Books

-10%

SASARIN METHARATA

'කර්තෘ ගෙන්..
'සසරින් මෙතෙරට' නවකතාව ලිවීම සදහා පාදක වූ මූලික කරුණ වුයේ එක්තරා ආරණ්‍ය සේනාසනයක වැඩ සිටින ප්‍රධාන ස්වාමීන් වහන්සේගේ කරුණාව යටතේ ඇති දැඩිවන කුඩා කොලු ගැටයකු මා හට මුණගැසුණ පසුව ය.අප සමාජයේ ජිවත් වන බොහෝ පිරිස් උත්සාහ ගනුයේ කිසියම් පුද්ගලයකු කරන කියන දේවල් අඩුපාඩු විමසා බැලීමට හෝ කරන දෙයක් හෙළා දැකීමට බව බොහෝ දුරට ප්‍රත්‍යක්ෂ කරුණක් බව ඔබ පිළිගනු ඇතැයි සිතමි.
මෙම කෘතිය එවැනි සමාජයක ජිවත් වුණ හිමිනමක් වටා ගෙතුණු මනංකල්පිත චරිතාංගයකි. අනුන්ගේ ගුණදොස් විචාරණ, තමන්ගේ අඩුපාඩු හදුනා ගැනීමට උත්සුක නොවන සමහර පිරිස් ගැන විවේචනාත්මක හදුන්වා දීමක් ද මෙම කෘතියේ කිසියම් තැනක උත්සාහ දරා තිබේ. එයින් පාඨකයාට කිසියම් හෝ අයුරකින් මෙම කතාව රස වින්දනයට බාධාවක් නොවන්නේ යැයි සිතමි. එසේම නවසීය හැත්තෑ ගණන්වල මුල් භාගය වූ සමාජීය පසුබිමක් තුළ චරිත ප්‍රදානය කිරීමට හා උත්සාහ ගනු ලැබුවේ නූතන සමාජයට වඩා රසස්වාදයක් එකල පැවති සමාජය තුළ ගැබ්ව ඇති බව මා විශ්වාස කරන නිසාවෙනි. එහෙත් අද සමාජය තුළ ජීවත්වන තරුණ පිරිසට එහි ඇති රසය වටහා උකහා ගැනීමේ හැකියාවක් ඇත්ද යන්න තේරුම් ගැනීම අපහසුය. අප ජීවත්වන සමාජය තුළ සිදුවන නොයෙකුත් දේ නිසා අපේ ගමන අරමුණු කරා ගමන් කිරීමට නොයෙකුත් බාධා කරදර අතිවන අතර සසරින් එතෙර වීමට උත්සාහ කරන බෝධිසත්ත්වයකුට වුවද මෙම සසරට ඇද බැද බාධක කම්කටොලු විදහා දක්වන නවකතාවක් වශයෙන් 'සසරින් මෙතරට' නවකතාව ඔබ හමුවේ තබමි. 
Rs 1,080.00
Rs 1,200.00
-10%

Bauddha sahithye ena mara sankalpaya

සමස්ත බෞද්ධයිනට සුසංවේදී මෙවන් සංකල්පයක් සම්බන්ධයෙන් ප්‍රාමාණික පර්යේෂණ විරල වූ යුගයක ආචාර්ය කේ.ඒ වීරසේන මහතා විසින් ''බෞද්ධ සාහිත්‍යයේ එන මාර සංකල්පය'' නමැති මෙම පර්යේෂණ කෘතිය තුළින් සිදුකොට ඇත්තේ ධර්ම-ශාස්ත්‍ර පිපාසිත සැමගේ මනදොළ සපීරීමකි. 
Rs 225.00
Rs 250.00
-10%

Bhikkuni seela sampanna

වසර තිස් පහකට අධික කාලයක් ලේඛන කලාවේ නියුතු මෙම කතුවරිය ස්වයං නිර්මාණ සහ පරිවර්තන ගණනාවක් එළිදක්වා ඇත. සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්ම පුවත්පත් හා සගරාවලට ලිපි ලේඛන සම්පාදනය කරයි. සම්භාව්‍ය නවකතා සහ කෙටිකතා සංග්‍රහයන් හෙළ බසින් දැක්වීමෙන් ඇය විසින් මහගු මෙහෙවරක් ඉටු කර ඇත.
Rs 876.60
Rs 974.00
-10%Out-of-Stock

