History of Sri Lanka

-10%Out-of-Stock

Eelam Exposed

Out-of-Stock
Eelam Exposed - is a gripping exposé that delves into the complex history, politics, and human rights issues surrounding the struggle for Tamil Eelam in Sri Lanka. Through meticulous research and firsthand accounts, the book unveils the hidden truths and untold stories behind one of the world's most protracted and controversial conflicts. From the roots of Tamil nationalism to the atrocities committed during the civil war, "Eelam Exposed" sheds light on the multifaceted dynamics that have shaped the struggle for self-determination in Sri Lanka. This compelling narrative offers readers a comprehensive understanding of the conflict and its enduring impact on the people of Sri Lanka.
Rs 2,880.00
Rs 3,200.00
-10%

Sri Lankawe Badu Puranaya

"ශ්‍රී ලංකාවේ බදු පුරාණය" මෙම කෘතිය පී. චන්ද්‍රරත්න මහතා විසින් රචනා කර ඇති අතර ලංකා ඉතිහාසය අධ්‍යයනයේදී බදු පිලිබද විවිධ කතිකාවන් ඇතත් නිශ්චිතව ඉදිරිපත් කිරීමට තරම් හැකියාවක් නොපවතින සමයක බදු සංකල්පය වර්ථමානයේ පුලුල් සමාජ කතිකාවකට මග පාදා ඇත. 
Rs 690.30
Rs 767.00
-10%Out-of-Stock

Sinhale Rajavanshaya

Out-of-Stock
'සිංහලේ රාජවංශය' නැමති මෙම කෘතිය නෝමන් සිරිපාල මහතා විසින් රචනා කර ඇති අතර එතෙක් මෙතෙක් ලාංකීය ඉතිහාසය තුල සිංහලේ රජ වරු පිළිබදව ලියවුනු සාර්ථකම කෘතියක් ලෙස හැදින්විය හැකිය. 
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock

Sinhala Kula Kramaya

Out-of-Stock
'සිංහල කුල ක්‍රමය' මෙම ග්‍රන්ථය ආචාර්ය සේපාලී මායාදුන්නේ මහත්මිය විසින් රචිත අතර ලංකාවේ පුරාතණ කාලයේ සිට පැවත ආ කුල ක්‍රමය පිළිබද සියලුම විස්තර මෙහි ඇතුලත් වන අතර කෂත්‍රිය,බ්‍රාහ්මණ, වෛශය, ශුද්‍ර යන චතුර් වර්ණ කුළ ක්‍රමයක් ඒ වන විට  භාරතයේ පැවති අතර. බොහෝ විට භාරතය අනුකරණය කළ මෙරට එසේ වු කුල ක්‍රමයක් පුරාතන අනුරාධපුර රාජධානියේ පැවති බවට සාධක නැතත්. සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ සමගින් අටලොස් කුලයක ජනතාව මෙරටට පැමිණි බවක් වංශකථාවල සදහන් වන අතර එම කුල මහාබෝධි සත්කාරය සදහා පමණක් පැවතියේ යැයි ජනප්‍රවාද වල සදහන් වේ.
මේ ග්‍රන්ථය අධ්‍යයන තුළින් කුල ක්‍රමයේ වර්ධනය ක්‍රමිකව  දඹදෙනි රාජධානි යුගයේ සිට කුරුණෑගල, ගම්පොළ ඔස්සේ සෙංකඩගල රාජධානිය දක්වා පැමිණ විකාශනය වූ ආකාරය ඉතා පැහැදිලි සහ නිරවුල් ලෙස අධ්‍යයන කළ හැකිය. 
Rs 990.00
Rs 1,100.00
-10%

Sri Lankeya Paula Ha Wivahaya

'ශ්‍රී ලාංකේය පවුල හා විවාහය' මෙම කෘතිය ස්වර්ණකලාප්‍රදීප දර්ශනපති උඩුගම මෝහාන් නන්දන නානායක්කාර මහතා විසින් රචිත අතර ශ්‍රී ලාංකේය සමාජයේ ඈත අතීතයේ සිට පවුල විකාශනය වු අකාරය පිළිබදවත්, විවාහය පිළිබදවත් ඉතා වැදගත් කරුණු රැසක් මෙම කෘතිය තුළ අන්තර් ගත වේ.
Rs 180.00
Rs 200.00
-10%

