Janasruthi Adhyayana Widhikrama Saha Kramaveda Nayayathmaka Saha Wivaranathamaka Adarsha Kihipayak Rs 765.00 Rs 850.00 -10%
-10% Minis Diwiye Arutha Soya මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ට, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න්‍යායය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජිවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතුවරයා ඕස්විවිටස්හි සහ වෙනත් වද කඳවුරු තුළ ගත කිරීමෙන් අනාවරණය කර ගත් ඉෂ්ටාර්ථ චිකිත්සාව, මානසික ව හෝ ආධ්‍යාත්මික ව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන්ගේ පෞරුෂ ගැටලු නිරාකරණය සඳහා දායක වන නවීන හා සුඛවාදී එළැඹුමක් වේ. " පසුගිය වසර පනහ තුළ ලෝකයේ මනෝ විද්‍යා චින්තනයට කරන ලද ප්‍රධාන ම දායකත්වය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය " කාර්ල් ආර්. රොජර්ස් (ප්‍රකට මනෝ විද්‍යාඥ ) Rs 882.00 Rs 980.00 Add to cart Buy
-10% Daraka Manovidyawa මෙය ළමා මනස පිළිබඳ මනෝවිද්‍යාංශයට අයත් ග්‍රන්ථයකි. දරුවා මානසික වශයෙන් හා සාමාජීය වශයෙන් වර්ධනය වන ආකාරය මෙහි විස්තර වෙයි. මූලික වශයෙන් කතුවරයා උත්සහ කර ඇත්තේ දරුවාගේ පරිණතභාවය හා වර්ධනය පිළිබඳ විවිධ අවස්ථා දරුවාගේ වර්ධනය කෙරෙහි අවට පරිසරය බලපාන අයුරු මෙන්ම, දරුවා ඉපිද සිටින -ඔහු ඇති දැඩි වන සමාජයේ සාමාජිකයනුත් දරුවොත් අතර ඇති සාමාජික හා මානසික සම්බන්ධතා පිළිබඳ කරුණු ගෙනහැර දැක්වීමටය. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Wayadhi මේ පොත කියවා බැලීමි. ග්‍රන්ථකර්තෘ මහතා අනුන් කී පමණින් හෝ පොත්වල ඇතුලත් දෑ කියවීම් පමණින් නොනැවතී භාවනා මගින් අත්දුටු දෑ පැවසීමට මහත් ප්‍රයාශයක් ගන්නා බව පෙනේ. ගැඹුරු අදහස් වලින් පිරුණු මේ පොත සෙමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කළොත් විශ්වය හා එහි ප්‍රතිවිරුද්ධ පැත්තත්, ගැන සැලකිය යුතු අවබෝධයක් ලැබිය හැකි වෙතැයි සිතමි. බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය ස්ථර. Rs 171.00 Rs 190.00 Add to cart Buy
-10%Out-of-Stock Sarthaka Jeewithaye Rahasa Out-of-Stock අන් අය සතුටින් ජීවත්වන නමුත් තමන් ගත කරන ජීවිතයේ සතුටක් නැතැයි. සිතන අයට ද, කෙතරම් උත්සාහ කළත් සතුටින් ජීවත්වීමට නොහැකියයි සිතන අයට ද, ජීවිතයේ වැදගත් කඩයිම් වෙත අවබා්ධයෙන් මුහුණදීමට දැනුමක් අවශ්‍යයි සිතන අයට ද මෙය බෙහෙවින්ම ඵලදායක අත් පොතකි. Rs 540.00 Rs 600.00 Details View details
-10% ManoWidyava “ සැලකිය යුතු ශාරීරික හේතුවක් නොමැතිව ඇතැම් කෙනෙක් අසනීප වෙන්නේ මන්ද? " මෙය මනෝ විද්‍යාඥයා ඉදිරියේ එදා මෙන්ම අදද නැගෙන ප්‍රශ්නයකි. එයට පිළිතුරු සෙවීමේදි ප්‍රංශයේ සහ ජර්මනියේ වෛද්‍යවරුන් අතර විවිධ මති මතාන්තර ඇති විය. මනෝ විද්‍යාවේ නවීන මනෝ ප්‍රතිකාර අංශයන් ක්‍රම - ක්‍රමයෙන් දියුණුවට ගිය අයුරු මෙම ග්‍රන්ථයේ පිළිවෙලින් විස්තර වෙයි. එනයින් මෙය ප්‍රධාන වශයෙන්ම මනෝ විද්‍යා ඉතිහාසයට සම්බන්ධ කරුණු අඩංගු පොතකි. මෙහි දෙවෙනි සහ තුන්වෙනි පරිච්ඡේද වෙන්වී ඇත්තේ වර්ගීකරණ-විද්‍යාවේ ආරම්භය සහ එහි උපයෝගිතාවය පිළිබඳ විස්තරයකටය. ඉතා සුලූ කාලයක් ඇතුළත විශාල පාඨක පිරිසකගේ ගෞරවයට ලක් වූ මෙම කෘතිය සිංහල මනෝ විද්‍යා සාහිත්‍යයට එක්වූ ඉතාම සරල ග්‍රන්ථයයි. ශාරීරිකාබාධ සම්බන්ධයෙන් නවීන මනෝවිද්‍යාවේ ආරම්භයේදී පළවූ සිද්ධාන්තයන් සහ නිගමනයන් මෙහි විස්තරවී ඇත්තේ කිසිත් අවුලකින් තොරව ආධුනික පාඨකයනට වුවද ලෙහෙසියෙන් වටහාගත හැකිවන අයුරිනි. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Chiththavega Ha Manovidyava මෙම ග්‍රන්ථයෙහි අඩංගු වී ඇත්තේ චිත්තවේග (Emotions) පිළිබඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයකි. පරිච්ඡේද 8 කින් සමන්විත මෙය මනෝවිද්‍යාව හදාන්න වුනට පමණක් නොව සාමාන්‍ය පාඨකයනට ද ඉතා ප්‍රයෝජනවත් තොරතුරු රැසක් රැගෙන එයි. චිත්තවේග පිළිබඳව විවිධ මනෝ විද්‍යාඥයන්ගේ සිද්ධාන්තයන් ද චිත්තවේග සම්බන්ධයෙන් මොළය ක්‍රියා කරන ආකාරය ද විවිධ ශාරීරික ආබාධ වලට චිත්තවේග බලපාන අයුරු ද චිත්තවේගවල ප්‍රයෝජනවත් හා නිශ්ප්‍රයෝජනවත් අංශයන් ද, චිත්තවේගීය අවප්‍රමාණතා පිළිබඳව ද මෙහි විස්තර වී තිබේ. පාසැල් සිසු - සිසුවියන්ට වුවද තේරුම් ගතහැකිවන ආකාරයට ඉතා සරල බසින් ලියැවී ඇති චිත්තවේග සහ මනෝ විදනන්ට මෙම කතුවරයා විසින් ලියන ලද මනෝ විද්‍යා ග්‍රන්ට කිහිපයෙන් එකකි. මෙය, එහි තුන්වෙනි සංශෝධිත මුද්‍රණයයි. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Nayakayek Onakara Thibe කර්තෘ ගෙන්... වසර පහළොවකට අධික කාලයක් ලෝකයේ ප්‍රමුඛතම සමාගම්වල නායකත්ව උපදේශකයෙකු ලෙස මා ලැබූ අත්දැකීම් සමුදායක ප්‍රතිඵලයකි මේ. මා අත්හදා බැලූ විවිධ නායකත්ව ශිල්ප ක්‍රම වේද වලින් ලැබූ අත්දැකීම් නොමසුරුව මෙම කෘතියට ඇතුළත් කළෙමි. මේ අතිදැවැන්ත අත්දැකීම් සමුදාය ඔබේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයටද අතිශයින් වැදගත් වනු ඇත. මෙහි එන විවිධ චරිත මගින් මනඃකල්පිතකතන්දරයක් ඔබට ඉදිරිපත් කළද නායකත්වය පිළිබඳව වන මූලික ප්‍රතිපත්ති සහ නිර්නායකවලින් සමන්විතව මෙම කෘතිය නිර්මාණය කර ඇත. එබැවින් මෙහි එන පරිකල්පනීය අත්දැකීමට වඩා ඔබ සමීප විය යුත්තේ මෙමගින් එළි පෙහෙළි කරනු ලබන විධික්‍රම කෙරෙහිය. එමගින් ඔබේ ව්‍යාපාරයත්, පෞද්ගලික ජිවිතයත් අතිශයින් සාර්ථක කර ගත හැකි වනු ඇත. Rs 720.00 Rs 800.00 Add to cart Buy
-10% Adaraneeya Demapiyani දරුවන් සිටින නූතන දෙමාපියන්, වෙනස් වන සමාජයක ජීවත්වන නූතන දෙමා පියන්, වෙනස් වෙමින් විපරිත වන සමාජයක ජීවත්වන දෙමාපියන්, තමාගේ භූමිකාව නිවැරදිව හඳුනා ගෙන තිබෙන්නේ ද? දරුවන් බිහි කළ ද, දරුවන්ට ඉගැන්වීමට මහන්සි ගත්ත ද, බොහෝ දරුවන් අසාර්ථක වීම හේතුවෙන් දෙමාපියෝ කණස්සල්ලට පත් වෙති. ඇතැම් දරුවන් අධ්‍යාපනයෙන් සාර්ථකත්වයක් ලැබුව ද, ජීවිතය අසාර්ථක කරගන්නා අන්දම ද නිරීක්ෂණය කළ හැකිය. ඊට හේතු කවරේ ද? තමන්ගේ දරුවන් වෙනුවෙන් මාපියන් තම භූමිකා අර්ථ සම්පන්න අන්දමින් ගොඩනගා ගැනීමට අවශ්‍ය අවබෝධය හා විනය, ඥානාලෝකයක් සේ තමන් සන්තක කරගන්නේ කෙසේ ද? මේ ප්‍රශ්න සඳහා උත්තර විවිධ මානයන්ගෙන් දෙමාපියන්ට ලබා දීමට, ගුරු භවතුන්, පාසල් ප්‍රධානීන් මෙන් ම, කතුවරයා දරා තිබෙන උත්සාහයන් ඔස්සේ මේ පොත දෙමාපියන් උදෙසා සම්පාදනය කර තිබේ. Rs 765.00 Rs 850.00 Add to cart Buy
-10% Bhinonmadaya භින්නෝන්මාදය මනස ලෙඩ කරන උග්‍ර මානසික රෝගයකි. මානසික රෝග අතර වැඩියෙන් කතාබහට ලක්වන රෝගය ද එයයි. ලෝකයේ ජනගහනයෙන් 1% ක් පමණ මෙම රෝගයෙන් පෙළෙයි. රෝගය පරම්පරාවෙන් පරම්පරාවට පැතිරයාමේ අවදානම ඇත. රෝගය හට ගැනීමට මුල් වන නිශ්චිත හේතූන් තවමත් නොදනී. එ නමුදු රෝගය ඇතිවීමට බලපෑ හැකි අවදානම් සාධක සමහරක් ගැන කරුණු අනාවරණය වී තිබේ. කෙසේ හෝ රෝග ලක්ෂණ ඇති කිරීමට හේතු වන්නේ, මොළයේ ඩොපැමින් ස්නායු සෛලවල, ඩොපැමින් ස්නායු රසායනික සංයෝගයේ අධි ක්‍රියාකාරීත්ව යයි විශ්වාස කෙරේ. රෝගයේ අවධි දෙකකි. මුල් අවධිය තීව්‍ර අවධියයි. තීව්‍ර අවධියේදී කලින් හඳුනාගෙන, නිසි ප්‍රතිකාර කිරීම තුළින් රෝගය හොඳින් පාලනය කළ හැකිය. මුල් තීව්‍ර අවධියේ ප්‍රතිකාර ප්‍රමාද කිරීම, නිසි ප්‍රතිකාර නොකිරීම, රෝගය නැවත නැවත හට ගැනීමටත්, පාලනය කිරීමට අපහසු, වඩා අහිත කර වූ, නිදන්ගත අවධියට යාමටත් හේතු වේ. Rs 603.00 Rs 670.00 Add to cart Buy
-10% Adarayai Karunavai ආදරය මෙන්ම කරුණාව ස්ථාවර හෝ තද දෙයක් නොවන බව පැහැදිලිය. හැම මිනිස් සිතකටම ආදරය සහ කරුණාව ජීවන මිහිර විඳින්නට නම් අවැසිමය. හැම මිනිස් සිතකම ආදරය මෙන්ම කරුණාව උපදී. එපමණක් නොව, හැම මිහිස් සිතකින්ම ආදරය සහ කරුණාව ගිලිහීයාම ද ස්වභාවයකි. මට සිතෙන්නේ එය, පිපී දිලුණ මලක් පරව බිම පතිත වීමට සමාන බවයි. එනමුත් ඒ මල් ගසෙහි තව මල් පිපී දිලෙන බව ද අමතක නොකළ යුතු කාරණයකි. කලින් පිපී දිලුණ මල පරව බිම පතිත වූ බව සිහි කර, අලුතින් පිපිණු මල නො දැකීම, එහි සුවඳ නොවිඳීම, නොමනාය. එය වරදකි. මේ දහම වටහා ගැනීම මිනිස් සිතට අවැසි ආදරය සහ කරුණාව උරුම කර ගැනීම විෂයෙහි ඉතා වැදගත්ය. Rs 675.00 Rs 750.00 Add to cart Buy
