Other

-20%

Sowan Wanu Was

කර්තෘ ගෙන්...
මේ එළැඹී තිබෙන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය යි. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් වසර 2600 ක් ඉක්ම ගොස් ඇති අවස්ථාවක යි, අප මේ ජීවත් වන්නේ. සමහර විට බුදු රජාණන් වහන්සේ සිටි යුගයේත් අප මිනිස් භවයක් ම ලබා සිටින්නට ඇති. ඒ වාගේ ම බුදු රජාණන් වහන්සේ ගෙන් බණ අහන්නටත් ඇති. ඒත් ඒ කිසිවක් අප හරි හැටි දන්නේ නැහැ. අපට දැන ගන්නට තරම් ප්‍රඥාවකුත් නැහැ. කොහි සිට ආවේ ද යන්නත්, කොහි යන්නේ ද යන්නත්, නොදන්නා අපි තව මත් මෝහයෙන් මුළා වී මේ සසර සැරිසරනවා. 
බුදු දහමට අනුව, අප කළ යුත්තේ තව මත් සසර සැරිසැරීම ගැන පසුතැවිලි වීම නො ව සසරින් එතෙර වීම සඳහා වහ වහා කළ යුතු දේ කිරීම යි. බුදු දහම තුළ පසුතැවිලි වන්නට ඉඩක් නැහැ. ඒකට හේතු කිහිපයක් ම තිබෙනවා. එකක් තමයි පසුතැවිලි වීම ප්‍රමාදයට කාරණයක්. ඒ කියන්නේ මාර්ග-ඵල ලබා ගැනීම වළකා ලන්නක්. අනෙක් අතින් එ සේ පසුතැවිලි වුණා කියා ලැබිය හැකි කිසි දු ප්‍රතිලාභයක් නැහැ. ලෞකික ව හෝ විඳිය හැකි සැපයක් සුවයක් නැහැ. ඒ ගැන ඔබ ම දෑස් පියා ගෙන මඳක් කල්පනා කර බලන්න
Rs 176.00
Rs 220.00
-10%

Ananda Maitreya Mahanahimi Avarjana

'ආනන්ද මෛත්‍රී මහානාහිමි ආවර්ජනා' නම් මෙම කෘතිය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි පිළිබද ශ්‍රේෂ්ඨ උසස් යතිවරයාණන් වහන්සේලා විසින් උන් වහන්සේගේ ගුණ කදම්බය පිළිබද කරන ලද ආවර්ජනාත්මක විග්‍රහයකි.
Rs 675.00
Rs 750.00
-10%

Karunika Thara

ශ්‍රී ලංකාවේ වැඩ සිටින සියලුම භික්ෂුන් වහන්සේලා ගෙන තරාදියක එක් පසෙක දමා බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් අනෙක පස දැමුවත් ඒ පස බර වැඩි වන්නේ යැයි ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් වරෙක පැවසී ය. පිරිසිදු සිල් ගිහිණි ඒ මහා යතිවරයාණන් වහන්සේ සිංහලට පරිවර්තනය කළ කාරුණික තාරා' වූ කලී මහායාන බෝධිසත්වවරියකගේ අතිශය කාරුණික වූද පරිත්‍යාගශිලී වූද ජිවිත පිළිබිඹුවකි. ලෝ වැසියන් දුක් පීඩාදියෙන් මුදනු පිණිසත්, ධර්මය යළි යළිත් ප්‍රචලිත කරනු පිණිසත් නාථ දෙවියන් මිනිස් වෙස් ලැබූ චරිත වරින් වර ලොව පහළ වන බව සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ දැක් වේ. එසේ පහළ වූ ආත්ම භාව 33 ගැන එහිම සඳහන් වේ. මෙහි එන කාරුණික තාරාවෝ එසේ පහළ වූ අවලෝකිතේශ්වර නාථ පුනරාවතාරයක් වෙත්
Rs 450.00
Rs 500.00
-10%

