්නා සුළු ය.
උප ග්රන්ථයෙහි සංග්රහ කොට තිබෙන කරුණු ද බුදු දහමෙහි සැනසුම කරා ගමන් කරවන මං පෙත් විවරණය කරයි.

Parani Lakdiva Kanthava
Out-of-Stock
පැරණි ලක්දිව කාන්තාව - ශ්රී ලංකාවේ ඉතිහාසය ගැන මේ දක්වා සැකසුණු ග්රන්ථවල දිවයිනේ දේශපාලන, ආර්ථික හා සමාජ උච්චාවචන පිළිබඳ සඳහන් වෙතත් කාන්තාවගෙන් විසූ එහි දී සිදූ වූ කාර්යභාරය ගැන දක්වා ඇත්තේ අවම වශයෙනි. මේ තත්ත්වය වටහාගත් මහාචාර්ය ඉන්දාණි මුණසිංහ විසින් අතීත ශ්රී ලංකාවේ කාන්තාවන්ගෙන් ඉටු වූ සමාජ මෙහෙවර සම්බන්ධව කරන ලද පර්යේෂණයක ප්රතිඵල ලෙස ප්රකාෂයට පත් වූ, රාජ්ය සම්මාන ලද, "පැරණි ලක්දිව කාන්තාව" නම් කෘතිය මගින් පුරාණ ශ්රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධව දක්නට ලැබුණු එම අවකාශය සම්පූර්ණ වේ. පුරාණ ශිලාලේඛන හා ග්රන්ථ ඇසුරු කරමින් රචිත මේ ග්රන්ථයෙන් පැරණි ලක්දිව විසූ කතුන්ගේ ආගමික ජීවිතය, වෘත්තීය ජීවිතය හා ගෘහස්ථ ජීවිතය ද සම්බන්ධව මෙතෙක් ආවරණය වී තිබුණු තොරතුරු රාශියක් එළිදැක්වේ. මේ ග්රන්ථයෙන් කියැවෙන පැරණි ලක්දිව කතුන්ගේ රුව, ගුණ හා සවිය ගැන අසන පාඨක ජනයා තුළ මහත් අභිමානයක් ජනිත වෙයි. එසේ නැගෙන අභිමානය ඔවුන්ගේ පෞර්ෂය ශක්තිමත් කිරීමෙහි ලා නිසැකයෙන් ම හේතු වේ.
Rs 1,250.00
Asirimath Haththikuchchi Wiharaya
අසිරිමත් හත්ථිකුච්චි විහාරය - හත්ථිකුච්චි යන නම ව්යුත්පන්න වී ඇත්තේ ඇත් හෙවත් හත්ථි යන්නත් කුස හෙවත් කුච්චි යන්නත් සන්ධි වීමෙන් විය යුතු ය. මෙය යම් තාක් දුරකට සනාථ කෙරෙන ලෙනක් සහිත ගල් කුලක් මෙම භූමියෙහි දකින්නට ලැබෙයි. ඒ අනුව පැරණි මූලාශ්රයන්හි ඇත් කුස් වෙහෙර යන්නෙන් දැක්වෙන්නේ මෙම විහාරය විය යුතු ය. මෙම ස්ථානයෙන් ලැබෙන පැරණි සෙල්ලිපිවල ද ස්ථානය ද හඳුන්වා ඇත්තේ හත්ථිකුච්චි යන අර්ථවත් ඇති කුච වෙහෙර යනුවෙනි.
මෙම ස්ථානය මහත් ජන ආකර්ෂණයක් දිනා ගැනීමට එක් හේතුවක් වී ඇත්තේ සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානය මෙය බවට ඇති ජන විශ්වාසය හා ඇතැම් විද්වතුන් දරණ මතයයි.
මෙම විහාරස්ථානය මුලින්ම භික්ෂු වාසය පිණිස පිළියෙල වූයේ ක්රිස්තු පූර්ව තෙවන සියවසත්, ක්රිස්තු වර්ෂ පළමු සියවසත් අතර බව මේ ස්ථානයෙන් ලැබෙන පූර්ව බ්රාහ්මී සෙල් ලිපි සහිත ගල් ලෙන් වලින් සනාථ වෙයි. මෙම ලෙන් ලිපිවලට අතිරේකව ක්රිස්තු වර්ෂ දෙවන සියවසේ සිට ක්රිස්තු වර්ෂ නවය සියවස දක්වා කාලයට අයත් ගිරි ලිපි 56ක් මේ ස්ථානයේ වෙයි.
ප්රතිමා ගෘහයක්, වටදා ගෙයක්, උපෝෂථඝරයක්, බෝධිඝරයක් හා ජන්ථාඝරයක් මෙම ස්ථානයේ ඇති විශේෂිත ගොඩනැගිලි අතර වෙයි.
මෙම ග්රන්ථයෙහි මුඛ්ය අරමුණ වන්නේ මෙම ස්ථානයට යන නොයන ඔබව ස්ථානය පිළිබඳව දැනුවත් කිරීමයි.

Rs 590.00
Thirasara Sanvardhanaye Bauddha Nyaya
තිරසර සංවර්ධනයේ බෞද්ධ න්යාය - මෙම පොතෙන් සිදු කරන්නේ සිඟාලෝවාද සූත්රයෙන් ඉදිරිපත් කරන එම කරුණ තවදුරටත් පැහැදිලි කිරීමයි.
Rs 250.00
Mahaa Parinibbana Suthraya
Out-of-Stock
මහා පරිනිබ්බාන සුත්රය - බුදුරජාණන් වහන්සේගේ සැදෑ සමය විදහා පාමින් මෙම ග්රන්ථය රචනා වී ඇත.
Rs 150.00
Jeevithayata Aruthak
ජීවිතයට අරුතක් - වර්තමාන සමාජය තුල ගුණ ධර්ම පිරිහීමට පත්ව ඇත්තේ ධර්මය පිළිබඳ සැබෑ වැටහීමක් නොමැතිකම නිසාය. එම අඩුව යම්තාක් දුරට හෝ සපුරාලනු වස් අප විසින් මෙම කුඩා පොත් පිංච සම්පාදනය කලෙමු.
Rs 150.00