Home

-10%

Lama Manovidyawa - Lama Sanwardhanaya Ha Lama Arakshanaya


 පෙර පාසල් ගුරුවරියන්ට 
ගුරු පුහුණු පාඨමාලා - හදාරන ගුරුවරුන්ට 
දරුවන් හොඳින් හදා වඩා ගන්නට උනන්දු වන දෙමාපියන්ට අත්පොතකි. 

ළමයින් හදා වඩා ගැනීමේ දී ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවන් හා අවශ්‍යතාවන් පිළිබඳව නිවැරදි වැටහීමක් දෙමාපියන් තුළ තිබිය යුතු ය. පුර්ණ පෞරුෂ වර්ධනයකින් යුතු ළමයෙකු හදා වඩාගත හැකි වනුයේ ළමයා ගේ කායික, බුද්ධිමය, චිත්තවේගික හා සාමාජික යන අංශයන්හි වර්ධනය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති විට පමණි. ළමයින්ගේ වර්ධන රටාව සහ ස්වරූපය පිළිබඳව පැහැදිලිව දැන ගැනීමට සිංහල පාඨකයන්ට තිබූ අවහිරය මේ පොත නිසා මගහැරී යයි. නූතන පර්යේෂණ වලින් හෙළි වූ නව තොරතුරු ද ඇතුළත් කොට, ළමා මනෝ විද්‍යාව පිළිබඳ නව දැනුම සරල, සුගම බසින් සිංහල පාඨක ලෝකයා වෙතගෙන ඒමට කතුවරු සමත්ව සිටිති. දරුවන් හදා වඩා ගැනීමෙහි නියැලි සැම දෙනා ළඟ ම තිබිය යුතු පොතකි. 
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock

Maranaya Ha Maranaya Pilibanda Vidyava

Out-of-Stock
මරණය හා මරණය පිළිබඳ විද්‍යාව ග්‍රන්ථය මෙලොව ජීවිතය නිවැරදිව වටහා ගැනීමටත්, ජීවිතය සැපවත් කර ගැනීමටත් ඔබට බෙහෙවින් උපකාර වනු ඇත. Christine Longaker දුක් වේදනාවට පත්ව කෙඳිරී ගාමින්, වැළපෙමින් රෝගීව සිටින හා මරණය අබියස, එය පෙනී පෙනී සිටින අසාධ්‍ය රෝගීන්ට උවැටන් කරමින් ඔවුන් එම දුකෙන් බේරා ගැනීමට කටයුතු කළ යුතු ආකාරය Facing Death and Finding Hope ග්‍රන්ථයේ දක්වා ඇත. රෝගීන්, වයසක දෙමාපියන්, වැඩිහිටි නිවාසවල සිටින මහලු අය රැකබලා ගන්නන්, පිළිකා හා එඩ්ස් වැනි රෝග වලට ගොදුරු වූවන්ට උදව් කරන අයට තම මිතුරකු දුකට හා විපතට පත් වූ විටෙක කටයුතු වඩා නිවැරදි ව කළ යුතු ආකාරය වටහා ගැනීමට මෙම පොත මහඟු රුකුලක් වනු ඇත. නිවැරදි ක්‍රමය දැන ගෙන එය ඉටු කිරීම මහඟු පිනක් වේ. මිය යන පුද්ගලයකුට සිහි නුවණින්, සිත සැනසිල්ලේ මිය යාමට උදව් කිරීම තරම් වූ තවත් යහපත් පුණ්‍ය කටයුත්තක් නොමැති තරම් ය. එම පුණ්‍ය කර්මය නිවැරදි ව හා හොඳින් ම කර ගැනීමට ඔබට මෙම පොත උදව් වනු ඇත. 
Rs 315.00
Rs 350.00
-10%

Sarthakathvayata Pahasu Manpeth

ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට ඍජුව ම උදවු වන ප්‍රායෝගික ක්‍රියාමාර්ග අන්තර්ගත හස්තසාර ග්‍රන්ථයකි. බොහෝ දෙනකු දියුණු නොවන්නේ ඔවුන් තුළ ඇති නොහැකියාව නිසා නො වේ. පරාජයට හේතු වන සාධක හඳුනා ගෙන ඒවා ජය ගෙන දියුණුව කරා ගමන් කරන මාර්ගය නොදන්නා නිසා ය. බොහෝ දෙනෙකු අසමත් වන්නේ අන් කිසිම බාහිර හේතු නිසා නොව ඔවුන් තුළ ම ඇති අසමත් වීමට හේතු වන පුරුදු ය. එම අසමත් වීමේ පුරුදු අතර 

පැහැදිලි අරමුණක් නැතිකම 
ඍණාත්මක චින්තනය. 
ඵලදායිත්වය අඩුකම, 
ජීව ශක්තිය නැතිකම. 
තම මතය පැහැදිලි ව ඉදිරිපත් කිරීමේ නොහැකියාව. 
හැකිළුණ චිත්ත සැලසුම්. 
දුබල ආත්ම ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීම ආදිය ඉන් සමහරකි. 

