Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
Bauddha Geetha Mangjaree
බෞද්ධ ගීත මඤ්ජරී - නම් වූ මෙම ගීත එකතුව 2550 සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් ඔබ අතට පිරිනමනු ලබන්නේ ඉමහත් සතුටකිනි. අපරිමිත භක්තියෙන් හා ශ්‍රද්ධාවෙනි. බුදු ගුණයෙන් ජීවය ලබා බොදු බැතියෙන් සම්භවය ලබා නිර්මාණය වූ මෙම බෞද්ධ භක්ති ගීත සංග්‍රහය සිංහල සාහිත්‍යය තුළ දිගු කලක් තිස්සේ පැවැති බලවත් අඩුපාඩුවක් සම්පූර්ණ වීමකැයි විශ්වාස කළ හැකිය.
Rs 315.00
Rs 350.00
Piyek Pudana Siyak Geetha
පියෙක් පුදන සියක් ගීත - නිර්මාණශීලී තරුණයකු වන ලලිත් ප්‍රියංකර විසින් සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය සිංහල ගීත සාහිත්‍යයේ ප්‍රබල අඩුවක් පිළිබඳ නවමු කතිකාවතක් ඇති කරවීමට පදනම සකස් කිරීමක් වැනි ක්‍රියාවලියකි. සාමන්‍යය රසිකයෙකුට විනා ගීත නිර්මාණ පිළිබඳ පර්‍යේෂණයක නිරතවන කෙනෙකුට පවා පිය ගුණ ගී සියයක් සොයා එකතු කිරීම යනු එතරම් පහසු වූ සුරම්‍ය කටයුත්තක් ලෙස සැලකිය හැකි නොවේ. එයට හේතුව එය එතරම්ම අපහසු නිසාය.
Rs 225.00
Rs 250.00
Sanna Sahitha Gupthila Kavya
Out-of-Stock
සන්න සහිත ගුප්තිල කාව්‍යය - තොටගමුවේ රාහුල හිමියන්ගේ ශිෂ්‍ය හිමි නමක් වූ වෑත්තෑවේ හිමියන් විසින් රචනා කරන ලද ගුත්තිල මහා කාව්‍යය සඳහා ජාතක පොතේ 237 වැනි ජාතක කථාව වූ ගුත්තිල ජාතකය පාදක වී තිබේ. ගුත්තිල කාව්‍ය තුළ පද්‍ය 511ක් ඇතුලත් වී ඇති අතර වෑත්තෑවේ හිමියන් විසින් වායු ගණය මුල් කොට ගෙන රචනා කර ඇත. ජාතික කථා පුවත් පදනම් කොට ගෙන කෝට්ටේ සමයේ දී ලියැවී ඇති කාව්‍ය කෘති දෙකෙන් දෙ වැන්න ගුත්තිල කාව්‍යයයි. රචනා කර ඇති විරිත සමුද්‍ර ඝෝශ යයි. එනම් සමුදුරෙ රිද්මයටයි. කෝට්ටේ යුගයට අයත් මෙම කාව්‍ය සංග්‍රහය තුළින් බෝසතුන් 'ගුත්තිල' නම් වීණා වාදකයාව ඉපිද 'මූසිල' නම් තම ගෝලයා සමඟ වාද කළ අයුරු නිරුපණය කෙරේ. කතුවරයා මෙම කෘතියට විශේෂ නාමයක් ලබා දී නොමැති අතර, එම නිසා ජාතක පොතෙහි එන ගුත්තිල නාමය ම මේ සඳහා භාවිත වේ. වෑත්තෑවේ හිමියන්, තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන්ගේ ගෝලයෙකි. කාව්‍යාකරණයෙහි