Samata Pihitha Wana Haladiva Maha Yanthra Rathnaya යන්ත්‍ර මන්ත්‍ර භාවිතය චිරාත් කාලයක සිටම සාමාන්‍ය ජනතාව විසින් සිදු කරන අතර එමගින් පිහිට ලබා ගන්නා අයද බොහෝ ය. එසේ පිහිට ලබා ගැනීමේදී නියම ක්‍රමයට එය සිදු කළ යුතුය. නමුත් යන්ත්‍ර මන්ත්‍ර සෑදීමේ නිවැරදි ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් වී නොමැත. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා බොහෝ දෙනා හමන් ජෙනතිෂය හා යන්ත්‍ර මන්ත්‍ර භාවිතය පිළිබඳව කිසිවක් නොදන්නා නමුත් විවිධ ක්‍රම වලින් ලබා ගන්නා තොරතුරු පදනම් කර ගෙන පොත්පත් ලිවීමට හා ගුරුකම් කිරීමට පෙළඹී සිටිති. මෙය අනතුරුදායක තත්ත්වයක් බැවින් නියම ක්‍රමයට යන්ත්‍ර මන්ත්‍ර සෑදීම ජ්‍යොතිෂයට අනුවම සිදු කළ යුතු අතර ඒ සඳහා සුදුසුකම් සහ මනා වැටහීමක් සහිත ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙකුගෙන් ම උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් ය. නිලන්ත කුමාර ධනසේකර මහතා මේ පිළිබඳව මනා අවබෝධයක් සහිත ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිලිබඳව හසළ අවබෝධයක් ඇති අයෙකු බැවින් මෙම ග්‍රන්ථය යන්ත්‍ර මන්ත්‍ර භාවිතයෙන් පිහිට අපේක්ෂා කරන සැමට ඉතා ප්‍රයෝජනවත්, වටිනා ග්‍රන්ථයක් වශයෙන් වගකීමක් සහිතව හඳුන්වා දෙමු Rs 380.00 Add to cart Buy
Navagraha Poojava Puda pooja saha Strothra නවග්‍රහ පූජාව පුද පූජා සහ ස්තෝත්‍ර යන මෙම කෘතිය මගින් නිවැරදිව නවග්‍රහ පුද පූජා පවත්වන ආකාරය සහ එම පූජාවන් සිදු කිරීමේදී යොදා ගන්නා ස්තෝත්‍ර යනාදිය සමිශ්‍රණය කර සකස් කරණ ලද ඉතා වටිනා ග්‍රන්ථයකි. Rs 200.00 Add to cart Buy
Sri Shanthi malawa Kapum Sirasapadaya ජ්‍යොතිෂ වේදී නිලන්ත කුමාර ධනසේකර මහතා පරම්පරාවෙන් ජ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරා කළඑලියට විත් සමාජයේ යම්කිසි හර පද්ධතියක් ඔස්සේ ඉදිරියට පියමං කරන පුද්ගලයෙකි. ඔහු ජ්‍යොතිෂයේ නවමං පෙත් හෙළි කරමින් අගනා හරවත් නිබන්ධන, ජ්‍යොතිෂ සඟරා හා පුවත්පත් ඔස්සේ කළඑළි දක්මින් තම හැකියවන් ඔප් නංවාගෙන ඇත. ඔහු කාලීන සමාජයේ ජ්‍යොතිෂ අවශ්‍යතාවන් සපුරාලමින් මිනිසුන් අතර ජීවත් වෙමින් ජ්‍යොතිෂයට යමක් කරන්නට උත්සාහ ගන්නා අයෙකි. ඔහුගේ කෘතියක් ලෙස මුද්‍රණයෙන් දොරට වඩින ශ්‍රී ශාන්ති මාලාව හෙවත් 'කැපුම් සිරසා පාදය හෙවත් ග්‍රන්ථය පොදු ජනතාවගේ බොහෝ දුක් කටොළු වලදී සහ ඔවුන් මුහුණ දෙන නොයෙකුත් ගැටළු වලදී ජ්‍යොතිෂ හා මන්ත්‍ර විද්‍යාව ඇසුරු කර ගනිමින් ඔවුන්ට පිහිට වීමට හැක ක්‍රම වේදයන් හඳුන්වා දෙන මෙම ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවයක් ඉටු කරන ඉතා වැදගත් ග්‍රන්ථයකි. Rs 400.00 Add to cart Buy
