Research & Criticism Books

-10%

Sinhala Sambhavya Gadya Granthayanhi Nirupitha Buddha Sankalpaya

සිංහල සම්භාව්‍ය ගද්‍ය ග්‍රන්ථයන්හි නිරූපිත බුද්ධ සංකල්පය - කිසිදු සැකයකින් තොරව, විවාදයකින් තොරව බුදුරජාණන් වහන්සේ මහා පෞරුෂයක්, මහා ගුණසාගරයක් ඇති උතුමෙකු ලෙස දක්වනු පිණිස අපේ ගද්‍ය ලේඛකයන් දැරූ ප්‍රයන්තය වෙසෙසින්ම පිළිබිඹුවන්නේ පොළොන්නරු හා දඹදෙණි යුගවල සිංහල සාහිත්‍යයෙනි. පෙළ පොත්, අටුවා මෙන් ම ධර්මප්‍රදීපිකාව, බුත්සරණ, අමාවතුර වැනි සිංහල ගද්‍ය පද්‍ය ග්‍රන්ථ ද පදකකොට ගනිමින්, මිණිගමුවේ රතනපාල ස්ථවිරයන් වහන්සේ, ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධිය සඳහා ඉදිරිපත් කරන "බුද්ධ සංකල්පයේ විකාසය සහ එය සිංහල සම්භාව්‍ය ගද්‍යයේ නිරූපණය වන ආකාරය" නැමැති මෙම කෘතිය මගින් සාහිත්‍ය තුළින් තුලනාත්මකව අධ්‍යනය කිරීමට අගය කළ යුතු උත්සහයක් දරා ඇත. 
Rs 405.00
Rs 450.00
-10%

Sinhala Sahithya Vimasuma

සිංහල සාහිත්‍ය විමසුම - සිංහල බෝධිවංශය, ගිරා සංදේශය, ඩිංගිරිමැණිකා යන ග‍්‍රන්ථ පිළිබද සවිස්තරාත්මක විවරණයක් සපයන මෙම කෘතිය පිරිවෙන්හි අධ්‍යයනය ලබන ශිෂ්‍යයින් සදහා මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 135.00
Rs 150.00
-10%

Sahithya Atuvava

සාහිත්‍ය අටුවාව - සාහිත්‍යය හදාරන්නන්ට හමුවන්නේ අප සංස්කෘතියේ විවිධ දායාදයන්ය. එම දායාදයන් ඇසුරු නොකර දේශාභිමානය හා අප ජාතියේ ප්‍රෞඩත්වය ආදිය පිළිබඳ හැඟීමක් ඇති කර ගත නොහැක. එම නිසා සාහිත්‍යය  යනු අධ්‍යාපනික වශයෙන් පමණක් නොව සෑම පුරවැසියෙකුටම තම ජාතික අභිමානය ගොඩනඟා ගැනීමට ඉවහල් වන විෂය ක්‍ෂේත්‍රයකි. ඒ සඳහා දිවයින පුවත්පතට ලියූ ලිපි මුල් කරගෙන සිරි තිලකසිරි විසින් රචිත සිහිත්‍ය අටුවාව ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. 
Rs 162.00
Rs 180.00
-10%

Buthsarane Wakya Winyasaya

බුත්සරණේ වාක්‍ය වින්‍යාසය - මෙය දොළොස්වන ශත වර්ෂයේ අගභාගයේ දී හෝ දහතුන්වන ශත වර්ෂයේ මුල්භාගයේ දී හෝ 'විද්‍යාචක්‍රවර්තීන්' විසින් රචනා කරන ලද බුත්සරණේ වාක්‍ය වින්‍යාසය පිළිබඳ ශාස්ත්‍රීය විමර්ශනයකි.
Rs 765.00
Rs 850.00
-10%

Sinhala Gee Kavya Kerehi Sanskrutha Alankara Shastraye Balapama

සිංහල ගී කාව්‍යය කෙරෙහි සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රයේ බලපෑම - සංස්කෘත අලංකාර ශාස්ත‍්‍රයේ මූලධර්ම පිළිබද දීර්ඝ ප‍්‍රස්ථාවනාවකින් සමන්විත පුරාතන සිංහල කාව්‍යය කෙරේ අලංකාර ශාස්ත‍්‍රයේ බලපෑම පිළිබද සවිස්තර හා විචක්ෂණ අධ්‍යයනයක් වන මෙම කෘතිය සම්භාව්‍ය සිංහල සාහිත්‍යය හදාරන්නවන්ගේ අමන්දානන්දයට හේතු වනු ඇත.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Vimarshanathmaka Parkrutha Vyakaranaya