තම ගෝලයා තුල තිබු හැකියාව දුටු රාහුල හිමි ඒ කෙරෙහි තමා තුල පවතී අප්‍රසාදය පල කිරීමට තම අතවැසියෙකු විසින් වෑත්තෑවේ හිමියන්ට දිනපතා පලා කොළ 3 පංගුවක් බෙදන ලෙස උපදෙස් දුන්නේය. මෙසේ 'පල නො කියා පලා බෙදන' බව වටහා ගත් වෑත්තෑවේ හිමි පෙරලා ගමට වැඩි අතර, තම අකෘතඥයකු නොවන බව ගුරුතුමාට හැගවීම සදහා ගුත්තිල කාව්‍ය රචනා කරන ලදී. ලෙන් බැහැර ව ගිය වෑත්තෑවේ හිමියන් තමන් ගුරු ද්‍රෝහියකු නොවන බව පෙන්වීම පිණිස ගුත්තිල කාව්‍යය රචනා කළ බවත් පැවසේ. හය වැනි පරාක්‍රමබාහු රජ සමයේ (කෝට්ටේ යුගයේ) මෙය ලියැවුණු බවට සැලකෙන ගුත්තිල කාව්‍යය, සිංහල සාහිත්‍ය ඉතිහාසයේ සුවිශේෂී නිර්මාණයක් ලෙසින් ද සිංහල පද්‍ය සාහිත්‍ය පෝෂණය කළ උසස් රසවත් ග්‍රන්ථයක් ලෙසින් ද ඉමහත් ප්‍රසාදයට ලක් වී ඇත. තවද සංසාර නෞකා වූ සර්වඥයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි දේවදත්ත නම් ස්ථරවීරයන් වහන්සේ අරභයා මෙය දක්වන ලදි.
Rs 234.00
Rs 260.00
Gangarohana Warnanava
Out-of-Stock
ගංගාරෝහණ වර්ණාව - ඉතා කලාතුරකින් දැක ගැනීමට අවස්ථාවක් ලැබිය හැකි ගංගා රෝහණ වර්ණනාව අපූර්ව පින්කම් වැනුමකි. ඉන් පින්සිත ද කවි සිත ද පිනවයි. සනහයි. බුදු දහමේ නව ප්‍රබෝධයක් ඇති ව විවිධ මාදිලියේ පුද පින්කම් පැවැත්වෙන මෙවන් ප්‍රබෝධයක් ඇතිව, විවිධ මාදිලියේ පුද පින්කම් පැවැත්වෙන මෙවන් වකවානුවක වී. ඩී. එස්. ගුණවර්ධනයන් සංස්කරණය කළ මෙම ගංගාරෝහණ වර්ණනාව සාමාන්‍ය පාඨක ජනතාවට මෙන් ම බෞද්ධ පාඨක පිරිසටද එකසේ වැදගත් කෘතියක් වනු නොඅනුමාන ය.
Rs 270.00
Rs 300.00
Wana Rajadahana
Out-of-Stock
වන රජදහන - විෂ්ණුශර්ම පාදයන්ගේ පංචතන්ත්‍රයේ සිංහල කාව්‍යානුවාදයකි. සරල පද්‍යයෙන් ඉදිරිපත් කර ඇති මෙම ග්‍රන්ථය සිංහල පාඨකයින්ට ඉතා වැදගත් වන ග්‍රන්ථයකි.
Rs 585.00
Rs 650.00
Samayanthara Agam Thulanaya
සමයාන්තර ආගම් තුලනය - අන්තර් ආගමික අධ්‍යාපනය වර්තමානයේ අත්‍යවශ්‍ය වන අතර ලාංකේය ඉතිහාසය තුළ එම අධ්‍යාපනය පැවතුනි. තුලනාත්මක ආගමික අධ්‍යයනය විවේක බුද්ධියක් නැති අයෙකුට කිසිසේත් කළ නොහැකිය. අන්තවාදී දැඩි මතධාරීන් ට මෙම කෘතිය තුළින් බුද්ධිමය පරිචයක් ඇති කර ගත හැකිය.
