Books

-10%

Sathuta Laba Dena Karunu Pahak

කර්තෘ ගෙන්...
පැට්‍රිෂියා ලෝරන්ස් කතුවරියගේ ''The 5 things we need to be happy, and money isn't one of them" w බසට නඟා ඔබ අතට පත්කිරීමට ලැබීම පිළිබඳව අතිශයින් ම සතුටු වෙමි. නොයෙකුත් ආගමික ශාස්තෘවරුන්, චින්තකයන් දාර්ශ-නිකයන් විසින් ලොවට හෙළි කර ඇති දර්ශනයන්ගේ දෝංකාරය මෙම ග්‍රන්ථය තුළින් මතුවන බව, පාඨක ඔබ වටහා ගන්නවා ඇත. මෙම ග්‍රන්ථය පරිවර්තන කාර්යයෙහි යෙදී සිටින විට සැම විටම මගේ සිහියට නැඟුණේ, සොක්‍රටීස් පඬිවරයාගේ ප්‍රකාශයකි. " මිනිසුනි, ඉසුරු පසුපස හඹා යාමට තොපට ලජ්ජා නැතිද?" යන එම වාක්‍යයෙන් ධ්වනිත වන අදහස මෙම ග්‍රන්ථය තුළද අන්තර්ගත වෙයි. තම ජීවිත අත්දැකීම් පාදක කරගනිමින්, තමා ඉදිරිපත් කරන අදහස් උදාහරණ මගින් තහවුරු කරමින්, පාඨකයාගේ අවධානය රැක ගැනීමට කතුවරිය සමත් වී ඇත. 
Rs 342.00
Rs 380.00
-10%

Minis Diwiye Arutha Soya

මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ට, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න්‍යායය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජිවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතුවරයා ඕස්විවිටස්හි සහ වෙනත් වද කඳවුරු තුළ ගත කිරීමෙන් අනාවරණය කර ගත් ඉෂ්ටාර්ථ චිකිත්සාව, මානසික ව හෝ ආධ්‍යාත්මික ව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන්ගේ පෞරුෂ ගැටලු නිරාකරණය සඳහා දායක වන නවීන හා සුඛවාදී එළැඹුමක් වේ. 
" පසුගිය වසර පනහ තුළ ලෝකයේ මනෝ විද්‍යා චින්තනයට කරන ලද ප්‍රධාන ම දායකත්වය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය " 
කාර්ල් ආර්. රොජර්ස් (ප්‍රකට මනෝ විද්‍යාඥ )
Rs 882.00
Rs 980.00
-10%Out-of-Stock

Yatisitha

Out-of-Stock
ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ. ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගතහැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි. කිසි දිනක ඉටුකර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනීම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාතපාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත. පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරීමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය. 
Rs 1,170.00
Rs 1,300.00
-10%

Yatisitha 2

මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කර ගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙයි. 
මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම් 
කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජය ගැනීම 
මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර 
*ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම 
සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම 
* සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම 
Rs 1,260.00
Rs 1,400.00
-10%

Daraka Manovidyawa

මෙය ළමා මනස පිළිබඳ මනෝවිද්‍යාංශයට අයත් ග්‍රන්ථයකි. දරුවා මානසික වශයෙන් හා සාමාජීය වශයෙන් වර්ධනය වන ආකාරය මෙහි විස්තර වෙයි. මූලික වශයෙන් කතුවරයා උත්සහ කර ඇත්තේ දරුවාගේ පරිණතභාවය හා වර්ධනය පිළිබඳ විවිධ අවස්ථා දරුවාගේ වර්ධනය කෙරෙහි අවට පරිසරය බලපාන අයුරු මෙන්ම, දරුවා ඉපිද සිටින -ඔහු ඇති දැඩි වන සමාජයේ සාමාජිකයනුත් දරුවොත් අතර ඇති සාමාජික හා මානසික සම්බන්ධතා පිළිබඳ කරුණු ගෙනහැර දැක්වීමටය. 
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Budu Samaye Nirupanaya Wana Pudgala Manasa

Out-of-Stock
බුදු සමයේ මූලික ඉගැන්වීම් විමසා බලන විට, එම ඉගැන්වීම් වල හරය මුළුමනින් ම මනෝ විද්‍යාත්මක බව පෙනී යයි. බුදු සමය තුළ " පුද්ගල මනස " යන සංකල්පය ට හිමිවන්නේ, ඉතා වැදගත් ස්ථානයකි. ඒ පිළිබඳව ඉතිහාසයේ මෙතෙක් ඉදිරිපත් වී ඇති විශිෂ්ටතම අර්ථකතනය ලොව ට හඳුන්වා දී ඇත්තේ බුදු සමය මගිනි. පුද්ගල මනස ගැන, බුදුසමයේ තරම් ගැඹුරනේ, බටහිර මනෝ විද්‍යාවේ හෝ කිසියම් ආගමක හෝ දර්ශනයක හෝ වෙනත් කිසිම තැනක හෝ විග්‍රහ කර නැත. නිර්වාණය යනු තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති සියලු කෙලෙස් වලින් පුද්ගල මනස නිදහස් කර ගැනීම යි. බුදුසමයේ ප්‍රධාන අරමුණ වන්නේ, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා පුද්ගලයා ව මෙහෙය වීමෙන්, ඔහුව සියලු දුකින් මුදවාලීම යි. මෙම කාර්යභාරය සඳහා බුදු සමය තුළ, පුද්ගල මනස උපයෝගී වන්නේ කෙසේදැයි පෙන්වාදීම මෙම කෘතියෙහි මූලික අරමුණ යි.
Rs 955.80
Rs 1,062.00
-10%

Wayadhi

මේ පොත කියවා බැලීමි. ග්‍රන්ථකර්තෘ මහතා අනුන් කී පමණින් හෝ පොත්වල ඇතුලත් දෑ කියවීම් පමණින් නොනැවතී භාවනා මගින් අත්දුටු දෑ පැවසීමට මහත් ප්‍රයාශයක් ගන්නා බව පෙනේ. ගැඹුරු අදහස් වලින් පිරුණු මේ පොත සෙමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කළොත් විශ්වය හා එහි ප්‍රතිවිරුද්ධ පැත්තත්, ගැන සැලකිය යුතු අවබෝධයක් ලැබිය හැකි වෙතැයි සිතමි. 
බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය ස්ථර. 
Rs 171.00
Rs 190.00
-10%Out-of-Stock