Janmayen Janmaya

අප උපදින්නේ තනිව ම ය. මිය යන්නේ ද එසේ ම ය. එහෙත් අපේ දෙමාපියන්, සොහොයුරු සොහොයුරියන්, ඥාතීන් සහ මිතුරු මිතුරියන් සසර ගමනේදී කී වරක් හමුවන්නට වෙන්වන්නට ඇද්ද? සසර ගමන පුරා අපි විවිධ සම්බන්ධකම් ඇතුව ගමන් කරමු. වරෙක ඔබ පෙම්වතා ය. තවත් විටෙක ඔහු පියා ලෙස හෝ සොහොයුරෙකු ලෙස ඉපිද ඇත.  පෙම්වතුන් පෙම්වතියන් වරෙක අඹු සැමියන් ලෙස ද වරක සොයුරු සොයුරියන් ලෙසද ඉපිද ඇත. එහෙත් ඔබ එය නොදනියි. දැක පුරුදු බවක් ඇති කඩවසම් තරුණයා  ජන්ම ගණනාවක ඔබේ ම ආදරවන්ත ස්වාමියාව සිට ඇත. ජාති ජාතින් අත්වැල් අල්ලාගෙන ආ-ගිය ගමන් ඔබට එක වර ම මතකයට නාවද ඔහුගේ එක් ස්පර්ශයකින් ම ඒ සියල්ල සිතට දැනෙයි. කටහඬ ඇසූ පමණින් සිත ඔහු හඳුනා ගනියි. 
Rs 675.00
Rs 750.00
-10%

Yahapath Birindaka Viya Haki Maga

වර්තමාන තරගකාරි සමාජයේ, අභියෝගාත්මක රැකියාවල නියුතු වන තරුණ පරපුරට තම වෘත්තීය හා ගෘහස්ත ජීවිතයේ දී දහසක් ගැටළු වලට මුහුණ දීමට සිදු වේ. එවන් අවස්ථාවල තම සහකාරිය ගෙන් ලැබෙන සහාය, ආදරය හා මගපෙන්වීම කවර අභියෝගයකට වුව ද නොසැලී සිටීමට උපකාරී වේ.භාර්යාවකට තම පවුලේ සාමය හා අභිවෘද්ධිය නංවාලීමට ඉටු කළ හැකි මෙහෙය අපමණ ය. වෘත්තීය ක්‍ෂේත්‍රයේ ඉහළට නැගීමට තම ස්වාමි පුරුෂයාට, භාර්යාවකට කවර තරමේ උදව්වක්, උපකාරයක් කළ හැකි ද යන්න ඩොරති කානගී මෙම පොතෙන් මනාව පෙන්වා දෙයි.
Rs 405.00
Rs 450.00
-10%

Bauddha Vihara Dewalagam Panatha

බෞද්ධ විහාර දේවලගම් පනත යන මෙම කෘතිය තුළ 1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් පනත, එසේම 1815 උඩරට ගිවිසුමේ මුල් පිටපතේ ජායාස්ථ පිටපතක්ද, තවද පාඨකයාගේ කියවීමේ පහසුව සදහා සිංහල පෙළෙහි පිටපතක්ද ඇතුළත් කර ඇති හෙයින් කෘතිය රසවිදින පාඨකයා හට ඉතා ඉහල රසස්වාදයක් ලබා ගත හැකි කෘතියකි. 
එසේම දේවාලගම් පනත පිළිබදව හා එහි මූලාරම්භය, විකාශය, වර්තමානය සහ ඉදිරි දැක්ම පිළිබදව පූර්ව නිර්ණයක්ද සිදු  කර ඇත.
Rs 477.00
Rs 530.00
-10%Out-of-Stock

Navikaranaya saha pansala

Out-of-Stock
පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු වූ මහාචාර්ය දයා අමරසේකර මහතා ශ්‍රී ලංකාවේ සමාජය හා සංස්කෘතිය පිළිබඳව ලිපි ලේඛන රාශියක් පළ කොට ඇති ප්‍රවීණ ආචාර්යවරයෙකි.ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්‍ෂේත්‍රයට ඒ මහතාගෙන් සිදුවන සේවයේ තවත් කඩ ඉමක් ලෙස නවීකරණය සහ පන්සල යන කෘතිය හැඳින්විය හැකිය.සමය (ආගම) පිළිබඳ සමාජ විද්‍යාවට අදාළව ලියා ඇති මෙම නවතම කෘතියේ කාලෝචිත මාතෘකා කිහිපයක්ම එකතු වී තිබේ.
Rs 855.00
Rs 950.00
-10%

Aparadha Vidyawa

අපරාධ විද්‍යාව නූතනයෙහි ප්‍රබල ඉල්ලුමක් පවතින ජනප්‍රිය විෂයය ධාරාවකි. විශ්ව විද්‍යාල මට්ටමින් පරිබාහිරව විවිධ ආයතන රැසක් නූතනයෙහි අපරාධ විද්‍යාව පිළිබඳ හැදෑරීම, උනන් දුජනක ලෙස සිදු කරනු පෙනේ.මෙම කෘතිය අපරාධ විද්‍යාවේ සඳහන් සංකල්ප, මතවාද හා කාලීන ප්‍රවණතා කිහිපයක් ඉතා විෂය බද්ධව සාකච්ඡා කළ කෘතියකි. අපරාධ විද්‍යාවේ සඳහන් න්‍යායයන් මුල් වරට සිංහලයෙන් සවිස්තරාත්මකව සාකච්ඡා කරන්නේ මෙම කෘතියෙන් බව කිව යුතුය.
Rs 630.00
Rs 700.00
-10%

