Books

-10%

Sihilasa

සිහිලස - මෙම කාව්‍ය සංග්‍රහය මා විවිධ අවස්ථාවල ගුවන් විදුලිය, පුවත්පත්, සඟරා, තොරණ ආදිය සඳහා ලියූ පද්‍යයන් හි එකතුවකි.
Rs 90.00
Rs 100.00
-10%

Subhashithaya

සුභාෂිතය - සුභාෂිතය යනු සීතාවක යුගයේ විසු කවියකු වන අලගියවන්න මුකවෙටි පඬිතුමා විසින් රචිත උපදේශ කාව්‍ය සංග්‍රහයකි. කාව්‍යය මගින් කුසලයෙහි අගය, සුදන දුදන ගුණ, බොරු නොකීමේ අගය, උඩගු නොවීම, උගතුන්ගේ ස්වභාවය ආදිය පැහැදිලි කෙරේ. මුලින් බෞද්ධයෙකු වූ මුකවෙටිතුමා පසුකාලීනව කිතුනු ආගමට යොමු වූවෙක් වූයේ ය. සුභාෂිතය වැනි බොදු පසුබිමක් සහිත නිර්මාණ මුලින් බිහි කළ ඔහු පසුකාලීන ව කොන්ස්තන්තීනු හටන, පරංගි හටන වැනි හටන් කාව්‍ය නිර්මාණය කළේ එනිසා විය හැක. පොදු ජන ජිවිතයේ සෑම අංශයක් කෙරෙහිම බලපාන ප්‍රකට කාරනා හා උපමා සුභාශිතය පුරා විහිදී ඇත.
Rs 225.00
Rs 250.00
-10%

Kavyashekaraya

කාව්‍යශේඛරය - මෙය කාව්‍යශේඛරය ගැන අර්ථවිවරණයකි. විභාගවලට පෙනී සිටින අපේක්ෂකයන්ට ද සාහිත්‍යය රසිකයන්ට ද මෙය ප්‍රයෝජනවත් වේ.
Rs 792.00
Rs 880.00
-10%Out-of-Stock

Kavsilumina

Out-of-Stock
කව්සිළුමිණ - කුස ජාතකය පදනම් කරගනිමින් දෙවන පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු විසින් රචිත පද්‍ය කාව්‍යය කව්සිළුමිණ ලෙස සැළකේ.
Rs 504.00
Rs 560.00
-10%

Kavsilumina

කව්සිළුමිණ - කුස ජාතකය පදනම් කරගනිමින් දෙවන පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු විසින් රචිත පද්‍ය කාව්‍යය කව්සිළුමිණ ලෙස සැළකේ.
Rs 1,777.50
Rs 1,975.00
-10%Out-of-Stock

Kaviya, Geethaya Ha Samajaya

Out-of-Stock
කවිය, ගීතය හා සමාජය - දශක හතරකට අධික කාලයක් තුළ කතුවරයා විසින් කවියත්, ගීතයත් අරබයා ලියන ලද නිබන්ධ විසිපහක් මෙම ග්‍රන්ථයට ඇතුළත් වෙයි.
Rs 427.50
Rs 475.00
-10%

Jathaka Vatha Gadhya Ha Padhya - 2

ජාතක වත ගද්‍ය හා පද්‍ය - 2 - ජාතක කතා වලින් කියවෙන විවිධ තේමා අතරින් වැදගත්ම තේමාවක් පදනම් කොටගෙන නව්‍ය රීතියකට මෙම කෘතිය රචනා කර තිබීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැක.
Rs 225.00
Rs 250.00
-10%

Saundarya Saha Thera Therini Gee

සෞන්දර්‍ය සහ තෙර තෙරිණි ගී - යනු කපුගොල්ලෑවේ හිමිය්න් නිර්මාණ කාර්‍යයෙන් ඔබ්බට යමින් කළ කෘතියකි. මෙහිදී උන්වහන්සේ පෙර අපර දෙදිග සෞන්දර්‍ය සංකල්පය හා ථෙර ථෙරී ගාථා පිළිබඳ විවරණයක යෙදේ.
Rs 180.00
Rs 200.00
-10%