පරාජයන්ට හේතු වන මෙම සාධක වලට අභියෝග කරන්න ඉගෙන ගන්න. ඒ සඳහා ඔබට මෙම පොත උදවු වනු ඇත. මේ පොතේ එන උපදෙස් පිළිගැනීමෙන් හා ක්‍රියාත්මක කිරීමෙන්, ඔබේ සම්පත් හා වස්තුව වැඩි කරගත හැකි ය. සාර්ථකත්වය, සන්තුෂ්ටිය හා පුද්ගල සබඳතා දියුණු කරගත හැකි ය. මාස කීපයක් තුළ දී ම ඔබ දියුණුවේ හිණි පෙත්තට ළඟාවනු ඇත
Rs 540.00
Rs 600.00
-10%Out-of-Stock

Manik Gal Sathu Wishmitha Balaya

Out-of-Stock
පරිවර්තක ගෙන්...
"මැණික් ගල් සතු විශ්මිත බලය" නමින් ඔබ අතට පත් වනුයේ මැණික් විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වූ Michael Katz විසින් ජර්මන් බසින් රචිත Wisdom of the Gemstone Guardian නම් අගනා ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයයි. කතුවරයා තම පෙරවදනෙහි හා කෘතඥතා දැක්වීම් සටහනෙහි ද තුති පුදා ඇති පරිදි මෙම පොතෙහි එන අදහස් ඔහු වෙතට ලබා දුන්නේ අපර ලෝකයෙන් (inner world) මැණික් ගල් වලට අධිපති උතුමන් සමග සාකච්ඡා පැවැත් වූ, විශේෂිත බලයක් සහිත වූ කාන්තාවක විසිනි. ඒ ඒ මැණික් ගල්වලට අධිපති ආරක්‍ෂක උතුමන් සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡා ලෙස මෙම ග්‍රන්ථය රචනා කර ඇත. Michael Katz සඳහන් කරන පරිදි එම විශේෂිත හැකියාවක් තිබූ කාන්තාවගේ සහාය නොවන්නට මේ පොත ලියැවෙන්නේ නැත. 
Katz පවසන පරිදි, මෙම පොතෙහි අන්තර්ගත වන්නේ මැණික් ගල්වලට අධිපති උතුමන් (Gemstone Guardian) විසින් දෙන ලද සම්මුඛ සාකච්ඡාවල එකතුවකි. එතුමා සඳහන් කරන පරිදි, මෙම පොතෙහි දක්වා ඇති මැණික් ගල්වල රෝග සුව කිරීමේ ගුණයක් ඇත. එම මැණික්වල නියම ගුණාංගය සහ චිකිත්සක බලය ලබා ගැනීමට නම් ඒ ඒ මැණික්වලට විශේෂිත වූ වර්ණය, ගුණය, පිරිසිදු බව හා සංගතතාව යන ප්‍රමිත කළ සාධක සහිතඒවා විය යුතුයි. එසේ නොමැති ව හුදු වාණිජ පරමාර්ථයෙන් නිර්මාණය කරන බාල මට්ටමේ කෘත්‍රිම මැණික් වලින් එම බලය ලබාගත නොහැකි ය.
Rs 1,800.00
Rs 2,000.00
-10%

Kantha Manovidyawa ha Kanthawadi Upadeshanaya

කාන්තා මනෝ විද්‍යාව හා කාන්තාවාදී උපදේශනය නම් වූ මෙම කෘතිය අදාළ විෂය පිළිබඳ සිංහල මාධ්‍යයෙන් පළ වූ ප්‍රථම කෘතිය වෙයි. මෙහි විශේෂ වැදගත්කම නම් කාන්තාවාදී දෘෂ්ටිය හුවා දක්වමින් පුරුෂයකු විසින් ලියන ලද වීම ය. කාන්තා වාදය ගැන බොහෝ සෙයින් ලියා ඇත්තේ කාන්තා ලේඛිකාවන් වන හෙයින් මෙය නවමු අත්දැකීමක් විය හැකිය. කාන්තා මනෝ විද්‍යාව, මනෝවිද්‍යාවේ අනෙකුත් ශාඛා වලට වඩා ඉඳුරා වෙනස් ය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, පුරුෂවාදී දේශපාලනයෙන් කාන්තාව මුදවා ගැනීම, බලය බෙදා ගැනීම, කාන්තාව බලගතු කරණය හා කාන්තාව යටපත් වීමෙන් මුදවා ගැනීම යන පංච මූලධර්ම මතගොඩනැගී ඇති කාන්තා මනෝ විද්‍යාව මෙම කෘතිය මගින් මැනවින් අර්ථකථනය කරනු ලබයි. එසේ ම පවතින සමාජ ක්‍රමය තුළ කාන්තාව ඔසවා තැබිය යුත්තේ කෙසේදැයි මෙම කතුවරයා විග්‍රහ කරයි. තමන් කවු ද? තමන්ගේ නියම ස්වරූපය කවරේ ද? යන්න තේරුම් ගෙන, සීමා පවුරු බිඳ ඉවත හෙළා ස්වයං බලවන්ත කරණය වීමට කැමැති සෑම කාන්තාවක් ම මෙම කෘතිය කියවිය යුතු වේ. කියවා ඉවත හෙළනු වෙනුවට එහි සාරය එන්නත් කරගෙන අන්‍යයන්ට ද එසේ කළ යුතු වේ. 
Rs 450.00
Rs 500.00
-10%

Sandushtika Ha Manushika Manowidya Praweshaya

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රටක මානසික සෞඛ්‍යය සංවර්ධනය සඳහා නිර්දේශ 10 ක් ඉදිරිපත් කර ඇත. ඉන් එක් නිර්දේශයක් වනුයේ මානව සම්පත් සංවර්ධනයයි. මනෝ උපදේශක වෘත්තිකයන් ද මානසික සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයට අයත්වන වැදගත් මානව සම්පතකි. එනයින් මහාචාර්ය රෝලන්ඩ් අබේපාල හා කථිකාචාරීණී අරුන්දතී අබේපාල එක්ව ලියා ඇති සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශ' නමැති අගනා ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ උපදේශන මනෝ විද්‍යාව හදාරන විද්‍යාර්ථීන්ට අතිශයින්ම ප්‍රයෝජනවත් කෘතියක්  වන අතරසෑම මිනිසකු තුළම පවතින මානසික ශක්තිය හා විභවය පිළිබඳ සාකච්ඡා කරන සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශයේ දර්ශනය න්‍යායන් හා ප්‍රායෝගික භාවිතය සරල ව පැහැදිලිව නිවැරදිව හා අදාළව පාඨකයාට මිතුරු ලෙසින් මෙහි ලියැවී ඇත. 
Rs 270.00
Rs 300.00
-10%