Auguste Comte Samaja Vidyawe Piya

සමාජ විද්‍යාව ස්වාධීන විෂයක් ලෙස ආරම්භ වී වර්ධනය වීම යුරෝපා සමාජය තුළ සිදු වූ සමාජ සමය විපර්යාසයන් රැසක සාමුහික ප්‍රතිඵලයකි. තත් කාලීන යුරෝපා සමාජය දේශපාලනයික හා ආර්ථික වශයෙන් මුහුණ දුන් සුවිශාල අභියෝග රැසක් මෙහිදී හඳුනාගත හැක. මෙම සංකීර්ණ සමාජ විපර්යකාරකයක් නිවැරදිව තේරුම් ගෙන ඒ තුළින් ශාස්ත්‍ර ලෝකයම අවදි කළ සමාජ චින්තකයන් කීප දෙනෙක්ද ඒ සමග හඳුනාගත හැක.
ඔගස්ට් කොමිට් එහිලා මූලාරම්භක විනේතෘවරයෙකි. මෙම කෘතිය ඔගස්ට් කොමට් පිළිබඳව රචිත ප්‍රථම සිංහල කෘතියයි. ඔහුගේ මතවාද හැඩ ගැස් වූ පෞද්ගලික ජිවන අනුභූතීන් හා අවස්ථාවන් මෙමගින් ආනුභවිකවම සාකච්ඡාවට ලක් කිරීම වැදගත්ය. මහාචාර්ය දයා අමරසේකර මෙරට ප්‍රකට සමාජ විද්‍යා ගත් කතුවරයෙකි. සමාජ විදහා නැණ නුවණ පොදු ජන සමාජය වෙත රැගෙන යාමට මහෝපකාරී වූ ඔහුගේ කෘති අතර මෙම කෘතිය වෙසෙසින්ම කැපී පෙනෙයි.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Manushya prethayan samaga kala dushkara kriyawak

Out-of-Stock
සමාජ සමීක්ෂණ පිළිබඳ උනන්දුව තුළින් අප ජීවත්වන සමාජ පරිසරය ගැඹුරින් තේරුම් ගැනීමට අද බොහෝ අය තුළ දැඩි උනන්දු ජනක තත්ත්වයක් දැකිය හැකිය. සිඟන්නන්, ගණිකාවන්, ගැට කපන්නන්, මිනිස් වෙසින් සිටින අධමයන්, ව්‍යාජ වට්ටෝරු වෙදුන්, කපටි මන්ත්‍රකරුවන් ආදී සැවොම අපගේ සමාජයෙහි ප්‍රබල භූමිකාවක් ඉටු කරති. ඔවුන්ගේ අදෘශ්‍යමාන කාර්යභාර්ය ද මතුපිටින් පෙනෙන ස්වරූපය ඉක්මවා පවතී. නූතන මිනිසා තම ජීවිතගමනේ විවිධ ආපදාවන්, අවශ්‍යතාවන් ඉදිරියෙහි මේ කවර හෝ පුද්ගලයෙකුට කොටු වෙයි. කවර හෝ අත්දැකීමක් ලබමින් සිටී. සමාජය නම් පෘථුල ජාලයෙහි එලී පැටලී වෙලී සිටින අපි මේ අපූර්ව චරිත කෙසේ අත් හරිමුද? සැබවින්ම අපට මොවුන් මඟහැර ගිය හැකිද?
මෙම කෘතිය මෙම ප්‍රශ්නය ආනුභවිත අත්දැකීම් ආශ්‍රයෙන් සාකච්ඡා කරන කෘතියකි. මෙම අපූර්ව මිනිසුන්ගේ ලෝකයෙහි ගිලෙමින් මෙහි කතුවරයා ඔවුන්ගේ සැබෑ රුව ගුණ හඳුනා ගත්තෙකි. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සම්මානිතමහාචාර්ය නන්දසේන රත්නපාල මෙම සමාජ සමීක්ෂණ තුළින් පාඨකයාට ලබා දෙන දැනුම සහ අනුභූතිය වැදගත්ය. රසවත්ය.
මහාචාර්ය දයා අමරසේකර පේරාදෙණිය විශ්ව විද්‍යාලය
Rs 1,215.00
Rs 1,350.00
-10%

