Buddhism

Nawala Dharma Deshana - 01

මේ රටේ ජනප‍්‍රිය ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේලා විසින් වස් කාලය නිමවීමෙන් කරවන ලද ධර්ම දේශනා මාලාවක් ආශ‍්‍රයෙන් ලියැවුණු මෙම ධර්ම ග‍්‍රන්ථ ලොකු කුඩා භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම ඥාණය දියුණු කිරීමටත්, ධර්ම දේශනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් බෙහෙවින් වටිනා ග‍්‍රන්ථයන් වේ. මේ එහි පළමු වන කාණ්ඩයයි. 
Rs 400.00

Sathyodaya

 සත්‍යෝදය නම් වූ මෙම කුඩා ග‍්‍රන්ථය නිදහස් චින්තනයේ යතුර ලෙස හැදින්විය හැකිය. ඒ නිදහස්ව සිතීමට අවශ්‍ය පුහුණුව මෙම ග‍්‍රන්ථය තුළින් ලැබෙන බැවිනි. 
Rs 450.00
Out-of-Stock

Guwan Widuli Dharma Deshana

Out-of-Stock
බුදුරජාණන් වහන්සේ උපමාවක් මුල්කරගෙන එම උපමාවල නමින්ම හදුන්වන ලද සූත්‍ර දහයක් ආශ්‍රයෙන් පවත්වන ලද ගුවන් විදුලි ධර්ම දේශනා වල එකතුවකින් සැදුම්ලත් ග්‍රන්ථයකි. 

Maha Rahathun Wedi Maga Osse - 11

 මහ රහතුන් වැඩි මග ඔස්සේ - අතහැරීම 11 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ එකොළොස් වැන්නයි'
Rs 290.00

Preethimath Manasa

ප‍්‍රීතිමත් මනස නම් මේ කෘතිය සයාඩෝ ඌ පණ්ඩිත හිමියන්ගේ ධර්මඥාණයත්, භාවනා ඥාණයත් විග‍්‍රහ කරන සුවිශේෂ ග‍්‍රන්ථයකි. විමුක්තිය ලබා ගැනීමේ ශක්‍යතාව හැමදෙනා තුළම පවතින බව පෙන්වා දෙන උන්වහන්සේ ආවරණය වූ සත්‍යය දැකීමේ හැකියාව ඇති කරවන අංග සම්පූර්ණ භාවනා ක‍්‍රියාවලියක් මෙමගින් හදුන්වා  දී ඇත.
Rs 750.00

Maranaya Me Tharam Ma Sundarada

අජාන් බ්‍රහ්මවංසො හිමියන් විසින් ''One Life, Many Lives'' මැයෙන් පැවැත්වූ දේශනයේ සිංහල පරිවර්තනයයි. අප ජීවත්වන ලෝකයෙහි අපට මුහුණ පාන්නට සිදුවන බැරෑරුම්වූත්, තීරණාත්මකවූත්, අත්දැකීම් වූ මරණය පිළිබදව, බුදු දහමට අනුකූලව පැවැත්වූ මේ දේශනය මරණය කොතරම් විශ්මිත ද කොතරම් සුන්දර දැයි යන හැගීම අපතුළ ජනිත කරයි. මරණය පිළිබද බිය අප තුළින් අතුරුදහන් කරයි.
Rs 150.00

Maha Rahathun Wedi Maga Osse - Pin Sith Wadana Pansil Maluwa - 2

පන්සිල් මළුව 2 - සාකච්ඡා ස්වරූපයෙන් දෛනික ජීවිතයේදී බුදු දහම හා තදීය සංස්කෘතිකාංග පිළිබද මිනිස් සිතෙහි හටගන්නා ප‍්‍රශ්නාවලියකට පිළිතුරු වශයෙන් මෙම ගත සැකසී ඇත. පස්පවින් වැළකී සිල්වත් වීමේ වැදගත්කමල මෙත් වැඞීම හා එහි ආනිසංසල කුසලාකුසල ක‍්‍රියාකාරීත්වයල මලගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමල දේව සංකල්පය හා ලෝකයේ පහළ වීම මිනිසාගේ පහළ වීම හා විනාශය අන්තරාභව සංකල්පය මෙහිලා ප‍්‍රමුඛව සාකච්ඡුා කොට ඇත.
Rs 430.00

