Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Sulabha Manasika abadha
කෘතිය ඇසුරෙන්...
මානසික ආබාධ පිළිබඳව සිංහල බසින් සරලව ලියවුණ පොත්පත් වල අඩුවක් පෙනෙන්නට තිබෙන බැවින් එම අඩුව පිරවීම අරමුණු කරගෙන මෙම පොත රචනා කර ඇත. ජනතාව අතර මානසික ආබාධ පිළිබඳව ඇති අවබෝධයේ බොහෝ අඩුපාඩු ඇත. එම නිසා මානසික ආබාධ ඇත්තවුන් පිළිබඳව ගොඩ නැගෙන අසුබවාදී ආකල්ප නිවැරදි කිරීමේ උත්සාහයක් ලෙසත්, ඔවුන්ට සමාජ සාධාරණයක් ඉටු කරලීමට ගත් ප්‍රයත්නයක් ලෙසත් මෙම කෘතිය ඉතා හැඳින්විය හැකිය.මෙහි කතුවරයා වන මනෝ වෛද්‍ය විශේෂඥ ඩබ්. ඒ. එල්. වික්‍රමසිංහ මහතා අවුරුදු 25 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වල සේවය කර ලබාගත් දැනුම සම්භාරය ද, විදේශීය අධ්‍යාපනය හා අත්දැකීම ද උපයෝගී කරගෙන මෙම පොත සම්පාදනය කර ඇත.

Rs 630.00
Rs 700.00
Samaja Widyave Mulika Sankalpa
සමාජ විද්‍යාව විෂය සම්බන්ධයෙන් න්‍යායාත්මක හා ප්‍රායෝගික භාවිතය පදනම් කොටගත් ග්‍රන්ථ කොතෙක් ලියැවී ඇතත් ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් පළ වූ පළමු අවස්ථාව මෙය ලෙස හැදින්විය හැකිය. සමාජ විද්‍යාව විෂය ඇසුරෙන් ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් ඉදිරිපත් කිරීම ඉතා වෙහෙසකර කටයුත්තකි. හේතුව යම් ප්‍රශ්නයකට පිළිතුරක් සම්පාදනය කිරීමේදී ඉතා විශාල කරුණු ප්‍රමාණයක් එක්රැස් කළ යුතු නිසාය. විජිත ලංකා මහතා විසින් එම හාරදූර කාර්යය ඉතාමත් ප්‍රශස්ත අන්දමින් ඉටුකර ඇති ආකාරය මෙම කෘතියෙන් මනාව පිළිඹිබු වන බව සතුටින් ප්‍රකාශ කළ යුතුය. එබැවින් බාහිර උපාධියට සමාජ විද්‍යාව විෂය හදාරන විද්‍යාර්ථීන්ට මෙය ඉතා වටිනා කෘතියක් ලෙස නිර්දේශ කරමි.කැළණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සම්බන්ධ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය හදාරා ඇති විජිත ලංකා මහතා මේ වන විට ආර්ථික විද්‍යා ග්‍රන්ථ ගණනාවක් සම්පාදනය කර තිබෙන කතුවරයෙක් වන අතරම සුවහසක් විද්‍යාර්ථීන්ගේ ආර්ථික විද්‍යාව හා සමාජ විද්‍යාව දැනුම් පථය පුළුල් කිරීමට වෙහෙසවන ආචාර්යවරයෙක්ද වේ. ඔහුගේ ප්‍රයත්නය සාර්ථක වේවායි ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.
සම්මානිත මහාචාර්ය බී. ඒ. ටෙනිසන් පෙරේරා
සම්මානිත මහාචාර්ය බී. ඒ. ටෙනිසන් පෙරේරා
Rs 1,350.00
Rs 1,500.00
Sri Sambuddha Parinirvanaya
ත්‍රිපිටකයේ එන දීර්ඝතම සූත්‍රය වශයෙන් සැලකිය හැකි මහා පරිනිබ්බාන සූත්‍රය මුඛ්‍ය මුලාශ්‍රය කොට ගනිමින් ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ඒ අසමසම ශ්‍රී සම්බුද්ධ චරිතයේ අවසන් තෙමස පිළිබඳව කෙරෙන ශාස්ත්‍රීය විමර්ශනය යි. " ශ්‍රී සම්බුද්ධ පරිනිවාර්ණය "
Rs 396.00
Rs 440.00
Anuradhapura Purana Nagara Salasma Saha Wenath Lipi
Out-of-Stock
අනුරාධපුර පුරාණ නගර සැලැස්ම සහ වෙනත් ලිපි මැයෙන් යුක්ත මෙම ග්‍රන්ථය සම්මානිතමහාචාර්ය ටී.ජී. කුලතුංග මහතාගේ ශාස්ත්‍රීය ලිපි එකතුවකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ සම්මානිතමහාචාර්ය වරයෙකි. ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ හිටපු සභාපතිවරයෙකි. එතුමාගේ පුරාණ අභයගිරි විහාරය ග්‍රන්ථයට 2014 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ දී වර්ෂයේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතියට පිරිනැමෙන සම්මානය හිමි විය. සරසවි ප්‍රකාශකයෝ විසින් පළකළ එතුමාගේ අනුරාධපුර මහා විහාරය ග්‍රන්ථයට ශ්‍රී ලංකා බෞද්ධ සම්මේලනය මගින් වර්ෂයේ විශිෂ්ටතම බෞද්ධ ග්‍රන්ථයට හිමි සම්මානය ප්‍රදානය කෙරිණි. පුරාවිද්‍යාඥ ශකිල රාජකරුණා මහතා විසින් සංස්කරණය කර ඇති මෙම ලිපි සංග්‍රහය ද එවැනි ම ශාස්ත්‍රීය වැදගත්කමකින් යුක්ත වූවකි