Budu Dahama Widdayava Ha Jeevaye Sambhavaya

බුදු දහම විද්‍යාව හා ජීවයේ සම්භවය යන මැයෙන් කැන්දගොල්ලේ සුමනරංසි හිමියන් විසින් රචනා කරන ලද පර්යේෂණාත්මක නිබන්ධනයේ අත් පිටපත කියවීමි. සමකාලීන අධ්‍යයන හා පර්යේෂණ ක්‍ෂේත්‍රයෙහි නිරත වන්නන්ට, ඉතාමත් ප්‍රයෝජනවත් කෘතියක් ලෙස ප්‍රකාශ කරනු කැමැත්තෙමි. බුදු සමයේ සූත්‍ර පිටකයේ මූලික සූත්‍රයන්හි අන්තර්ගත විද්‍යාත්මක දෘෂ්ටිය, වත්මන් විද්‍යා විෂයයන්ද අධ්‍යයනය කරමින් දිගු කලක ගවේෂණයේ යෙදෙමින් සිටි උන් වහන්සේ අතින් මෙවන් කෘතියක් බිහිවේ යයි අප සමඟ කළ මුල් සාකච්ඡා වලදී ද මට හැගී ගියේය. විද්‍යා විෂයයන් පිළිබඳ දැනුම ලබා ගැනීමට හා ගැටලු නිරාකරණය කරගැනීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් කිහිප දෙනෙකුගේම සහාය ලබාදීමට මට ද හැකියාව ලැබිණි. වෛද්‍ය පීඨයේ මහාචාර්ය පි. ඒ. ජේ. පෙරේරා මහතා, විද්‍යාපීඨයේ එස්. ඒ. ආනන්ද කුලසූරිය මහතා ද භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය කපිල දහනායක මහතා ද මෙම කෘතියෙහි අන්තර්ගත කරුණු පිළිබඳව ප්‍රශංසාව පල කල බව සඳහන් කළ යුතුය. මහාචාර්ය කඹුරුපිටියේ අරියසේන හිමිපාණන් වහන්සේ බුදු දහම හා විද්‍යාව පිළිබඳ මැනවින් කරුණු විභාග කොට බලා ශ්‍රේෂ්ඨ කෘතියක් ලෙස හැඳින්විය හැකි බව සඳහන් කර ඇත.
කථිකාචාර්ය පණ්ඩිත බමුණුගම ශාන්ත විමල හිමි
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Malaunge lokaye abirahas

Out-of-Stock
මලවුන්ගේ ලෝකයේ අබිරහස් නමැති මෙම ග්‍රන්ථය තුළින් දිවැසිවරුන් හෙළි කළ අමනුෂ්‍ය ලෝකයේ විස්මිත තොරතුරු බොහෝමයක් අන්තර් ගත කර රචනා වූ ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 216.00
Rs 240.00
-10%

mala poth pincha

පරිවර්තනය මහාචාර්ය ඩබ්ලිව්. එම්. ගුණතිලක
ටිබෙට් ඉගැන්වීම් වල විස්තර කෙරෙන පරිදි, මරණය සිදුවන මොහොතේදී, ලොව සෑම දෙයක්ම මෙන්ම ප්‍රාණී සත්වයාද සෑදී ඇති පස, ජලය, ගින්න, වාතය හා අවකාශය යන මූල ධාතු එකක් අනෙකට වශයෙන් එකිනෙකක් තුළට ගිලී යන්නේය.එබඳු තවත් ක්‍රියාවලියකට පසුව, මිය යන පුද්ගලයාගේ සූක්ෂ්ම විඥානය ශරීරයෙන් ඉවත් වී 'බාඩෝ ශරීරය' නම් වූ සියුම් ශරීරයක් සහිත 'බාඩෝ' නම් වූ අතරමැදි හෙවත් අන්තරාභව තත්ත්වයකට පත් වෙයි. මෙම බාඩෝ ශරීරයට, ඝන ද්‍රව්‍ය පසාරු කරගෙන යාම, ඕනෑම තැනකට සිතුවිල්ලක් පහළවන වේගයෙන් ඉගිලී යාම වැනි හැකියාවන් ඇත.
Rs 360.00
Rs 400.00
-10%

Pirimiyawa Kiyawamu

කතෘ ගෙන්...
රෝස මලක් යනු රෝස මලක් වන අතර එයට වෙන යමක් වීමේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. එසේම නෙළුමක් යනු නෙළුමක්. එය රෝස මලක් බවට පත්වීමට කෙහෙත්ම තැත් නොකරයි. එබැවින් ඔවුන් මානසික රෝගීන් නොවෙයි. ඔවුන්ට මනෝ වෛද්‍යවරුන්ව අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ට මනෝ විශ්ලේෂණය අවශ්‍ය නැහැ.
රෝස මල නිරෝගීව, සුවෙන් සිටින්නේ එය සරලවම තම යථා ස්වභාවය වශයෙන් ජීවත් වන නිසායි. එබැවින් මිනිසා සමඟ හැරුණු විට ඒවා මුළු පැවැත්ම සමඟින් ජිවත් වෙයි. මිනිසාට පමණයි කළ යුතු දේ සහ පරමාදර්ශ තිබෙන්නේ. ඔබ මේ දේ සහ අර දේ විය යුතුයි යනුවෙන්. එවිට ඔබ ඔබේම වන ආකාරයට එරෙහිව බෙදී යයි.
Rs 675.00
Rs 750.00
-10%