Maha Rahathun Wedi Maga Osse - 12

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අතහැරීම 12 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ දොළොස් වැන්නයි.
Rs 370.00
Out-of-Stock

Abhidharma Pitaka Saraya - 1

Out-of-Stock
අභිධර්ම පොත්වල සිංහල සන්නය හෝ සිංහලට පරිවර්තන අඩු බැවින් මෙම පොත අභිධර්මය ඉගෙන ගන්නන්ට අත්වැලකි. මෙහි අභිධර්ම පිටකයේ පොත් හතෙන් ධම්මසංගනිප්පකරණය/ විභංගප්පකරණය/ ධාතු කථා ප‍්‍රකරණය/ පුග්ගල පඤ්ඤප්තිකරණය/ කථා වස්තු ප‍්‍රකරණය යන කොටස් අන්තර්ගත ව ඇත.
Out-of-Stock

Abhidharma Pitaka Saraya - 2

Out-of-Stock
අභිධර්ම පොත්වල සිංහල සන්නය හෝ සිංහලට පරිවර්තන අඩු බැවින් මෙම පොත අභිධර්මය ඉගෙන ගන්නන්ට අත්වැලකි. මෙහි අභිධර්ම පිටකයේ පොත් හතෙන් යමකප්පකරණය/ පට්ඨානප්පකරණය යන කොටස් අන්තර්ගතව ඇත. 
Out-of-Stock

Sakwala Dakma Saha Babhalowa Gamana

Out-of-Stock
සක්වල දැක්ම සහ බඹලොව ගමන මාතෘකාව යටතේ මහා තෙරුන් තිදෙනෙකුගේ ලේඛන මගින් හා අනුශාසනා මඟින් සම්පාදිත මෙම කෘතිය, සැදැහැති පාඨක සැමට අපූර්ව රසවත් කියවීමකට මඟ පාදනු ඇත.
Out-of-Stock

Duruthu Mahe Daham Suwadha - 1

Out-of-Stock
දුරුතු මහේ දහම් සුවඳ - 1 - බෝරැල්ලේ කෝවිද හිමියන් විසින් වාර්ෂිකව සංවිධානය කල දුරුතු මහේ දහම් සුවඳ බණ මාලාවට වැඩම කොට ධර්ම දේශනා පැවැත් වූ අපේ රටේ කීර්තිමත්ව වැඩ විසූ අතිගරු නායක ස්වාමීන් වහන්සේලා තිස්නමකගේ ධර්ම දේශනා තිහක් එකතුකොට සම්පාදනය කරනු ලැබූ සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි.  

Pansil Maluwa 5

 පන්සිල් මළුව 5 - 2015 සැප්තැම්බර් සිට 2016 ජනවාරි මස දක්වා ගුවන් විදුලියේ ප්‍රචාරය වූ පන්සිල් මළුව වැඩසටහන් කීපයකදී අසනලද පැණයන්ට රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් ලබාදුන් දහම් පිළිතුරු වලින් පින් සිත් වඩන පන්සිල් මළුව 05 සංගෘහිතය.
Rs 460.00

Manoranjanee Sinhala Dhammapadaya

බුදුන් වහන්සේ විසින් දේශිත ශ‍්‍රී සද්ධර්මයෙහි සාරය ඇතුළත් ධම්මපදය අත්ශයින් ශ්‍රේෂ්ඨ කෘතියකි. ජනතාවට එදිනෙදා ජීවිතය අරුත්බර කර ගැනීමටත්, ගුණ නුවණ වඩවා ගැනුමටත් ඉවහල් වන මඟපෙන්වීමකි. තවත් අතෙකින් භික්ෂූන් වහන්සේලාට දම් දෙසුම් උදෙසා තේමා තෝරාගත හැකි සදහම් ආකාරයකි. ධම්මපදයේ හරය විශ්වයටම පොදුය. අකාලිකය.
Rs 750.00

Dhammapadaya (BPS)

බෞද්ධයාගේ හස්තසාර දහම්පද වැල ධම්මපදයයි. එම නිසාම මෙය වැදගත් මූලාශ‍්‍රයක් ලෙස නිතර පරිහරණය කිරීම බොහෝ වැඩදායකය. 
Rs 400.00

