Other

-10%Out-of-Stock

Sathuta

Out-of-Stock
මෙම කෘතිය බර්ට්‍රන්ඩ් රසල් නම් දාර්ශනිකයා විසින් රචිත අතර කේ.ඒ. එන්.පෙරේරා මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලද කෘතියකි. මෙම කෘතිය අධ්‍යයනය කිරීම තුලින් ඔබට ජිවිතයේ සතුටින් ගත කිරීම සදහා අනුගමනය කල හැකි අත්දැකීම් හා නිරීක්ශන මත පදනම්ව ඒ මගින් තහවුරු කර ගන්නා ලද ක්‍රම වේදයන් අන්තර්ගත කරමින් රචනා කර ඇති අතර. එසේම සතුට පිළිබද සරල විග්‍රහයක් මගින් ජිවිතයේ සතුට රැදි තිබෙන ආකාර පිළිබද මනා අවබෝධයක් සහිතව ජිවිතය සතුටින් ගත කිරීම සදහා මෙම කෘථිය රස විදීන පඨකයා හට අවස්ථාව හිමි වේ.
Rs 1,161.00
Rs 1,290.00
-10%

Jathivadaya JAthivathsalyavadaya ha budu dhama

'ජාතිවාදය ජාතිවාත්සල්‍යවාදය හා බුදුදහම' මෙම කෘතිය දැනට රුහුණු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් වන ඩී.ජී.අප්සරා කුමුදු කුමාරි මහත්මිය විසින් රචනා කර ඇති අතර මෙම කෘතියෙහි ඇති විශේෂත්වය නම් ජාතිවාදය ජාතිවාත්සල්‍යවාදය හා බුදුදහම පිළිබදව සුවිශේෂ පැතිකඩක් ශාස්ත්‍රීය පදනමක පිහිටා ඉදිරිපත් කිරීමයි.
Rs 477.90
Rs 531.00
-10%Out-of-Stock

Samaja WagVidyawa Saha Sri Lankawe upa bhasha

Out-of-Stock
'සමාජ වාග්විද්‍යාව සහ ශ්‍රී ලංකාවේ උපභාෂා' මෙම කෘථිය ආචාර්ය ඩබ්ලිවි.ඕ.තිලකරත්න මහතා විසින් රචනා කර ඇති අතර මෙම කෘථිය අධ්‍යනය තුළින් වාග් විද්‍යාව සහ සමාජ විද්‍යාව යනු කුමක්ද යන්නත්. ලංකාවේ ප්‍රධාන භාෂාව මවි භාෂාවෙන් පසුව විවිධ ප්‍රදේශ වලට ආවේනිකව පවතින ප්‍රාදේශීය ව්‍යවහාර භාෂා පිළිබදවත් කමත්,කැලෑ,හේන්,පතල්,ධීවර ආදී විවිධ වෘත්තීන් හි භාවිතා කරණ භාෂා පිළිබදවත් දැනුම වර්ධනය කර ගැනීම සදහා ඉතා වටිනා කෘථියක් ලෙස හැදින්විය හැකිය. 
Rs 1,350.00
Rs 1,500.00
-10%

PUSKOLA NOKEE RAHAS

'පුස්කොළ නොකී රහස්: මිග-මානව ඛේදවාචකය' වනාහි විචාරාත්මක නිරීක්ෂණ ගුණය සහිත නාට්‍ය පිටපතකි. අපගේ අතීතය පිළිබද කෙරෙන විවේචනාත්මක නිර්මාණයකි. මේ තුළින් ඉතිහාසය,විවේචනාත්මකව මෙන්ම තාර්කික ව ගවේෂණය කිරීමත් නව මුහුණුවරකින් ඒ දෙස බැලීමත් සිදු වේ. මානවයා විසින් මුහුණ දෙනු ලබන සංකීර්ණ මානුෂීය සබදතා පිළිබද විකල්ප ප්‍රවේශයක් උක්ත නාට්‍ය පෙළින් ඉස්මතු වේ.  
Rs 517.50
Rs 575.00
-10%

