Rs 650.00
Home
There are 5413 products.
Daham pasal Awasana Sahathika Pathra Vibhagaya
Out-of-Stock
දහම් පාස ල්අවසාන සහතික පත්‍ර විභාගය - දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගය සඳහා සූදානම් වන සැමට බුද්ධ ධර්මය, ශාසන ඉතිහාසය, බුද්ධ චරිතය, හා බෞද්ධ සිරිත් විරිත් පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගැනීම සඳහා පරිහරණය කළ හැකි ග්‍රන්ථයකි.
Rs 2,500.00
Sinhala Bhasha Vyakarana
Out-of-Stock
සිංහල භාෂා ව්‍යාකරණය - නිවැරදි සිංහල භාෂාව භාවිතයේදී ව්‍යාකරණය අතිශයින් වැදගත් වේ. පාසල් දරුවන්ටත් සන්නිවේදන මාධ්‍යයන්හි නියුතු වූවන්ටත් හෙළ බසට ආදරය කරන සැමටත් ස්වීය භාෂා ඥානය සංවර්ධනය කර ගැනීමට අත්‍යන්තයෙන්ම වැදගත්ය.
Rs 1,000.00
Bauddha Vinaya Margaya Saha Pali Bhasha Parichaya
බෞද්ධ විනය මාර්ගය සහ පාලි භාෂා පරිචය -බෞද්ධ විනය මාර්ගය හා සම්බන්ද භික්ෂු සමාජයේ ප්‍රභවය හා සංවර්ධනය පබ්බජ්ජාව හා උපසම්පදාව, ගුරු ශිෂ්‍ය සම්බන්දය, විනය නීති පැනවීමේ මුලික පරමාර්ථ, භික්ෂු ප්‍රාතිමෝක්ෂය, උපොසථ කර්මය, වස් විසීම, පවාරණය, කටිනය. බෞද්ධ අධිකරණ ක්‍රම, දණ්ඩ ක්‍රමය සහ ගිහි පැවිදි සම්බන්දය යන මුලික මාතෘකා පිළිබඳව සුවිශේෂී දැනුමක් ලබා ගැනීමට උපයෝගී වන අන්දමින් සරලව පැහැදිලි කර ඇත.
Rs 275.00
Samanya Pela Adarsha Prashnoththara Buddha Darmaya
Out-of-Stock
සාමාන්‍ය පෙළ ආදර්ශ ප‍්‍රශ්නෝත්තර බුද්ධ ධර්මය - අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුනට මෙන්ම පාසල්වල අදාළ විෂය භාර ගුරුභවතුන්ට ද එකසේ ප්රයෝජනවත් වේ.
Rs 225.00
Rs 550.00
Guna Nena Belen Piripun Daruwan Hadana Vadana Maga
Out-of-Stock
ගුණ නැණ බෙලෙන් පිරිපුන් දරුවන් හදන වඩන මග - තරඟකාරී සමාජ රටාවක දූ දරුවන් හදන දෙමාපියන් වැඩිහිටියන් වන ඔබ ඔවුන් හට නිවැරදි මාවත විවර කර දීම අනිවාර්යයෙන් සිදු කළයුතු වේ. ඒ සඳහා අත්වැල් සපයන්නට හේලි නිමලා අතුකෝරාල මහත්මිය විසින් රචිත මෙම ග්‍රන්ථය මහඟු අත්වැලක් පසයනවා ඇත. නූතන අධ්‍යයාපන රටාව තුළදී දුවා දරුවන් බොහෝ සෙයින් තාක්‍ෂණික මෙවලම් භාවිතා කරනු ලබන බැවින් ඒවායින් ඇතිවිය හැකි අන්තරාදායක අතරු ප්‍රතිඵල වළක්වා ගනිමින් ඔවුන්ව ගුණ දහමින් පිරිපුන් අය ලෙසින් සමාජානුයෝජනය කිරීම ඔබේ වගකීම වේ. ඒ සඳහා මෙම ග්‍රන්ථය පරිහරණය මගින් ඔබේ පහසුව වැඩි වෙනු ඇත.