Rs 765.00
Rs 850.00
Paryeshana Kramavedaya Saha Krama
පර්යේෂණාත්මක දැනුම වර්තමාන ලෝකය ගොඩ නැගීමේ ප්‍රධනතම සාධකය වේ. ඒ සඳහා පර්යේෂණ ක්‍රමවේදය මෙන්ම ප්‍රායෝගිකව යොදා ගැනීම පිළිබඳවද බහු විධ ජන කොටස් තුළ ප්‍රචලිත වීම අත්‍යාවශ්‍ය වේ. පර්යේෂණ පිළිබඳව දැනට ශ්‍රී ලංකාවේ ලියවී ඇත්තේ ඉතා අල්ප ග්‍රන්ථ සංඛ්‍යාවකි. එම ග්‍රන්ථයන්ද බොහෝ දුරට න්‍යායාත්මක ස්වරූපයක් ගනී. මෙම ග්‍රන්ථය ඉදිරිපත් කිරීමේ පරමාර්ථය වී ඇත්තේ පර්යේෂණ සිදුකිරීම පිළිබඳව ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුමෙහි හිඩැස පිරවීමයි.ආචාරය කේ. ඒ. ලලිතධීර විසින් රචිත මෙම ග්‍රන්ථය සංඛ්‍යාන විෂය හදාරන පාසැල් සිසුන්ට, පර්යේෂණ නිබන්ධන පිළියෙල කරන විශ්ව විද්‍යාල සිසුන්ට, විවිධ ක්ෂේත්‍ර වල පශ්චාත් උපාධි හදාරන්නන්ටද බෙහෙවින්ම වැදගත් වනු ඇත. තවද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුභවතුන්ද, හෙද ක්ෂේත්‍රයේ පුහුණුව ලබන සිසු සිසුවියන්ට සහ සමාජ සේවා විද්‍යාලවල පාඨමාලා හදාරන සිසුන් ඇතුලු විවිධ පාඨමාලා වලට අදාළ පර්යේෂණ ක්‍රම වේදය හා සම්බන්ධ විෂය කොටස් සම්පූර්ණ කර ගැනීම සඳහා මෙම ග්‍රන්ථයේ දැනුම අතිශයින්ම ප්‍රයෝජනවත් වනු ඇත.
මහාචාර්ය සුනිල් චන්ද්‍රසිරි ආර්ථික විද්‍යා අංශය සහ පශ්චාත් උපාධි පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය
මහාචාර්ය සුනිල් චන්ද්‍රසිරි ආර්ථික විද්‍යා අංශය සහ පශ්චාත් උපාධි පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය
Rs 1,440.00
Rs 1,600.00
Sarasavi Patashaliya Shabdhakoshaya
Out-of-Stock
' සරසවි පාඨශාලීය ශබ්ද කෝෂය ' යනුවෙන් නම් කර ඇති මෙය නව ආරකින් සකස් කළ විශ්වකෝෂ ගුණාංග සහිත ශබ්දකෝෂයකි. එහෙයින් පාසල් දරුවන්ට එදිනෙදා අධ්‍යාපන කටයුතු වලදී මෙය සුවිශේෂ අත්වැලක් වනු නොඅනුමානය.
Rs 1,080.00
Rs 1,200.00
Sinhala Pirulu Koshaya
ආචාර්ය රෝහණ බැද්දගේ මහතා විසින් රචනා කරණ ලද "සිංහල පිරුළු කෝෂය" නම් මෙම කෘතිය තුළ ප්‍රස්ථා පිරුළු රාශියක් අන්තර්ගත ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,080.00
Rs 1,200.00
Lankarama Purana Wiharaya
'ලංකාරාම පුරාණ විහාරය' නැමැති මෙම කෘතිය නීතිඥ ආචාර්ය මහින්ද රැළපනාව මහතා විසින් රචානා කර ඇති ලංකාරාම පුරාණ විහාරස්ථානය සම්බන්ධ සියලුම ඓතිහාසික තොරතුරු අන්තර්ගත ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 405.00
Rs 450.00
Hindi Sinhala Prasthava Pirulu Saha Igivaki Koshaya
'හින්දි සිංහල ප්‍රස්ථාව පිරුළු සහ ඉගි වැකි කෝෂය' නම් වු මෙම කෘතිය හින්දි භාෂාවට අභිරුචියක් දක්වන්නන් හට මහෝපකාරීවන කෘතියකි.
Rs 1,080.00
Rs 1,200.00
Man Danamuththa
මුඛ පරම්පරාවෙන් පැවත එන මහදැනමුත්තාගේ සිත් ගත් කතා පනහක් අඩංගු මේ කතා සංග්‍රහය, සරල සිංහල බසින් හා නව ආරකින් කළ ප්‍රතිරචනයක් ලෙස, හැදින්විය හැකි ය
Rs 1,125.00
Rs 1,250.00
Buddha Dharmaya - 12 Shreniya Usas Pela
කෘතිය ඇසුරෙන්...