Buddhist Cinfessional Poetry

Buddhist Cinfessional Poetry - This book is devoted to a close reading of the famous Buddhist confessional poems gathered in the Theirgatha. What the author has sought to do is to situate these poems in newer horizons of understanding. In doing so he has brought into play some of the leading vectors of modern literary theory. As a between classical texts and modern literary theory.
Rs 315.00
Rs 350.00
-10%

Thalaputa Therun Gayu Ama Gee

තාලපුට තෙරුන් ගැයූ අමා ගී - ථෙර ථෙරි ගාථා අතර රමණීය ගාථා පෙලකි, තාලපුට තෙරුන් ගැයූ ගාථා මාලාව. සැදැහැයෙන් සසුන් වන් කුළදරුවන් විසින් අරුණට පළමුව පිබිද සජ්ඣායනා කරමින් මෙනෙහි කළ යුතු උතුම් ගාථා පෙලකි මේ. නිති බවුන් වඩන, සසර මග කෙටි කර ගැනීමට වෙර දරන ගිහි සැදැහැවතුන්ට ද මෙය කියවා මහත් ඵල ලැබිය හැකිය. 
Rs 135.00
Rs 150.00
-10%

Maha Supinalankaraya Kavya Granthaya

මහා සුපිනාලංකාරය කාව්‍ය ග්‍රන්ථය - මෙම කාව්‍ය ග්‍රන්ථය තුළ කතා පුවත් තුනක් ඇතුළත් ය. පළමුවැන්න, පන්සිය පනස් ජාතක පොතෙහි දැක්වෙන මහා සුපින ජාතකය ඇසුරින් ලියැවුණු කාව්‍ය නිර්මාණයකි. දෙවැන්න, සාහිත්‍ය ධර්මසේන හිමියන් විසින් සංගෘහිත සද්ධර්මරත්නාවලියෙහි දැක්වෙන පරිදි, බොරුවෙහි නපුර දක්වනු සඳහා මල්ලිකා බිසවුන්ගේ කතා වස්තුව ඇසුරෙන් රචිත කාව්‍ය නිර්මාණයකි. තුන්වැන්න, එසේම සද්ධර්මරත්නාවලියෙහි දැක්වෙන ආරෝග්‍යතාව උතුම් ලාභ නියාව හා පමණ දැන අනුභවය යහපතැයි හඟවන්නට පසේනදි කොසොල් රජ්ජුරුවන්ගේ වත ඇසුරෙන් රචිත කාව්‍ය නිර්මාණයකි.
Rs 270.00
Rs 300.00
-10%

Thereegatha Kavyanjalee

ථෙරීගාථා කාව්‍යාංජලී - හරවත් ජීවිත අත්දැකීම් අන්තර්ගතව කාව්‍යමය චින්තා වශයෙන් ඉදිරිපත් කෙරෙන "ථෙරිගාථා" භාව පූර්ණ කාව්‍ය නිර්මාණයි. ඒවා අපේ ජීවිත හරවත් කර ගැනීමට මහඟු මිණිකැට සෙවීමට මඟ හෙළි කෙරෙන "ථෙරිගාථා කාව්‍යාංජලී" සත් ජනයන්ගේ පැසසුම් ලැබිය යුතු නිර්මාණයකි. 
Rs 225.00
Rs 250.00
-10%

Jathaka Vatha Gadhya Ha Padhya - 3

ජාතක වත ගද්‍ය හා පද්‍ය - 3 - ජාතක කතා වලින් කියවෙන විවිධ තේමා අතරින් වැදගත්ම තේමාවක් පදනම් කොටගෙන නව්‍ය රීතියකට මෙම කෘතිය රචනා කර තිබීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැක.
Rs 144.00
Rs 160.00
-10%