Rs 300.00
Pali Nirdishta Grantha Adyanaya
Out-of-Stock
පාලි නිර්දිෂ්ට ග්‍රන්ථ අධ්‍යනය - අ.පො.ස (උසස් පෙළ) විභාගය සඳහා නියමිත පාලි නිර්දිෂ්ඨ කොටස්වලින් ථේරගාථා, ථේරීගාථා, මහාවංශ. සුත්තනිපාත, ධම්මපද, ජාතකට්ඨකථා යන කොටස් පෙළ අන්වය පදගතාර්ථ, විස්තරාර්ථ වර්ණනා සහිතව වදුමුන්නේ මහින්ද හිමියන් විසින් සංස්කරණය කර ඇත.
Rs 324.00
Sinhala Demala Katha Puhunuwa
Out-of-Stock
සිංහල දෙමළ කතා පුහුණුව - දෙමළ භාෂාව කතා කිරීමට උනන්දුවක් දක්වන්නන්ට මේ කෘතිය අත්වැලක් වනු ඇත. නිතර භාවිතයට ගැනෙන වචන උපයෝගී කර ගනිමින් සැකසූ මෙම කෘතියෙන් දෙමළ භාෂාව කතා කිරීමට හුරු කරවයි.
Rs 220.00
Bauddha Shishtachara Praweshaya
බෞද්ධ ශිෂ්ටාචාර ප්‍රවේශය - මෙම කෘතිය ලාංකීය බෞද්ධ සංස්කෘතියේ විවිධ පැතිකඩ හා සංඝ සමාජයේ විවිධ පැතිකඩයන් විමර්ශනයට ලක් කරමින් ලියැවුණකි. සාරානන්ද ස්වාමීන් වහන්සේ විශ්ව විද්‍යාල සමය තුළ ලියන ලද නිබන්ධන සමූහයක් ද එක් කර ඇත. එමෙන්ම මෙම කෘතිය උසස් පෙළ හා විශ්ව විද්‍යාල තුළ බෞද්ධ සංස්කෘතිය හා ශිෂ්ටාචාරය විෂයක් ලෙස හදාරන සිසු සිසුවියන්ටද එකසේ ප්රයෝජනවත් වේ.
Rs 250.00
Sanskrutha Mahakavya Sahithya
සංස්කෘත මහාකාව්‍යය සාහිත්‍යය - සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය හදාරණ පාරිවේණික ශිෂ්‍යයන්ගේ සහ උසස්පෙළ එම විෂය හදාරණ ශිෂ්‍යයන්ගේ සංස්කෘත භාෂා සාහිත්‍යය ඥාණය වර්ධනය කිරීමට උපයෝගී වන පරිදි අතිරේක පාඨ ග‍්‍රන්ථයක් වශයෙන් මෙම කෘතිය සම්පාදනය කර ඇත.
Rs 150.00
Buddhi Parikshanaya Ha Abhiyogathava
Out-of-Stock
බුද්ධි පරීක්‍ෂණය හා අභියෝග්‍යතාව - විවිධ වූ මානසික ආබාධ ඇති විමට බොහෝ ඉඩකඩ ඇති සමාජ මාධ්‍යයන්හි එල්බ නොයිඳ මොළයේ බුද්ධි වර්ධනයට මහෝපකාරී වන බුද්ධි පරීක්‍ෂණ සමුදායකින් සමන්විත මෙම ග්‍රන්ථය අධ්‍යාපනයේ නියැලී සිටින දුවා දරුවන්ට මෙන්ම වැඩිහිටි ඔබට යෝග්‍ය වේ.
Rs 500.00
Buddhi Parikshanaya
Out-of-Stock
උසස් විභාග සඳහා බුද්ධි පරීක්ෂණය - රැකියාවක් සඳහා මෙන්ම විවිධ පාඨමාලාවන් හැදෑරීමේදී පූර්ව තරග විභාගයකට මුහුණ දීමත්, එයින් ඉහළම දස්කම් දැක්වීමත් අත්‍යවශ්‍යය. ඒ සඳහා මෙම පොත වැදගත් වේ.
