Books

-10%

Pirinivan Jathaka Kavya

පිරිනිවන් ජාතක කාව්‍යය - පැරණි සිංහල පද්‍ය සාහිත්‍යයේ චූල සම්ප්‍රදායට අයත් මෙවැනි කෘතියක් විධිමත් සංස්කරණයකින් ඉදිරිපත් කෙරෙන පුරෝගාමී අවස්තාවක් ලෙස "පිරිනිවන් ජාතක කාව්‍යය" හඳුන්වා දීමට කැමැත්තෙමි. පුස්කොළ පිටපත් හතක් හා මුද්‍රිත පිටපත් දෙකක් ඇසුරු කරමින් සංස්කරණය කොට ඇති මෙම කෘතිය, කතුවරයා සතුව ඇති මෙම කෘතිය, කතුවරයා සතුව ඇති පර්‍යේෂණ කුසලතාවත්, බුද්ධිමය කුතුහලයක් ප්‍රකට කරන්නක් ලෙස සඳහන් කළ යුතුය.
Rs 427.50
Rs 475.00
-10%Out-of-Stock

Sri Shakyamunindhravadana Mahakavya

Out-of-Stock
ශ්‍රී ශාක්‍යමුනින්ද්‍රාවදාන මහා කාව්‍යය - මෙම ග්‍රන්ථය සිංහල සාහිත්‍යයට එකතු වූ නවතම මහා කව්‍යයයි. බුද්ධ චරිතය පිළිබඳ සිංහල භාෂාවෙන් විවිධ වූ ගද්‍ය හා පද්‍ය නිර්මාණ බිහි වී ඇති නමුත් මෑත භාගයේ මහා කාව්‍යයක් නිර්මාණය වී නැත. බුද්ධ චරිතය පාදක කර ගනිමින් අශ්වඝෝෂ මාහිමියන් විසින් රචනා කරන ලද "බුද්ධ චරිත මහා කාව්‍යය" සස්කෘත භාෂාවෙන් කරන ලද මහා කාව්‍යයකි.
Rs 315.00
Rs 350.00
-10%

Gajaman Puvatha

ගජමන් පුවත - "ගජමන් පුවතෙ" එන චරිත හා සිද්ධි මා බැලුවේ අද සමාජයේ ප්‍රශ්න තුළිනි. කලාකරුවන් දෙස සමාජය හෙළන වැරදි සහගත බැල්ම ගැන වරක් එක් සිනමා නිළියක සමඟ මා කළ සාකච්ඡාවෙන් ඈ ලද සහනය මගේ සිතට තදින් කා වැදුනි. කලාකරුවන් අසම්මත පිරිසක් බවට සෙසු සමාජය දරන ආකල්පය මේ රටට පණක් සීමා වූවක් නොවේ. එය මෙකලට ද සීමා නො වෙයි. මේ කරුණ සාකච්ඡා කිරීමට "ගජමන් නෝනා" හොඳ සංකේතයක් බව මම සිතුවෙමි. තව ද කලාකරුවා තුළ පවතින නොයෙක් ආවේගයන් විදහා දැක්වීමට ගජමන් නෝනාගේ ජීවිතයෙන් ලබා ගත හැකි තොරතුරු එමට විය. 
දරිද්‍රතාවය නිසා මග වෙනස් කිරීමට සිදුවීමෙන් මුහුණපාන ඛේදවාචකයනට ගොදුරුවන්නෝ කලාකරුවන් පමණක් නො වෙති. දේශ්පාලන බිමේ ද එබඳු අය එමට සිටිති. ගජමන් නෝනාගේ ජීවිත්‍ය ඛේදවාචකයක් ලෙස සලකා මේ නාට්‍ය රචනා කළේ එය ද විදහා දැක්වීමට ය.
Rs 270.00
Rs 300.00
-10%

Mandaram Pura Puvatha

මන්දාරම් පුර පුවත - සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරන්ධර අතිපූජ්‍ය ලබුගම ශ්‍රී ලංකානන්ද මහ නාහිමිපාණන් වහන්සේගේ සංස්කරණයකි. සීතාවක, මහනුවර යුගවල මෙරට සාමාජික හා ශාසනික ඉතිහාසය පිළිබඳ කරුණු සොයන මූලාශ්‍ර ග්‍රන්ථයක් වශයෙන් මේ පොත බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනු නොඅනුමාන ය.
Rs 585.00
Rs 650.00
-10%Out-of-Stock

