Vinaya Karma Potha
‘‘විනයො නාම සාසනස්ස ආයු“ විනය යනු බුද්ධ සසුනේ ආයුෂයයි. මෙහිදි මෙම විනය කර්‍මයන් ආවට ගියාට සිදු කිරීමක් නැත්තේය. නිවැරදි ලෙස සීමා බන්ධනය කොට විනය කර්‍මයන් සඳහා සුදුසු විනයධර භික්ෂූන් එක්ව එකී විනය කර්‍මයන් සිදු කරයි. එයට හේතුව නම් විනය කර්‍ම සිදු කරන අවස්ථාවන්හි දී විනයාගත ක්‍රම නොඉක්මවා ඉතා පිරිසිදු ලෙසම එය කළ යුතු බැවිනි. මෙලෙස ඉතා පිරිසිදු ලෙස විනය කර්‍මයන් සිදු කරන්නට ඒ පිළිබඳව මනා අවබෝධය අවශ්‍යය වේ. පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රදායන් රැකගෙන විනය කර්‍මයන් සිදු කරනු ලැබුව ද අද වන විට සමහරක් භික්ෂූන් විසින් ශාසන විනයේ ස්වභාවය නොදැන විනය කර්‍ම සිදු කිරීම හේතුවෙන් අවිනය පැතිරීමේ අවස්ථාවන් ඇත. එකී අවස්ථාවන් මඟ හැර දන්නා සහ නොදන්නා හැමට සම්බුද්ධ ශාසනය තුල වූ විනය කර්‍මයන් පිළිබඳ අවබෝධයක් සහ එම විනය කර්‍මයන් පිරිසිදු ව සිදු කරන අකාරය පිළිබඳ ව ද මෙම විනය කර්‍ම ග්‍රන්ථය මගින් දැනගත හැකිය.
Rs 590.00