Sigmund Freudge Manowishleshanawadaya

මහාචාර්ය රෝලන්ඩ් අබේපාලයන් විසින් රචිත සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනොවිශ්ලේෂණවාදය නමැති මනෝවිද්‍යා කෘතිය මනොවිශ්ලේෂණවාදී ප්‍රවේශයඉතා සරල බසින් එහෙත් ගැඹුරින් පැහැදිලි කරනු ලබන සිංහල බසින් ලියවුණු විශිෂ්ට කෘතියක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.  
Rs 720.00
Rs 800.00
-10%

Kotipathiyeku Wimata Nam

එක් පුද්ගලයෙකුට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය විය.ඔහු ජීවත් වන්නේ මුදල් ණයට ගැනීමෙනි.ඩොලරයක් ණයට ගෙන,ඉතිරි කිරීමේ ගිණුමකට බැර කරන මෙන් මම ඔහුට උපදෙස් දුනිමි.මුදල්වල වැදගත්කම ඔහුට වැටහුනේ එසේ කළ දිනයේය. 
Rs 351.00
Rs 390.00
-10%Out-of-Stock

Manovidya Upadeshana Praveshaya

Out-of-Stock
මානව ගැටලු විසදා ගැනීමෙහිලා මනෝවිද්‍යාත්මක උපදෙශනය අතිශය ප්‍රශස්ථ ය. එම න්‍යායාත්මක ඥානය නූතන සමාජයට දායාද කිරීම කාලීන අවශ්‍යතාවයකි. මනෝවිද්‍යා උපදෙශන න්‍යායන් සම්බන්ධයෙන් ලාංකීය අධ්‍යයන ක්ෂ්‍රේත්‍රයෙහි ප්‍රමාණික ග්‍රන්ථ සොයා ගැනීම තරමක් දුෂ්කර ව්‍යායාමයකි. ඒ සම්බන්ධයෙන් සිදුකොට ඇති ශාස්ත්‍රීය විමර්ශන අතිශය දුබල වීම ඊට හේතුව යි. ''මනෝවිද්‍යා උපදෙශන ප්‍රවේශ'' නමැති මෙම කෘතිය මගින් එම අවශ්‍යතාව පූර්ණය වනු නොඅනු මානය.
Rs 441.00
Rs 490.00
-10%

Jeewithayen Pasu Jeevithaya

බුදුදහම ලෞකිකත්වය ද ආධ්‍යාත්මිකත්වය ද පිළිබඳ පරිපූර්ණතම ආකල්ප ඉදිරිපත් කරන ආගමික ඉගැන්වීමකි.ලොව විකසිතවූ දහම් පුෂ්පයේ සුවඳ විඳීමට බොහෝ ජනයා අතීතයේ පෙළ ගැසුණහ. වත්මන් ලාංකේය බෞද්ධයා දහම් සුවඳෙහි හෝ රසයෙහි අගය නො දන්නා නිලමැසි චින්තනයෙන් යුක්ත අවස්ථාවක මීමැසි සමනළ බොදු සිත් පුබුදු කරන දහම් සිසිලත් සුවඳත් මුසුවූ ග්‍රන්ථයකි මෙය. ශාස්ත්‍රීය කර්කශ බවෙන් තොර වූ ද ඕලාරික දහමේ විවරණයන්ගෙන් තොර වූ ද මෙවන් දහම් පොත් පත් යුගයේ අවශ්‍යතාවකි. බුදුවදන යැයි මුසාවදන් පතුරුවන්නන්ට ද සාමාන්‍ය බෞද්ධයා අමතක කළ බෞද්ධ උගතුන්ට ද ආදර්ශයක් වන ජීවිතයෙන් පසු ජීවිතය නැමැති මෙම ග්‍රන්ථය ගිහි පැවිදි උගත් නූගත් කාටත් අර්ථසම්පන්න බෞද්ධ හස්තසාර ග්‍රන්ථයක් සේ හැඳින්විය හැකිය. 
Rs 765.00
Rs 850.00
-10%

Pohosath Wanna Sathutin Sitinna

මෙම ග්‍රන්ථයෙන් කියැවෙන වැදගත් පනිවුඩ කීපයක්ම ඇත. ඉන් පළමු වැන්න වත්මන් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවය. දෙවැනි පනිවුඩය වන්නේ මේ ලෝකය තුළ කිසිවක් හිඟ නැති බවය. හිඟයක් ඇත්නම් එයට හේතුව හරියට වැඩ නොකිරීමය. තුන්වන පනිවුඩය වන්නේ මුදල් අත්‍යවශ්‍ය වුවත් මුදලට සතුට අත් කර ගැනීමට නොහැකි බවය. මුදල් වලට අමතරව වෙනත් යමක් අත්කර ගත යුතු බව කතුවරයාගේ හැඟීමය. ඒ කුමක්ද යන්න මෙම ග්‍රන්ථය කියවීමෙන් දැනගත හැක. මෙම කෘතිය සැබෑ ලෙසටම කතුවරයාගේ අත්දැකීම් මත රචනා කරන ලද්දක් වීම ද තවත් වැදගත් කාරණයකි. 
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock

Wishva Akarshana Neethiya

Out-of-Stock
කර්තෘ ගෙන්...
ඔබේ යටි හිත විශ්වයේම කොටසකි. එයට අපිරිමිත බලයක් ඇත. මුලින්ම අප එය හඳුනාගත යුතුය. එය විශ්වාස කළ යුතුය. විශ්ව ආකර්ෂණ නීතිය යනු ඔබ, ඔබගේ යටි හිත මගින් ඔබේ අරමුණු සාක්ෂාත් - කරගන්නා ප්‍රබල ක‍්‍රමවේදයකි. මේ තුළ යම් අදෘෂ්‍යමාන ස්වභාවයක් තිබෙන බව පෙනෙන නමුත්, මෙය විද්‍යාත්මක සංකල්පයක් සහ ක්‍රියාවලියකි
Rs 1,080.00
Rs 1,200.00
-20%