PIYABIMATA IGANIMA

Out-of-Stock
ඉන්දියාවේ ජනාධිපති ධුරය දැරූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් හා රොකට් ඉංජිනේරුවෙක් වූ අබ්දුල් කළාම් මහතා ලෝකයේ විද්‍යා ආයතන හා විශ්වවිද්‍යාල 45 කින් පමණ විවිධ අන්දමේ උපාධි ලද්දෙකු වන අතර දේශීය මෙන්ම ජාත්‍යන්තරද සම්මාන රැසකට පාත්‍ර වූ අයෙකි.
Rs 630.00
Rs 700.00
-10%

kulaya balaya mithyava ha shanthikarma

ශ්‍රී ලාංකේය නර්තන සමාජ සම්පර්කය වූ කලී අද්‍යතනයේ වුව ඇතැම් සංසිද්ධීන් සමාජයේ එළිපිට සාකච්ජා නොකරන එහෙත් මුළුමහත් සිංහල බෞද්ධ සමාජය තුළම සැගවී ක්‍රියාත්මක වන, ක්‍රියාත්මක කරන සමාජ මානව චේස්ටාවලින් උපයුක්ත වූවකි.
Rs 2,475.00
Rs 2,750.00
-10%Out-of-Stock

WIDYODAYA HA WIDYALANKARA GURUKULA ATHARA PAWATHI SHRASHTHRIYA WAADA WIWAADA

Out-of-Stock
සිංහල ව්‍යාකරණ මතවාද පිළිබද ව අධ්‍යනය කිරීම වර්තමානයේ සිදු කෙරෙන්නේ ඉතා අල්ප වශයෙනි. එවැනි කාලයක එම්. කේ. සුසන්ත සේනාධිරලංකාර මහතා විසින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයයේ දර්ශනපති උපාධිය සදහා ඉදිරිපත් කරන ලද ''විදුදය විදුලකර ගුරුකුල ඇසුරින් ඒවා අතර පැවති ශාස්ත්‍රීය වාද විවාද පිළිබද අධ්‍යනයක්'' යන මාතෘකාව යටතේ කරන ලද පර්යේෂණය ඉතා වැදගත් බව සදහන් කළ යුතුය. එම පර්යේෂණය ඇසුරින් සම්පාදනය කරන ලද ''විද්‍යාදය හා විද්‍යාලංකාර ගුරුකුල අතර පැවති ශාස්ත්‍රීය වාද විවාද'' නමැති මෙම ග්‍රන්ථය ''ගුරුකුල ප්‍රභවයට මූලික වූ අෂ්ටායතන '' ගුරුකුලවලින් ප්‍රභාවිත පිරිවෙන්වල ප්‍රභවය සහ විකාසනය'' ''විද්‍යාදය, විද්‍යාලංකාර ගුරුකුල මතවාද හා තදන්‍ය වාද විවාද'', ගුරුකුලාගත අක්ෂර වින්‍යාස මතවාද'' යනුවෙන් පරිච්ජේද හතරකින් යුක්ත වෙයි.
Rs 765.00
Rs 850.00
-10%

Sarasavi shastriya sangrahaya (dewana kandayama)

විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂක විද්‍යාර්ථීන්ගේ දැනුම වඩාත් සංවර්ධනය කර ගැනීමට ඉවහල් වන පරිදි විෂය කිහිපයක් පාදක කරගෙන මෙම ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය ගොනුකර ඇත.
සිංහල සාහිත්‍යය, සංස්කෘත සාහිත්‍යය, පාලි සාහිත්‍යය, ඉතිහාසය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, සීගිරි පද්‍ය, ගිරා සන්දේශය, බුද්ධ චරිතය, ප්‍රාකෘත භාෂා, අශෝක අධිරාජයාගේ සුවිශේෂත්වය, බෞද්ධ සංස්කෘත සාහිත්‍ය, ප්‍රාකෘත භාෂාවන්ගේ පූර්ව ක්‍රියාපදය, සංස්කෘත රත්නාවලී නාට්‍යය, සංස්කෘත උපනිෂද් කාව්‍යය සහ වීර කාව්‍යය මේ ආදී ඒ ඒ විෂයන් වලට ප්‍රමාණික විෂය අවබෝධයක් පහසුවෙන් ලබාගැනීමට හැකිවන පරිදි මෙම ලිපි සංග්‍රහය සම්පාදනය කර ඇති අතර. මෙම ලිපි පෙළ මගින් උසස් විභාග සදහා පෙනී සිටින විද්‍යාර්ථයින්ගේ විෂය දැනුම් සම්භාරය වැඩිදියුණු කර ගැනීමට හැකිය.
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

DEEGHANIKAYEN HELIVANA DARSHANIKA WIGRAHAYA ( 1 )

Out-of-Stock
'දීඝනිකායෙන් හෙලිවන දර්ශනික විග්‍රහය (1)' යන මෙම ග්‍රන්ථය තුළින් දීඝනිකාය සම්බන්ධ විවිධ ප්‍රස්තුත විවරණ ඇත්තේ නමුත්, මෙම ග්‍රන්ථය නවමු ප්‍රවේශයක් සහිත දාර්ශනික විග්‍රහයක් බැව් ග්‍රන්ථය නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලි වේ. එය මනාව සනාථ වන්නේ , 'මුසාවාද යනු තාර්කික සිද්ධාන්තයක් මිස සමාදානයක් නොවේ' යන නිගමනය හැදින්වීම තුළදීම සනාථ කොට ඇති හෙයිනි. මෙම ප්‍රස්තුත විග්‍රහය එතෙක් මෙතෙක් සකාච්ජාවට භාජනය නොවූ උපන්‍යාශයක් වැනිය
Rs 2,520.00
Rs 2,800.00
-10%

DEEGHANIKAYEN HELIVANA DARSHANAYA ( 2 )

'දීඝනිකායෙන් හෙලිවන දර්ශනික විග්‍රහය (2)' යන මෙම ග්‍රන්ථය තුළින් දීඝනිකාය සම්බන්ධ විවිධ ප්‍රස්තුත විවරණ ඇත්තේ නමුත්, මෙම ග්‍රන්ථය නවමු ප්‍රවේශයක් සහිත දාර්ශනික විග්‍රහයක් බැව් ග්‍රන්ථය නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලි වේ. එය මනාව සනාථ වන්නේ , 'මුසාවාද යනු තාර්කික සිද්ධාන්තයක් මිස සමාදානයක් නොවේ' යන නිගමනය හැදින්වීම තුළදීම සනාථ කොට ඇති හෙයිනි. මෙම ප්‍රස්තුත විග්‍රහය එතෙක් මෙතෙක් සකාච්ජාවට භාජනය නොවූ උපන්‍යාශයක් වැනිය.
Rs 2,250.00
Rs 2,500.00
-10%Out-of-Stock

Andara Madala

Out-of-Stock
ගුණසේකර අධිකාරී මහතා විසින් රචනා කළ ''අන්දර මඩල'' නම් සිංහල ජනකතා කෘතිය අපේ අතීත පරැන්නාගේ රස මනස වත්මන් පරපුරටද තිළිණ කරන්නකි. අතීතයේ සිදු වූ රසබර කතා මනරම්ව අකුරු කර වත්මන් පරපුරේ රස මනස පුබුදුවා ලන්නට ලේඛකයා ගෙන ඇති මෙහෙය ඉතා වටිනා අතර ගුණසේකර අධිකාරී මහතාගේ රසබර ලේඛන කලාව අන්දර මඩල තුළින් මනාව ප්‍රකට වේ.
Rs 1,080.00
Rs 1,200.00
-10%