බුදු දහම පිළිබඳ ලියැවී ඇති පතපොත අති විශාල ය. ඒ කොතෙක් ලියා තිබුණත්, මහ මුහුදක් සේ ගැඹුරු වූ ධර්මය ගැන කෙනෙකුට ලියා කියා අවසන් කළ නොහැක. පූජ්‍ය පදලංගල අස්සජි හිමියන් අනාගත සම්බුදු සසුන බබළවන මහා වියතකු වනවාට නිසැක ය. උන් වහන්සේ විසින් මෙතෙක් ලියා ප්‍රකාශිතග්‍රන්ථ ගණනාවෙන් ඒ බව සනාථ වේ. අප රුහුණ විශ්ව විද්‍යාලයෙන් පන්ති සාමාර්ථ සහිතව ශාස්ත්‍රවේදී උපාධියත්, කැළණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලැබූ උන් වහන්සේ අ.පො.ස. උසස් පෙළ බුද්ධ ධර්මය නව විෂය නිර්දේශය ඉලක්ක කොට සම්පාදනය කළ මෙම ග්‍රන්ථය, ඒ සඳහා සාර්ථක වූ ප්‍රාමාණික වූ ග්‍රන්ථයක් බව සහතික කිරීමට නොපැකිළෙමි. එපමණක් නොව මෙම මා හැඟි ග්‍රන්ථය, දහම් දැනුම සොයන දහම් පිපාසයෙන් පෙළෙන ගවේෂකයන්ට ඉමහත් හස්තසාර ග්‍රන්ථයක් ලෙස ද හඳුන්වනු කැමැත්තෙමි.පාසල් විෂය ධාරාවට සීමා නොවී, උන්වහන්සේගේ හැකියාවන් දැහැමි ලෝ වැසියා වෙත දහම් ග්‍රන්ථකරණය කෙරෙහි ද යොමු වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
මහාචාර්ය විලේගොඩ අරියදේව ස්ථවිර

Rs 684.00
Rs 760.00
Tikiri Banda Panabokke
ඔහු ජිවත් වූයේ උඩරට කැරැලි දෙකකින් උගත් පාඩම් මතඉංග්‍රීසි පාලකයන් විසින් රට ස්ථාවර කරමින් සිටි දහනව වනි ශත වර්ෂයේ දෙවැනි භාගයේය.එබැවින්ම ඔහුගේ වෙහෙසකර රාජ්‍ය සේවය රටේ සිදු වූ සමාජ දේශපාලන ආර්ථික හා අධ්‍යාපනික පරිවර්තන ක්‍රියාවලි ඉතිහාසයේ කුඩා පරිච්ඡේදයක් බවට පත්වෙයි.අමිහිරි ළමා කාලයකින් පසු අධිෂ්ඨානයෙන් කැපවීමෙන් සිය ජීවිතය සාර්ථකව ගොඩනගාගත් ඔහු ළමා කාලයේ සිටම සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත ඉගෙන භාෂා ප්‍රවීණයෙකු ඔබට පත්වෙයි. කාලිදාසගේ මේඝ ධූත කාව්‍යය සිංහලයට පරිවර්-තනය කරයි. අලිඛිත උඩරට නීතිය, නීති නිඝණ්ඩුව නමින් ග්‍රන්ථාරූඩ කරයි.ඔහුගේ සුජාත පුත්‍රයෙකු මෙන්ම ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ටිකිරි බණ්ඩා පානබොක්කේ (කනිෂ්ඨ) ලද ප්‍රසිද්ධිය පියා වූ ටිකිරි බණ්ඩා පානබොක්කේට (ජ්‍යෙෂ්ඨ) නොලැබී ගිය සෙයකි.වසර සියයකට ආසන්න කාලයක් සැඟව තිබූ ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානය මෙසේ සිංහලයෙන් එළි දැක්වීම මගින් එම අඩුව සපිරේ.
Rs 306.00
Rs 340.00
navagrahayangen Helivana Palapala
Out-of-Stock
මෙය වනාහි දෛවඥවාවස්පති ශ්‍රී වාසුදේවගුප්තයන් විසින් ලියන ලද "ග්‍රහපලදර්පණ" නම් කෘතියේ සිංහල අනුවාදයයි මෙහි මුල ග්‍රන්ථය අස්මදාචාර්යය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමශ්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධූරණ අග්ගමහා පණ්ඩිත, ආචාර්යය බෙල්ලන ශ්‍රී ඤාණ විමලාභිධාන මාහිමිපාණන් වහන්සේට ඉදිරිපත් කරන ලදුව කෙසේ හෝ මෙය සිංහලට පරිවර්තනය කරනු ලෙස උන්වහන්සේගෙන් දිරිගැන්වීමක් ලැබිණි. මා තදබල ලෙස රෝගාතුරව සිටින මෙවන් අවස්ථාවකදී වුවත් ධෛර්යයෙන් යුතුව එම ඉල්ලීම ඉටු කළෙමි.මෙහි කතුවරයා විසින් නවග්‍රහයින්ගේ පලාපල පිළිබඳ භාවාත්ථ සහිතව මෙම කෘතිය රචනා කර තිබේ. සංස්කෘත ශ්ලෝක හා එහි භාවාත්ථය මෙහි අන්තර්ගතව ඇත. පදානු පදික පරිවර්තනයක් මෙහි නොමැත. මෙයට ප්‍රස්තාවනාවක් සපයා ඇති ශ්‍රී සීතාරාමන්ධා විසින් එය අනුමත කර තිබේ. මෙය කියවා පාඨකයා අවබෝධය ලබා ගත යුතුය.