Sowan Wanu Was

කර්තෘ ගෙන්...
මේ එළැඹී තිබෙන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය යි. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් වසර 2600 ක් ඉක්ම ගොස් ඇති අවස්ථාවක යි, අප මේ ජීවත් වන්නේ. සමහර විට බුදු රජාණන් වහන්සේ සිටි යුගයේත් අප මිනිස් භවයක් ම ලබා සිටින්නට ඇති. ඒ වාගේ ම බුදු රජාණන් වහන්සේ ගෙන් බණ අහන්නටත් ඇති. ඒත් ඒ කිසිවක් අප හරි හැටි දන්නේ නැහැ. අපට දැන ගන්නට තරම් ප්‍රඥාවකුත් නැහැ. කොහි සිට ආවේ ද යන්නත්, කොහි යන්නේ ද යන්නත්, නොදන්නා අපි තව මත් මෝහයෙන් මුළා වී මේ සසර සැරිසරනවා. 
බුදු දහමට අනුව, අප කළ යුත්තේ තව මත් සසර සැරිසැරීම ගැන පසුතැවිලි වීම නො ව සසරින් එතෙර වීම සඳහා වහ වහා කළ යුතු දේ කිරීම යි. බුදු දහම තුළ පසුතැවිලි වන්නට ඉඩක් නැහැ. ඒකට හේතු කිහිපයක් ම තිබෙනවා. එකක් තමයි පසුතැවිලි වීම ප්‍රමාදයට කාරණයක්. ඒ කියන්නේ මාර්ග-ඵල ලබා ගැනීම වළකා ලන්නක්. අනෙක් අතින් එ සේ පසුතැවිලි වුණා කියා ලැබිය හැකි කිසි දු ප්‍රතිලාභයක් නැහැ. ලෞකික ව හෝ විඳිය හැකි සැපයක් සුවයක් නැහැ. ඒ ගැන ඔබ ම දෑස් පියා ගෙන මඳක් කල්පනා කර බලන්න
Rs 176.00
Rs 220.00
-20%Out-of-Stock

Danayen Sapiri Bhavaya

Out-of-Stock
කර්තෘ ගෙන්...
ඔබ දන්නවාද? 
සත්ත්වයකු ගේ සියලු බලාපොරොත්තු ඉටු කර දෙන්නට දානය හා සමාන වෙනත් උතුම් වස්තුවක් නැති බව ඔබ දන්නවාද? දානය කියා කියන්නේ ඔබෙන් ගිලිහී නොයන, අන් අයට උදුරා දිනා ගත නොහැකි, ඔබට පමණක් ම හිමි පුණ්‍ය නිධානයක්. 
එ පමණක් නො වෙයි... 
ඔබ මෙ ලොව හැර යන විට රැගෙන යන නිධානය තමයි ඒ. 
සියලු දිව්‍ය-මනුෂ්‍ය සම්පත් විතරක් නොවෙයි, නිර්වාණ සම්පත්තිය සඳහාත් දානය උපකාර වන බව බුදුන් වහන්සේ දේශනා කළා. 
ඉතින්... 
ඔබට භවයෙන් භවයට රැගෙන යන්නට නිධානයක් අවශ්‍ය ද? 
... එ සේ නම් දන් දෙන්න. 
ඔබට ප්‍රාර්ථනා කරන සියල්ල ඉටු කර ගැනීමට අවශ්‍ය ද? 
... එ සේ නම් දන් දෙන්න. 
ඔබට සුන්දර රූසපුවක්, මධුර ස්වරයක්, අධිපතිභාවය සහිත පරිවාර සම්පත්තියක් අවශ්‍ය ද? 
...එ සේ නම් දන් දෙන්න. 
Rs 200.00
Rs 250.00
-20%

Arya Prabandha

සමාජයේ අවධානයට යොමු විය යුතු විවිධ පැතිකඩ රැසක් බුදු දහම ඇසුරින් සාකච්ජාවට බදුන් වී ඇති මෙම ග්‍රන්ථය අධ්‍යාපනඥ නදී අමා ජයසේකර මහත්මිය සහ වෛද්‍ය හසිකා ඩිල්හානි ජයසේකර  මහත්මිය විසින් රචනා කර ඇති අතර නැදිමාල බෞද්ධ හා සංස්කෘතික මධ්‍යස්ථානය විසින්  ඔබ අතට පත් වන ඉතා වටිනා ග්‍රන්ථයකි
Rs 200.00
Rs 250.00
-10%Out-of-Stock