Kamayen Ha Ragayen Upan Yassagiriya

උඩරට, පහතරට, සබරගමුව යන සාම්ප්‍රදායික නර්තන සංස්කෘතිය තුළ අඩු වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති 'ගිරාගිරි' සංකල්පයේ සංවිධනාත්මක අවස්ථා නුවර කලාවියේදීත් වන්නි හත්පත්තුවේදිත් දැකිය හැකි අතර 'ගිරි අවතාර', 'ගිරි යක්ෂණිය', ගිරිබලී, ආදී වශයෙන් ඉතා දුලබ ලෙස ශාන්තිකර්ම ක්ෂේත්‍රයේදී හමුවන තත් ගිරි යක්ෂණිය හා තදනුබද්ධ ශාන්තිකර්ම හා සෙත් ශාන්ති විධි සමාජවිද්‍යා දෘෂ්ටිකෝණයෙන් වීමංසනය කෙරෙන, 'කාමය හා රාගයෙන් උපන් යස්සගිරිය' කෘතිය වූ කලී එහි යථාර්ථය පිළිබද සංඥාර්ථවේදාත්මක නව කියැවීමක් ලෙස හැදින්විය හැකිය.
Rs 855.00
Rs 950.00
-20%

The Freddie Stories

Herein is set forth stories that accentuate low passion directed toward children in the kindergarten and lower primary classes. The stories have a transforming effect on the character of the children and lay the foundation for a compassionate temperament in chilren, which is likely to last till adulthood reading to the fashioning of a truly great human being. 
Rs 920.00
Rs 1,150.00
-20%

Experiences Available for Sovan Lay Persons

'herein arya keerthi kumarasena delineates the experiences likely to occur when a buddhist meditator attains  the first stage of sainthood known as soram a stream entry. He also sets out the  procedure  for attaining it through  meditation and development of which mental factors plays a major role in the procedure through which you attain it.
Rs 800.00
Rs 1,000.00
-10%Out-of-Stock

Sadhathuka Prathima

Out-of-Stock
'සධාතුක ප්‍රතිමා' නම් මෙම කෘතිය ලාංකේය සධාතුක ප්‍රතිමා සම්බන්ධයෙන් ලියැවෙන පළමු ශාස්ත්‍රීය ලේඛනය වන අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඉෂංඛ මල්සිරි මහතා විසින් රචනා කරන ලද කෘතියකි. 
Rs 1,440.00
Rs 1,600.00
-10%

Wishishta Dharma Deshana Aarya Ashtangika Margaya

'විශිෂ්ඨ ධර්ම දේශනා ආර්ය අෂ්ටාංගික මාර්ගය' නම් මෙම කෘතිය මගින් මූලික වශයෙන් චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් බුද්ධ දේශනායෙහි හරය විවරණය වන, විශිෂ්ට දේශනා අන්තර්ගත අතර ඒ ඒ සත්‍ය පිළිබදවත්, ඒ ඒ මාර්ගය පිළිබදවත්, ඉතා පරිපූර්ණව කරුණු සංග්‍රහ කිරීමක් මෙම ධර්ම දේශනාවන්හි ගැබ්ව ඇති අතර එසේම මෙටර වැඩ විසූ, ධර්ම-විනය ධර වූත්, සුපේශල ශික්ෂාකාමී වූත්, ශ්‍රද්ධාභක්ති සම්පන්නයන්ගේ ගෞරවයට පාත්‍රා වූත්, විශිෂ්ට ධර්ම දේශකයණන් වහන්සේලා විසින් මෙම ධර්ම දේශනා පවත්වා තිබීමයද මෙම කෘතියෙහි වරිනාකම වැඩි කීරිමට සමත් වී ඇත.
Rs 423.00
Rs 470.00
-10%Out-of-Stock