BAUDDA HA ADYATHANA UGAYANHI SANNIWEDANA VIDIKRAMA

මනෝජ් සංජීව ධර්මසේන නම් නූතන පරපුරේ පර්යේක්ෂකයා විසින් 'බෞද්ධ අද්‍යතන යුගයන්හි සන්නිවේදන විධික්‍රම' නම් මෙම ග්‍රන්ථය රචිත අතර රචකයා විසින් අදාළ ග්‍රන්ථයට දිය හැකි උපරිම සාදාරණයක් මෙම ග්‍රන්ථය ඇසුරින් ග්‍රන්ථය රසවිදින පාඨකයා හට ලබා දී ඇත.
Rs 261.00
Rs 290.00
-10%Out-of-Stock

Nowa Paraniya Wana Ramaniya Siyak Wathin Thihak

Out-of-Stock
කතෘගෙන්..
මේ සටහන්වලට ඇතුළත් වන්නේ මට ඇසුරු කිරීමට ලැබුණු පුද්ගල සමූහයකි. ඒ සෑම කෙනෙකුගෙන් ම මට කිසියම් ආභාසයක් ලැබී ඇතැයි කල්පනා වේ. එබැවින් මේ හැම ඇසුරකින් ම මට හැගී ගියේ සටහන් කොට තැබිය යුතු ඒවා ලෙසයි. එසේ ම ඒවා කිසිලෙසකින් පරිපුන් අපදාම ලෙස නොසැලකිය යුතුය. ඒවායේ විටෙක මුලක්, මැදක්, හා අගක් සම්මත ගණයේ චරිත කතාවක මෙන් දැකගත නොහැකිවෙනු ඇත. එබැවින් මේ සටහන් පෙළ චරිතකතා ගණයේ ලා සම්මත ලෙස ගිණිය නොහැකිය. විටෙක ඒවා චරිතාංශු ලෙස දැක්විය හැකිය. තවත් විටෙක 'සිද්ධි' හා 'අවස්ථා' ලෙස දැක්විය හැකිය. මගේ සමහර ගුරුවරු මෙහි හමුවෙති. කලාකරුවෝ හමුවෙති. මිතුරෝ හමුවෙති. මට මෙහි හමුවෙන අය, මගේ ජිවිත කාලයෙන් අඩ සියවසකය වැඩි කලක් ඇතුළත දී හමු වූ අය වෙති. කිසියම් අභ්‍යන්තර පෙලඹීමක් නිසා ඔවුන් පිළිබද මෙබදු සටහන් ලිවිය යුතු යයි මට සිතුණු වාර අපමණය.
Rs 990.00
Rs 1,100.00
-10%Out-of-Stock

Akarmaka

Out-of-Stock
කර්තෘ ගෙන්..
යමෙකුගේ ඉරණම තීරණය කෙරෙන්නේ ඔහුගේම ක්‍රියාවන්ගෙන් නම් ඔහු බොහෝ වසනාඅවන්ත ය. මන්ද..? කිසිවෙකුත් තම අයහපත උදෙසා කටයුතු නොකරන බැවිනි. එහෙත් එලෙස වාසනාවන්ත වූ අය පොදු සමාජයේ විරල ය. වැඩි දෙනාගේ ඉරණම තීන්දු කෙරෙන්නේ අන් අයගේ ක්‍රියාවන් විසිනි. එය ඉතා අවාසනාවන්ත තත්වයකි. එ මෙන් ම සමාජීය ඛේදවාචකයකි. අකර්මක නමින් දිගහැරෙන්නේ ද එවැනි ඛේදවාචකය ප්‍රතිනිර්මාණයකි.
Rs 1,755.00
Rs 1,950.00
-10%Out-of-Stock

