Books

-10%

Bhawa Pushpa

 බුදු සමයේ එන මූලික තේමාවන් ස්පර්ශ කරමින් ලියැවුණු “භව පුෂ්ප” නවකතාව අනාගත පරපුර වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් ලෙස හැඳින්විය හැකිය. 
Rs 427.50
Rs 475.00
-10%

Parisara Hithakami Wasthu Widhyathmaka Niwasa

පරිසර හිතකාමී වස්තු විද්‍යාත්මක නිවාස - ජ්‍යොතිෂ නීතිරීති අනුගමනය කරමින්, ගොඩනැගිලි ක්ෂේත්‍රයේ මනා  දැනුමක් ඇතිව නිවාස සැලසුම් පිළියෙල කර ගැනීමටත්, ගොඩනැගිලි ඉදිකර ගැනීමටත්, වාස්තු විද්‍යාවේ නියම අර්ථය අනුව සැකසුණු සුවිශේෂී කරුණූ රැසකින් සමන්විත අගනා කෘතියකි. 
Rs 405.00
Rs 450.00
-10%

Budugunalankaraya

බුදුගුණාලංකාරයේ සමස්ථය ආධුනික පාඨක සැම වෙනුවෙන් සාරාංශ කොට කථා පුවතක් ලෙස ඉදිරිපත් කරමින්, ඒ ඒ පද්‍යයෙහි පද වෙන් වෙන්ව අර්ථ දක්වමින්, එම අර්ථ යෙදෙන ආකාරය අනුව සරල අදහසක් ඉදිරිපත් කරමින්, පද්‍යයෙහි එන අර්ථ අවබෝධ කර ගැනීමට අපහසු යැයි හැගෙන පද සදහා දුරවබෝධ තැන් යටතේ තවදුරටත් කරුණු පැහැදිලි කර දෙමින් සැකසුණු විශිෂ්ට ග්‍රන්ථයකි. 
Rs 1,161.00
Rs 1,290.00
-10%

Bauddha Rajya Paripalana Muladharma Saha Bhawithaya

ත්‍රිපිටක මූලාශ්‍ර හා දේශීය විදේශීය බොහොමයක් මූලාශ්‍ර විචාරයට ගනිමින් දැහැමි රාජ්‍ය පාලනයක් ගොඩනැඟීමට අවැසි මග පෙනවීම මෙම කෘතිය තුලින් මනා කොට පිළිබිඹු කරමින් රචිත බෞද්ධ රාජ්‍ය පරිපාලන මූලධර්ම සහ භාවිතය යන ග්‍රන්ථය වජිර නාරම්පනාව මැතිඳුන්ගේ අගනා කලා නිර්මාණයකි. 
Rs 900.00
Rs 1,000.00

Deegha Nikaya Attakatha 2

පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,690.00
-10%

Letter From Mara

Letter From Mara - Springtime Blossoms - A contemporary, satirical and allegorical essay on Mara—the Buddhist personification of evil & death—and how he keeps beings trapped in Samsara.
Rs 72.00
Rs 80.00
-10%Out-of-Stock

Kendraya Saha Grahayo

Out-of-Stock
සරල සුගම බසින් ලියැවුනු මේ කෘතිය ජේ‍යතිෂ්‍ය පිළිබඳ විෂය දැනුව නොමැත්තෙකුට වුවද තමන්ගේ කෙන්ද්‍රය තමන්ටම බලා පරීක්ෂා කරගත හැකි පරිදි ක්‍රමවතව සම්පාදනය වී ඇත.
Rs 171.00
Rs 190.00
-10%Out-of-Stock

Upanne Kaudai kiynne Mahemai

Out-of-Stock
උපන් වෙලාවට අනුව උපන්නේ කවරෙක්දැයි දැනගන්නා ආකාරය සරලව පැහැදිලි කෙරෙන මේ කෘතිය, ජ්‍යෝතිෂය පිළිබඳ උනන්දුවක් දක්වන සැමට ප්‍රයෝජනවත් වනු ඇත.
Rs 171.00
Rs 190.00
-10%Out-of-Stock

