Rs 160.00
Rs 200.00
-20%
Meditation
There are 313 products.
E Bhawanamaya Margaya
ඒ භාවනාමය මාර්ගය - ''The Meditative Path Of Master John Ciancioci '' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙය භාවනාවට පිවිසීමට පෙර පරිශීලනය කළ යුතු හොදම අත්පොතකි.
Rs 1,120.00
Papi Maraya Yanu Kawarekda ?
Out-of-Stock
පාපී මාරයා යනු කවරෙක්ද? මාර සේනාව යනු කවුරුන්ද? මාරයා යනු පුද්ගලයෙක්ද? එසේ නැතිනම් ක්ලේශ ධර්මයන් මාර සේනාවට හමුවන්නේ කෙසේද? පාපී මාරයාගේ වසගයට හසු වූ කෙනෙක් එයින් නිදහස් වන්නේ කෙසේද? මාරයාගෙන් නිදහස් වන මාර්ගය කුමක්ද? යන සෑම ගැටලූවකටම මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් ධර්මානුකූලව පිළිතුරු ලැබෙන අතර මාර වසගයෙන් නිදහස් වී නිවන කරා යන මාර්ගය ඉතා සරල බසින් පහදා දී ඇත.
Rs 420.00
Dyana Yoga
Out-of-Stock
භාරතීය යෝගීවරුන් සෘෂිවරුන් විසින් නිර්මාණය කළ යෝග ශාස්ත‍්‍රයත් - තාන්ත‍්‍රික ඉගැන්වීම් මත සිට නිර්මාණය වූ විද්‍යා - තාක්‍ෂණ ක‍්‍රම ශිල්ප බොහෝ ඇත. ඉන් ප‍්‍රධාන විද්‍යා ධාරාවක් වන්නේ දස මහා විද්‍යාවයි. මෙම විද්‍යා ශාස්ත‍්‍ර සාක්ෂාත්කරණයට අවශ්‍යය ක‍්‍රමවේදයන් පිළිබද මෙම ග‍්‍රන්ථයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. ඒ සදහා භාවිත මන්ත‍්‍ර - යන්ත‍්‍ර - මණ්ඩල - ජපමාලා පිළිබද මෙහි විස්තරාත්මකව කරුණු අන්තර්ගතව ඇත.
Rs 500.00
Rs 380.00
Prathipada - 01
Out-of-Stock
අලි, කොටි, වලසුන් හා විෂ ඝෝර නාගයින් වසන තායිලන්තයේ වනාන්තර වලට වී නිර්වාණ මාර්ගය සාක්ෂාත්කරණය සදහා ධූතාංග කමටහන් වඩන භික්ෂූන් වහන්සේලාගේ අනුවේදණීය කතා පුවත් වලින් සම්පාදිත මෙය ''Patipada, Venerable Achariya Mun's Path of Practice'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයෙහි පළමුවන කොටසයි.
Rs 400.00
Prathipada - 02
අලි, කොටි, වලසුන් හා විෂ ඝෝර නාගයින් වසන තායිලන්තයේ වනාන්තර වලට වී නිර්වාණ මාර්ගය සාක්ෂාත්කරණය සදහා ධූතාංග කමටහන් වඩන භික්ෂූන් වහන්සේලාගේ අනුවේදණීය කතා පුවත් වලින් සම්පාදිත මෙය ''Patipada, Venerable Achariya Mun's Path of Practice'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයෙහි දෙවන කොටසයි.
Rs 300.00
Prathipada - 03
අලි, කොටි, වලසුන් හා විෂ ඝෝර නාගයින් වසන තායිලන්තයේ වනාන්තර වලට වී නිර්වාණ මාර්ගය සාක්ෂාත්කරණය සදහා ධූතාංග කමටහන් වඩන භික්ෂූන් වහන්සේලාගේ අනුවේදණීය කතා පුවත් වලින් සම්පාදිත මෙය ''Patipada, Venerable Achariya Mun's Path of Practice''නම් කෘතියෙහි සිංහල පරිවර්තනයෙහි තෙවන කොටසයි.