Out-of-Stock
ප‍්‍රාකෘත ව්‍යාකරණය - ප‍්‍රාකෘත හදාරණ විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනයටත්, ආධුනිකයන් තුළ ප‍්‍රාකෘත භාෂා සාහිත්‍යය පිළිබද අවධිකමක් ඇති කරවීමත් අරමුණු කොටගෙන මෙම කෘතිය එළි දැක්වේ.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Sanskrutha Sahithya Wimarshana

Out-of-Stock
සංස්කෘත සාහිත්‍ය විමර්ශනය -  විවිධ සංස්කෘත පොත්වලින් උදාහරණ ගනිමින් භාෂා ව්‍යවහාර සමග සංස්කෘත සාහිත්‍ය පිළිබඳ කෙරෙන විමර්ශනයකි. සංස්කෘත විෂය හදාරන විද්‍යාථින්ට මෙය බොහෝ සෙයින් ප‍්‍රයෝජනවත් වේ. 
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Kavya Wichara Gaveshana

Out-of-Stock
කාව්‍ය විචාර ගවේෂණ - අලංකාර ශාස්ත්‍රය නමින් ප්‍රකට සංස්කෘත විචාර කලාවත්, පැරණි සිංහල කාව්‍ය සාහිත්‍යයත්, පරිවර්තන කලාවත් අරබයා මවිසින් වරින් වර ලියා පළ කරන ලද ලිපි කිහිපයක් එකතු කොට මෙම ග්‍රන්ථය සම්පාදනය වී ඇත.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Gira Sandeshaya Wimasuma

Out-of-Stock
ගිරා සංදේශය විමසුම - අ.පො.ස. උසස් පෙළ, පිරිවෙන් හා විශ්ව විද්‍යාල විභාග සඳහා 'ගිරා සන්දේශය' හදාරන සිසුන්ගේත්, ඔවුනට 'සිංහල සාහිත්‍යය' විෂය ඉගැන්වීමේ කාරියෙහි යෙදෙන ගුරු භවතුන්ගේත් අපේක්ෂා සපුරාලමින්. අවශ්‍ය සියලු තොරතුරුවලින් පෝෂණය ලබා ද්මින් මේ ග්‍රන්ථය සැකසිණි. එහෙයින් සන්දේශ කාව්‍ය පරිසරයත්, ගිරා සන්දේශයත් පිළිබඳ පැහැදිලි හා පුළුල් දැනුමක් මෙයින් ඔබට ලැබෙනු ඇත.
Rs 495.00
Rs 550.00
-10%

Hansa Sandeshaya

හංස සන්දේශය
Rs 360.00
Rs 400.00
-10%

Hansa Sandeshaya

හංස සන්දේශය - සම්භාව්‍ය සිංහල සන්දේශ කාව්‍ය කිහිපය අතරට ඇතුළත් වු  හංස සන්දේශය දේශීය සිංහල කාව්‍ය සම්ප්‍රදාය ද බෞද්ධ සමය සංකල්පය ද සුපෝෂණය කළ රමණීය කෘතියකි. එදා ලක්දිව ගම්, දනව්, නගර, සමාජය, සංස්කෘතිය හා ජන ජීවනය ද පිළිබඳ අව්‍යාජ කාව්‍ය චිත්‍රයක් බඳු වූ මෙම සොඳුරු කාව්‍ය චිත්‍රයක් බඳු වූ මෙම සොඳුරු කාව්‍යය සේවනය කරන සාහිත්‍ය සේවීන්ගේ රසඥතාව ද ජීවිත හා සමාජ පරිඥානය ද සුනිශිත වනු ඇත. මෙම කාව්‍යයෙහි බස හා රස විද්‍යාර්ථීන් වෙත සමීප කරන අන්වය, පදගථාර්ථ, ව්‍යාකරණ හා අර්ථාවබෝධය සහිත ව සම්පාදිත මෙම කෘතිය අධ්‍යයන හා අධ්‍යාපන උභය කාර්යය සඳහා ශාස්ත්‍රීය අනුග්‍රහයක් සපයයි.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Nuthana Padhya Adhyanaya Rasavindanaya Ha Wicharaya

Out-of-Stock
නූතන පද්‍ය අධ්‍යයනය රසවින්දනය හා විචාරය - නයන තිලක් රත්නායක මහතා ඉතා දිගු කලක සිට සිංහල විෂය ඉගැන්වීම, ඇගයීම, ගුරු උපදේශනය, විෂය නිර්දේශ, පෙළ පොත්, ගුරු අත්පොත් සම්පාදනය යන කටයුතුවල නියැළී පළපුරුදුකම් ලැබූවෙකි. එබැවින් මෙම උසස් පෙළ නූතන පද්‍ය අධ්‍යයනය රසවින්දනය හා විචාරය ග්‍රන්ථය ගුරු-සිසු දෙපිරිසට ම වඩාත් ප්‍රයෝජනවත් ආකාරයට සකස් කර ලියා පළකර තිබේ. උසස් පෙළ සිංහල විෂය සඳහා මෙම ග්‍රන්ථය අතිරේක පෙළ පොතක ආකාරයට මෙහි ලා සකස් කර ඇත.
Rs 360.00
Rs 400.00
-10%