Sarthaka Jeewithaye Rahasa

Out-of-Stock
අන් අය සතුටින් ජීවත්වන නමුත් තමන් ගත කරන ජීවිතයේ සතුටක් නැතැයි. සිතන අයට ද, කෙතරම් උත්සාහ කළත් සතුටින් ජීවත්වීමට නොහැකියයි සිතන අයට ද, ජීවිතයේ වැදගත් කඩයිම් වෙත අවබා්ධයෙන් මුහුණදීමට දැනුමක් අවශ්‍යයි සිතන අයට ද මෙය බෙහෙවින්ම ඵලදායක අත් පොතකි.
Rs 540.00
Rs 600.00
-10%

ManoWidyava

“ සැලකිය යුතු ශාරීරික  හේතුවක් නොමැතිව ඇතැම් කෙනෙක් අසනීප වෙන්නේ මන්ද? " මෙය මනෝ විද්‍යාඥයා ඉදිරියේ එදා මෙන්ම අදද නැගෙන ප්‍රශ්නයකි. එයට පිළිතුරු සෙවීමේදි ප්‍රංශයේ සහ ජර්මනියේ වෛද්‍යවරුන් අතර විවිධ මති මතාන්තර ඇති විය. මනෝ විද්‍යාවේ නවීන මනෝ ප්‍රතිකාර අංශයන් ක්‍රම - ක්‍රමයෙන් දියුණුවට ගිය අයුරු මෙම ග්‍රන්ථයේ පිළිවෙලින් විස්තර වෙයි. එනයින් මෙය ප්‍රධාන වශයෙන්ම මනෝ විද්‍යා ඉතිහාසයට සම්බන්ධ කරුණු අඩංගු පොතකි. මෙහි දෙවෙනි සහ තුන්වෙනි පරිච්ඡේද වෙන්වී ඇත්තේ වර්ගීකරණ-විද්‍යාවේ ආරම්භය සහ එහි උපයෝගිතාවය පිළිබඳ විස්තරයකටය. ඉතා සුලූ කාලයක් ඇතුළත විශාල පාඨක පිරිසකගේ ගෞරවයට ලක් වූ මෙම කෘතිය සිංහල මනෝ විද්‍යා සාහිත්‍යයට එක්වූ ඉතාම සරල ග්‍රන්ථයයි. ශාරීරිකාබාධ සම්බන්ධයෙන් නවීන මනෝවිද්‍යාවේ ආරම්භයේදී පළවූ සිද්ධාන්තයන් සහ නිගමනයන් මෙහි විස්තරවී ඇත්තේ කිසිත් අවුලකින් තොරව ආධුනික පාඨකයනට වුවද ලෙහෙසියෙන් වටහාගත හැකිවන අයුරිනි. 
Rs 225.00
Rs 250.00
-10%

Chiththavega Ha Manovidyava

මෙම ග්‍රන්ථයෙහි අඩංගු වී ඇත්තේ චිත්තවේග (Emotions) පිළිබඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයකි. පරිච්ඡේද 8 කින් සමන්විත මෙය මනෝවිද්‍යාව හදාන්න වුනට පමණක් නොව සාමාන්‍ය පාඨකයනට ද ඉතා ප්‍රයෝජනවත් තොරතුරු රැසක් රැගෙන එයි. චිත්තවේග පිළිබඳව විවිධ මනෝ විද්‍යාඥයන්ගේ සිද්ධාන්තයන් ද චිත්තවේග සම්බන්ධයෙන් මොළය ක්‍රියා කරන ආකාරය ද විවිධ ශාරීරික ආබාධ වලට චිත්තවේග බලපාන අයුරු ද චිත්තවේගවල ප්‍රයෝජනවත් හා නිශ්ප්‍රයෝජනවත් අංශයන් ද, චිත්තවේගීය අවප්‍රමාණතා පිළිබඳව ද මෙහි විස්තර වී තිබේ. පාසැල් සිසු - සිසුවියන්ට වුවද තේරුම් ගතහැකිවන ආකාරයට ඉතා සරල බසින් ලියැවී ඇති චිත්තවේග සහ මනෝ විදනන්ට මෙම කතුවරයා විසින් ලියන ලද මනෝ විද්‍යා ග්‍රන්ට කිහිපයෙන් එකකි. මෙය, එහි තුන්වෙනි සංශෝධිත මුද්‍රණයයි. 
Rs 180.00
Rs 200.00
-10%

Nayakayek Onakara Thibe

කර්තෘ ගෙන්...
වසර පහළොවකට අධික කාලයක් ලෝකයේ ප්‍රමුඛතම සමාගම්වල නායකත්ව උපදේශකයෙකු ලෙස මා ලැබූ අත්දැකීම් සමුදායක ප්‍රතිඵලයකි මේ. මා අත්හදා බැලූ විවිධ නායකත්ව ශිල්ප ක්‍රම වේද වලින් ලැබූ අත්දැකීම් නොමසුරුව මෙම කෘතියට ඇතුළත් කළෙමි. මේ අතිදැවැන්ත අත්දැකීම් සමුදාය ඔබේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයටද අතිශයින් වැදගත් වනු ඇත. මෙහි එන විවිධ චරිත මගින් මනඃකල්පිතකතන්දරයක් ඔබට ඉදිරිපත් කළද නායකත්වය පිළිබඳව වන මූලික ප්‍රතිපත්ති සහ නිර්නායකවලින් සමන්විතව මෙම කෘතිය නිර්මාණය කර ඇත. එබැවින් මෙහි එන පරිකල්පනීය අත්දැකීමට වඩා ඔබ සමීප විය යුත්තේ මෙමගින් එළි පෙහෙළි කරනු ලබන විධික්‍රම කෙරෙහිය. එමගින් ඔබේ ව්‍යාපාරයත්, පෞද්ගලික ජිවිතයත් අතිශයින් සාර්ථක කර ගත හැකි වනු ඇත. 
Rs 720.00
Rs 800.00
-10%