Rs 380.00
Kaiwu Rahath Theraniya
Out-of-Stock
මේ කෘතියෙන් ඉදිරිපත් කෙරෙන්නේ බෞද්ධ ධර්ම මාර්ගයෙහි කූටප‍්‍රාප්තියට පත් කාන්තාවකගේ ජීවිතයත්, භාවනා පරිචයත් විදහා පෑමකි.
Rs 275.00
Sathimath Bawehi Balaya
''The Power of Mindfulness'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙයින්, සති සංකල්පය බෞද්ධ භාවනාවේ නිරතවන්නන්ට තවදුරටත් තේරුම්කර දෙමින්, ක්‍රමිකව දියුණුකරගත් නිවැරදි කුසල් සහගත අවධානය ප්‍රබල බලශක්තියක් ලෙස මානසික අභ්‍යාසයෙහි යොදාගත හැකි ආකාරය විමසා බලයි.
Rs 150.00
Ajan Cha Himiyange Nirwana Deshana
Out-of-Stock
පූජ්‍ය අජාන් චා හිමියන්ගේ ධර්ම දේශනා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සරල ය. එහෙත් එහි අන්තර්ගතව ඇත්තේ අතිශයින්ම ගැඹුරු ධර්මතාවකි. මේ එවැනි ධර්ම දේශනා වල එකතුවකින් සැදුම්ලත් ''Every thing is Teaching Us'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 450.00
Anaththa Saha Nibbana
''Anatta And Nibbana'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙය ත්‍රිපිටකය පුරා විසිරී පවතින අනාත්ම ස්වභාවය සහ නිර්වාණය පිළිබදව බුදු රජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවල දේශනා කරන ලද දහම් කරුණු ඒකරාශි කර සම්පාදනය කල වටිනා ධර්ම ග්‍රන්ථයකි.
Rs 100.00
Kusal Mul Saha Akusal Mul
Out-of-Stock
බුදුරදුන්ගේ උගැන්වීම් තුළ, කුසල මූල හා අකුසල මූල අතිශය පුළුල් වැදගත්කමකින් යුත්බව දක්වා ඇති අතර, බුදු දහමෙහි කේන්ද්‍රීය ස්ථානයක් ඒවාට දී තිබේ. මෙම කෘතියෙහි ඇතුළත් කොට ඇත්තේ, බුදුරදුන් දෙසූ සූත‍්‍ර දේශනා උපුටා දක්වමින් එබදු තැන් සදහා නිදසුන් සැපයීමකි.
Rs 160.00
Niwan Magata Piyawarak
Out-of-Stock
One Foot In The World නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙය නිවන් මග කරා පා තබමින් ලොව ගමන්කරන අයට එදිනෙදා ජීවිතයේ දී හමුවන ප‍්‍රශ්නවලට ධාර්මිකව මුහුණ දීමටත්, ඒවා සාර්ථක ලෙස නිරාකරණය කර ගැනීමටත් උපකාරී වන්නකි.
Rs 60.00
Ape Saba Niwahana
Out-of-Stock
මෙම කුඩා පොතේ දැක්වෙනුයේ මහලූ වයසට පත්ව, මරණයේ සේයාව දැක ගනිමින් සිටි එක්තරා කාන්තාවකගේ නිවසට වැඩම කළ අචාන් චා හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනාවක සිංහල අනුවාදයයි.
Rs 60.00
Dharmaye Margaya
Out-of-Stock
ධර්මයේ මාර්ගය - ආර්ය මාර්ගය, කර්මය සහ පුනර්භවය, පටිච්ච සමුප්පාද ධර්මය, භාවනා නැමැති සදහම් මාතෘකා ඔස්සේ පූජ්‍ය ඤාණතිලෝක හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සම්පාදනය වූ වටිනා කෘතියකි.