Samanera namakage mathaka satahan

මෙම  පොත, හුදෙක්, නූතන ශ්‍රී ලාංකික බෞද්ධ ශාසනික පරිසරය තුළ සම්ප්‍රදායයන් බවට පත්ව තිබෙන අනේක විධ ජුගුප්සා ජනක අත්දැකීම් වලට ගොදුරු ව, තවත් දඩයක්කරුවකු බවට රූපාන්තරණය නොවී, තවදුරටත් සිවුර දරා හිඳිමින් ශාසනික ජීවිතය තුළ කිසියම් ඵලදායීත්වයක් අත් කර ගැනීමට සිතන හෙට භික්ෂුව, සාමුහිකයෙහි උදෙත්ගය මත සම්පාදනය කෙරෙන්නකි.
Rs 405.00
Rs 450.00
-10%

Baddegedara

ජයසේන ජයකොඩි මහතා විසින් රචනා කරණ ලද බැද්දෙගෙදර නම් මෙම කෘතිය තුළින් අතීතයේ ජීවත් වූ පවුල් පරිසර පිළිබදව අවබෝධයක් ලබා ගත හැකි අතරම අතීතය තුළින් වර්ථමානය නිවැරදි අවබෝධයෙන් යුතුව ජීවත් වීම සදහා මනා පිටි වහලක් සැලෙසෙන කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Yanthra Manthra Guru Athpotha - 2

Out-of-Stock
යන්ත්‍ර මන්ත්‍ර කාරක, සාධක යන භවතුන් දෙපාර්ශවයට ම ප්‍රයෝජනවත් කරුණු සහ මන්ත්‍ර රැසක් මෙම කෘතිය මඟින් අනාවරණය කර ඇති අතර, බලගතු ප්‍රේත බන්ධනයක් වන 'කර්ණ මුණ්ඩය ' ක්‍රියාවට නැංවීමේ ශාස්ත්‍රීය ක්‍රම වේදය සහ ඊට අදාළ මන්ත්‍ර මාලාව ද මෙහි අන්තර්ගතය. 
Rs 360.00
Rs 400.00
-10%

Bududahamehi Penena Amanussayo

ගුප්ත ලෝකය පිළිබඳ කුතුහලයක් එදා මෙන් ම අදත් මිනිසාට තිබේ. විෂය සීමාවන්ගෙන් තොර අනන්ත වූ මෙම ගුප්ත ලෝකය පිළිබඳ ව කිසියම් හෝ දැනුමක්, අවබෝධයක් ලබා ගැනීමට උත්සුක වන්නේ එ බැවිනි.
විවිව්ධ ගුප්ත විද්‍යා පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස යම් තොරතුරු හෙළිවීමක් සිදු වන නමුත් මේ පිළිබඳ පරිපූර්ණ විස්තරයක් කිසිවකුටත් ඉදිරිපත් කළ නොහැකි ය. එසේ වුවත් මේ පිළිබඳ ව කිසියම් ප්‍රමාණයක හෝ අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වන තොරතුරු, බුදු දහමෙහි (ත්‍රිපිටකයෙහි) ඇතුළත් දහම් කරුණු වල දක්නට ලැබේ. මෙම කෘතියෙන් සිදු කෙරෙන්නේ, මේ පිළිබඳ ව ත්‍රිපිටක සූත්‍ර දේශනාවල අන්තර්ගත කරුණු එක්තැන් කිරීමකි
Rs 270.00
Rs 300.00
-10%

Naga Gothrikayo

සැම කල්හි ම ලංකාවේ මෙන් ම ඉන්දියාවේ වාසය කළ වියතුන් ගේ අවධානය යොමු වූයේ ආර්යයන්ගේ හා ද්‍රවිඩ මනුෂ්‍යයන්ගේ ජීවන ප්‍රවෘත්තීන් කෙරෙහි ය. ඈත අතීතයේ ඉන්දියාවේත් ලංකාවේත් ජීවත් ව සිටි බහුතරයක් වූ දේශීය ජන කොටස් කෙරෙහි ඔව්හු කිසිදු සැලකිල්ලක් නොදැක්වූහ. එසේ හෙයින් සුද්දහාමි මහතා එම ඌණතාව මඳකින් හෝ මග හැරවීම සඳහා " නාග ගෝත්‍රිකයෝ " නැමති මෙම ග්‍රන්ථයෙන් උත්සාහ දරා ඇත.
Rs 212.40
Rs 236.00
-10%

