Rs 603.00
Rs 670.00
-10%
Home
There are 5400 products.
Jayasumana Shasthriya Lipi Sangrahaya
ජයසුමන ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය නම් මෙම කෘතිය ඉතා වැඩි ශාස්ත්‍රීය වටිනාකමක් ඇති ශාස්ත්‍රීය ලිපි ගණනක එකතුවක් ලෙස හැදින්විය හැකිය
Rs 855.00
Rs 950.00
Kosol Maha Raju Dutu Sihina Dahasaya Saha Wathman Minis Samajaya Pilibada Wimasumak
කොසොල් මහ රජ දුටු සිහින දහසය සහ වත්මන් මිනිස් සමාජය පිළිබද විමසුමක් යන මෙම කෘතිය තුළින් කොසොල් මහ රජතුමන් විසින් දුටු සිහින 16 බුදුපියාණන් වහන්සේට ඉදිරිපත් කළ මොහොතේ බුදු පියාණන්වහන්සේ විසින් එම එක් එක් සිහිනය විස්තර කර දුන් ආකාරය පිළිබදවත් එම සිහින වල තේරුම් පිළිබදවත් මෙම කෘතිය තුළ අන්තර්ගතය.
Rs 315.00
Rs 350.00
Shasana Ithihasaya
Out-of-Stock
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය අපේ සිංහල බෞද්ධ දරුවන්ට පමණක් සීමා වූ විභාගයකි. එම නිසා මෙම විෂයයන් හැදෑරීමට අනුග්‍රහය ලබාදෙන විද්වතුන් ඉතා අඩු වී ඇත. විෂයයන් හතරකින් සමන්විත දහම් පාසල් අවසාන විභාගයේ. එක් විෂයක් වනුයේ ශාසන ඉතිහාසයයි.මෙම විෂයට ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් නොතිබූ බැවින් විභාග දෙපාර්තමේන්තුවේ අවසර ලබාගෙන 2003 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් යට දොලවත්තේ ජිනසිරි හිමියන් විසින් සැකසීම ඉතා අගනා සේවාවක් බව හදපිරි සතුටින් සිහිපත් කරමි.දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් සපයා දෙමින් අපේ දහම් පාසල් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ගේ ධර්ම ඥානය වැඩිදියුණු කිරීමට ගත් උත්සාහය පිළිබඳ මතුගම ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියන් ලෙස අපගේ බලවත් සතුට හා ආශිර්වාදය යටදොලවත්තේ ජිනසිරි හිමියන්ට පළකර සිටිමි.
පංච මහා විහාරාධිපති, පරිවෙණාධිපති, ප්‍රධානාචාර්ය, සමස්ත ලංකා සාම විනිසුරු, සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය උපරතන ඌරගහ සිරිධම්මාභිධාන කළුතර දිස්ත්‍රික්කයේ සහ බෙන්තර වලල්ලාවිට කෝරළයේ අධිකරණ සංඝනායක ස්ථවිර සිරිනිවාස විද්‍යායතන පිරිවෙණ
පංච මහා විහාරාධිපති, පරිවෙණාධිපති, ප්‍රධානාචාර්ය, සමස්ත ලංකා සාම විනිසුරු, සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය උපරතන ඌරගහ සිරිධම්මාභිධාන කළුතර දිස්ත්‍රික්කයේ සහ බෙන්තර වලල්ලාවිට කෝරළයේ අධිකරණ සංඝනායක ස්ථවිර සිරිනිවාස විද්‍යායතන පිරිවෙණ
Rs 270.00
Rs 300.00
Buddhism Lectures and Essays
Out-of-Stock
"Buddhism Lectures and Essays" is a book by Venerable Balangaoda Ananda Maitreya, offering insights into various aspects of Buddhist teachings. It covers topics like the Buddha and his teachings, household life, meditation, and the path to Nibbana. The book is presented as a series of talks and essays, providing a comprehensive introduction to Buddhist principles and practices.
Rs 900.00
Rs 1,000.00
Kshinasrava Margaya
අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමියන් ගේ දේශන පත්‍රිකා, ඇවතුම්, පැවතුම්, ලියුම්, කියුම්, ග්‍රන්ථ සම්බන්ධ ඉමහත් කීර්තියක් පැතිර තිබේ. මේ අතිශය වටිනා සංසිද්ධීන් මූලාශ්‍රයන් ශාස්ත්‍රීය පර්යේෂණයට යොමු කළ තිළිණ සූරීයපති සුධීමතුන් විසින් නවත ම කෘතියක් පාඨක අතට පත් කර ඇත. ඒ ක්ෂිණාශ්‍රව මාර්ගය නිස්සරණ ප්‍රදීපස්තම්බය පිළිබඳ අනඳ මෙත් නාහිමි දෙසුම් සංග්‍රහය යි. යෞවනයෙකු විසින් මෙබඳු ක්‍ෂේත්‍රයක් ගවේෂණය කිරීම පෙරළා කිසිවක් අපේක්‍ෂා නොකොට කරන ලද සුවිශාල ප්‍රයත්නය සපුරා අගය කරනුයේ පුණ්‍ය චේතනා පෙරදැරි ව ය. මේ කෘතිය කියැවීමෙන් පාඨකයන්ට අපමණ ප්‍රයෝජනයක් ලබා ගත හැකි බැව් ගෞරවයෙන් සඳහන් කරමි.
Rs 675.00
Rs 750.00
Dhayana Wadu Munivaru
කතෘගෙන්...