මෙම කෘතිය මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කළේ අප හිතාදර ගොඩගේ සහ සමාගමේ අධිපති විශ්ව ප්‍රකාශන ශිරෝමණී (විද්‍යාලංකාර) දේශබන්ධු සිරි සුමන ගොඩගේ මහත්මාණන් විසිනි. එතුමාට මගේ ප්‍රසාදය හිමිවෙයි. පරිගණක හා මුද්‍රණ කටයුතු කළේ දෙහිවල නැදිමාලේ ශ්‍රී දේවී ප්‍රින්ටර්ස් අධිපති මහේන්ද්‍ර සේනානායක මහතා හා ඔහුගේ දයාබර පුත්‍ර හරිත ධරෙන්ද්‍ර සේනානායක මහත්මා ඇතුළු කාර්යය මණ්ඩලය විසිනි. පිට කවරය සකස් කර දුන්නේ ඩබ්ලිව්. එම්. කේ. විජය බණ්ඩාර මහත්මා විසිනි. මගේ ශාස්ත්‍රීය කටයුතු වලට සහයෝගය ලබා දෙන එසේම ශොධ්‍යපත්‍ර බැලීමෙන් හා ශංසය ස්ථාන නිරාකරණය කිරීමෙන් උපකාර කළ විශ්‍රාමලත් කථිකාචාර්ය, ශාස්ත්‍රපති, එච්. එල්. එස් අභයසිංහ මහතා ඇතුළු සියළු දෙනාටම මගේ අශිංසනය පිරිනැමේ.
හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි

Rs 675.00
Rs 750.00
Piritha Yathu Karma Ha Puda Pooja
පිරිත සිංහලයාගේ සංස්කෘතික උරුමයකි. ශාස්ත්‍රීය ආශීර්වාදය සමඟ ආධ්‍යත්මික සතුට ලබාදෙන අනුපමේය බලය පිරිතෙහි ගැබිව පවතීය යන විශ්වාසය සිංහල ජන දිවිය හා තදින් කා වැදුනකි. සැපත මෙන්ම විපත හමුවේදීත් බෞද්ධයා සරණ යන පිරිත සැබවින්ම ආකර්ෂණීය ජීව ශක්තියකි.
මෙම කෘතිය පිරිත සහ තදානුබද්ධ පුද සිරිත් ශාස්ත්‍රීය දෘෂ්ටිකෝණයෙන්ගෙන් විමසා බලන කෘතියකි. පිරිත සමාජ මානව වේදනාත්මකව අප හඳුනාගන්නේ කෙසේද යන්නත් එහි සෞන්දර්යාත්මක අගයනුත් මෙමගින් රසවත්ව විමසීමට ලක් කර ඇත.

Rs 531.00
Rs 590.00
Hindu Sirith Wirith Ha Devivaru
"හින්දු සිරිත් විරිත් හා දෙවිවරු" යන මෙම කෘතිය තුළ හින්දු ජනයා විසින් තම ප්‍රධාන දෙවියන් ලෙස සලකන ශිව දෙවියන් පිලිබදවත් හින්දු ජනයා විසින් අදහන විවිධ චාරිත්‍ර වාර්ෂික උත්සව පුද පූජා හා තවත් දෙවිවරු බොහෝමයක් පිලිබදවද බෞද්ධයන්ගේ හින්දු දේව වන්දනාව පිළිබදවත් කරුණ රාශියක් අන්තර්ගත ඉතා වටිනා කෘතියකි.
Rs 477.90
Rs 531.00
Jana Manovidyava
කෘතිය ඇසුරෙන්...
අනාදිමත් කාලයක සිට මිනිසා විසින් ගොඩනගන ලද සමස්ථ ඥාන පද්ධතිය සමගින් ජන මනෝවිද්‍යාව සමූහනය වී ඇත. ජන මනෝවිද්‍යාව විෂය මෙන්ම, එහි ස්වභාවය සහ විෂය ක්‍ෂේත්‍රය නවමු ශාස්ත්‍රීය සහ ක්‍ෂේත්‍රීය ගවේෂණයකට බුද්ධිය මෙහෙයවනු ලබයි. චය, අපගේම මනස පිළිබඳ අධ්‍යයනයක් ද වන්නේය.මෙම විෂය දර්ශනය, මනෝවිද්‍යාව පිළිබඳ අධ්‍යයනය කරනු ලබන ස්ථරයන්වලදී පවා වැඩිමනත් අයුරින් සාකච්ඡා නොවන බැව් පෙනේ. එය, ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට පමණක් සීමා වූවකි. මක්නිසාද යත්, යුරෝපා රටවල විශ්වවිද්‍යාල මට්ටමින් මෙම විෂය පළල්ව අධ්‍යයනය හා නිරීක්ෂණය සිදු කරනු ලබන හෙයිනි.ව්‍යවහාරය කෙසේවතුදු, මෙමගින් පාරදෘශ්‍ය කරලනු ලබන්නේ, ජන මනස හා සබැඳි මූලයන් පිළිබඳ අන්තරාවලෝකනයකි. ගවේශණයකි. වෙනත් අර්ථයකින් කියන්නේ නම්, අපගේම මනස පිළිබඳ ඉතිහාසය හා සබැඳි මානව චර්යා පිළිබඳ අධ්‍යයනයකි. එකී නිරීක්ෂණයන් මෙම කෘතියෙන් ගම්‍යමානය.