SHRIYA GAHANIYA HA KANTHA

Out-of-Stock
ස්ත්‍රිය යන යෙදුම, කාන්තාව හා ගැහැනිය හැදින්වීමට පොදුවේ යෙදුණද එම වදන් වෙන් වෙන් වශයෙන් ගත්විට ගුණාත්මක අගයෙන් වෙනස් අරුත් ගනී. ජනකවි හා ජනශ්‍රැති තුළින් අප දකින ස්ත්‍රියට වඩා පෙරදිග බමුණු පඩිවරුන් විග්‍රහ කරන ස්ත්‍රිය මුළුමනින්ම වෙනස් තැනැත්තියකි. බමුණු පඩිවරුන් ස්ත්‍රිය අවිනීත, අශෝභන, දුෂ්ට තැනැත්තියක ලෙස දුටුවද බෞද්ධ සාහිත්‍යයෙහි බොහෝ තැන්හි ස්ත්‍රිය විශිෂ්ට කාන්තාවක ලෙස විස්තර කර ඇත. ස්ත්‍රිය පිළිබද ජනකවි, ජනශ්‍රැති, පැරණි සාහිත්‍ය ග්‍රන්ථ, බෞද්ධ සාහිත්‍ය කෘති හා ඉතිහාස ග්‍රන්ථ ඇසුරෙන් සිදුකරන ලද විමසුමකි .
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Vyavaharika Budu Samaye Nawa Prawanatha

Out-of-Stock
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයනාංශයෙහි කථිකාචාර්යවරයෙකු වන නිලන්ත දිසානායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව හා දර්ශනපති උපාදි හිමිකරගෙන දැනට දර්ශනසූරී උපාධිය සදහා පර්යේෂණවල නියැළෙන තරුණ විද්වතෙකි. එසේම මෙරට ජාතික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන රැසක ආරාදිත දේශකයකු වශයෙන් කටයුතු කරන ආචාර්යවරයෙකි. බුදුදහම හා තදනුබද්ධ සංස්කෘතිය පිළිබද ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් සමාජගත කර ඇති ග්‍රන්ථ කතුවරයෙකි. 
Rs 765.00
Rs 850.00
-10%

SUMANGALABHINANDANA

මෙම කෘතිය ආර්.සී.පී. කරුණාරත්න මහතා විසින් සංග්‍රහ කොට ඇති අතර 'බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රීය සංග්‍රහය දෙවන කලාපය' මොහුගේ ශාස්ත්‍රීය ලිපි කිහිපයක එකතුවකි. මෙහි කර්තෘවරයා වන ආර්.සී.පී. කරුණාරත්න මහතා තත් විෂය කරුණු ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉතා සංශිප්තව නිරවුක් ආකාරයට මෙම කෘතිය තුළට ඇතුලත් කර ඇති අතර එම නිසා මෙම කෘතිය පරිශීලනය මගින් උපාධි අපේක්ෂකයන්ට මෙන් ම ශාස්ත්‍රඥයන්ට ද මහගු පිටිවහලක් වනු නියතය.
Rs 855.00
Rs 950.00
-10%Out-of-Stock

Andara Madala

Out-of-Stock
ගුණසේකර අධිකාරී මහතා විසින් රචනා කළ ''අන්දර මඩල'' නම් සිංහල ජනකතා කෘතිය අපේ අතීත පරැන්නාගේ රස මනස වත්මන් පරපුරටද තිළිණ කරන්නකි. අතීතයේ සිදු වූ රසබර කතා මනරම්ව අකුරු කර වත්මන් පරපුරේ රස මනස පුබුදුවා ලන්නට ලේඛකයා ගෙන ඇති මෙහෙය ඉතා වටිනා අතර ගුණසේකර අධිකාරී මහතාගේ රසබර ලේඛන කලාව අන්දර මඩල තුළින් මනාව ප්‍රකට වේ.
Rs 1,080.00
Rs 1,200.00
-10%