Vaitulya Hatane

'වෛතුල්‍ය හටනෙ' යන මෙම කෘතිය මගින් 19 වන සියවසේ අවසාන භාගයේ මෙරට ක්‍රියාත්මක වූ බෞද්ධ නිකාය අතර විවිධ විනය ප්‍රඥප්ති මෙන් ම ඇතැම් ව්‍යවහාර ද අරභයා ඇති වූ මත ගැටුම් පිළිබදව සවිස්තරාත්මක විග්‍රහයක් කෙරෙන අතර භික්ෂුන් අතර මෙන්ම ගිහි  ජනයා අතර ද සත්‍ය ධර්මය හා න්‍යායානුකූල ව්‍යවහාර කුමක්ද යන්න පිළිබද ශාස්ත්‍රීය සංවාදයක් ඇති වූ කාල වකවානුවක් විය. 
Rs 225.00
Rs 250.00
-10%

Gee Madu Puranaya

ලාංකේය දේව ඇදහිලි පද්ධතියේ ශක්තිමත්ම කාන්තා දේවතාවිය සත් පත්තිනි මැණියන්ය. සිය විදේශිය අන්‍යයතාව, දේශසීමා පසෙකලා දේශියකරණයට පත්වීමට තරම් භාගයවත් වුයේ පතිවතාව නම් ප්‍රබල ආසියානු මෙවලම ඇය සියතට ගත් නිසාවෙනි. රමිත් චන්ද්‍රසේකර නම් නූතන පරපුරේ රචකයා විසින් රචිත 'ගී මඩු පුරාණය' නම් පර්යේක්ෂන ග්‍රන්ථයෙන් අධ්‍යනය කරනුයේ ප්‍රධානම පන්තිස් කෝල්මුර සාහිතයට අයත් මඩු පුර පදයවලියේ අන්තර්ගත කරුණු පිලිබදවය.
Rs 714.42
Rs 793.80
-10%Out-of-Stock

Muni Dalada

Out-of-Stock
මුනි දළදා, ශ්‍රී ලාංකේය දේශපාලනයේ දළදා භූමිකාව 310-2023, ආචාර්ය ධර්මරත්න හේරත් මහතා විසින් රචනා කොට 2022 වර්ෂයේ දී පළකරන ලද 'Tooth Relic of the Buddha A Relic in Sri Lanka Politics' යන ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. දැනට මහනුවර ශ්‍රී දළදා මාලිගයෙහි වැඩ වසමින් සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනයට පාත්‍ර වන ශ්‍රී වාම දංෂ්ට්‍රා ධාතුන් වහන්සේ, ශ්‍රී ලාංකේය රාජ්‍යත්වය ස්ථාපිත කරමින් හා ආරක්ෂා කරමින් ලක්දිව දේශපාලන හා ආගමික ක්ෂේත්‍රයන්හි අති ගෞරවාර්හ පූජ්‍ය වස්තුව බවට පත්වූ ආකාරය විදහා දැක්වීම මෙම ග්‍රන්ථයේ මූලික අධ්‍යාශය වේ.
Rs 3,600.00
Rs 4,000.00
-10%Out-of-Stock

Sadhathuka Prathima

Out-of-Stock
'සධාතුක ප්‍රතිමා' නම් මෙම කෘතිය ලාංකේය සධාතුක ප්‍රතිමා සම්බන්ධයෙන් ලියැවෙන පළමු ශාස්ත්‍රීය ලේඛනය වන අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඉෂංඛ මල්සිරි මහතා විසින් රචනා කරන ලද කෘතියකි. 
Rs 1,440.00
Rs 1,600.00
-10%

