Books

-10%

Thirisan Kulaye Upanath Bosath

තිරිසන් කුලයේ උපනත් බෝසත් - මෙම ග්‍රන්ථයට තෝරාගෙන ඇත්තෙ "පන්සිය පනස් ජාතක කථා" පොතේ එන කථා කීපයකි. ඒවා ඒ ආකාරයෙන් නොගත්තෙමි. සරලව ප්‍රතිනිර්මාණය කිරීමට ගත් වෑයමකි.
Rs 180.00
Rs 200.00
-10%

Budun Sarana Giya Prethayo

බුදුන් සරණ ගිය ප්‍රේතයෝ - ඛුද්දක නිකායේ එන ප්‍රේතවත්ථු කථා නූතන බසින්, සරලව රසවත්ව එළිදැක්වීම කාලයක පටන් පැවති පාඨක අපේක්ෂාවක් මල්ඵල ගැන්වීමකි. මහා මොග්ගල්ලාන, ශාරිපුත්ත, මහා කාශ්‍යප හා සංකිච්ච ආදී මහ රහතන් වහන්සේලාට මෙන්ම නාරද ,මහ තෙරුණ් ප්‍රමුඛ බුදු පිරිසට මුණ ගැසුණ ප්‍රේතාත්ම රැසක් අභිනව ග්‍රන්ථයෙන් විස්තර වෙයි.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Budun Sarana Giya Devathavo

Out-of-Stock
බුදුන් සරණ ගිය දේවතාවෝ - විමාන වත්ථුව පීඨ, චිත්‍රලතා, පර්ච්ඡත්තක, මඤ්ජෙට්ඨක, මහාර්ථ, පායාසි හා සුනික්ඛ්ත්ත යන වග්ග හතකින් ‍යුක්ත වේ. මෙහි මුළු කතා අසූපහෙන් පනහක් ම ස්ත්‍රී විමාන වත්ථු ය. අතුරු කතා ද ඇතුළුව සියලු විමාන වත්ථු කතා එකසිය විසි තුනකි. ලක්දිව අනුලා බිසව ප්‍රමුඛ පන්සියයක් කාන්තාවන් උතුම් සෝතාපන්න තත්ත්වයට පත් වූයේ, මිහිඳු මහ රහතන් වහන්සේගෙන් මෙම කතා ඇසීමෙනි. පවින් මුදවා පිනෙහි පිහිටන බුද්ධ භාෂිත බඳු මෙබඳු කතා කියවා හැඩගැසෙන ජීවිත දෙලොව ම සුගතිගාමී වනු ඇත.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Liyanado Davichi Ge Upama Katha

Out-of-Stock
ලියනාඩෝ ඩාවින්චි ගේ උපමා කතා - උපමා කතා ලියූ නිර්මාණ ශිල්පීන් අතර ඒසොප්ටත්, ප්‍රංශ ලාෆොන්ට්න්ටත්, ජර්මනියේ ග්‍රීම් සොහොයුරන්ටත් ලැබුණු තැනට සරිලන තැනක් ඩාවින්චීට ද ලැබී ඇති බව මේ පරිවර්තන කියවන කල් හි ඔබට වැටහෙනු ඇත. තනූජා ධර්මපාල පුවත්පත් කලාවේදිනිය මේ උපමා කතා සංග්‍රහය පරිවර්තනය කරනුයේ රුසියන් බසින් සිංහලට ය. මේ හේතුවෙන් අපට ඩාවින්චි නමැති මහා නිමැවුම්කරු ගේ තවත් නිර්මාණ ක්ෂේත්‍රයක මහිමය මැනැවින් හඳුනා ගත හැකිය.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Sansara Charika

Out-of-Stock
සංසාර චාරිකා - ස්වකීය ජීවන අත්දැකීම් සංසරයට එකතු කරන හැම කෙනෙකු විසින් ම කියවිය යුතු කෘතියක් ලෙස අගය කළ හැකිය.
Rs 405.00
Rs 450.00
-10%