Supiri Mathakaya

Out-of-Stock
මිනිසා මිහිතලයේ වෙසෙන සුවිශේෂී පිවියා බවට පත්ව ඇත්තේ ඔහු සතු විශ්මිතමානසික හැකියාවන් නිසයි. චින්තාමය හැකියාව හා මතක හැකියාව ඒ අතරින් ප්‍රධාන වේ. සිතීමේ හැකියාව මෙන් ම මතක හැකියාව ද අපගේ බොහෝ දෛනික කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය වේ. මතකයේ සිදුවන ඌනතාවයන් නිසා පොදුවේ අප සෑම අයෙකුට ම විවිධ ගැටළුවලට මුහුණ පෑමට සිදු වේ. මතක හැකියාව පිළිබඳ මැසිවිලි නගන්නන් අතර පරීක්ෂණ සඳහා සූදානම් වන සිසු දරුවෝ ප්‍රධාන වෙති. පිළිතුරු සැපයීමේ දී මතකය ආවර්ජනය කර ගැනීමේ අපහසුව ගැන ඔවුහු නිරතුරුව තමන්ට ම චෝදනා කර ගනිති. 
එහෙත් මතක තබා ගැනීමේ හැකියාව දියුණු කර ගැනීම සඳහා ක්‍රම ශිල්ප බොහොමයක් තිබේ. සුපිරි මතකය නම් මේ පොත තුළින් මතක තබා ගැනීමේ හැකියාව දියුණු කරලීමට කදිම මඟ පෙන්වීමක් සැපයේ. මතක තබා ගැනීමේ ක්‍රම ශිල්ප රැසක් පිළිබඳව මෙහි දී කතුවරයා විසින් සරල බසින් හා සිත් ගන්නා අන්දමින් විස්තර කර දී ඇත. මතක හැකියාව දියුණු කර ගැනීමට අවශ්‍ය සෑම අයකුට ම මෙම කෘතිය තුළින් අත්වැලක් සැපයෙනු නිසකය.
Rs 270.00
Rs 300.00
-10%

Darshanika Manovidyawa

දර්ශනය හා මනෝ විද්‍යාව මෙන්ම, තර්ක ශාස්ත්‍රය යන අංශත්‍රයෙන්ම ග්‍රන්ථ රචනා කළ කර්තෘ හිමියන් වෙතින්. ඔබ අතට පත්වන නව්‍ය ග්‍රන්ථය. "දාර්ශනික මනෝවිද්‍යාව නම් ග්‍රන්ථය වේ. මනෝ විද්‍යාවෙහි රැකුම්ගෙ දර්ශනය නම් වේ. විය. විද්‍යාවට සේම මනෝ විද්‍යාවටද පොදු වූවක් හෙයින්, දර්ශනයෙන් තොරව මනසට ද පැවැත්මක් නොමැත. මනෝ විදනව වෙතින්, මනස හා සබැඳි බොහෝ ප්‍රපංච අධ්‍යයන හා පර්යේෂණ කෙරෙන්නේ නමුත්, අවසාන නිගමනයකට හා එකඟතාවයකට හෝ පැමිණි නම් නැත. මනෝවිද්‍යාඥයාට විසඳිය නොහැකි බොහෝ ප්‍රස්තුත දාර්ශනික මනෝවදනඥයා විසින් විමර්ශනය කරනු ලබයි. එය, එසේ වන්නේ, මනස හා සබැඳි කාය චිත්ත ගැටලුව හා චිත්ත වේග මෙන්ම, අධිෂ්ඨානය හා මරණය සේම, පුනර්භවය හා බුද්ධිය වැනි ප්‍රස්තුත මෙම කෘතියෙන් උපන්‍යස්ථ වන හෙයිනි.
Rs 265.50
Rs 295.00
-10%

jeewithayata Para Kiyana Mul Lamaviya

බොහෝ විට දරුවන් හඬන්නේ සරල අවශ්‍යතාවන් වෙනුවෙනි. මීට අමතරව අසනීප තත්ත්වයන්ද මීට බලපෑ හැකිය. සාමාන්‍යයෙන් අලුත උපන් දරුවෙකු සතියකට දින 03 ක් පමණ නැහැවීම ප්‍රමාණවත්ය. එහෙත් දිනපතා දරුවාගේ මුහුණ, දෙකන් දෙපස, බෙල්ල, රහස් ප්‍රදේශ පිරිසිදු කළ යුතුය. මෙම කෘතිය දරුවන්ගේ මුල් ළමා විය සම්බන්ධයෙන් වන සියළුම අත්‍යවශ්‍ය කරුණු අන්තර්ගත කොට ලියැවී ඇත. මෙම කෘතියේ මුල් කර්තෘවරු පර්යේෂණ රාශියක් කොට ඉන් සනාථ වන කරුණු අඩංගු කර මෙම ග්‍රන්ථය ලියා පල කර ඇත. 
Rs 351.00
Rs 390.00
-10%

Sithaka wehesa

සිතක වෙහෙස ස්වාමිපුරුෂයන්ගේ පැමිණිලි නමින් මීට ප්‍රථම මා විසින් පොතක් පළ කරන ලදී. "සිතක වෙහෙස නැමැති මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයකට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයත්ය. ආවර්ජනයන්ය. එබැවින් මේ පොත" සිතක වෙහෙස " භාර්යාවන්ගේ පැමිණිලි යනුවෙත් නම් කළෙමි. ඇතැම් කාන්තාවන් උගත් කමින්. සමාජ ආර්ථික මට්ට වලින් විවිධ වෙනස්කම් පළ කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි. ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිළිබඳව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය. ආදරය ගැන අවබෝධයක් නොමැති කම, දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන් ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ. මෙහි අන්තර්ගත විස්තර කියවන කවරෙකුට වුව එය පැහැදිලිවනු ඇත. 
Rs 1,107.00
Rs 1,230.00
-10%

Adaraneeya Daruwani

කර්තෘ ගෙන්...
තරුණ වියට පත් දරුවෙකු රටට සම්පතකි. ඔහු වඩාත් යහපත් සම්පතක් බවට පත්වන්නේ අධ්‍යාපන වරප්‍රසාදය හොදින් උරුම කර ගැනීමෙන් ය. අධ්‍යාපනය යනු විෂය කාරණා ඉගෙන විභාග සමත් කිරීම පමණක් නොවේ. අධ්‍යාපන වරප්‍රසාදයෙන් පිබිදුණ පුද්ගලයා තමන්ට ගෞරවනීය මෙන් ම අන්‍යයන්ට ගෞරවනීය කෙනෙකු විය යුතු ය. අභියෝගයකට මුහුණ දිය හැකි, ගැටලුවක් නිරාකරණය කර ගත හැකි, දරා ගැනීමේ ශක්තියක් ඇති කෙනෙකු විය යුතුය. ඒ වටිනාකම් ජීවිතයකට උරුන වන්නේ ජිවිතාවබෝධය පුළුල් කර ගැනීමෙනි. අවබෝධාත්මක වින්දනයක් මගින් මානව පුරුෂාර්ථ වෙත සංවේදී වීමෙනි. අධ්‍යපනයෙන් පිබිදුණු කෙනෙකු ගේ අගය නිර්ණය වන්නේ ඔහු ජිවිතය හා සමාජය සම්බන්ධයෙන් දක්වන ආකල්පවලිනි. 
Rs 702.00
Rs 780.00
-10%