APE PRAVADA

සිය ප්‍රථම උපාධිය සඳහා ලංකා විශ්ව විද්‍යාලයෙහි ගණිතය ද ආචාර්ය උපාධිය සඳහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙහි තාරකා භෞතික විද්‍යාව ද හදාළ නලින් ද සිල්වා මහතා සිය සමාජ ශාස්ත්‍රීය දිවිය ඇරැඹුවේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු හා මාක්ස්-ට්‍රොස්ට්ස්වාදි න්‍යායාචාර්යවරයකු ලෙස ය. ලංකා සම සමාජ පක්ෂයෙහි ප්‍රබල ක්‍රියාකාරිකයකු ද නව සම සමාජ පක්ෂය ඇරැඹීමෙහි මූලික වූවකු ද වන ඔහු අසුව දශකය මුල දී ඒ පක්ෂයෙන් ඉල්ලා අස්වෙමින් ලියූ ලිපිය 'මාක්ස්වාදය විද්‍යාත්මක ද?' යනුවෙන් සමාජ සංවාදයකට මුල් විය. විද්‍යාව මත පදනම් ව මාක්ස්වාදය ප්‍රශ්න කිරීමෙන් ඇරැඹුණු මේ සංවාදය, විද්‍යාවේ දර්ශනය විෂය ක්ෂේත්‍රය කරගනිමින් ක්‍රමයෙන් විද්‍යාව හා බටහිර දැනුම ප්‍රශ්න කරන්නක් බවට වර්ධනය වී ය. මාක්ස්වාදය හා විද්‍යාව සම්බන්ධයෙන් කෙරුණු මේ න්‍යායාත්මක ප්‍රශ්න කිරීමේ ජාතික චින්තන සංවාදයේ දාර්ශනික පදනම සැකසීමෙහි ලා මූලික විය. 
Rs 1,071.00
Rs 1,190.00
-10%

APE PRAVADA - 2

සිය ප්‍රථම උපාධිය සඳහා ලංකා විශ්ව විද්‍යාලයෙහි ගණිතය ද ආචාර්ය උපාධිය සඳහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙහි තාරකා භෞතික විද්‍යාව ද හදාළ නලින් ද සිල්වා මහතා සිය සමාජ ශාස්ත්‍රීය දිවිය ඇරැඹුවේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු හා මාක්ස්-ට්‍රොස්ට්ස්වාදි න්‍යායාචාර්යවරයකු ලෙස ය. ලංකා සම සමාජ පක්ෂයෙහි ප්‍රබල ක්‍රියාකාරිකයකු ද නව සම සමාජ පක්ෂය ඇරැඹීමෙහි මූලික වූවකු ද වන ඔහු අසුව දශකය මුල දී ඒ පක්ෂයෙන් ඉල්ලා අස්වෙමින් ලියූ ලිපිය 'මාක්ස්වාදය විද්‍යාත්මක ද?' යනුවෙන් සමාජ සංවාදයකට මුල් විය. විද්‍යාව මත පදනම් ව මාක්ස්වාදය ප්‍රශ්න කිරීමෙන් ඇරැඹුණු මේ සංවාදය, විද්‍යාවේ දර්ශනය විෂය ක්ෂේත්‍රය කරගනිමින් ක්‍රමයෙන් විද්‍යාව හා බටහිර දැනුම ප්‍රශ්න කරන්නක් බවට වර්ධනය වී ය. මාක්ස්වාදය හා විද්‍යාව සම්බන්ධයෙන් කෙරුණු මේ න්‍යායාත්මක ප්‍රශ්න කිරීමේ ජාතික චින්තන සංවාදයේ දාර්ශනික පදනම සැකසීමෙහි ලා මූලික විය. 
Rs 981.00
Rs 1,090.00
-10%