Guptha bala dharma bala yanthra manthra මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීම සදහා රචකයා විසින් පුස්තක මුද්‍රිත පොත පත සහ මේ පිළිබදව දැනුමක් ඇති ගුප්ත විද්‍යාධරයින්ගේ සමහර යන්ත්‍රද මන්ත්‍ර ඇතුළත් කොට ඇති අතර ගුප්ත විද්‍යාව පිළිබදව උනන්දුවක් දක්වන ඔබ සියලු දෙනාට ඉතා වටිනා කෘතියක් ලෙස හැදිවිය හැකිය. Rs 500.00 Add to cart Buy
Shiva - Parvathi Svayanvara Pooja ශිව පාර්වතී ස්වයංවර පූජා තරුණ තරුණියන්ගේ විවාහ ප්‍රමාද දෝෂ දුරු කිරීමට ආත්මීය සහකරු සහකාරිය මුණගැසීමට ගනි මංගල දෝෂ දුරුවීමට ඉක්මන් විවාහයට දරුවල ලැබීමට විවාහාපේක්ෂිත තරුණ තරුණියන් මූහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ සුදුසු සහකාරියක සහකරුවෙකු සොයා ගැනීමට ඇති අපහසුවයි. මේ නිසාම විවාහ ප්‍රමාදවීම දිගටම සිදු වේ. ආත්මීය . සහකරු සොයාගැනීමට වත්මන් සංකීර්ණ සමාජය තුළ බොහෝ බාධා පවතී. විවිධ ජ්‍යොතිෂ වේදීන්ගේ විවිධ අර්ථකථන නිසාද මේ තත්වය උග්‍රවී ඇත.දිගින් දිගටම සිදුවන මෙම තත්ත්වය මග හරවා ගැනීමටත් ගැළපෙන සහකරු සොයා ගැනීමටත් වෙනත් ග්‍රහ දෝෂ දුරු කිරීමටත් ඉන්දීය ජ්‍යෙතිෂ ක්‍රම ඇසුරෙන් සකස් කර ඇති, මෙම ශිව පාර්වතී ස්වයංවර පූජාව ඉතාමත්ම සාර්ථක බැව් වර්තමාන ජ්‍යෙතිෂවේදීන් සමග කළ සාකචිචාවලදී අපට තහවුරු විය.ජේ.ඒ.ඩි. පෙරේරා මහතා ප්‍රථම වරට මෙම පාර්වතී පූජාව ග්‍රන්ථයක් වශයෙන් ඉදිරිපත් කරමින් සමාජයට කළ සේවය ඛෙහෙවින් අගය කරමි. මෙමගින් බොහෝ දෙනාට යහපත සැලසේවායි පතම් පූජ්‍ය.කලුගමුවේ නොරද ස්‌ථවිර. ශාස්ත්‍රවේදී, ප්‍රවීන ග්‍රන්ථ රචක Rs 200.00 Add to cart Buy
Nawagraha shanthi yanthraya මිනිසා කෙරෙහි ග්‍රහයන්ගේ බලපෑම පිළිබඳ අවධානය මෙන්ම එම බලපෑම සිදුවන ආකාරය පිළිබඳව බොහෝ ඈතඅතීතයේ සිටම සෘෂිවරුන් මෙන්ම තාරකා ශාස්ත්‍රඥයින් ප්‍රවීන ජ්‍යෙතිෂවේදීන් විවිධ අදහස් පලකර ඇත. මේ නිසාම මෙම ග්‍රහ බලපෑම් නිසා සිදුවන අතුරු අන්තරාවලින් මිදෙන ආකාරයත් ඒ සඳහා කළයුතු පුද පූජාමය ක්‍රියාමාර්ග පිළිබඳවත් ජ්‍යෙතිෂවේදීන් සහ වියතුන් විසින් විවිධ ක්‍රම උපයෝගී කරගන්නා ලද අතර නවග‍්‍රහයින් සඳහා එක් එක් ග්‍රහයා වෙනුවෙන් යන්ත්‍ර සකස්කර එමගින් පිහිට අපේක්ෂා කිරීම බහුලව පිළිගන්නා ලදි. Rs 200.00 Add to cart Buy