Adaraneeya Demapiyani

දරුවන් සිටින නූතන දෙමාපියන්, වෙනස් වන සමාජයක ජීවත්වන නූතන දෙමා පියන්, වෙනස් වෙමින් විපරිත වන සමාජයක ජීවත්වන දෙමාපියන්, තමාගේ භූමිකාව නිවැරදිව හඳුනා ගෙන තිබෙන්නේ ද? දරුවන් බිහි කළ ද, දරුවන්ට ඉගැන්වීමට මහන්සි ගත්ත ද, බොහෝ දරුවන් අසාර්ථක වීම හේතුවෙන් දෙමාපියෝ කණස්සල්ලට පත් වෙති. ඇතැම් දරුවන් අධ්‍යාපනයෙන් සාර්ථකත්වයක් ලැබුව ද, ජීවිතය අසාර්ථක කරගන්නා අන්දම ද නිරීක්ෂණය කළ හැකිය. ඊට හේතු කවරේ ද? 
තමන්ගේ දරුවන් වෙනුවෙන් මාපියන් තම භූමිකා අර්ථ සම්පන්න අන්දමින් ගොඩනගා ගැනීමට අවශ්‍ය අවබෝධය හා විනය, ඥානාලෝකයක් සේ තමන් සන්තක කරගන්නේ කෙසේ ද? මේ ප්‍රශ්න සඳහා උත්තර විවිධ මානයන්ගෙන් දෙමාපියන්ට ලබා දීමට, ගුරු භවතුන්, පාසල් ප්‍රධානීන් මෙන් ම, කතුවරයා දරා තිබෙන උත්සාහයන් ඔස්සේ මේ පොත දෙමාපියන් උදෙසා සම්පාදනය කර තිබේ. 
Rs 765.00
Rs 850.00
-10%

Bhinonmadaya

භින්නෝන්මාදය මනස ලෙඩ කරන උග්‍ර මානසික රෝගයකි. මානසික රෝග අතර වැඩියෙන් කතාබහට ලක්වන රෝගය ද එයයි. ලෝකයේ ජනගහනයෙන් 1% ක් පමණ මෙම රෝගයෙන් පෙළෙයි. රෝගය පරම්පරාවෙන් පරම්පරාවට පැතිරයාමේ අවදානම ඇත. රෝගය හට ගැනීමට මුල් වන නිශ්චිත හේතූන් තවමත් නොදනී. එ නමුදු රෝගය ඇතිවීමට බලපෑ හැකි අවදානම් සාධක සමහරක් ගැන කරුණු අනාවරණය වී තිබේ. කෙසේ හෝ රෝග ලක්ෂණ ඇති කිරීමට හේතු වන්නේ, මොළයේ ඩොපැමින් ස්නායු සෛලවල, ඩොපැමින් ස්නායු රසායනික සංයෝගයේ අධි ක්‍රියාකාරීත්ව යයි විශ්වාස කෙරේ. රෝගයේ අවධි දෙකකි. මුල් අවධිය තීව්‍ර අවධියයි. තීව්‍ර අවධියේදී කලින් හඳුනාගෙන, නිසි ප්‍රතිකාර කිරීම තුළින් රෝගය හොඳින් පාලනය කළ හැකිය. මුල් තීව්‍ර අවධියේ ප්‍රතිකාර ප්‍රමාද කිරීම, නිසි ප්‍රතිකාර නොකිරීම, රෝගය නැවත නැවත හට ගැනීමටත්, පාලනය කිරීමට අපහසු, වඩා අහිත කර වූ, නිදන්ගත අවධියට යාමටත් හේතු වේ. 
Rs 603.00
Rs 670.00
-10%

Adarayai Karunavai

ආදරය මෙන්ම කරුණාව ස්ථාවර හෝ තද දෙයක් නොවන බව පැහැදිලිය. හැම මිනිස් සිතකටම ආදරය සහ කරුණාව ජීවන මිහිර විඳින්නට නම් අවැසිමය. හැම මිනිස් සිතකම ආදරය මෙන්ම කරුණාව උපදී. එපමණක් නොව, හැම මිහිස් සිතකින්ම ආදරය සහ කරුණාව ගිලිහීයාම ද ස්වභාවයකි. මට සිතෙන්නේ එය, පිපී දිලුණ මලක් පරව බිම පතිත වීමට සමාන බවයි. එනමුත් ඒ මල් ගසෙහි තව මල් පිපී දිලෙන බව ද අමතක නොකළ යුතු කාරණයකි. කලින් පිපී දිලුණ මල පරව බිම පතිත වූ බව සිහි කර, අලුතින් පිපිණු මල නො දැකීම, එහි සුවඳ නොවිඳීම, නොමනාය. එය වරදකි. මේ දහම වටහා ගැනීම මිනිස් සිතට අවැසි ආදරය සහ කරුණාව උරුම කර ගැනීම විෂයෙහි ඉතා වැදගත්ය. 
Rs 675.00
Rs 750.00
-10%

Adaraya Danenna Jeewathwenna

කර්තෘ ගෙන්...
මේ පොත රචනා කර තිබෙන්නේ අඹු සැමියන් වීමට අපේක්‍ෂා කරන අයටත් අඹු සැමියන් ලෙස ජිවිතගොඩනගා ගත් අයටත් කියවීමට ය. පැහැදිලි හේතු සාධක ඇතිව හෝ නැතිව යුග දිවිය ව්‍යාකූල කරගෙන දරුවන්ට ද අනර්ථයම සිදු කරන ස්වාමි පුරුෂයන් හා භාර්යාවන් කිහිප දෙනෙක් හඳුනා ගැනීමට මේ පොතෙන් අවස්ථාව උදාවේ. ඉතා අකාරුණික ජීවිත ගත කරමින් හෙම්බත් වී සිටින ඇතැම් පුද්ගලයන් නිර්ව්‍යාජ ආත්ම භාෂණ ඔස්සේ තම ජීවිත ආලෝකවත් කර ගත් අතර සමහරු දර දඬුවම ජීවත් වන නිසා ජීවිතාවබෝධයෙන් තමන්ගේත් තම දරුවන්ගේත් ජීවිත ප්‍රකෘති තත්වයට පත්කර ගැනීමට අසමත් වී සිටිති. මෙය කියවන පාඨකයන් ගෙන් අපේක්‍ෂා කරන්නේ තම ජීවිතාවබෝධය පුළුල් කරගැනීමට කිසියම් ආලෝකයක් මෙයින් අත් කරගත හැකිදැයි සලකා බලන ලෙසය. 
Rs 792.00
Rs 880.00
-10%