මහා ඝන වනාන්තර වල, කඳු හා ගල් ගුහා තුළ උන්වහන්සේලා වැඩ සිටියේ පියාපත් බර පමණක් ඇති කුරුල්ලන් මෙනි.රුක් මුල්, සොහොන් බිම්, පිදුරු කුටි, ලෙන් හා එළිමහන් භූමියෙහි උන්වහන්සේලා බවුන් වැඩුයේ හුදෙකලා සෘෂිවරුන් මෙනි. යම් සේ සමන් මල් වැල මැලවී ගිය මල් බිම හෙලයිද එමෙන්ම රාගය ද ද්වේෂය ද මුදා හල උන්වහන්සේලා නික්ලේශී ආධ්‍යාත්මික මුනිවරු වෙති.
මහා ඝන වනාන්තර වල, කඳු හා ගල් ගුහා තුළ උන්වහන්සේලා වැඩ සිටියේ පියාපත් බර පමණක් ඇති කුරුල්ලන් මෙනි.රුක් මුල්, සොහොන් බිම්, පිදුරු කුටි, ලෙන් හා එළිමහන් භූමියෙහි උන්වහන්සේලා බවුන් වැඩුයේ හුදෙකලා සෘෂිවරුන් මෙනි. යම් සේ සමන් මල් වැල මැලවී ගිය මල් බිම හෙලයිද එමෙන්ම රාගය ද ද්වේෂය ද මුදා හල උන්වහන්සේලා නික්ලේශී ආධ්‍යාත්මික මුනිවරු වෙති.
Rs 405.00
Rs 450.00
Paliakkaramala Pali Hodi Potha
මෙම ග්‍රන්ථය පිරිවෙන් මූලික ශ්‍රේණිය සඳහා සුදුසුය. එසේම පාලි භාෂාව හැදෑරීමට ප්‍රවේශ වන ආධුනිකයන්ගේ නිවැරදි ලේඛන ක්‍රමය හා භාෂණය හුරු කරවීමට ඉතා උචිත වන ලෙස සම්පාදනය කර ඇති මෙම කෘතිය අකුරු කරවීමේ දී අතහුරු කරන ක්‍රමය පමණක් නොව මනස ක්‍රියා කළ යුතු ආකාරය ද මානසික සංවර්ධනය ද අනුක්‍රමයෙන් සංවර්ධනය කෙරෙන ඉතා උසස් කෘතියකි.
Rs 400.95
Rs 445.50
Sabba Papassa Akaranan
බුදු දහම තුළින් තම දෛනික ජීවන ක්‍රියාවලියේ බාධක මගහරවා ගනු රිසි බෞද්ධයාට, හස්තසාර ක්‍රම විධි ඇතුළත් මෙය අත්පොතක් සේ භාවිතයට ගත හැකි ප්‍රශස්ත ග්‍රන්ථයකි. උපතේ සිට මියෙන තෙක්, දුෂ්කර වූ ජීවන ගමන තුළ මුහුණ දීමට සිදුවන නොයෙක් බාධකයන් ජයගෙන සාර්ථක දිවිපෙවෙතකට අවශ්‍ය බොදු පිළිවෙත් රාශියක් කියාදෙන මෙම ග්‍රන්ථය, පූජ්‍ය අල්ගම වත්තේ සුමනවංශ හිමියන් පාරම්පරිකව ලත් දැනුම් සම්භාරයේ තරම කෙබඳු දැයි කියාපාන කැඩපතක් සේය. ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රසංශා, සැප දුක් යන අටලෝ දහමෙහි ඒ ඒ අවස්ථාවන්ට මුහුණදෙන පුද්ගලයාගේ පිහිටට හේතු වන අස්වැසිලිදායක ග්‍රන්ථයක් වන මෙය සැබවින්ම සාර්ගර්භ වූ කරුණු අන්තර්ගත වූවක අවසන් ප්‍රතිඵලය ලෙස අගය කළ යුත්තකි.
Rs 450.00
Rs 500.00
Kaya Dakeema
කය පිළිබදව බුදු රජාණන්වහන්සේ විසින් බුද්ධ දේශනාවන්හි දෙසා වදාළ ආකාරයට විද්‍යාත්මකවද හේතු සාදක පැහැදිලි කරමින් රචිත ඉතා අගනා කෘතියක් වන මෙම කෘතිය බෞද්ධ අබෞද්ධ සියලු දෙනා හට ජිවිතයට වටිනා යමක් එක් කළ ගත හැකි කෘතියක් ලෙස සදහන් කළ හැකිය.
Rs 371.70
Rs 413.00
punchi ayata Kai Kathandara
Out-of-Stock
මෙයින් ඇතැම් කතන්දරයක් කලකට ඉහත දී ලංකාදීප පුවත් පතෙහි බිංදු ගේ යහළුවන් උදෙසා මා විසින් කියන ලදී. ඒවා මෙහි ඇතුළු කිරීමට අවසර දුන් එම පත්‍රයේ ප්‍රධාන කතෘ තැන්පත් ඩී.බී. ධනපාල මහත්මාණන්ට මාගේ ස්තුතිය හිමි වෙයි.
එසේ ම මේ සඳහා මා පොළඹවා ලූ, ලංකාදීප කතෘ මණ්ඩලයේ සිරිපාල තිලකසේන හිතවතාණන්ටත්, මෙය ප්‍රකාශයට පත් කළ සමන් මුද්‍රණාලයටත් මම ස්තුති වන්තවන්නෙමි.
මහගම සේකර , 1958
එසේ ම මේ සඳහා මා පොළඹවා ලූ, ලංකාදීප කතෘ මණ්ඩලයේ සිරිපාල තිලකසේන හිතවතාණන්ටත්, මෙය ප්‍රකාශයට පත් කළ සමන් මුද්‍රණාලයටත් මම ස්තුති වන්තවන්නෙමි.