Gamanichanda Jathaka Kavya Ha Wimarshanaya

Out-of-Stock
ගාමිණිචණ්ඩ ජාතක කාව්‍යය හා විමර්ශනය - භාරතයේ බමුණු පඬිවරු ධර්මය නැති මනුෂ්‍යයා තිරිසනා හා සමානයැයි දක්වති. මෙහි දැක්වෙන ධර්මය යනු සද්චරිතය පිළිබඳ සංකල්පයයි. මනුෂ්‍යයා තුළ භෞතික සත්ත්වයකු මෙන්ම ආධ්‍යාත්මික සත්ත්වයෙක් ද වෙයි. හොඳ ආහාර පාන මගින් භෞතික සත්ත්වයා වර්ධනය වන්නාක් මෙන්ම, සද්චරිත ධර්මවලින් ආධ්‍යාත්මික සත්ත්වයාද වර්ධනය වෙයි. පෝෂණය වෙයි. සංස්කෘතිය යන්නෙන් ඉදිරිපත් වන්නේද මේ ආධ්‍යාත්මික ධර්ම වර්ධනයයි.
Rs 202.50
Rs 225.00
-10%

Divitharanaya

දිවිතරණය - කවියකු වනු කැමැත්තේ, හොඳ සහෘද්‍යකු වුවමනා ය. අභිනවගුප්ත පාදයන් කියන පරිදි සහෘදයා යනු, දිගු කලක් තිස්සේ කාව්‍ය නාටක ආදී කලා කෘති පරිහරණයෙන් දර්පණ තලයක් සේ විශද වූ මනසක් ඇත්තෙකි. පූජ්‍ය ගෝනදෙණියේ විමලජෝති හිමියන් ද එබඳු දුර්ලභ සහෘදයෙකු වන බව හැඟෙන්නේ, උන් වහන්සේගේ සාහිත්‍ය කලා පරිශීලනය පිලිබඳ තොරතුරුවලිනි. එබඳු සහෘදයකුට කවියකු වීම පහසු ය. ''දිවිතරණය" විමලජෝති හිමියන්ගේ දෙවැනි ප්‍රයන්තය යි. එය ප්‍රේමයේ සෞන්දර්‍ය විසින් ඇළලුනු සිත් ඇති යෞවනයෙකු සැළමුතු නොවන ප්‍රේමයෙහි උකටලීව පරාමාර්ථගවේශී යතිවර ජීවිතයට පිවීසීමේ කතා පුවතක් පෙළ ගස්වා ආඛ්‍යාන කාවය්‍යයකි.
Rs 180.00
Rs 200.00

Sigiri Gee Wiyarana

සිගිරි ගී වියරණ - "Sigiri Graffiti" එනම් "සීගිරි ගී" වනාහි ආචාර්‍ය පරණවිතාන මහතා විසින් සීගිරි කැඩපත් පවුරෙන් පිටපත් කොට මහත් පරිශ්‍රමයකින් එක් කර ගත් සිංහල පද්‍යයෝ වෙති. අට, නව හා දහ වැනි සියවස්වලට අයත් මේ ගී අවුරුදු දහසකට අධික කාලයක් අමතක කොට තිබුණ බවත් දැනට ශේෂව ඇති ඉතා ම පැරණි සිංහල පද්‍යයන් බවත් පිළිගෙන ඇත. තවද පරණවිතාන මහතා මේ සීගිරි ගී තේරුම් කර ගැනීම සඳහා ඒවාට අටුවා හා වියරණ ද එම පොතේ ම සපයා ඇත. එහෙත් මේ පොත ලියා ඇත්තේ ඉංග්‍රීසියෙන් බැවින් ඒ භාෂාව නොදන්නා විද්‍යාර්ථින්ට හුදු පාඨය විනා මේ ග්‍රන්ථයෙන් අන් පිහිටක් ලබා ගත නො හැකි හෙයින් එහි ඉතාම වැදගත් කොටස වන වියරණ කොටසේ සිංහල අනුවාදය මෙසේ පළ කිරීමට කල්පනා කලෙමු. මෙම ඓතිහාසික ව්‍යාකරණය සීගිරි ගී තේරුම් ගැනීමට පමණක් නො ව සිංහල භාෂාවේත් එහි සාහිත්‍යයේත් ඉතිහාසය හා පරිණාමය ද විශේෂයෙන් ම සිංහල භාෂාවේ ශබ්ද ව්‍යුත්පත්තිය ද අධ්‍යන කිරීමට ඉමහත් රුකුලක් වනු ඇත.
Rs 169.00
-10%Out-of-Stock