Sithaka Wehesa - Swami Purushayange Paminili

"සිතක වෙහෙස ' නැමැති මේ පොතේ අන්තර්ගත වන්නේ, විවාහක පුරුෂයන් තමන්ගේ ජීවිතය, තමන්ගේ භාර්යාවන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරි තත්වයකට පත්වී යයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරය. ඇතැම් ස්වාමි පුරුෂයන් උගත් කමින් සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස් කම් පළ කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සදහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කීපයකි. ඒ අතර කන්දොස්කිරියාව, නිදහස සම්බන්ධ තත්වයන්, ලිංගික ජීවිතය කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැති කම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන් ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ. මෙහි අන්තර්ගත විස්තර කියවන කවරෙකුට වුව එය පැහැදිලි වනු ඇත. 
Rs 765.00
Rs 850.00
-10%

Mindfulness Beyond Time and Space

“Mindfulness Beyond Time and Space” by Dr. Sumana Ratnayaka is a deeply insightful and comprehensive guide to the ancient practice of meditation, blending scientific research, practical techniques, and spiritual wisdom. Drawing on years of study and experience. Dr. Ratnayaka offers readers a clear path to inner peace, mental clarity, and emotional balance. Whether you’re a beginner or an experienced practitioner, this book is an invaluable resource for cultivating mindfulness and transforming your inner world.
Rs 1,350.00
Rs 1,500.00
-20%

Sanganikaramaya

නිවන් මගේ යම්තාක් දුරක් විමසිල්ලෙන් පැමිණෙන ඕනෑම අයෙකුට පෙනී යන්නේ "සංගණිකා දෝෂය " නිවනටත් නිවන් මගටත් සූක්ෂම ව පහර දෙන්නා වූ සතුරු බලවේගයක් ලෙස යි. එය තමාට නො දැනීම තමා තුළ ම සිටින්නා වූ සතුරු බලවේගයක් ලෙස හඳුනාගෙන; ඥානාන්විත ව විදර්ශනාත්මක ව දුරු කල යුතු ක්ලේශ ධර්මයකි. එය හුදෙක් දැනුමක්, අවබෝධයක් පමණක් වශයෙන් තබා නොගෙන කලණ මිතුරන් සමග ද සරල ව්‍යවහාරයෙන් බෙදා ගැනීමේ අරමුණින් මෙම පුස්තකය ඔබ අතට පත් කිරීම කතෘගේ උත්තම පරමාර්ථයයි. 
Rs 120.00
Rs 150.00
-10%Out-of-Stock

Adhyapana Manovidyawa Ha Guruwaraya

Out-of-Stock
අධ්‍යාපන මනෝ විද්‍යාව දිනෙන් දින දියුණු වන විෂය ක්‍ෂේත්‍රයකි. මෑත කාලීන පර්යේෂණ වලින් හෙළි වූ තොරතුරු ද සහිතව ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තියෙහි නියැලි ගුරු මහත්ම මහත්මීන්ටත්, දරුවන් හදා වඩා ගැනීමේ නියුතු දෙමාපියන්ටත් වඩාත් උපකාරී වන ග්‍රන්ථයක් ලෙස අධ්‍යාපන මනෝ විද්‍යාව හා ගුරුවරයා පොත සැකසී ඇත. දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සියලුම ගුරු පුහුණු පාඨමාලා වල අධ්‍යාපන මනෝ විද්‍යාව විෂයයට පාඨ ග්‍රන්ථයක් ලෙස මෙය නිර්දේශ කොට ඇත. 
Rs 1,800.00
Rs 2,000.00
-10%

Manasika Suvathava Sadaha Sarala Bavana Abyasa

තමා කරනු ලබන කාර්යය සඳහා සිත සංකේන්ද්‍ර කරගෙන, මනස සංසුන් කරගනිමින්, සිතසතිමත්ව තබා ගැනීම, අධ්‍යාපන සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. නව තාක්ෂණ විද්‍යාත්මක ලෝකයේ අප කිසිවකුට බාහිර පරිසරය හෝ භෞතික ලෝකය හෝ පාලනය කළ නොහැකි බවට සැකයක් නැත. පණිවුඩ චන්ද්‍රිකා හරහා හුවමාරු වන පණිවුඩ කෝටි ගණනක් මේ මොහොතේ ද ක්‍රියාත්මක වේ. බාහිර සාධකවල බලපෑම වැඩි වීම නිසා ශිෂ්‍යයන්ගේ ඇතුළතසාමය යටපත් වී ඇත. මෙම මානසික අර්බුදය, අසහනකාරී බව සමග සිත සංසුන් කර තබාගෙන, සිත ඒකාග්‍ර කරගෙන ඉගෙන ගැනීමට අපහසු ය. මෙම පොතෙන් ඉදිරිපත් කරන මානසික සුවතාව සැඳහා සරල භාවනා අභභ්‍යාස ඇතුළාන්තසිත සංසුන් කර, චිත්ත බලය ශක්තිමත් කර, මනෝ සංවර්ධනය සඳහා අවශ්‍ය නිසි මග පෙන්වීම කරනු ඇත. ළමයින් මානසික ව වික්ෂිප්ත ව, මත් පැන්, මත්ද්‍රව්‍ය, දුම්පානයට හා අපවාරයට සාමට පෙර. නවීන සන්නිවේදන මාධ්‍ය වල බාල බොළඳ විසුක දසස්න වලට හසු වීමට පෙර, අපේ දරුවන් බේරාගත යුතුම ය. සියල්ල වැරදුනාට පසු දරුවන්ට හෝ වෙනත් බාහිර ආයතන වලට හෝ දොස් කීමෙන් පලක් නැත. අඳුරට කෙතරම් සාප කරමින් සිටියත්, එහි ආලෝකයක් හට නොගනු ඇත. අප සුළුවෙන් හෝ ඉටිපන්දමක් පත්තු කළ යුතුම ය. මේ පොත එම අවිඳු අඳුර පලවා හැරීමට යෝග්‍ය විදක ආලෝකයක් වනු ඇත. 
Rs 540.00
Rs 600.00
-10%Out-of-Stock