Jivithayata Jothishya

Out-of-Stock
ජ්‍යෝතිෂයෙන් ජීවිතය විග‍්‍රහ කරන මේ කෘතිය දිවියේ අනේකවිධ ගැටලූ හමුවේ පිළියම් සොයා වෙහෙසෙන ඔබේ මනසට සහනයක් ගෙන දෙන්නකි.
Rs 468.00
Rs 520.00
-10%Out-of-Stock

Thathkala Ha Nimithi Shasthraya

Out-of-Stock
යම් කිසිවෙකු ජ්‍යෝතිෂඥයෙක් වෙත පැමිණ කිසියම් කරුණක් හිතේ තබාගෙන, තමුන් ඒ පිළිබඳ හෙළි නොකර විමසූවිට හිතේ තිබෙන දේ කීම ”තත්කාල නිමිති ශාස්ත‍්‍රයයි.” මෙම පොත එම ශිල්පය හැදෑරීමට මග පෙන්වයි.
Rs 247.50
Rs 275.00
-10%Out-of-Stock

Sakwala Sathya Saha Jyothisha Niyamaya

Out-of-Stock
ජ්‍යෙතිෂ ඇසින් සක්වළ පිළිබඳ ව කෙරෙන විග‍්‍රහයකි. මහාමේරු පර්වතය, ඒ වටා ඇති සප්තකූට පර්වත, ඒ හා සමඟ ඇති ප‍්‍රවාල සාගරය, කිරි සයුර, මහමෙර පත්ළෙහි ඇති අසුර භවන පිහිටි තව්තිසාව ආදී දිව්‍ය ලෝක, නාග ලෝකය ආදී බොහෝ දෑ චිත‍්‍ර රූප සටහන් මගින් ඉදිරිපත් කර තිබේ. මේ හැරෙන්නට සතර වරම් දෙවිවරුන් පිළිබඳව ද සතර ග‍්‍රන්‍ථ, බුදු බව සහ සතර මග සතර ඵලයන් ගැනද බොහෝ විස්තර ඇතුළත් කර ඇති මෙහි ඒ හා සම්බන්ධ වන ග‍්‍රහයන්, රාශීන් සහ නැකැත් 27 පිළිබඳව ද කරුණු සඳහන් ව තිබේ. 
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Jayamangalya Ashtaka Saha Poruve Charithra Widhi

Out-of-Stock
මේ කෘතිය හෙළ සිරිතට සිදු කෙරෙන පෝරුවේ චාරිත‍්‍ර ක‍්‍රමානුකූලවත්, නිවැරදිවත් කරගැනීමට අවැසි මග පෙන්වා දෙන්නකි. 
 
Rs 117.00
Rs 130.00
-10%Out-of-Stock

Dolos Lagnaya Saha Grahayo

Out-of-Stock
ජ්‍යෝතිෂයේ ඉතා සරලම සංඥාව ලග්නයයි. තම කේන්ද්‍රය බලා ගැනීමට නිවැරදිව පලාපල දැනගැනීමට ජ්‍යෝතිෂ් ශාස්ත‍්‍රය හා කේන්ද්‍රය පිළිබද බොහෝ දේ දැනගත යුතු වේ. එයට අදාළ වැදගත් කරුණ වන දොළොස් ලග්නය සහ ග‍්‍රහයින්, එම ග‍්‍රහයින් පිහිටා ඇති ආකාරය අනුව යෙදෙන යෝග ආදී වැදගත් කරුණු පිළිබඳ මේ කෘතියේ පුළුල්ව විග‍්‍රහ කෙරේ.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Palapala Kathanayata Piyagata Pela

Out-of-Stock
අන් කවරදාටත් වඩා වත්මන් සමාජය තුළ ජ්‍යෝතිෂය විෂය උගැන්ම පිළිබඳ ඇත්තේ දැඩිවූ උනන්දුවකි.එහෙත් ඒ දැනුම පිපාසයට පරිශීලනය සඳහා වූ සාරගර්භ කෘතීන් විරලවිය.මේ කෘතිය සම්පාදනය වෙන්නේ ඒ අඩුව පිරිමසාලනු පිණිස ය. 
Rs 472.50
Rs 525.00
-10%

