Home

-10%

Dewdath kathawa

දෙවිදත් කතාව - දෙව්දත් කතාව අරභයා විස්තරාත්මක තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට දයාපාල ජයනෙත්ති මහතා දරා ඇති උත්සාහය අගය කළ යුතුය. දෙව්දත් තෙරුන් පිළිබඳව වෙනත් චරිත කතාවක් ලෙස කියවිය හැකි අන්දමින් ඔහු විසින් විවරණයක් ද සපයා ඇත. ත්‍රිපිටකයේ විවිධ තැන්හි තොරතුරු ඒකරාශී වී ඇති පරිච්ඡේද අටකින් යුත් මෙම ග්‍රන්ථය කියවන විට හැඟී යන්නේ ඒ අරභයා ජයනෙත්ති මහතා දරා ඇති පරිශ්‍රමයයි. ආධුනික ප්‍රවීණ කාගෙත් අවධානය දිනා ගැනීමට මෙම ග්‍රන්ථය සමත්ව ඇති බව සඳහන් කළ යුතුය.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Sansara Bandana

Out-of-Stock
සංසාර බන්ධන - මෙම නවකතාවට පාදක වී ඇත්තේ සිංහල දෙමළ ජාතිවාදී විරසකයේ එක් සියුම් පැතිකඩකි.
Rs 288.00
Rs 320.00
-10%

Rahulayek Upanna

රාහුලයෙක් උපන්නා - ජීවිතයේ විවිධ අත්දැකීම් තුළින් සසරේ කටුක බව අවබෝධ කොට ගෙන සිටි සිද්ධාර්ථ කුමරා, යසෝධරා රාහුලව ප්‍රසූත කරන දිනය වෙද්දී ගිහිගෙය හැර ගොස් පැවිදි වීමට පිඹුරුපත් සකසමින් සිටි බව සැබෑ වුවද 'මහා අභිනිෂ්ක්‍රමණය' සඳහා අවශ්‍ය සංඥාව ලබා දුන්නේ රාහුල උපත ය. සිදුහත් පුතෙකුව මෙලොව එළිය දුටු රාහුල, බුදු පුතෙකු ලෙසින් සසර ගමන නිම කිරීමට දහම් ඇස ලැබුවේය. සූත්‍ර පිටකයේත් ජාතක කතාවලත් තැනින් තැන විසිර තිබුණ ද, එක්තැන් කොට ගෙතූ විට රාහුල තෙරුන්ගේ ජීවිත කතාව ආදර්ශවත් මෙන්ම අර්ථවත් එකකි. මව සමඟ සත්වසරක් ගිහි දිවි ගෙවූ රාහුල, හතළිස් වසරකට අධික කාලයක් බුදුපියා සෙවනේ බුදු පුතෙකු සේ කල් ගත කළ ජීවිතය 'රාහුලයෙක් උපන්නා' තුළින් ඔබ වෙතදිග හැරෙන්නේ අපූර්ව නවකතාවක් ලෙසිනි. 
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Sasara Sarisara

Out-of-Stock
සසර සැරිසරා - කාල නිර්ණය කිරීමට අසීරු දුරාතීත අභිරහස් ඊජිප්තුවේ පාරාවෝ රජ සමයේත්, බැබිලෝනියානු එඬේර යුගයේත්, රෝම අධිරාජ්‍ය සමයේත් එකට ජීවත් වෙමින්, ශෝචනීය ලෙස වෙන් වෙමින් වසර දහස් ගණනක් තිස්සේ භවය පුරා සැරිසරන ආත්මගත යුවලකගේ ඇදහිය නො හෙන මේ ආත්මයේ එක්වීමක සත්‍ය කතාවක් අනාවරණය කෙරෙන "සසර සැරිසරා" (Only Love Is Real) 
Rs 288.00
Rs 320.00
-10%

Amida Asapuwe Theraniya Saha Thawath Katha

අමිද අසපුවේ තෙරණිය සහ තවත් කතා - මෙම කෙටි කතා සංග්‍රහය පරිවර්තන සාහිත්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ සලකුණක් සනිටුහන් කර ඇත. මුල් කෘතියේ රසය ඒ ආකාරයෙන්ම සිංහල පාඨකයා වෙත සමීප කරවීමට පරිවර්තකයා සමත්ව තිබීම මෙහි විශිෂ්ට ලක්ෂණයකි. 
Rs 297.00
Rs 330.00
-10%Out-of-Stock

Leelavathi Bisava

Out-of-Stock
ලීලාවතී බිසව - මෙම නවකතාවට පසුබිම් වී ඇත්තේ ලංකා ඉතිහාසයේ පොළොන්නරු යුගයයි. මෙහි ප්‍රධාන චරිතය වන ලීලාවතී බිසව පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමබාහු රජුගේ අග මෙහෙසිය ය. මේ නවකතාව තුළින් අප විමසිල්ලට ලක් කරනුයේ "ඇයට පරාක්‍රමබාහු රජතුමා අතින් සාධාරණය ඉටු වූයේ ද ? නැද්ද ?" යන ප්‍රශ්නයි. මිත්තා කුමරියගේ, රත්නාවලී බිසවගේ සහ සුගලා බිසවගේ චරිත මේ නවකතාවේ එන තවත් වැදගත් චරිත තුනකි. එමෙන්ම පොළොන්නරුවෙ රජ කළ කල්‍යාණවතී බිසවගේ චරිතය ද මෙහි දී විග්‍රහ වෙයි.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Handanaluwen Budu Maga