Sampath Akarshanaya Karagatha Haki Maga

Out-of-Stock
ඔබගේ ජීවිතයට නව ආලෝකයක් හා මග පෙන්වීමක් ලබාගත හැකි ප්‍රායෝගික මනෝ විද්‍යා අත්පොතකි. මේ පොත මගින් ඔබගේ දිවිය ආලෝකමත් කිරීමට නිවැරදි මාර්ගෝපදේශනයක් ලැබේ. 

ඔබ ඔබ කෙරෙහි ම විශ්වාසය තබන්න. 
ඔබේ උත්තරීතර ආත්මය හඳුනාගන්න. 
ඔබ කැමති කවර දෙයක් වුවද ආකර්ෂණය කරගන්න. 
ආත්ම සංවර්ධනයේ ඉහළ තලයකට ළඟා වන්න. 
ඉහළ තලයකට ළඟා වීමට, පුරුදු වෙනස් කරගන්න. 
සියලු සිතිවිලි ධනාත්මක දිශානතියකට යොමු කරන්න. 
ධනාත්මක සිතිවිලි ජීවිතයට බද්ධ කරගන්න. 
ගැටලු විසඳා ගැනීමට සිතේ බලය දියුණු කරගන්න. 
කොන්දේසි විරහිත ව, සීමා රහිත ව ආදරය කරන්න. 
ඔබගේ වැදගත්කම හා වටිනාකම වැඩි දියුණු කරගන්න. 
අතීත තුවාල හා වණ කැළල් සුවකර ගන්න. 
කෘතඥතාව හා ත්‍යාගශීලි බව ජීවිතයට බද්ධ කරගන්න. 

ඔබට සැබැවින් ම සාර්ථක ජීවිතයක් ගත කළ හැකි ය. ඔබගේ පුස්තකාලයේ තිබිය යුතුම හස්තසාර ග්‍රන්ථයකි. 
Rs 360.00
Rs 400.00
-10%

Uda Wu Yawwanaya

වර්තමාන යොවුන් පරපුරට මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතිහාසයේ අන් කවර කලක හෝ මානවයන්ට මුහුණ දීමට සිදු නො වූ තරම් වූ ගතික සමාජයකට ය. නව විද්‍යා තාක්ෂණ දියුණුවත්, ගෝලීයකරණය වූ ආර්ථික ක්‍රියාවලියත්, සන්නිවේදන හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුව ඇති විප්ලවාත්මක ප්‍රසාරණයත් හමුවේ සමාජයට ගලා වන තොරතුරු කන්දරාව තුළ, කළ යුතු හා නොයුතු දේ කුමක්දැ යි තෝරා බේරා ගත නොහැකි ව යෞවනයෝ අන්දමන් ද ව සිටිති. මේ සංස්කෘතික කම්පනයට ඔරොත්තු දීමට කළ යුතු හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවදි බවක් ඇති කරලීම හා ගත හැකි ක්‍රියාමාර්ග වලින් යෞවනයන් දැනුවත් කරලීම යුග අවශ්‍යතාවක් ව ඇත.
Rs 450.00
Rs 500.00
-10%

Jiwithaya Jaya Gatha Haki Maga

විශ්ව ශක්තිය උකහා ගෙන සිතේ ශක්තීන් ප්‍රබල කර ගෙන ජීවිතය සාර්ථක කරගත හැකි අන්දම විද්‍යානුකූල ව හා ප්‍රායෝගික ව ඔබට හඳුන්වා දෙන විශිෂ්ට ග්‍රන්ථයකි. 

විශ්ව බලයට බද්ධ වීම. 
ධනාත්මක සිතිවිලි ජීවිතයට බද්ධ කරගැනීම. 
විවාහ ගැටලු විසඳා ගැනීමට යටි සිතභාවිත කිරීම. 
සතුට වර්ධනය සඳහා යටි සිතපුහුණු කිරීම. 
මානව සබඳතා වර්ධනයට යටි සිතපුහුණු කිරීම. 
සමාව දීම සඳහා යටි සිත පුහුණු කිරීම. 
වැරදි පුරුදු වලින් අත්මිදෙන්නට හා 
මානසික බාධක ඉවත් කරගැනීමට යටි සිත පුහුණු කිර්ම. 

ඔබේ යටි සිත බල ගන්වා භාවිත කර ඔබව ජයග්‍රාහි මාවතට යොමු කිරීමට උදවු වන ප්‍රබල ග්‍රන්ථයකි. එදිනෙදා භාවිත කළ හැකි, ඉක්මණින් ප්‍රතිඵල ලැබිය හැකි ක්‍රම ශිල්ප අන්තර්ගත ය
Rs 360.00
Rs 400.00
-10%

Sitha pubudana dina 365

මෙම ග්‍රන්ථය වෙනත් ග්‍රන්ථ සිය ගණනක සාරාංශයක් ලෙස ද සැළකිය හැක. අවශ්‍ය වුවත් කෙදිනක හෝ කියවීමට නොලැබෙන නම් ගම් නොදන්නා ඒ ග්‍රන්ථ කියවීමේ භාග්‍යය ද මෙමගින් අපට ලැබේ. මෙහි ඇති බොහෝ ඉදිරිපත් කිරීමේ, කියවන ඕනෑම පාඨකයෙකුගේ කුතුහලය දනවන අතර ඒ කියමනට අදාළ කාරණය ගැන දින ගණනාවක් සිතන්නට පෙළඹෙනු නිසැකය. 
Rs 351.00
Rs 390.00
-10%

