Psychology

-10%

Sarthakathvayata Pahasu Manpeth

ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට ඍජුව ම උදවු වන ප්‍රායෝගික ක්‍රියාමාර්ග අන්තර්ගත හස්තසාර ග්‍රන්ථයකි. බොහෝ දෙනකු දියුණු නොවන්නේ ඔවුන් තුළ ඇති නොහැකියාව නිසා නො වේ. පරාජයට හේතු වන සාධක හඳුනා ගෙන ඒවා ජය ගෙන දියුණුව කරා ගමන් කරන මාර්ගය නොදන්නා නිසා ය. බොහෝ දෙනෙකු අසමත් වන්නේ අන් කිසිම බාහිර හේතු නිසා නොව ඔවුන් තුළ ම ඇති අසමත් වීමට හේතු වන පුරුදු ය. එම අසමත් වීමේ පුරුදු අතර 

පැහැදිලි අරමුණක් නැතිකම 
ඍණාත්මක චින්තනය. 
ඵලදායිත්වය අඩුකම, 
ජීව ශක්තිය නැතිකම. 
තම මතය පැහැදිලි ව ඉදිරිපත් කිරීමේ නොහැකියාව. 
හැකිළුණ චිත්ත සැලසුම්. 
දුබල ආත්ම ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීම ආදිය ඉන් සමහරකි. 

පරාජයන්ට හේතු වන මෙම සාධක වලට අභියෝග කරන්න ඉගෙන ගන්න. ඒ සඳහා ඔබට මෙම පොත උදවු වනු ඇත. මේ පොතේ එන උපදෙස් පිළිගැනීමෙන් හා ක්‍රියාත්මක කිරීමෙන්, ඔබේ සම්පත් හා වස්තුව වැඩි කරගත හැකි ය. සාර්ථකත්වය, සන්තුෂ්ටිය හා පුද්ගල සබඳතා දියුණු කරගත හැකි ය. මාස කීපයක් තුළ දී ම ඔබ දියුණුවේ හිණි පෙත්තට ළඟාවනු ඇත
Rs 540.00
Rs 600.00
-10%

Kantha Manovidyawa ha Kanthawadi Upadeshanaya

කාන්තා මනෝ විද්‍යාව හා කාන්තාවාදී උපදේශනය නම් වූ මෙම කෘතිය අදාළ විෂය පිළිබඳ සිංහල මාධ්‍යයෙන් පළ වූ ප්‍රථම කෘතිය වෙයි. මෙහි විශේෂ වැදගත්කම නම් කාන්තාවාදී දෘෂ්ටිය හුවා දක්වමින් පුරුෂයකු විසින් ලියන ලද වීම ය. කාන්තා වාදය ගැන බොහෝ සෙයින් ලියා ඇත්තේ කාන්තා ලේඛිකාවන් වන හෙයින් මෙය නවමු අත්දැකීමක් විය හැකිය. කාන්තා මනෝ විද්‍යාව, මනෝවිද්‍යාවේ අනෙකුත් ශාඛා වලට වඩා ඉඳුරා වෙනස් ය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, පුරුෂවාදී දේශපාලනයෙන් කාන්තාව මුදවා ගැනීම, බලය බෙදා ගැනීම, කාන්තාව බලගතු කරණය හා කාන්තාව යටපත් වීමෙන් මුදවා ගැනීම යන පංච මූලධර්ම මතගොඩනැගී ඇති කාන්තා මනෝ විද්‍යාව මෙම කෘතිය මගින් මැනවින් අර්ථකථනය කරනු ලබයි. එසේ ම පවතින සමාජ ක්‍රමය තුළ කාන්තාව ඔසවා තැබිය යුත්තේ කෙසේදැයි මෙම කතුවරයා විග්‍රහ කරයි. තමන් කවු ද? තමන්ගේ නියම ස්වරූපය කවරේ ද? යන්න තේරුම් ගෙන, සීමා පවුරු බිඳ ඉවත හෙළා ස්වයං බලවන්ත කරණය වීමට කැමැති සෑම කාන්තාවක් ම මෙම කෘතිය කියවිය යුතු වේ. කියවා ඉවත හෙළනු වෙනුවට එහි සාරය එන්නත් කරගෙන අන්‍යයන්ට ද එසේ කළ යුතු වේ. 
Rs 450.00
Rs 500.00
-10%

Sandushtika Ha Manushika Manowidya Praweshaya

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රටක මානසික සෞඛ්‍යය සංවර්ධනය සඳහා නිර්දේශ 10 ක් ඉදිරිපත් කර ඇත. ඉන් එක් නිර්දේශයක් වනුයේ මානව සම්පත් සංවර්ධනයයි. මනෝ උපදේශක වෘත්තිකයන් ද මානසික සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයට අයත්වන වැදගත් මානව සම්පතකි. එනයින් මහාචාර්ය රෝලන්ඩ් අබේපාල හා කථිකාචාරීණී අරුන්දතී අබේපාල එක්ව ලියා ඇති සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශ' නමැති අගනා ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ උපදේශන මනෝ විද්‍යාව හදාරන විද්‍යාර්ථීන්ට අතිශයින්ම ප්‍රයෝජනවත් කෘතියක්  වන අතරසෑම මිනිසකු තුළම පවතින මානසික ශක්තිය හා විභවය පිළිබඳ සාකච්ඡා කරන සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශයේ දර්ශනය න්‍යායන් හා ප්‍රායෝගික භාවිතය සරල ව පැහැදිලිව නිවැරදිව හා අදාළව පාඨකයාට මිතුරු ලෙසින් මෙහි ලියැවී ඇත. 
Rs 270.00
Rs 300.00
-10%

Sigmund Freudge Manowishleshanawadaya

මහාචාර්ය රෝලන්ඩ් අබේපාලයන් විසින් රචිත සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනොවිශ්ලේෂණවාදය නමැති මනෝවිද්‍යා කෘතිය මනොවිශ්ලේෂණවාදී ප්‍රවේශයඉතා සරල බසින් එහෙත් ගැඹුරින් පැහැදිලි කරනු ලබන සිංහල බසින් ලියවුණු විශිෂ්ට කෘතියක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.  
Rs 720.00
Rs 800.00
-10%