-10% Adaraya Danenna Jeewathwenna කර්තෘ ගෙන්... මේ පොත රචනා කර තිබෙන්නේ අඹු සැමියන් වීමට අපේක්‍ෂා කරන අයටත් අඹු සැමියන් ලෙස ජිවිතගොඩනගා ගත් අයටත් කියවීමට ය. පැහැදිලි හේතු සාධක ඇතිව හෝ නැතිව යුග දිවිය ව්‍යාකූල කරගෙන දරුවන්ට ද අනර්ථයම සිදු කරන ස්වාමි පුරුෂයන් හා භාර්යාවන් කිහිප දෙනෙක් හඳුනා ගැනීමට මේ පොතෙන් අවස්ථාව උදාවේ. ඉතා අකාරුණික ජීවිත ගත කරමින් හෙම්බත් වී සිටින ඇතැම් පුද්ගලයන් නිර්ව්‍යාජ ආත්ම භාෂණ ඔස්සේ තම ජීවිත ආලෝකවත් කර ගත් අතර සමහරු දර දඬුවම ජීවත් වන නිසා ජීවිතාවබෝධයෙන් තමන්ගේත් තම දරුවන්ගේත් ජීවිත ප්‍රකෘති තත්වයට පත්කර ගැනීමට අසමත් වී සිටිති. මෙය කියවන පාඨකයන් ගෙන් අපේක්‍ෂා කරන්නේ තම ජීවිතාවබෝධය පුළුල් කරගැනීමට කිසියම් ආලෝකයක් මෙයින් අත් කරගත හැකිදැයි සලකා බලන ලෙසය. Rs 792.00 Rs 880.00 Add to cart Buy
-10% Sithaka Wehesa - Swami Purushayange Paminili "සිතක වෙහෙස ' නැමැති මේ පොතේ අන්තර්ගත වන්නේ, විවාහක පුරුෂයන් තමන්ගේ ජීවිතය, තමන්ගේ භාර්යාවන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරි තත්වයකට පත්වී යයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරය. ඇතැම් ස්වාමි පුරුෂයන් උගත් කමින් සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස් කම් පළ කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සදහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කීපයකි. ඒ අතර කන්දොස්කිරියාව, නිදහස සම්බන්ධ තත්වයන්, ලිංගික ජීවිතය කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැති කම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන් ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ. මෙහි අන්තර්ගත විස්තර කියවන කවරෙකුට වුව එය පැහැදිලි වනු ඇත. Rs 765.00 Rs 850.00 Add to cart Buy
-10%Out-of-Stock Adhyapana Manovidyawa Ha Guruwaraya Out-of-Stock අධ්‍යාපන මනෝ විද්‍යාව දිනෙන් දින දියුණු වන විෂය ක්‍ෂේත්‍රයකි. මෑත කාලීන පර්යේෂණ වලින් හෙළි වූ තොරතුරු ද සහිතව ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තියෙහි නියැලි ගුරු මහත්ම මහත්මීන්ටත්, දරුවන් හදා වඩා ගැනීමේ නියුතු දෙමාපියන්ටත් වඩාත් උපකාරී වන ග්‍රන්ථයක් ලෙස අධ්‍යාපන මනෝ විද්‍යාව හා ගුරුවරයා පොත සැකසී ඇත. දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සියලුම ගුරු පුහුණු පාඨමාලා වල අධ්‍යාපන මනෝ විද්‍යාව විෂයයට පාඨ ග්‍රන්ථයක් ලෙස මෙය නිර්දේශ කොට ඇත. Rs 1,800.00 Rs 2,000.00 Details View details
-10% Manasika Suvathava Sadaha Sarala Bavana Abyasa තමා කරනු ලබන කාර්යය සඳහා සිත සංකේන්ද්‍ර කරගෙන, මනස සංසුන් කරගනිමින්, සිතසතිමත්ව තබා ගැනීම, අධ්‍යාපන සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. නව තාක්ෂණ විද්‍යාත්මක ලෝකයේ අප කිසිවකුට බාහිර පරිසරය හෝ භෞතික ලෝකය හෝ පාලනය කළ නොහැකි බවට සැකයක් නැත. පණිවුඩ චන්ද්‍රිකා හරහා හුවමාරු වන පණිවුඩ කෝටි ගණනක් මේ මොහොතේ ද ක්‍රියාත්මක වේ. බාහිර සාධකවල බලපෑම වැඩි වීම නිසා ශිෂ්‍යයන්ගේ ඇතුළතසාමය යටපත් වී ඇත. මෙම මානසික අර්බුදය, අසහනකාරී බව සමග සිත සංසුන් කර තබාගෙන, සිත ඒකාග්‍ර කරගෙන ඉගෙන ගැනීමට අපහසු ය. මෙම පොතෙන් ඉදිරිපත් කරන මානසික සුවතාව සැඳහා සරල භාවනා අභභ්‍යාස ඇතුළාන්තසිත සංසුන් කර, චිත්ත බලය ශක්තිමත් කර, මනෝ සංවර්ධනය සඳහා අවශ්‍ය නිසි මග පෙන්වීම කරනු ඇත. ළමයින් මානසික ව වික්ෂිප්ත ව, මත් පැන්, මත්ද්‍රව්‍ය, දුම්පානයට හා අපවාරයට සාමට පෙර. නවීන සන්නිවේදන මාධ්‍ය වල බාල බොළඳ විසුක දසස්න වලට හසු වීමට පෙර, අපේ දරුවන් බේරාගත යුතුම ය. සියල්ල වැරදුනාට පසු දරුවන්ට හෝ වෙනත් බාහිර ආයතන වලට හෝ දොස් කීමෙන් පලක් නැත. අඳුරට කෙතරම් සාප කරමින් සිටියත්, එහි ආලෝකයක් හට නොගනු ඇත. අප සුළුවෙන් හෝ ඉටිපන්දමක් පත්තු කළ යුතුම ය. මේ පොත එම අවිඳු අඳුර පලවා හැරීමට යෝග්‍ය විදක ආලෝකයක් වනු ඇත. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10%Out-of-Stock Sampath Akarshanaya Karagatha Haki Maga Out-of-Stock ඔබගේ ජීවිතයට නව ආලෝකයක් හා මග පෙන්වීමක් ලබාගත හැකි ප්‍රායෝගික මනෝ විද්‍යා අත්පොතකි. මේ පොත මගින් ඔබගේ දිවිය ආලෝකමත් කිරීමට නිවැරදි මාර්ගෝපදේශනයක් ලැබේ. ඔබ ඔබ කෙරෙහි ම විශ්වාසය තබන්න. ඔබේ උත්තරීතර ආත්මය හඳුනාගන්න. ඔබ කැමති කවර දෙයක් වුවද ආකර්ෂණය කරගන්න. ආත්ම සංවර්ධනයේ ඉහළ තලයකට ළඟා වන්න. ඉහළ තලයකට ළඟා වීමට, පුරුදු වෙනස් කරගන්න. සියලු සිතිවිලි ධනාත්මක දිශානතියකට යොමු කරන්න. ධනාත්මක සිතිවිලි ජීවිතයට බද්ධ කරගන්න. ගැටලු විසඳා ගැනීමට සිතේ බලය දියුණු කරගන්න. කොන්දේසි විරහිත ව, සීමා රහිත ව ආදරය කරන්න. ඔබගේ වැදගත්කම හා වටිනාකම වැඩි දියුණු කරගන්න. අතීත තුවාල හා වණ කැළල් සුවකර ගන්න. කෘතඥතාව හා ත්‍යාගශීලි බව ජීවිතයට බද්ධ කරගන්න. ඔබට සැබැවින් ම සාර්ථක ජීවිතයක් ගත කළ හැකි ය. ඔබගේ පුස්තකාලයේ තිබිය යුතුම හස්තසාර ග්‍රන්ථයකි. Rs 360.00 Rs 400.00 Details View details
-10% Uda Wu Yawwanaya වර්තමාන යොවුන් පරපුරට මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතිහාසයේ අන් කවර කලක හෝ මානවයන්ට මුහුණ දීමට සිදු නො වූ තරම් වූ ගතික සමාජයකට ය. නව විද්‍යා තාක්ෂණ දියුණුවත්, ගෝලීයකරණය වූ ආර්ථික ක්‍රියාවලියත්, සන්නිවේදන හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුව ඇති විප්ලවාත්මක ප්‍රසාරණයත් හමුවේ සමාජයට ගලා වන තොරතුරු කන්දරාව තුළ, කළ යුතු හා නොයුතු දේ කුමක්දැ යි තෝරා බේරා ගත නොහැකි ව යෞවනයෝ අන්දමන් ද ව සිටිති. මේ සංස්කෘතික කම්පනයට ඔරොත්තු දීමට කළ යුතු හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවදි බවක් ඇති කරලීම හා ගත හැකි ක්‍රියාමාර්ග වලින් යෞවනයන් දැනුවත් කරලීම යුග අවශ්‍යතාවක් ව ඇත. Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10% Jiwithaya Jaya Gatha Haki Maga විශ්ව ශක්තිය උකහා ගෙන සිතේ ශක්තීන් ප්‍රබල කර ගෙන ජීවිතය සාර්ථක කරගත හැකි අන්දම විද්‍යානුකූල ව හා ප්‍රායෝගික ව ඔබට හඳුන්වා දෙන විශිෂ්ට ග්‍රන්ථයකි. විශ්ව බලයට බද්ධ වීම. ධනාත්මක සිතිවිලි ජීවිතයට බද්ධ කරගැනීම. විවාහ ගැටලු විසඳා ගැනීමට යටි සිතභාවිත කිරීම. සතුට වර්ධනය සඳහා යටි සිතපුහුණු කිරීම. මානව සබඳතා වර්ධනයට යටි සිතපුහුණු කිරීම. සමාව දීම සඳහා යටි සිත පුහුණු කිරීම. වැරදි පුරුදු වලින් අත්මිදෙන්නට හා මානසික බාධක ඉවත් කරගැනීමට යටි සිත පුහුණු කිර්ම. ඔබේ යටි සිත බල ගන්වා භාවිත කර ඔබව ජයග්‍රාහි මාවතට යොමු කිරීමට උදවු වන ප්‍රබල ග්‍රන්ථයකි. එදිනෙදා භාවිත කළ හැකි, ඉක්මණින් ප්‍රතිඵල ලැබිය හැකි ක්‍රම ශිල්ප අන්තර්ගත ය Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Yowun Wiye Manasika Saukhya Ha Yaha Pawathma වර්තමාන යුගයේ පොදුවේ මුළු ලොවට ම බලපාන ගැටලුවක් ව ඇත්තේ යොවුන් වියේ දරුවන් මානසික පීඩා වලට බරපතල ලෙස ගොදුරු වීමයි. යෞවනයන් මුහුණ පාන මෙම මානසික අක්‍රමතා නිසා අධ්‍යාපනික පසුබෑම්, හදිසි කෝපය, චණ්ඩතාව, විවිධ කායික ආබාධ, ජීවිතය ගැන කලකිරීම, හුදකලා වීමට කැමැත්ත, මත්පැන්, මත්ද්‍රව්‍ය හා මත්කුඩු වලට ඇබ්බැහිවීම සහ සියදිවි නසාගැනීම දක්වා බරපතල විය හැකි ය. මේ තත්ත්වයට අප සැමගේ අවධානය යොමුවිය යුතු ය. රෝගි තත්ත්වයට පත් වූවාට පසු බෙහෙත් දීමේ නැඹුරුවේ සිට රෝග වලක්වා ගැනීමේ නැඹුරුව වෙත අපි ගමන් කළ යුතු වෙමු. මානසිකව රෝගී වූ විට ඒවා මුළුමණින් සුවකර ගැනීමට ඇති භව්‍යතාවය අඩු ය. යොවුන් වියේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නංවා හැකියාව ද යහ පැවැත්ම වර්ධනය කිරීමේ අරමුණින් මේ පොත ලියා ඇත්තේ එම යුතුකම හා වගකීම ඉටු කිරීමට ය. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Pudgala Manovidyawa නූතන මනෝ විද්‍යාවේ පියා සිග්මන් ෆ්‍රොයිඩ් වශයෙන්ද උපදේශනයේ පියා කාල් රොජර්ස් වශයෙන් ද පැවැති ජනප්‍රිය මතවාදය නැවත විමර්ශනය කැරෙන මෙම කෘතිය වත්මන් උපදේශකවරයා හෝ චිකිත්සකවරයා තුළ සැඟවී සිටින සැබෑ ක්‍රියාකාරී සෙවනැල්ල අන් කිසිවකු නොව ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ය යන මතවාදය ගම්‍ය කරවයි. 