Rs 250.00
Uththareethara Brahmavihara Guna Sathara
Out-of-Stock
''The Four Sublime States'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙයින් මිනිස් සිතෙහි වර්ධනය කරගත හැකි මෛත‍්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන උත්තරීතර ගුණ සතරෙහි යථා ස්වරූපය පිළිබද නිරවුල් අවබෝධය ද සත්‍යාවබෝධය ද අත්කර ගැනීම සදහා එම උතුම් ගුණයන් උපකාරී වන අන්දම පැහැදිලි කරයි.
Rs 130.00
Achan Cha Natha
Out-of-Stock
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ දේශනා වලින් උපුටාගත් කොටස් ඇසුරෙන් සකස් කරන ලද්දකි.
Rs 150.00
Me Jeevithayedima Maga - Pala Labana Maga
Out-of-Stock
මේ ජීවිතය තුළදීම මග ඵල ලැබීමට නම් බාහිර අංග ලෙස කල්‍යාණ මිත‍්‍ර ඇසුර, සද්ධර්ම ශ‍්‍රවණයත් ලැබිය යුතුය. මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් චතුරාර්යය සත්‍යය අවබෝධ කොට මග ඵල ලබන මග කල්‍යාණ මිත‍්‍රයෙකු ලෙස ඉතා සරල බසින් පහදා දෙයි.
Rs 720.00
Dukin Mideeme Maga
''The Way To Freedom From Suffering'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙහි චතුරාර්ය සත්‍යය මුල් කරගත් බෞද්ධ ඉගැන්වීම් පිළිබද සංක්ෂිප්ත හැදින්වීමක් අන්තර්ගත වේ.
Rs 110.00
Sithata Badha Karana Panchaneewarana saha ewa jayaganna hati
සිතට බාධා කරන පඤ්චනීවරණ සහ ඒවා ජයගන්නා හැටි පිළිබද පාලි ත‍්‍රිපිටකයෙන් සහ අටුවා කථාවන්ගෙන් උපුටාගත් කොටස් සහ ඒ ගැන අර්ථ විවරණයන්ගෙන් සැදුම්ලත් කෘතියකි.
Rs 160.00
Buddhimathun Ya Yuthu Maga - E Ama Niwan Dora Viwara U wagai
Out-of-Stock
බුදු දහමේ මූලිකාංගයක් වන පටිච්ච සමුප්පාදය සම්බන්ධ දැනගත යුතු වටිනා දහම් කරුණු සරල බසින් පහදා දී ඇති සුවිශේෂී කෘතියකි.
Rs 320.00
Rahathan Wahanse Saha Wimukthi Suwaya
Out-of-Stock
නිබදවම ආදී පෙළ දහමට යොමු වෙමින් පරිච්චේද දහයක් ඔස්සේ මෙහි මතු කෙරෙන විවරණ සැබවින්ම සරළය, සුගමය, රසවත්ය. බුදු සමයෙහි එන ගැඹුරුතම ප‍්‍රස්තුතය මුල්කොටගෙන නව ආකල්පයකින් සම්පාදනය වී ඇති මෙම කෘතිය දහම් රසයත්, දහම් දැනුමත් සොයන සැමට අපූරු අනුග‍්‍රහයකැයි කිව යුතුය.
Rs 450.00
Patichchasamuppada Dharma
Out-of-Stock
''A Discourse On Paticcasamuppada'' නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙහි පටිච්ච සමුප්පාදය පිළිබද කළ සාරගර්භ ඉගැන්වීම් අන්තර්ගත වේ.
Rs 290.00
Rahathan Wahanse Saha Niwan Suwaya
මෙම ග‍්‍රන්ථය මගින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ දුක්ඛ සංකල්පය මෙන්ම නිවන පිළිබදව මෙතෙක් උගතුන්ගේ අවධානයට යොමු නොවූ කරුණු රැසක්ද විචාරාත්මකව විමසීමට ලක්කර තිබේ.