Kotipathiyeku Wimata Nam

එක් පුද්ගලයෙකුට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය විය.ඔහු ජීවත් වන්නේ මුදල් ණයට ගැනීමෙනි.ඩොලරයක් ණයට ගෙන,ඉතිරි කිරීමේ ගිණුමකට බැර කරන මෙන් මම ඔහුට උපදෙස් දුනිමි.මුදල්වල වැදගත්කම ඔහුට වැටහුනේ එසේ කළ දිනයේය. 
Rs 351.00
Rs 390.00
-10%Out-of-Stock

Manovidya Upadeshana Praveshaya

Out-of-Stock
මානව ගැටලු විසදා ගැනීමෙහිලා මනෝවිද්‍යාත්මක උපදෙශනය අතිශය ප්‍රශස්ථ ය. එම න්‍යායාත්මක ඥානය නූතන සමාජයට දායාද කිරීම කාලීන අවශ්‍යතාවයකි. මනෝවිද්‍යා උපදෙශන න්‍යායන් සම්බන්ධයෙන් ලාංකීය අධ්‍යයන ක්ෂ්‍රේත්‍රයෙහි ප්‍රමාණික ග්‍රන්ථ සොයා ගැනීම තරමක් දුෂ්කර ව්‍යායාමයකි. ඒ සම්බන්ධයෙන් සිදුකොට ඇති ශාස්ත්‍රීය විමර්ශන අතිශය දුබල වීම ඊට හේතුව යි. ''මනෝවිද්‍යා උපදෙශන ප්‍රවේශ'' නමැති මෙම කෘතිය මගින් එම අවශ්‍යතාව පූර්ණය වනු නොඅනු මානය.
Rs 441.00
Rs 490.00
-10%

Pohosath Wanna Sathutin Sitinna

මෙම ග්‍රන්ථයෙන් කියැවෙන වැදගත් පනිවුඩ කීපයක්ම ඇත. ඉන් පළමු වැන්න වත්මන් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවය. දෙවැනි පනිවුඩය වන්නේ මේ ලෝකය තුළ කිසිවක් හිඟ නැති බවය. හිඟයක් ඇත්නම් එයට හේතුව හරියට වැඩ නොකිරීමය. තුන්වන පනිවුඩය වන්නේ මුදල් අත්‍යවශ්‍ය වුවත් මුදලට සතුට අත් කර ගැනීමට නොහැකි බවය. මුදල් වලට අමතරව වෙනත් යමක් අත්කර ගත යුතු බව කතුවරයාගේ හැඟීමය. ඒ කුමක්ද යන්න මෙම ග්‍රන්ථය කියවීමෙන් දැනගත හැක. මෙම කෘතිය සැබෑ ලෙසටම කතුවරයාගේ අත්දැකීම් මත රචනා කරන ලද්දක් වීම ද තවත් වැදගත් කාරණයකි. 
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock

Supiri Mathakaya

Out-of-Stock
මිනිසා මිහිතලයේ වෙසෙන සුවිශේෂී පිවියා බවට පත්ව ඇත්තේ ඔහු සතු විශ්මිතමානසික හැකියාවන් නිසයි. චින්තාමය හැකියාව හා මතක හැකියාව ඒ අතරින් ප්‍රධාන වේ. සිතීමේ හැකියාව මෙන් ම මතක හැකියාව ද අපගේ බොහෝ දෛනික කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය වේ. මතකයේ සිදුවන ඌනතාවයන් නිසා පොදුවේ අප සෑම අයෙකුට ම විවිධ ගැටළුවලට මුහුණ පෑමට සිදු වේ. මතක හැකියාව පිළිබඳ මැසිවිලි නගන්නන් අතර පරීක්ෂණ සඳහා සූදානම් වන සිසු දරුවෝ ප්‍රධාන වෙති. පිළිතුරු සැපයීමේ දී මතකය ආවර්ජනය කර ගැනීමේ අපහසුව ගැන ඔවුහු නිරතුරුව තමන්ට ම චෝදනා කර ගනිති. 
එහෙත් මතක තබා ගැනීමේ හැකියාව දියුණු කර ගැනීම සඳහා ක්‍රම ශිල්ප බොහොමයක් තිබේ. සුපිරි මතකය නම් මේ පොත තුළින් මතක තබා ගැනීමේ හැකියාව දියුණු කරලීමට කදිම මඟ පෙන්වීමක් සැපයේ. මතක තබා ගැනීමේ ක්‍රම ශිල්ප රැසක් පිළිබඳව මෙහි දී කතුවරයා විසින් සරල බසින් හා සිත් ගන්නා අන්දමින් විස්තර කර දී ඇත. මතක හැකියාව දියුණු කර ගැනීමට අවශ්‍ය සෑම අයකුට ම මෙම කෘතිය තුළින් අත්වැලක් සැපයෙනු නිසකය.
Rs 270.00
Rs 300.00
-10%

Darshanika Manovidyawa

දර්ශනය හා මනෝ විද්‍යාව මෙන්ම, තර්ක ශාස්ත්‍රය යන අංශත්‍රයෙන්ම ග්‍රන්ථ රචනා කළ කර්තෘ හිමියන් වෙතින්. ඔබ අතට පත්වන නව්‍ය ග්‍රන්ථය. "දාර්ශනික මනෝවිද්‍යාව නම් ග්‍රන්ථය වේ. මනෝ විද්‍යාවෙහි රැකුම්ගෙ දර්ශනය නම් වේ. විය. විද්‍යාවට සේම මනෝ විද්‍යාවටද පොදු වූවක් හෙයින්, දර්ශනයෙන් තොරව මනසට ද පැවැත්මක් නොමැත. මනෝ විදනව වෙතින්, මනස හා සබැඳි බොහෝ ප්‍රපංච අධ්‍යයන හා පර්යේෂණ කෙරෙන්නේ නමුත්, අවසාන නිගමනයකට හා එකඟතාවයකට හෝ පැමිණි නම් නැත. මනෝවිද්‍යාඥයාට විසඳිය නොහැකි බොහෝ ප්‍රස්තුත දාර්ශනික මනෝවදනඥයා විසින් විමර්ශනය කරනු ලබයි. එය, එසේ වන්නේ, මනස හා සබැඳි කාය චිත්ත ගැටලුව හා චිත්ත වේග මෙන්ම, අධිෂ්ඨානය හා මරණය සේම, පුනර්භවය හා බුද්ධිය වැනි ප්‍රස්තුත මෙම කෘතියෙන් උපන්‍යස්ථ වන හෙයිනි.
Rs 265.50
Rs 295.00
-10%