Waidhya Chinthamani Bhaishdhya Sangrahaya

Out-of-Stock
රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිරයන් වහන්සේ විසින් රචිත 'වෛද්‍ය චින්තාමණි' නම් මෙම වෛද්‍ය චින්තාමණියෙන් ලංකාවාසී ජනතාවගේ ආරෝග්‍ය වර්ධනය සදහා චින්තාමණියකින් සේම මහගු සේවයක් සිදුවන අතර ප්‍රත්‍යක්ෂ ඵලදායි හස්තසාර අයුර්වේදීය ඖෂධ යෝග හා එයට උපාංග වශයෙන් නැකැත්-මන්ත්‍ර-යන්ත්‍ර-සත්‍ය ක්‍රියා (කෙම්) උපයෝගී කොට රචනා කර තිබෙන මෙම මහා වෛද්‍ය ග්‍රන්ථ රත්නය සකල වෛද්‍ය ග්‍රන්ථයන්ගේ ශිඛා මාණික්‍යයක් වනු නොඅනු මානය. 
Rs 427.50
Rs 475.00
-10%

SINHALA BUDDHA POOJAVE SANSIDHAKARAKA MIHIDHU MAHARAHATHUN

'සිංහල බුද්ධපුජාවේ සංසිද්ධකාරක මිහිදු මහරහතුන්' නම් මෙම කෘතිය පූජ්‍ය භික්ඛු මිහිත හිමියන් විසින් රචිත කෘතියක් වන අතර ලක්දිව බෞද්ධ ඉතිහාසය හා බුද්ධපූජාවේ නමස්කාර ඇදහිලි විධි ගණනාවක් පිළිබදව මෙම කෘතිය තුල ඉතා වැදගත් තොරතුරු රාශියක් සදහන්ය.
Rs 477.90
Rs 531.00
-10%

Purana Wessanthara Jathaka Kawya

'වෙස්සන්තර ජාතක කාව්‍යය' නම් මෙම කෘතිය සිතියම් සහිතව පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍ය නව මුහුණු වරකින් රත්න පොත් ප්‍රකශකයෝ විසින් ඔබ අතට පත්වෙයි.
Rs 207.00
Rs 230.00
-10%

Roma Neethiya

ශ්‍රී ලංකාවේ පොදු නීතියෙහි පදනම වන රෝම නීතිය පිළිබද ශ්‍රී ලංකා නීති විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය සහ වෙනත් ආයතනවල විභාග අපේක්ෂකයන්ට මෙන්ම අප රටේ නීතිය ගැන අවබෝධයක් ලබා ගැන්මට කැමති සෙසු අයටද ප්‍රයෝජනවත් වන අයුරින් දිගු කලක් පර්යේෂණ පවත්වා ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා විසින්  මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
Rs 198.00
Rs 220.00
-10%

Wasthu widyawa sahitha bhumi parikshawa

කතෘගෙන්..
මෙම පොතෙහි සදහන් වන්නේ ඌවේ පැරණි පඩි උතුමෙකු ගෙන් ලැබුණ පුස්කොළ පොතක එන සටහන් සම්භාරයකි. වර්ෂ ගණනක් මා ගත් උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් මේ රගසිගත ක්‍රම සියල්ලම ඇතුළත් ඒ මාහැගි පුස්කොළ පොත ගුරු මුෂ්ටි නොසගවා මා අතට පත්විය. හල්දුම්මුල්ලේ වෙහෙරගොඩ පන්සලේ වැඩ විසූ වයෝවෘධ සිල්වත් පැවදි උතුමාණන්ට නිවන් සුව පතා ඒ සියලු භූමි පරීක්ෂා සහ ගෘහ නිර්මාණය පිළිබද කරුණු නොසගවා ඔබ අතට දෙන්නෙමු.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Ahalepola adhikaram Thumage Athwedha potha

Out-of-Stock
රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිරයන් වහන්සේ විසින් රචිත 'ඇහැළපොළ අදිකාරම්තුමාගේ අත්වෙද පොත' නම්  මෙම කෘතිය තුළ ඇහැළපොළ අදිකාරම්තුමාගේ පුස්කොළ පොතෙහි අන්තර්ගතව තිබූ බොහෝ ඖෂධ වට්ටොරු ගණනාවක් එක්කොට  සකස් කරන ලද කෘතියකි.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