Kautileeya Arthashasthragatha Rajya Palana Wyuhaya

කෞටිලීය අර්ථශාස්ත්‍රාගත රාජ්‍ය පාලන ව්‍යුහය - මෙම අගනා ග්‍රන්ථය ඔස්සේ සංස්කෘත සාහිත්‍යය නම් වූ කලාත්මක හා දාර්ශනික විෂය ක්ෂේත්‍රය විචාරාක්ෂියෙන් ග්‍රහණය කරගන්නට නවමු මාවතක් විවරකර ඇත. 
Rs 315.00
Rs 350.00
-10%

Janashrathi Widyava

ජනශ්‍රැති විද්‍යාව - ජනශ්‍රැති විද්‍යාව පිළිබඳ න්‍යායයන් පැහැදිලි කරමින් රචනා වී ඇත.
Rs 1,575.00
Rs 1,750.00
-10%Out-of-Stock

Pansiya Panas Jathaka Wivaranaya

Out-of-Stock
පන්සිය පනස් ජාතක විවරණය - පන්සිය පනස් ජාතක පොත කියවීම ද අභාවයට යමින් පවතී. එය අති විශාල පොතකි. ධර්මානුකූල කරුණු සොයා බේරා ගැනීම දුෂ්කර ය. යම් කෙනෙකුට දස පාරමිතා ගැන දැනුමක් අවශ්‍ය වූ විට එය පහසුවෙන් ලබාගත නොහැක. එබැවින් මෙම විවරණය තුළින් ධර්මය පිළිබඳ කරුණු - පාරමිතා, බණ, ගුණදම්, උපදෙස් ආදී වශයෙන් වර්ග කොට වෙන් වෙන් ව ඉදිරිපත් කර තිබීමෙන්  පාඨකයාට පහසුවක් සැලසේ. එය ජාතක කථා කියවීමට රුකුලක් වනු ඇත. 
Rs 355.50
Rs 395.00
-10%

Bhavana Saha Manasika Diyunuva

භාවනා සහ මානසික දියුණුව - භාවනා සහ මානසික දියුණුව, දියපත්තුගම රේවත හිමියන්ගේ නවතම ග්‍රන්ථයකි. ඉතා සරල බසින් රචිත පොතක් වන මෙය, සෑම කෙනෙකුට ම පහසුවෙන් තේරුම් ගත හැකි ය. මෙම ග්‍රන්ථය කෙනෙකුට මනස දියුණු කර ගැනීමට මහත් ප්‍රයෝජනයක් වන්නකි. ගැඹුරු ධර්ම කරුණු, මනෝවිද්‍යාත්මක ව තේරුම් ගැනීමට පහසු වන පරිදි ඉදිරිපත් කර ඇත. ඒ ඔස්සේ, මනස මෙහෙය වීමෙන්, මනස දියුණු කර ගන්නවා මෙන් ම, දියුණු මිනිස් බවක් ඇති කර  ගැනීමට ද, මග පෙන්වනු ඇත.
Rs 189.00
Rs 210.00
-10%

Piritha Ha Badnunu Jana Sanskruthiya

පිරිත හා බැඳුන ජන සංස්කෘතිය - සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය තුළ පිරිත ශාන්තිකර්මයක් ලෙසින් ප්‍රබල ලෙස සමාජගත වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව කෙරෙන ශාස්ත්‍රීය විමර්ශනයකි.
Rs 292.50
Rs 325.00
-10%Out-of-Stock

Sidath Sagara Wimasuma

Out-of-Stock
සිදත් සඟරා විමසුම - සිංහල භාෂාවේ ව්‍යාකරන නීති සම්බන්ධව ලියැවුණු පැරණි ම පොත වශයෙන් සැලකිය හැකි සිදත් සඟරාව බොහෝ වියත්හු ගුරු පොතක් වශයෙන් සැලකූහ. ව්‍යාකරණ විධි විස්සක් විස්තර කෙරෙන මෙම පොත හැම ශිෂ්‍යයකු ම කියවා බැලිය යුතු පොතකි. කටපාඩම් කළ යුතු, කළ හැකි, ව්‍යාකරණ රීති ඉතා ප‍්‍රයෝජනවත්  ය. පැරණි බස්වහර හසුරුවමින් ලියැවී ඇති සිදත් සඟරාව සඳහා ලියැවුණු මෙම විමසුම සිංහල භෂා විද්‍යාර්ථීන් සඳහා ම ලියැවුණකි. 
Rs 288.00
Rs 320.00