Jeevithaya Wenas Karana Katha - 4

ජීවිතය වෙනස් කරන කතා - 4 - ජීවිතය කියන්නේ මොහොතින් මොහොත නිර්මාණය වන විශ්වීය නිර්මාණයක්. ඉතින් නිර්මාණයත් නිර්මාණකරුවාත් ඔබම තමයි. අගනා සිතිවිල්ලෙන් සෞම්‍ය දැනීමෙන් පරිපූර්ණ හැඟීමෙන් සහ පූර්ණ විශ්වාසයෙන් එය පුරවා ගන්න මේ කතා අහුර ඔබට හදවතින්ම උදව් කරයි.
Rs 720.00
Rs 800.00
-10%

Jeevithaya Wenas Karana Katha - 3

ජීවිතය වෙනස් කරන කතා - 3 - මේ ජීවන චාරිකාවේ දී, සමහරවිට වැටෙයි. වැටුණාම රිදෙයි. රිදුනාම ඇඬෙයි. ඒත් ආයෙත් අමාරුවෙන් නැගිටලා ඉදිරියටම පියවර තබන්න සිද්ධ වෙයි. වැටි වැටි නැගිටිමින් ජීවිතයට තේරුමක් දෙන්න ජීවත් වෙන සැමට මේ අපූරු කතා ජීවිතය ශක්තිමත් කරන තහනම් නොවන උත්තේජකයක් වනු ඇත.ජීවිතයට පිරිසිදු ඔක්සිජන් ස්වල්පයක් මුසුකරන මෙම අපූරු කතා සහ අදහස් එකතුව විටෙක සිනාවෙන් ද, විටෙක ආදරය්න් ද, විටෙක බුද්ධියෙන් ද, තවත් විටෙක අසීමිත බලාපොරොත්තුවෙන් ද ඔබෙ ජීවිතය පුරවනු ඇත.
Rs 720.00
Rs 800.00
-10%

Jeevithaya Wenas Karana Katha - 2

ජීවිතය වෙනස් කරන කතා - 2 - සිහින ආදරය සහ වේදනා ඔබේ ජීවිතය අංශක 180කින් වෙනස් කරයි. එම ජීවන වෙනස සාර්ථක කරගන්න අවශ්‍ය ජවය ශක්තිය සහ ධෛර්‍ය්‍ය අසීමිතව එන්නත් කරන මෙම අපූරු කතා එකතුව ආදරයෙන් දැනුමෙන් බුද්ධියෙන් සුසුමින් කදුළින් සහ හසරැල්ලෙන් පිරුණු රසවත් පානයකි.
Rs 720.00
Rs 800.00
-10%

Jeevithaya Wenas Karana Katha

ජීවිතය වෙනස් කරන කතා - ඔබගේ ජීවිතයට පිරිසිදු ඔක්සිජන් ස්වල්පයක් මුසුකරන මෙම අපූරු කතා සහ අදහස් එකතුව විටෙක සිනාවෙන් ද, විටෙක ආදරය්න් ද, විටෙක බුද්ධියෙන් ද, තවත් විටෙක අසීමිත බලාපොරොත්තුවෙන් ද ඔබෙ ජීවිතය පුරවනු ඇත.
Rs 720.00
Rs 800.00
-10%

Lekikava Ha Wenath Katha

ලේඛිකාව හා වෙනත් කථා - ඉතා සරල ශෛලියකින් ඉදිරිපත් කර ඇති මෙම කෙටිකථා එක ලෙස පටන් ගන්නේ ලේඛිකාව නම් කථාවෙනි. එක පවුලක කාගෙත් ආදරයෙන් සහ උපකාරයෙන් ඉගෙනීම ලබා පරිපාලන සේවයට ඇතුලත් වූ දියණිය ලේඛිකාවක් ලෙස දක්ෂකම් පෙන්වා ඒ අනුව ඇති වූ කීර්තිය සහ ප්‍රසිද්ධියෙන් හිස උදුම්මාගෙන පවුලේ අය වෙත දැක් වූ කීර්තිය සහ ප්‍රසිද්ධියෙන් හිස උදුම්මාගෙන පවුලේ අය වෙත දැක් වූ අහිතකර පැවැත්ම මේ කථාවෙන් මැනවින් විග්‍රහ වෙයි.
Rs 180.00
Rs 200.00
-10%

Ape Withthi

අපේ විත්ති
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Devivaru Gana Katha