Rs 360.00
Rs 400.00
Cheena Bshadhyayana
තෙරිපැහැ උපනන්ද හිමියන් විසින් රචනා කරණ ලද 'චීන භාෂාධ්‍යයන' නම් මෙම පර්යේෂණ කෘතිය චීන භාෂාව හදාරණ විද්‍යාර්ථීන්ට තත් විෂය ඵිළිබදව හැදෑරීමට ඇති වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 720.00
Rs 800.00
Kohomba Yak Kankariya Saha Samajaya
උඩරට නර්තන සම්ප්‍රදායයේ කෝෂ්ඨාගාරය වූ කොහොඹා යක් කංකාරිය පිළිබඳ දීර්ඝ කාලයක් පුරා කරන ලද ශාස්ත්‍රීය පර්යෙෂණයක ප්‍රතිඵල අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 2,070.00
Rs 2,300.00
Bhava Thala Niraya Ha Bhava Nirodaya
කෘතිය තුළින්...
වැදගත් බෞද්ධ ග්‍රන්ථ ගණනාවක් එළි දැක්වූ ප්‍රවීණ ලේඛක ගත් කතුවර සිරිපාල මා දුවගේ මහතා අක් මුල් නොදන්නා අනවරාග්‍ර සංසාරය, අති භයංකර ගොර බිරම් නරකාදිය සහ නරකාදියට නොවැටී සිටීමේ සෝවාන් ඵලය ආදී කරුණු ගැන කියන්නට සිය පෑන මෙහෙයවන ආකාරය "භවතල, නිරය හා භව නිරෝධය" තුළින් පෙනී යයි.විශේෂයෙන් මෙහි දී නිරය පිළිබඳව දීර්ඝ විස්තර ගමනක යෙදේ. නිරයේ නිරන්තර බිහිසුණු බව, දුක, වේදනාව මිනිස් හදවත් තුළ කා වද්දමින් නිරය පිළිබඳව බිය ජනිත කරවන්නට උත්සුක වෙයි. නිරයේ දුක පිළිබඳ හැඟීමක් බියක් කා වැදුණු පුහුදුන් පුද්ගලයාට ඉන් ගැලවෙන මග ද කතුවරයා පෙන්වා දෙයි. සෝවාන් ඵල ලාභී පුද්ගලයා නිරයේ නොවැටෙන බව ද සසර ගමන අවසන් කර ගැනුමට හේ පිළිපන් බව ද වටහා දෙන අයුරු අගී.
නිරය පිළිබඳ තොරතුරු ඇතුළත් බොහෝ පොත පතමා දුවගේ මහතා ඇසුරු කොට ඇත. නිරය පිළිබඳව සඳහන් දේව දූත සූත්‍රය. බාල පණ්ඩිත සූත්‍රය, නිමි ජාතකය. උප ග්‍රන්ථයක් සේ දැක්වීම ද වටී.මා දුවගේ මහතා ගේ භාෂා විලාසය හා රචනා ශෛලිය කරුණු පහසුවෙන් වටහා දෙයි.පින්, පව්, කර්මය ආදී ධර්මමය කරුණු රාශියක්, මහත් දැනුම් සම්භාරයක් ලබාදෙන " භවතල, නිරය හා භව නිරෝධය " සසර ගමන කෙළවර කර ගැනීමේ අභිලාෂය ඇත්ත වුනට ඵලදායී මගක් කර ගත හැකි වෙයි.
මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි
රුහුණ විශ්වවිද්‍යාලය - මාතර

China Bhashava Saha Sarala Wakya Wiggrahaya
" චීන භාෂාව සහ සරල වාක්‍ය විග්‍රහය" යන මාතෘකාව යටතේ කෙරෙන මෙම කෘතිය තුළ චීන භාෂාවෙහි සරල වාක්‍ය සංස්ථිතිය පිළිබඳව වාග් විද්‍යාත්මකවත්, තුලනාත්මකවත් කරුණු අධ්‍යයනය කරන අතර ප්‍රස්තුතයට අදාළව ශ්‍රී ලංකාවේ චීන භාෂාව හදාරන ආධුනිකයන්ට අත්වැලක් වන අතර චීන භාෂාවෙහි ලේඛන ව්‍යවහාරය කෙරෙහි අවධානය යොමු කෙරෙන මෙම අධ්‍යයනයේදී, චීන සිංහල භාෂාද්වයෙහි සරල වාක්‍ය සංස්ථිති වල පවතින මූලික සමානතා අසමානතා වාග්විද්‍යාත්මකව අධ්‍යයනය කරණු ලබයි.