Rs 210.00
Sinhala Sahithya Sangrahaya Igenumata Athwelak
Out-of-Stock
සිංහල සාහිත්‍ය සංග්‍රහය ඉගෙනුමට අත්වැලක් - උසස් පෙළ සාහිත්‍ය විෂයානුබද්ධ ග්‍රන්ථයක් ලෙසින් ඔබ අතට පත් වන මෙය පෙළපොතෙහි අභ්‍යාස සඳහා පිළිතුරු සැපයීම හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුවලින්ද සමන්විත වේ.
Rs 370.00
Dashakumaracharitha
දශකුමරචරිත - ප‍්‍රාචීන මධ්‍යම විභාගය සදහා ඉදිරිපත්වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා, සංස්කෘත විෂය යටතේ නව විෂය නිර්දේශයට අනුව සකස්කරන ලද ග‍්‍රන්ථයකි.
Rs 1,450.00
Wighanavadhi Mahayana Abhidharmaya
Out-of-Stock
විඥානවාදී මහායාන අභිධර්මය - අසංගාචාර්යයන්ගේ අභිධර්ම සමුච්චය හා ථේරවාද අභිධර්මය පිළිබද තුලනාත්මක අධ්‍යයනයකි.
Rs 1,000.00
Bauddha Shabdakoshaya
බෞද්ධ ශබ්දකෝෂය - ඉංග‍්‍රීසි පෙළ සහිතව ප‍්‍රථම වරට පළකරන ශාස්ත‍්‍රීයවූත් ප‍්‍රාමාණිකවූත් බෞද්ධ ශබ්දකෝෂයේ මෙම සිංහල පරිවර්තනය සිංහල සහ ඉංග‍්‍රීසි යන ද්විභාෂාවන් ම උපයෝගී කරගනිමින් ධර්ම ශාස්ත‍්‍රීය කටයුතුවල නියැලෙන වියතුන්ට මෙන්ම අධ්‍යාපනිකයන්ට ද, ධර්මය පිළිබද ගැඹුරුවූත් නිවැරදිවූත් පිරිසිදු වූත් දැනීමක් හා දැක්මක් අපේක්ෂා කරන සියලූ දෙනාට ද, අතිශයින්ම ප‍්‍රයෝජනවත් ප‍්‍රායෝගික අත් පොතක් බදුය.
Rs 1,750.00
Sanskrutha Kanda Kawya
සංස්කෘත ඛණ්ඩ කාව්‍යය - අ.පො.ස. උසස් පෙළ සංස්කෘත විෂය හදාරණ ශිෂ්‍යයන්ගේ තත් ක්ෂේත‍්‍ර පිළිබද දැනුම හා අවබෝධය ලබාගැනීමට පහසුවක් වන පරිදි මෙම අතිරේක පාඨ ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 125.00
Sanskrutha Natya Sahithya
සංස්කෘත නාට්‍ය සාහිත්‍යය - සංස්කෘත පෙළ සන්නය මෙන්ම ඊළගට ඒ ඒ ග‍්‍රන්ථ පිළිබද ප‍්‍රාමාණික විස්තරයක් ලියා ඇත. ඒ අනුව පෙළ සන්නය ග‍්‍රන්ථය විමසීම යන මේ කාරණා තුන යටතේ මෙම ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 150.00
Buddha Darmaya Samanya Pela Adarsha Prshnotthara
Out-of-Stock
ගුණසේන Q & A බුද්ධ ධර්මය - විෂය නිර්දේශයට අදාළ සියලූ අංග කැටි කොට සැකසූ කෘතියකි. හුදෙක් විෂය කරුණු ගොනු කිරීමට හුරුවීමකට වඩා වර්තමාන සමාජ ප‍්‍රවණතා හා බුදු දහම ගලපමින් පිළිතුරු සැපයීමේ පෙරහුරුවක් මෙමගින් ලැබේ.
Rs 325.00
Nidasun Sahitha Sanskrutha Chandas Sangrahaya 135
නිදසුන් සහිත සංස්කෘත ඡන්දස් සංග්‍රහය - ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම සහ වෙනත් උසස් විභාග සදහා පෙනී සිටින විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජන පිණිස රචිත සංස්කෘත ග්‍රන්ථයකි.
