Rs 1,080.00
Rs 1,200.00
-10%
Research & Criticism Books
There are 193 products.
Rs 292.50
Rs 325.00
Rs 648.00
Rs 720.00
Gira Sandeshaya
ගිරා සන්දේශය
Rs 630.00
Rs 700.00
Rs 180.00
Rs 200.00
Rs 270.00
Rs 300.00
Bauddha Samaja Wiggrahaya Ha Adyapana Sankalpa
බෞද්ධ සමාජ විග්‍රහය හා අධ්‍යාපන සංකල්ප
Rs 225.00
Rs 250.00
Rs 360.00
Rs 400.00
Yahapalanaya
Out-of-Stock
යහපාලනය - මෙම ග්‍රන්ථය සඳහා හේමාල් ගමගේ මහතා යොදාගෙන ඇත්තේ වර්තමාන දේශපාලන ලෝකයේ වරින් වර සාකච්ඡා වන ධාර්මික රාජ්‍ය පාලනය, යහපාලනය වැනි බෞද්ධ දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳ වූ මාතෘකාවකි. මෙම කෘතියෙන් ඔහු බුදු දහමේ සැබෑ යහපාලන මූලධර්ම මතුකොට දක්වයි.
Rs 270.00
Rs 300.00
Bududahame Agamika Ha Darshanika Pasubima
බුදුදහමේ ආගමික හා දාර්ශනික පසුබිම - මෙම ලිපි එකතුව උගත් සිංහල බෞද්ධයිනට පිරිසිදු බුදුදහම හා එහි පෙනෙන්නට ඇති දර්ශනය පිළිබඳ ගැඹුරු ඉගැන්වීම අවබෝධකර ගැනීමට උපකාර වනු ඇත.
Rs 792.00
Rs 880.00
Danathmaka Chinthanaya Pilibanda Bauddha Akalpaya
ධනාත්මක චින්තනය පිළිබඳ බෞද්ධ ආකල්පය - අප සියලු දෙනා සිහින මවන වඩාත් යහපත් මානව ගුණධර්මවලින් පිරිපුන් සමාජයක් බිහිකිරීමෙහිලා මෙම ග්‍රන්ථයෙන් ඉතා වටිනා මෙහෙවරක් සිදුවෙනු ඇත.
Rs 450.00
Rs 500.00
Sri Lankave Brahkmanayo
ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ - ශ්‍රී ලංකාවේ වලව් නාමාවලිය, ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ කුල අභියෝග, කන්ද උඩරට සමාජ සංවිධානය ආදී සම්භාවනාවට ලක් වූ ග්‍රන්ථ 70කට වඩා ලියා පල කර ඇති ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් දීර්ඝ පර්‍යේෂණයකින් පසුව ලියන ලද "ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ" අද රටේ බුද්ධිමතුන්ගේ සාකච්ඡාවට භාජනය විය යුතු මා හැඟි පර්‍යේෂණ ග්‍රන්ථයකි. අප රටේ මානව විද්‍යාව හදාරණ විද්‍යාර්ථයින්ට සහ ශිෂ්‍යයන්ට මෙය මහඟු ප්‍රයෝජන ලබා දෙනු ඇත.
Rs 405.00
Rs 450.00
Paramee Sankalpaya
පාරමී සංකල්පය - පාරමී සංකල්පය බුදු දහමෙහි එන ඉතා ජනප්‍රිය සංකල්පයකි. මෙම සංකල්පය බිහිවීමෙහි ලා මුල් බුදු දහමේ බලපෑමත්, එය ක්‍රමික ව විකාශනය වී පැමිණි ආකාරය පිළිබඳවත් පෙළ සාහිත්‍ය ඇසුරින් පර්‍යේෂණාත්මක අධ්‍යනයක් මෙම ග්‍රන්ථය මගින් සිදු කොට ඇත.
Rs 270.00
Rs 300.00
Kurunagala Wistharaya
Out-of-Stock
කුරුණෑගල විස්තරය - දඹදෙණියේ සිට සීතාවක යුගය දක්වා සමාජ දේශපාලන විමර්ශන සහිත ය.