Sakala Sawbhagya Kedawana KiriAmma Danaya ලොව්තුරා බුද්ධත්වය ප්‍රාර්ථනා කරනු ලබන පත්තිනි දේව මෑණියන් සම්බන්ධව නොයෙක් ග්‍රන්ථ ලියැවී ඇතත් කිරි දානය සම්බන්ධව පැහැදිලිව ලියැවුණු පාරම්පරික දැනුම ගබඩා වූ ග්‍රන්ථයක් ලක්දිව නොමැති තරම්ය. Rs 375.00 Add to cart Buy
Out-of-Stock Ravendharthadeepani Out-of-Stock මුළු මහත් ලෝකයේම විශිෂ්ටතම සංස්කෘතියකට උරුමකම් ඇති ශ්‍රී ලාංකික අපි සැවොම එකී මහා ප්‍රෞඩ ජාතියෙහි සාඩම්බර නිමිකරුවන් වෙමු. අපටම ආවේණික වූ ඇදහිලි හා විශ්වාසවලින් පූර්ණ ජාතියක් වූ ශ්‍රී ලාංකිකයින් ගුප්තවිද්‍යාවෙහි කුමන හෝ කරුණු පිළිබදව දැන සිටි භූත විද්‍යා ඇදුරන්ට විය. දෛනිත පීවන පැවැත්මේ විවිධ බාධක බිදලීමට අවශ්‍ය ගුප්ත කරුණු පිළිබඳව යම් තරමකින් හෝ දැන සිටි ඔවුහු වතී විද්‍යාව කෙරෙහි ද අප්‍රමාණ විශවාසයක් ඇති අයවලුන් බව අප දනිමු. නාවිකයෙකු නොමැති නෞතාවක් සේ වතී ක්ෂේත්‍රය තුළ ගමන් කරන හළයන්ට පළපුරුදු නාවිකයෙකු සේ ප්‍රයෝජන ගත හැකි මේ මහා භූත විද්‍යා ප්‍රකරණය වෛද්‍යාචාර්ය පූජ්‍ය අල්ගම වත්තේ සුමනවංශ හිමියන්ගේ වති ශාස්ත්‍රය පිළිබඳ දැනුම් සම්භාරයෙහි ප්‍රතිහයකි. ගුරු ගෝල බැඳීමෙන් ගම්භීරත්වය වින මේ කෘතිය ලාංකික භූත විද්‍යා ඇදුරන්ගේ අවධානයට යොමු විය යුතු මෙතෙක් කලක් හෙළි නොවූ රහස් කැටි කොට ගත් දුර්ලභ කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 2,350.00 Details View details
Out-of-Stock Magul Poru Ashtaka Out-of-Stock කොතරම් තාක්ෂණික වර්ධනයක් මධ්‍යයේ ජීවත් වුව ද, සිංහලයෝ තවමත් පෞරාණික සම්ප්‍රදායයන් අනුගමනය කරති. විවාහ මංගල්‍ය උත්සවයක් නගරයේ හෝටලයක පැවැත්වෙන අවස්ථාවක වුව මනාලිය මංගල පෝරු මස්තකප්‍රාප්ත කිරීමටත්, දැනුමැතියකු ලවා අදාළ අෂ්ටක ගායනා කරවීමටත් ඔවුන් පෙළඹෙන්නේ ච හෙයිනි. මේ පසුබිමෙහි මංගල පෝරු අෂ්ටකයන්හි අගය තවමත් නොවියැකී පවතියි. Rs 250.00 Details View details
Parisara Hithakami Wasthu Widhyathmaka Niwasa පරිසර හිතකාමී වස්තු විද්‍යාත්මක නිවාස - ජ්‍යොතිෂ නීතිරීති අනුගමනය කරමින්, ගොඩනැගිලි ක්ෂේත්‍රයේ මනා දැනුමක් ඇතිව නිවාස සැලසුම් පිළියෙල කර ගැනීමටත්, ගොඩනැගිලි ඉදිකර ගැනීමටත්, වාස්තු විද්‍යාවේ නියම අර්ථය අනුව සැකසුණු සුවිශේෂී කරුණූ රැසකින් සමන්විත අගනා කෘතියකි. Rs 450.00 Add to cart Buy
Sri lankave Wasthu Widhya Ithihasaya ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා ඉතිහාසය - මෙම ග්‍රන්ථය මෙරට ඉතිහාසය හදාරන දරුවන්ට සහ විද්‍යාර්ථින්ට ද මහගු අත්වැලක් වනු ඇත. Rs 450.00 Add to cart Buy