Rs 800.00
Nuthana Padhya Sangrahaya (2017 To A/L)
නූතන පද්‍ය සංග‍්‍රහය - අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයෙහි සිංහල විෂයයට නියමිත පද්‍ය පන්ති එක් ග‍්‍රන්ථයකට සංගෘහිත කර ඇති මෙම කෘතිය කවිය හා එහි ස්වභාවයත්, සිංහල කවියේ ගමන් මගත් පිළිබද දැනගත යුතු කරුණු රැසක් සම්පිණ්ඩනය කෙරෙමින් සම්පාදිත ප‍්‍රස්තාවනාවක් එක් කර ඇති අතර, නිර්දේශිත එක් එක් පැදි පෙළෙහි රචකයා පිළිබද සැකෙවින් සටහනක් ඔවුන්ගේ සේයාරූ ද සහිතව ඒ ඒ නිර්මාණයට පෙරටුව දක්වා ඇත.
Rs 675.00
Usas Pela Bauddha Shishtacharaya 12Ha Shreniya 2017
Out-of-Stock
උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය - 12 ශ්‍රේණිය - 2017 නව විෂය නිර්දේශය
Rs 600.00
Pematho Jayathi Soko
Out-of-Stock
පෙමතො ජායතී සොකො - ”පෙමතො ජායතී සොකො” මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ එකම ගීත නාටකය වන අතර උසස් විභාග සදහා නිර්දිෂ්ට කර ඇති කෘතියකි.
Rs 200.00
Bhavanavata Purudu kala Sitha Igenumata Athwelaki
භාවනාවට පුරුදු කළ සිත ඉගෙනුමට අත්වැලකි - කුඩා දරුවන්ගේ දූෂිත නොවූ සිත් සතන් සිතේ ඒකාග‍්‍රතාවය නමින් හදුන්වන භාවනාවට යොමු කරවීමෙන් උසස් ප‍්‍රතිඵල ලැබිය හැකිය. මෙම පොත් පිංච කියවීමෙන් ඔබගේ මෙන්ම ඔබ දූ පුතුන්ගේ මනසෙහි සංවර්ධනයක් මෙන්ම ඉගෙනුමට ද අත්වැලක් සපයා ගත හැක.
Rs 165.00
Sinhala Vyakarana Pada Nithiya
සිංහල ව්‍යාකරණ පද නීතිය - මෙම ග‍්‍රන්ථය සිංහල පාඨශාලාවන්හි පාඨනය කරවතොත් ඉතා ස්වල්ප කාලයකදී පහසුවෙන් සිංහල ව්‍යාකරණ ශිෂ්‍යයන්ට ඉගැන්විය හැකි වෙයි. මෙය ඉංග‍්‍රීසි ඉගෙන බුද්ධිමත් වූ සිංහල තරුණයන්ට ගුරූපදේශ රහිතවම ව්‍යාකරණ අවබෝධ කරගත හැකි වන සේ ශිථීල භාෂාවෙන් ගළපන ලද්දකි.
Rs 485.00
Sinhala Gee Kavya Kerehi Sanskrutha Alankara Shastraye Balapama
සිංහල ගී කාව්‍යය කෙරෙහි සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රයේ බලපෑම - සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රයේ මූලධර්ම පිළිබද දීර්ඝ ප‍්‍රස්ථාවනාවකින් සමන්විත පුරාතන සිංහල කාව්‍යය කෙරේ අලංකාර ශාස්ත‍්‍රයේ බලපෑම පිළිබද සවිස්තර හා විචක්ෂණ අධ්‍යයනයක් වන මෙම කෘතිය සම්භාව්‍ය සිංහල සාහිත්‍යය හදාරන්නවන්ගේ අමන්දානන්දයට හේතු වනු ඇත.