Out-of-Stock
දෙවිවරු ගැන කතා - ජනතාවගේ වන්දනයට පාත්‍ර වන දෙවිදේවතාවන් පිළිබඳව කාලාන්තරයක් තිස්සේ ගොඩනැගී පවතින ජනප්‍රවාද, විශ්වාසයන් රාශියක් පවතිතත් ඒවා ඇත්තේ බොහෝ විට තැනින් තැනය. ඒවා එකම ග්‍රන්ථයක් තුළින් දැන ගැනීමට ඇති හැකියාව ඉතා විරලය.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Nuvana Wadana Bana Katha

Out-of-Stock
නුවණ වඩන බණ කතා - බාල, තරුණ, වැඩිහිටි කා හටත් ගැළපෙන දහම් ඇස පාදන උපදේශනාත්මක කතා රැසක් ඇතුළත් ධර්ම ග්‍රන්ථයකි.
Rs 162.00
Rs 180.00
-10%

Therani Katha

තෙරණි කතා - බුදු සිරිතට අමතරව බෞද්ධ සාහිත්‍යයේ එන බොහෝ කතා හා සිදුවීම් යළි යළිත් කියවීමටත් ඇසීමටත් සිංහල බෞද්ධයෝ මහත් අතිරුචියක් දක්වති. බෞද්ධ අනන්‍යතාවකින් යුතු වුවද මේ තෙරණි කතා කවර පාඨකයකුගේ වුවද අවධානයට යොමු වන බව නිසැක ය. සදාචාර විඥානය පුළුල් කරවන්නා වූද ජීවිතය පිළිබඳ ගැඹුරු අරුත් දනවන්නා වූද මේ කතා බෞද්ධ නොවන පාඨකයාගේ වුවද ප්‍රසාදය වැඩීමට හේතු වනු ඇත.
Rs 684.00
Rs 760.00
-10%

Saru Sara Jiwithayakata Bosath Upama katha - 3

සරු සාර ජීවිතයකට බෝසත් උපමා කථා 3  - මේ ග්‍රන්ථය සඳහා පන්සිය පනස් ජාතක පොත ඇසුරින් කථා තෝරාගෙන ඇත. අද කාලයට ගැළපෙන ලෙස සරල අයුරින් ලියා ඇත.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Bodhisathva Rajavaru

Out-of-Stock
බෝධිසත්ව රජවරු - "පන්සිය පනස් ජාතක පොත් වහන්සේ" යන නමින් සිංහල බෞද්ධ ජනතාව අතර ඉමහත් ගෞරවාදරයට පාත්‍රව ඇති ජාතක කතා පොත පිළිබඳව එක්තරා ගවේෂණාත්මක අධ්‍යනයක් මෙම ග්‍රන්ථය මගින් සපුරා ඇත්තේය .
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Daham Rasavahini

Out-of-Stock
දහම් රසවාහිනි - මෙම ග්‍රන්ථයට සීහල වත්ථු සහ සහස්ස වත්ථු යන දුර්ලභ ග්‍රන්ථ දෙකෙන් කථා කිහිපයක් තෝරාගෙන ඇත.
Rs 157.50
Rs 175.00
-10%Out-of-Stock

Budun Davasa Asirimath Katha

Out-of-Stock
බුදුන් දවස අසිරිමත් කතා - මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත්තේ ධම්මපදට්ඨ කථා අනුසාරයෙන් රචිත කථා කීපයෙකි. පාලි ධම්මපදට්ඨ කථා වනාහි ක්‍රි.ව. 5 වැනි සියවසේ මහානාම රජ දවස පැමිණි බුද්ධඝෝෂ තෙරණුවන් කළ අටුවා ග්‍රන්ථයයි. මෙම ග්‍රන්ථයට තෝරාගත් කථා කාටත් වටහා ගත හැකි සරල බසින් මෙහි ලියා ඇත.
Rs 180.00
Rs 200.00
-10%