Nivasakata Sudusu - Nusudusu Idam නිවසකට සුදුසු - නුසුදුසු ඉඩම් - ඉඩමක් මිලට ගැනීමේ දී මිත්‍යාමත සහ ප්‍රායෝගික නොවනා කරුණු සුදුසු-නුසුදුසු බව තීරණය කිරීම යෝග්‍ය නොවේ. ඉඩමක් ක්ෂණිකව තෝරා ගැනීම කිසිවිටක නොකළ යුතුය. මිලට ගැනීමේ දී නීති රීති සහ ප්‍රායෝගික කරුණු කෙරේ ඔබගේ අවධානය යොමු කිරීම මෙම පොතෙහි අරමුණ වන්නේ ය. Rs 600.00 Add to cart Buy
Wasthu Widyava Hevath Gruha Nirmana Shilpaya වාස්තු විද්‍යාව හෙවත් ගෘහ නිර්මාණ ශිල්පය - වාස්තු විද්‍යාව හා ගෘහ නිර්මාණ ශිල්පය යන විෂයෙහි එතෙක් මෙතෙක් සිංහලෙන් පළවී ඇති අද්විතීයම ග්‍රන්ථයක් ලෙස මෙය වාස්තු විද්‍යාඥයින්ගේ මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙ ද ඉමහත් සම්භාවනාවට පාත්‍ර වී ඇත. උපයුක්ත විෂයෙහි අතිවිශාල දැනුම් සම්භාරයක් මේ කෘතිය පරිශීලනයෙන් ලබා ගත හැකිය. Rs 1,200.00 Add to cart Buy
Out-of-Stock Siyalu Sapa Dena Nivasak Thanana Maga Out-of-Stock සියලු සැප දෙන නිවසක් තනන මග - මෙම කෘතිය, වාස්තුවේදියාට මෙන්ම පාඨක ඔබටත් හොඳින් කියවා අවබෝධ කොටගෙන ප්‍රතිඵල ලද හැකි විශිෂ්ඨ ග්‍රන්ථයකි. ඉතාම සරල ලෙස විස්තර සහිතව රූප සටහන් ආශ්‍රිතයෙන් යුතුව, පැරණි චාරිත්‍ර විධි ද අන්තර්ගතකොට ඇත්තේ ඔබේ පහසුව සඳහා ය. වාස්තු විද්‍යාව පිළිබඳ බොහෝ පොත් පත් ඇතත්, ඒවා ප්‍රමාණය විශාල වුවත්, සාමාන්‍ය පාඨකයාට බොහෝ කරුණු අවබෝධ කොටගත නොහැකිය. ශ්ලෝක, ස්ත්‍රෝත්‍ර, සැහැලි යොදා පොත විශාල නොකොට, සෘජුවම ප්‍රයෝජන ගත හැකි ලෙස මෙම ග්‍රන්ථය සමලංකෘත ය. Rs 250.00 Details View details
Warahamihiraya ''වෘහජ්ජාතකය හෙවත් වරාහමිහිරය'' යන මෙම කෘතිය හොරා ශාස්ත්‍රය පිළිබදව කරුණු ඇතුළත් කෘතියක් වන අතර හොරා ශාස්ත්‍රය ඉගන ගන්නා ආධුනිකයන් හට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 1,500.00 Add to cart Buy
Out-of-Stock Minis Jeevithayata Balapana Anka Widyava Out-of-Stock මිනිස් ජීවිතයට අංක සේම අක්ෂරයන් ද බොහෝ සම්බන්ධකම් පවත්වනු ලබයි. එසේම එමගින් මිනිස් ජීවිතයේ බොහෝ සිදුවීම් ද පාලනය කරනු ලබයි. මෙලොව උපන් සෑම පුද්ගලයෙකුටම සමීප එක් අංකයක් වේ. අංක විද්‍යාව තුළ වැදගත්ම සාධකය වන්නේ ද එයයි. ඔහුගේ ජීවිතයේ සෑම දෙයක්ම සිදු වන්නේ ද එම අංකය පදනම් කරගෙනය.''මිනිස් ජීවිතයට බලපාන අංක විද්‍යාව'' නැමැති මෙම ග්‍රන්ථය මෙතෙක් ශ්‍රී ලංකාවේ පළවූ අංග සම්පූර්ණ අංක විද්‍යාත්මක ග්‍රන්ථය ලෙස හැදින්විය හැකි අතර මේ පිළිබදව හදාරන්නෙකු හට ඉතා වටිනා ග්‍රන්ථය වනු නොඅනු මානය. Rs 1,600.00 Details View details