Kamayen Ha Ragayen Upan Yassagiriya

උඩරට, පහතරට, සබරගමුව යන සාම්ප්‍රදායික නර්තන සංස්කෘතිය තුළ අඩු වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති 'ගිරාගිරි' සංකල්පයේ සංවිධනාත්මක අවස්ථා නුවර කලාවියේදීත් වන්නි හත්පත්තුවේදිත් දැකිය හැකි අතර 'ගිරි අවතාර', 'ගිරි යක්ෂණිය', ගිරිබලී, ආදී වශයෙන් ඉතා දුලබ ලෙස ශාන්තිකර්ම ක්ෂේත්‍රයේදී හමුවන තත් ගිරි යක්ෂණිය හා තදනුබද්ධ ශාන්තිකර්ම හා සෙත් ශාන්ති විධි සමාජවිද්‍යා දෘෂ්ටිකෝණයෙන් වීමංසනය කෙරෙන, 'කාමය හා රාගයෙන් උපන් යස්සගිරිය' කෘතිය වූ කලී එහි යථාර්ථය පිළිබද සංඥාර්ථවේදාත්මක නව කියැවීමක් ලෙස හැදින්විය හැකිය.
Rs 855.00
Rs 950.00
-10%

Roma Neethiya

ශ්‍රී ලංකාවේ පොදු නීතියෙහි පදනම වන රෝම නීතිය පිළිබද ශ්‍රී ලංකා නීති විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය සහ වෙනත් ආයතනවල විභාග අපේක්ෂකයන්ට මෙන්ම අප රටේ නීතිය ගැන අවබෝධයක් ලබා ගැන්මට කැමති සෙසු අයටද ප්‍රයෝජනවත් වන අයුරින් දිගු කලක් පර්යේෂණ පවත්වා ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා විසින්  මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
Rs 198.00
Rs 220.00
-20%

BUDDHISM ON THE SILK ROAD

Buddhism was the first missionary religion of the world it had a spectacular history and the most dominant religion in the world at one point of time in the history of the world. The author of this book explains with evidence gathered from archaeology and literature, how buddhism spread through out the know world via the silk route. a very fascinating book to be read by students of the history of religion
Rs 1,576.00
Rs 1,970.00
-10%

BUDDOTHPADA DESHAYA

ගෞතම බුදුන් වහන්සේගේ පහළවීම ඉන්දියාවෙහි නොව ලක්දිවෙහි දී සිදු වූ බවට විවිධ පිරිස් විසින් ප්‍රචාරය කරගෙන යනු ලබන පදනම් විරහිත ප්‍රලාප නිශේධනය කර, බුදුන් වහන්සේ පහළ වූ සැබෑ දේශය කුමක් ද යන්න සාධක සහිතව අනාවරණය කර ගැනීමේ අරමුණින් රචනා කරන ලද ''බුද්ධෝත්පාද දේශය'' නම් වූ මෙම කෘතිය ශාස්ත්‍රපති මදුල්ලේ ධම්මවේසි හිමියන් විසින් රචනා කරණ ලද අතර මෙම කෘතිය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ධම්මවිකෘතිකයන්ගේ මිත්‍යාමත නිසා මංමුලාවී සිටින හැමටම නිසිමගක ගොස් නිවැරදි ධම්මාවබොධයක් සදහා මන් පෙත් විවර වේ.
Rs 1,620.00
Rs 1,800.00
-10%Out-of-Stock

Sakwa Lihini

Out-of-Stock
කවියකු, ගීත රචකයකු, නවකතා කරුවෙකු, කෙටි කතා කරුවෙකු, නාට්‍ය රචකයකු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතළ ලංකාවෙන් බිහි වු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකෙන මහගම සේකර මහතා සිංහල නිසඳැස් පද්‍ය කලාවේ සුවිශේෂී සලකුණක් තැබූ පුද්ගලයෙකු වන අතර ඔහුගේ 'සක්වා ලිහිණි' නම් මෙම පද්‍ය සංග්‍රාහය හරහා ඔහු විසින් සමාජයේ බොහෝ කතිකාවට නොගත් මාතෘකා ගැන හරවත් කාව්‍යමය විශ්ලේෂණයක යෙදෙයි.
Rs 405.00
Rs 450.00