Sihina Diganthaya Saha Sihina Phalapala

රත්න දේශප්‍රිය අමරසූරිය විවිධ විෂයන්ගෙන් පොත්පත් ලියන කර්තෘවරයෙකු වූ රත්න දේශප්‍රිය අමරසූරිය සූරීන් "සිහින දිගන්තය සහ සිහින ඵලාපල" ග්‍රන්ථයෙන් විවිධ කරුණු ඉදිරිපත් කර ඇත. ඉතා ඈත අතීතයේ සිට සිහින ඵලාපල පිලිබඳ අප රට ජනතා අවධානය ඉතා විශාලය. එවන් මොහොතක මෙවන් ග්‍රන්ථයක් මගින් සිහිනය කුමක්ද? පිලිබඳ සවිස්තරවලින් ඒ බව මනාව දක්නට ලැබේ. ගුවන්විදුලියෙන් ද රාත්‍රී පෙනෙන සිහිනය පිලිබඳ උදේට ඵලාපල කී මොහු විටින් විට ජන හදවත් පුබුදු කරන පොත් ලියන්නකු වශයෙන් ද ප්‍රසිද්ධියක් ලබා ඇත.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Dyana Yoga

Out-of-Stock
භාරතීය යෝගීවරුන් සෘෂිවරුන් විසින් නිර්මාණය කළ යෝග ශාස්ත‍්‍රයත් - තාන්ත‍්‍රික ඉගැන්වීම් මත සිට නිර්මාණය වූ විද්‍යා - තාක්‍ෂණ ක‍්‍රම ශිල්ප බොහෝ ඇත. ඉන් ප‍්‍රධාන විද්‍යා ධාරාවක් වන්නේ දස මහා විද්‍යාවයි. මෙම විද්‍යා ශාස්ත‍්‍ර සාක්ෂාත්කරණයට අවශ්‍යය ක‍්‍රමවේදයන් පිළිබද මෙම ග‍්‍රන්ථයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. ඒ සදහා භාවිත මන්ත‍්‍ර - යන්ත‍්‍ර - මණ්ඩල - ජපමාලා පිළිබද මෙහි විස්තරාත්මකව කරුණු අන්තර්ගතව ඇත. 
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Shubha Muhurthi Widhi

Out-of-Stock
 ශුභ මුහුර්ති විධි - නක්‍ෂත‍්‍රය පිළිබඳ ව ප‍්‍රධාන අංග පහ වන දින, නැකත, තිථිය, යෝගය, කරණය පිළිබඳ හා විවාහ, පැවිදි කිරීම, නිවාස ඉදිකිරීම, අවස්ථාවන් සඳහා සුදුසු නැකැත් ද ඇතුළත්  මුහුර්ති විධි පොතකි.  
Rs 157.50
Rs 175.00
-10%Out-of-Stock

Lith Hoodiya

Out-of-Stock
මෙම ග‍්‍රන්ථයෙන් ජ්‍යෙතිෂ ශාස්ත‍්‍රයේ මූලික කරුණු සංක්ෂිප්තව ගෙනහැර දැක්වේ. සංස්කෘත ශ්ලෝක ඉවත් කර පාඨකයාට පහසුවෙන් කරුණු හැදෑරීමට මගපාදා ඇත.
Rs 90.00
Rs 100.00
-10%Out-of-Stock

Minisa Kerehi Graha Balapam

Out-of-Stock
 ''Planetary Influences On Human Affairs'' නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙහි ජ්‍යෝතීර්ය විද්‍යාව පිළිබද අවබෝධාත්මක තත්වය විමර්ශනයක් ඉදිරිපත් කර ඇත.
Rs 405.00
Rs 450.00
-10%

Lobsen Rempa Dibbachakkhu

 ''The Third Eye'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය ටිබෙට් ලාමාවරයෙකුගේ ස්වයං ලිඛිත චරිතාපදානයකි. 
Rs 690.30
Rs 767.00
-10%Out-of-Stock

