Books

Asirimath Sath Sathiya - Gauthama Buddha Charithaya 4
අසිරිමත් සත් සතිය - ගෞතම බුද්ධ චරිතය 4 - මෙම ග්‍රන්ථය තුල අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධ රාජ්‍යය ලැබූ මොහොතේ පටන් ගත කළ සති හත විස්තර කෙරේ.
Rs 300.00
Asirimath Sri Gauthama Sambuddha Rajjaya - Gauthama Buddha Charithaya 3
අසිරිමත් ශ්‍රී ගෞතම සම්බුද්ධ රාජ්‍යය - ගෞතම බුද්ධ චරිතය 3 - මෙම ග්‍රන්ථයෙන් අපගේ ගෞතම බෝසතාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණයේ සිට බුද්ධත්වය දක්වා ලියැවී ඇත.
Rs 450.00
Out-of-Stock
Asirimath Siddhartha Gauthma Kumarayano - Gauthama Buddha Charithaya 2
Out-of-Stock
අසිරිමත් සිද්ධාර්ථ ගෞතම කුමාරයාණෝ - ගෞතම බුද්ධ චරිතය 2 - ගෞතම බුදු රජාණන් වහන්සේගේ බුද්ධ චරිතය මේ ලෝකයේ ඇති උතුම් ම චරිත කතාවයි. මෙම පොතෙහි ඒ අසිරිමත් බුද්ධ චරිතය සම්බුදු උපතේ සිට මහාභිනිෂ්ක්‍රමණය තෙක් ලියැවී ඇත.
Bosathanan Wahanse - Gauthama Buddha Charithaya 1
බෝසතාණන් වහන්සේ - ගෞතම බුද්ධ චරිතය 1 - ළමා මනස මුල්කරගෙන වචන හසුරවමින්, කුඩා දරු දැරියනට පවා මනා සේ තේරුම් ගැනීම සඳහා ඉතා සරල් බසින් රචනා කර ඇත. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ අන්දම මෙම පොතෙන් විස්තර කෙරේ.
Rs 250.00
Chinthana
චින්තන - පුළුල් වූ පරාසයක් තුළ විහිදුණු විවිධ වූ මාතෘකා ඔස්සේ කාව්‍ය රසාස්වාදය දැනුම් වර්ධනය සහ සාරධර්ම වර්ධනය අරමුණු කොටගෙන රචනා කරන ලද පද්‍ය පන්ති 18කින් මෙම පද්‍ය සංග්‍රහය සමන්විත වේ.
Rs 175.00
Ape Jathika Kodiye Singha Nadaya
අපේ ජාතික කොඩියේ සිංහ නාදය - සිංහ කොඩිය ගැන තොරතුරු ඇතුළත් වේ.
Rs 200.00
Watina Wadan Saha Yedum
වටිනා වදන් සහ යෙදුම් - වටිනා වදන් සහ යෙදුම් කෘතිය ශිෂ්‍යයන්, දෙමව්පියන් සහ ගුරුවරුන් ඇතුළු සියලුදෙනාට ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. ධර්මය, භාෂාව, සාහිත්‍යය, කලාව, උරුමය, සංස්කෘතිය, ඇදහිලි විශ්වාස, ශාන්තිකර්ම, දේශීය වෙදකම, අභිචාර, සිරිත් විරිත් ආදී විවිධ විෂය පිළිබඳ ව බොහෝ දෙනා දැන සිටිය යුතු වදන් සහ යෙදුම් සමූහයක විවරණ මෙම කෘතියට ඇතුළත් වෙයි. සියලු දෙනාටම විෂය දැනුම ද අතිරේක දැනුම ද ලබා ගත හැකි කෘතියකි.
Rs 300.00
Daruvan Pinavana Manaram Sellam
දරුවන් පිනවන මනරම් සෙල්ලම් - මෙම පොතෙහි අන්තර්ගත වනුයෙ කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනයට, භාෂා වර්ධනයට, ශාරීරික වර්ධනයට, සමාජ වර්ධනයට හා චිත්තවේග වර්ධනයට උදවු වන ක්‍රීඩා සමූහයකි.
Rs 450.00
Srimath D B Jayathilaka Mathithuma
ශ්‍රීමත් ඩී බී ජයතිලක මැතිතුමා - අධ්‍යාපනඥයකු, නීතිවේදියකු, දේශපාලඥයකු, රාජ්‍ය තාන්ත්‍රිකයකු, සාහිත්‍යවේදියකු, අමද්‍යප ව්‍යාපාරයේ නායකයකු මෙන් ම ශේශ්ඨ මානව හිතවාදියකු ද වූ ශ්‍රීමත් බාරොන් ජයතිලක මැතිතුමන් විසින් බෞද්ධාගමට, අධ්‍යාපනයට, දේශපාලනයට, සාහිත්‍යයට, සමාජයට හා ජාතියට සිදු කරන ලද මෙහෙවර සදානුස්මරණීය ය. එම විස්තර ඇතුළත් ග්‍රන්ථයක් ලෙස මෙය හැඳින්විය හැකිය.
Rs 100.00
Savarnamali Maharaja
ස්වර්ණමාලි මහරජ - මෙය නවකතාවකටත් වඩා ගද්‍ය කාව්‍යයක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. එනම් හැඟීම්වල ගලා යාමට, විකාශනයට විනා සිදුවීම්වල විකාශනයට එතරම් උත්සාහයක් නොදැරුවෙමි. ඒ බව සිත තබා ගෙන කියවීම මේ කෘතියෙන් වැඩි රසයක් ලැබීමට උපකාරී වනු ඇත. 