Athek Barata Wasthu Katha

කුඩා අවදියේ දරුවන් කථා ඇසීමට වැඩි රුචිකත්වයක් දක්වයි. කුඩා අය පමණක් නොව ළමා වැඩිහිටි මහළු අයට පවා මේ රුචිකත්වය අඩු නොවේ. ධර්ම දේශනා කරද්දී ජාතික කථා පොත් වහන්සේ ගෙන හැර දක්වන බෝධි සත්වයන් වහන්සේගේ අතීත කතා දැඩි භක්තියෙන් යුතුව අසා සිටීමට අප කවුරුත් පුරුදු පුහුණුව සිටී. එම කථා පොත් වශයෙන් සකස් කර තැබීම නිසා කියවන ලියන කරුණු සොයන බොහෝ දෙනෙකුට මහත් මෙහෙයක් ඉටු කරයි. ඇතැම් කථා ප්‍රසිද්ධ විභාග සඳහා නිර්දේශ කර ඇත.
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock

Katha Sarith Sagaraye Katha

Out-of-Stock
කථා නමැති ගංගාවන්ගෙන් සැදුණු සාගරය යන තේරුම ඇති මෙම කථා සරිත් සාගරය' පුරාණ සංස්කෘත විචිත්‍ර තථා සංග්‍රහයකි. කාශ්මීරයේ අමාන්තරජතුමාගේ බිසව වන සූර්යවතී බිසවගේ කලකිරීමක් දුරුකොට මනෝ විනෝදය ඇති කිරීම සඳහා මෙය ලියූ බව සඳහන් වෙයි.දෙවියන්, බ්‍රහ්මයන්, භූතයන්, ප්‍රේතයන්, පිසාවයන්, රජවරුන් මෙන්ම හොල්මන්, අවතාර, උඩින් බිමින්, ගමන් කිරීම් ආදියෙන් පිරුණ මෙම කථා හර්ෂ, ත්‍රාස, අද්භූත ආදී වශයෙන් විවිධය.
Rs 405.00
Rs 450.00
-10%

Akasha Gangavarohana Indeeya Charika Satahan

සිංහල පර්යටන සාහිත්‍යයට අභිනවයෙන් එකතු වන ආකාශ ගංගාවරෝහණ නමැති මෙම කෘතිය විචිත්‍ර දෘශ්‍යමානය විනිවිදිමින් අපගේ අසල්වැසි රාජ්‍යය වෙලා ගත් අඳුරුබර සමාජ යථාර්ථයෙන් බිඳක් මෙසේ සංජීවනී රූපසිංහ මහත්මිය විසින් අප හමුවේ තබයි.
Rs 900.00
Rs 1,000.00
-10%

Maga Phala Adath Labiya Haakida

බුදුරජාණන් වහන්සේ
"සුභද්‍රය, යම් ශාසනයක ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැත්තේ නම් එහි පළමුවන ශ්‍රමණයා ද නැත, දෙවන ශ්‍රමණයා ද නැත. තුන්වන ශ්‍රමණයා ද නැත. සතරවන ශ්‍රමණයා ද නැත. යම් ශාසනයක ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇත්තේ නම් එහි පළමුවන ශ්‍රමණයා ද ඇත. දෙවන ශ්‍රමණයා ද ඇත. තුන්වන ශ්‍රමණයා ද ඇත. සතරවන ශ්‍රමණයා ද ඇත. සුභද්‍රය, මේ ශාසනයෙහි ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇත්තේය. ඒ නිසා සුභද්‍රය පළමුවන ශ්‍රමණයා ඇත්තේ මෙහි ය. දෙවන, තෙවන, සිව්වන ශ්‍රමණයා ඇත්තේ මෙහි ය. සුභද්‍රය, අනිත් තැන් ශ්‍රමණයන්ගෙන් හිස් ය. "ඉමෙව සුභද්ද භික්ඛු සම්මා විහරෙය්‍යුං න සුඤ්ඤො ලෝකො අරහන්තෙහි අස්ස" සුභද්‍රය, මේ භික්‍ෂුන් මනාකොට වාසය කෙරෙන්නේ නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේ ය.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Bhawa Duka niwana maga