Wanagatha Bhawana Guruwaraya

Out-of-Stock
අජාන් ලී මහ තෙරුන් භාවනානුයෝගියෙකු ලෙස මුහුණ පෑමට සිදු වූ සිද්ධීන්ද, ඒවාට මුහුණ දුන් ආකාරය ද මෙම කෘතියේ සදහන් වෙයි. මෙය The ''Autobiography of Phra Ajan Lee'' කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 261.00
Rs 290.00
-10%Out-of-Stock

Prathipada - 01

Out-of-Stock
අලි, කොටි, වලසුන් හා විෂ ඝෝර නාගයින් වසන තායිලන්තයේ වනාන්තර වලට වී නිර්වාණ මාර්ගය සාක්ෂාත්කරණය සදහා ධූතාංග කමටහන් වඩන භික්ෂූන් වහන්සේලාගේ අනුවේදණීය කතා පුවත් වලින් සම්පාදිත මෙය ''Patipada, Venerable Achariya Mun's Path of Practice'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයෙහි පළමුවන කොටසයි. 
Rs 360.00
Rs 400.00
-10%

Prathipada - 02

අලි, කොටි, වලසුන් හා විෂ ඝෝර නාගයින් වසන තායිලන්තයේ වනාන්තර වලට වී නිර්වාණ මාර්ගය සාක්ෂාත්කරණය සදහා ධූතාංග කමටහන් වඩන භික්ෂූන් වහන්සේලාගේ අනුවේදණීය කතා පුවත් වලින් සම්පාදිත මෙය ''Patipada, Venerable Achariya Mun's Path of Practice'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයෙහි දෙවන කොටසයි. 
Rs 270.00
Rs 300.00
-10%

Bharatha Yogi Swami Rama

හිමාල වනයේ ජීවත් වූ විස්මිත යෝගීන්ගේ හා සෘෂිවරුන්ගේ ජීවන ප‍්‍රවෘත්ති රැගත් භාරත යෝගී ස්වාමි රාමා නමැති මේ කෘතිය යෝගීන්ගේ හා සෘෂිවරුන්ගේ ආයාසකර ජීවන රටාවත් ඔවුන් විසින් සිදු කරන ලද ඇදහිය නොහැකි තරමේ අරුම පුදුම සිද්ධීන් රැසකින් ද සමන්විතය. මෙය Living With The Himalayan Masters කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 990.00
Rs 1,100.00
-10%

Yogiraj Shama Charan Lahiri Mahasaya

යෝගිරාජ් ෂාම චරන් ලහිරි මහාසාය - මෙතුමා ගිහි ජීවිතයේ රැදී සිටිමින්ම යෝගවඩා ලෝකෝත්තර තත්වයට සැපවත්ව දිවැස්, දිවකන් ලබා රළු ශරීරයෙන් හා සියුම් ශරීරයෙන් ද  ඕනෑම තැනක පෙනී සිටීමේ හැකියාව ලබමින් ජනතාවට විමුක්ති මාර්ගය පෙන්වා දුන්නේ තෘෂ්ණාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, මදමානයෙන් මිදී ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කිරීමෙන් විමුක්තිය ලදහැකි බව පසක් කරමිනි. මෙය Yogiraj Shama Churn Lahiree Mahasaya කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Thibbatha Lama Ashramayaka Mahanadam Piru Ingireesi Bhikshuwa

Out-of-Stock
මේ කෘතියේ නම තිබ්බතයේ ලාමා ආශ‍්‍රමයක මහණදම් පිරූ ඉංගිරීසි භික්ෂුව වුව ද මෙය චරිතාපදානයක් වශයෙන් ලියැවුණක් නොවන අතර කෘතියේ ඇති කරුණු වලින් බලාපොරොත්තු වන්නේ හිම වැටෙන දේශයේ පවතින බෞද්ධ ධර්මය සෙසු ලෝකයාගෙන් සගවාගත් ඝන කඩතුරාවේ කොණක් ඔසවා එහි සත්‍ය තත්වය ලෝකයාට පෙන්වා දීමයි.
Rs 342.00
Rs 380.00
-10%