Jathaka Padi Mini

ජාතක පැදි මිණි - මෙම කාව්‍ය සංග්‍රහය ගෙන ඇත්තේ ජාතක කථා 26 ක් ම කියවා එහි කථා සැලකිල්ලට ගෙන ඕනෑම වියේ පසුවන පාඨකයකුගේ රසඥතාව පිබිඳවීමට හැකි අයුරින් පොදු ජනතාවගේ සිතුම් පැතුම් දුක් දොම්නස් ආදියෙන් ඔප වැටුනු සරල බසින් රචනා කර ඇත.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Ahinsa

Out-of-Stock
අහිංසා - රඝු වීරා නම් ඉන්දියානු ලේඛකයා විසින් අහිංසාව මාතෘකා කොට ගනිමින් සංග්‍රහ කරන ලද 'අහිංසා' නම් වූ කාව්‍ය සංග්‍රහය සත්ත්ව ඝාතනය පිළිකුලෙන් හෙළා දකින විශිෂ්ට නිර්මාණ සංග්‍රහයකි. අපි ශිෂ්ට සම්පන්න ජාතියකැයි කියා ගනිමු. එහෙත් ඒ ශිෂ්ට සම්පන්න ජාතියේ අපි තවමත් සතුන් මරා ගිජු ලෙස අනුභව කරමු. මෙම කෘතිය කියවා බලන ඕනෑම කෙනෙකුට මස් කෑම හා සතුන් මැරීම මොනතරම් පහත් ක්‍රියාවක්දැයි වැටහෙනු ඇත.
Rs 180.00
Rs 200.00
-10%

Kavikaramaduva

කවිකාරමඩුව - රාජරාජමහාමාත්‍යාදීන්ගේ ඉසුරුමත් ජීවිත කාව්‍ය රසයෙන් සන්තර්පණය කළ හෝ දළදාවහන්සේ අරබයා වූ පුදපූජා විදීන් විභූෂණය කළ හෝ කාව්‍යක්කාර කණ්ඩායමක ස්වරූපයෙන් ක්‍රියාත්මක වූවකි.
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Nibbutha Pada

Out-of-Stock
නිබ්බුත පද - නිබ්බුත පද කියැවීමෙන් සහෘදයන් මහත් ආස්වාදයක් ලබනු මෙන්ම නව දෘෂ්ටියකින් ජීවිතය නිරීක්ෂණය කරනු ඇතැයි ද අපේක්ෂා කළ හැකිය. මහත් අභිරුචියෙන් කියවා රස විඳිය හැකි මෙම කාව්‍ය සමුච්චයකි.
Rs 315.00
Rs 350.00
-10%

Sinhala Padya Mala

සිංහල පද්‍ය මාලා
Rs 405.00
Rs 450.00
-10%

Lama Kav Saraniya

ළමා කව් සරණිය
Rs 162.00
Rs 180.00
-10%

Sith Meth Suva

සිත් මෙත් සුව - මෙහිදී වර්තමාන මිනිස් ජීවිත තුළින් අල්ප වශයෙන් ඉස්මතු වන ආධ්‍යාත්මික ගුණයන් මතු කර පෙන්වා දී ඇත්තේ ඔබව ද එමගට යොමු කිරීමේ පවිත්‍ර වූ චේතනාවෙනි. ඒ අනුව තවත් අයකුගේ ජීවිතයක් තුළට එබී බලමින්, එම ජීවිත අත්දැකීම ඔබගේ දිවි මගෙහි සාර්ථකත්වය සඳහා යොදා ගැනීමේ හැකියාවක් තිබේ දැයි මෙහිදී ඔබටම නිගමනය කළ හැකි වනු ඇත. එහෙත් එය මහත් ආයාසයකින් මෙත් සිත් පෙර දැරිව සිදු කළ යුතු ක්‍රියාවක් වුවත්, ඉන් ලැබෙන මානසික සුවය නම් අමිලය. ඒ අනුව පවතින සමාජ ක්‍රමයෙන් මඳකට ඈත්ව, මානව සමාජය තුළ ජීවත් වන මිනිසා, මිනිසාටම එරෙහිව නැගී සිටීමේ පටු චේතනාවන්ගෙන් ඈත් විය හැකි ක්‍රමයක් ඇතැයි සිතීමට මෙමගින් ඔබට අවකාශ සලසා දී ඇත.
Rs 135.00
Rs 150.00
-10%