jeewithayata Para Kiyana Mul Lamaviya

බොහෝ විට දරුවන් හඬන්නේ සරල අවශ්‍යතාවන් වෙනුවෙනි. මීට අමතරව අසනීප තත්ත්වයන්ද මීට බලපෑ හැකිය. සාමාන්‍යයෙන් අලුත උපන් දරුවෙකු සතියකට දින 03 ක් පමණ නැහැවීම ප්‍රමාණවත්ය. එහෙත් දිනපතා දරුවාගේ මුහුණ, දෙකන් දෙපස, බෙල්ල, රහස් ප්‍රදේශ පිරිසිදු කළ යුතුය. මෙම කෘතිය දරුවන්ගේ මුල් ළමා විය සම්බන්ධයෙන් වන සියළුම අත්‍යවශ්‍ය කරුණු අන්තර්ගත කොට ලියැවී ඇත. මෙම කෘතියේ මුල් කර්තෘවරු පර්යේෂණ රාශියක් කොට ඉන් සනාථ වන කරුණු අඩංගු කර මෙම ග්‍රන්ථය ලියා පල කර ඇත. 
Rs 351.00
Rs 390.00
-10%

Sithaka wehesa

සිතක වෙහෙස ස්වාමිපුරුෂයන්ගේ පැමිණිලි නමින් මීට ප්‍රථම මා විසින් පොතක් පළ කරන ලදී. "සිතක වෙහෙස නැමැති මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයකට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයත්ය. ආවර්ජනයන්ය. එබැවින් මේ පොත" සිතක වෙහෙස " භාර්යාවන්ගේ පැමිණිලි යනුවෙත් නම් කළෙමි. ඇතැම් කාන්තාවන් උගත් කමින්. සමාජ ආර්ථික මට්ට වලින් විවිධ වෙනස්කම් පළ කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි. ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිළිබඳව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය. ආදරය ගැන අවබෝධයක් නොමැති කම, දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන් ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ. මෙහි අන්තර්ගත විස්තර කියවන කවරෙකුට වුව එය පැහැදිලිවනු ඇත. 
Rs 1,107.00
Rs 1,230.00
-10%

Adaraneeya Daruwani

කර්තෘ ගෙන්...
තරුණ වියට පත් දරුවෙකු රටට සම්පතකි. ඔහු වඩාත් යහපත් සම්පතක් බවට පත්වන්නේ අධ්‍යාපන වරප්‍රසාදය හොදින් උරුම කර ගැනීමෙන් ය. අධ්‍යාපනය යනු විෂය කාරණා ඉගෙන විභාග සමත් කිරීම පමණක් නොවේ. අධ්‍යාපන වරප්‍රසාදයෙන් පිබිදුණ පුද්ගලයා තමන්ට ගෞරවනීය මෙන් ම අන්‍යයන්ට ගෞරවනීය කෙනෙකු විය යුතු ය. අභියෝගයකට මුහුණ දිය හැකි, ගැටලුවක් නිරාකරණය කර ගත හැකි, දරා ගැනීමේ ශක්තියක් ඇති කෙනෙකු විය යුතුය. ඒ වටිනාකම් ජීවිතයකට උරුන වන්නේ ජිවිතාවබෝධය පුළුල් කර ගැනීමෙනි. අවබෝධාත්මක වින්දනයක් මගින් මානව පුරුෂාර්ථ වෙත සංවේදී වීමෙනි. අධ්‍යපනයෙන් පිබිදුණු කෙනෙකු ගේ අගය නිර්ණය වන්නේ ඔහු ජිවිතය හා සමාජය සම්බන්ධයෙන් දක්වන ආකල්පවලිනි. 
Rs 702.00
Rs 780.00
-10%

Preethimath Premaniya Jeevithayakata

මෙලොව ජීවිතය සතුටින් ගත කිරීම අප සැමගේ ප්‍රාර්ථනයයි. දරුවකු පිළිසිඳ ගත් මොහොතේ සිට මරණය දක්වාමත්, ඇතැම් විටක මරණින් පසුවත් අප සැවොම එකට ඇද බැඳ තබන තනි සාධකයක් වේ නම් ඒ ආදරයයි. ආදරයෙහි ස්වභාවයන් විවිධ ය. ආදරයේ අවශ්‍යතාවන් ද විවිධ ය. ඒ නිසා ඒ ඒ කාලයට අවශ්‍ය, සන්තෘප්ත විය යුතු ආදරයක් ඇත. මේ ආදර අවශ්‍යතාව නිසි ලෙස හඳුනා ගෙන ඒ ඒ වයසට උචිත ලෙස ආදරය දැක්වීම මගින් ආදර තටාක පුරවා ගත හැකි ය. ඒ පිළිබඳ මනෝවිද්‍යාත්මක අර්ථකථනයක් මෙම පොතෙහි අන්තර්ගත ය. ඔබේ පුද්ගල ජීවිතයත්, පවුල් ජීවිතයත් සාර්ථක කර ගැනීම සඳහා ආදරය භාවිත කළ හැකි ආකාරය පිළිබඳ සවිස්තර පැහැදිලි කිරීමක් ඇති සිංහලෙන් පළ වූ පළමු ග්‍රන්ථය මෙයයි. 
Rs 270.00
Rs 300.00
-10%

Sapalavath Vivaha Jivithayakata Maga

මිනිස් ජීවිතයේ වැඩි කාලයක් අප ජිවත් වනුයේ විවාහක බිරියන් හෝ සැමියන් ලෙසය. යමකු වසර 25 න් විවාහ වී, අවු 70 ක් ජීවත් වන්නේ නම් අවුරුදු 45 ක් ම ගත කරනුයේ විවාහ පවුල් ජිවිතයක් තුළ ය. ජීවිතයේ ඉතා වටිනා ම දීර්ඝ කාලයක් සතුටින් සාර්ථක ව ගත කිරීම අපගේ අධිෂ්ඨානය හා ප්‍රාර්ථනව විය යුතු ය. එය සඵලවත් ජීවිතයක අත්‍යවශ්‍ය අංගයකි. මිනිසාට ඇති අපූර්වතම හැකියාව වන්නේ අලුතින් යමක් ඉගෙන ගෙන තම ජීවිතය තමාට රිසි පරිදි හසුරුවා ගැනීමට ඇති හැකියාවයි. සතුන් හුදෙක් ම ආරයේ සහ පුහුණුවේ ප්‍රතිඵලයක් වුව ද, මිනිසාට ආරය, පුහුණුව මෙන් ම, ඉගෙනීම ද තම දිවිය හැඩ ගස්වා ගැනීම සඳහා උපකාර කර ගත හැකිය. පිළිසිඳ ගත් මොහොතේ සිට හැම මොහොතක ම හැම දිනකම මිනිස් ජිවියා ඉගෙන ගනිමින් තම ජිවිතය සාර්ථක කර ගනී. විවාහ ජීවිතය ද සඵලවත් ගත කිරීමට උගත හැකි ය. තැත් වරද ක්‍රමයෙන් ඉගෙන ගන්නවා වෙනුවට, පොත් පත් වලින් පර්යේෂණ වාර්තා වලින්, අනෙකුන්ගේ දැනුමෙන් හා අත්දැකීමෙන් ද මිනිසාට ඉගෙන ගත හැකි ය. 
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Mohanaya Ha Mohana Shilpa Krama Athpotha