Rs 320.00
Rs 325.00
Chathurarya Sathya Bhavanava
Out-of-Stock
බුදු දහමෙහි මුලික පදනම චතුරාර්ය සත්‍ය ධර්මය වේ. එය නිතර මෙනෙහි කිරීමක් වශයෙන් භාවනාවට නගන්නේ කෙසේද යන්නත් , ඊට සම්බන්ද අත්දැකීම් කුමන ස්වරුපයක් ගන්නේද යන්නත් මෙමගින් විග්‍රහ කරනු ලබයි.
Rs 280.00
Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 04
පාලි ත්‍රිපිටකයෙහි විවිධ තැන්වලින් උපුටාගත් සූත්‍ර පාඨ උපයෝගී කරගනිමින් ධර්මයෙහි වැදගත් අංග එක්තැන් කෙරෙන සර්වග්‍රාහී සැලැස්මක් තුළ බුදුදහම හඳුන්වාදෙන අගනා කෘතියකි.
Rs 200.00
Sitha Niwana Maga
සිත නිවන මග - විසුද්ධිය යනු සුපිරිසිදු බවයි. නිවන සදහා ගමන් කළ යුතු සුපිරිසිදු මාර්ගය පෙන්වන බැවින් එය විසුද්ධි මාර්ගය නම් වෙයි. නිවන් දැකීමට කැමති සත්පුරුෂයන් යා යුතු මාර්ගය එහි විස්තර වෙයි. එය පැවිදි අය උදෙසා ලියුවද, ගිහි අයට ද ගත හැකි උපදෙස් බොහෝය. මෙම ග‍්‍රන්ථයෙන් සාමාන්‍ය බෞද්ධයන්ගේ ධර්මඥානයට ලැබෙන පිහිට ද අතිමහත්ය
Rs 280.00
Bhavanavata Adala Prayogika Karunu
Out-of-Stock
භාවනාවෙන් චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරගැනීමත් සිතෙහි දියුණුවත් සිදුකර දෙයි. එයට අදාල ප්‍රයෝගික කරුණු විග්‍රහ කරමින් මාතෘකා දෙතිසක් යටතෙහි මෙහි කරුණු සවිස්තර කර ඇත.
Rs 715.00
Bodhiya Labimata Nam
බෝධිය ලැබීමට නම්නි - වන හෙවත් අවබෝධය ලබාගැනීමට අවශ්‍ය දහම් කරුණු මෙහිදී සාකච්ඡා කෙරේ. සමථ විදර්ශනා භාවනා ගැනත්, සප්ත බොජ්ඣංග සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ කරුණුත් අවබෝධය සඳහා හේතු කරගන්නේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡාවට භාජනය කෙරේ.
Rs 735.00
Hadawathen Nagena Dam Kada
අතිපූජ්‍ය අජාන් මහාබූවා ඤාණසම්පන්නෝ හිමිපාණන් වහන්සේ භාවනානුයෝගීන් අරමුණු කරගෙන පවත්වන ලද දේශනා අනුසාරයෙන් සම්පාදනය වූ මෙය Straight From The Heart නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.
Rs 270.00
Vidarshana Bhawanawe Jeewana Athdakim
Out-of-Stock
දිනපතා ජීවිතයේ කටයුතුවල යෙදෙන අතරතුරේදීම භාවනාව පුහුණු වීමට මග පෙන්වීමක් වශයෙන් මෙම ධර්ම සංග‍්‍රහය "හැම මොහොතක්ම සිහි බුද්ධියෙන් ගත කිරීමේ කලාව" පුහුණුවීම සදහා මග පෙන්වන අත්පොතකි. තවද මෙය භාවනාවට ආධුනික අය සදහා මුල්පොතක් වශයෙන් ද හැදින්විය හැකිය.
Rs 100.00