Out-of-Stock
හඬනළුවෙන් බුදු මඟ - මෙහි අන්තරගතව ඇත්තේ 'බෞද්ධ ගුවන්විදුලි නාට්‍ය' ය.
Rs 315.00
Rs 350.00
-10%

Asarana Minissu

අසරණ මිනිස්සු - මෙම කෙටි නවකතාව දොස්තොයෙව්ස්කිගේ කුළුදුල් කෘතියයි. ඔහු වයස විසිදෙක වීමටත් පෙර ලියූ මෙම කතාවෙන් විශ්ව සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක් හිමිකර ගන්නා උදීයමාන ශ්‍රේෂ්ඨ ලේඛකයකුගේ පෙර ලකුණු පළ කළේ ය.
Rs 360.00
Rs 400.00
-10%

Wimukthiya Soya

විමුක්තිය සොයා
Rs 342.00
Rs 380.00
-10%

Ithihasaya Kelabu Pem Katha

ඉතිහාසය කැලඹු  පෙම් කතා - මෙහි ඇතුළත් වනුයේ දැනට දශක තුන හමාරකට පමණ ඉහතදී මුලින් ම ප්‍රේමසිරි මාහිංගොඩ මහතා විසින් "සිළුමිණ' පුවත්පතට සතිපතා ලියන ලද කතා පෙළකි.
Rs 342.00
Rs 380.00
-10%

Monaravila

මොනරවිල - මෙම කෘතිය සඳහා පාදක වන්නේ මෑත කාලීන ශ්‍රී ලාංකික ඉතිහාසයෙහි අතිශය උද්වේගකර සිදුවීමක් වූ '1818 උඩරට මහ කැරැල්ල' ලෙස හැඳින්වෙන විමුක්ති අරගලයයි.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Kashyapa Raju Saha Abirahasa

Out-of-Stock
කාශ්‍යප රජු සහ අභිරහස - නවමු චින්තනයන්ගෙන් පිරුණු යොවුන් විය තාත්විකය, ගවේෂණාත්මකය. ඕනෑම අභියෝගයන් හමුවේ නොසැලී පෙරමුණට යාමට තරම් ඒ සිත් තීරණාත්මකය. වර්තමානයේ මෙන්ම යටපත්ව ගිය අතීතයේ යෞවනයාට ද මෙය සාධාරණය. මෑත කාලීන යෞවනයාගේ රඟමඩල එළිදරව් කරන සිතුවම් කොතෙකුත් කරළියට බැස ඇත. මේ නිසා අප නොදුටු අතීත යෞවනයාගේ සිතුම් පැතුම් අපේක්ෂාවන් මෙසේ වන්නට ඇතැයි සිතා 'කාශ්‍යප රජු සහ අබිරහස' නම් වූ මේ ගවේෂණාත්මක යොවුන් කතා වස්තුව ඔබ අතට පත් කරමි.
Rs 540.00
Rs 600.00
-10%Out-of-Stock

Ali Dole

Out-of-Stock
අලි ඩෝලේ - අලි - මිනිස් ගැටුමට මුතුන් මිත්තන් සතු අත්දැකීම් ඔස්සේ සැබෑ උත්තරයක් සොයන යොවුන් දරුවන් දොළොස් දෙනෙකුගේ පරිසර ගවේෂණයකි.
Rs 900.00
Rs 1,000.00
-10%

Maha Naranindu Walagamba

මහ නරනිඳු වලගම්බා සාර්ථක ඓතිහාසික නවකතාවකි. වලගම්බා රජතුමා ගැන මූලාශ්‍ර හා ජනශ්‍රැතියෙන් හෙළි කෙරෙන තොරතුරු පරිශීලනය කරමින් රචිත මෙය නවකතාවක් වුවත් මූලාශ්‍රයක් වශයෙන් සැළකීමට තරම් රැසක් තොරතුරු මෙහි අන්තර්ගතය.
Rs 711.00
Rs 790.00
-10%

Seethavaka Sinhaya

සීතාවක සිංහයා - රාජසිංහ රජු ඔහුගේ ප්‍රථම ආක්‍රමණිකයා වූ පෘතුගීසීන්ගෙන් මාතෘභූමිය ගලවා ගැනීමට පෑ රණකාමීත්වය ලේවලින් ලක් ඉතිහාසය වර්ණවත් කරයි. මේ රාජසිංහගේ කතාවයි.
Rs 252.00
Rs 280.00
-10%

Detu Puravasiyo

දෙටු පුරවැසියෝ - මෙම කෘතිය මනෝ මූලික තොරතුරු වලින් හා අත්දැකීම්වලින් ගහණ කථා පහුරු දහයකින් සමන්විතය. ඒ සමහ‍රකින් මිනිස්කම, සාධාරණය තුළ එක්සත්බව, සාමූහික බව සුපුෂ්පිතව සුවඳවත් වන අයුරු චින්තනයට හසු කරවයි.
Rs 162.00
Rs 180.00
-10%

Pakundaka Nam Mamay Ya

පකුණ්ඩක නම් මම ය නමැති මෙම නවකතාව සංගෘහිත වන්නේ ඒ දීපවංසයේ එන කතාව පාදක කරගෙනය. එහෙත් මෙය ඉතිහාස කතාවක් නොවේ. සැබැවින්ම ඒ යුගයේ සිදු වූ සත්‍ය සිද්ධීන් පාදක කරගත් නව ප්‍රබන්ධයකි.
Rs 360.00
Rs 400.00
-10%

Sangramaye Wiyagraya

සංග්‍රාමයේ ව්‍යාඝ්‍රයා
Rs 270.00
Rs 300.00