Madol Doova මඩොල් දූව - අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම් වලින් සැරසී තිබේ. Rs 525.00 Add to cart Buy
Kaliyugaya කලියුගය - බටහිර කරණය ටිකෙන් ටික මුල් බැස ගන්නවාත් සමඟම සිංහල ග්‍රාමීය පවුලක ඇති වූ වෙනස්කම් හුවා දක්වමින් රචිත කලියුගය, ගම්පෙරලිය හා යුගාන්තය පිළිවෙලට කියවා රස විඳීමට යෝග්‍ය වන අතර වෙන් වෙන්ව කියවූවද මෙහි රසයෙහි අඩුවක් නොවේ. Rs 900.00 Add to cart Buy
Out-of-Stock Ambapali Out-of-Stock අම්බපාලි - එකල භාරතීය සමාජයේ ගණිකා වෘතියේ යෙදුණ බොහෝ කාන්තාවන් බුදු සිරිපතුල් පා මුලෙහි රහත් මෙහෙණින් වහන්සේලා වීම උන්වහන්සේගේ අපරිමිත දයාව හා කරුණා ගුණ සම්භාරය පිළිඹිබු කරන හොඳම උදාහරණය. අම්බපාලි රහත් මෙහෙණින් වහන්සේගේ කතා ප්‍රවෘතිය ද එවැන්නකි. ථෙරි ගාථාවන්හි සඳහන් පරිදි එතුමිය විසින්ම තම රූපයේ අනිත්‍යතාව පිළිබඳව මනාව සඳහන් කර ඇත. Rs 275.00 Details View details
Gothama Geethaya ගෝතම ගීතය - ජයසේන ජයකොඩි මහතා අතින් නිමැවුණ අගනා බෞද්ධ නවකතාවකි. Rs 850.00 Add to cart Buy
Valmikige Ramayanaya වාල්මිකීගේ රාමායණය - හින්දු සංස්කෘත සාහිත්‍යයට අයත් මහා කාව්‍යයන් අතුරෙන් ආදි කාව්‍යයයි සලකනු ලබන්නේ රාමායණය මහා කාව්‍යයයි. රාමායණය වනාහී ලංකාවත් භාරත දේශයත් අතර ඇති වූ සුප‍්‍රසිද්ධ ඝටනාවලියෙන් යුක්ත වන්නේය. වාල්මිකී නැමැති සෘෂිවරයෙකු විසින් සම්පාදනය කරන ලද මෙම වීර කාව්‍යය ඉතා සරල සුගම බසින් මෙසේ ඔබ අතට පත්වේ. Rs 750.00 Add to cart Buy
Pinketha පින්කෙත - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත අනර්ග නව කතාවකි 'පින්කෙත'. නව කතා කියවීමට ප්‍රිය ළමා, වැඩිහිටි පාඨකයනට මෙය කදිම ග්‍රන්ථයක් වේ. Rs 400.00 Add to cart Buy
Upeka උපේකා - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත පිච්ච මල නවකතා මාලාවට අයත් නව කතාවකි 'උපේකා'. නව කතා කියවීමට ප්‍රිය ළමා, වැඩිහිටි පාඨකයනට මෙය කදිම ග්‍රන්ථයක් වේ. උපේකා, කමලාවතී, පද්මාවතී, සිංඤප්පු අයියා මෙහි එන චරිත අතරින් කිහිපයකි. Rs 700.00 Add to cart Buy
Sil Suwada "ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?" "මම පින්තූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ." "බලා එය සිතින් හැලුවා නම් කමක් නැහැ. එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටිකරන්නේ, දොසක් දුටුවිට බැණවදින්නේ නැහැ නොවැ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි. ඔබ නොසංසුන්. සංසුන්වන්න ආනන්ද. සිත පැවිදි කරන්න. පැවිද්ද බන්ධනයකැ යි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි මිහිරි යයි හැඟෙනවා ඇති? ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවෙනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?"... ජයසේන ජයකොඩි මහතාගේ නව කතාවකි. Rs 900.00 Add to cart Buy