Rs 1,080.00
Rs 1,200.00
Budu Dahama Devagamak Kireema
Out-of-Stock
බුදු දහම දේවාගමක් කිරීම - තථාගත බුදුන් විසින් පිනෙන් නිවන් ලැබිය හැකි යැයි කිසිම සූත්‍ර දේශනාවක දී දේශනා කර නොතිබිය දී බුදු බණ නොතකා පින මුහුකුරා යාමෙන් නිවන් ලැබිය හැකි යැයි හිතුවක්කාර අර්ථ කතනයක් දීමෙන් බෞද්ධයන් සසර මග අතරමං කළ බුද්ධඝෝෂ තෙරුන් බුදු බණ දේවාගමක් බවට පත් කළ ආකාරය මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි කෙරෙයි.
Rs 369.00
Rs 410.00
Sinhala Dathu Wanshaya
Out-of-Stock
සිංහල ධාතුවංශය - ග්‍රන්ථ සංස්කරණය පිළිබඳ විද්‍යාත්මක ප්‍රායෝගික ශික්ෂණය ද ධාතුවංශයට පසුබිම් වූ රුහුණේ සහ කැලණියේ රාජපරම්පරා සහ ඓතිහාසික ස්ථාන පිළිබඳ තත්ත්වාවබෝධය ද භෞතික හා අභෞතික සිංහල සංස්කෘතිය පිළිබඳ තත්ත්වඥානයක් ද ලබාදෙන මෙම අගනා කෘතිය විද්වතුන්ට මෙන්ම සාමන්‍ය සිංහල පාඨකයන්ට ද විෂය විය යුතු ප්‍රශස්ත ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයකි.
Rs 1,800.00
Rs 2,000.00
Nayayebinduva
බෞද්ධ තර්ක ශාස්ත්‍රය පිළිබඳ හැඳින්වීමක් සිදු කෙරෙන මෙම ග්‍රන්ථය අනාදිමත් කාලයක සිට ප්‍රාචීන විභාග සඳහා නිර්දේශිත වටිනා ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකිය.
Rs 1,132.80
Rs 1,416.00
Sidathsangara Wimasuma
සිදත්සඟරා විමසුම
Rs 886.50
Rs 985.00
Rs 315.00
Rs 350.00
Rs 315.00
Rs 350.00
Sri Lankave Ali Athunge Ithihasaya Pilibanda Shasthriya Wimarshanayak
Out-of-Stock
ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රීය විමර්ශනයක් - ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබඳ පර්‍යේෂණයකින් පසු ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකරයන් ලියා ඇති "ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය" පිළිබඳ මෙම ග්‍රන්ථවලට වඩා ශාස්ත්‍රීය කරුණු පිරී ගිය නිබන්ධනයක් ලෙස හැඳින්වීම සාධාරණ ය. හීලෑ අලි ඇතුන්ගේ නාම ලේඛනයක් ද අඩංගු මෙම ග්‍රන්ථය අලි ඇතුන් පිළිබඳ හදාරණ විද්‍යාර්ථයින්ට මෙන් ම විද්වතුට ද සාමාන්‍ය ජනයාට ද ප්‍රයෝජන ලබාදීමට සමත් බැව් මගේ අදහසයි.
Rs 225.00
Rs 250.00
Jana Urumaya
Out-of-Stock
ජන උරුමය - මානව විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය හදාරන නවකයින්ට මෙන් ම එහි නියැලි ඇඳුරන්ටත් නව දැනුමක් ලබා දීමට මෙම ග්‍රන්ථය සමත් වනු නිසැක ය.