මහගම සේකර , 1958
Rs 540.00
Rs 600.00
Magul Poru Ashtaka
Out-of-Stock
කොතරම් තාක්ෂණික වර්ධනයක් මධ්‍යයේ ජීවත් වුව ද, සිංහලයෝ තවමත් පෞරාණික සම්ප්‍රදායයන් අනුගමනය කරති. විවාහ මංගල්‍ය උත්සවයක් නගරයේ හෝටලයක පැවැත්වෙන අවස්ථාවක වුව මනාලිය මංගල පෝරු මස්තකප්‍රාප්ත කිරීමටත්, දැනුමැතියකු ලවා අදාළ අෂ්ටක ගායනා කරවීමටත් ඔවුන් පෙළඹෙන්නේ ච හෙයිනි. මේ පසුබිමෙහි මංගල පෝරු අෂ්ටකයන්හි අගය තවමත් නොවියැකී පවතියි.
Rs 225.00
Rs 250.00
Pragna Bhawanawa - 01
ප්‍රඥා භාවනාව - 1 නම් මෙම කෘතිය පූජ්‍ය මොරටුවේ ගුණරතන ස්වාමීන් වහන්සේ විසින් රචිත අතර උන්වහන්සේ පළමුවන ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකි. දැනට විශ්‍රාම ලබා ඇත. එමෙන්ම ප්‍රඥා භාවනාව - 1 නමැති පොතට අමතරව පාලි ක්‍රියා පද සහ කිතක පද ව්‍යාකරණය හෙවත් තදීය ශබ්දකෝෂය 1, 2, 3 සහ පාලි ව්‍යාකරණය හා බෞද්ධ දර්ශනය, සතර සතිපට්ඨාන භාවනාව, සප්තබොජ්ඣංගය, බුද්ධ වන්දනාව බෝධි පූජාව භාවනාව, සප්තවිසුද්ධිය, චිත්තය - කර්මය - කර්ම විපාකය නමැති ග්‍රන්ථයන්හි ද කතුවරයා වෙති.
උන්වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රය සහ විචාරාත්මක ධර්ම චක්‍ර සූත්‍රය ඇසුරින් ධර්ම දේශනා පැවැත්වීමටත් භාවනා පුරුදු කිරීමටත් අතිදක්ෂ යතිවරයාණ කෙනෙකි. උන්වහන්සේ කෘතහස්ත ග්‍රන්ථ කතුවරයෙක් ද වෙති.
උන්වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රය සහ විචාරාත්මක ධර්ම චක්‍ර සූත්‍රය ඇසුරින් ධර්ම දේශනා පැවැත්වීමටත් භාවනා පුරුදු කිරීමටත් අතිදක්ෂ යතිවරයාණ කෙනෙකි. උන්වහන්සේ කෘතහස්ත ග්‍රන්ථ කතුවරයෙක් ද වෙති.
Rs 212.40
Rs 236.00
Buddha Dharmaya Ha Pali Bhasha Parichaya
Out-of-Stock
ආගමකින්, දර්ශනයකින් ලොවට ඉදිරිපත් කරන ඉගැන්වීම් මගින් සිදුවන්නේ මානව වර්ගයාගේ සංස්කෘතික හා සාරධර්ම තිබෙන පරිදි ආරක්ෂා වීම හෝ නව චින්තනයක් ගොඩනංවා සවිඥානව ලොව දෙස බැලීමට මංපෙත් විවර කිරීමකි. තථාගත ධර්මය එහිලා සුවිශේෂී වේ. අවින්තනිකව ජීවත්වන මානව වර්ගයා සචින්තනික කොට මානසික ජීවනයක් ලබාදී, අවදි කරවීමට බුදු දහමින් දෙන පණිවිඩය අත්‍යන්තරයෙන්ම සාරගර්භය. කුඩා දරුවාගේ පටන් දැනුම් තේරුම්කම් සපුරා ගත් වැඩිහිටියා දක්වාම චින්තනය අවදි කිරීමට බුදු දහමේ ඉගැන්වීම් ප්‍රබලය. දහම් අධ්‍යාපනය මගින් අපේක්ෂිත කාරණයද එයයි. වර්තමාන අධ්‍යාපන සංකල්ප වල ප්‍රමුඛාර්ථය වන්නේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය මගින් නවලොවක් නව අයුරකින් දකින දරුවෙකු බිහි කිරීමයි.
Rs 180.00
Rs 200.00
Gihiyan Wu Apatada Mee Bhavayedi Magapala Sapura Gatha Hakiya
" ගිහියන් වූ අපට ද මෙම භවයේ දී මගඵල සපුරා ගත හැකිය." නමින් ලියැවුණු මෙම ග්‍රන්ථය කුඩා වුව ද ඒ තුළ අන්තර්ගතව ඇත්තේ සත්‍ය ලෙසින් ම ගිහියනට අවැසි වටිනා කාලෝචිත දහම් කරුණු වේ. තව ද මෙම ග්‍රන්ථයේ ඇති විශේෂත්වය නම් කතුවරයාණන්, ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කොට එතුළින් දැන කියා ගත් දහම් කරුණු ත්‍රිපිටක ග්‍රන්ථ හා සූත්‍ර නමින්ම සනාථ කොට තිබීමය. එය ග්‍රන්ථයේ වටිනාකම තිව්‍ර කිරීමට හේතු වී ඇත. බුදු දහම පිළිබඳ විමසන්නා වූ ධම්මකාමී පින්වතුන් හට මෙය මහත් වූ පිටිවහලක් සේ මම දකිමි.
