Children's Books

Out-of-Stock

Lama Apata Dhammapadaya

Out-of-Stock
ළමා අපට ධම්මපදය - දියුණුව පතන ඕනෑම කෙනෙකුට ඒ සඳහා ලබාගත හැකි වටිනා මාර්ගෝපදෙශනයත්, ඊට විරුද්ධව මතු වන චෛතසික හා බාහිර අභියෝග ජයගෙන ඉදිරියට යෑමේ ජය මඟත් උගත හැකි වන්නේ ධම්මපදයෙනි. ඒ ජය මඟට පහන් ටැම් නඟන අයුරින් කතුවරයා ඉතා කෙටියෙන් ඉතා සරල ව තමාට ම පාරදෘශ්‍ය වන අයුරින් මෙහි ගාථා විවරණය කර ඇති බව සඳහන් කළ යුතු ය. පසුබසින කෙනෙකුට ඉදිරියට යෑමේ ධෛර්‍යයත් ඉඳුරන් පිනවීමෙහි ගිජු ව අසරණ වූ කෙනෙකුට නැඟී සිටීමේ වීර්‍යයෙන් ලද හැකි ජය පැන් පානයත් අඳුරේ සිටින කෙනෙකුට ආලෝකය කරා දිවෙන මාර්ගයත් තෘෂ්ණා මල පුඬුවේ අසු වී දුක් කඳුළු හෙළන කෙනෙකුට ඉන් මිදී ලොවුතුරු නිදහස් සුවය විඳින අයුරුත් කතුවරයා මෙහි ගී බසින් පෙළ ගස්වා ඇත්තේ ළමා පෙළට ආස්වාදනීය ආකාරයෙනි. 

Lokopakaraya

ලෝකෝපකාරය - උපදේශාත්මක කාව්‍යයට සාහිත්‍යයෙහි විශේෂ තැනක් හිමි වී ඇත. සංස්කෘත සාහිත්‍යයෙහි පංච තන්ත්‍රය, හිතෝපදේශය, ව්‍යාසකාරය, නීතී ශතකය, ප්‍රත්‍ය ශතකය ආදී උපදේශාත්මක කාව්‍යයෝ බෙහෙවින් අගය කරනු ලබති. සිංහලයෙහි ද උපදේශාත්මක කාව්‍යාවලියක් ඇත. ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය හා සුභාෂිතය ඉන් මුල් තැන් ගනී. මේ සිංහල උපදේශාත්මක කාව්‍ය අතුරින් දීර්ඝතම කාව්‍යය වනුයේ ලෝකෝපකාරය යි.
Rs 320.00

Lovada Sangarava

ලෝවැඩ සඟරාව - වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි. හයවන පැරකුම්බා රජු දවස කි‍්‍ර. ව. 1412 - 1467 කාල වකවානුවේදී ලෝවැඩ සඟරාව රචනා කර තිබේ. බෞද්ධ සමාජයේදී පොදු ජනයා අතර යහපත් ගුණ ධර්ම වඩවාලීම අරබයා ලෝවැඩ සඟරාව උන් වහන්සෙ රචනා කර තිබේ. "පාලි ධර්මය නොදන්නා සාමාන්‍ය ගැමි ජනතාවට පින් සහ පව් වල විපාක මෙසේ යයි අවබෝධ කරලීම මූලික අරමුණු කරගෙන ලොවැඩ සඟරාව රචනා කළෙමි" යන්න "වෙසෙසින් පෙළදම් නොමදත් දනහටපවසම් කළ කම් පල දැන්හෙළුකොට" යනුවෙන් හා "නොදැනෙනුවන්හට පව්පින් නියම කොටබඳ ලෝවැඩ සඟරා පිණෙනි හැම විට" දක්වා තිබීමෙන් මනාව පැහැදිලි වේ. බුද්ධ වර්ෂ 2015 දී පමණ රචනා කරණ ලද ලෝවැඬ සඟරාව කියවීමෙන් මෙලොව පරලොව දෙලොවම සෙත සලසා ගත හැකි උපදෙස් අපට ලබා ගත හැක. මිනිසාගේ දෙලෝ අභිවෘද්ධියටම හේතු වන මහා අනර්ග ධර්ම අවවාද රාශියක් කැටිකොට ගොතන ලද කවි 140 ට උචිත ලෙස ලෝවැඩ සඟරාව නමින් මේ කෘතිය නම් කොට තිබේ. එම්.කේ. සුසන්ත සේනාධිලංකාරගේ අසම්පූර්ණ සංස්කරණවලින් යටපත්වූ වීදාගම මෛත්‍රිය හිමිගේ ලෝවැඩසඟරාව නමැති ග්‍රන්ථයේ ලෝවැඩසඟරාවේ පද්‍ය 271ක් දක්වා තිබේ. මෙය විශිෂ්ට පර්යේෂණයකි. වීදාගම මෛත්‍රිය හිමි තරුණ හිමිනමකව සිටියදී ලෝවැඩසඟරාව රචනා කළ බවත්, උන්වහන්සේ මහනෙත්පාමුළ අධිපතිවීමෙන් පසුව ඒබව සඳහන් කරමින් ලෝවැඩසඟරාව නැවත සංස්කරණය කරන ලද බව සෙන්ධිලංකාරගේ පර්යේෂණයේ සඳහන්වෙයි.
Rs 225.00