Preethimath Premaniya Jeevithayakata

මෙලොව ජීවිතය සතුටින් ගත කිරීම අප සැමගේ ප්‍රාර්ථනයයි. දරුවකු පිළිසිඳ ගත් මොහොතේ සිට මරණය දක්වාමත්, ඇතැම් විටක මරණින් පසුවත් අප සැවොම එකට ඇද බැඳ තබන තනි සාධකයක් වේ නම් ඒ ආදරයයි. ආදරයෙහි ස්වභාවයන් විවිධ ය. ආදරයේ අවශ්‍යතාවන් ද විවිධ ය. ඒ නිසා ඒ ඒ කාලයට අවශ්‍ය, සන්තෘප්ත විය යුතු ආදරයක් ඇත. මේ ආදර අවශ්‍යතාව නිසි ලෙස හඳුනා ගෙන ඒ ඒ වයසට උචිත ලෙස ආදරය දැක්වීම මගින් ආදර තටාක පුරවා ගත හැකි ය. ඒ පිළිබඳ මනෝවිද්‍යාත්මක අර්ථකථනයක් මෙම පොතෙහි අන්තර්ගත ය. ඔබේ පුද්ගල ජීවිතයත්, පවුල් ජීවිතයත් සාර්ථක කර ගැනීම සඳහා ආදරය භාවිත කළ හැකි ආකාරය පිළිබඳ සවිස්තර පැහැදිලි කිරීමක් ඇති සිංහලෙන් පළ වූ පළමු ග්‍රන්ථය මෙයයි. 
Rs 270.00
Rs 300.00
-10%

Sapalavath Vivaha Jivithayakata Maga

මිනිස් ජීවිතයේ වැඩි කාලයක් අප ජිවත් වනුයේ විවාහක බිරියන් හෝ සැමියන් ලෙසය. යමකු වසර 25 න් විවාහ වී, අවු 70 ක් ජීවත් වන්නේ නම් අවුරුදු 45 ක් ම ගත කරනුයේ විවාහ පවුල් ජිවිතයක් තුළ ය. ජීවිතයේ ඉතා වටිනා ම දීර්ඝ කාලයක් සතුටින් සාර්ථක ව ගත කිරීම අපගේ අධිෂ්ඨානය හා ප්‍රාර්ථනව විය යුතු ය. එය සඵලවත් ජීවිතයක අත්‍යවශ්‍ය අංගයකි. මිනිසාට ඇති අපූර්වතම හැකියාව වන්නේ අලුතින් යමක් ඉගෙන ගෙන තම ජීවිතය තමාට රිසි පරිදි හසුරුවා ගැනීමට ඇති හැකියාවයි. සතුන් හුදෙක් ම ආරයේ සහ පුහුණුවේ ප්‍රතිඵලයක් වුව ද, මිනිසාට ආරය, පුහුණුව මෙන් ම, ඉගෙනීම ද තම දිවිය හැඩ ගස්වා ගැනීම සඳහා උපකාර කර ගත හැකිය. පිළිසිඳ ගත් මොහොතේ සිට හැම මොහොතක ම හැම දිනකම මිනිස් ජිවියා ඉගෙන ගනිමින් තම ජිවිතය සාර්ථක කර ගනී. විවාහ ජීවිතය ද සඵලවත් ගත කිරීමට උගත හැකි ය. තැත් වරද ක්‍රමයෙන් ඉගෙන ගන්නවා වෙනුවට, පොත් පත් වලින් පර්යේෂණ වාර්තා වලින්, අනෙකුන්ගේ දැනුමෙන් හා අත්දැකීමෙන් ද මිනිසාට ඉගෙන ගත හැකි ය. 
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Mohanaya Ha Mohana Shilpa Krama Athpotha

Out-of-Stock
ශ්‍රී ලංකාවේ සිංහල පාඨක ජනතාවට මෝහනය හා මෝහන ශිල්ප ක්‍රමය පිළිබඳ සවිස්තරව හඳුන්වා දීමේ අරමුණින් මෙම පොත ලියා ඇත. මෝහන විද්‍යාව හා මෝහන ශිල්ප ක්‍රමය ආරම්භයේ සිට මේ දක්වා විකාශය වූ අන්දමත්, වර්තමානයේ මෝහන විද්‍යාව භාවිත වන අන්දමත් සවිස්තරව දැනගත හැකි ය. නූතන වෛද්‍ය විද්‍යාත්මක හා ස්නායු වෛද්‍ය පර්යේෂණ අනුව මෝහනය හා සම්බන්ධ කර ඇති පර්යේෂණ නිසා මෝහන විද්‍යාව වර්තමානයේ යළි සාකච්ඡාවට බඳුන් ඇත. පහත සඳහන් ගැටලු වලට හා අවශ්‍යතා වලට මෝහන ශිල්ප ක්‍රම භාවිත කර සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි ය. 
අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට 

ඉගෙන ගන්නා කරුණු හොඳින් මතක තබා ගැනීමට 
විභාග වලට සාර්ථකව පිළිතුරු ලිවීමට. 
විභාග භීතිකා වලින් මිදීමට. 
විභාග වලින් ඉහළ ප්‍රතිඵල ලැබීමට  