Out-of-Stock
ශ්‍රී ලංකාවේ සිංහල පාඨක ජනතාවට මෝහනය හා මෝහන ශිල්ප ක්‍රමය පිළිබඳ සවිස්තරව හඳුන්වා දීමේ අරමුණින් මෙම පොත ලියා ඇත. මෝහන විද්‍යාව හා මෝහන ශිල්ප ක්‍රමය ආරම්භයේ සිට මේ දක්වා විකාශය වූ අන්දමත්, වර්තමානයේ මෝහන විද්‍යාව භාවිත වන අන්දමත් සවිස්තරව දැනගත හැකි ය. නූතන වෛද්‍ය විද්‍යාත්මක හා ස්නායු වෛද්‍ය පර්යේෂණ අනුව මෝහනය හා සම්බන්ධ කර ඇති පර්යේෂණ නිසා මෝහන විද්‍යාව වර්තමානයේ යළි සාකච්ඡාවට බඳුන් ඇත. පහත සඳහන් ගැටලු වලට හා අවශ්‍යතා වලට මෝහන ශිල්ප ක්‍රම භාවිත කර සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි ය. 
අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමට 

ඉගෙන ගන්නා කරුණු හොඳින් මතක තබා ගැනීමට 
විභාග වලට සාර්ථකව පිළිතුරු ලිවීමට. 
විභාග භීතිකා වලින් මිදීමට. 
විභාග වලින් ඉහළ ප්‍රතිඵල ලැබීමට  

මානසික පීඩන අවම කරගැනීමට 

අනියත බිය, ලජ්ජාව හා සබකෝලය අඩු කරගැනීමට 
මිතුරු සබඳතා වැඩි දියුණු කරගැනීමට 
භීතිකා, කාංසා හා ක්ලමථ අඩු කරගැනීමට 

ඇබි බැහි වීම් වලින් අත්මිදීමට 

දුම් පානය මත්පැන් භාවිතය - මත්ද්‍රව්‍ය භාවිතය ආදී අහිතකර පුරුදු බිඳගැනීමට 
නිය හැපීම, ඇඟිලි ඉරීම, නින්දේ දී ඇඳ තෙමීම 
නපුරු සිහින දැකීම් නවතා සුව නින්දක් ලබා ගැනීමට රැකියා ක්‍ෂේත්‍රයේ දී ඉක්මන් උසස්වීම් ලබාගැනීමට 
ඉහළ අලෙවි කටයුතු කරගැනීමට 
නායකත්වය දෙමින් කණ්ඩායම් ජයග්‍රහණය කරා ගෙන යාමට මගපෙන්වයි. 

ස්වයං මෝහන ක්‍රම ශිල්ප ක්‍රම ද අන්තර්ගත ය. ඔබට නිරතුරු උපකාර කරගත හැකි විශිෂ්ට අත්පොතකි
Rs 450.00
Rs 500.00
-10%

Dhanathmaka Daksha Daruveku Hada Wada Gathaheki Maga

දක්ෂ දරුවකු හදා වඩා ගැනීම සෑම දෙමව්පියකුගේ ම බලාපොරොත්තුවයි. 21 වන ශත වර්ෂයේ ජීවත්වන දෙමාපියන්ට තම දරුවන් හදා වඩා ගැනීමේ දී විශේෂ දැනුවත් කිරීමක් අවශ්‍ය වේ. පරිගණකය, රූපවාහිනිය, ගෝලීයකරණය හා විවිධ මතවාද මෙන් ම මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදය, ලිංගිකත්වය, අපයෝජන, තර්ජන, ගර්ජන හා චණ්ඩතාව යන සෑම ක්‍ෂේත්‍රයකම වර්තමානයේ දැවැන්ත බලපෑමක් සිදුවෙමින් පවතී.මෙම අභියෝග සමග ගැටෙමින්, ගැලපෙමින්, හිස ඔසවා ගෙන ජීවත් විය යුත්තේ කෙසේද යන්න වර්තමානයේ ඉගෙන ගත යුතු ව ඇත. මාග්‍රට් මී මිඩ් වරෙක කී පරිදි '' අපගේ දරුවන් රැකියාව කරනුයේ ඔවුන් ඉපදුන සමාජයේ නොවේ. ඔවුන් මිය යනුයේ ඔවුන් රැකියාව කළ සමාජයේ නො වේ. " මේ නිසා නව සමාජයට මුහුණ දෙමින්, ඔරොත්තු දෙමින් ජිවත් වන හැටි දරුවන්ට කියා දීම හා ඊට හුරු කිරීම දෙමාපිය වගකීම වන්නේ ය.
Rs 360.00
Rs 400.00
-10%

Paurusha Sanwardhana Ha Athma Sammanana Wardhana Wada Potha

අප තුළ ආත්ම විශ්වාසය ඇති කල්හි හමුවන වන කවර අභියෝගයකට වුව ද සාර්ථකව මුහුණ දිය හැකි ය. අපට ඉහළ ඉලක්ක ගොඩනගාගෙන ඒවා සාක්ෂාත් කරගත හැකි ය. 21 වන ශත වර්ෂය යනු අභියෝගාත්මක ශතවර්ෂයකි. නවෝත්පාදන නිරතුරු බිහි වේ. මෙම ශීඝ්‍රයෙන් සංවර්ධනය වන නව ලෝකයට සාර්ථකව මුහුණ දීමට ඉහළ ආත්ම සම්මානනයක් අප තුළ වර්ධනය කරගත යුතුම ය.මෙම ආත්ම සම්මානන වර්ධන වැඩපොත ඔබ තුළ ඇති ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමට උදව් වන ලෙසට විශේෂයෙන් සකසා ඇත.