The Freddie Stories

Herein is set forth stories that accentuate low passion directed toward children in the kindergarten and lower primary classes. The stories have a transforming effect on the character of the children and lay the foundation for a compassionate temperament in chilren, which is likely to last till adulthood reading to the fashioning of a truly great human being. 
Rs 1,150.00

Hovanho Shishtacharaya Purana Chinaya

පුරාණි ශිෂ්ටාචාර
අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය.මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩ ගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි.මෙම පොත ආසියාවේ බිහි වූ චීන ශිෂ්ටාචාරය ගැනයි.
Rs 220.00

Dutugamunu Rajjuruwo

අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ ගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ. මේ පොත, ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු රජු ගැනයි.
Rs 400.00
Out-of-Stock

Mirisaveti Seyata nama lebunu heti

Out-of-Stock
මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
දුටුගැමුණු රජතුමා මුලින් ම හදාපු දාගැබ් වහන්සේට 'මිරිසවැටිය' කියන නම ලැබුණු හැටි මේ පොතෙන් විස්තර කෙරෙනවා

Nidahas Satana 1 Kotasa

අපේ අතීතය ගැන කියවමු
අතීතයේ ශ්‍රී ලංකාවේ තිබූ සරුසාර බෝග සහ මුතු මැණික් නිසා ශ්‍රී ලංකාව විදේශ රටවල අවධානයට යොමු විය. එම නිසා ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව. 1948 දක්වා කාලයේ ලංකාව විදේශ රටවල් තුනක ආක්‍රමණවලට ලක් විය.බ්‍රිතාන්‍යයෝ 1815 වර්ෂයේ දී මුලු ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කර ගත්හ. එතැන් සිට වසර 133 ක කාලයක් බ්‍රිතාන්‍යයෝ ලංකාවේ පාලන කටයුතු ගෙන ගියහ. බ්‍රිතාන්‍යයන් ලංකාවේ බලය තහවුරු කර ගත් ආකාරයත් බ්‍රිතාන්‍ය පාලනය නිසා දැඩි අසීරැතා වලට ලක්වූ රට වැසියන් බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව කළ නිදහස් සටන් ආරම්භවූ ආකාරයත් මේ පොතේ ඇත.
Rs 350.00

Nidahas Satana 2 Kotasa

අපේ අතීතය ගැන කියවමු
ශ්‍රී ලංකාවේ තිබූ සරුසාර බෝග සහ මුතු මැණික් නිසා ශ්‍රී ලංකාව විදේශ රටවල අවධානයට යොමු විය. එම නිසා ක්‍රි.ව. 1505 සිට ක්‍රි.ව. 1948 දක්වා කාලයේ ලංකාව විදේශ රටවල් තුනක ආක්‍රමණ වලට ලක් විය.බ්‍රිතාන්‍යයෝ 1815 වර්ෂයේ දී මුළු ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කර ගත්හ. එතැන් සිට වසර 133 ක කාලයක් බ්‍රිතාන්‍යයෝ ලංකාවේ පාලන කටයුතු ගෙන ගියහ. බ්‍රිතාන්‍ය පාලනය නිසා අසීරුතාවලට ලක් වූ රට වැසියත් බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව සටන් කර නැවතනිදහස ලබාගත් ආකාරය මේ පොතේ ඇත.
Rs 400.00

Siddhartha Gauthama Buddha Charithaya 5

මේ පොතේ ඇතුළත් කොටස්

සුනීත හා සෝපාකට පිහිටවීම.
මෙහෙණ සසුන පිහිටුවීම.
බුදුන්ගේ දෙවන වර ලක්දිව වැඩීම.
චූලෝදර මහෝදර බුදුන් සරණයෑම.
තවිව්තිසාවේ මායා දෙව් පුතුට දහම් දෙසීම.
මෛත්‍රී බුදුන් පැවිදි වීම.
බුදුන්ගේ තෙවන ලක්දිව ගමන හා සිරිපතුල පිහිටුවීම.
භද්‍රවතිකා ඇතින්නට පිහිටවීම.
බුදුන් පාරිල්‍යය වනයට වැඩීම.
අලව් යකු දමනය.
අංගුලිමාල
ආනන්ද බෝධි රෝපණය.
දෙව්දත් තෙරුන් බුදුන්ට කළ හතුරුකම්.
Rs 400.00