Eight mindful steps to happiness

In the same way that bhante gunaratana wrote mindfulness in plain english, he also delves into the noble eightfold path and explains how to practice it in daily life, whether for beginners or seasoned meditators.
Rs 5,300.00

Freedom from Anger

Anger is a potent poison that ruins health and damages relationships. In today’s world of Twitter feuds, road rage, and internet trolls, it is all too easy for anger to grab hold of us.
This timely book offers practical advice on how to put aside anger and ego and embrace laughter and reason. Like a friendly family physician, Venerable Sumanasara helps you see what triggers your anger, what affect it has on you, and what you can do about it. Maybe you have trouble at work or at home, maybe you had a difficult childhood, or maybe you just get angry in traffic. In short, bite-sized chapters, he offers wisdom, along with a laugh, that you can use.
Drawing on easy-to-follow metaphors and parables from a variety of cultural traditions, in an accessible, conversational style free of dogma, Venerable Sumanasara shows us how to manage our emotions so that we can lead healthier, happier lives finally freed from anger.
Rs 5,000.00

The Jhanas

The Pali word jhana literally means “to meditate.” It also refers to a traditional series of states of absorption, each deeper than the last, in which the mind is undistracted by sensation, thoughts, or moods. Shaila Catherine’s friendly, wise approach, blended with contemporary examples and pragmatic "how to" instructions that anyone can try, will show meditators (and non-meditators) how to attain these extraordinary states with relative ease.
Rs 6,500.00
-10%

suwapath wemu

' සුවපත් වෙමු ' කෘතිය තුළ ඇත්තේ දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණ දුන් සමාජයක ඇතිව පවත්නා මානසික තුවාල වලින් සහ සමාජ බෙදීම් වලින් එම සමාජය ගොඩගැනීම ඉලක්ක කරගෙන කරන ලද මැදිහත්වීමකි.
ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් රචිත මෙම කෘතිය මගින් බුදු දහමේ ඉගැන්වෙන විමුක්ති පණිවුඩය හුදු දේශනා වලට හා චාරිත්‍ර වලට සීමා නොකොට මිනිස් ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ප්‍රායෝගිකත්වයට යොදා ගැනීම මෙම කෘතිය තුළින් සියලු ජාතිනට ඇති ඉතා වටිනා ආකල්පයකි. 
Rs 225.00
Rs 250.00
-10%

Apata Wechcha De Apa Kala Yuthu De

කර්තෘ ගෙන්....
පේෂකර්ම සංස්ථාවේ වැඩ මූලිකවශයෙන්ද, නාවික ආධුණික ඉංජිනේරුවකු...... වශයෙන් ද, පළාත් පාලන සේවයේ කාර්මික නිලධාරීවරයෙකු ..... වශයෙන් ද, ගුරුවරයෙකු වශයෙන් ද, විදුහල්පතිවරයෙකු වශයෙන් ද, ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකායේ, කොමිෂන් ලත් නිලධාරියෙකු වශයෙන් ද, ලැබුව අත්දැකීම් වලින් බිඳක් මෙම පුස්තකයට ඇතුළත් කළේ ඉන් අනාගත පරපුරට යහපතක් වේයයි බලාපොරොත්තුවෙනි. 
Rs 504.00
Rs 560.00
-10%Out-of-Stock