Rs 630.00
Rs 700.00
Upadeshanaya Mulikanga nayyika pravesha ha KramaShilpa
Out-of-Stock
නූතන සංකීර්ණ සමාජ රටාව තුළ පැන නැගී ඇති නොයෙකුත් ගැටලු වලට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන විද්‍යාත්මක වූත්, අධ්‍යාපනික වූත් මනෝචිකිත්සක ක්‍රියාවලියක් සේ සැලකෙන මනෝවිද්‍යාත්මක උපදේශනයේ අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යයි. පුද්ගල සංවර්ධනය සඳහා උපදේශනය පිළිබඳ දැනුම ප්‍රවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත් ව ඇත. මෙම කෘතිය එකී කාලීන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉවහල් වන්නක් ලෙස සැලකිය හැකි ය.
Rs 742.50
Rs 825.00
Atharvaveda
ඍග්, යජුර්, සාමන්, අථවන් යන චතුර් වේදයන්ගෙන් අවසන් වේදය සමාජ ජීවිතයත් සමඟ බෙහෙවින් ගැලපුණු වේදයක් බව ප්‍රකට කරුණකි. භෛෂජ්‍ය සූක්ත හා ආයුෂ සූක්ත ඒ අතර ප්‍රමුඛස්ථානයක් උසුලයි. ආයුර්වේදයේ ආරම්භක කරුණු මෙහි දක්නට ලැබීම සුවිශේෂ කරුණක් වන අතර රෝග සහ ප්‍රතිකාර ක්‍රම යන්ත්‍ර, මන්ත්‍ර භාවිතය මගින් රෝග සුව කිරීම බොහෝ අවස්ථාවල දක්නට ලැබේ. කාණ්ඩ 20ක්, සූක්ත 730ක් හා මන්ත්‍ර 6000 ක් මෙහි ඇත. මුලින්ම එන කාණ්ඩ එකොළහ ( 11 ) මගින් බොහෝ කොට රෝග සුව කිරීම පිළිබඳ කරුණු දක්වන අතර අට (8) සහ දොළහ (12) කාණ්ඩ මගින් විවිධ සුවපත් කිරීම් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරයි. දහතුන (13) සහ (18) මගින් මානව ජීවිතයට අදාළ චාරිත්‍ර සමූහයක් දක්වයි. ඖෂධ පැලෑටි, දේව යාඥා සහිත මන්ත්‍ර මගින් රෝග සුවකරන ක්‍රමවේද ද ඉදිරිපත් කොට ඇත. පස්වෙනි කාණ්ඩයේ විසි එක්වෙනි සූක්තයෙන් පැහැදිලි කෙරෙන ආකාරයට රෝග බෝ කරන යක්ෂයන් දේහාන්තරණය වී ඇති බව පෙනේ. මීට අමතරව මානව වර්ගයාගේ පැවැත්මට අදාළ කරුණු (4.1/10.07/17.1) මෙන්ම විශ්ව පදාර්ථය ලෙස බ්‍රහ්ම ක්‍රියාත්මක වන අයුරු ද (7.52) මෙහි විස්තර කොට ඇත.
Rs 855.00
Rs 950.00
Nlvanu Ha Ranvanu
සීගිරි පුරාවෘතය දෙස අළුත් ඇසකින් බලන්නට මා ගත් උත්සහායයේ ප්‍රතිඵලයක් සේ 'නිල්වනු හා රන්වනු' හැදින්විය හැකිය.
Rs 810.00
Rs 900.00
Sinhala Megha Doothaya
සිංහල මේඝ දූතය
Rs 540.00
Rs 600.00
Ganthera
කෘතිය ඇසුරෙන්....
ගං තෙර' ඓති සාහික නවකතාවකි. බුදුවසින් වසර තුන්සියයකට පමණකට පසු සත්‍යය ඉතිහාස පුවතක් පසුබිම්ව ලියැවුනකි. එනම් ක්‍රිස්තු පූර්ව වසර දෙසීයකට පමණ පෙර ය. කෙටියෙන් සඳහන් කරන්නේ මින් වසර දෙදහස් දෙසීයකට පමණ පෙර ය.ස්ථානය කැළණි ගං තෙර ය. කැලණි පුරවරයේ ය. කැලණිය එකල මායා රාජ්‍යයේ අග නුවර ය. කැලණි වෙහෙර හා එකල එයට ආසන්නව පිහිටි කැළණි මායා රට අගනුවර පිහිටියේ කැලණි ගං තෙරය.'