UGATHAMANA JAPAN BASA

Out-of-Stock
'උගතමනා ජපන් බස' නම් මෙම කෘතිය ආචාර්ය ඒ. ජේ. රුහුණුහේවා මහතා විසින් රචිත කෘතියකි. ජපන් භාෂාවේ එදිනෙදා ව්‍යවහාර කෙරෙන වචන රාශියක් එක්තැන් කොට ඇති මෙම කෘතිය සරල ලෙසත් විද්‍යානුකූල ලෙසත් සකස් කර ඇති අතර මෙම කෘතිය මගින් ජපන් බස හදාරණ සැමට අත්වැලක් වනු නො අනුමානය.
Rs 1,440.00
Rs 1,600.00
-20%

BUDDHISM ON THE SILK ROAD

Buddhism was the first missionary religion of the world it had a spectacular history and the most dominant religion in the world at one point of time in the history of the world. The author of this book explains with evidence gathered from archaeology and literature, how buddhism spread through out the know world via the silk route. a very fascinating book to be read by students of the history of religion
Rs 1,576.00
Rs 1,970.00
-10%

BUDDOTHPADA DESHAYA

ගෞතම බුදුන් වහන්සේගේ පහළවීම ඉන්දියාවෙහි නොව ලක්දිවෙහි දී සිදු වූ බවට විවිධ පිරිස් විසින් ප්‍රචාරය කරගෙන යනු ලබන පදනම් විරහිත ප්‍රලාප නිශේධනය කර, බුදුන් වහන්සේ පහළ වූ සැබෑ දේශය කුමක් ද යන්න සාධක සහිතව අනාවරණය කර ගැනීමේ අරමුණින් රචනා කරන ලද ''බුද්ධෝත්පාද දේශය'' නම් වූ මෙම කෘතිය ශාස්ත්‍රපති මදුල්ලේ ධම්මවේසි හිමියන් විසින් රචනා කරණ ලද අතර මෙම කෘතිය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ධම්මවිකෘතිකයන්ගේ මිත්‍යාමත නිසා මංමුලාවී සිටින හැමටම නිසිමගක ගොස් නිවැරදි ධම්මාවබොධයක් සදහා මන් පෙත් විවර වේ.
Rs 1,620.00
Rs 1,800.00
-10%

Mahabhinishkramanaya

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ මහානිෂ්ක්‍රමණය තේමා කරගනිමින් රචිත මෙම කෘතිය සූරියවැව ධම්මපාල හිමියන් විසින් රචනා කරණ ලද ඉතා වටිනා කෘතියක් වන අතර  තදනුබද්ධ ධර්ම කාරණා රාශියක් සිත්ගන්නා සුළු ආකාරයෙන් පාඨකයා  වෙත ඉදිරිපත් කිරීමට දරන ලද ප්‍රයත්නයක සාර්ථක ප්‍රථිඵලයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,170.00
Rs 1,300.00
-10%Out-of-Stock

SHIVA LIKHITHA MUHURTHAYA

Out-of-Stock
මනෝවිද්‍යා උපදේශක දුමින්ද ගුණවර්ධන මහතා විසින් රචිත 'ශිව ලිඛිත මුහුර්තය' නම් මෙම ජ්‍යෙතිෂ ග්‍රන්ථය මගින් ජ්‍යෙතිෂ ශාස්ත්‍රය තුළ නැකත් සෑදීම හෙවත් සුභ මුහූර්තයක් සකස් කර ගන්නා ආකාරයත් ,සුභ දිනයක්, සුභ වේලාවක් සකස් කර ගන්නා අකාරය පිළිබදවත් පැහැදිලිව නිරවුල්ව කරුණු සදහන් ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. 
Rs 450.00
Rs 500.00
-10%

Bharathiya Bauddha Kala Shilpa

කර්තෘ ගෙන්...
පැරණි කලාශිල්ප පිළිබද පොතපත කියවීමෙහිත් ශිල්ප කෘතීන් පිරික්සීමෙහිත් කුඩා කල සිට මා තුළ පැවති ආශාව මේ පොත ලිවීමෙහි මා මෙහෙය විය. භාරතීය බෞද්ධ කලාවේ උපත. පරිණාමය සහ පැතිරීම පිළිබද විචාරණාත්මක විස්තරයක් මේ පොතෙහි අන්තර්ගත වෙයි. මෙහි සදහන් නොයෙක් අදහස් අද මෙරට බෞද්ධ සමාජය පිළිගත් ඒවාට විරුද්ධ විය හැකිය. එහෙත් පර්යේෂකයා සිය නිවහල් හැගීම නො පැකිලි ප්‍රකාශ කළ යුතු වෙයි. 
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Madarata aithihasika wiharasthana