Out-of-Stock
ඉංජිනේරුවකු වන සිඩ්නි සිරිවර්ධන සූරීහු "භව දුක නිවන මඟ " කෘතියෙන්ඒ මගෙහි සැටි ධර්මානුගත කරුණු ඇසුරින් දකවන්නාහු නූතන ලොවට ද අදාළ කරති. මෙහි ඇතැම් කරුණු හැදෑරීමෙන් නිවැරැදි බුදු දහම පිළිබඳ විමැසිල්ලට මඟ පාදයි. පැවිදි නොපැවිදි දෙපසේ මැ නුවණැස් ඇරැවීමට සමත් "භව දුක නිවන මඟ" දැනුම් මගට දොර විවැරුමක් බව ඉඳුරා කිව හැකියි.
Rs 180.00
Rs 200.00
-10%

Danaya Nirwanaapodaya Pinisada

කතෘ හිමියන්ගෙන්....
බෞද්ධයාගේ පරම ප්‍රාර්ථනය නිවනය. මග ඵල ලැබීමටය. මග ඵල ලැබීමට දන්දීම නිසාම නොහැකිය. ඒ සඳහා මාර්ගඥාන අවබෝධය අවශ්‍යය. විදර්ශනා භාවනා වැඩීම ඒ සඳහා කළ යුතුය. සමත විදර්ශනා භාවනා කරන්නවුන් විසින් සිතෙහි අලංකාරය පිණිස දන් දෙති.
බුද්ධාදී උත්තමයන් දන්දීම තණ්හාව ක්ෂය කිරීමට දන්දීම මගින් අතහැරීම සිදු කරයි. ප්‍රථමයෙන්ම සිදු කළේ එනිසාය. පරිත්‍යාගය අත්‍යාවශ්‍යය. ඒ සඳහා දන් දිය යුතුය. දෙන දේ බත් පිඬක් වුව අසදෘශ මහා දානය වේලාම දානය වැනි මහා දානයක් වුව දෙන විට පතනුයේ සංසාර කාම සම්පත් නම් ඉන් සසර සැපම ලැබෙයි. එහෙත් නිවැරදි චේතනාව විය යුත්තේ "ඉධං මේ දානං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්කා පමුඤ්චතු" මාගේ මේ දානය සියලු දුක් දුරුකොට කෙලෙසුන් නසා නිවන් ලැබුම පිණිසම වේවා යන්නයි.
Rs 540.00
Rs 600.00
-10%Out-of-Stock

Aristotle saha Bharatha

Out-of-Stock
1984 වර්ෂයේ මහාචාර්ය ඒ. වී. සුරවීරගේ ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රය නම් කෘතිය ප්‍රකාශයට පත් වීමෙන් දේශීය සාහිත්‍ය කලා අධ්‍යයන විෂය පථය පුළුල් වූයේ ය. දැන් ඇරිස්ටෝටල් සහ හරතමුනි යන විශාරදයන්ගේ නාට්‍ය සාහිත්‍ය සංකල්ප විෂයෙහි පූර්ණ අධ්‍යයනයක් ලෙස සැලකිය හැකි 'Aristotle and Bharata' නම් කෘතියේ සිංහලානුවාදයක් සම්පාදනය කිරීම ද දේශීය සාහිත්‍යකලා විචාර මාර්ගයේ තවත් සන්ධිස්ථානයක් වනු ඇත. නාට්‍ය කලාවටත්, සාහිත්‍යයටත් අදාළව ග්‍රීසියේ ද භාරතයේ ද විසූ අග්‍රගණ්‍ය විද්වතුන් දෙදෙනෙකුගේ මතවාද පිළිබඳ ප්‍රාමාණික අධ්‍යයනයක් වෙත සිංහල පාඨකයා සමීප නොවීමේ අඩුපාඩුව මහාචාර්ය සුරවීර අතින් සම්පූර්ණ වන්නේය.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Samaja Widyave Mulika Sankalpa