Kavya Pushkarani (Maha Hansa Jathakaya)

කාව්‍ය පුෂ්කරණි (මහා හංස ජාතකය) - බෞද්ධ සාහිත්‍යයේ මුදුන් මල්කඩක් වූ පන්සිය පනස් ජාතකයේ මහා හංස ජාතක කථාව ඇසුරෙන් ප්‍රබන්ධ කරන ලද මෙම කාව්‍ය මටසිලිටි බසින් චිරාගත සම්ප්‍රදාය අනුගමනය කර ප්‍රතිභා ශක්තියෙන් යුතුව තමාට ආවේනික වූ ශෛලියකින් නිර්මාණය කර ඇත.
Rs 99.00
Rs 110.00
-10%

Bhakthi Geetha

භක්ති ගීත - මේ පාළි ගීත ගෙතුණේ, භක්තිය නිසාය. විනෝදය සඳහාය. භක්තිය නිසාම පුද්ගලයකු හැදෙන තරමත්, පුද්ගලයකුගෙන් සිද්ද විය හැකි හොඳ වැඩවල තරමත්, අත් දැකපු භික්ෂුවක් වශයෙන් භක්තිය නැති අය තුළ ඇතිවීමත්, ඇති අය තුළ තව තව වැඩි දියුණු වීමත්, පතමින් හිතවතුන්ගේ ඉල්ලීම නිසා මෙය භක්ති ගීත පොතක් බවට හැරවිනි.
Rs 247.50
Rs 275.00
-10%

Angeerasa Rasodanaya

අංගීරස රසෝදානය - බුද්ධ චරිතය ආශ්‍රයෙන් රචනා කරන ලද කාව්‍යමය උදානයකි.
Rs 45.00
Rs 50.00
-10%

Aththudave Siri Rahula Pabanda

අත්තුඩාවේ සිරි රාහුල පබඳ - රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති සාහිත්‍ය සූරී අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමියන් වහන්සේ විසින් වරින් වර ලියා පළ කරන ලද කුඩා කවිපොත් පහක එකතුවකි.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Ekathu Kala Kavi - 1

Out-of-Stock
එකතු කළ කවි - 1 - අල්විස් පෙරේරාගේ විපුල වූත් මහරු වූත් කවි මහිමය, විශ්මයාවහ වෙයි. සිංහල කවිය කෙරෙහි ඔහුගේ කැපවීමත්, ඒ පිළිබඳ ඔහු තුළ වූ ඉමහත් සාදර භක්තියත් විශිෂ්ට වූයේය. දශක තුනකට මඳක් වැඩි කෙටි කාලපරිච්ඡේදයක් තුළ ඔහුට පසළොස් දහසක් ඉක්මවන තරම් වූ විශාල කවි සංඛ්‍යාවක් ලියන්නට හැකිවීමෙන් පෙනී යන්නේ, ඉඥල කවිය පිළිබඳ ඔහුගේ ඉමහත් කැපවීමය.
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock

Lakunusara Wisithura

Out-of-Stock
ලකුණුසර විසිතුර - හෙවත් ලක්ෂණ සාරය නම් වූ විචිත්‍ර ග්‍රන්ථය ප්‍රමාණයෙන් කුඩා වුවත් සියවස් ගණනක සිට මෙරට වියත් හෙළ කිවියන් අතර භාවිත වන්නකි. මෙය ඡන්දස් කාව්‍යාලංකාරාදිය පිළිබඳ වූවක් නොව ඉෂ්ට කාව්‍ය බන්ධනය පිළිබඳව ලක්ෂණ හඳුන්වාලීමට ලියන ලද්දකි.
Rs 270.00
Rs 300.00