'ස්නායුගත ව්‍යාකූලතා ඇති වන්නේ අවිඥානයට අවරෝධනය කරන ලද ලිංගික අක්‍රමිකතා හේතුවෙනි' යන ෆ්‍රොයිඩියානු මතය ප්‍රතික්ෂේප කරමින් ඉන් ඉවත්ව ගිය ඇඩ්ලර් 'පුද්ගල මනෝවිදන සම්ප්‍රදාය ' නමින් නව සම්ප්‍රදායක් ඇරඹීය. ෆ්‍රොයිඩ්, කාල් යුං වැනි පරමාදර්ශී මනෝවිද්‍යාඥයන් විසින් සඳලු තලයට ඔසවා තබන ලද ' මනෝවිද්‍යාව' පොදු ජනතාවගේ මානසික ගැටලු වලට මග පෙන්විය හැකි පරිදි සඳලු තලයෙන් මහ පොළොවට රැගෙන එන ලද්දේ ඇඩ්ලර් විසිනි. රෝලෝ මේ, කාල් රොජර්ස්, වික්ටර් ෆ්‍රැන්කල්, ඒ බ්‍රහම් මාස්ලෝ, එරික් බර්ග්, ප්‍රිට්ස් විටල්ස් වැනි උපදේශන මනෝ විදන ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් පවා ඇඩ්ලර්ට ණයගැති භාවය පිළිගෙන ඇත. ඊටත් වඩා ඔබ්බට ගිය ඇල්බට් එලිස් " නූතන මනෝවිද්‍යාවේ සැබෑ පියා ෆ්‍රොයිඩ් නොව, ඇඩ්ලර් විය හැකි ය." යන මතය පළ කළේය. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Pashchath Nuthana Upadeshanaya විසි එක් වැනි ශත වර්ෂය උදාවීමත් සමගම උපදේශන මනෝ විද්‍යාව න්‍යායාත්මක වශයෙන් මෙන්ම ප්‍රායෝගික වශයෙන් ද සංවර්ධනය වෙමින් එසේම ජනප්‍රිය වෙමින් ද ඉදිරියට පැමිණ ඇති බව නොරහසකි. නූතන උපදේශන ප්‍රතිකාරක නන්‍යායන් මෙන්ම පශ්චාත් නූතන උපදේශන ප්‍රතිකාරත න්‍යායන්ද එහි ප්‍රතිඵලයකි. ඉතා මෑතකාලීන වූ එම න්‍යායන් මෙම කෘතිය මගින් ප්‍රථමවරට අපරට උපදේශන ක්‍ෂෙත්‍රයට හඳුන්වා දෙනු ලබයි. මේ අතර නූතන ප්‍රතිකාර ප්‍රවේශ වූ යථාර්ථ ප්‍රතිකාරය හා පවුල් පද්ධති ප්‍රතිකාරය වෙන්වී පශ්චාත් නූතන උපදේශන න්‍යායන් වශයෙන් සැලකෙන විසදුන් මූලික ලුහුඩු ප්‍රතිකාරය හා කථන ප්‍රතිකාරය දී මෙහිලා සටිස්තරාත්මක ලෙස හඳුන්වා දෙනු ලබයි. එම න්‍යායන් පිළිබද මුලික සංකල්ප, මූලධර්ම, ප්‍රතිකාරක සබඳතා ක්‍රමශිල්ප, උපාය මාර්ග ආදී වශයෙන් සරල සුගම ලෙස හදුන්වා දෙන බැවින් කවර උපදේශකවරයකුට වුවද ඒවා පහසුවෙන් භාවිතා කිරීමට හැකිවනු ඇත. උපදේශන ක්ෂත්‍රයේ නව නම්‍යතා කළඑළි දක්වන මෙම කෘතිය අපරට සියලු උපදේශන පාඨමාලා ගුරුභවතුන්ට කදිම මාර්ගෝපදේශයක් වනු ඇත. එසේම සියලු වෘත්තීය උපදේශක වරන්ට අත් පොතත් වනු ඇත. මේ හැර උපදේශනය විෂය හදාරණ සියලු විද්‍යාර්ථීන්ට නව දැනුම උකහාගත හැකි දැනුම් සාගරයක් වනු ඇත. මෙබදු අගනා කෘතියක් ප්‍රදාහය කිරීම මහාචාර්ය රෝලන්ඩ් අබේපාල උපදේශන මනෝ විද්‍යා විෂය ක්‍ෂෙත්‍රයට සිදු කළ විශිෂ්ට සේවයක් වශයෙන් අගය කරනු කැමැත්තෙමි. ආචාර්ය සමුදා සෙනරත් අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යනාංශය කොළඹ විශ්වවිද්‍යාලය Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10% Buddhiya, Bahuvida ha Bhawamaya Buddhiya හොවාර්ඩ් ගාඩ්නර් (1984) විසින් ඉදිරිපත් කරන ලද බහුවිධ බුද්ධි න්‍යාය මනුෂ්‍ය විභව්‍යතා සංවර්ධනය පිළිබඳ පශ්චාත් නූතනවාදී අර්ථකථනයක් වශයෙන් සැලකිය හැක්කකි. මානව ශක්‍යතා සංවර්ධනය පිළිබඳ සාම්ප්‍රදායික බැවහැරයන් උඩියටිකුරු කළ බහුවිධ බුද්ධි නන්‍යාය ඕනෑම දේකින් බුද්ධි වර්ධනය සිදුකළ හැකි බව අනාවරණය කරයි. දැනටමත් මෙම න්‍යාය ලොව පුරා අධ්‍යාපනික හා විවිධ ඉගෙනුම් ක්‍ෂෙත්‍ර කරා පැතිරි හමාරය. කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨය තුළ මෙම කතුවරයා විසින් (2001) ඉගැන්වීම් අරඹන ලද බහු විධ බුද්ධි නකාය මේ වනවිට සියලු තෘතීය, වෘත්තීය හා උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම් විෂයක් මෙන්ම ඉගැන්වීම් ක්‍රම ශිල්පයක් බවටද පරිවර්තනය වී ඇත. සැබැවින්ම බහු විධ බුද්ධි න්‍යාය දිළිදු රටවලට මෙන්ම අප වැනි ඌන සංවර්ධිත රටවලටද මහත් වූ සහනයකි. Rs 675.00 Rs 750.00 Add to cart Buy
