Bauddha Bikshuvage Gaman Maga
Out-of-Stock
බෞද්ධ භික්ෂුවගේ ගමන් මග - සම්බුදු සසුන තුළ දිගු කලක් වැඩ සිටිමින් ශාසනයේ චිරස්ථිතිය පිණිස ක්‍රියාකාරී දායකත්වය සපයන භික්ෂුව සමාජයට මහත් ආශීර්වාදයකි. මෙම ශාස්ත්‍රීය කලාපය එළිදැක්වීමෙන් උපහාරයට ලක්වන "අපේ දේවහන්දියේ ජිනරතන නායක මාහිමියන් වහන්සේ ද" අඩ සියවසකට අධික කාලයක් මුළුල්ලේ සම්බුදු සසුනත්, සිංහල ජාතියත්, රැක ගැනීමෙහිලා සිය දායකත්වය සපයමින් ක්‍රියා කළ සංඝ පීතෘවරයෙකි. එබැවින් උන්වහන්සේට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව මගින් පිරිනමන ලද "අලුත්කුරු කෝරළයේ ප්‍රධාන සංඝනායක" පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ මහෝත්සවය වෙනුවෙන් සම්පාදනය කෙරෙන මෙම ශාස්ත්‍රීය සංග්‍රහය බෞද්ධ භික්ෂුව සම්බන්ධ යම් යම් පැතිකඩ මූලික කරගෙන රචනා කිරීමට උත්සාහ කළෙමු.
Rs 300.00