Yowun Wiye Manasika Saukhya Ha Yaha Pawathma

වර්තමාන යුගයේ පොදුවේ මුළු ලොවට ම බලපාන ගැටලුවක් ව ඇත්තේ යොවුන් වියේ දරුවන් මානසික පීඩා වලට බරපතල ලෙස ගොදුරු වීමයි. යෞවනයන් මුහුණ පාන මෙම මානසික අක්‍රමතා නිසා අධ්‍යාපනික පසුබෑම්, හදිසි කෝපය, චණ්ඩතාව, විවිධ කායික ආබාධ, ජීවිතය ගැන කලකිරීම, හුදකලා වීමට කැමැත්ත, මත්පැන්, මත්ද්‍රව්‍ය හා මත්කුඩු වලට ඇබ්බැහිවීම සහ සියදිවි නසාගැනීම දක්වා බරපතල විය හැකි ය. 
මේ තත්ත්වයට අප සැමගේ අවධානය යොමුවිය යුතු ය. රෝගි තත්ත්වයට පත් වූවාට පසු බෙහෙත් දීමේ නැඹුරුවේ සිට රෝග වලක්වා ගැනීමේ නැඹුරුව වෙත අපි ගමන් කළ යුතු වෙමු. මානසිකව රෝගී වූ විට ඒවා මුළුමණින් සුවකර ගැනීමට ඇති භව්‍යතාවය අඩු ය. යොවුන් වියේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නංවා හැකියාව ද යහ පැවැත්ම වර්ධනය කිරීමේ අරමුණින් මේ පොත ලියා ඇත්තේ එම යුතුකම හා වගකීම ඉටු කිරීමට ය. 
Rs 360.00
Rs 400.00
-10%

Pudgala Manovidyawa

නූතන මනෝ විද්‍යාවේ පියා සිග්මන් ෆ්‍රොයිඩ් වශයෙන්ද උපදේශනයේ පියා කාල් රොජර්ස් වශයෙන් ද පැවැති ජනප්‍රිය මතවාදය නැවත විමර්ශනය කැරෙන මෙම කෘතිය වත්මන් උපදේශකවරයා හෝ චිකිත්සකවරයා තුළ සැඟවී සිටින සැබෑ ක්‍රියාකාරී සෙවනැල්ල අන් කිසිවකු නොව ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ය යන මතවාදය ගම්‍ය කරවයි. 'ස්නායුගත ව්‍යාකූලතා ඇති වන්නේ අවිඥානයට අවරෝධනය කරන ලද ලිංගික අක්‍රමිකතා හේතුවෙනි' යන ෆ්‍රොයිඩියානු මතය ප්‍රතික්ෂේප කරමින් ඉන් ඉවත්ව ගිය ඇඩ්ලර් 'පුද්ගල මනෝවිදන සම්ප්‍රදාය ' නමින් නව සම්ප්‍රදායක් ඇරඹීය. ෆ්‍රොයිඩ්, කාල් යුං වැනි පරමාදර්ශී මනෝවිද්‍යාඥයන් විසින් සඳලු තලයට ඔසවා තබන ලද ' මනෝවිද්‍යාව' පොදු ජනතාවගේ මානසික ගැටලු වලට මග පෙන්විය හැකි පරිදි සඳලු තලයෙන් මහ පොළොවට රැගෙන එන ලද්දේ ඇඩ්ලර් විසිනි. රෝලෝ මේ, කාල් රොජර්ස්, වික්ටර් ෆ්‍රැන්කල්, ඒ බ්‍රහම් මාස්ලෝ, එරික් බර්ග්, ප්‍රිට්ස් විටල්ස් වැනි උපදේශන මනෝ විදන ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් පවා ඇඩ්ලර්ට ණයගැති භාවය පිළිගෙන ඇත. ඊටත් වඩා ඔබ්බට ගිය ඇල්බට් එලිස් " නූතන මනෝවිද්‍යාවේ සැබෑ පියා ෆ්‍රොයිඩ් නොව, ඇඩ්ලර් විය හැකි ය." යන මතය පළ කළේය. 
Rs 315.00
Rs 350.00
-10%

Pashchath Nuthana Upadeshanaya

විසි එක් වැනි ශත වර්ෂය උදාවීමත් සමගම උපදේශන මනෝ විද්‍යාව න්‍යායාත්මක වශයෙන් මෙන්ම ප්‍රායෝගික වශයෙන් ද සංවර්ධනය වෙමින් එසේම ජනප්‍රිය වෙමින් ද ඉදිරියට පැමිණ ඇති බව නොරහසකි. නූතන උපදේශන ප්‍රතිකාරක නන්‍යායන් මෙන්ම පශ්චාත් නූතන උපදේශන ප්‍රතිකාරත න්‍යායන්ද එහි ප්‍රතිඵලයකි. ඉතා මෑතකාලීන වූ එම න්‍යායන් මෙම කෘතිය මගින් ප්‍රථමවරට අපරට උපදේශන ක්‍ෂෙත්‍රයට හඳුන්වා දෙනු ලබයි. 
මේ අතර නූතන ප්‍රතිකාර ප්‍රවේශ වූ යථාර්ථ ප්‍රතිකාරය හා පවුල් පද්ධති ප්‍රතිකාරය වෙන්වී පශ්චාත් නූතන උපදේශන න්‍යායන් වශයෙන් සැලකෙන විසදුන් මූලික ලුහුඩු ප්‍රතිකාරය හා කථන ප්‍රතිකාරය දී මෙහිලා සටිස්තරාත්මක ලෙස හඳුන්වා දෙනු ලබයි. එම න්‍යායන් පිළිබද මුලික සංකල්ප, මූලධර්ම, ප්‍රතිකාරක සබඳතා ක්‍රමශිල්ප, උපාය මාර්ග ආදී වශයෙන් සරල සුගම ලෙස හදුන්වා දෙන බැවින් කවර උපදේශකවරයකුට වුවද ඒවා පහසුවෙන් භාවිතා කිරීමට හැකිවනු ඇත. 
උපදේශන ක්ෂත්‍රයේ නව නම්‍යතා කළඑළි දක්වන මෙම කෘතිය අපරට සියලු උපදේශන පාඨමාලා ගුරුභවතුන්ට කදිම මාර්ගෝපදේශයක් වනු ඇත. එසේම සියලු වෘත්තීය උපදේශක වරන්ට අත් පොතත් වනු ඇත. මේ හැර උපදේශනය විෂය හදාරණ සියලු විද්‍යාර්ථීන්ට නව දැනුම උකහාගත හැකි දැනුම් සාගරයක් වනු ඇත. මෙබදු අගනා කෘතියක් ප්‍රදාහය කිරීම මහාචාර්ය රෝලන්ඩ් අබේපාල උපදේශන මනෝ විද්‍යා විෂය ක්‍ෂෙත්‍රයට සිදු කළ විශිෂ්ට සේවයක් වශයෙන් අගය කරනු කැමැත්තෙමි.
ආචාර්ය සමුදා සෙනරත් අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යනාංශය කොළඹ විශ්වවිද්‍යාලය
Rs 450.00
Rs 500.00
-10%