Siddhartha Gauthama Buddha Charithaya 6

මේ පොතේ ඇතුළත් කොටස්

 කිසාගෝතමිය රහත්ඵල ලැබීම.
පටාචාරාවන් රහත්ඵල ලැබීම.
අජාසත් රජු පැහැදීම.
කාල සිටු පුතු බුදුන් සරණයෑම.
පූතිගත්තතිස්ස තෙරුන්ට පිහිටවීම.
බුදුන් කුසිනාරා නුවරට වැඞීම.
බුදුන් පිළිගත් අවසාන දානය.
මාරයාගේ ඉල්ලීම.
මහ පොළොව කම්පාවීම.
අවසන් බුදුවදන.
බුදුන්ගේ පිරිනිවීම.

Rs 400.00
Out-of-Stock

Polowa Kada Wetuna Da

Out-of-Stock
ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි.එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත.මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි.මෙහි එන කථාවට පදනම් වූයේ 'දද්ධභ ජාතකය' යි.

Kalyana Mithrayo

ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි.එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත.මේ කථා පොඩ් දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි.මෙහි එන කථාවට පදනම් වූයේ 'කුසනාලී ජාතකය' යි.
Rs 250.00

Ira Handa Saha Maawee

'එකෝමත් එක රටක‍්
නමැති මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි.මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන්ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගත හැකිය.කියවීම ආස්වාදජනක අත්දැකීමක් කර ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Rs 400.00

Parakramabahu rajathuma

අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි.මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ.මේ පොත, පොළොන්නරුවේ 'ස්වර්ණමය යුගයක්’ බිහි කොට, වෙළඳාම මෙන්ම කෘෂිකාර්මික දියුණුවක්ද, ඇති කළ මහා පරාක්‍රමබාහු රජු ගැනය.
Rs 350.00

Nishshankamalla Rajathuma

අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ.මේ පොත, ක්‍රි.ව. 1187 සිට 1193 දක්වා පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජතුමා ගැන ය.
Rs 220.00

Mahasen Rajjuruvo

අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ. මේ පොත, කෘෂිකාර්මික දියුණුවට ජලාශ රාශියක් ගොඩනැඟූ මහසෙන් රජු ගැන යි.
Rs 300.00

Devanampiyatissa Rajathuma

අපේ අතීතය ගැන කියවමු
විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික‍්‍රම රාජසිංහ ගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි.මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ.මේ පොත, බුදු දහමින් ලංකාව බැබලවූ දේවානම්පිය තිස්ස රජු පිළිබදවය.
Rs 400.00
Out-of-Stock

punchi ayata Kai Kathandara

Out-of-Stock
මෙයින් ඇතැම් කතන්දරයක් කලකට ඉහත දී ලංකාදීප පුවත් පතෙහි බිංදු ගේ යහළුවන් උදෙසා මා විසින් කියන ලදී. ඒවා මෙහි ඇතුළු කිරීමට අවසර දුන් එම පත්‍රයේ ප්‍රධාන කතෘ තැන්පත් ඩී.බී. ධනපාල මහත්මාණන්ට මාගේ ස්තුතිය හිමි වෙයි.
එසේ ම මේ සඳහා මා පොළඹවා ලූ, ලංකාදීප කතෘ මණ්ඩලයේ සිරිපාල තිලකසේන හිතවතාණන්ටත්, මෙය ප්‍රකාශයට පත් කළ සමන් මුද්‍රණාලයටත් මම ස්තුති වන්තවන්නෙමි.
මහගම සේකර , 1958