Buddhabhivandana

Out-of-Stock
බුද්ධාභිවන්දනා - 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන සමස්ථ ලංකා බොදු ගී සංසදය විසින් "බුද්ධාභිවන්දනා" නමින් මෙම හරවත් කෘතිය එළිදක්වා ඇත.
Rs 207.00
Rs 230.00
-10%

Wayalinaya Yi Watapatha Yi

වයලීනය යි වටාපත යි - යනු මේ ගතට අමරදේවයන් තැබූ නම යි. මෙම ආලේඛය ගොනදෙණියේ විමලජෝති හිමියන් 2012 වර්ෂයේ මුල් භාගයේ පමණ ආචාර්‍ය අමරදේවයන් මුණගැසීමෙන් ලබන ලද අනුප්‍රාණයෙහි ප්‍රතිපලයකි.
Rs 720.00
Rs 800.00
-10%

Sarala Sanna Sahitha Muvadevdavatha

Last items in stock
සරල සන්න සහිත මුවදෙව්දාවත - මෙම ග්‍රන්ථය උසස් අධ්‍යාපනයෙහි නියුතු සිංහල විෂය හදාරණ විද්‍යාර්ථින්ට ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
Rs 218.70
Rs 243.00
-10%

Pini Warusa

පිනි වරුසා
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Bethi Gee Saraniya

Out-of-Stock
බැති ගී සරණිය - වෙසක්, පොසොන් පෝ දාවල භක්ති ගීත චාරිකා හා භක්ති ගීත තරග සඳහා වරින් වර ලියන ලද ගීත මෙහි ඇතුළත් වෙයි.
Rs 112.50
Rs 125.00
-10%

Lovada Sagarava Subhashithaya Ha Lokopakaraya

ලෝවැඩ සඟරාව සුභාෂිතය සහ ලෝකෝපකාරය - සුදන ගුණ පෙන්වා දුදන ගති වනසමින් ශ්‍රේෂ්ඨ ගුණ පෙන්වා නීච ගති ගරහමින් දුරාචාරය දුරලා සුචරිත වර්ධනයට උපදෙස් ගෙනෙමින් සාරධර්ම හා ආචාරධර්ම අගයන මතු පරපුරක් උදෙසා සුභ මංපෙත් විවර කරයි.
Rs 216.00
Rs 240.00
-10%

Bathi Padi Sara

බැති පැදි සර - සියළු දෙනාට කියවා රසවිඳිය හැකි සරළ කාව්‍ය බසකින් මෙහි කාව්‍ය කෘතිය සකස් කර ඇත.
Rs 180.00
Rs 200.00
-10%

Thripitakaye Bhavagitha

ත්‍රිපිටකයේ භාවගීත - ත්‍රිපිටකයේ භාවගීත නමින් මේ පොත පාලි ත්‍රිපිටකයේ රසවත් අදහස් ඇති ගාථාවලින් සමහරක අදහස් සිංහල භාෂාවෙන් ගීත රචනා කොට කරන ඉදිරිපත් කිරීමකි. සිංහල ගී රසවිඳින අයට එයින් නොමඳ ආස්වාදයක් ලබා ගත හැක.
Rs 225.00
Rs 250.00
-10%

Ummagga Jathakaya Kaviyen

උම්මග්ග ජාතකය කවියෙන් - ලිහිල් බස උපයෝගී කරගෙන කාටත් පහසුවෙන් තේරුම් ගෙන බෝධිසත්ව චරිතයක් ඇති කරගන්නට අවශ්‍ය ආකාරයෙන් රචනා කර ඇත.
Rs 270.00
Rs 300.00