Rs 157.50
Rs 175.00
Maga Phala Adath Labiya Haakida
බුදුරජාණන් වහන්සේ
"සුභද්‍රය, යම් ශාසනයක ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැත්තේ නම් එහි පළමුවන ශ්‍රමණයා ද නැත, දෙවන ශ්‍රමණයා ද නැත. තුන්වන ශ්‍රමණයා ද නැත. සතරවන ශ්‍රමණයා ද නැත. යම් ශාසනයක ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇත්තේ නම් එහි පළමුවන ශ්‍රමණයා ද ඇත. දෙවන ශ්‍රමණයා ද ඇත. තුන්වන ශ්‍රමණයා ද ඇත. සතරවන ශ්‍රමණයා ද ඇත. සුභද්‍රය, මේ ශාසනයෙහි ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇත්තේය. ඒ නිසා සුභද්‍රය පළමුවන ශ්‍රමණයා ඇත්තේ මෙහි ය. දෙවන, තෙවන, සිව්වන ශ්‍රමණයා ඇත්තේ මෙහි ය. සුභද්‍රය, අනිත් තැන් ශ්‍රමණයන්ගෙන් හිස් ය. "ඉමෙව සුභද්ද භික්ඛු සම්මා විහරෙය්‍යුං න සුඤ්ඤො ලෝකො අරහන්තෙහි අස්ස" සුභද්‍රය, මේ භික්‍ෂුන් මනාකොට වාසය කෙරෙන්නේ නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේ ය.
"සුභද්‍රය, යම් ශාසනයක ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැත්තේ නම් එහි පළමුවන ශ්‍රමණයා ද නැත, දෙවන ශ්‍රමණයා ද නැත. තුන්වන ශ්‍රමණයා ද නැත. සතරවන ශ්‍රමණයා ද නැත. යම් ශාසනයක ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇත්තේ නම් එහි පළමුවන ශ්‍රමණයා ද ඇත. දෙවන ශ්‍රමණයා ද ඇත. තුන්වන ශ්‍රමණයා ද ඇත. සතරවන ශ්‍රමණයා ද ඇත. සුභද්‍රය, මේ ශාසනයෙහි ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇත්තේය. ඒ නිසා සුභද්‍රය පළමුවන ශ්‍රමණයා ඇත්තේ මෙහි ය. දෙවන, තෙවන, සිව්වන ශ්‍රමණයා ඇත්තේ මෙහි ය. සුභද්‍රය, අනිත් තැන් ශ්‍රමණයන්ගෙන් හිස් ය. "ඉමෙව සුභද්ද භික්ඛු සම්මා විහරෙය්‍යුං න සුඤ්ඤො ලෝකො අරහන්තෙහි අස්ස" සුභද්‍රය, මේ භික්‍ෂුන් මනාකොට වාසය කෙරෙන්නේ නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේ ය.
Rs 270.00
Rs 300.00
Kriya vivaranaya
Out-of-Stock
අලුත් ගතෙකි; අලුත් පිළිවෙළෙකි; අලුත් මතබෙහෙවි. මත අලුත් වුවද පෙරැ යෙදුම් මතැ නැගිණ. ඒ කෙසේ වුවත් මත බෙයට බොහෝ ඉඩ ඇති.හැකි තරම් නිවැරැදි කරන්නට තැත් කළ ද වරද නැති වුව පුදුමයෙකි; පුහුදුන් බැවිනි. දක්නා අප ද දක්වත් වා.හෙළු පද යෙදුමට බන්නෝ බොහෝ හ. සකරුණු බියෙකි. නිරණට මඟෙක් නැත් නම් කවර දෙවියන්ගේ පිහිට යැ? ඒ අතින් මෙතෙක් නොලද පිහිට ලබන එළි බිඳක් සපයා - ලන්නට යැ මෙ ගත සැපැයුණේ.මෙහි සියලු හිමි කම් අප සතු යැ. එහෙයින් මෙගත්හි දැක්වෙන කරුණු උපුටා - ගැන්ම නිය විරුදු වෙයි.
මුනිදාස කුමාරණතුංග
මුනිදාස කුමාරණතුංග
Rs 427.50
Rs 475.00
Buddha Charithaya
"දහම් පාසල් අවසාන සහතික පත්‍ර පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සංග්‍රහය " කාලීන අවශ්‍යතාවක් පිරිමැසීමක් ලෙස ඉතා වටිනා ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් වන අතර. අද වන විට දහම් පාසල් අවසාන විභාගය කෙරෙහි විශේෂ අවධානයක් සමාජය තුළ යොමු වී ඇතත් අවාසනාවකට එම විභාගය කුමක් සඳහා දැයි යන අර්ථකථනය සමාජගත වී නැත. ඒ නිසාම එම විභාගය කෙරෙහි දක්වන ආකල්පය ඇල්මැරී ගිය එකකි. එය කෙසේ වුව ද, මේ අවශ්‍යතාව තේරුම්ගත් බොහෝ පිරිසක් ද, අප සමාජයේ සිටිති. දහම් පාසල තුළින් ලබා ගන්නා වූ විෂය දැනුමට අතිරේක මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය පරිශීලනය කිරීමෙන් විභාගය සඳහා විශේෂ සූදානම් වීමක් ශිෂ්‍යයන්ට ලබාගත හැකිය.