Chariya Pitakaye Warnitha Paramee Katha

චරියා පිටකයේ වර්ණිත පාරමී කතා - බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව චර්‍යාවන්ගේ මහත්වය ප්‍රකාශ කර ඇති දේශනා චරියා පිටක පාලියයි. මෙය වර්ග වශයෙන් ත්‍රිවිධ ය. චර්‍යා වශයෙන් පන්තිසකි. මෙම කතා විවරණය ඇති චර්යා පිටකට්ඨ කතාව අනුරාධපුර සමයේ ධම්මපාලාචාර්‍යන් වහන්සේ විසින් හෙළ බසින් විරචිත ය. පාලි භාෂාවෙන් රචිත මෙම කතා අවස්ථා කිහිපයක දී පෙළ බසට නගා ඇත.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Asirimath Bana Katha - 4

Out-of-Stock
අසිරිමත් බණ කතා - 4 - ලොකු කුඩා කාටත් පරිශීලනය කල හැකි ආකාරයේ සරළ, සිත්ගන්නා බස් වහරකින් නිර්මාණය වී ඇත. ගැඹුරු කතා කියවීමට කාලය මිඩංගු කිරීමට වර්තමාන මිනිසාට අවස්ථාවක් නොමැත. ඒ කාර්යය බහුල සමාජයේ ඔහු ද කාර්‍යක්ෂම විය යුතු බැවිනි. එවැනි පුද්ගලයින්ට කියවා රස විඳීමට සහ ධර්මාවබෝධය පිණිස මෙම ග්‍රන්ථය ප්‍රයෝජනවත් වේ.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Tales From The Mara

Out-of-Stock
Tales From The Mara - Premala de Mel took to creative writing when she was asked to create skits for her church. Her adaptation of the Cinderella story was put on the boards in 2000 and 2001 and was a great success. Premala studied at Ladies’ College, Colombo and was a member of the cast of a musical called “India Arise” which toured Europe. Premala has lived and worked in India, Switzerland and the UK and has been employed in both the private and public sector in Sri Lanka. Her love for travelling and her interest in environmental issues spurred her to write this fable. She presently works in a legal firm in Colombo.
Rs 449.10
Rs 499.00
-10%

The Art Of Writting Buddhist Stories

The Art Of Writting Buddhist Stories - The Art of Writing Buddhist Stories by Dr. P. B. Ekanayaka is an inquiry into a popular aspect of Sinhala Buddhist culture. In fact, it embodies the results of research ione by the author during a period of ten months of sabbatical leave he spent at the school of Oriental and African Studies  of the University of London. This work has three chapters : 1 Historical Background of the Compilation of Buddhist Stories ; 2 Strategies in writing Buddhist stories in Sri Lanka ; and 3 Buddhist Stories and Maha parinibbanasutta.
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock

Selectes Stories From The Dhammapada

Out-of-Stock
Selectes Stories From The Dhammapada - Mr. K Samaranayake, who has previously compiled two books on Jataka stories most successfully, has now compiled another book containing stories selected from the Dhammapada commentary. The Dhammapada, regarded as an essence of the Buddhist canon (Tripitaka), comprises 423 stanzas and the Dhammapada stories are based on those stanzas. The twelve stories which have been selected by Mr. Samaranayake are most fascinating and most suitable for the modern readers, juvenile as well as adults. Stories from the Dhammapada commentary, written in the English language are rare and I consider this book, written in simple English and in a lucid style, as a much needed and a scholarly contribution to Buddhist literature in contemporary times. Brilliant artistic illustrations of certain incidents of the stories, enhance the value and attraction of the book. It is worth to be recommended as a text book for Government as well as Private schools and also for Pirivenas.
Rs 225.00
Rs 250.00
-10%

Wilambeetha

විලම්බීත - ටී. බී. ඉලංගරත්නයන්ගේ ඉතා ජනප්‍රිය වූ තුන් ඈඳුතු නවකතාවේ පළමු වැන්න වූ විලම්බීත කෘතියට හිමි වන්නේ විශේෂ තැනකි. ප්‍රධාන චරිතය වන තිලකගේ ළමා අවධිය මෙම කතාවෙන් නිරූපිත වන අතර දශක පහක් මුළුල්ලේ ළමයින් පමණක් නොව වැඩිහිටියන් පවා ඉතා ආශාවෙන් කියවූ කෘතියකි.
Rs 720.00
Rs 800.00