APE PRAVADA - 3

සිය ප්‍රථම උපාධිය සඳහා ලංකා විශ්ව විද්‍යාලයෙහි ගණිතය ද ආචාර්ය උපාධිය සඳහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙහි තාරකා භෞතික විද්‍යාව ද හදාළ නලින් ද සිල්වා මහතා සිය සමාජ ශාස්ත්‍රීය දිවිය ඇරැඹුවේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු හා මාක්ස්-ට්‍රොස්ට්ස්වාදි න්‍යායාචාර්යවරයකු ලෙස ය. ලංකා සම සමාජ පක්ෂයෙහි ප්‍රබල ක්‍රියාකාරිකයකු ද නව සම සමාජ පක්ෂය ඇරැඹීමෙහි මූලික වූවකු ද වන ඔහු අසුව දශකය මුල දී ඒ පක්ෂයෙන් ඉල්ලා අස්වෙමින් ලියූ ලිපිය 'මාක්ස්වාදය විද්‍යාත්මක ද?' යනුවෙන් සමාජ සංවාදයකට මුල් විය. විද්‍යාව මත පදනම් ව මාක්ස්වාදය ප්‍රශ්න කිරීමෙන් ඇරැඹුණු මේ සංවාදය, විද්‍යාවේ දර්ශනය විෂය ක්ෂේත්‍රය කරගනිමින් ක්‍රමයෙන් විද්‍යාව හා බටහිර දැනුම ප්‍රශ්න කරන්නක් බවට වර්ධනය වී ය. මාක්ස්වාදය හා විද්‍යාව සම්බන්ධයෙන් කෙරුණු මේ න්‍යායාත්මක ප්‍රශ්න කිරීමේ ජාතික චින්තන සංවාදයේ දාර්ශනික පදනම සැකසීමෙහි ලා මූලික විය. 
Rs 692.55
Rs 769.50
-10%

Ape Rajun Gana Nodath Katha Mahasen Rajathuma

අපේ රජුන් ගැන නොදත් කතා නම් මෙම ග්‍රන්ථය තුළින් ලාංකීය ඉතිහාසයේශ්‍රේෂ්ඨ රජ කෙනෙකු වන මහසෙන් රජතුමා පිළිබද ඉතා වටිනා කරුණු රාශියක් අන්තර්ගත වේ. 
Rs 207.00
Rs 230.00
-10%Out-of-Stock

Diyawara Urumaya

Out-of-Stock
මේ කෘතියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ විවිධ ජන වර්ග හා ආගම් ඔස්සේ ප්ලය ගමන් ගන්නා මාර්ගය ඉදිරිපත් කිරීම යි. ශ්‍රී ලාංකිකයන්ට කලාව හා තාක්ෂණය පිළිබඳ මනා ඥාන සම්භාරයක් පමණක් නොව අනාගත පරම්පරා ගණනාවක් ම හැඩ ගැස්වීමෙහි ලා උපයෝගි විය හැකි මනා ප්‍රඥා මහිමයක් ද මේ උරුමයෙන් සුවිශේෂයන් ලැබී ඇති අයුරු වටහා ගැනීමට මේ ගමන් මාර්ගය ඉවහල් වනු ඇත.
Rs 540.00
Rs 600.00
-10%

Heladiuvaseen Saha Adivaseen

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ආදිවාසී ජන අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතා විසින් සංස්කරණය කරන ලද ආදී වාසීන් පිළිබඳ දෙවන පර්යේෂණ ග්‍රන්ථය වූ හෙළදිව් වාසීන් සහ ආදිවාසීන්' නමැති මෙම කෘතිය, ශ්‍රී ලංකාවේ වසන හෙළදිව්වාසීන් සහ ආදිවාසීන් පිළිබඳ ව ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අද දක්වා පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් හා සාක්‍ෂි වලින් හෙළි වී ඇති කරුණු ද, ඓතිහාසික පුරාවෘත්තයන්ගෙන් හා ජනප්‍රවාදයන්ගෙන් හෙළි වී ඇති කරුණුද අලළා විද්වතුන්, පර්යේෂකයින්, ගවේෂකයින්, සමීක්ෂකයින් සහ මාධ්‍යවේදීන් විසින් ලියැවුනු පර්යේෂණාත්මක හා ගවේෂණාත්මක ලිපි රැසකින් සමන්විත වන අතර, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, පුරා විද්‍යාව, වාග් විද්‍යාව, සංස්කෘතිය ඇතුළු විවිධ සමාජීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍රයන් හදාරණ හෝ එම විෂයයන් පිළිබඳව උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් මාහැඟි ග්‍රන්ථයක් බව කිව යුතු ය.
Rs 796.50
Rs 885.00
-10%