Sudu Neluma "මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ." "ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ." "මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?" "මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ." මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය. "අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ." ජයසේන ජයකොඩි මහතා විසින් රචිත නව කතාවකි "සුදු නෙළුම්". Rs 750.00 Add to cart Buy
Thera Tharanaya SUDU NELUMA -2 තෙර තරණය (සුදු නෙළුම-2) - ඉතාමත් රසවත් නවකතා මාලාවක අවසානය සනිටුහන් කරනු ලබන කතුවරයා රාහුල හිමියන්ගේ චරිතය බෞද්ධ භික්‍ෂුවකගේ අවැසිම සෑම පැතිකඩක්ම පාඨක ඔබ අපට ඉදිරිපත් කිරීමෙහිලා ගෙන ඇති වෑයම අති සාර්ථක වේ. Rs 450.00 Add to cart Buy
Out-of-Stock Suwa Asapuwa Out-of-Stock සුව අසපුව - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත මෙම පොත දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි. Rs 450.00 Details View details
Araliya Mal Aramaya අරලිය මල් ආරාමය - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත පිච්ච මල නවකතා මාලාවට අයත් තවත් නව කතාවකි 'අරලිය මල් ආරාමය'. නව කතා කියවීමට ප්‍රිය ළමා, වැඩිහිටි පාඨකයනට මෙය ද කදිම ග්‍රන්ථයක් වේ. Rs 650.00 Add to cart Buy
Mahamera "අර ගෑනි මහ හදිස්සියකට වාගේ දුවගෙන අවිත්, කවුරු එනවා කියල ද කිව්වේ හාමුදුරුවනේ?" "පාදිලිතුමෙක්" "මොනවා හාමුදුරුවනේ... පාදිලියො පන්සල්වලට එනවැයි?" "කාරි නෑ නොවැ. ඉස්සර මේ අපේ උන්නාන්සේලයි ඒ ඇත්තොයි අතර වාද භේද වාද විවාද බොහොමයි. දැන් ඒවා සමනය වෙලා ඇයි හොඳයිකම් පවා පවත්වනවා. මම ඒ ඇත්තොත් එක්ක තවමත් කතාබහ කර නැහැ. නමුත් එ් ඇත්තො දැනුම් තේරුම් තිබෙන යහපත් උදවිය බව අසා තියෙනවා." "ඕකනෙ කියන්නෙ... ඕනෑ වසවර්තියෙක් හාමුදුරුවන්ට හොඳයි. මං අහගෙනයි. පියදාසටත් එන්නෙයි කියලා කියනවා? ඌ එදා කියාපුවා හාමුදුරුවන්ට මතක නම් එන්නෙයි කියලා කියනව ද එහෙම?" "මට ඒවා අමතක යි සිංඤප්පු උන්නැහැ." ජයසේන ජයකොඩි මහතා විසින් රචිත ග්‍රන්ථයකි. Rs 550.00 Add to cart Buy
Pichchamala පිච්චමල - නවකතා මාලාවේ පළමුවැන්න මෙය වේ. රසවත් ගැමි බස් වහරක් යොදා ගෙන රචිත මෙය ඕනෑම අයෙකුට කියවා රස විඳිය හැක. මෙයට පසුව එන අරලිය මල් ආරාමය හා බැදේ. Rs 600.00 Add to cart Buy
Out-of-Stock Sen Bodu Katha Out-of-Stock සෙන් බොදු කතා - පරිණත ලේඛකයෙකු වූ පර්සි ජයමාන්න තම මාධ්‍ය වූ පුවත්පත් කලාවෙන්, කර්තෘත්වයෙන් එදා මෙදා තුර ගිණිය නොහෙන පිරිසකට අතහිත දුන්නේය. 'නස්රුදීන් සහ සුෆී' උපමා කතාවන්ගෙන් අපට අර්ථවත් රසයක් දායාද කළ මේ ලේඛකයා සෙන් දහම සම්බන්ධ සුනිශිත කතා පෙළකින් පාඨකයාට අනර්ඝ සංග්‍රහයක් කරයි. ධ්‍යාන නම් වූ අර්ථ විශද කරන සෙන් කතා ලෝකයේ බොහෝ දෙනෙකුට සැනසීම සැහැල්ලුව හා ඤාණ මාර්ගය විවෘත කර ඇත. විවෘත මනසකින් මේ කතා කියවා රස විඳින කලිහි පාඨකයාගේ ගුණ නැණ අවදි වෙයි. සිත කය වදන යන තුන්දොර සංවර වෙයි. ශික්ෂිත පුද්ගලයා තමන්ටත් ලෝකයාටත් මහඟු දායාදයකි. සරලව සිංහල බසට නඟා ඇති මේ සෙන් බොදු කතා දැඩි රුචියෙන් කියවා බලා එහි රසරුත් උකහා ගත හැකි ය. මේ මනරම් කතා කියවන පාඨකයාට ලැබෙන ප්‍රයෝජන අපමණ ය. Rs 750.00 Details View details