ඔබ අන් අය සමඟ සසඳා බැලීම නවතා ලීමට
ඔබගේ විශ්වාස හා ආශාවන් කවරේ දැයි නිවැරදිව හඳුනා ගැනීමට
චිත්තවේග කළමනාකරණය කරගෙන, ධනාත්මක ආකල්පයක් ගොඩ නංවා ගැනීමට
වගකීම් දැරීමට හා සැමට මෙත් සිත දැක්වීමටත්

යථාර්ථවත් ඉලක්ක ගොඩනගා ගැනීමට හා ඉදිරියේදී මතුවන කවර හෝ අභියෝග වලට සාර්ථකව මුහුණ දී ජීවිතය ජය ගැනීමටත් සුවිශේෂී මග පෙන්වීමක් කරයි.
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Edineda Jivithayata Manovidyawa

Out-of-Stock
කතෘගෙන්...
මනෝ විද්‍යාත්මක මූලයම් පදනම් කරගෙන ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා " එදිනෙදා ජිවිතයට මනෝ විද්‍යාව " ලියා ඇත.විද්‍යාවේ න්‍යාය හෙවත් මූලධර්‍ම ප්‍රායෝගිකව භාවිත කිරීම තාක්ෂණයයි. එසේම මනෝ විද්‍යාව විෂයයේ න්‍යාය හෙවත් මූලධර්‍ම ප්‍රායෝගිකව භාවිත කිරීම " එදිනෙදා ජිවිතයට මනෝ විද්‍යාව " මගින් කෙරේ. එනිසා " එදිනෙදා ජිවිතයට මනෝ විද්‍යාව " මනෝ විද්‍යාවේ තාක්ෂණයයි.මෙහි එන සෑම රචනයක් ම මනෝවිද්‍යා මූලධම් වලට එකඟ වේ. එදිනෙදා ජිවිතයට මනෝ විද්‍යාව සම්බන්ධ කර නොගැනීම නිසා මිනිස් සංහතියේ දියුණුව අඩපණ වී ඇත. මානව ශික්ෂාව පොත් පෙල ඔබට එම අවස්ථාව හදා දෙයි.එදිනෙදා ජිවිතයට මනෝ විද්‍යාව" හි පොත් කාණ්ඩ කීපයක් අන්තර්ගත ය. මෙය පළමුවැන්න ය. මෙය කියවා තේරුම් ගෙන ජීවිතයට සම්බන්ධ කර ගන්න. සෑම වචනයක් ම හොඳින් කියවා පිළිපදින්න.ඔබ සාර්ථකත්වයේ මාවතට පා තබා ඇති බව ඔබට දැනෙනු ඇත.
Rs 270.00
Rs 300.00
-10%

Heta Lowa Dinana Maga

පාඨක ජන මහ දිනූ
' මිනිස් සිතේ හාස්කම්' පොත් පෙළේ කතුවර සුමනදාස සමරසිංහ ළමයින් වෙනුවෙන් විශේෂයෙන් සම්පාදනය කළ පොතකි.ළමයින්ට ඉතා වටිනා සිතිවිලි, ආකල්ප හා දැක්මක් ඇති කර ගන්නට අනුබල දෙන කෙටි - එහෙත් සාරවත් මාතෘකා හැට හයක් ඔස්සේ මේ අගනා පොත සම්පාදනය කර ඇත.බස ලිහිල්ය. කියවන දෙය එකවර සිතට වටහා දෙන සුලුය. කෙටි රචනාය; එහෙත් තව ප්‍රබෝධයක්, ජවයක් ළමුහට ඇති කර දෙනු හිසැකය.
Rs 270.00
Rs 300.00
-10%

Minis Manase Mahimaya

කතෘගෙන්...
ලෝකයට විමුක්තියක් හෝ සහායයක් ලැබේ නම් හුදෙක්ම දරුවා වෙතින් පමණෙකි. කවර හෙයින්ද යත්, දරුවා මිනිසාගේ ද සමාජයේ ද නිර්මාපකයා වන බැවිනි.දරුවා සහජයෙන්ම උරුම කර ගෙන ඇති අතිමහත් හැකියා සම්භාරය, නව ලොවක් නිර්මාණය සඳහා උදව් වන පරිදි, පෙර පාසල් වියේ දී උන්නතියට පත් කරනු වස් සහාය විය හැකි අන්දම මෙහි පැහැදිලි කෙරේ
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Nikotin Lolithvaya Suvakirime Pahasu Maga

Out-of-Stock
වෛද්‍ය නිලධාරී ධනුෂ්ක දිසානායක මහතාට ඔහුගේ අපූර්වතම නිර්මාණය උදෙසා සුභාශිංසනය කරමි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ මනෝ වෛද්‍ය විශේෂඥයකු ලෙස මෙම කෘතියේ අන්තර්ගතය නිකොටින් උගුලට හසු වූ පාඨකයන්ට ඉන් අත්මිදීම සඳහා ඉවහල් වන පෙර නොඇසූ නොවිරූ දැනුම් සම්භාරයක් ලබාදෙන බව ප්‍රකාශ කරමි. එය නිකොටින් මත තම ජීවිතය රඳා නොපවත්වන පුද්ගලයෙකු බිහි කිරීමට අවශ්‍ය මානසික පසුබිම ගොඩනගයි.
Rs 495.00
Rs 550.00
-10%

Krurathvayen Mideema

ක්‍රෑරත්වය මිනිස් ආධ්‍යාත්මය මුල්බැසගත් ලක්ෂණයකි. මිනිස් සන්තානයෙන් ක්‍රෑරත්වය බැහැර කරගන්නා අන්දමත් ක්‍රෑරත්වයෙන් විනිර්මුක්ත සිත ළඟා කරගන්නා ආධ්‍යාත්මික සුවය පිළිබඳවත් ක්‍රිෂ්ණමූර්ති සිය BEYOND VIOLENC කෘතියෙන් මනාව විග්‍රහ කර ඇත. එම කෘතිය සිංහලට පරිවර්තනය කිරීම ඉතාමත් ප්‍රයෝජනවත්ය. ක්‍රිෂ්ණමූර්ති දාර්ශනිකයාගේ විශිෂ්ට කෘතියක් සිංහලට පරිවර්ථනය කර පාඨකයන් වෙතලබාදීම ගැන ජයරාජ් කපිල කුලසිංහ මහතාට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුය
Rs 810.00
Rs 900.00
-10%