Henry Parker Purathana Lanka

හෙන්රි පාර්කර්ගේ ANCIENT CEYLON නම් කෘතිය ඇසුරින් බි.එන්. ආර්. ජයසේන මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලද පුරාතන ලංකාව නම් මෙම කෘතිය තුළ ශ්‍රි ලංකාවේ මුල්ම ජන පද පිළිබදවත් පූරාතනයේ සිටි වැදි ජනතාව හා නූතනයේ වෙසෙන වැදි ජනතාව පිළිබදවත් ඔවුන් වන්දනාමාන කළ අකාරය  සහ ඔවුන්ගේ ආගමික කටයුතු සහ ලංකාවේ ප්‍රාග්තන දෙවියන් පිළිබදවත් කරුණු රාශියක් ගොනු වූ ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 4,050.00
Rs 4,500.00
-10%

Jathiyen sagavee yana polonnaruwe bithusithuwam

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ දෙවන රාජධානිය වන පොළොන්නරු රාජධානියෙහි කලා නිර්මාණ අතර බිතුසිතුවම් වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මහියංගනය, දිඹුලාගල, පුල්ලිගොඩ, ගල් විහාරය, ලංකාතිලකය, තිවංක පිළිමගෙය හා දැදිගම කොටවෙහෙර ආදී බොහෝ ස්ථාන වල මෙම යුගයට අයත් සිතුවම් දැකගත හැකිවන අතර ඒවාට ම අනන්‍ය වූ කලාත්මක අංග භාවිත කර ඇති බවක් ද පෙනේ. විශේෂයෙන් ම දකුණු ඉන්දීය හින්දු බලපෑම මෙම යුගය තුළ සුලබව සිදු වූ නිසා සිතුවම් කලාවට ද එම ආභාෂය ලැබී ඇති බව පෙනේ.
'ජාතියෙන් සැඟවී යන පොළොන්නරු යුගයේ බිතු සිතුවමි' යන මැයෙන් රචිතමෙම ග්‍රන්ථය පූජ්‍ය පිටිහාරාවේ සුගතඥාන හිමියන් විසින් රචිත ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්වීය හැකිය.
Rs 720.00
Rs 800.00
-10%

Nawathama shilalipi gaveshanaya

සුගිය කාලය තුළ වගකිවයුතු කිසිවකුගේ ඇස නොගැටුනු මේ ග්‍රන්ථයෙහි එන වැඩි පමණක් ලිපි ගැමියන් මගින් අපට සොයා ගැනීමට හැකිවිය. පුන්‍යාඩි ලිපි හමුදා සෙබල මුළු විසින් රැකවරණය කරන ලද්දේය. මේ නිසා මේවා සොයා ගැනීමේ ගෞරවය ඔවුන් වෙත පිදිය යුතු වෙයි.මෙම ගෞරවය ලැබීමට පණ්ඩිතම්මන්‍යයට හිමි නැත. අපදු කළේ ඒවා පිටපත් කර අරුත් දක්වා පළමු වරට ලොවට දීමකි. මේ අතර අපේ ඇස මිස එවන් කිසිවෙකුගේ ද ඇස නොගැටුනු ලිපි ද වෙයි.ඒවා සොයාගන්නා ලද්දේ අපම විසිනි. දියතිත්ත වැව, මදයා කන්ද, බෙරවායාකන්ද ලිපි ඉන් ප්‍රධානය. මේ සියලු ලිපි ඉතිහාසයේ නව පිටුවක් පෙරලනු ඇත. මේ ලිපි සොයාගෙන මාධ්‍යවලට විස්තර දැක්වූයේ 2006 ජනවාරි මස දීය.
Rs 720.00
Rs 800.00
-10%Out-of-Stock