Dhammapadayen Punchi Obata Kathandara

කතෘ ගෙන්...
ධම්මපදය යනු සමස්ත මිනිස් සමාජයටම ගැළපෙන පරිදි රචනා වූ මහඟු ග්‍රන්ථයකි. ජීවිතයේ ඕනෑම අවස්ථාවකට සම්බන්ධ කර ගත හැකි ආදර්ශ පාඨ ඇතුළත් ධම්මපදය පැරැන්නන් නිතරම පරිහරණය කිරීමට පුරුදුව සිටියා. ජීවිතයේ සරල මට්ටමේ සිට ඉතාම ඉහළ මට්ටම දක්වා හෙවත් නිවන් අවබෝධය දක්වා පුද්ගලයකු හැඩගැසිය යුතු ආකාරය ධම්මපදයේ සඳහන් වෙනවා. සමාජය ගුණ ධර්මවලින් දිනෙන් දිනම පිරිහෙමින් පවතිනවා. එම නිසා ධම්මපදයේ වටිනාකම වර්තමානයේ හොඳින්ම දැනෙනවා.
තෝරා ගත් කතා කිහිපයක් මෙහි දී ඉතා ලිහිල් හා සරල භාෂාවෙන් පුංචි දූ දරුවන් වෙනුවෙන් මම ඉදිරිපත් කිරීමට උත්සාහ කළා. ඒවා අපේ ජීවිත හැඩ ගස්වා ගැනීමේ දී බොහෝ ප්‍රයෝජනවත් වෙන ආදර්ශවත් කතා කිහිපයක්. ඒවා හොඳින් කියවා බලා ඒවායින් පුංචි ඔබේ ජීවිතයට ගත හැකි හොඳ  දේ වෙන් කරගෙන ඒවා පිළිපදින්න. එවිට ජීවිතය මනා ලෙස හැඩ ගස්වා ගත හැකියි.
Rs 200.00

Esopge Upama Katha 100

කුඩා ළමුන් සදහා උපමා කතාන්දර 100ක් ඇතුළත් ඉතා වටිනා ග්‍රන්ථයකි. 
Rs 300.00
Out-of-Stock

Nelli Kale Weerayo

Out-of-Stock
කතෘ ගෙන්...
ළමා විය සුන්දරය. එහි වාද බේද බොහෝ දුරට හීනය. සතුට, සැනසුම ළමා වියේ ජීවය වේ. එහෙත් දියුණුවේ හිනි පෙත්තට පය තැබීමට මිනිසා දරන වෑයම ක්‍රමානුකූලව නොවන නිසා විටින් විට එක් එක් මාරකයන් මගින් සුන්දර ළමා ලොව විනාශ කරන අවස්ථා අපට අද සමාජයේ සුලභව දක්නට ලැබේ. කුඩා කළ වැරදි මග ගොස් නොමග යන දරුවා වැඩිවියට පත් වූ විට සමාජයෙන් පළිගැනීම වැලැක්විය නොහැකි දෙයකි. ළමා පරපුර කෙරෙන් මෙසේ විද්‍යාමාන වූ ගති ලක්ෂණ උරුමයන් කෙරෙහි විශාල වෙනසක් කිරීමට බාල දක්ෂ ව්‍යාපාරය කරනුයේ මිල කළ නොහැකි සේවයකි.
මම බාල දක්ෂයෙකු සේ ලබාගත් අත්දැකීම් 'නෙල්ලි කැලේ වීරයෝ' නමින් ඔබ වෙත ඉදිරිපත් කරමි. මෙහි මුල් පිටපත මා ලියා අවසන් කළේ මා නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවධියේ දීය. එබැවින් මේ පිළිබඳව සාධාරණ විවේචන ඇතොත් සතුටින් භාර ගනිමි. අවසන් වශයෙන් මම ඔබෙන් මෙය ඉල්ලමි. ජාති, ආගම්, කුල, වර්ණ භේදයන්ගෙන් ළමා පරපුර බේද නොකර ඔවුනට හිමි සුන්දර ලෝකය සැමදාමත් රැක ගැනීමට ඔබේ සහාය ලබා දෙන්න

Buddhism for Beginners Part 1,2,3

Buddhism for Beginners Part 1,2,3 - Ideal book for children as it realtes Life of the Buddha in Question and Answer form.Also suitable for adults, not familiar with the basics of the Teachings of the Buddha.
Rs 212.40

Hari Puduma Sathkam Kala Buddhadasa Rajjuruvo

හරි පුදුම සැත්කම් කළ බුද්ධදාස රජ්ජුරුවෝ - අපේ බුදුරජාණන් වහන්සේ කාලයෙහි සිටි ජීවක වෛද්‍යචාර්‍යතුමන් සිහිගන්වන පින්වත් බුද්ධදාස රජතුමා ගුණයෙන් නුවණින් පිරි බෝධිසත්ව රජ කෙනෙකි. වෙදකමෙහි ඉතා දක්ෂ වූ රජතුමා කරන ලද සැත්කම් ඉතාමත් ආශ්චර්‍යවත් ය. දශ රාජධර්මයෙන් රජ කළ රජතුමා රට ස්වයංපෝෂිත කරමින් රට දියුණුවෙන් දියුණුවට පත් කළේය. එවන් ආදර්ශමත් රජ කෙනෙකු පිළිබඳව ලොකු කුඩා සැම කෙනෙකුටම වාගේ රස විඳින්නට හැකි වන සේ සරල බසින්ම ලියන්නට මට සිත්විය. කුඩා දරුවන්ට වර්ණ චිත්‍ර දැකීමෙන් ඇතිවන්නේ සතුටකි. ආස්වාදයකි. එමගින් රජතුමාගේ විස්මිත ආශ්චර්‍යමත් සැත්කම් ගැන පැහැදිලි අවබෝධයක් ඔවුනට ලබා දීම ද මෙහි අරමුණකි.
Rs 250.00