Duka Shokaya Ha Wishadaya

කතෘගෙන් ඔවදනක්...
සිතින් හා ගතින් විඳවීම 'දුක' යනුවෙන් හැඳින්විය හැකිය. ශෝකය, බිය, කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව ආදී සෘණාත්මක චිත්ත වේග දුක හටගන්වයි. කිසියම් පුද්ගලයෙකු දිගු කාලයක් දුක්බරව සිටින්නේ නම් ඔහු හෝ ඇය මානසික රෝගියෙකි. එනම් විෂාදයෙන් පෙළෙන්නෙකි. මෙවැනි අවස්ථා වලදී බොහෝ දෙනෙකුට ශාරීරික රෝග ලක්ෂණ පහළ වන අතර ඔවුන් සිතනු ඇත්තේ තමන් ශාරීරික රෝගයකින් පෙළෙන බව විය හැකිය. ඇත්තෙන්ම එවැනි ශාරික රෝග ලක්ෂණ වලට කොතරම් ප්‍රතිකාර කළ ද මනසේ දුක්බර බව ඇතිවීමට බලපාන හේතුකාරකය ඉවත් කරන තුරු සුවපත් වන්නේ නැත.
කෙටියෙන් කිවහොත් හේතු කාරකය වන්නේ මනසේ ඍණාත්මක සිතුවිලි මගින් මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වයේ හටගන්නා වෙනසකි. සිතුවිලි වෙනස් කිරීම මගින් මොළය යථා පරිදි ක්‍රියාත්මක කළ හැකිය. මනෝ‍්‍රතිකාර මගින් මෙවැන්නක් සිදු කෙරේ. කෙසේ වුවත් තත්ත්වය බරපතළ නම් ප්‍රතිවිෂාද ඖෂධ මගින් ඊට පිළියම් කළ හැකිය.ආතතියෙන් හා විෂාදයෙන් පෙළීම දිය වැඩියාව, හෘද රෝග ඇතුළු විවිධ බෝ නොවන රෝග හට ගැනීමේ හේතුවක් විය හැකිය. එවැනි රෝග තත්ත්ව සාර්ථකව පාලනය කළ හැක්කේ ආතතියෙන් හා විෂාදයෙන් මිදීම මගිනි.වර්තමාන මිනිස් ජීවන රටාව ඉතා සංකීර්ණ වූවකි. භෞතික සම්පත් ලබා ගැනීමේ කෑදරකමින් යුත් මිනිසා ජීවත් වන්නේ අසහනකාරී පරිසර රටාවක් තුළය. ළමා වියේ පටන් හරිහැටි නින්දක් නොලබා නිතර මානසික පීඩාවට පත්වන්නෝ මැදිවිය එලඹීමටත් ප්‍රථමයෙන් රෝගී වෙති. මින් මිදිය හැක්කේ ලද දෙයින් සතුටු වී සරල ජීවන රටාවකට හැඩ ගැසීමෙන් පමණි.
Rs 270.00
Rs 300.00
-10%

Sathyata Seema Natha Nidahase Piyamba Yannata

 "සත්‍යයට සීමා නැත" මෙම කෘතිය උත්තරාරෝපිතසංකල්ප වලින් මිදි ජීවිතය අලුතින් දකින්නට, ජීවිතය සතුටින් විඳින්නට, චිතය මෙන්ම ලෝකය දෙස සිහියෙන් බලන්නට මඟපෙන්වන, අපූර්ව ආකාරයෙන් සම්පාදිත කෘතියකි. එය සහජයෙන් අන්ධ භාවයට හෝ පෙස භාවයට පත් නොවුවද අඳ මනසින් බිහිරිව ජිවිත ගෙවන, සත්‍යයේ මායාව වැළදගත්. අන්ධකාරයේ සැරිසරණ අපේ සමාජයට, සිත් සීමාවන් සිද බිද දමන්නට මග පෙන්වන සදුපදේශයක් වනු නොඅනුමානය.
Rs 630.00
Rs 700.00
-10%

Kilesa Upakilesa Sankilesa Saha Chiththa Wimukthiya

කිලේස උපක්කිලේස සංකිසෙ‌ලේස සහ චිත්ත විමුක්තිය - කිලේස උපක්කිලේස සංකිසෙ‌ලේස සහ චිත්ත විමුක්තිය නම් ග්‍රන්ථය උසස් උපාධියක් සඳහා කරන ලද පර්යේෂණයකි. මෙවැනි මාතෘකා යටතේ රචිත ග්‍රන්ථ පරිහරණය විරල බැවින් මෙය මුද්‍රණය සඳහා දියපත්තුගම රේවත හිමි විසින් යොමු කර ඇත. තව ද දිගුකාලීන ව පරියේෂණ කරමින් නිම වන ලද ධර්ම ග්‍රන්ථයක් වන අතර උසස් විභාග හා උපාධි සඳහා පාඨකයාට ද එක සේ මහත් ප්‍රයෝජනවත් වන්නකි.
Rs 360.00
Rs 400.00
-10%

Abiyoga Jayagath Daruwo

අභියෝග ජයගත් දරුවෝ සැබෑ වශයෙන්ම අභියෝග හමුවේ නොසැලි නොවැටී, නොපැරදී තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත් සරසවි සිසුන් රැසකගේ ජීවන කතා එකතුවකි. ශ්‍රී ලංකාවේ සිවුදෙස ජිවත් වන, විවිධ මට්ටමේ ආර්ථික සාමාජික පසුතලවල ඉපිද හැදී වැඩි, විවිධ පාසල් වල ඉගෙන ගෙන අඩියෙන් අඩිය, වරෙක වැටෙමින්, තව වරක නැගිටිමින්, දුවමින් අවසන සරසවියට ඇතුළත් වීමේ කඩුල්ල පැනගත් උද්‍යෝගිමත්, අධිෂ්ඨානශීලී තරුණ තරුණියන්ගේ කතාන්දරයකි. මෙම ස්වයං ලිඛිත චරිත කතා වර්තමානයේ පාසල් වල ඉගෙන ගන්නා සිසුනට ශක්තියක්, ධෛර්යයක් හා මහත් අභිප්‍රේරණයක් ලබා දෙනු ඇත. ඔව්! මට පුළුවන්! මටත් සාර්ථකත්වයට පැමිණිය හැකියි යන අදහස ළමයින් තුළට කා වැද්දීමට හොඳම පොතක් ලෙස අභියෝග ජයගත් දරුවෝ" හඳුන්වා දිය හැකි ය. 
Rs 405.00
Rs 450.00
-10%