ගං තෙර' කතාව ඇරඹෙන්නේ එහි රාජ්‍ය කළ කැලණි තිස්ස රජුගේ රාජ මන්දිරය හා කැලණි ගඟ ආශ්‍රයෙනි. කැලණි රජ මැදුරේ වාසය කළ පිරිස මහානිශ නොහොත් කැළණිතිස්ස, ඔහුගේ දේවිය කල්‍යාණි, දියණිය දේවි හා රජුගේ ම මලණු ආර්ය උත්තිය කුමරු මෙහි ප්‍රධාන චරිත වෙති. මෙහි ධම්මරංසි යනුවෙන් අන්වර්ථ නාමයකින් හඳුන්වනුයේ කැලණි රහත් හිමිපාණන්ය.මෙම රජ මැදුර තුළ අසම්මත ඇසුරක් පිළිබඳ කතාවක් ඉතිහාසයේ ලියැවී තිබේ. එහි අවසන් ප්‍රතිඵලය මහා ඛේදවාචකයක් වූ බව ද එකී ඉතිහාසයෙන් කියැ වේ.කෝට්ටේ යුගයේ දී රාහුල හිමියන් අතින් ලියැවුන සැළලිහිණි සංදේශයෙන් ගඟින් මෙතෙර වූ නාග ගෝත්‍රික මානවිකාවන් ගැන ද කියැවේ." මනහර හා මෙනෙවිය ද ලවැලිපිට හා " ගවසා සුපුල් කඩුපුල් මල් නිල්වරළ" යන කාව්‍යයන්ගෙන් ද, නාග ගෝත්‍රික මානවිකාවන් කැලණි ගං තෙර එකළත් සිටි බව දැක්වේ.ගං තෙර 'ඓතිහාසික කතාවක් සේ ගොඩ නැගෙද්දී ගඟින් එගොඩ රජ මැදුර හා විහාරය පිහිටි බවත්, ගඟින් මෙතෙර නාග ජනපදයක් වූ බවත් කතාවෙන් මතු වේ.මෙම කතාවේ ඇතුළාන්තයේ නොදැක්වුවද කැළණි තිස් නොහොත් මහතිශ රජුගේ රාජ වංශය පිළිබඳ හෝඩුවාවක් අපට සොයා ගැනීමට හැකි විය. ඒ මෙසේය

Bhikshuvakage Asammatha Premaya
ඔබගේ ජිවිතයේ ශ්‍රේෂ්ඨතම ආදරය.... ඔබගේ විමුක්තිය කරා වූ මාවතේ විශාලතම පරීක්ෂණය බවට පත් වුවහොත් කුමක් වේවිද?
මේ අතිශයින්ම පෞද්ගලික සහ කාව්‍යමය ස්වයං ලිඛිත චරිතාපදානය තුළ, පූජ්‍ය පානදුරේ ආනන්ද ස්වාමින් වහන්සේ, ආශාව, හද කම්පා කරවන සිදුවීම්, රාජකීය තේජස සහ ආධ්‍යාත්මික පිබිදීම පිළිබඳව, භවයන් හතරක් ඔස්සේ වෙනත් කිසිම ගමනකට නොදෙවෙනි ගමනක් ඔබව රැගෙන යති. මෙම කතාව, ප්‍රේමය හා අභ්‍යන්තර සාමය අතර දෝලනය වූ රජ කෙනෙකුගේ සිට තමන්ගේම ආශාවන්ගේ මිරිඟුව අවබෝධ කරගන්නා බෞද්ධ භික්ෂුවක් දක්වා දිව යයි.පුජ්‍ය ආනන්ද ස්වාමීන් වහන්සේ, සිය භාවනාමය අවබෝධය, අතීත භවවල මතකය, තම අභ්‍යන්තර අරගල වල දෝංකාරය, සහ සංසාරික ගමන් මඟට අභියෝග කළ පැරණි ආදරයක සුන්දරත්වය තුළින් සියලු බැඳීම් වලට ඔබ්බෙහි පවතින උත්තරීතර විමුක්තිය අනාවරණය කරති.මෙය සත්‍ය ගවේෂකයන්, ප්‍රේමවන්තයන් සහ ආධ්‍යාත්මිකව කුතුහලයෙන් සිටින්නන් සඳහා වූ කෘතියකි. මෙම ග්‍රන්ථය ආදරය, ආත්මය සහ නිදහස කරා වූ සැබෑ මාවත පිළිබඳ ඔබ මේතාක් විශ්වාස කළ දෙයට හිසැකවම අභියෝග කරනු ඇත.

Himagira Bhikshuniya
මෙය ජෙසුන්මා ටෙන්සින් පාමෝ භික්ෂුණිය මුහුණ දුන් අභියෝග හා ධර්ම මාර්ගයට එළඹි තවත් බොහෝ දෙනකු පිළිබඳ කතුවරිය ගේ කියවීමයි. ටිබෙට් හා බටහිර රටවලින් පැමිණි බෞද්ධ භික්ෂුණින් ගේ දුෂ්කරතා හා ඒවායින් ජය ගැනීමේ ප්‍රයත්න ද මේ කෘතියෙන් කදිමට විවරණය වේ. ටිබෙට් තන්ත්‍රයානික රහස් භාවනා ක්‍රම වෙත ද අවධානය යොමු වී ඇත.පද පරමත්වය ඉක්ම වූ ප්‍රායෝගික එළඹුමකින් ද දැඩි විර්යයකින් ද ආර්ය අෂ්ටාංගික මාර්ගයක ගමන් කිරීමේ වැදගත්කම වටහා ගැනීමට මේ කෘතියෙන් ශාන්තියේ ආලෝක ධාරාවක් එල්ල වේ.
Rs 630.00
Rs 700.00
1815 n Pasu Seegiriya
කෘතිය ඇසුරෙන්...