Ananada Maithreeya Mahanahimiyange Dina Satahan

ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ දිනපොත් වලින් හෙළිවන්නේ විශිෂ්ටයකුගේ පුද්ගලික ජීවිතයකි. බොහෝ දෙනාගේ පෞද්ගලික ජීවිතය යනු ලොවට අනාවරණය කළ නොහැකි එකකි. එහෙත් උන්වහන්සේගේ පෞද්ගලික ජීවිතය සගවා නොතැබිය යුතු, ලොවට අනාවරණය කළ යුතු වටිනා එකකි. මේ ශ්‍රේෂ්ඨ මහනාහිමියන් කෙතරම් ක‍්‍රමානුකූලව සිය ජීවිතය සැලසුම් කරගෙන තිබිණි ද යන්න අප හැමටම ආදර්ශවත් ය. මේ සටහන් කියවන තැනැත්තා උන්වහන්සේ සමග බලගතු ආදරයකින් බැදෙයි. 
Rs 900.00
Rs 1,000.00
-10%

Me Awasan Sirurai

රහතන් වහන්සේ සහ රහත් මෙහෙණින් වහන්සේ තුන්සිය තිස්හත් නමක සසර ගමන අවසන් කොට ලැබූ ප්‍රීතියේ පිටාර ගැලීමකි.දෙනගම සිරිවර්ධන නිර්වාණ අවබෝධය ලබාගත් ආකාරයත්, එයින් ලැබූ ප්‍රීතියත් පළකරමින්, රහතන් වහන්සේ දෙසිය සැට නමක සහ රහත් මෙහෙණින් වහන්සේ තෙසැත්තෑනමක පළ කළ උදාන සසර ජයගැනීමට මං පාදයි. දහම් මඟෙහි ගමන් කරන පිරිසට මේ උදාන ආලෝක ධාරා සපයයි. මහා රජවරුන්, වියත් බමුණන්, මහ සිටුවරුන්, කුල කතුන් මෙන් ම සැඩොල් කුල පීඩිතයෝ,ගණිකාවෝ,සිඟමනට වැටුණු අබල දුබල මහල්ලෝ පවා නිවන් සුව ලැබ මහත් ප්‍රීතියෙන් සිය උදාන පළ කරති. අපි ඒ හඬට සවන් දෙමු. ඒ අත්දැකීම්, අපේ ම අත්දැකීම් බවට පත් කැර ගනිමු.ඒ ප්‍රීතිය, සුවය අපි දු විඳ ගනිමු. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවට අයත් ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි සහ ථෙරි පාලි කෘතීන් ද භදත්තාචරිය ධම්මපාල මහා ස්ථවිරපාදයන් ලියූ තෙර ගාථා ථෙරි ගාථා අට්ඨ කතා කෘතීන් ද මේ පොත සඳහා උදව් කරගෙන ඇත.
Rs 585.00
Rs 650.00
-10%

Balangoda Maha Nahimi Sabadi Katha - 01

බළන්ගොඩ මහා නාහිමියන්ගේ සුවිශේෂී හැකියාවන්, ධ්‍යාන ශක්තිය හා භාවනා විධි ද මහා නාහිමියන්ගේ විශේෂ බණ දේශනා මෙන්ම උන්වහන්සේ සිය ගෝලයන්ට වදාළ ආදර්ශවත් කතා ද සතිපතා රිවිර පුවත්පතෙහි පළ විය. මේ එම ලිපි මාලාව ආශ‍්‍රයෙන් සම්පාදනය වූ සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 486.00
Rs 540.00
-10%

Maha Rahath Thera Apadana

කුතුහලයෙන් පිරුණු මහරහතන් වහන්සේලාගේ චරිතාපදාන සරල බසින් ඉදිරිපත් කල මෙම කෘතියට පාදක කරගෙන ඇත්තේ ත‍්‍රිපිටක, අටුවා ග‍්‍රන්ථ සහ බෞද්ධ කෘති රැසකි. ප‍්‍රකට මහරහතන් වහන්සේලාගේ මෙන්ම අප‍්‍රකට රහතන් වහන්සේලාගේ චරිතාපදාන රැසක් මෙහි අඩංගුය. 
Rs 270.00
Rs 300.00