Porondam Balana Heti "පොරොන්දම් බලන හැටි'' යන මෙම කෘතිය මගින් ඔබට නිවැරදිව පොරොන්දම් බලන ආකාරය උගතහැකි අතර . එයට අවශ්‍ය සියලුම නක්ෂත්‍ර වගු නොහොත් වක්‍ර මෙම පොතෙහි මුලසිට යොදා ඇති නිසා. වෙනත් කිසිම ලිතක් හෝ පොතක් නොමැතිව මෙම පොත මගින් පමණක් පොරොන්දම් බැලීමට හැකි අකාරයට රචනා කර ඇති අතර. ඊට අමතරව පොරොන්දම් ශාස්ත්‍රය පිළිබඳ මෙතෙක් එළිදරව් නොවූ අති දුර්ලභ ජ්‍යොතිෂ කරුණු රාශියක් ද මෙම පොතෙහි අන්තර්ගතව තිබේ. Rs 450.00 Add to cart Buy
Dagargalaya වරාහමිහිර පඩ්වරයා විසින් රචනා කරණ ලද දගාර්ගලය නම් මෙම කෘතිය ජ්‍යෙතිෂ විද්‍යානුකූලව ළිං කැණීම පිළිබදව තොරතුරු සටහන් ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 250.00 Add to cart Buy
Jeevithayata Jeyathishaya ජිවිතයට ජ්‍යෙතිෂය නැමැති මෙම කෘතිය මගින් ජීවන ගැටලු රැසකට ජ්‍යෙතිෂයෙන් පිළියම් දෙන ආකාරය පිළිබදව ඉතා සංශිප්ත ලෙස කරුණු ගොනු වූ කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 430.00 Add to cart Buy
Out-of-Stock Jyothishaye Nopenena Manaya Out-of-Stock ජ්‍යෝතිෂයේ නොපෙනෙන මානය නැමැති මෙම කෘතිය ආචාර්ය පියසේන රතුවිනාන මහතා විසින් රචනා කර ඇති අතර කෙනෙකුගේ ජන්මපත්‍රයේ උපන් වේලාවේ සිට මරණය දක්වා ගමන් කරන මේ භව ගමනේ දී ජ්‍යෝතිෂයට අනුව තමන්ට බල පිහිටන ග්‍රහයන් කවරෙක්ද ? එසේ තම තමන්ගේ ජිවිත වලට එවැනි ග්‍රහයන් බලපැවැත් වෙන්නේ කෙසේද ? එසේම ජ්‍යෝතිෂයේ ගුප්ත ස්වභාවය, නොපෙනෙන මානය යන මෙවැනි දේ පිළිබදව ඉතා පුළුල් විශ්ලේෂනයකින් අනතුරුව එළිදක්වන ලද ඉතාමත් වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 425.00 Details View details
Out-of-Stock Sonduru kadallata vasthu vidya athvalak Out-of-Stock නිවසක් තැනීමේදී හා පවත්වාගෙන යාමේදී ජ්‍යොතිෂ විද්‍යාත්මකව සලකා බැලිය යුතු බොහෝ කරුණු ගෘහ මූලිකයන් විසින් හා නිවාස සාදන්නත් විසින් මගහැරීම නිසා එම නිවසට සිදුවන බොහෝ අපල උපද්‍රව වලින් පීඩා විඳීමට නිවැසියන්ට සිදුවේ. නමුත් මෙවැනි ගැටලු පිළිබඳව නිවැරදි ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූල විධික්‍රම නිසි පරිදි අනුගමනය කළ හොත් ඒවා සාර්ථකව විසදා ගැනීම අසීරු නොවේ. වාස්තු විද්‍යාව සහ ජ්‍යොතිෂ පිළිබඳව සඟරා සහ පුවත්පත් ආදියට නිරන්තරයෙන් ලිපි සපයන ඩී. එම්. නිලන්තකුමාර ධනසේකර මහතාගේ මෙම ප්‍රයත්නය බොහෝ දෙනාගේ ඉමහත් අස්වැසිල්ලට හේතුවනු නොඅනුමානය. Rs 400.00 Details View details