Rs 270.00
Rs 300.00
Saddharmapundarika Sutraya
Out-of-Stock
මහායාන නවධර්ම ග්‍රන්ථ අතුරින් චීන - ජපාන - නේපාලාදි දේශයන්හි අතිමහත් සම්භාවනාවට පාත්‍ර වී ඇති කෘතිය නම් සද්ධර්ම පුණ්ඩරික - සූත්‍රය යි. පරිවර්ත නමින් හැඳින් වෙන පරිච්ජේද 27කින් හෙබි එහි පස්වැන්න වන ඕෂධී පරිවර්තයට පූජ්‍ය ලේල් වල අරීය ධම්ම හිමියන් සපයා ඇති සිංහල පරිවර්තනය මා දන්නා තරමින් එවන් කෘතියක් ඇසුරින් සම්පාදනය වී ඇති ප්‍රශස්තතම සංස්කරණය යි. ඕෂධී සම්බන්ධ උපමා ආශ්‍රයෙන් බුදුන් වදාළ ධර්මය අන්තර්ගත හෙයින් එනමින් හැඳින්වෙන මෙම පරිවර්තය ඇතැම් විශ්ව විද්‍යාල වල බෞද්ධ ධර්ම සාහිත්‍යය සඳහා නිර්දිෂ්ට ව ඇත. බැලූ බැල්මට ම පූජ්‍ය ලේල් වල හිමියන් ගේ මෙම පරිවර්තනය, වයසින් යොවුන් වුව ද ශාස්ත්‍රීය ඥානයෙන් මුහුකුරා - ගිය, අනාගත පිරිපුන් පඬිවර අංකුරයක ව්‍යායාමයක් බව ප්‍රකට කරයි. ස්වකීය පරිවර්තනයට එහිමියන් සපයා ඇති දීර්ඝ ප්‍රස්තාවනාව සම්‍යක් සම්බුද්ධත්වය, සර්වඥතා ඥානය, ශූන්‍යතාව, නිර්වාණය හා නිවෘතිය, ෂඩ්ගතික සත්ත්ව භව, තථාගතඋපාය-කෞශල්‍ය ඥානය, බෝධි චිත්තය ආදි ධර්ම සංකල්ප අන්තර්ගතඕෂධී පරිවර්තය. බඳුන් කොට ඇති ව්‍යක්ත විවරණයත්, බෞද්ධ මිශ්‍ර සංස්කෘතය පිළිබඳ නිදසුන් සහිතව සිදු කොට ඇති අංග සම්පූර්ණ සාකච්ඡාවන් කෘතියේ අගය නංවා - ලයි. බෞද්ධ මිශ්‍ර සංස්කෘතයේ සෑම පැතිකඩක් ම අලළා කැර ඇති එම විවරණය මෙතෙක් ඒ පිළිබඳ ව සිංහලයෙන් ලියැ වී ඇති ඉතාමත් පරිපූර්ණ විස්තරය බව නොපැකිළ ව පවසමි. එසේ ම, ව්‍යක්ත සිංහලයෙන් සිදු කොට ඇති තමන් ගේ මෙම පරිවර්තනයේ විශ්වසනීය භාවය තහවුරු කිරීම සඳහා, එහිමියෝ මෙතෙක් පළ වී ඇති වෙනත් පරිවර්තන දෙකක් සමග එය සංසන්දනය කැර - පෙන්වති. මෙවන් හරබර ශාස්ත්‍රීය ව්‍යායාම යුගයේ අවශ්‍යතාවකි. බෞද්ධ සංස්කෘතසාහිත්‍යය හදාරන සියලු ම විද‍්‍යාර්ථින් මෙය අනිවාර්යයෙන් කියැවිය යුතු ග්‍රන්ථයක් බව ප්‍රකාශ කරන අතර ම, මෙවන් ශාස්ත්‍රීය කටයුතු ඉදිරියටත් කැරගෙන යාමට පූජ්‍ය ලේල්වල අරීයධම්ම හිමියනට ශක්තියත්, ධෛර්යයත් ලැබේ වා යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
මහාචාර්ය වෝල්ටර් මාරසිංහ
මහාචාර්ය වෝල්ටර් මාරසිංහ
Rs 450.00
Rs 500.00
Bhawa Duka niwana maga
Out-of-Stock
ඉංජිනේරුවකු වන සිඩ්නි සිරිවර්ධන සූරීහු "භව දුක නිවන මඟ " කෘතියෙන්ඒ මගෙහි සැටි ධර්මානුගත කරුණු ඇසුරින් දකවන්නාහු නූතන ලොවට ද අදාළ කරති. මෙහි ඇතැම් කරුණු හැදෑරීමෙන් නිවැරැදි බුදු දහම පිළිබඳ විමැසිල්ලට මඟ පාදයි. පැවිදි නොපැවිදි දෙපසේ මැ නුවණැස් ඇරැවීමට සමත් "භව දුක නිවන මඟ" දැනුම් මගට දොර විවැරුමක් බව ඉඳුරා කිව හැකියි.
Rs 180.00
Rs 200.00
Sinhala Demala Shabdakoshaya
මෙම සිංහල දෙමල ශබ්දකෝෂය සිංහල දෙමල භාෂාව අධ්‍යනය කරණු ලබන සියලු දෙනා හට ඉතා වටිනා ශබ්දකෝෂයක් ලෙස හැදින්විය හැකිය
Rs 531.00
Rs 590.00
Dambadiwa vandana
Out-of-Stock
දඹදිව වන්දනා' මෙම කුඩා අත් පොත බෙහෙවින් අගය කළ යුතු ප්‍රයෝජනවත් රචනයකි. ශ්‍රද්ධාවෙන් බැති සිතින් බුද්ධ භූමිය වන්දනාව සඳහා යන අය වෙනුවෙන් සම්පාදනය කරන ලද මෙම කෘතිය දැනගත යුතු සියලු කරුණු සාරවන් ලෙසට ඇතුළත් කරන ලද අපේ රටේ සියලු බෞද්ධ වන්දනාකරුවන් භාවිත කළ යුතු අත් පොතක් ලෙසට අගය කරන අතර ප්‍රවීණ ලේඛිකාවක් මෙන් ම ජනප්‍රිය ගුරුවරියක වූ නාලිනී සුසීලා දිසානායක මහත්මිය තම දිර්ඝකාලීන වෘත්තීය අත්දැකීම් ද උපයෝගී කරගෙන මෙම කෘතිය අනායාසයෙන් කියවා ගෙන යා හැකි ලෙසට රචනා කර තිබෙන අතර තථාගත දේශනය අනුව සංවේදනීය ස්ථාන තම දෑසින් දැක බලා කුසල් රැස්කර ගත යුතු පිළිවෙළ මෙන් ම එම ස්ථානවල වටිනාකම ශ්‍රේෂ්ඨත්වය හා උතුම් බව හඳුන්වා ඇත්තේ පහන් සිත් ඇති වන අයුරිනි. එම ස්ථාන වල දැනසිටිය යුතු ඉතිහාසය ද පසුබිම ද නිවැරදි දැනුමින් උචින ලෙසට ගොනුකර තිබේ.