Wenas Wenna Patan Ganna

Out-of-Stock
'වෙනස් වෙන්න පටන් ගන්න' නම් මෙම කෘතිය අමිල මුතුකුට්ටි මහතාගේ නිර්මාණයක් වන අතර පුද්ගල සාර්ථකත්වය උදෙසා ඔහු විසින් සකස් කළ  ගවේෂණයක ප්‍රතිඵලයකි. සරල උදාහරණ සහිතව ඔහු ජීවිතය ජයගන්නා මාර්ගය සාමාන්‍ය පාඨකයාට කියා දීමට මෙම කෘතියෙන් සමත්ව සිටින අතරම මිනිසුන්ගේ සාමාන්‍ය ජීවන රටාවේ සිදුකරන වෙනස්කම් මගින් ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යන මඟ ඔහු මෙහි දී පැහැදිලි කරයි. මෙය ජීවිතයේ ජයග්‍රණය අපේක්ෂා කරන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය වන කියවීමක් ලෙස හැදින්විය හැකිය. 
Rs 247.50
Rs 275.00
-10%

Jeevithaya Suwapath Karagannata Nam..

'LOUISE HAY You can your life' නම් ඉංග්‍රිසි කෘතියේ සිංහල පරිවර්තනය වන ' ජීවිතය සුවපත් කරගන්නට නම්..' කෘතිය සිරිසේන රත්නායක මහතා විසින් සිංහලට පරිවර්ථනය කරන ලද අතර මෙම කෘතිය ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වී ඇති අතර මෙම කෘතිය අධ්‍යනය කිරීම තුලින් ඔබේ ධනාත්මක සිතිවිලි අවධිකර ඒ මගින් ජීවිතය දියුණුවෙන් දියුණුවට පත් කරයි. මෙමගින් පුද්ගලයෙකු යනු කවරෙක්ද, ඔහුගේ හැකියාවන් මොනවාද, එම හැකියාවන් ඔප් නංවන්නේ කෙසේද, ඒ සඳහා කාලය කළමණාකරණය කළ යුත්තේ කෙළෙසද ආදී වශයෙන් සවිස්තරාත්මකව ගෙන හැර දක්වයි. 
Rs 351.00
Rs 390.00
-10%

Jeevithaya Adaraya Sinahawa Obe Pavathma Samareema

කර්තෘ ගෙන්...
ජීවිතයට ඇත්ත වශයෙන්ම තේරුමක් නැත. එය අර්ථවත් වන්නේ ඔබට සදාකාලික ගීතයක් ගායනා කළ හැකි නම්, ඔබට දිව්‍යමය, දිව්‍යමය සුවඳක් නිකුත් කළ හැකි නම්, ඔබට නෙළුම් මලක් විය හැකි නම්, මරණයෙන් තොර, අකාලික විය හැකි නම් පමණි. ඔබට පිවිතුරු ආදරයක් බවට පත් විය හැකි නම්, ඔබට මෙම පැවැත්ම අලංකාර කළ හැකි නම්, ඔබට මෙම පැවැත්මට ආශීර්වාදයක් විය. හැකි නම් ජිවිතයට වැදගත්කමක් ඇත්තේ එව්ට පමණි. එසේ නොමැති නම් එය නිෂ්ඵල ය. එය හිස් කැන්වසයක් වැනි ය ඔබට එය ඔබේ මුළු ජීවතයේම රැගෙන යා හැකි අතර ඔබට එහි බරින් මිය යා හැකිය, නමුත් එහි ඇති තේරුම කුමක්ද? එය මත යමක් පින්තාරු කරන්න ජිවිතයේ අර්ථය නිර්මාණය කළ යුතුය. අර්ථය දැනටමත් ලබා දී නැත. නමුත් ඔබට නිදහස ලබා දී ඇත. ඔබට නිර්මාණශීලීත්වය ලබා දී ඇත. ඔබට ජීවිතය ලබා දී ඇත. අර්ථය නිර්මාණය කිරීමට අවශ්‍ය සියල්ල ලබා දී ඇත. අර්ථය සඳහා අත්‍යවශ්‍ය සියලු ම අමුද්‍රව්‍ය ලබා දී ඇත, නමුත් අර්ථය ලබා දී නැත. අර්ථය ඔබ විසින් නිර්මාණය කළ යුතුය. ඔබ ඔබෙම අයිතියෙන් නිර්මාණ කරුවෙකු විය යුතුය
Rs 1,197.00
Rs 1,330.00
-10%