Dhammapadaya - Sinhala Anuwadaya Sahitha

ධම්මපදය - සිංහල අනුවාදය සහිත - සමෘද්ධිමත් රටක යථාර්ථය පැහැදිලි කරන දීඝනිකායේ චක්කවත්තී සීහනාද සූත‍්‍රයෙන් පාලකයකුගේ මනා ගුණාංග හා ධාර්මිකව රට පාලනය කළ යුතු ආකාරය මොනවට පැහැදිලි කරයි. එම චක්කවත්තී සීහනාද සූත‍්‍රයද, සිංහල අනුවාදය සහ වටිනා ගැටපද විවරණයක් ද මෙම කෘතියට ඇතුළත් ය. ගිහි පැවිදි කාටත් පොදු වටිනාකමක් ඇති අගනා ග‍්‍රන්ථයකි. පැරණි රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රතිපත්ති වර්තමානයට කොතෙක් දුරට ගැළපේදැයි පරීක්ෂාකර බලන්න. 
Rs 550.00

Sinhala Artha Sahitha Dhammapadaya

බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා පහසු මිළට ඇත.
Rs 650.00
Out-of-Stock

Dhammapada Wanarathna Wyakya - 1-5

Out-of-Stock
ධම්මපද වනරතන ව්‍යාක්‍යා පළමු කාණ්ඩය 1-5 වර්ග - පිරිවෙන් අධ්‍යාපනය සඳහා නියමිත පළමු කාණ්ඩය වශයෙන් සැලකෙන මෙම පොතට යමක වර්ගය, අප්පමාද වර්ගය, චිත්ත වර්ගය, පුප්ඵ වර්ගය, බාල වර්ගය, ඇතුළත් කර තිබේ. පෙළ, සන්නය, පරිකථා, වියරණ සහ නිදාන කථා වලින් යුතුව ශිෂ්‍යයන්ගේ පරිශීලනය සඳහා ම සැකසුණකි. ධම්මපදය එදිනෙදා ජීවිතයට උපදෙස් ලබාදෙන උපදේශ ග‍්‍රන්ථයක් බැවින් එය කාගේත් පරිශීලනය සඳහා සුදුසු ග‍්‍රන්ථයකි. 

Dhammapada Pradeepaya

බුදු පියාණන් වහන්සේගේ කරුණා සලිල දහරින් සිනිදු වූ ප‍්‍රඥා ලෝකයෙන්  ප‍්‍රභාවත් වූ ධර්ම මාර්ගය හැ`දින ගනු කැමති හැමදෙනාගේ කන් සිත් නළවන, ජීවනය පොබයන, චරිතය හොබවන ධම්මපදය විවරණ සහිතව මෙසේ බොදු දන වෙත සමර්පණය කෙරෙයි. 
Rs 1,100.00
Out-of-Stock

Katha Wasthu Sahitha Sampurna Dhammapadaya

Out-of-Stock
මෙළොව ජීවිතය ගත කළ හැකි ශ්‍රේෂ්ඨ චර්යාත්මක ප්‍රතිපදා මාලාවක් මේ තුළ අන්තර්ගත වේ. සදහම් දැනුම ඇති පාඨකයාට ධම්මපදය කියවීමෙන් තවදුරටත් ත්‍රිපිටක සාහිත්‍ය ගවේෂණය කිරීමේ ආශාවක් මේ තුළින් උදා වේ. 
Out-of-Stock

Dhammapada Wanarathna Wyakya - Deweani Kandaya - 6-10 Warg

Out-of-Stock
ධම්මපද වනරත්න ව්‍යාඛ්‍යා දෙවෙනි කාණ්ඩය 6-10 වර්ග - මිනිසාට ප‍්‍රයෝජනවත් වන යම්කිසි ගාථාවක් ඉදිරිපත් කර එහි නිදාන කථාව ද දැක්වීම ධම්මපදයේ සාමාන්‍ය ලක්‍ෂණයයි. ඒ අනුව මෙම පොතේ ද පණ්ඩිත වර්ගය, අරහන්ත වර්ගය, සහස්ස වර්ගය, පාප වර්ගය, දණ්ඩ වර්ගය යන වර්ගවලට අයත් ගාථා සහ නිදාන කථා ද දැක්වේ. මීට අමතර ව ශිෂ්‍යයන්ගේ ප‍්‍රයෝජනය සඳහා පෙළ, සන්නය, පරිකථාවලට අමතර ව පද ගතාර්ථ සහ වියරණ ද ඇතුළත් කොට තිබේ. 