Rs 315.00
Rs 350.00
Henry Parker Purathana Lanka
හෙන්රි පාර්කර්ගේ ANCIENT CEYLON නම් කෘතිය ඇසුරින් බි.එන්. ආර්. ජයසේන මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලද පුරාතන ලංකාව නම් මෙම කෘතිය තුළ ශ්‍රි ලංකාවේ මුල්ම ජන පද පිළිබදවත් පූරාතනයේ සිටි වැදි ජනතාව හා නූතනයේ වෙසෙන වැදි ජනතාව පිළිබදවත් ඔවුන් වන්දනාමාන කළ අකාරය සහ ඔවුන්ගේ ආගමික කටයුතු සහ ලංකාවේ ප්‍රාග්තන දෙවියන් පිළිබදවත් කරුණු රාශියක් ගොනු වූ ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 4,050.00
Rs 4,500.00
Manawa sannivedanaya
ජන සන්නිවේදනය මේ වන විට අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වලට ද ඇතුළත් වී ඇත. එම විද‍්‍යාර්ටීන්ට මෙන් ම සරසව් සිසුසිසුවියන්ට ද පොදුවේ මේ විෂය අරබයා උනන්දු වන පාඨකයන්ට ද වැදගත් වන අත්පොතක් ලෙස මානව සන්නි වේදනය කෘතිය හඳුන්වාදිය හැකිය.
Rs 225.00
Rs 250.00
Bauddha Rajadhani Pilibada Charikawa
චීන ජාතික පාහියන් ස්වාමීන් වහන්සේ ක්‍රි. ව. 399 - 414 කාලය තුළ ලංකාවේ සහ ඉන්දියාවේ කළ චාරිකා පිළිබඳ සටහන් මේ කෘතියෙහි ඇතුළත් ය.ස්කොට් ජාතිකයකු වූ ජේම්ස් ලෙගි ඔක්ස්ෆර්ඩ් සරසවියේ පළමුවන චීන භාෂා හා සාහිත්‍ය මහාචාර්යවරයා වූයේය. දිගු කලක් මලක්කාවේ සහ හොංකොංහි ධර්මදූත කටයුතුවල නිරතව සිටි ඔහු මූලාශ්‍ර කීපයක් ඇසුරු කරමින් පාහියන් හිමියන්ගේ චාරිකා සටහන් ඉංග්‍රීසියට නැගීය. මේ කාර්යයේ දී ඔහුට රිස් ඩේවිඩ්ස් පඬිතුමා ඇතුළු වියතුන් කීප දෙනෙකුගේ සහාය ලැබුණි.
Rs 225.00
Rs 250.00
Gauthama Budu Siritha
බුද්ධ පරිනිර්වාණයෙන් පසු ඇති වූ ප්‍රධාන සංගායනාවල දී ධර්ම විනය සංග්‍රහ කිරීම හැර ශාස්තෲන් වහන්සේගේ අපදානය කුමානුකූලව සකස් කර තැබීම කෙරෙහි අවධානයක් යොමු වූ බවට සාක්ෂි නැත. දැනට අප විසින් භාවිත කෙරෙන බුද්ධ චරිත පෙළ පොත්වල සහ පසුකාලීන ප්‍රකරණ ග්‍රන්ථ ඇසුරෙන් සකස්කර ගත් නිර්මාණයන් ය. එම නිසා ශාසන ඉතිහාසය තුළ අද දක්වාම විවිධ නිකාය ගුරුකුල වලට අයත් බුද්ධ වරිත සංග්‍රහ වෙමින් පවතී. මේ අතර සරල සංක්ෂිප්ත බුද්ධ චරිත මෙන්ම ආශ්චර්ය අද්භූතසිදුවීම් වලින් අලංකාර වූ අසිරිමත් වූ බුදු සිරිත් ද දක්නා ලැබේ.ආචාර්ය පැලැන්වත්තේ ධම්මතිලක හිමියන් විසින් රචිතථෙරවාද ධර්ම විනයෙහි සංගෘහිත ගෞතම බුදුසිරිත ත්‍රිපිටකාගතදේශනා හා වාර්තා ඇසුරෙන් වඩාත් විශ්වසනීය අයුරින් සකස් කළ බුද්ධ චරිතයක් ලෙස සඳහන් කළ හැකිය.
