Me Awasan Sirurai
රහතන් වහන්සේ සහ රහත් මෙහෙණින් වහන්සේ තුන්සිය තිස්හත් නමක සසර ගමන අවසන් කොට ලැබූ ප්‍රීතියේ පිටාර ගැලීමකි.දෙනගම සිරිවර්ධන නිර්වාණ අවබෝධය ලබාගත් ආකාරයත්, එයින් ලැබූ ප්‍රීතියත් පළකරමින්, රහතන් වහන්සේ දෙසිය සැට නමක සහ රහත් මෙහෙණින් වහන්සේ තෙසැත්තෑනමක පළ කළ උදාන සසර ජයගැනීමට මං පාදයි. දහම් මඟෙහි ගමන් කරන පිරිසට මේ උදාන ආලෝක ධාරා සපයයි. මහා රජවරුන්, වියත් බමුණන්, මහ සිටුවරුන්, කුල කතුන් මෙන් ම සැඩොල් කුල පීඩිතයෝ,ගණිකාවෝ,සිඟමනට වැටුණු අබල දුබල මහල්ලෝ පවා නිවන් සුව ලැබ මහත් ප්‍රීතියෙන් සිය උදාන පළ කරති. අපි ඒ හඬට සවන් දෙමු. ඒ අත්දැකීම්, අපේ ම අත්දැකීම් බවට පත් කැර ගනිමු.ඒ ප්‍රීතිය, සුවය අපි දු විඳ ගනිමු. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවට අයත් ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි සහ ථෙරි පාලි කෘතීන් ද භදත්තාචරිය ධම්මපාල මහා ස්ථවිරපාදයන් ලියූ තෙර ගාථා ථෙරි ගාථා අට්ඨ කතා කෘතීන් ද මේ පොත සඳහා උදව් කරගෙන ඇත.
Rs 650.00