Out-of-Stock
සමාජ විද්‍යාව විෂය සම්බන්ධයෙන් න්‍යායාත්මක හා ප්‍රායෝගික භාවිතය පදනම් කොටගත් ග්‍රන්ථ කොතෙක් ලියැවී ඇතත් ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් පළ වූ පළමු අවස්ථාව මෙය ලෙස හැදින්විය හැකිය. සමාජ විද්‍යාව විෂය ඇසුරෙන් ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් ඉදිරිපත් කිරීම ඉතා වෙහෙසකර කටයුත්තකි. හේතුව යම් ප්‍රශ්නයකට පිළිතුරක් සම්පාදනය කිරීමේදී ඉතා විශාල කරුණු ප්‍රමාණයක් එක්රැස් කළ යුතු නිසාය. විජිත ලංකා මහතා විසින් එම හාරදූර කාර්යය ඉතාමත් ප්‍රශස්ත අන්දමින් ඉටුකර ඇති ආකාරය මෙම කෘතියෙන් මනාව පිළිඹිබු වන බව සතුටින් ප්‍රකාශ කළ යුතුය. එබැවින් බාහිර උපාධියට සමාජ විද්‍යාව විෂය හදාරන විද්‍යාර්ථීන්ට මෙය ඉතා වටිනා කෘතියක් ලෙස නිර්දේශ කරමි.කැළණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සම්බන්ධ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය හදාරා ඇති විජිත ලංකා මහතා මේ වන විට ආර්ථික විද්‍යා ග්‍රන්ථ ගණනාවක් සම්පාදනය කර තිබෙන කතුවරයෙක් වන අතරම සුවහසක් විද්‍යාර්ථීන්ගේ ආර්ථික විද්‍යාව හා සමාජ විද්‍යාව දැනුම් පථය පුළුල් කිරීමට වෙහෙසවන ආචාර්යවරයෙක්ද වේ. ඔහුගේ ප්‍රයත්නය සාර්ථක වේවායි ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.
සම්මානිත මහාචාර්ය බී. ඒ. ටෙනිසන් පෙරේරා
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock

Paryeshana Kramavedaya Saha Krama

Out-of-Stock
පර්යේෂණාත්මක දැනුම වර්තමාන ලෝකය ගොඩ නැගීමේ ප්‍රධනතම සාධකය වේ. ඒ සඳහා පර්යේෂණ ක්‍රමවේදය මෙන්ම ප්‍රායෝගිකව යොදා ගැනීම පිළිබඳවද බහු විධ ජන කොටස් තුළ ප්‍රචලිත වීම අත්‍යාවශ්‍ය වේ. පර්යේෂණ පිළිබඳව දැනට ශ්‍රී ලංකාවේ ලියවී ඇත්තේ ඉතා අල්ප ග්‍රන්ථ සංඛ්‍යාවකි. එම ග්‍රන්ථයන්ද බොහෝ දුරට න්‍යායාත්මක ස්වරූපයක් ගනී. මෙම ග්‍රන්ථය ඉදිරිපත් කිරීමේ පරමාර්ථය වී ඇත්තේ පර්යේෂණ සිදුකිරීම පිළිබඳව ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුමෙහි හිඩැස පිරවීමයි.ආචාරය කේ. ඒ. ලලිතධීර විසින් රචිත මෙම ග්‍රන්ථය සංඛ්‍යාන විෂය හදාරන පාසැල් සිසුන්ට, පර්යේෂණ නිබන්ධන පිළියෙල කරන විශ්ව විද්‍යාල සිසුන්ට, විවිධ ක්ෂේත්‍ර වල පශ්චාත් උපාධි හදාරන්නන්ටද බෙහෙවින්ම වැදගත් වනු ඇත. තවද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුභවතුන්ද, හෙද ක්ෂේත්‍රයේ පුහුණුව ලබන සිසු සිසුවියන්ට සහ සමාජ සේවා විද්‍යාලවල පාඨමාලා හදාරන සිසුන් ඇතුලු විවිධ පාඨමාලා වලට අදාළ පර්යේෂණ ක්‍රම වේදය හා සම්බන්ධ විෂය කොටස් සම්පූර්ණ කර ගැනීම සඳහා මෙම ග්‍රන්ථයේ දැනුම අතිශයින්ම ප්‍රයෝජනවත් වනු ඇත.
මහාචාර්ය සුනිල් චන්ද්‍රසිරි ආර්ථික විද්‍යා අංශය සහ පශ්චාත් උපාධි පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය
Rs 1,440.00
Rs 1,600.00
-10%Out-of-Stock

Pauranika Maha Nagara

Out-of-Stock
" පෞරාණික මහා නගර " නම් තවතම ග්‍රන්ථය මගින් ලොව පුරා විසිර ඇති ප්‍රධාන නගර ක්‍රමිකව විකාශය වූ ආකාරය හා ප්‍රධාන නගර කිහිපයක සුල මුල මැනවින් විස්තර කර තිබේ.
Rs 423.00
Rs 470.00
-10%

Poya Serenith

"Sakyamuni Siddhartha Gautama Buddha stressed the importance of individual effort. 'Poya Serenity' is an outcome of this sacred Buddhist word. This book can be introduced as an elegantly written work that paints a vivid picture of the Buddhist perspective on Poya days."
Rs 371.70
Rs 413.00
-10%

Yesus Nam Buddha Sravakayano

ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ
Rs 1,080.00
Rs 1,200.00