Rs 150.00
Out-of-Stock
Daham Prahelika
Out-of-Stock
දහම් ප්‍රහේලිකා - මෙත්සිත පුවත්පතට ඔහු විසින් සපයා ඇති දහම් ප්‍රහේලිකා කිහිපයක් ද සමඟ මෙම වටිනා ප්‍රහේලිකා එකතුව කුඩා ග්‍රන්ථයක් ලෙස ඉදිරිපත් කර ඇත. මෙය ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවට නැවුම් අත්දැකීමක් වනු නොඅනුමානය. 
Thaththa Saha Api
තාත්තා සහ අපි - කතෘගේ ළමා අවධියේ සොඳුරු මතක සටහන් මෙම පොතෙහි ඇතුළත් වෙයි.
Rs 150.00
Hari Puduma Sathkam Kala Buddhadasa Rajjuruvo
හරි පුදුම සැත්කම් කළ බුද්ධදාස රජ්ජුරුවෝ - අපේ බුදුරජාණන් වහන්සේ කාලයෙහි සිටි ජීවක වෛද්‍යචාර්‍යතුමන් සිහිගන්වන පින්වත් බුද්ධදාස රජතුමා ගුණයෙන් නුවණින් පිරි බෝධිසත්ව රජ කෙනෙකි. වෙදකමෙහි ඉතා දක්ෂ වූ රජතුමා කරන ලද සැත්කම් ඉතාමත් ආශ්චර්‍යවත් ය. දශ රාජධර්මයෙන් රජ කළ රජතුමා රට ස්වයංපෝෂිත කරමින් රට දියුණුවෙන් දියුණුවට පත් කළේය. එවන් ආදර්ශමත් රජ කෙනෙකු පිළිබඳව ලොකු කුඩා සැම කෙනෙකුටම වාගේ රස විඳින්නට හැකි වන සේ සරල බසින්ම ලියන්නට මට සිත්විය. කුඩා දරුවන්ට වර්ණ චිත්‍ර දැකීමෙන් ඇතිවන්නේ සතුටකි. ආස්වාදයකි. එමගින් රජතුමාගේ විස්මිත ආශ්චර්‍යමත් සැත්කම් ගැන පැහැදිලි අවබෝධයක් ඔවුනට ලබා දීම ද මෙහි අරමුණකි.
Rs 250.00
Siduhath Charithayen Prashnoththara Dahasak
සිදුහත් චරිතයෙන් ප්‍රශ්නෝත්තර දහසක් - බුද්ධ ධර්මය පිළිබඳ ආධුනිකයකුට මෙන් ම කුඩා දරුවන්ට පවා තේරුම්ගැනීමට පහසුවන ලෙස රචනා කර ඇත. එය සපුරනු පිණිසත්, සිදුහත් චරිතය පිළිබඳ අවබෝධයක් ඇති වැඩිහිටියන්ට පවා වැඩක් ඇතිවේය යන අභිලාශයෙන් පාදක සටහන් යොදාගෙන දුර්ලභ කරුනු පවා මෙම ග්‍රන්ථය තුළින් ගෙනහැර දක්වා ඇත. මෙහි දී ප්‍රශ්නෝත්තර ක්‍රමයට කරුණු දක්වන ලද්දේ කාටත් පහසුවෙන් තේරුම් ගැනීම පිණිස වේ.
Rs 200.00
Dinaka Arumaya - 2
දිනක අරුමය - 2 - ඇතැම් විට බුදු දහමේ ආදර්ශයන් ද උපුටා දක්වමින් දිගහැරෙන දිනක අරුමය වියළීගිය මිනිස් සිතට පොද වැස්සක් ලෙස සිතිය හැක. කෙටි ලිපි වීමත්, එසේ වුවද වැදගත් අර්ථයක් පැහැදිලි වීමත් සිතන්නට යමක් එහි ගැබ්වීමත් ලෙස විශේෂ වැදගත්කමක් ඇති කරයි. වියතුන්ට මෙන්ම හැදෙන වැඩෙන පරපුරට ද මේ කෘතිය අගනා මඟ පෙන්වීමකි.
Rs 250.00
Dinaka Arumaya
දිනක අරුමය - ඇතැම් විට බුදු දහමේ ආදර්ශයන් ද උපුටා දක්වමින් දිගහැරෙන දිනක අරුමය වියළීගිය මිනිස් සිතට පොද වැස්සක් ලෙස සිතිය හැක. කෙටි ලිපි වීමත්, එසේ වුවද වැදගත් අර්ථයක් පැහැදිලි වීමත් සිතන්නට යමක් එහි ගැබ්වීමත් ලෙස විශේෂ වැදගත්කමක් ඇති කරයි. වියතුන්ට මෙන්ම හැදෙන වැඩෙන පරපුරට ද මේ කෘතිය අගනා මඟ පෙන්වීමකි.
Rs 250.00
Out-of-Stock
Sinhala Rachana Perahuruva
Out-of-Stock
 සිංහල රචනා පෙරහුරුව - ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන 3, 4, 5 ශ්‍රේණිවල සිසු සිසුවියන් සඳහාම සකසා ඇත.