මානසික පීඩන අවම කරගැනීමට 

අනියත බිය, ලජ්ජාව හා සබකෝලය අඩු කරගැනීමට 
මිතුරු සබඳතා වැඩි දියුණු කරගැනීමට 
භීතිකා, කාංසා හා ක්ලමථ අඩු කරගැනීමට 

ඇබි බැහි වීම් වලින් අත්මිදීමට 

දුම් පානය මත්පැන් භාවිතය - මත්ද්‍රව්‍ය භාවිතය ආදී අහිතකර පුරුදු බිඳගැනීමට 
නිය හැපීම, ඇඟිලි ඉරීම, නින්දේ දී ඇඳ තෙමීම 
නපුරු සිහින දැකීම් නවතා සුව නින්දක් ලබා ගැනීමට රැකියා ක්‍ෂේත්‍රයේ දී ඉක්මන් උසස්වීම් ලබාගැනීමට 
ඉහළ අලෙවි කටයුතු කරගැනීමට 
නායකත්වය දෙමින් කණ්ඩායම් ජයග්‍රහණය කරා ගෙන යාමට මගපෙන්වයි. 

ස්වයං මෝහන ක්‍රම ශිල්ප ක්‍රම ද අන්තර්ගත ය. ඔබට නිරතුරු උපකාර කරගත හැකි විශිෂ්ට අත්පොතකි
Rs 450.00
Rs 500.00
-10%

Malaun Soya

ජෙෆ්රි ඉවර්සන්ගේ "In search of the dead" මරණින් මතු ජීව්තය පිළිබඳ සිත් වශී කරන තොරතුරු ඇතුළත් අධිමානසික පර්යේෂණ කෘතියකි. බටහිර රටවල මෙන්ම පෙරදිග රටවල ද අධිමානසික තොරතුරු මේ කෘතියෙහි සංගෘහිත වී තිබේ. අධිමානසික ශක්තිය හෙවත් "සයි" ශක්තිය පිළිබද විද්‍යාත්මක විමර්ශනයක් ද එබඳු විශේෂ ශක්තීන් තිබූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ද මෙහිලා ප්‍රබල ලෙස ඉදිරිපත් කෙරේ. එසේම පුනර්භවය පිළිබද පර්යේෂණ රැසක තොරතුරු ක්වොන්ටම් හෞතික විද්‍යාව හා පුනර්භවය සම්බන්ධ කරන ඉදිරිපත් කිරීමේ ද චිත්තාකර්ෂණීය වේ. 
Rs 1,125.00
Rs 1,250.00
-10%

Ananda Maitreya Mahanahimi Avarjana

'ආනන්ද මෛත්‍රී මහානාහිමි ආවර්ජනා' නම් මෙම කෘතිය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි පිළිබද ශ්‍රේෂ්ඨ උසස් යතිවරයාණන් වහන්සේලා විසින් උන් වහන්සේගේ ගුණ කදම්බය පිළිබද කරන ලද ආවර්ජනාත්මක විග්‍රහයකි.
Rs 675.00
Rs 750.00
-10%

Karunika Thara

ශ්‍රී ලංකාවේ වැඩ සිටින සියලුම භික්ෂුන් වහන්සේලා ගෙන තරාදියක එක් පසෙක දමා බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් අනෙක පස දැමුවත් ඒ පස බර වැඩි වන්නේ යැයි ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් වරෙක පැවසී ය. පිරිසිදු සිල් ගිහිණි ඒ මහා යතිවරයාණන් වහන්සේ සිංහලට පරිවර්තනය කළ කාරුණික තාරා' වූ කලී මහායාන බෝධිසත්වවරියකගේ අතිශය කාරුණික වූද පරිත්‍යාගශිලී වූද ජිවිත පිළිබිඹුවකි. ලෝ වැසියන් දුක් පීඩාදියෙන් මුදනු පිණිසත්, ධර්මය යළි යළිත් ප්‍රචලිත කරනු පිණිසත් නාථ දෙවියන් මිනිස් වෙස් ලැබූ චරිත වරින් වර ලොව පහළ වන බව සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ දැක් වේ. එසේ පහළ වූ ආත්ම භාව 33 ගැන එහිම සඳහන් වේ. මෙහි එන කාරුණික තාරාවෝ එසේ පහළ වූ අවලෝකිතේශ්වර නාථ පුනරාවතාරයක් වෙත්
Rs 450.00
Rs 500.00
-10%

Janmayen Janmaya

අප උපදින්නේ තනිව ම ය. මිය යන්නේ ද එසේ ම ය. එහෙත් අපේ දෙමාපියන්, සොහොයුරු සොහොයුරියන්, ඥාතීන් සහ මිතුරු මිතුරියන් සසර ගමනේදී කී වරක් හමුවන්නට වෙන්වන්නට ඇද්ද? සසර ගමන පුරා අපි විවිධ සම්බන්ධකම් ඇතුව ගමන් කරමු. වරෙක ඔබ පෙම්වතා ය. තවත් විටෙක ඔහු පියා ලෙස හෝ සොහොයුරෙකු ලෙස ඉපිද ඇත.  පෙම්වතුන් පෙම්වතියන් වරෙක අඹු සැමියන් ලෙස ද වරක සොයුරු සොයුරියන් ලෙසද ඉපිද ඇත. එහෙත් ඔබ එය නොදනියි. දැක පුරුදු බවක් ඇති කඩවසම් තරුණයා  ජන්ම ගණනාවක ඔබේ ම ආදරවන්ත ස්වාමියාව සිට ඇත. ජාති ජාතින් අත්වැල් අල්ලාගෙන ආ-ගිය ගමන් ඔබට එක වර ම මතකයට නාවද ඔහුගේ එක් ස්පර්ශයකින් ම ඒ සියල්ල සිතට දැනෙයි. කටහඬ ඇසූ පමණින් සිත ඔහු හඳුනා ගනියි. 
Rs 675.00
Rs 750.00
-10%