Wishvaye Jaya Kara Yana Jothishaye Athi Prabala Rahas කර්තෘගෙන් හැඳින්වීමක්... විශ්වයේ යම් ශුභ හෝ අශුභ මිනිත්තුවක ඔබ මෙලොවට බිහිවනු ඇත. සම්ප්‍රදායික ලෙස වැඩිහිටියන් එම හෝරාවෙන් දක්‍ෂ ජ්‍යෝතිර්වේදියා හමුවට ගොස් ඔබටම ආවේණික වූ අකුරක් මතනම් තබනු ඇත. ඊට එහා අවතීර්නය වන මාර්ගය,මාගේ ආදරණීය පාඨකය මේ කේන්ද්‍ර කොටු 12 තුළ ගැබ් උන අතීතය, වර්තමානය, අනාගතය මනා ලෙස පිළිබිඹු වුන කථා පුවතකි. එයයි ජීවිතය. මොන තරම් කේන්ද්‍ර බැලුවද පිං, පව් වලට මුහුණ දුන්නද ඔබ නොදත් ගැළවෙන මාර්ගය ඔබට වචනයේ පරිසමාප්තියෙන්ම මම ඔබට ග්‍රන්ථය තුළින් සාධාරණය කර ඇත්තෙමි.මෙහි එන වචනයක් ගානේ දියමන්ති සේ ඔබට දිනන මාර්ගය පෙන්වා දී ඇත. මනස ඉතාම පිරිසිදුව... පැහැදිලිව යමක් අවධාරණය කරගන්න. මනා පෞරුෂය, ජයග්‍රහණය, නිවැරදි දැනීම හෙට දිනන දිවියට මා ඔබට පැහැදිලි අරමුණක්, පිළිවෙතක්, ක්‍රමවේදයක් දී ඇත. මා යම් නිවැරදි මාර්ගයක් දිනුවේද... ජයග්‍රහණය වැළඳ ගත්තේද මේ අත්දැකීම් තුළිනි. මොන තරම් අපල උවදුරු තිබුණද ඉන් ගැලවීමට ක්‍රමවේද දෙන්නේ අතළොස්සකි. හැම අකුරකටම, වචනයකටම අවධාරණය දෙන්න. ඔබ ජීවිතය දිනනවාමයි. Rs 1,750.00 Add to cart Buy
Out-of-Stock Kendaraya Ha Palapala Kiyana Hati Out-of-Stock කේන්දරයක් සකස් කිරීම පහසු කාර්යයක් වුවද ඒ අනුසාරයෙන් නිවැරැදි සත්‍ය වූ පලාපලයක් ගොඩනැගීම ගැටලු සහගතසංකීර්ණ වූ ක්‍රියාවකි. එම ගැටලු අවම කරමින් නිවැරැදි සත්‍ය අනාවැකි ප්‍රකාශයට පත්කිරීම සඳහා අත්‍යාවශ්‍ය ජ්‍යොතිෂාංඝ රාශියක එකමුතුවක් ලෙස 'කේන්දරය හා පලාපල කියන හැටි' කෘතිය එළි දක්වා ඇත. ග්‍රහ යෝග, සංයෝග, ගෝචරය, ග්‍රහ සංකුලතා, වර්ගීකරණය, බලාත්මක භාවය, ප්‍රබල ශුභා ශුභයන් ආදි කරුණු පලාපලය සඳහා උපයෝගී කරගන්නා අන්දම පැහැදිලි කර ඇත්තේ විවිධාකාරයේ උදාහරණ සහිතවය. එබැවින් ජ්‍යොතිෂ සිද්ධාන්තපිළිබඳ සැකහැර කරුණු අධ්‍යයනය කිරීමට හැකිය. අනතුරුව අනාවැකි ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා සියලු මාර්ගෝපදේශ සරලව දක්වා තිබීම මෙම කෘතියේ ඇති විශේෂත්වයකි. Rs 1,090.00 Details View details