Rs 300.00
Vibhaga Jayagatha Heki Pahasu Maga
Out-of-Stock
විභාග ජයගත හැකි පහසු මඟ - කුඩා වයසේ සිටම දරුවන් හට විභාග සඳහා සූදානම් වීමට හා මුහුණ දීමට සිදුව තිබේ. මෙය සමහර අවස්ථාවකදී දරුවන් මෙන්ම දෙමාපියන්ද දැඩි මානසික වෙහෙසකර තත්වයකට පත්වේ. එම වෙහෙසකර බවින් මිදීමට නිසි උපදේශන සේවාවක් අවශ්‍යම යුගයක දයා රෝහණ අතුකෝරලයන් මහඟු යුග මෙහෙවරක් ඉටු කළා වැනි හැඟීමක් ඇතිවන්නේ, විභාග ජයගත හැකි පහසු මඟ යන ග්‍රන්ථය මගින් ලොකු කුඩා සැමට විද්‍යාත්මක මඟ පෙන්වීමක් ලබා දෙන බැවිනි.
Rs 300.00
Sanskrutha Kavyavicharaye Muladarma
සංස්කෘත කාව්‍ය විචාරයේ මූලධර්ම - මෙම කෘතිය ආධුනිකයනට පහසුවෙන් වටහාගත හැකිවන පරිදි සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රය සරල ලෙස විවරණය කරමින් සම්පාදනය කර ඇත.
Rs 380.00
Sanskrutha Kosha Sahithya
Out-of-Stock
සංස්කෘත කෝෂ සාහිත්‍යය - කෝෂකරණය හා භාෂාධ්‍යයනය ගැන ඇල්මක් ඇති ශාස්ත‍්‍රාභිලාෂීන්හට ද සංස්කෘත සාහිත්‍යයේ විශේෂ ලක්ෂණ පිළිබද අවබෝධයක් ලබාගනු රිසි සාහිත්‍යකාමීන් හට ද බෙහෙවින් ප‍්‍රයෝජනවත් වියහැකි කරුණු ඇතුළත් අගනා කෘතියකි.
Rs 500.00
Maha Pajapathi Gothami Apadanaya
මහා ප‍්‍රජාපතී ගෝතමී අපදානය - ත‍්‍රිපිටකයට අයත් සූත‍්‍ර පිටකයෙහි ඛුද්දක නිකායේ 9 වැනි කොටසට ථේරී ගාථා අයත් වේ. තෙරණියන්ගේ ගුණ කථා ඇතුළත් කොටසය. එසේම එහි 13 ග‍්‍රන්ථය වන්නෙ අපදාන පාළියයි. රහතන් වහන්සේලාගේ ජීවිත කතා එහි ඇතුළත් වන්නේය. මෙහෙණින් වහන්සේලාගේ දිවි පුවත් ඇතුළත් වන්නේද ථෙරී ගාථා අපදානයටය. මෙහි සදහන් වන්නේ එහි මහා ප‍්‍රජාපතී ගෞතමී මෙහෙණින් වහන්සේගේ චරිතාපදානයයි. මේ කොටස පිරිවෙන් වල 5 වැනි ශ්‍රේණියේ පාලි නිර්දේශ ග‍්‍රන්ථයක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිර්දිෂ්ට කර තිබේ. මේ පොත එම කොටස ඇසුරු කොට, පෙළ - පදාත්‍ථ - භාවාත්‍ථ හා විස්තර වර්ණනා ද ඉතා සැකවින් දක්වා ඇත.
Rs 230.00
Mahawanso Jetta Parichchedo Padagathartha Bawarththa Vyakarana Vivarana Sahithai
මහාවංසො (ඡුට්ඨො පරිච්ඡෙදො) - සීහලට්ඨකථා මහාවංසය ඇසුරු කොට පාලි පද්‍යයෙන් විරචිත මෙම කෘතිය ජාතික හා ශාසනික ඉතිහාසය මතුකර ගැනීමෙහිලා පමණක් නොව භාෂාඥානය හා සාහිත්‍යඥානය දියුණු කරගැනීමට ද උපකාරී වන්නකි. එහි සයවන පරිච්ඡ්දය පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන්ගේ අධ්‍යනයට නියමිත ව ඇති හෙයින් එම පරිච්ඡ්දය මෙලෙස පදගතාර්ථ, භාවාර්ථ, ව්‍යාකරණ විවරණ හා ගැටපද විවරණයකින් යුක්තව ඉදිරිපත් කරන්නට යෙදුණේ පිරිවෙන් අවසාන විභාගයට සූදානම් වන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අත්වැලක් සැපයීම අරමුණු කොටගෙනය.
Rs 200.00