Buddhiya, Bahuvida ha Bhawamaya Buddhiya

හොවාර්ඩ් ගාඩ්නර් (1984) විසින් ඉදිරිපත් කරන ලද බහුවිධ බුද්ධි න්‍යාය මනුෂ්‍ය විභව්‍යතා සංවර්ධනය පිළිබඳ පශ්චාත් නූතනවාදී අර්ථකථනයක් වශයෙන් සැලකිය හැක්කකි. මානව ශක්‍යතා සංවර්ධනය පිළිබඳ සාම්ප්‍රදායික බැවහැරයන් උඩියටිකුරු කළ බහුවිධ බුද්ධි නන්‍යාය ඕනෑම දේකින් බුද්ධි වර්ධනය සිදුකළ හැකි බව අනාවරණය කරයි. දැනටමත් මෙම න්‍යාය ලොව පුරා අධ්‍යාපනික හා විවිධ ඉගෙනුම් ක්‍ෂෙත්‍ර කරා පැතිරි හමාරය. කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨය තුළ මෙම කතුවරයා විසින් (2001) ඉගැන්වීම් අරඹන ලද බහු විධ බුද්ධි නකාය මේ වනවිට සියලු තෘතීය, වෘත්තීය හා උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම් විෂයක් මෙන්ම ඉගැන්වීම් ක්‍රම ශිල්පයක් බවටද පරිවර්තනය වී ඇත. සැබැවින්ම බහු විධ බුද්ධි න්‍යාය දිළිදු රටවලට මෙන්ම අප වැනි ඌන සංවර්ධිත රටවලටද මහත් වූ සහනයකි. 
Rs 675.00
Rs 750.00
-10%

Chiththawega Kalamanakaranaya

දෛනික ජීවිතය ගත කරද්දී ගෙදර දොර මෙන්ම රාජකාරී හෝ සේවා ස්ථානවලදී අත්දකින චිත්තවේගීය ගැටලු කිහිපයක් වස්තු කොටගත් මෙම කෘතිය උපදේශන මනෝවිද්‍යාවේ ව්‍යවහාරික අවබෝධය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ලියන ලද්දකි. එසේ වුවද උපදේශනය පිළිබඳ විවිධ මට්ටමින් ඉගෙනීම ලබන විද්‍යාර්ථීන්ට මෙන්ම මනෝ විද්‍යාව කෙරෙහි ඇල්ම දක්වන පාඨකයාටද චිත්තවේග කළමනා කරණය පිළිබඳ ගැටලු නිරාකරණය කරදෙන කෘතියකි. සරල සුගම බස් වහර ආයාසයකින් තොරව කියවා තේරුම් ගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි.
Rs 450.00
Rs 500.00
-10%

Bhikshuwage Urumaya

මෑත ශ්‍රී ලංකා ඉතිහාසයට මහත් බලපෑමක් සිදු කළ මේ පොත ලියැවුණේ 1946 දී ය. මේ පොත, එතෙක් යටත්විජිත පාලනය තුළ වසර 400ක පමණ කාලයක් සමාජ දේශපාලන ක්‍රියාවලියෙන් පිටමං කොට තිබූ භික්ෂු සංඝය, නැවත එම අවකාශයට ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා මහත් ප්‍රයත්නයක් දැරූ ප්‍රභූ පංතියකට ලබා දෙන ලද පිළිතුරයි. යටත්විජිත පාලන කාලයක අභියෝග ජයගැනීමට ලියැවුණු මේ කෘතිය, අද ඔබ කියවන්නේ යටත්විජිත තත්වයෙන් මිදුණු රටක සිට ය. එදා පීඩිතයාගේ ආගමක් වූ බුද්ධාගම අද තව දුරටත් පීඩිතයාගේ ආගමක් නොවේ. එය රාජ්‍ය බලය හොබවන්නාගේ ආගමයි. එහෙයින් මෙම කාල අතර වෙනස පිළිබඳ අවබෝධයෙන් යුතුව මේ පොත කියැවිය යුතු ය. 
වෙනස් අවධියක ලියැවුණු කෘතියක් ඊට සැලකිය යුතු තරම් වෙනස් වූ අවධියක සිට කියවන විට මතුවන අභියෝග මොනවා දැයි හැදෑරීමට ද, එහි දී පාඨකයා තුළ ඇතිකර ගතයුතු සංයමය පිළිබඳ හැදෑරීමට ද, මෙම කෘතිය අත්පොතක් ලෙස භාවිතා කළ හැකිය. 
Rs 585.00
Rs 650.00
-10%