Out-of-Stock Dharmaya Soya Walata Giya Palakaya Out-of-Stock ධර්මය සොයා වලට ගිය පාලකයා - බෞද්ධ සාහිත්‍ය ඇසුරින් ලියැවුණ සදහම් කෙටිකතා එකතුවක් ලෙසින් මෙම කෘතිය සෝමා ජයකොඩි මහත්මිය විසින් රචනා කොට ඇති අතර මෙහි එන කතා ඉරිදා දිවයින සංග්‍රහයෙහි ද වරින් වර පළ විය. Rs 200.00 Details View details
Out-of-Stock Nanda Ha Sarana Out-of-Stock නන්ද හා සරණ - ප්‍රවීණ නවකතාකාරියක වන අනුල ද සිල්වා විසින් රචිත නන්ද හා සරණ කෘතිය 2015 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොදම යොවුන් නවකතාවට හිමි සම්මානය දිනා ගනු ලැබිණි Rs 375.00 Details View details
Vijayaba Kollaya විජයබා කොල්ලය - ඩබ් ඒ සිල්වා සූරීන්ගේ සැම දෙනා අතරම ප්‍රසිද්ධ විශිෂ්ටතම කලා නිර්මාණයකි. Rs 649.00 Add to cart Buy
Lanka Urumaya ලංකා උරුමය - ලංකා උරුමය නම් ග්‍රන්ථය ලංකාද්වීපයේ අතීත කතාවන් ඉතාමත් රසැති බස යොදා ගනිමින් ඕනෑම අයෙකු සඳහා කියවා තේරුම් ගත හැකි වන පරිදි ලියැවුණු අගනා කෘතියකි. Rs 200.00 Add to cart Buy
Asha Nirasha ආශා නිරාශා - ඉතා සරළ - නූතන සමාජයට බෙහෙවින් සමීපවන කෙටි කථා ශෛලියෙන් ලියන ලද කෙටි මාතෘකා විසි දෙකකින් සමන්විත කෙටි කතා මාලාවකි.ආශා-නිරශා ග්‍රන්තයෙහි රාග ද්වේශ මෝහ යන අකුසල් මූලික සිත් තුළ පැලපදියම්ව ඇති කෙළෙස් මල මගහරවා ගැනීම අපේක්ෂාවෙන් , බොදු දිවි පෙවෙතට අනුගතව ලියන ලද කථාවත්ථු අවසානයේ කිසියම් උපදේශයක් ආදර්ශයක් මතු කරනු ඇත. Rs 160.00 Add to cart Buy
Himalaye Vismitha Sudu Thausa හිමාලයේ විස්මිත සුදු තවුසා - ආධ්‍යාත්මික ගවේෂක පෝල් බ‍්‍රන්ටන් මේ කෘතියෙන් විස්තර කරන්නේ ඉකුත් ශත වර්ෂයේ තුන්වැනි දශකය ආරම්භයේ දී පමණ තම අවසන් චාරිකාව වූ කෛලාස කූඨ වන්දනාවට තිබ්බත රජය අවසර නොදීම නිසා ඔහු හිමාලයේ උස් කදු මුදුනක පිහිටි පාළු කැලෑ බංගලාවකට වී බවුන් වැඞීමේ දී ලද අසාමාන්‍ය අත්දැකීම් හා පසුව එහි සිට ප‍්‍රතාප්නගර් දක්වා වග වලසුන් ගහණ මහ වනය හරහා තරු එළියෙන් අසු මෙහෙයවමින් හුදකලාව නුහුරු පටු මංපෙත් ඔස්සේ දල බෑවුම්, ගිරි දුර්ග පසු කරමින් සිදු කළ අතිබිහිසුණු ගමන හා ඉනික්බිතව ලද විස්මිත අත්දැකීම් ආදියයි. Rs 850.00 Add to cart Buy
Diwa Mal Diwa Salu දිව මල් දිව සළු - මෙම පොතට ඇතුළත් වන්නේ සිංහල බණ කථා ය. එසේ කියන්නේ දන්දීම්, සිල් රැකීම්, බණ ඇසීම්, භාවනා කිරීම් ආදී පින්කම්වල ආනිසංස වශයෙන් මිනිස් ලොව භවභෝග සම්පත් ද දෙව් ලොව දිව්‍ය සම්පත් ද සෝවාන් ආදී මාර්ගඵල ද වෙන වෙන ම අත්පත් කර ගත් සිංහල දරුවන්, කුලස්ත්‍රී පුරුෂයන්, උපාසක උපාසිකාවන්, භික්ෂුණීන් පිළිබඳ කථා ප්‍රවෘත්තින් මෙම කථාවල ඇතුළත් වන නිසා ය. Rs 220.00 Add to cart Buy
Out-of-Stock Yati Hithaka Hati Out-of-Stock යටි හිතක හැටි - මෙම නවකතාවට පාදක කොට ගෙන ඇත්තේ ග්‍රාමීය පරිසරයක සැදී වැඩුණු තරුණයකු හා ධනවත් පවුලක තරුණියක වටා ගෙතුන කතාන්දරයකි. මෙම ග්‍රන්ථය ස්වාමීන් වහන්සේ 1966 - 1969 අතර කාලයේ මැගසින් බන්ධනාගාරයෙහි වැසිටින කාලයේ ලියන ලද්දකි. Rs 300.00 Details View details