Sigiri Gee Wiyarana
සිගිරි ගී වියරණ - "Sigiri Graffiti" එනම් "සීගිරි ගී" වනාහි ආචාර්‍ය පරණවිතාන මහතා විසින් සීගිරි කැඩපත් පවුරෙන් පිටපත් කොට මහත් පරිශ්‍රමයකින් එක් කර ගත් සිංහල පද්‍යයෝ වෙති. අට, නව හා දහ වැනි සියවස්වලට අයත් මේ ගී අවුරුදු දහසකට අධික කාලයක් අමතක කොට තිබුණ බවත් දැනට ශේෂව ඇති ඉතා ම පැරණි සිංහල පද්‍යයන් බවත් පිළිගෙන ඇත. තවද පරණවිතාන මහතා මේ සීගිරි ගී තේරුම් කර ගැනීම සඳහා ඒවාට අටුවා හා වියරණ ද එම පොතේ ම සපයා ඇත. එහෙත් මේ පොත ලියා ඇත්තේ ඉංග්‍රීසියෙන් බැවින් ඒ භාෂාව නොදන්නා විද්‍යාර්ථින්ට හුදු පාඨය විනා මේ ග්‍රන්ථයෙන් අන් පිහිටක් ලබා ගත නො හැකි හෙයින් එහි ඉතාම වැදගත් කොටස වන වියරණ කොටසේ සිංහල අනුවාදය මෙසේ පළ කිරීමට කල්පනා කලෙමු. මෙම ඓතිහාසික ව්‍යාකරණය සීගිරි ගී තේරුම් ගැනීමට පමණක් නො ව සිංහල භාෂාවේත් එහි සාහිත්‍යයේත් ඉතිහාසය හා පරිණාමය ද විශේෂයෙන් ම සිංහල භාෂාවේ ශබ්ද ව්‍යුත්පත්තිය ද අධ්‍යන කිරීමට ඉමහත් රුකුලක් වනු ඇත.
Rs 169.00