Maha Molakarayo

21 වෙනි සිය වසයේ සාර්ථකත්වයට වැඩිම බලපෑමක් කළේ ව්‍යාපාර බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. අනාගත අභියෝගයන්ට නොබියව මුහුණ දී ජිවිතය සාර්ථකත්වයට පත්කර ගැනීමට නම් සියලු දෙනාම ව්‍යාපාර දර්ශනය අවබෝධ කරගත යුතුය. ඒ සඳහා ලෝකය වෙනස් කළ විශිෂ්ට ව්‍යාපාරිකයන් නැවත හැදෑරීමෙන් සමාජයේ වෙසෙන සෑම කෙනෙකුටම ඉගෙනගත හැකි පාඩම් බො-හෝය. මෙම කෘතිය ඊට මහඟු පිටුවහලක් සපයයි.
Rs 630.00
Rs 700.00
-10%

Mudalata Gatha Nohaki Dhanaya

ප්‍රධාන පෙලේ මානව හිතවාදියෙක් ලෙස සැලකෙන රොබින් ශර්මා ලාබ නොලබන සමාජ සහ ආයතන රාශියක ආරම්භකයා වෙයි. ලෝකය පුරා දරිද්‍රතාවයෙන් පෙලෙන කුඩා දරුවන්ගේ සහ ළමුන්ගේ යහපත සඳහා ඔහුගේ අනුග්‍රහයෙන් පුන්‍ය ආයතන රාශියක් ක්‍රියාත්මක වන අතර ලාදුරු රෝගයෙන් පෙලෙන කුඩා දරුවන් නඟා සිටුවීම වෙනුවෙන් ඔහු සුවිශේෂී උනන්දුවක් දක්වයි. නායකත්ව පුහුණුව පිළිබඳ ලොව පුරා කීර්තියක් ලබන ශර්මා, පුද්ගල මානසික සංවර්ධනය ගැන ප්‍රවීනයෙකි. ආලෝකයට මං පෙන්වන්නෙක් වන මොහුගෙන් උපදෙස් ලබන්නන් අතර 'වාසනාවන්ත සමාගම් සියය ' මුල්කොට ගත් සුප්‍රසිද්ධ බිලියනපතියෝ, ප්‍රධාන පෙලේ ක්‍රීඩකයෝ, සංගීත ඔස්තාර්වරු සහ රාජකීයයෝ ද වෙති. ලෝකය පුරා ඉහලම ආදායම් ලබන සරල මනෝ විද්‍යාවටද බර, ජිවිත වලට යහ මහ පෙන්වන පොත් දාහතරක් ලියා ඇති මේ ප්‍රසිද්ධ දේශකයා, ජීවිතය සරි කර ගැනීමට අදාළව අභ්‍යාස පන්ති පවත්වමින් ලොව පුරා යයි. 'මුදලට ගත නොහැකි ධනය' නම් මෙම කෘතියද එලෙස ඔහුගේ අපිරිමිත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,665.00
Rs 1,850.00
-10%

Jeewithayen Pasu Jeevithaya

බුදුදහම ලෞකිකත්වය ද ආධ්‍යාත්මිකත්වය ද පිළිබඳ පරිපූර්ණතම ආකල්ප ඉදිරිපත් කරන ආගමික ඉගැන්වීමකි.ලොව විකසිතවූ දහම් පුෂ්පයේ සුවඳ විඳීමට බොහෝ ජනයා අතීතයේ පෙළ ගැසුණහ. වත්මන් ලාංකේය බෞද්ධයා දහම් සුවඳෙහි හෝ රසයෙහි අගය නො දන්නා නිලමැසි චින්තනයෙන් යුක්ත අවස්ථාවක මීමැසි සමනළ බොදු සිත් පුබුදු කරන දහම් සිසිලත් සුවඳත් මුසුවූ ග්‍රන්ථයකි මෙය. ශාස්ත්‍රීය කර්කශ බවෙන් තොර වූ ද ඕලාරික දහමේ විවරණයන්ගෙන් තොර වූ ද මෙවන් දහම් පොත් පත් යුගයේ අවශ්‍යතාවකි. බුදුවදන යැයි මුසාවදන් පතුරුවන්නන්ට ද සාමාන්‍ය බෞද්ධයා අමතක කළ බෞද්ධ උගතුන්ට ද ආදර්ශයක් වන ජීවිතයෙන් පසු ජීවිතය නැමැති මෙම ග්‍රන්ථය ගිහි පැවිදි උගත් නූගත් කාටත් අර්ථසම්පන්න බෞද්ධ හස්තසාර ග්‍රන්ථයක් සේ හැඳින්විය හැකිය. 
Rs 765.00
Rs 850.00
-10%

Obath Kamathida Sathuten Inna

මුදල් ඉපයීම, ඉඩ කඩම්, ගේදොර, යාන වාහන ගැනීම්, ප්‍රිය සම්භාෂණ්යය, ගෞරව ලැබීම, බලය ලැබීම ආදී සියලුම දේවල් වලින් මිනිසා බලාපොරොත්තු වන්නේ සතුරින් ජීවිතය පවත්වාගෙන යාමය. එහෙත් සතුට ඇත්තේ එතැනද? මේ සියල්ලටම වඩා ලාභදායී ලෙස සතුරු ළඟා කරගැනීමේ ක්‍රමවේදය මෙහි කතුවරයා පෙන්වා දෙන්නයන් ඉතා සරල පැහැදිලි කිර්ම් මගිනි. මෙහි භාෂාව හසුරුවා ඇත්තේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් කරුණු ග්‍රහණය කර ගැනීමට හැකිවන පරිද්දෙනි.මීට පෙර නොයෙක් ක්ෂේත්‍රයන් කිහිපයක් සම්බන්ධව පොත් ගණනාවක් රචනා කර ඇති මෙහි කතුවරයා පළපුරුදු වෛද්‍යවරයෙකු මෙන්ම මනෝ විද්‍යාව සම්බන්ධ දාර්ශනිකයෙකි.  එමෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ලේඛක පරපුරකින්ද පැවත එන්නෙකි. ඔහු ලියා ඇති සියලුම පොත් කියවා ඇති මට හැඟී ගියේ ඒ හැම එකක්ම මාගේ ජීවිතයේ යම් යහපත් විපර්යාසයක් ඇති කිරීමට සමත් වූ බව ය.
ඔබත් කැමැතිද සතුටෙන් ඉන්න නමැති මේ පොත කියවීමෙන් ද මාගේ ජීවිතයේ විශාල යහපත් පරිවර්තනයක් වූ බව කිව හැක.