Nivan Mage Sithiyama

කර්තෘ ගෙන්...
"සිතියමක් පිරීක්සා බලන්නෙකු තුළ සැබෑ භූමි දර්ශනය ගැන ඇත්තේ එකිනෙකට වෙනස් සිනිවිලි ය. සිතියම් ප්‍රයෝජනවත් ය. ඒවා නොමැති වූ විට ඔබ අතරමං වන්නට පුළුවන. එහෙත්, සිතියමේ දැක්වෙන භූමියේ සැබෑ දර්ශනය දැක ගැනීමටත් තේරුම් ගැනීමටත් හැකි වන්නේ ඔබ එහි ගොස් එය නැරඹූ විට පමණකි. සිතියම හා භූමි දර්ශනය එකිනෙකට සම්බන්ධ වුවත් ඒවා අතර කෙතරම් වෙනසක් පවතී දැයි ඔබට වැටහෙනු ඇත්තේ එ විට ය. සිතියම සහ සැබෑ භූමි දර්ශනය අතරේ වෙනස්කම් රාශියක් ඇත. සිතියම වූ කලී සැබෑ භූමි දර්ශනයේ හකුළුවාලීමක් පමණි." 
Rs 1,125.00
Rs 1,250.00
-20%

The Buddhist Analysis of Mind

Buddhism is a religion that is concerned with taming and training the mind. hence it furnishes a detailed and immaculate philosophy of mind both for the layman and the clergy to grapple with and realize prof. y.Karunadasa who is a well known commentator in buddhism already known for his 'Buddhist Analysis of Mind' has given a stanning commentary on the buddhist view-point of mind, which seems to be oven more interesting.
Rs 768.00
Rs 960.00
-10%

Mohothaka Mihiriyawa

කර්තෘ ගෙන්...
"ජීවිතය නිහතමානී කරන්න. එවිට ඔබට උනන්දු වන්නට දේ අඩුය. මනසේ බර අඩු කර ගන්න. සිතීමට ඇති දේ එවිට අඩුවෙයි. භාවනාව ඔබේ මිතුරා කර ගන්න. එවිට ජීවිතය අලංකාර වෙයි. ශාන්ත භාවය, නිහඬ බව ප්‍රඥාවේ ප්‍රතිඵලයයි. ඉතින් ඒ ධර්මය ඔබට විමුක්තිය ගෙන දේ නම් ඔබ නිවැරදි මාර්ගයට වැටිලා ය. ඔබේ සිත සාමකාමී වේ නම් ඔබ ධර්මය දැක ඇත. සීතීමෙන් වලකින්න. තෘප්තියට පත්වන්න. ලෝකයේ සියලු දේ අත්හැර දමා ඇති ඔබට අසීරුතා තිබිය නොහැකි ය. ඔබ ගෙවන්නේ මේ මොහොත පමණි. සිරුරද අතහැර ධ්‍යානය තුළ පවතින්න." 
Rs 855.00
Rs 950.00
-10%

Ananda Maithreeya Mahanahimiyange Bhavana Athdekim

අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් අපේ පරමාදර්ශී චරිතයකි. (Legend) බෞද්ධ ලෝකයේ පුරාවෘත්තයකි. සමුද්‍ර වෙත්තසිංහ විසින් උන්වහන්සේ පිළිබඳව නැවතවතාවක්, නැණවත්, පැණවත්, සම්භාෂණයක් කතිකාවක් අරඹන ග්‍රන්ථයක් පාඨක සමාජයට ඉදිරිපත් කරයි. බුදු බව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි වැනි හැඳින්වීම මේ කෘතියෙන් වෙනත් දිශාන්තියකට යොමු කෙරෙයි. මූලාශ්‍රය සනාථ කරමින් විචාරශීලීව සම්පාදනය කර ඇති මේ කෘතිය සෝතාපන්න මාර්ගඵලය ගැන ඥාන මීමාංසාවක් පළට කරන ආධ්‍යාත්මික චින්තන ධාරාවක් විහිදුවයි.
Rs 675.00
Rs 750.00
-10%

Nivan Dora Yathura

චිත්ත යනු සිනේ හරාත්මක දැනුම් ස්වභාවය හෙවත් ඥානයයි. සියලු සචේතනික හැගීම්වල යටතට වැටෙන දැනුමේ හෙවත් ඥානයේ මූලික ගතිය හෙවත් පියවි ස්වභාවයයි. මූලික අඥානකමෙන් හෙවත් අවිද්‍යාවේ දුෂ්ට බලපෑම්වල හේතුවෙන් දුෂණය වෙන සිතෙන් නිකුත් වෙන්නා වූ වේග ධාරා වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යනාදී වශයෙන් ද්විත්තය ආත්ම වංචනික සියුම් මකුළු දැලක පටලවයි. එය සිත විසින් ම සිත රවටා ගැණීමකි. සිතේ අව්‍යාජ භාවය හුදු දැනීම පමණි. එහි ප්‍රස්තුතයෙ කාරණාවෙන් ද්වින්ට ස්වභාවයන් නැති අතර ඇත්තේ දැනීම ම පමණි. සිතේ නැසී යාමක්, ලුවන් ට යාමක්, ලුපදීමක් හෝ මිය යාමක් හෝ සිදු නොවේ. නිවන් මග සාක්ෂයාකරණයට අඟුළට සිත පුහුණු කර ගන්නා ආකාරය පහදන 'Things as they are' සරල සුගම බස් වහරින් පරිවර්තනය කර ඔබ අතට පත් කරනුයේ ප්‍රවීණ ලේඛක නිලක කුඩාහෙපිරි සුරින් ය.
Rs 450.00
Rs 500.00