Rs 441.00
Rs 490.00
Yanthra Rathnakaraya
Out-of-Stock
යන්ත්‍ර රත්නාකරය - මෙම කෘතිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යන්ත්‍ර නැමති රත්නවලින් පරිපූර්ණ රත්න ආකරයකි. ජීවිතය ප්‍රභාස්වර දිශානතියකට යොමු කරමින් සමෘද්ධිය, සෞභාග්‍යය උදාකර ගැනීමට පමණක් නොව, ග්‍රහ අපල, අමනුෂ්‍ය දෝෂ, ලෙඩ දුක් නිවන්ත්‍රණයට ඉවහල් වෙන අති ප්‍රබල යන්ත්‍රරත්න රාශියක් මෙම කෘතියේ අන්තර්ගතව ඇත. ඒ මතු ද නොවේ. පොදුවේ යන්ත්‍රකරණයේ දී පිළිපැදිය යුතු සිරිත් පිළිවෙත් ද, ඇතැම් යන්ත්‍ර සඳහා පුරාණාචාර්‍යවරු අනිවාර්‍ය කර ඇති වත්පිළිවෙත් ද, එක් එක් යන්ත්‍ර මඟින් ලැබිය හැකි ගුණ බල අන්තර්ගත ගුණ බල අන්තර්ගත ගුණ ප්‍රකාශ ද මෙහි ඇතුළත් ය. එබැවින් මෙම ග්‍රන්ථය යන්ත්‍ර කාරක, යන්ත්‍ර සාධක යන ඩෙහ්පාර්ශවයට ම ඉතාමත් ප්‍රයෝජනවත් සාරගර්භ මාහැඟි ශාස්ත්‍රීය කෘතියකි.
Rs 3,150.00
Rs 3,500.00
Mankjushribhashitha Chithrakarmashasthraya
Out-of-Stock
මඤ්ජුශ්‍රීභාෂිත චිත්‍රකර්මශාස්ත්‍රය - බුද්ධ හා බෝධිසත්ව ප්‍රතිමාකරණය පිළිබඳව මෙතෙක් ලක්දිවෙන් හමුවී ඇති තාක්ෂණික කරුණු අතින් අංගසම්පූර්ණම ග්‍රන්ථය මෙය වන අතර එය පෞරාණික ශිල්පියාගේ ඉසියුම් කලාත්මක වින්දනයත් ගැඹුරු වාස්තුවිද්‍යාත්මක ඥානයත් බැතිබර ආගමික මනසත් පිළිබිඹු කරයි. ඉන් ප්‍රතිමාවේ සැකිල්ල සකස් කිරීමේ පටන් නෙත් පිහිටුවීම දක්වා වූ සියලු තාක්ෂණික කරුණු පිළිවෙළින් විස්තරාත්මකව ඉදිරිපත් කර තිබේ.
Rs 405.00
Rs 450.00
Rs 0.00
Thirikunamalaye Bauddha Puravasthu Ha Pujyasthana
තිරිකුණාමලය බෞද්ධ පුරාවස්තු හා පූජ්‍යස්ථාන - තිරිකුණාමලය අවට ඇති පූජ්‍යස්ථාන හා පුරාවස්තු පිළිබඳ අධ්‍යනයක යෙදුණු කතුවරයා සියැසින් දුටු තොරතුරුත් ග්‍රන්ථාගත කරුණුත් සංසන්දනය කරමින් ලියන ලද මෙම කෘතිය වන්දනාවේ යන බැතිමතුන්ට ද විවිධ අධ්‍යනයන්හි යෙදෙන ආධුනිකයන්ට ද පාසල් දරු දැරියන්ට ද ප්‍රයෝජනවත් දුලබ කරුණුවලින් සමන්විත වේ. මෙහි භාෂා විලාසය සිත්ගන්නාසුලුය. කෘතියෙහි අන්තර්ගත කරුණු සුගම ලෙස වටහා ගැනීමට එම බස ඉවහල් වේ.