Dhammapada Wanarathna Wyakya - Thunwani Kandaya - 11-18 Warga

ධම්මපදයේ මෙම තුන්වන කොටසට අයත් වන ජරා වර්ගය, ආත්ම වර්ගය, ලෝක වර්ගය, බුද්ධ වර්ගය, සුඛ වර්ගය, ප‍්‍රිය වර්ගය, ක්‍රොධ වර්ගය, මල වර්ගය යන වර්ගයන් සඳහා වූ පෙළ, සන්නය, පරිකථා, වියරණ සහ නිදාන කථා, ඇතුළත් කරමින් මෙම පොත සැකසී ඇත. විශේෂයෙන් පිරිවෙන් පන්ති සඳහා නියමිත ග‍්‍රන්‍ථයකි. 
Rs 285.00

Dhammapada Wanarathna Wyakya Siuwana Kandaya - 19-26 Warga

 ‘‘ධම්මපදය’’ ජාති, කුල, ආගම් භේදයකින් තොර ව  ඕනෑ ම පුද්ගලයෙකුට තමනගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා උපදෙස් ලබාගත හැකි පොතකි. කාලයට ගැළපෙන ග‍්‍රන්ථයක් වූ මෙය දැනට ලෝකයේ විවිධ භාෂාවන් පනහකට වැඩි ප‍්‍රමාණයකට පරිවර්තනය වී තිබේ. ලෝකයේ ම විශිෂ්ටතම කෘතියක් වශයෙන් සැලකෙන මෙය නිවසට ද සිතුමිණකි. පෙළ, සන්න, පරිකථා, වියරණ, නිදාන කථා සහිතය. 
Rs 1,300.00

Dhammapada Wiwaranaya

බුදුන් වහන්සේ විසින් සත්ත්වයාගේ හිත සුව පිණිස දේශනා කරන ලද සියලූ ධර්මයන් ධම්ම පදයෙහි කැටිකොට ඇත. එහි හැම වගන්තියකින් ම උගන්වන්නේ මිනිසාගේ පරලොව සුගතියටත් ඉවහල් වන කරුණුය. බෞද්ධයන් යටත් පිරිසෙයින් දිනකට ධම්ම පදයෙහි එක් ගාථාවක් අර්ථත් සමග ඉගෙන ගන්නේ නම් වඩා යහපත් සමාජයක් ගොඩ නැංවිය හැකිය. 
Rs 2,500.00

Dhammapada Paliya saha Sinhala Dhammapadaya

හෛන්දවයනට භගවත් ගීතාව යම්සේද බෞද්ධයනට ධම්මපදයත් එසේමැයි බොහෝ දෙනාගේ පිළිගැනීමයි. අර්ථ සලකමින් මෙහි ගාථා නිතර සජ්ඣායනා කරන තැනැත්තා කලෙකදී ධර්මය අතින් හොද වැටැහුමක් ඇති ශ්‍රද්ධා බුද්ධි සම්පන්නයෙක් වෙයි. 
Rs 620.00

Dhammapada Samajaya - 1

ධම්මපද සමාජය-1 - බුදුන් වහන්සේගේ ධර්මාවාද රැසක් අඩංගුවන ධම්ම පදය ඇසුරෙන් පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමියන් සමඟ හේමමාලා රන්දුනු විසින් කරන ලද සාකච්ඡා තුළින් රචිත බුදුසරණ පුවත්පතේ පළවූ ලිපි පෙළක එකතුවකි ධම්මපද සමාජය
Rs 250.00