Pali ha Bauddha Adhyanayata Athwelak

කර්තෘ ගෙන්...
නාලි අට්ඨ කථා පිළිබඳව විමර්ශනය කිරීමේදී පළමුවෙන්ම අට්ඨ කථා යන්න විග්‍රහ කරගතයුතුය. ඒ අනුව අටුවා හෙවත් අට්ඨ කථා යනු 8ටක නලියෙහි ඇතුළත් වූ අර්ථ වශයෙන්ද අධිනය හෙවත් නොව වශයෙන්ද ගැඹුරු වූ නදයට හරන ලද අර්ථ වර්ණනාව අටුවා නම් වෙයි. මෙම අදහස තවදුරටත් සිංහල විශ්ව කෝෂයේ විග්‍රන කරන්නේ මෙසේය. "නුදෙන් දේශනා නලියෙහිදී අර්ථ කථාව දැන්වීමට 'අත්ථ' යන වචනය වදාළ බව දක්නට ඇත. නික්ෂු විභගයෙහි වදාළ අත්තාන සංතෝ" යන්නට සමන්තනාකාදිනා විනය අටුවාවෙහි අක්ඛු පස නොහි අට්ඨ කථා නිස්සි'(අන්ටු පස) යනු අටුවාව ඇසුරු කළේ) යන අර්ථය දන්වා ඇත. එසේම මනෝරථ පුරණයෙහි අත්ථතුකලොහි අට්ඨ කථාය ඡෙකො, අන්තමඤ්ඤාය ධම්මමඤ්ඤායානි අට්ඨකථදේව නළිව ජාගිත්වා' යි යන්නෙන් අට්ඨ කථා අටුවාව ද ධම්ම යන්නෙන් නළිය ද හඳුන්වන ලද්දේය. මෙසේ විනයෙහි හා කති වලද අනේතස්ථානයෙහි පෙළත් අටුවාවන් ධම්ම අත්ථ යන වචනයන්ගෙන් සඳහන් කොට ඇති හෙයින් අටුවාව ද බුද්ධ කාලීන බව පිළිගත යුතුය. (8ටුව 15) 
බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කිරීමේදී සිහ හා ඒ හා සම්බන්ධ තවත් ප්‍රභේද විහුන කිරීම් වශයෙන් විවිධ වචන නොවීනා කොට ඇත. එහිදී බුදුරජාණන් වහන්සේ දින හුන කිරීම සඳහා උපයෝගී කරගත් වචන තුනත් මූලික වශයෙන් දැනගැනීමට පුළුවන. එනම් චිත්තමහ නා විඤ්ඤාණ නම් වේ. යං ව බො නික්ඛවෙ චිත්තං ඉතින් මනො ඉතින් මනො විඤ්ඤාණං මෙහිදී නම් තුනකින් අදහස් වන්නේ එතත්ව ඉපදී අනෙතත්ව නිරුද්ධ වී ‍වෙනස්වන ස්වභාවයකට පත්වන අවස්ථාවන්ට අනුකූලවය. මින් පරිබාහිරව දිත හැඳින්වීමට දික නිහාය තුළදී චිත්ත නා මනෝ යන වචනද්වය භාවිත හළ බව පෙනේ. එසේම අනිධර්ම පිටකය තුළ පමණන් දින හැඳින්වීමට වචන දහයක් යොදාගත් බව ධම්මසංගණිපු තරණයේ සඳහන් තොරතුරු මගින් නූත්‍යක්ෂ වේ. එනම් "චිත්ත, මනෝ, මාහස, නදය, පන්දර, මහායන, විඥාණ විඤ්ඤාණත් බන්ධ, නර්තමනො, විඤ්ඤාණ ධාතු" යනුවෙනි. මෙහි නද නමුහය එනාර්ථවත් අයුරින් දිනම හඳුන්වන්නේද එකේ හඳුන්වන්නේ නම් එහි පද හරහා අර්ථය ගම්‍ය කරන්නේ ද යන්න විවාදාපන්නය. කෙසේ හෝ එම වචන සමූහය තුළ නවා මහ යන්න යොදාගත් බව පැහැදිලිය. (පිටුව 77) 
Rs 405.00
Rs 450.00
-10%

Sarthakathva Muladharma

* දියුණුවේ රන් දොරටුව ලක්හඬ ගුවන් විදුලිය ඔස්සේ අභිමානවත් සේවාවක් ඉටු කරමින් ගුවන් ගතවන පුද්ගල පෞරුෂ වර්ධන සාකච්ඡා මාලාවයි. වසරේ විශිෂ්ටතම හා වාර්තාගතයුග මෙහෙවරක් ඉටු කළ හා ඉටු කරන දියුණුවේ රන් දොරටුව වැඩ සටහනෙහි මුද්‍රිත නිර්මාණය සාර්ථකත්ව මූලධර්ම ග්‍රන්ථයයි. ජාතික ගුවන් විදුලි සේවාවක් වන ලක්හඬත්, ජාතික පුවත් පත් වන දිවයින හා ලංකාදීපයත්, පොත් ප්‍රකාශන ක්‍ෂේත්‍රයේ කීර්තිමත් ශික්ෂා මන්දිර ප්‍රකාශන ආයතනයේත් සුසංයෝගය ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඉතිහාසයේ මින් පෙර සිදු නොවූවකි. 2002 මාර්තු මස සිට මේ දක්වා ම ලක්හඬ ගුවන් විදුලිය සතියකට විනාඩි 90ක් එක ම දේශකයකු සමඟ එක ම වැඩ සටහන් මෙහෙයවන්නකු සමඟ වාර්තාගත සබඳතාවක් පවත්වා ගෙන ඇත. එම සෑම සාකච්ඡාවක් ම "දිවයින" හා "ලංකාදීප" ජාතික පුවත්පත් නොකඩවා පළ කරන ලදී. 
මෙම වැඩ සටහනෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස සිතුමිණි සමාජ දිවයින පුරා බිහි වී ඇත. සාර්ථකත්ව මූලධර්‍ම පණිවිඩය ගම් නියම් ගම් හරහා ගෙන යාමට සිතුමිණි සමාජ දායක වෙමින් පවතී. ලක්හඬ ශ්‍රාවක, දිවයින හා ලංකාදීප පාඨක ජනතාවට ධනාත්මක චින්තනය වර්ධනය කරගැනීමට මෙම සිතුමිණි සමාජ අනාගතයේ දී ද උදවු වනු ඇත. මෙම ජාතික යුග මෙහෙවර ඉදිරි වසරේ දී වඩාත් සංවිධානාත්මක ව හා ජයග්‍රාහී ලෙස පවත්වාගෙන යාම වටනේ ය. පුද්ගල පෞරුෂය හා ජාතික පෞරුෂය ඉහළ නංවාලීමට අවශ්‍ය ශක්තිය මේ පොතෙන් සැමට ලබාගත හැකි වේ. 
Rs 360.00
Rs 400.00