Rs 585.00
Rs 650.00
Japan Bhashava - Beginner Level
Out-of-Stock
ජපන් භාෂාව - Beginner Level - ජපන් භාෂාව මුල සිට සරලව අධ්‍යනය කර ඉගෙනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට ඉතා පහසු වන ලෙස සරලව මෙම පොත ලියා ඇත. A/l සහ O/L සිසුන් සඳහා ද නිර්දේශ කළ හැකිය.
Rs 1,260.00
Rs 1,400.00
Japan Bhashava - Intermediate Level
Out-of-Stock
ජපන් භාෂාව - Intermediate Level - ජපන් භාෂාව මුල සිට සරලව අධ්‍යනය කර ඉගෙනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට ඉතා පහසු වන ලෙස සරලව මෙම පොත ලියා ඇත. A/l සහ O/L සිසුන් සඳහා ද නිර්දේශ කළ හැකිය.
Rs 1,305.00
Rs 1,450.00
Bodhi Pooja Athpotha - Terum Sahithava
බෝධි පූජා අත්පොත - තේරුම් සහිතව
Rs 675.00
Rs 750.00
Bodhisathva Adarshaya
බෝධිසත්ව ආදර්ශය
Rs 270.00
Rs 300.00
Gaigar Dutu Lankava
Out-of-Stock
ගයිගර් දුටු ලංකාව - සංස්කෘතිය සොයා යා හැකි එකම පහුර වන්නේ භාෂාවයි. විල්හෙල්මි ගයිගර් පඬිතුමා ප්‍රාචීන භාෂා ගවේෂනණය කරමින්, අපේ ඉතිහාසය පුරා සැරිසැරූ සහභාගී නිරීක්ෂකයෙක් විය.
Rs 1,800.00
Rs 2,000.00
Bauddha Sanskruthika Kollaya
බෞද්ධ සංස්කෘතික කොල්ලය - ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගවේෂණයක යෙදෙන මෙම ලේඛකයෝ, දේහ ලක්ෂණයෙන් සහ ගති සිරිත්වලින් සිංහලයන් හා සමාන, සිංහලයට ඉතා සමීප භාෂාවන් භාවිත කළ, ඉන්දියාවේ දක්ෂිණාපථයේ බෞද්ධ ප්‍රජාවන් විසූ රටවල් ගැන තොරතුරු හෙළි කරමින්, මෙතෙක් ඉතිහාසඥයින් නොදුටු සහ බැලීමට අකමැති වූ විෂය පථයක් පිළිබඳ කථිකාවක් අරඹති. මණිමේඛලයි තුරව් සහ සිලප්පාදිකාරම් මහා කාව්‍යයන්ගේ බෞද්ධ උරුමය පැහැදිලි කිරීම, කෘතියෙන් කෙරෙන ප්‍රධාන කාර්‍යයකි. ගජබා රජුගේ මිතුරකු වූ, කේරළයේ සෙංගුවාට්ටුවන් රජුගේ වන්දනාවට ලක් වූ 'කන්නගී', අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව වන්දනාවට අයත් බෞද්ධ දේවතාවියක බව කෘතියෙන් පැහැදිලි කෙරේ.
Rs 810.00
Rs 900.00
Budu Sasune Maha Pinkam
බුදු සසුනේ මහ පිංකම් - කඨින පූජාවෙහි ආනිසංස හා එහි ඓතිහාසික දේ දැක්වේ. එසේම බෞද්ධයන් අතර ජනප්‍රිය අටමහ කුසල් මෙහි විස්තර කර ඇත.
Rs 318.60
Rs 354.00
Rs 371.70
Rs 413.00
Rs 180.00
Rs 200.00
Divi Maga Sarukarana Maga
දිවි මග සරුකරන මග - බුදුපියාණන් වහන්සේ මෙලොව දියුණුව පරලොව දියුණුව සංසාර විමුක්තිය සලසා ගන්නා මග මනා කොට පහදා දුන්හ. ගිහි ජනතාවගේ මහාර්ථ සිද්ධිය සලසන "ගිහිවිනය" නමින් ද කියැවෙන "සිඟාල සූත්‍රය", "සිඟාලෝවාද සූත්‍රය" යනාදී ලෙසින් හැඳින්වෙන ජනසමාජයේ වෙසෙසින් ප්‍රචලිත සූත්‍ර ධර්මය පිළිබඳව "දිවි මග සරුකරන මග" නමින් ලියැවෙයි.