Rs 315.00
Rs 350.00
Purana Gama Manavavansha Puravidya Wimarshanayak
Out-of-Stock
පුරාණ ගම මානවවංශ පුරාවිද්‍යා විමර්ශනයක් - සමාජ පරිණාමය පිළිබඳ ව සමාජ විද්‍යාඥයින් කර තිබෙන අධ්‍යයනවලට අනුව ආසියාතික සමාජ අයත් වන්නේ අතරමැදි සමාජ ප්‍රවර්ගයටයි. එනම් ප්‍රාථමික ගෝත්‍ර ස්වරූපයෙන් ඉදිරියට පැමිණ ඇති අතර නවීන නාගරික සමාජ ස්වරූපය කරා තවමත් පැමිණ නොමැති බවයි. මේ අනුව ගැමි සමාජය සන්තතියේ අතර මැද ස්වභාවයක පසු වෙයි. ගැමි සමාජය ගොඩනැගීමේ පදනම වන භූමි පරිභෝජන රටාවන් වැනි ආර්ථික ක්‍රියාකාරකම් සහ කුලය වැනි සමාජ සංවිධානයට අයත් ආයතනික ව්‍යුහයන් පිළිබඳ ව ද සංස්කෘතික අංග ලක්ෂණ පිළිබඳ ව ද ප්‍රාමාණික තොරතුරු සම්භාරයක් මේ කෘතිය මඟින් ඉදිරිපත් කර තිබේ. මෙය පුරාණ ගම පිළිබඳව මානවවංශ පුරාවිද්‍යාත්මක ගවේෂණයට මහඟු ප්‍රතිඵලයකි.
Rs 360.00
Rs 400.00
Sambavya Darma Wivaranaya
සම්භාව්‍ය ධර්ම විවරණ - මින් දසක දෙක තුනකට පෙර බුදු දහම විවරණය කරමින් සම්භාවනීය විද්වතුන් විසින් ලියන ලද විවිධ ලිපි ලේඛන ශාස්ත්‍රීය සංග්‍රහයන්හි පළ විණි. එම ලිපි පර්‍යේෂණාත්මක වූ අතර තම මතයන් වුවද පළ කිරීමේ දී සහේතුකව, සනිදර්ශිතව එම මත සනාථ කරන්නට දැඩි උත්සාහයක යෙදුණහ. වර්තමානයෙහි ඉතා කඩිමුඩියේ ලියැවෙන ලිපි මිස මෙවැනි සාරගර්භ ලිපි අපට කියවීමට නොලැබේ. පෙර පළවු මෙවැනි ලිපි ලේඛන සංග්‍රහ කොට නැවත පළ කරන්නේ නම් මැනවැයි බොහෝ දෙනකු කළ ඉල්ලීම ඉටුකිරීම් වශයෙන් මෙම සම්භාව්‍ය ධර්ම විවරණ සංග්‍රහ කළෙමි.
Rs 225.00
Rs 250.00
Gnana Darshana
Out-of-Stock
ඥාන දර්ශන - ශාස්ත්‍රීය ලේඛනයේ ඥාන දර්ශනය වන්නේ සමාජ විමර්ශනයයි. මේ ලිපි එකතුව ද එවැන්නකි. මහාචාර්‍ය අනුරාධ සෙනෙවිරත්නයන් වරින්වර සමාජ විමර්ශනයෙහි යෙදුන ශාස්ත්‍රීය ලිපි සමුච්චයක් මෙයට ගොනුවේ. එය මෙරට සමාජ ශාස්ත්‍රීය ලිපි පරිහරණය කරන විදාර්ථින්ගේ සොම්නසට කරුණකි. මක්නිසාද යත්, අද්‍යතන සමාජ ගැටළු රැසකට හේතු වූ මූලබීජයන් පිළිබඳව ශාස්ත්‍රීය ලෙස විමර්ශනයක නිරතවන බැවිනි. එයින් උපයුක්ත ඥාන දර්ශනය උකහා ගැනීම ඔස්සේ අද දවසේ අප රට මුහුණ දී සිටින සමාජ ගැටළු රැසකට පිළිතුරු සපයා ගැනීමට කදිම අත්වැලක් වනු ඇත.
Rs 477.90
Rs 531.00
Bududahama Gana Wathaman Gatalu
Out-of-Stock
බුදුදහම ගැන වත්මන් ගැටලු - වර්තමානය වන විට බුදුදහම හා ශාසනික කටයුතු වාණිජකරණය වෙමින් පවතී. විකෘතිකරණය වෙමින් පවතී. විචිත්‍රකරණය වෙමින් පවතී. නව්‍යකරණය වෙමින් පවතී. දේශපාලනිකකරණය වෙමින් පවතී. සම්බුද්ධ දේශනාවට ඉඳුරාම පටහැනි මෙම ක්‍රියාදාමයන්හි නියැලුනෝ බෞද්ධයෝමය. බාහිර උපද්‍රාවන්ට ඇත්තේ අන්‍යාගමිකකරණය හා අනෙකුත් පරසතුරු කුමන්ත්‍රණ ආදියයි. මෙම කෘතියෙන් බොහෝ දුරට සාකච්ඡා කෙරෙන්නේ විකෘතිකරණය වෙමින් පවත්නා බුදුදහම හා ශාසනික කටයුතු ප්‍රකෘතිකරණය උදෙසා ත්‍රිපිටකාගත හා අටුවා මූලාශ්‍ර මගින් කිසියම් අවබෝධයක් ලබාදීමයි.