චිත්‍රාල් ගමගේ
කර්තෘ සන්නස පුවත්පත
ඕස්ට්‍රේලියාව
Rs 1,890.00
Rs 2,100.00
-10%Out-of-Stock

Mathakaya Amthaka weema Saha Dimenshiyava

Out-of-Stock
ලංකාවේ වයෝවෘද්ධ ජනගහනය වැඩි වෙමින් පවතින අතර, වර්තමාන අතිධාවනකාරී ආර්ථික රටාව සමඟ ජනතාවගේ ජීවන තත්වය වෙනස් වී ඇත. විශේෂයෙන්ම සාම්ප්‍රදායික ජන සමාජයේ දක්නට ලැබුණු සාමූහික පවුල වෙනුවට, කුඩා පවුල් වැඩි වෙමින් පවතී. ඩිමෙන්ෂියාව අනාගතයේ දී රටේ සෞඛ්‍ය පද්ධතියට මෙන්ම ජන සමාජයට ද මුහුණ දෙන්න සිදුවෙන ප්‍රබල අභියෝගයක් විය හැක.කලක් තිස්සේ මහා බ්‍රිතාන්‍යයේ සේවය කළ මනෝ වෛද්‍ය විශේෂඥ ඩග්ලස් මුල්ගිරිගම මහතා මෙම තත්වය හඳුනා ගෙන මෙම කෘතිය ලිවීම ප්‍රශංසා සහගත ය. රෝගය ඇතිවීමට බලපාන සාධක, රෝග ලක්ෂණ, අවදානම් පිරිස්, අවදානම් සහගත තත්වයන්, ප්‍රතිකර්ම හා සමාජීය කළමනාකරණය ආදී වැදගත් කරුණු රැසක් මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡාවට ලක් කර ඇත. සාමාන්‍ය ජනයාගේ අවබෝධය වැඩි වර්ධනය කිරීම සඳහා සිංහල බසින් ලියැවුණු පොත්පත් හා ලේඛන ඇත්තේ අල්පයකි. එබැවින් සරල බස් වහරක් උපයෝගී කර ගනිමින් රචනා කර ඇති මෙම කෘතිය ඩිමෙන්ෂියා රෝග තත්වය පිළිබඳ සාක්ෂරතාව ඉහළ නැංවීමට හේතු වනු ඇතැයි සිතමි.
මනෝ වෛද්‍ය විශේෂඥ සජිවන අමරසිංහ මනෝ වෛද්‍ය උපදේශක, ජාතික මානසික සෞඛ්‍ය රෝහල,
සභාපති, ශ්‍රී ලංකා මනෝ චිකිත්සක විද්‍යාලය
Rs 675.00
Rs 750.00
-10%

Manasika Peedanaya Saha Kansava

මෙම සුවිශේෂී කෘතියෙහි කතුවරයා වූ විශේෂඥ මනෝ වෛද්‍ය ඩග්ලස් මුල්ගිරිගම මහතා මහා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ විශේෂඥ මනෝ වෛද්‍ය උපදේශකයෙකු ලෙස වසර 36 ක දීර්ඝ කාලයක් සේවය කර, විශිෂ්ට වෘත්තීය අත්දැකීම් සම්භාරයක් සතු අයෙකි. පළමුව මනෝ වෛද්‍යවරයෙකු වශයෙන් ලංකාවේ සේවය කළ ඔහු පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා බ්‍රිතාන්‍යයට ගියේ ය. පසුව එහි ජාතික සේවයට බැඳී මනෝ වෛද්‍ය වෘත්තියෙහි නිරත විය. එම කාලය තුළ ඔහු උකහාගත් දැනුම් සම්භාරයන් හා අත්දැකීම් මෙම විශිෂ්ට කෘතියට පාදක වේ.
"මෙම ග්‍රන්ථය වැදගත් හේතු තුනක් නිසා අද්විතීය ස්ථානයක් හිමි කර ගනී. පළමු වන හේතුව නම්, පාඨකයාගේ ප්‍රතිලාභය උදෙසා, මානසික සෞඛ්‍යය පිළිබඳ නූතන වර්ධනයන් අන්තර්ගත කළ ග්‍රන්ථයක් බිහි කිරීමයි. දෙවැනි කරුණ නම්, මෙම ග්‍රන්ථය මේ විෂය පිළිබඳ උනන්දුවක් දක්වන සෑම කෙනෙකුගේ ම විවිධ විමසීම් සහ ප්‍රශ්න වලට පිළිතුරු සපයන විස්තරාත්මක ප්‍රකාශනයක් වීමයි. තෙවැනි හේතුව නම්, ලොව පුරා භාවිතා වෙන විවිධ භාෂා වලින් පරිණාමය වී ආ, සංකීර්ණ සංකල්ප සාමාන්‍ය ජනයාට ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමට පහසු අකාරයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට වෛද්‍ය මුල්ගිරිගම මහතා සමත් වී තිබීමයි. මෙම දක්ෂතාව ඔහුගේ ප්‍රකාශනයේ ඇති ඉතාමත් ම වැදගත් අංශයක් ලෙස මම අගය කරමි” මෙම වැදගත් ප්‍රකාශනය, මානසික සෞඛ්‍යය වෘත්තියේ යෙදී සිටින සහ සමාජ ශුභ සාධන සේවාවල නිරත ව සිටින අයට ද, අධ්‍යයන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට සහ රෝගීන් ඇතුළු පොදුවේ මහා ජනයාට ද අතිශයින් ඵලදායි වන බව මගේ විශ්වාසයයි. මෙම ග්‍රන්ථය සෑම පුස්තකාලයක දීම පාඨකයාට කියවීමට ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.
මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සම්මානිතමහාචාර්ය නාලක මෙන්ඩිස් මහතා.
Rs 954.00
Rs 1,060.00