Out-of-Stock
'මැදරට ඓතිහාසික විහාරස්ථාන' නමැති මෙම ග්‍රන්ථය නූතන මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි ඓතිහාසික වශයෙන් වැදගත්, පූජනීය වූ රජමහා විහාර හා පුරාණ විහාරස්ථාන සම්බන්ධයෙන් වැදගත් කරුණු අනාවරණය කරන කෘතියක් ලෙස පෙන්වාදිය හැකිය.
Rs 765.00
Rs 850.00
-10%

Muwadewdawatha

අනුරපුර යුගයෙහි සිටම ජාතකකථා වස්තුකොටගනිමින් කාව්‍ය රචනයෙහි නිරත වීම සිංහල කවීන් ප්‍රිය කළ බවට බොහෝ හේතු සාධක ඇති අතර. එහෙත් දැනට අප හමුවෙහි ඇති එවන් කාව්‍ය අතුරින් පැරැණිම කාව්‍යය වශයෙන් සැලකිය හැක්කේ පොලොන්නරු යුගයෙහිදී ලියැවී ඇතැයි සැලැකෙන මුවදෙව්දාවතයි.
Rs 2,920.50
Rs 3,245.00
-10%Out-of-Stock

Bhikshu Abhimathartha Sadhanayehila Guru Shishaya Sambandathawe Upayogitha

Out-of-Stock
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් සේ සසුන් ගතවන පුද්ගලයා ආරභයේදී ම සාමණේර නමින් හදුන්වනු ලබන අතර තිසරණ සමාදානයෙන් හා දාශශීල ශික්ෂණයෙන් ඔහු සසුනට ඇතුළත් වේ. උපතේ පටන් අවුරුදු විස්සක වයස් ප්‍රමාණයට පැමිණි සාමණේරවරයාට සංඝයාගෙන් භික්ෂුත්වය ඉල්ලා සිටිය හැකිය. ඒ සදහා සපුරාලිය යුතු සුදුසුකම් රාශියකි. විනය ග්‍රන්ථයන්හි ඒවා පැහැදිලි කර ඇත.
Rs 495.00
Rs 550.00
-10%

Dharmashalave kiyawana mahasathipattana poth wahanse

මුංවත්තේ සිරිධම්ම හිමියන් විසින් රචිත 'ධර්ම ශාලාවේ කියවන මහාසතිපට්ඨාන පොත් වහන්සේ' නම් මෙම කෘතියෙහි බුදුරජාණන් වහන්සේ කුරු රට වැඩ වාසය කරන සමයේ දී භික්ෂුන් වහන්සේලා අමතා දේශනා කරන ලද මහාසතිපට්ඨාන නම් වූ සූත්‍ර දේශනාව අන්තර් ගත අතර මෙම සූත්‍රය මගින් විමුක්තිය ලගාකර ගැනීම සදහා මාර්ගය කියාදෙන බෞද්ධ දර්ශනය මැනවින් පිළිබිඹු වේ.
Rs 855.00
Rs 950.00
-10%Out-of-Stock

SULU KALINGU DA WATHA

Out-of-Stock
ක්‍රි.ව 12 සියවසෙහි ගුරුළුගෝමි විසින් විරචිත ධර්මප්‍රදීපිකා පරිකථාවේ උද්ධරණයක් වන 'සුළු කලිගු දා වත' නම් මෙම ගද්‍ය කාව්‍යය තුළින් උසස් ප්‍රේමකාව්‍යයක දක්නට ලැබෙන කලාත්මක ලක්ෂණයන් ඉස්මතු කෙරෙන අතර මෙම කාව්‍ය මගින් කලිගු කුමරුන්ගේ කථා ප්‍රවෘත්තිය විස්තර වේ.
Rs 585.00
Rs 650.00