Out-of-Stock navagrahayangen Helivana Palapala Out-of-Stock මෙය වනාහි දෛවඥවාවස්පති ශ්‍රී වාසුදේවගුප්තයන් විසින් ලියන ලද "ග්‍රහපලදර්පණ" නම් කෘතියේ සිංහල අනුවාදයයි මෙහි මුල ග්‍රන්ථය අස්මදාචාර්යය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමශ්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධූරණ අග්ගමහා පණ්ඩිත, ආචාර්යය බෙල්ලන ශ්‍රී ඤාණ විමලාභිධාන මාහිමිපාණන් වහන්සේට ඉදිරිපත් කරන ලදුව කෙසේ හෝ මෙය සිංහලට පරිවර්තනය කරනු ලෙස උන්වහන්සේගෙන් දිරිගැන්වීමක් ලැබිණි. මා තදබල ලෙස රෝගාතුරව සිටින මෙවන් අවස්ථාවකදී වුවත් ධෛර්යයෙන් යුතුව එම ඉල්ලීම ඉටු කළෙමි.මෙහි කතුවරයා විසින් නවග්‍රහයින්ගේ පලාපල පිළිබඳ භාවාත්ථ සහිතව මෙම කෘතිය රචනා කර තිබේ. සංස්කෘත ශ්ලෝක හා එහි භාවාත්ථය මෙහි අන්තර්ගතව ඇත. පදානු පදික පරිවර්තනයක් මෙහි නොමැත. මෙයට ප්‍රස්තාවනාවක් සපයා ඇති ශ්‍රී සීතාරාමන්ධා විසින් එය අනුමත කර තිබේ. මෙය කියවා පාඨකයා අවබෝධය ලබා ගත යුතුය. මෙම කෘතිය මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කළේ අප හිතාදර ගොඩගේ සහ සමාගමේ අධිපති විශ්ව ප්‍රකාශන ශිරෝමණී (විද්‍යාලංකාර) දේශබන්ධු සිරි සුමන ගොඩගේ මහත්මාණන් විසිනි. එතුමාට මගේ ප්‍රසාදය හිමිවෙයි. පරිගණක හා මුද්‍රණ කටයුතු කළේ දෙහිවල නැදිමාලේ ශ්‍රී දේවී ප්‍රින්ටර්ස් අධිපති මහේන්ද්‍ර සේනානායක මහතා හා ඔහුගේ දයාබර පුත්‍ර හරිත ධරෙන්ද්‍ර සේනානායක මහත්මා ඇතුළු කාර්යය මණ්ඩලය විසිනි. පිට කවරය සකස් කර දුන්නේ ඩබ්ලිව්. එම්. කේ. විජය බණ්ඩාර මහත්මා විසිනි. මගේ ශාස්ත්‍රීය කටයුතු වලට සහයෝගය ලබා දෙන එසේම ශොධ්‍යපත්‍ර බැලීමෙන් හා ශංසය ස්ථාන නිරාකරණය කිරීමෙන් උපකාර කළ විශ්‍රාමලත් කථිකාචාර්ය, ශාස්ත්‍රපති, එච්. එල්. එස් අභයසිංහ මහතා ඇතුළු සියළු දෙනාටම මගේ අශිංසනය පිරිනැමේ. හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි Rs 750.00 Details View details
Jivithaya Danagnna ''ජීවිතය දැනගන්න අංක විද්‍යා ජ්‍යෝතිෂය'' යන මෙම කෘතිය තුළින් උපන් දිනය අනුව ජන්ම අංකය, උපන් දිනය අනුව දෛව අංකය, නමෙන් කියවෙන චරිතය,අංක විද්‍යා කේන්දරය වැනි මෙවැනි අංක විද්‍යාව හා සම්බන්ද බොහෝ තොරතුරු රාශියක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 450.00 Add to cart Buy
Out-of-Stock Athlen Kiyavena Sangavunu Rahas Out-of-Stock "අත්ලෙන් කියවෙන සැඟවුණු රහස්" යනු හස්ත රේඛා ශාස්ත්‍රය පිළිබඳව ලියැවුණු ඉතා වටිනා කෘතියකි. Rs 280.00 Details View details
Lokayatha Jorthirvidyava Hevath Anagatha Wakya Keeme Shasthraya සාම්ප්‍රදායික ජ්‍යෝතිෂ ක්‍රමවේදයන් සහ කේන්ද්‍ර සටහන් පරීක්ෂා කර නිවැරදිව අනාගත වාක්‍ය ප්‍රකාශ කරන ආකාරය පියවරෙන් පියවර කියා දෙන අගනා මාර්ගෝපදේශී ග්‍රන්ථයකි. Rs 730.00 Add to cart Buy