ජයන්ත විජේරත්නයන් විසින් රචිත1815න් පසු සීගිරිය නැමති ඓතිහාසික සහ පුරාවිද්‍යා තොරතුරුවලින් යුත් ග්‍රන්ථය, වෙනස්ම ආකාරයෙන් ලියූවකි. මෙහි ඇති සමහර වෘත්තාන්ත ඔහුගේ පමණක් නොව, අපගේ ද ළමාවිය සිහිපත් කරන ස්වයං චරිතාපදානයන් හා සමානය.වර්ෂ 1815 න් පසු සීගිරිය සම්බන්ධයෙන් වූ පුරාවිද්‍යාත්මක කැණීම්, ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු පිළිබඳව සංක්ෂිප්ත තොරතුරු මෙහි අඩංගු වේ. එපමණක් නොව සීගිරිය සංස්කෘතික මධ්‍යස්ථානය පාදක කරගත් අවට ගම්මාන අවට ගම්මාන හා එය අතර ඇති අනන්‍ය සම්බන්ධතාවය ද මෙම කෘතිය තුළ මැනවින් විස්තර කර ඇත. පුරාවිද්‍යාත්මක බව ඉක්මවා ගිය ඉතාමත් රසවත් තොරතුරු අඩංගු අගනා කෘතියකි.සීගිරිය පිළිබඳව මෙම ග්‍රන්ථය මඟින් මෙතෙක් කිසිදු ලේඛකයෙකු විසින් අනාවරණය නොකළ තොරතුරු රාශියක්ම පාඨකයා වෙතහෙළිදරව් කිරීමට ගත් උත්සාහය සාර්ථක වී ඇති බව මගේ හැඟීම යි.
සමරකෝන් රාජපක්ෂ,විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරී (කැණීම් හා කෞතුකාගාර)
හිටපු පුරාවිද්‍යා ස්ථාන භාර නිලධාරි,සීගිරිය

Rs 1,044.00
Rs 1,160.00
Suwabara Diviyakata Sangeetha Chikithsawa
සුවබර දිවියකට සංගීත චිකිත්සාව කෘතිය අද්‍යතන පුද්ගලයාට හා මානව සමාජයට සංගීත චිකිත්සාවේ ඇති වැදගත්කම ඓතිහාසික පර්යාලෝකයකින් පමණක් නොව, එහි සංකල්පය, ව්‍යවහාරික ශිල්පීය හා ක්‍රමවේදීය මානයන් ඔස්සේ ඉදිරිපත් කරමින් වර්තමාන අවිවේකී, අති ධාවනකාරි මිනිසාගේ භාව චිත්තධ්‍යානයට සංගීතචිත්සාව යොදා ගැනීමේ හැකියාව ඉතා මැනවින් පෙන්වා දෙන්නේය.
Rs 261.00
Rs 290.00
Pauranika Maha Nagara
" පෞරාණික මහා නගර " නම් තවතම ග්‍රන්ථය මගින් ලොව පුරා විසිර ඇති ප්‍රධාන නගර ක්‍රමිකව විකාශය වූ ආකාරය හා ප්‍රධාන නගර කිහිපයක සුල මුල මැනවින් විස්තර කර තිබේ.
Rs 423.00
Rs 470.00
1800 Mulika Koriyanu Wachana Malava
Out-of-Stock
කෘතිය තුළින්...
කොරියානු භාෂා ප්‍රවීණතා විභාග සඳහා මුහුණ දෙන දරු දැරියන්ට නිවැරදි වාග් මාලාව ඉගැන්වීම මගින් තරඟ විභාග ජය පමණක් නොව එදිනෙදා භාවිතයට ද මෙම භාෂාව හුරු කරවීම අපගේ අපේක්ෂාව වේ. මෙම ග්‍රන්ථය අධ්‍යයනය කිරීම තුළින් කොරියානු භාෂා වේ සාර්ථක වාග් මාලාවක හිමිකරුවෙකු හෝ හිමිකාරිනියකු වීම සඳහා ඔබට අත්වැලක් ලැබේ.

Rs 1,035.00
Rs 1,150.00
Lakdiva Parangi Prayathnaya
" ලක්දිව පරංගි ප්‍රයත්නය " නමැති මෙම ග්‍රන්ථය 1506 -1658 කාලය තුළ මෙරට පරංගි ක්‍රියාකාරකම් ගැඹුරින් සලකා බලන නූතන පර්යේෂණ අඩංගු කෘතියකි. පරංගීන්ගේ මෙරට සම්ප්‍රාප්ති කාලය, කෝට්ටේ, සීතාවක, මහනුවර සහ යාපන රාජධානි සමග හටගත් ගැටුම්, ඒවායේ ප්‍රතිඵල විශ්ලේෂණය කෙරේ.මෙහි සකාරණව විග්‍රහ කෙරෙන්නේ. පරංගීන් මෙරට ඇති කළ කැළඹිලිකාරි තත්වයත්, විදේශිකයා පිටු දැකීමට මෙරට විරෝදාර රණකාමී රජවරුන් සහ ජනතාව ගත් අප්‍රහිතක උත්සාහයකි. එකී උත්සාහයේදී මෙරට ඇති වූ විනාශය, වෙනස්කම්ද, ආර්ථික, ආගමික, සමාජයීය ක්‍ෂේත්‍රවල ඇති කළ බලපෑම් ද ගෙන හැර පායි. මෙම චිත්තාකර්ෂණීය වුද, චිත්ත සන්තාපයට හේතු වන්නා වූද ඉතිහාස කතා පුවත පාඨකයාගේ සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කෙරේ.
Rs 315.00
Rs 350.00