Sarthakathvaye man salakunu

කතෘගෙන් ...
ජිවිතය යනු නියමාකාරයෙන්, විචිත්‍ර අන්දමින් එකට වියන ලද තිරයකි. අප ආශා කරන දේවල් අපට හැමවිටම ලැබෙන්නේ නැත. එනමුත් අපේ අවශ්‍යතා හැමවිටම ලැබෙනු ඇත. අප වඩාත් උනන්දු වන දේවල් අපට හැම විටම ලැබෙනු ඇත. එය ජීවිතයට බෙහෙවින් වැදගත් පාඩම්වලින් එකක් වෙයි. 
Rs 720.00
Rs 800.00
-10%

Obe Iranama Kumak Wiya Hakida

කර්තෘ ගෙන්....
ඔබේ දැක්ම අත්දකින්න, ඔබේ උත්කෘෂ්ඨ අදහස් ක්‍රියාවට නංවන්න, ඔබේ හදවතේ නලියන සංගීතය අත්විඳින්න. ඔබේ සිතේ ජනිත වන ලස්සන ඔබේ සිතුවිලි සරසන අලංකාරය ආදී සෑම දෙයක්ම ඔබේ ලෝකය ගොඩනගනු ඇත. 
Rs 720.00
Rs 800.00
-10%

Sathuta Laba Dena Karunu Pahak

කර්තෘ ගෙන්...
පැට්‍රිෂියා ලෝරන්ස් කතුවරියගේ ''The 5 things we need to be happy, and money isn't one of them" w බසට නඟා ඔබ අතට පත්කිරීමට ලැබීම පිළිබඳව අතිශයින් ම සතුටු වෙමි. නොයෙකුත් ආගමික ශාස්තෘවරුන්, චින්තකයන් දාර්ශ-නිකයන් විසින් ලොවට හෙළි කර ඇති දර්ශනයන්ගේ දෝංකාරය මෙම ග්‍රන්ථය තුළින් මතුවන බව, පාඨක ඔබ වටහා ගන්නවා ඇත. මෙම ග්‍රන්ථය පරිවර්තන කාර්යයෙහි යෙදී සිටින විට සැම විටම මගේ සිහියට නැඟුණේ, සොක්‍රටීස් පඬිවරයාගේ ප්‍රකාශයකි. " මිනිසුනි, ඉසුරු පසුපස හඹා යාමට තොපට ලජ්ජා නැතිද?" යන එම වාක්‍යයෙන් ධ්වනිත වන අදහස මෙම ග්‍රන්ථය තුළද අන්තර්ගත වෙයි. තම ජීවිත අත්දැකීම් පාදක කරගනිමින්, තමා ඉදිරිපත් කරන අදහස් උදාහරණ මගින් තහවුරු කරමින්, පාඨකයාගේ අවධානය රැක ගැනීමට කතුවරිය සමත් වී ඇත. 
Rs 342.00
Rs 380.00
-10%

Yatisitha

ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ. ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගතහැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි. කිසි දිනක ඉටුකර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනීම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාතපාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත. පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරීමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය. 
Rs 1,260.00
Rs 1,400.00
-10%

Yatisitha 2

මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කර ගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙයි. 
මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම් 
කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජය ගැනීම 
මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර 
*ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම 
සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම 
* සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම 
Rs 1,260.00
Rs 1,400.00
-10%

