Out-of-Stock Dekinda Arova Out-of-Stock දෙකිඳ අරෝව - ආදරය, සෙනෙහස, අවංක බව, පරාර්ථකාමී බව මෙන්ම, ඒවායේ ප්‍රතිෂේධනාත්මක වචනවලින් හැඳින්වෙන මානවවේදිතයන් ඕනෑම යුගයක, ඕනෑම සමාජයක අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන ප්‍රපංචයෝ වෙති. එහෙත් ඇතැම් සමාජවල ජනිත වූ ඒ ඒ සංස්කෘතීන්වලින් ඉක්මවනු ලැබූ ඒවායේ ක්‍රියාකාරීත්වයන් බොහෝ දුරට සමාජයට හිතකර ආකාරයට බද්ධ වී තිබේ. මෙම කතාවට පාදක වූ දඹදෙණි රාජ්‍ය යුගයේ පැවැති සමාජ පද්ධතිය බෞද්ධ සස්කෘතිය විසින් මෙහෙයවන ලද්දා වූ එකක් වූ බැවින් එකල ජීවත් වූ මානවක මානවිකාවන් තුළ යට කී වේදිතයන් බලපෑවේ ද ඒ පුරුෂාර්ථ පාදක කොට ගෙනය. එහෙත් ඔවුන්ට හැම විටකම යම් යම් අනවශ්‍ය බැඳීම්වලින් සිර වී සිටීමට නම් හැකි වූයේ නැත. ඔවුන් තුළ වූ ඒ අසමසම සෙනෙහස හා ආදරය විසින් ඒ වැට කඩුලු පුපුරවා හරිනු ලැබීය. මේ කතාවෙන් එළිදැක්වෙන්නේ ඒ අසීරු ගමනක ඔවුන් යෙදුනු ආකාරයයි. Rs 500.00 Details View details
Dineka Kusinarave දිනෙක කුසිනාරාවේ - මේ අපූර්ව නවකතාවට පසුබිම් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ අසූ වියැතිව පරිනිර්වාණාභිමුඛව ගෙවූ ජීවිත සමයයි. කෘතියේ ප්‍රධාන කථකයා වෙමින් එම යුගය විවරණය කර දක්වන්නේ අග්‍ර උපස්ථායක, ධර්ම භාණ්ඩාගාරික අනඳ මහ තෙරිඳුන් විසිනි. මෙය පහන් සංවේගය දනවයි. සැදැහැ බැතිසිත් ඇත්තන්ගේ නෙතට කඳුළක් ගෙන එයි. භද්‍රජි මහින්ද ජයතිලක මේ සඳහා අශ්‍රය භූමි කොට ගෙන ඇත්තේ දීඝනිකායේ මහා පරිනිබ්බාණ සූත්‍රයයි. Rs 1,230.00 Add to cart Buy
Senkadagala Maha Biso සෙංකඩගල මහා බිසෝ - බුද්ධියට මෙන් ම හදවතට ද එක සේ ආමන්ත්‍රණය කරන මෙම නවකතාව තුළින් මතු වන්නේ ඉතිහාසයේ සැඟව ගිය කුසුමාසන දේවියගේ සංවේදී චරිතයේ ගති සොබාවයි. Rs 1,350.00 Add to cart Buy
Out-of-Stock Dayata Ratata Divi Kapa Kala Wihara Maha Devi Out-of-Stock දැයට රටට දිවි කැප කළ විහාර මහා දේවී - කාවන්තිස්ස රජතුමා හා විහාර දේවිය විවාහ අභිෂේකයෙන් පසු රජරට ජය ගැනීම තෙක් තම පුත් දුටුගැමුණු කුමාරයා ඇතුළු සේනාංක හැසිරවීමට උපදෙස් ලැබෙන්නේ ඇයගෙනි. ආත්ම ධෛර්‍යය, ආත්ම ගෞරවය, ආත්ම විශ්වාසය හා අන්තර්‍යානික අවබෝධයකින් යුක්තව රටත් රජුත් මහානීයත්වයට මෙහෙය වූ රජ බිසවකගේ හා රාජ මාතාවකගේ කතාව ඔබට මෙයින් කියවිය හැකිය. Rs 750.00 Details View details
Ayirangini අයිරාංගිනි - මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියූ තුන්වැනි නවකථාව වන අයිරාංගිනී 1923 දී පළවිය. සමකාලීන නවකථාවල පිළිබිඹු වූ ඒකාකාර දෘෂ්ටියෙන් තරමක් මිදී ඇති මේ නවකතාව ඛේදවාචකයකින් අවසන් වේ. 20 වැනි සියවසේ මුල් භාගයේ ශ්‍රී ලාංකික සමාජ සිරිත් විරිත් හා මනුෂ්‍ය ස්වභාවයන්හි පිළිබිඹුවක් මේ නවකථාව තුළ දැක්ක හැකිය. Rs 400.00 Add to cart Buy