Rs 315.00
Rs 350.00
Dhamma sarana
සංස්කාරක සටහන
ධම්ම පිටකත්‍රයෙහි සුලභ වදනකි. අර්ථ සමුදායක් රැගත් ගැඹුරු වදනකි. ධම්ම විවිධාර්ථ හෙයින් තැනට සුදුසු අයුරින් ගතයුතුය. ධාරනාර්ථවාචී ධර ධාතුවෙන් පරම ධම්ම ප්‍රත්‍යයෙන් සංසිද්ධ ධම්ම අර්ථ සමූහයක් ගෙන දෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිරවද්‍ය කරුණු විය යුතු ස්වභාවය යන අර්ථයෙන් ධම්ම නම් වෙයි. සංස්කෘතයේ දරන උසුලන සිහියේ රඳන යන අර්ථ ගෙන දෙන ධර්ම යන ප්‍රකෘතියෙහි එම අර්ථයෙන් බුදුරදුන් වදාළ සියල්ල ධර්මයයි. ධම්ම ක්‍රියාකාරිත්වය අනුව ධම්ම සංකල්පයකි. මෙම සංකල්පයෙහි ව්‍යාප්ත වූ අර්ථ ක්‍ෂේත්‍රයක් ඇති බවත් බෞද්ධ චින්තනයෙහි සර්වප්‍රකාරයෙන්ම වැදගත් වූ අර්ථ ගාම්භීර්යයක් මෙම සංකල්පයෙහි අන්තර්ගත බව ත්‍රිපිටක හා අර්ථකථාවන්හි දක්නට ඇති අර්ථ විවරණවලින් දැකීමට පුළුවන. පෙර අපර දෙදිග පහළ වූ චින්තකයන් දාර්ශනිකයන් රාෂ්ට්‍ර පාලකයන් මෙම සංකල්පය අර්ථ නිරූපණය කර ඇත.
ධම්ම පිටකත්‍රයෙහි සුලභ වදනකි. අර්ථ සමුදායක් රැගත් ගැඹුරු වදනකි. ධම්ම විවිධාර්ථ හෙයින් තැනට සුදුසු අයුරින් ගතයුතුය. ධාරනාර්ථවාචී ධර ධාතුවෙන් පරම ධම්ම ප්‍රත්‍යයෙන් සංසිද්ධ ධම්ම අර්ථ සමූහයක් ගෙන දෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිරවද්‍ය කරුණු විය යුතු ස්වභාවය යන අර්ථයෙන් ධම්ම නම් වෙයි. සංස්කෘතයේ දරන උසුලන සිහියේ රඳන යන අර්ථ ගෙන දෙන ධර්ම යන ප්‍රකෘතියෙහි එම අර්ථයෙන් බුදුරදුන් වදාළ සියල්ල ධර්මයයි. ධම්ම ක්‍රියාකාරිත්වය අනුව ධම්ම සංකල්පයකි. මෙම සංකල්පයෙහි ව්‍යාප්ත වූ අර්ථ ක්‍ෂේත්‍රයක් ඇති බවත් බෞද්ධ චින්තනයෙහි සර්වප්‍රකාරයෙන්ම වැදගත් වූ අර්ථ ගාම්භීර්යයක් මෙම සංකල්පයෙහි අන්තර්ගත බව ත්‍රිපිටක හා අර්ථකථාවන්හි දක්නට ඇති අර්ථ විවරණවලින් දැකීමට පුළුවන. පෙර අපර දෙදිග පහළ වූ චින්තකයන් දාර්ශනිකයන් රාෂ්ට්‍ර පාලකයන් මෙම සංකල්පය අර්ථ නිරූපණය කර ඇත.
Rs 765.00
Rs 850.00
Lagna Wimasuma
Last items in stock
ලග්න විමසුම නම් වූ මෙම කෘතිය ඒ ඒ ලග්න ආශ්‍රිතව ලියැවුණු විස්තරාත්මක විශ්ලේෂණයකි. මෙය හුදු ලග්න පලාපල ප්‍රකාශනයක් නොව ඉතා සංකීර්ණ විශ්ව බලපෑම් තුළ ග්‍රහයින්ගේ ක්‍රියාකාරකම් ඒ ඒ ලග්න හිමියන්ගේ ජීවන ක්‍රියාවලිය කෙරෙහි ශුභ අශුභ වශයෙන් බලපාන අන්දම ජෝතීර් විද්‍යානුකූල මූලධර්මයන් ඔස්සේ විමසා බැලෙන විචාරාත්මක කෘතියකි.
Rs 387.10
Rs 430.11
Shasthreeya Lekanayaka Mulashra Dakvime Widikrama
ශාස්ත්‍රීය ලේඛන මූලධර්ම නමින් පළ කෙරෙන පොත් පෙළක පළමුවැන්න වන මෙය ශාස්ත්‍රීය ලේඛනයක මූලාශ්‍රය දැක්වීමේ විධික්‍රම නිදර්ශන සහිත ව පෙන්වා දෙයි. උසස් අධ්‍යාපනයේ යෙදී සිටින විද්‍යාර්ථීන්ට මෙන් ම ශාස්ත්‍රීය ග්‍රන්ථකරණයේ නියැළෙන්නන්ට ද මේ කෘතිය ප්‍රයෝජනවත් අත් පොතක් වනු ඇත.
Rs 159.30
Rs 177.00
Aparadha Vidyawa
අපරාධ විද්‍යාව නූතනයෙහි ප්‍රබල ඉල්ලුමක් පවතින ජනප්‍රිය විෂයය ධාරාවකි. විශ්ව විද්‍යාල මට්ටමින් පරිබාහිරව විවිධ ආයතන රැසක් නූතනයෙහි අපරාධ විද්‍යාව පිළිබඳ හැදෑරීම, උනන් දුජනක ලෙස සිදු කරනු පෙනේ.මෙම කෘතිය අපරාධ විද්‍යාවේ සඳහන් සංකල්ප, මතවාද හා කාලීන ප්‍රවණතා කිහිපයක් ඉතා විෂය බද්ධව සාකච්ඡා කළ කෘතියකි. අපරාධ විද්‍යාවේ සඳහන් න්‍යායයන් මුල් වරට සිංහලයෙන් සවිස්තරාත්මකව සාකච්ඡා කරන්නේ මෙම කෘතියෙන් බව කිව යුතුය.