Rs 212.40
Rs 236.00
Wigngnyanaya (Suthangatha Bauddha Wiggrahaya)
Out-of-Stock
විඤ්ඤාණය (සූත්‍රාගත බෞද්ධ විග්‍රහය) - ශාස්ත්‍රපති මැටිබැඹියේ ධම්මසිරි හිමියන් විසින් ලියා පළ කරන ලද විඤ්ඤාණය නම් මෙම කෘතිය උන්වහන්සේගේ ශාස්ත්‍රීය දිවියේ පළමු කෘතියයි.
Rs 424.80
Rs 472.00
Jothishya Siddhantha
Out-of-Stock
ජ්‍යොතිෂ සිද්ධාන්ත - ආධුනිකයන්ට පමණක් නොව ජ්‍යොතිෂය දන්නා අයට ද බෙහෙවින්ම ප්‍රයෝජනවත් විය හැකි ග්‍රන්ථයකි.
Rs 477.90
Rs 531.00
Subhashithaya
සුභාෂිතය - සුභාෂිතය යනු සීතාවක යුගයේ විසු කවියකු වන අලගියවන්න මුකවෙටි පඬිතුමා විසින් රචිත උපදේශ කාව්‍ය සංග්‍රහයකි. කාව්‍යය මගින් කුසලයෙහි අගය, සුදන දුදන ගුණ, බොරු නොකීමේ අගය, උඩගු නොවීම, උගතුන්ගේ ස්වභාවය ආදිය පැහැදිලි කෙරේ. මුලින් බෞද්ධයෙකු වූ මුකවෙටිතුමා පසුකාලීනව කිතුනු ආගමට යොමු වූවෙක් වූයේ ය. සුභාෂිතය වැනි බොදු පසුබිමක් සහිත නිර්මාණ මුලින් බිහි කළ ඔහු පසුකාලීන ව කොන්ස්තන්තීනු හටන, පරංගි හටන වැනි හටන් කාව්‍ය නිර්මාණය කළේ එනිසා විය හැක. පොදු ජන ජිවිතයේ සෑම අංශයක් කෙරෙහිම බලපාන ප්‍රකට කාරනා හා උපමා සුභාශිතය පුරා විහිදී ඇත.
Rs 234.00
Rs 260.00
Rs 765.00
Rs 850.00
Mangul Kama
Out-of-Stock
මඟුල් කෑම - ‘හෙළයේ මහ ඉසි’ යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාස නිර්මාණකරුවාගේ ළමා ලෝකය අමන්දානන්දයට පත් කළ විශිෂ්ට නිර්මාණයකි මඟුල් කෑම. දරුවන් තුල දෙස බස පිළිබඳ උනන්දුවක් ඇති කරන මඟුල් කෑම වැනි කතා කියවීමෙන් දරුවාගේ රසවිඳීම පමණක් නොව ව්‍යාකරණයද වර්ධනය වේ.
Rs 225.00
Rs 250.00
Heen Saraya
හීන් සැරය - ‘හෙළයේ මහ ඉසි’ යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාස නිර්මාණකරුවාගේ ළමා ලෝකය අමන්දානන්දයට පත් කළ විශිෂ්ට නිර්මාණයකි හීන් සැරය. දරුවන් තුල දෙස බස පිළිබඳ උනන්දුවක් ඇති කරන හීන් සැරය වැනි කතා කියවීමෙන් දරුවාගේ රසවිඳීම පමණක් නොව ව්‍යාකරණයද වර්ධනය වේ.