Pattana Maha Prakarana Sannaya

බුදුන් වහන්සේ හේතුඵල දේශනය සිදු කර ඇත්තේ එක් ක්‍රමයකට නොව ක්‍රම තුනකිනි. එනම් ආර්ය සත්‍යය ක්‍රමය, පටිච්ච සමුප්පාද ක්‍රමය සහ පට්ඨාන ක්‍රමය යනුවෙනි.  එලෙසම පටිච්ච සමුප්පදාය තුළ ද දොළොස් ආකාර වූ හේතුඵලයන් දක්වා ඇත. එහෙත් ඒ කිසි තැනක තෘෂ්ණාව ආදි ධර්‍ම ඵලයට හේතුවන සැටි විනා එලෙස හේතුවන්නේ ඇයි දැයි විස්තර කර නොමැත. නමුත් පට්ඨාන ප්‍රකරණය යනු එලෙස කුඩා ධර්‍ම කොටසක නොනැවතී සිට සෑම හේතුඵල ධර්‍මයන් පිළිබඳව ම බුදුරදුන් කර ඇති දේශනාවයි. මෙය හුදෙක් තවත් ග්‍රන්ථයක් නොව මෙය ඉතා ගැඹුරු වූ ද විශාල වූ ද ධර්‍ම කොටස් නොයෙක් ක්‍රම මගින් විස්තර කොට ඇති හේතුඵල දේශනයයි. එබැවින් නුවණැත්තන් කියවා අවබෝධ කර ගත යුතු ග්‍රන්ථයක් වන මෙම පට්ඨාන ප්‍රකරණ ග්‍රන්ථය  ඉතා ගැඹුරු වූ අර්ථ ඇති බැවින් අවබෝධයෙන් යුක්තවම කියවීම ඉතා වැදගත්ය.මක්නිසාද යත් මෙය එකී පට්ඨාන ප්‍රකරණ පාලි ග්‍රන්ථයට නිර්මාණය කරන ලද සිංහල අනුවාදය බැවිනි.
Rs 1,880.00

Sasanawatharanaya

වර්තමානයේ පැවිදි භූමියට ඇතුළත් වන්නවුන් ඉතා අල්පය. එලෙස අල්ප වූ පිරිසගෙන් ද මෙම පැවිදි දිවිය දිවි ඇතිතෙක් ගත කරන්නෝ ද සීමිතය.  එයට ප්‍රධාන හේතුව වන්නේ පැවිදි ජීවිතයේ ඇති වටිනාකම අවබෝධ කර නො ගැනීමයි. ඒ සඳහා සුදුසු ගුරූපදේශයන් නො ලැබීමයි. ශාසනාවතරණය නම් වූ මෙම ග්‍රන්ථය මගින් පැවිදි වන්නට බලාපොරොත්තු වන්නන්ට ද පැවිදිව ජීවිතය ගත කරන කුඩා සාමණේර භික්ෂුවගේ සිට වැඩිහිටි භික්ෂූන් දක්වාම පැවිදි දිවියේ ඇති වටිනාකම මනාව පැහැදිලි කර දෙයි. පැවිදි දිවිය පිළිබඳ අවබෝධය වැඩි වන්නට වැඩි වන්නට මෙම එහි ඇල්ම ඇති කොට ගෙන වැඩ කටයුතු කෙරෙයි. එහෙයින් මේ ග්‍රන්ථය හැකි සෑම අවස්ථාවකම ගිහි දායක පක්ෂය විසින් සෑම භික්ෂූන් වහන්සේ නමක් වෙතම පූජා කිරීමට උත්සාහ කිරීම ඉතා පින් වැඩෙන පින් කමකි.
Rs 700.00

Shasanavataranaya

What is the purpose of becoming a bhikkhu? How should one get about being a bhikkhu? What are the rituals and meditations which one should observe as a bhikkhu? How should a bhikkhu prepare his robes and behave when accepting alms? – The learned thera explains all, which has been translated into lucid English by D.J. Percy Silva. It is a handbook to be cherished by all the bhikkhus in the Theravada tradition.
Rs 415.00

Dimensions Of Buddhist Thought

This book comprises Francis Story’s contributions to the two serial publications The Wheel and Bodhi Leaves, which belong to his best and most mature writing. With its rich and variegated contents, this book may well serve as an introduction to the Buddha's teachings.
The Buddha once said that his Teaching has only one taste, that of liberation. Yet, being a Teaching of Actuality, Buddhism has also dimensions extending to wide fields of human life and thought. Some of them are mirrored in the essays of this volume. These wide-ranging and penetrative writings offer, therefore, many stimulating approaches to Buddhist thought and its application to problems of our time.
Rs 575.00

Facets Of Buddhist Thought Collected Essays

K.N. Jayatilleke was one of the best-known Buddhist scholars in Asia. This book presents a brilliant account of of Theravada Buddhism and embraces a wide variety of themes ranging from the birth of Buddhism to the Buddha’s prophetic teachings regarding the future of mankind.....
Rs 700.00

Being Nobody Going Nowhere

This popular book explains in simple and accessible language the fundamentals of meditation practice; by the well-known German nun. “This jewel of a book is full of sound practical advice for treading the Buddha's way.” (The Middle Way)
Rs 300.00