Rs 630.00
Rs 700.00
Kantha Abhiwurdiya Sandaha Bududahamin Laba Gatha Haki Margopadesha
Out-of-Stock
මහාචාර්ය සිල් වී සේනාධීර දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකික විද්‍යාර්ථීන්ගේ නැණස පෑදූ විශ්‍රාමික විශ්වවිද්‍යාල ආචාර්ය වරියකි. අධ්‍යාපනවේදය සම්බන්ධයෙන් ග්‍රන්ථ රාශියක් රචනා කළ ප්‍රශස්ත ලේඛිකාවකි. අධ්‍යාපනවේදය විෂය ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගොස් ඇය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික පුස්තකාලයාධිපති වූ දැනට මහනුවර බෞද්ධ ග්‍රන්ථප්‍රකාශන සමිතියේ සිංහල සංස්කාරක වන එන්. ටී. එස්. ඒ. සේනාධීර මහතා විසින් රචනා කරන ලද කාන්තා අභිවෘද්ධිය සඳහා බුදු දහමින් ලබා ගත හැකි මාර්ගෝපදේශ යන මෙම කෘතිය කාලීන සමාජ අර්බුද හමුවේ කාන්තාවගේ භූමිකාව මෙන් ම ඇයගේ අභිවෘද්ධිය සම්බන්ධයෙන් වන බෞද්ධ ඉගැන්වීම මොනවට පිළිබිඹු කරන ග්‍රන්ථයක් බව අපගේ හැඟීමයි. එම දෙපළට අපගේ සුභාශිංසන ද මේ සමග වේ.
Rs 450.00
Rs 500.00
Adahili Ha Wishwasa
Out-of-Stock
ශ්‍රී ලාංකික ජන සමාජයේ අතීතයේ පැවති ඇදහිලි සහ විශ්වාස ගැන බොහෝ විස්තර ඇතුළත් මෙම කෘතියෙන් ඒ පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරන පාසල් සිසුන්ටත්, විශ්වවිද්‍යාල සිසුන්ටත්, ගුරු මහත්ම මහත්මාදීන්ටත්, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අනෙකුත් පාඨකයින්ටත් ඉමහත් ප්‍රයෝජනයක් ලබා ගත හැකි වනු ඇත.
Rs 270.00
Rs 300.00
Dhammapadayen Punchi Obata Kathandara
කතෘ ගෙන්...
ධම්මපදය යනු සමස්ත මිනිස් සමාජයටම ගැළපෙන පරිදි රචනා වූ මහඟු ග්‍රන්ථයකි. ජීවිතයේ ඕනෑම අවස්ථාවකට සම්බන්ධ කර ගත හැකි ආදර්ශ පාඨ ඇතුළත් ධම්මපදය පැරැන්නන් නිතරම පරිහරණය කිරීමට පුරුදුව සිටියා. ජීවිතයේ සරල මට්ටමේ සිට ඉතාම ඉහළ මට්ටම දක්වා හෙවත් නිවන් අවබෝධය දක්වා පුද්ගලයකු හැඩගැසිය යුතු ආකාරය ධම්මපදයේ සඳහන් වෙනවා. සමාජය ගුණ ධර්මවලින් දිනෙන් දිනම පිරිහෙමින් පවතිනවා. එම නිසා ධම්මපදයේ වටිනාකම වර්තමානයේ හොඳින්ම දැනෙනවා.
තෝරා ගත් කතා කිහිපයක් මෙහි දී ඉතා ලිහිල් හා සරල භාෂාවෙන් පුංචි දූ දරුවන් වෙනුවෙන් මම ඉදිරිපත් කිරීමට උත්සාහ කළා. ඒවා අපේ ජීවිත හැඩ ගස්වා ගැනීමේ දී බොහෝ ප්‍රයෝජනවත් වෙන ආදර්ශවත් කතා කිහිපයක්. ඒවා හොඳින් කියවා බලා ඒවායින් පුංචි ඔබේ ජීවිතයට ගත හැකි හොඳ දේ වෙන් කරගෙන ඒවා පිළිපදින්න. එවිට ජීවිතය මනා ලෙස හැඩ ගස්වා ගත හැකියි.
ධම්මපදය යනු සමස්ත මිනිස් සමාජයටම ගැළපෙන පරිදි රචනා වූ මහඟු ග්‍රන්ථයකි. ජීවිතයේ ඕනෑම අවස්ථාවකට සම්බන්ධ කර ගත හැකි ආදර්ශ පාඨ ඇතුළත් ධම්මපදය පැරැන්නන් නිතරම පරිහරණය කිරීමට පුරුදුව සිටියා. ජීවිතයේ සරල මට්ටමේ සිට ඉතාම ඉහළ මට්ටම දක්වා හෙවත් නිවන් අවබෝධය දක්වා පුද්ගලයකු හැඩගැසිය යුතු ආකාරය ධම්මපදයේ සඳහන් වෙනවා. සමාජය ගුණ ධර්මවලින් දිනෙන් දිනම පිරිහෙමින් පවතිනවා. එම නිසා ධම්මපදයේ වටිනාකම වර්තමානයේ හොඳින්ම දැනෙනවා.
තෝරා ගත් කතා කිහිපයක් මෙහි දී ඉතා ලිහිල් හා සරල භාෂාවෙන් පුංචි දූ දරුවන් වෙනුවෙන් මම ඉදිරිපත් කිරීමට උත්සාහ කළා. ඒවා අපේ ජීවිත හැඩ ගස්වා ගැනීමේ දී බොහෝ ප්‍රයෝජනවත් වෙන ආදර්ශවත් කතා කිහිපයක්. ඒවා හොඳින් කියවා බලා ඒවායින් පුංචි ඔබේ ජීවිතයට ගත හැකි හොඳ දේ වෙන් කරගෙන ඒවා පිළිපදින්න. එවිට ජීවිතය මනා ලෙස හැඩ ගස්වා ගත හැකියි.
Rs 180.00
Rs 200.00