Rs 855.00
Rs 950.00
Samayawardhana Pali - Sinhala Dictionary
සමයවර්ධන පාලි - සිංහල ශබ්දාර්ණවය
Rs 5,400.00
Rs 6,000.00
Rs 315.00
Rs 350.00
Tripitaka - 57 Complete Set of Books
ථෙරවාද බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ ජීවත්ව සිටිය දී කළ ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගායනාවලදී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක නම ලැබී ඇත. පසුකාලීනව ත්‍රිපිටකය අට්ඨකථා මඟින් අතිරේක කරුණු හා විස්තර කිරීම් සිදු කර ඇත. විනය පිටකය ග්‍රන්ථ 9න් ද, සූත්‍ර පිටකය ග්‍රන්ථ 35න් ද, අභිධර්මය ග්‍රන්ථ 13න් ද යුක්ත අතර සියළු ග්‍රන්ථ 57න් යුක්ත වේ. මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතුය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්‍යය කරන්නා වූ සියල්ලන්ටම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂයයි. ලෝ වටා සිටින සියල්ලන්ටම ත්‍රිපිටකය පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම අපගේ එක් පියවරකි.
මෙම ත්‍රිපිටක කට්ටලයෙහි සම්පූර්ණ මිල රු.138,625.00ක් වන අතර සම්පූර්ණ ත්‍රිපිටක කට්ටලය මිලදී ගන්නේ නම් පමණක් එහි මිල රු. 95,540/- ක් පමණක් වේ.
මෙම ත්‍රිපිටක කට්ටලයෙහි සම්පූර්ණ මිල රු.138,625.00ක් වන අතර සම්පූර්ණ ත්‍රිපිටක කට්ටලය මිලදී ගන්නේ නම් පමණක් එහි මිල රු. 95,540/- ක් පමණක් වේ.
Rs 95,540.00
Rs 138,625.00
Thailantha Ramayanaya Saha Wenath Janakatha
තායිලන්ත රාමායණය සහ වෙනත් ජනකතා - මෙහි දක්වා ඇති අනිකුත් තායි ජනකතා ද එරට ජනයා අතර විශේෂයෙන් ම දරුවන් අතර ඉතා ප්‍රියතම නිර්මාණ වේ. එම නිර්මාණ වලට අයත් බොහෝ කතා ප්‍රවෘත්ති හින්දු දේව කතාවලට හා බෞද්ධ ජාතක කතාවලට බෙහෙවින් ම සමාන ය. එහෙයින් අපේ පාඨක ප්‍රජාවට විශේෂයෙන් ම අපේ දරුවන්ට ඒවා කියවා රස විඳීමට අපහසු නොවේ.
Rs 126.00
Rs 140.00
Rasa Bana Katha
Out-of-Stock
රස බණ කථා - පාලි අටුවා ග්‍රන්ථ අතර "ධම්මපදට්ඨ කථාව" ට ඉතා වැදගත් තැනක් හිමිවෙයි. ධම්මපදයට සැකසුණු එම කෘතිය ඉතා හරවත් ධර්ම සංග්‍රහයක් සේම කථා සංග්‍රහයක් බවට ද පත් විය. ධම්මපදය බෞද්ධයාගේ අත්පොතයි. එම ධම්මපදයට ලියැවී ඇති ධම්මපදට්ඨ කථාව ද ඒ තමට ම ජනප්‍රිය වූවකි. ගථා 423ක් ඇතුළත් වග්ග විසි හයකින් සමන්විත ධම්මපදය ඒ ඒ ගාථාවලට පසුබිම් වූ කථා වස්තු 299ක් එහි ඇතුළත් ය.
Rs 270.00
Rs 300.00
Budu Sirithin Thavath Katha
බුදු සිරිතින් තවත් කතා - යොවුන් දරුවන්ගේ ආකල්ප වර්ධනයට, කල්පනය විකසිත කිරීමට මෙන්ම ඔවුන්ගේ වින්දන කුසලතාව උදෙස මේ කෘතිය බෙහෙවින් ප්‍රයෝජනවත් ය.
Rs 198.00
Rs 220.00