Pusita Gawumak

මුල සිට කියවීම ආරම්භ කරනා  දරුවන් සදහාම නිර්මාණය කරන ලද ග්‍රන්ථයක් වන අතර. විචිත්‍රවත් චිත‍්‍ර යොදා ගැනීම මගින් කතාව පහසුවෙන් අවබෝධ කර ගන්නා අයුරින් සරල ව රචනා කොට ඇත.
Rs 350.00

Pera Gediya

මුල සිට කියවීම ආරම්භ කරනා  දරුවන් සදහාම නිර්මාණය කරන ලද ග්‍රන්ථයක් වන අතර. විචිත්‍රවත් චිත‍්‍ර යොදා ගැනීම මගින් කතාව පහසුවෙන් අවබෝධ කර ගන්නා අයුරින් සරල ව රචනා කොට ඇත.
Rs 350.00

Banis Gediya

මුල සිට කියවීම ආරම්භ කරනා  දරුවන් සදහාම නිර්මාණය කරන ලද ග්‍රන්ථයක් වන අතර. විචිත්‍රවත් චිත‍්‍ර යොදා ගැනීම මගින් කතාව පහසුවෙන් අවබෝධ කර ගන්නා අයුරින් සරල ව රචනා කොට ඇත.
Rs 350.00

Bheroonder

Deep in the heart of the island Lanka, where the monsoon rains crash against the jagged peak of Kobo-Thura, an unthinkable legend was born. A catastrophic blow splits its skull in two. It survives, emerging as a magnificent, terrifying singularity: a two-headed monster of the air named "BHEROONDER"
Rs 500.00

Punchi rahula Hamuduruvo

මේ මහරු කවිය පැන නැගිය හැක්කේ සැබෑ ලෙස ම බුද්ධ පුත්‍රයකු වීමට වීර්යය වඩන, එහි දී ජන්මයෙන් ම බුදුන් වහන්සේ ගේ පුතණුවන් වූ රාහුල පොඩි හාමුදුරුවන් ගේ චරිතය ආදර්ශයක් කොටගත් හදවතකින් ම ය. රාහුල හාමුදුරුවන් ගැන ලියැවුණු පතපොත ඇතත් තවත් රචනයක් කරන්නට සිත් වූයේ ළමා පරපුරට එයින් වන මහඟු යහපත නිසා යැයි ගත් කතුවර මහ නාහිමිපාණෝ පෙරවදනෙහි ලා පවසති.
රසයෙන් පරිපූර්ණ කමනීය බස් වහරක් යොදා ගනිමින් කරුණ රසයෙන් ළමා හදවත් මුදු - මොළොක් කර කීකරුකමේ හා ගුණ ගරුක බවේ ආදර්ශයන් යළි අත් නොහැරෙන සේ ඒ හදවත්වලට ඇතුළු කිරීමට මේ කෘතිය සමත් වනු නිසැකය. එපමණක් නො වේ. බුදු රජාණන් වහන්සේ කරුණා භරිතහදින් කුඩා රාහුල හිමියනට සලකන අයුරු, උපදෙස් දෙන අයුරු, උගන්වන අයුරු මෙහි ලා අප මහ නාහිමිපාණන් අතින් මනෝහර ලෙස සිතුවම් කැරෙන්නේ සිය දරුවන් කෙරෙහි, සිය සිසුන් කෙරෙහි පැවැතිය යුතු ආකාරය පිළිබඳ ව ගුරු-දෙගුරුන් ද නැවත නැවතත් සිතීමට යොමු කරවමිනි. මේ අප සැම ගේ හදෙහි මෙත් කරුණා ගුණාංගයන් අමතමින්, මුළු මහත් සමාජය ම 'බුදු හිමි - දහම් උණුසුම' පතන සමාජයක් බවට පත් කරලීමේ ශක්‍යතාවෙන් යුත් මහාර්ඝ ළමා කෘතියකි.
Rs 180.00