Balakotu Saha Navka බලකොටු සහ නෞකා - බුද්ධ වර්ෂ 2048 ඉල් මාසයේ හෙළ දීපයේ දකුණු දිසාවට හමා එන වියරු කුණාටුවක් අප රට මුළු ඉතිහාසයම වෙනස් කරනා බව සැබවින්ම දැන සිටියේ කීයෙන් කී දෙනාද ? මෙය ක්‍රිස්තු වර්ෂ 1505 බව සිංහලයින් හඳුනාගන්නේ එයින් පසුවයි. දකුණුකරයේ වෙරළබඩ ජීවත් වෙන දස හැවිරිදි හේතුගේ ජීවිතයත්, අනෙක් හැම ජීවිතයක් සේම වෙනස් වෙයි. පෘතුගීසින්ට අයත් "මරියා එලේනා" නෞකාවේ සේවය කරන දස හැවිරිදි ජුවාන්ගේ ජීවිතය වෙනස් වන්නේ ද එදිනමයි. මේ ජීවිත දෙකට යාවන්නේ කෝට්ටේ බෞද්ධ විහාරයක වෙසෙන රාහුල නම් සාමනේර නමක්. මේ චරිත ත්‍රිත්වයේ දෛවයන් ඔවුන් මුණගස්වන්නේ අපූර්ව ආකාරයකට ; වරින් වර ඔවුන් තිදෙනාගේ සිතුවිලි සේම, ජීවිතයේ යථාර්තය පිළිබඳ අවබෝධය ද වෙනස්වන්නේ මේ මුණගැස්වීම් තුළින්. දෙවියන් සහ මනුෂ්‍යත්වය පිළිබඳව ඔවුන් එකිනෙකා දකින්නේ වෙනස්ම ආකාරයෙන්. 'බලකොටු හා නෞකා' අලුත්ම මාදිලියේ නවකතාවකි. Rs 800.00 Add to cart Buy
Amavassa අමාවැස්ස - බුදුරජාණන් වහන්සේ ගේ අසමසම පඥා මහිමය කරුණාව, දයාව, මුදිතාව, උපේක්ෂාව හා ලෝක සත්ත්වයා කෙරෙහි අනන්ත කැපවීම නිරූපණය කෙරෙමින් උන්වහන්සේ කෙරෙහි පවත්නා භක්තිය සිය දහස් වරකින් ඔප් නංවන, සමාධි සුව සිසිල දනවන මෑත යුගයේ බෞද්ධ සාහිත්‍යයට එක් වූ විශිෂ්ටතම කෘතියකි. Rs 800.00 Add to cart Buy
Yashodhara -Nelum Male Kumariya යශෝධරා - නෙළුම් මලේ කුමරිය - සිද්ධාර්ථ - යශෝධරා ප්‍රේම වෘතාන්තය චිත්තාකර්ෂණීය වන්නා සේ ම, එය සමස්ත මනුෂ්‍ය වර්ගයා ගේ ආධ්‍යාත්මික විමුක්තිය අරබයා කැප වූ මනුෂ්‍යයන් දෙ දෙනෙකු පිළිබඳව වෘතාන්තයක් ද වන්නේ ය. පුරාණ දඹදිව විසූ රජ කුමරියක්, තමා පෙම් බැඳි රජ කුමරා, ආත්ම විමුක්තිය සොයා යන ගමනක යෙදෙනු පිණිස පාරමිතාපූරිතව සිටින බව වටහා ගනියි. ඔහු ඇය හැර දමා උත්තම මාර්ගයට ප්‍රවේශ වෙයි. ධෛර්‍යසම්පන්න ව ජීවිතයට මුහුණ දෙන කුමරිය ද තමාට අනන්‍ය වූ මාර්ගයක ගමන් අරඹයි. ථෙරවාද හා මහායාන මූලාශ්‍ර ද, ජනප්‍රවාදය ද ඇසුරු කොට ගෙන, අලංකාරවාදී අත්භූත රීතියෙන් බැහැර ව, යථාර්ත රීතියෙහි පිහිටා, සිද්ධාර්ථ - යශෝධරා චරිත දෙක ප්‍රතිනිර්මාණය කරන විලියම් ඊ. බැරට් කතුවරයා, ඒ සඳහා තමා කළ පර්‍යේෂණය ඇසුරින්, බුදු දහම, හින්දු දහම හා ඉන්දියාව පිළිබඳ ව ලියැවුණු වෙළුම් 430ක් ඇතුළත් පුස්තකාලයක් ගොඩනැඟුණු බව ද, බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වූ ආනන්ද කුමාරස්වාමි ගේ අනුග්‍රහය මේ නිර්මාණ කාර්‍යයෙහි දී තමාට ලැබුණු බව ද සඳහන් කරයි. Rs 1,900.00 Add to cart Buy
Out-of-Stock Sasankara Out-of-Stock සසංකාර - සංස්කාරයන් සහිතව සත්‍යය සොයමින් කාලාත්‍රයේ සංචාරය කරන රූප පරම්පරාව පිළිබඳ කතාව "සසංකාර" ලියැවී ඇත්තේ රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ සාහිත්‍ය සහ බෞද්ධ සාහිත්‍ය සම්මාන හරහා ඇගැයුමට ලක්වූ ප්‍රවීණ ලේඛක කුමාර සිරිවර්ධන අතිනි. Rs 1,400.00 Details View details