Sitha pubudana dina 365

මෙම ග්‍රන්ථය වෙනත් ග්‍රන්ථ සිය ගණනක සාරාංශයක් ලෙස ද සැළකිය හැක. අවශ්‍ය වුවත් කෙදිනක හෝ කියවීමට නොලැබෙන නම් ගම් නොදන්නා ඒ ග්‍රන්ථ කියවීමේ භාග්‍යය ද මෙමගින් අපට ලැබේ. මෙහි ඇති බොහෝ ඉදිරිපත් කිරීමේ, කියවන ඕනෑම පාඨකයෙකුගේ කුතුහලය දනවන අතර ඒ කියමනට අදාළ කාරණය ගැන දින ගණනාවක් සිතන්නට පෙළඹෙනු නිසැකය. 
Rs 351.00
Rs 390.00
-10%Out-of-Stock

Manik Gal Sathu Wishmitha Balaya

Out-of-Stock
පරිවර්තක ගෙන්...
"මැණික් ගල් සතු විශ්මිත බලය" නමින් ඔබ අතට පත් වනුයේ මැණික් විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වූ Michael Katz විසින් ජර්මන් බසින් රචිත Wisdom of the Gemstone Guardian නම් අගනා ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයයි. කතුවරයා තම පෙරවදනෙහි හා කෘතඥතා දැක්වීම් සටහනෙහි ද තුති පුදා ඇති පරිදි මෙම පොතෙහි එන අදහස් ඔහු වෙතට ලබා දුන්නේ අපර ලෝකයෙන් (inner world) මැණික් ගල් වලට අධිපති උතුමන් සමග සාකච්ඡා පැවැත් වූ, විශේෂිත බලයක් සහිත වූ කාන්තාවක විසිනි. ඒ ඒ මැණික් ගල්වලට අධිපති ආරක්‍ෂක උතුමන් සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡා ලෙස මෙම ග්‍රන්ථය රචනා කර ඇත. Michael Katz සඳහන් කරන පරිදි එම විශේෂිත හැකියාවක් තිබූ කාන්තාවගේ සහාය නොවන්නට මේ පොත ලියැවෙන්නේ නැත. 
Katz පවසන පරිදි, මෙම පොතෙහි අන්තර්ගත වන්නේ මැණික් ගල්වලට අධිපති උතුමන් (Gemstone Guardian) විසින් දෙන ලද සම්මුඛ සාකච්ඡාවල එකතුවකි. එතුමා සඳහන් කරන පරිදි, මෙම පොතෙහි දක්වා ඇති මැණික් ගල්වල රෝග සුව කිරීමේ ගුණයක් ඇත. එම මැණික්වල නියම ගුණාංගය සහ චිකිත්සක බලය ලබා ගැනීමට නම් ඒ ඒ මැණික්වලට විශේෂිත වූ වර්ණය, ගුණය, පිරිසිදු බව හා සංගතතාව යන ප්‍රමිත කළ සාධක සහිතඒවා විය යුතුයි. එසේ නොමැති ව හුදු වාණිජ පරමාර්ථයෙන් නිර්මාණය කරන බාල මට්ටමේ කෘත්‍රිම මැණික් වලින් එම බලය ලබාගත නොහැකි ය.
Rs 1,800.00
Rs 2,000.00
-10%Out-of-Stock

Wishva Akarshana Neethiya

Out-of-Stock
කර්තෘ ගෙන්...
ඔබේ යටි හිත විශ්වයේම කොටසකි. එයට අපිරිමිත බලයක් ඇත. මුලින්ම අප එය හඳුනාගත යුතුය. එය විශ්වාස කළ යුතුය. විශ්ව ආකර්ෂණ නීතිය යනු ඔබ, ඔබගේ යටි හිත මගින් ඔබේ අරමුණු සාක්ෂාත් - කරගන්නා ප්‍රබල ක‍්‍රමවේදයකි. මේ තුළ යම් අදෘෂ්‍යමාන ස්වභාවයක් තිබෙන බව පෙනෙන නමුත්, මෙය විද්‍යාත්මක සංකල්පයක් සහ ක්‍රියාවලියකි
Rs 1,080.00
Rs 1,200.00