-10% Chiththawega Kalamanakaranaya දෛනික ජීවිතය ගත කරද්දී ගෙදර දොර මෙන්ම රාජකාරී හෝ සේවා ස්ථානවලදී අත්දකින චිත්තවේගීය ගැටලු කිහිපයක් වස්තු කොටගත් මෙම කෘතිය උපදේශන මනෝවිද්‍යාවේ ව්‍යවහාරික අවබෝධය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ලියන ලද්දකි. එසේ වුවද උපදේශනය පිළිබඳ විවිධ මට්ටමින් ඉගෙනීම ලබන විද්‍යාර්ථීන්ට මෙන්ම මනෝ විද්‍යාව කෙරෙහි ඇල්ම දක්වන පාඨකයාටද චිත්තවේග කළමනා කරණය පිළිබඳ ගැටලු නිරාකරණය කරදෙන කෘතියකි. සරල සුගම බස් වහර ආයාසයකින් තොරව කියවා තේරුම් ගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10% Sarthakathva Muladharma * දියුණුවේ රන් දොරටුව ලක්හඬ ගුවන් විදුලිය ඔස්සේ අභිමානවත් සේවාවක් ඉටු කරමින් ගුවන් ගතවන පුද්ගල පෞරුෂ වර්ධන සාකච්ඡා මාලාවයි. වසරේ විශිෂ්ටතම හා වාර්තාගතයුග මෙහෙවරක් ඉටු කළ හා ඉටු කරන දියුණුවේ රන් දොරටුව වැඩ සටහනෙහි මුද්‍රිත නිර්මාණය සාර්ථකත්ව මූලධර්ම ග්‍රන්ථයයි. ජාතික ගුවන් විදුලි සේවාවක් වන ලක්හඬත්, ජාතික පුවත් පත් වන දිවයින හා ලංකාදීපයත්, පොත් ප්‍රකාශන ක්‍ෂේත්‍රයේ කීර්තිමත් ශික්ෂා මන්දිර ප්‍රකාශන ආයතනයේත් සුසංයෝගය ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඉතිහාසයේ මින් පෙර සිදු නොවූවකි. 2002 මාර්තු මස සිට මේ දක්වා ම ලක්හඬ ගුවන් විදුලිය සතියකට විනාඩි 90ක් එක ම දේශකයකු සමඟ එක ම වැඩ සටහන් මෙහෙයවන්නකු සමඟ වාර්තාගත සබඳතාවක් පවත්වා ගෙන ඇත. එම සෑම සාකච්ඡාවක් ම "දිවයින" හා "ලංකාදීප" ජාතික පුවත්පත් නොකඩවා පළ කරන ලදී. මෙම වැඩ සටහනෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස සිතුමිණි සමාජ දිවයින පුරා බිහි වී ඇත. සාර්ථකත්ව මූලධර්‍ම පණිවිඩය ගම් නියම් ගම් හරහා ගෙන යාමට සිතුමිණි සමාජ දායක වෙමින් පවතී. ලක්හඬ ශ්‍රාවක, දිවයින හා ලංකාදීප පාඨක ජනතාවට ධනාත්මක චින්තනය වර්ධනය කරගැනීමට මෙම සිතුමිණි සමාජ අනාගතයේ දී ද උදවු වනු ඇත. මෙම ජාතික යුග මෙහෙවර ඉදිරි වසරේ දී වඩාත් සංවිධානාත්මක ව හා ජයග්‍රාහී ලෙස පවත්වාගෙන යාම වටනේ ය. පුද්ගල පෞරුෂය හා ජාතික පෞරුෂය ඉහළ නංවාලීමට අවශ්‍ය ශක්තිය මේ පොතෙන් සැමට ලබාගත හැකි වේ. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Yowun Wiye Paurushaya Shakthimath Karaganimata Dhanathmaka Manowidya Praweshaya යෞවන විය යනු සුවිශේෂ වයස් පරාසයකි. දරුවා ළමා බවේ දළඹු කෝෂයෙන් මිදී යෞවන ලෝකයට සමනලයකු ලෙස පියාඹා යන්නේ යෞවන වයසේ දී ය. මෙතෙක් දෙමාපිය සෙවනේ ඔවුන්ගේ අණසක යටතේ සිටි ළමයින්ට යෞවන වයසත් සමග නිදහසක් ලැබේ. එහෙත් විභාග සමත් වීම, රැකියා සොයා ගැනීම, අනාගතය සුරක්‍ෂිත කර ගැනීම ආදි අභියෝග වලට ද මේ අවධියේ මුහුණ දීමට සිදු වේ. ලෝකයේ නව තාක්ෂණ දියුණුව හා සන්නිවේදනයේ බලපෑම වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඈත ගම් නියම්ගම් වලට ද පැතිරේ ඇත. භෞතික දියුණුව තව තවත් ඉහළට යන අතර ම මත් කුඩු, මත් ද්‍රව්‍ය හා ලිංගික ආශා උද්දීපනය කරන චිත්‍රපට, යොවුන් දරුවන්ගේ ගත සිතකුල්මත් කරවමින් මුළු රට ම ආක්‍රමණය කර ඇත. මෙම අභියෝග හා තර්ජන වලින් බේර් තම අපේක්‍ෂා කරා ළඟා වීමට යෞවනයන්ට මග පෙන්වීම, දිරි ගැන්වීම වැඩිහිටි අපගේ වග කීම වන්නේ ය. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10%Out-of-Stock Sarthaka paul jeewithayakata Out-of-Stock වර්තමාන සංකීර්ණ සමාජයේ පවුල් සංස්ථාව නොයෙකුත් හැල හැප්පීම්වලට ගොදුරු වී ඇත. විවාහ සහකරුවකු තෝරා ගැනීමේ සිට විවාහය, විවාහ ජීවිතය, දරුවන් හදා වඩා ගැනීම, දරුවන්ගේ හා තම තමන්ගේ වැඩිහිටි ජිවිතය ගත කරන අන්දම පිළිබඳව නව දෘෂ්ටි කෝණයකින් බැලිය යුතුව ඇත. මේ පොත නව සමාජයේ පිටත් වීමේ දී මතුවන ගැටලුවලට නිවැරදි පිළිතුරක් සොයාගත හැකි මග මනෝ විද්‍යා පදනමක් ඔස්සේ ලබාදීම අරමුණු කොට ලියා විවාහ ජීවිතය සාර්ථක කරගැනීම. දරුවන් හදා වඩා ගැනීම. දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගැනීම. පුද්ගල පෞරුෂය දියුණු කරගෙන ගැටළු වලට මුහුණ දෙන අන්දම පවුල් ගැටළු වලට සාර්ථකව මුහුණ දෙන අන්දම් ආදිය මෙහි සවිස්තර ව හා ප්‍රමාණාත්මකට සාකච්ජා කෙරේ. මෙම කෘතිය සෑම විවාහකයකුට ෂී, විවාහපේක්ෂකයකුට ම හා දරුවන් හදා වඩා ගන්නා දෙමාපියන්ට සහ යෞවන යෞවනියන්ට ද අත් පොතක් ලෙස භාවිතා කළ හැකිය. Rs 360.00 Rs 400.00 Details View details