Rs 270.00
Rs 300.00
Sinhala Sahithya Sangrahaya Rasavinduma Samaga Rasasvadaya
සිංහල සාහිත්‍ය සංග්‍රහය රසවිඳුම සමග රසාස්වාදය
Rs 333.00
Rs 370.00
Shraddhanjalee Gee Dahana
ශ්‍රද්ධාඤ්ජලී ගී දැහැන - මෙම කෘතිය ගීත රස විදීමට උගන්වන කෘතියක් ලෙසින් හැඳින්විය හැකි අතර මෙමඟින් ගීත පනහක් සහ එමඟින් කියැවෙන අරුත පූජ්‍ය ගෝනදෙණියේ විමලජෝති හිමි විසින් විචාරයට ලක් කිරීමක් සිදු කොට ඇත.
Rs 720.00
Rs 800.00
Daduru Kala Siyapatha
දැදුරු කළ සියපත
Rs 423.00
Rs 470.00
Kavikaramaduva
කවිකාරමඩුව - රාජරාජමහාමාත්‍යාදීන්ගේ ඉසුරුමත් ජීවිත කාව්‍ය රසයෙන් සන්තර්පණය කළ හෝ දළදාවහන්සේ අරබයා වූ පුදපූජා විදීන් විභූෂණය කළ හෝ කාව්‍යක්කාර කණ්ඩායමක ස්වරූපයෙන් ක්‍රියාත්මක වූවකි.
Rs 450.00
Rs 500.00
Wayalinaya Yi Watapatha Yi
වයලීනය යි වටාපත යි - යනු මේ ගතට අමරදේවයන් තැබූ නම යි. මෙම ආලේඛය ගොනදෙණියේ විමලජෝති හිමියන් 2012 වර්ෂයේ මුල් භාගයේ පමණ ආචාර්‍ය අමරදේවයන් මුණගැසීමෙන් ලබන ලද අනුප්‍රාණයෙහි ප්‍රතිපලයකි.
Rs 720.00
Rs 800.00
Maga Eli Peheliya
මග එළි පෙහෙළිය - මග එළි පෙහෙළිය භාවනාව හා බුදු දහම ගැන උනන්දුවක් දක්වන ගවේෂකයන්ට ය. එය බුදුන් වදාළ දහම සඳහා හොඳම මූලාශ්‍රය පාලි පෙළෙහි සූත්‍ර බහුතරය බව තහවුරු කරයි.
Rs 1,350.00
Rs 1,500.00
Tripitakayen Heliwana Buddha Charithaya
Out-of-Stock
ත්‍රිපිටකයෙන් හෙළි වන බුද්ධ චරිතය - "පූජ්‍ය උඩුහාවර ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ 'ත්‍රිපිටකයෙන් හෙළිවන බුද්ධ චරිතය' නම් ග්‍රන්ථය මෙම අභිලාෂයෙන් යුත් පාඨකයාට හස්තසාර ග්‍රන්ථයකි. විචිත්‍ර මාර්ගයට පිවිසි පශ්චාත්කාලීන සාහිත්‍යධරයන් හා අටුවාචාරීන් අතින් අලංකරණයට භාජන වීමට පෙරාතු ව මුල් ත්‍රිපිටක ග්‍රන්ථයන්හි බුදුන් වහන්සේගේ චරිතාපදානය සිත්තම් කොට ඇති ආකාරය පැහැදිලි කොට දැක්වීම මේ ග්‍රන්ථයේ අරමුණයි."
Rs 1,327.50
Rs 1,475.00