-10% Sithumini ජාතික රූපවාහිනියෙන් ඔබ නැරඹු කතාබහ, සිතුමිණ හා සිතිවිලි යන මනෝවිද්‍යාත්මක වැඩසටහන් හා තරු, ඉසිර, පවන, ලක්හඬ හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ ස්වදේශීය අංශයේ උදාහිර වැඩසටහන යටතේ ඔබ ඇසූ කතාවන් හා සිරිකත, නවලිය, විජය, තරුණි පුවත් පත්වල ඔබ කියවූ මනෝවිද්‍යාත්මක ලිපි.සිය ගණනක් අතරින් තෝරාගත් ලිපි එකතුවක් සිතුමිණි නමින් ඔබ අතට එයි. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Jeewithaya Jayaganna කර්තෘ ගෙන්... 'අදුරට සාප කරමින් සිටිනවාට වඩා එක ඉටිපන්දමක් දැල්වීම වටනේය . It's better to light one candle than to curse the darkness." මෙම චීන අප්තෝපදේශය අප හැම අයකුගේ ම සිත තුළට තදින් ඇතුළත් කරගත යුතු වේ. අප අප මත් අපේ ඉදිරි පරපුරත් යළි ප්‍රසන්න සුන්දර ධනාත්මක ලෝකයකට කැඳවා ගෙන යා යුතු කාලය එලඹ ඇත. ලොව ප්‍රශ්න නොතිබු කාලයක් තිබී නැත. වරෙක දෙවියකු ද පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළේ. ඇතුළතත් ගැටලු ය. පිටතත් ගැටලු ය, ගැටළු වලින් පිරි මේ ලෝකයේ ගැටලු වලින් මිදෙන්නේ කෙසේ ? යනුවෙනි. මේ තත්ත්වය සෑම කල්හි ම, සෑම රටක ම, සෑම අයකුට ම සාධාරණය. ගැටලු හා ප්‍රශ්න ගැන දොස් නගමින් සිටීම පහසු ය. එහෙත් එය යකඩයෙන් මතු වී යකඩයම කා ගෙන යන මළකඩ මෙන් යකඩය විනාශ කරනු ඇත. උගත් මිනිසුන් වන අප මේ මළකඩ සූරාදමා යකඩය පිළිසකර කර යළි මළකඩ කෑමට නොහැකි පරිදි තීන්ත ආලේපයක් ගල්වා ශක්තිමත් කළ යුතු වේ. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10%Out-of-Stock Dhanathmaka Chinthana Out-of-Stock ධනාත්මක චින්තනයට හා පෞරුෂ සංවර්ධනයට උපකාරී වන සාහිත්‍ය ක්ෂේත්‍රයට අලුතින් ම එකතු වන පොත් පෙළයි මේ. ධනාත්මක ව සිතන ජාතියක් ගොඩනංවා ගැනීමට ළමා වියේ සිට ම තමාට යමක් කළ හැකි ය යන ආකල්පය ඇති ජනතාවක් බිහි කර ගත යුතු ය. එය අපි සැම ඉසවුවකින් ම ආරම්භ කළ යුතු ය. පාසල් වයසේ දරුවන්ට ඉගැන්විය යුත්තේ කවර අභියෝගයක් වුව ද ජය ගත හැකි බව යි. අපට ප්‍රශ්න හෝ ගැටලු නැත. ඇත්තේ අභියෝග හා අවස්ථා පමණි යන අයුරින් සිතීමට සිසුන් පුරුදු කළ යුතු ය. මේ උත්සාහය ඒ සඳහාය. මෙම ලිපි දරුවනුත්, දෙමාපියනුත් එක්ව කියවිය යුතු ය. සාකච්ජාවට ගත යුතු ය. අත්හදා බැලිය යුතු ය. අප සිතන කියන හා කරන හැම ක්‍රියාවලියක්ම පළමු පෙළ අයකු ලෙස සිතන්නට, කියන්නට හා කරන්නට හුරු විය යුතු ය. ඔබට පළමු පෙළ අයකු වීමට මෙම ධනාත්මක චින්තන ලිපි සංග්‍රහය මිතුරකු මෙන් උදවු කරනු ඇත. ඔබ ගෙදර සිටියත්, පාසලේ සිටියත් කාර්යාලයේ සිටියත්, වාහනයේ සිටියත් ඔබ ළඟ සිටින හොඳ ම මිතුරා බවට ධනාත්මක චින්තන පොත් ළඟ තබා ගන්න. Rs 225.00 Rs 250.00 Details View details
-10% Buddimath daruwaku hada wadagatha haki maga කර්තෘ ගෙන්... 21 වන ශතවර්ෂයේ ලෝකය, නව තාක්ෂණ හා විද්‍යා ලෝකයකි. තොරතුරු තාක්ෂණය, සයිබර් අවකාශය මගින් සමස්ත ලෝකය ම හසුරුවන ලබන විශ්ව ගම්මානයක අද අපි ජීවත් වෙමු. විශ්ව ගම්මානයේ ජීවත් වීමේ දී විශ්ව පුරවැසියකු බවට පත්වීමට අපි අපේ දරුවන්ට ඉගැන්විය යුතු වෙමු. මෙම අධිවේහි, අධි අපේක්ෂා සහිත, අධි ක්‍රියාකාර් ලෝකයේ සාර්ථකට ජීවත් වීමට දැනට දියුණු කරගෙන ඇති ක්‍ෂීරපායි මොළය ප්‍රමාණවත් නොවන තරම් ය. මේ නිසා නව ලෝකයට නව මානවයකු බිහි කරගැනීම වර්තමාන දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ වගකීමකි. අප කැමති වුවත් අකැමති වුවත් අප අද ජීවත් වන්නේ තොරතුරු තාක්ෂණ ලෝකයක ය. අන්තර්ජාල, පර්ගණක, ස්මාර්ට් ෆෝන් මගින් සමස්ත ලෝකයම දරුවාගේ අල්ල මතට ගෙනවුත් දී ඇත. මුහුණු පොත (Face Book) විටර, වයිබර්, වට්ස් ඇප්, ඉමෝ මගින් නොමිලයේ සයිබර් අවකාශයේ සංචාරය කළ හැකි ය. පරිගණක ක්‍රීඩා අසීමිතව නොමිලයේ බාගත හැකි ය. වයිෆයි ද නොමිලයේ ලැබුන විටක මේ සයිබර් අවකාශයේ ඔබේ දරුවා නන්නත්තාර විය හැකි ය. ලිංගික දර්ශන, මත්පැන්, මත්කුඩු සියලු බාධක බිඳ ගෙන ඔබේ ගමට හා ගේ දොරකඩටම පැමිණි ඇත. මේ ගල් රෝල අපට අත තබා නැවතිය නොහැකි ය. නමුත් එම ගල්රෝලට හසු නොවී තැවී පොඩි වී නොගොස් අප අපගේ ගමන යන්නේ කෙසේද යන්න දරුවන්ට කියා දිය යුතු ය. ඒ සඳහා සිත දියුණු කරගෙන, මඩෙහි උපනත් මඩෙහි නොගිලි මතුවන නෙළුමක් මෙන් මතුවන ආකාරය, පූර්ණ ලෙස විකසිත වන ආකාරය ඔබේ දරුවාට කියා දිය යුතුව ඇත. මේ පොතඒ සඳහා ඔබට මගපෙන්වනු ඇත. උදව් වනු ඇත. ඔබත්, ඔබේ දරුවනුත් එක්ව කියවිය යුතු. ගෙදර පුස්තකාලයේ තබාගෙන යළි යළිත් කියවා පෝෂණය විය යුතු විශිෂ්ට ග්‍රන්ථයකි. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10%Out-of-Stock Lama manovidyawa ha lama arakshaka Out-of-Stock ළමා මනෝවිද්‍යාව විෂය ක්‍ෂේත්‍රය මෑත අවධියේ බෙහෙවින් ජනප්‍රිය හා අත්‍යවශ්‍ය විෂය ක්ෂෙත්‍රයකි. ඇල්ෆා පරම්පරාව (Generation Alpha) ලෙස නම් කර ඇති වර්තමාන ළමයින් මෙලොවට බිහිවනුයේ අප පෙර දී නුදුටු නව ලෝකයකට ය. ඉපදීමට පෙර සිට ම තාක්ෂණික මෙවලම් පරිහරණය කරන ශබ්ද, ගර්භාශයේ සිටිය දී ම දරුවන්ට ඇසී ඇත. උපත ලබා පා තබනුයේ සයිබර් අවකාශයකට ය. රූපවාහිනිය, පරිගණකය, ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය, කැසට්, වීඩියෝ, වර්ණ සහිත තිර වල රූප දකින නවතම ලෝකයකට ය. නව ලොවට පා තබන නව දරුවන්ට කෙසේ ඉගැන්විය යුතු ද? සිදුවිය හැකි ව්‍යසන කවරේ ද? ඔවුන් බලාගෙන සිටින දර්ශන වලින් කුමක් තෝරාබේරා ගන්නේ දැයි වැටහීමක් ඔවුනට නැත. නව ඩිජිටල් යුගයෙහි ස්වභාවය හා අර්බුදකාරී බව Eric Schmidt හා Jared Cohen විසින් තම "New Digital Age" පොතෙන් හඳුන්වා ඇත්තේ Vuca Age (Violence, Uncertainty, Complexity And Ambiguity) (කැරලි සහිත බව, අවිනිශ්චිත බව, පැටලිලි සහිත සහ අවුල් සහිත බව සහ ව්‍යාකූලතාවෙන් පිරි) අවධියක් බව යි. බාහිර පරිසරයෙන් ලැබෙන මෙම ව්‍යාකූල බව නිසා මිනිස් මනස ද නොසන්සුන්ව නිතරම දොඩමළු වෙමින් ඇත. මේ නිසා මනස ද අවුල් ය. සතිමත් බවක් නැත. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස විකෘති සමාජයක් බිහි වෙමින් ඇත. Rs 1,080.00 Rs 1,200.00 Details View details
-10% Lama Manovidyawa - Lama Sanwardhanaya Ha Lama Arakshanaya පෙර පාසල් ගුරුවරියන්ට ගුරු පුහුණු පාඨමාලා - හදාරන ගුරුවරුන්ට දරුවන් හොඳින් හදා වඩා ගන්නට උනන්දු වන දෙමාපියන්ට අත්පොතකි. ළමයින් හදා වඩා ගැනීමේ දී ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවන් හා අවශ්‍යතාවන් පිළිබඳව නිවැරදි වැටහීමක් දෙමාපියන් තුළ තිබිය යුතු ය. පුර්ණ පෞරුෂ වර්ධනයකින් යුතු ළමයෙකු හදා වඩාගත හැකි වනුයේ ළමයා ගේ කායික, බුද්ධිමය, චිත්තවේගික හා සාමාජික යන අංශයන්හි වර්ධනය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති විට පමණි. ළමයින්ගේ වර්ධන රටාව සහ ස්වරූපය පිළිබඳව පැහැදිලිව දැන ගැනීමට සිංහල පාඨකයන්ට තිබූ අවහිරය මේ පොත නිසා මගහැරී යයි. නූතන පර්යේෂණ වලින් හෙළි වූ නව තොරතුරු ද ඇතුළත් කොට, ළමා මනෝ විද්‍යාව පිළිබඳ නව දැනුම සරල, සුගම බසින් සිංහල පාඨක ලෝකයා වෙතගෙන ඒමට කතුවරු සමත්ව සිටිති. දරුවන් හදා වඩා ගැනීමෙහි නියැලි සැම දෙනා ළඟ ම තිබිය යුතු පොතකි. Rs 1,080.00 Rs 1,200.00 Add to cart Buy
-10%Out-of-Stock Maranaya Ha Maranaya Pilibanda Vidyava Out-of-Stock මරණය හා මරණය පිළිබඳ විද්‍යාව ග්‍රන්ථය මෙලොව ජීවිතය නිවැරදිව වටහා ගැනීමටත්, ජීවිතය සැපවත් කර ගැනීමටත් ඔබට බෙහෙවින් උපකාර වනු ඇත. Christine Longaker දුක් වේදනාවට පත්ව කෙඳිරී ගාමින්, වැළපෙමින් රෝගීව සිටින හා මරණය අබියස, එය පෙනී පෙනී සිටින අසාධ්‍ය රෝගීන්ට උවැටන් කරමින් ඔවුන් එම දුකෙන් බේරා ගැනීමට කටයුතු කළ යුතු ආකාරය Facing Death and Finding Hope ග්‍රන්ථයේ දක්වා ඇත. රෝගීන්, වයසක දෙමාපියන්, වැඩිහිටි නිවාසවල සිටින මහලු අය රැකබලා ගන්නන්, පිළිකා හා එඩ්ස් වැනි රෝග වලට ගොදුරු වූවන්ට උදව් කරන අයට තම මිතුරකු දුකට හා විපතට පත් වූ විටෙක කටයුතු වඩා නිවැරදි ව කළ යුතු ආකාරය වටහා ගැනීමට මෙම පොත මහඟු රුකුලක් වනු ඇත. නිවැරදි ක්‍රමය දැන ගෙන එය ඉටු කිරීම මහඟු පිනක් වේ. මිය යන පුද්ගලයකුට සිහි නුවණින්, සිත සැනසිල්ලේ මිය යාමට උදව් කිරීම තරම් වූ තවත් යහපත් පුණ්‍ය කටයුත්තක් නොමැති තරම් ය. එම පුණ්‍ය කර්මය නිවැරදි ව හා හොඳින් ම කර ගැනීමට ඔබට මෙම පොත උදව් වනු ඇත. Rs 315.00 Rs 350.00 Details View details