Sinhala Dewa Puranaya

Out-of-Stock
කතෘගෙන්..
සිංහල ජනතාව අතර පුද පූජාවට ලක් වූ දෙවි දේවතාවුන් පිළිබඳ නාමාවලියක් සකස් කිරීමේ අරමුණින් මෙම අධ්‍යයනය ආරම්භ කරන ලදී. සාහිත්‍යගතව මෙන් ම මුඛ පරම්පරාගතව ද එන දෙවි දේවතා විත්ති අකාරාදි පිළිවෙළට මෙහි සංහිතා ගත කර ඇත. අපේ දෙවි දේවතාවුන් ගැන මෙ බඳු පුළුල් අධ්‍යයනයක් සිදුවන පළමු අවස්ථාව මෙය යි. මේ අධ්‍යයනය සර්ව සම්පූර්ණ යැයි නො කියමු. එහෙත් මෙහි ඇතුළත් අන්දමට අති විශාල දෙවි දේවතා සමූහයක් පිළිබඳ තොරතුරු එක්තැන් කිරීමට ලැබීම ශාස්ත්‍රීය වශයෙන් වටිනා කාර්යයකැයි සිතන්නෙමු.මෙම ග්‍රන්ථයේ ආමුඛයෙහි මූලාශ්‍ර පිළිබඳ හැඳින්වීමක් ඇත. එම මූලාශ්‍ර අංක අනුව දක්වා ග්‍රන්ථයේ පසුව එම අංකයෙන් මූලාශ්‍රය කවරේද යන්න සඳහන් කරනු ලැබේ. බේ. අනතුරුව පිටු අංකය ද දක්වා ඇත.ග්‍රන්ථයේ පළමු කොටසෙහි දී හැඳින්වීමක් වශයෙන් සිංහල දේව විශ්වාස පිළිබඳ ඓතිහාසික මෙන් ම සමාජ විද්‍යාත්මක විමර්ශනයක් ඉදිරිපත් කොට තිබේ. දෙවන කොටස දේව නාමාවලිය සඳහා ඇරුණේ ໖.මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් දෙවි දේවතාවුන්ට අමතරව වෙනත් කිසියම් දෙවි දේවතාවුන් පිළිබඳ තොරතුරු හෝ මෙහි ඇතුළත් තොරතුරු වලට නැතහොත් වෙනස් තොරතුරු හෝ කිසියම් පාඨකයෙකු සතුව ඇත් නම් එය දන්වන ලෙස කරුණා ධ්‍යාසයෙන් ඉල්ලා සිටිමු.
මෙම ග්‍රන්ථය සකස් කිරීමේ දී ඊට නොමසුව ආධාර කළ සුධීන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු ය. මුලාශ්‍ර සටහනේ ඔවුන්ගේ නම් සඳහන් වේ. ඒ අතුරෙන් විශේෂයෙන් සඳහන් කළ යුත්තෙක් නම් බොහෝ තොරතුරු සපයා දී මෙහි නම් ද යෝජනා කළ පියසේන කහඳගමගේ මහතායි. ඒ මහතා ඇතුළු සුධීන්ට අපගේ හෘදයංගම ස්තුතිය පුද කරමු.ග්‍රන්ථය මුද්‍රණය කිරීමේ කටයුක්ත භාරගෙන එය මනාව ඉටු කළ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිහාල් අතුකෝරළ මහතා සහ ප්‍රකාශන අංශයේ නිලධාරි මහතුන් ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ විශේෂ ස්තුතිය හිමි වේ.අත්පිටපත සකස් කිරීමේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අර මුදලින් ලැබුණු අනුග්‍රහය කෘතවේදීව සිහිපත් කරමු.
Rs 1,327.50
Rs 1,475.00
-10%

Sri Lankawe Jana Jeevithaya Haa Bandunu Aagamika Puda Puja

ආගමික පුද පූජා දේශීය සංස්කෘතිය තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන බව පැහැදිලි කරුණකි. අනාදිමත් කාලයක සිට පවතින නොයෙකුත් ආකාරයේ අභිචාර හා පූජා පිළිබඳ ලෝක මට්ටමෙන් විවිධ බුද්ධිමතුන් කරන ලද අධ්‍යයතද සුළුපටු නොවේ. එහෙත් අපේ රටේ ඒ හා සාපේක්ෂව කර තිබෙන අධ්‍යයන සීමා සහිත යැයි සඳහන් කළ හොත් ඒ නිවැරදි වනු ඇත." ශ්‍රී ලංකාවේ ජන ජීවිතය හා බැඳුණු ආගමික පුද පූජා " නමින් පූජ්‍ය මහව සංඝරතන හිමියන් විසින් ලියා ඇති මෙම කෘතිය මගින් ආගමක හැගීම පහළ වී ඇති අයුරු හා ආගමික පුද පූජාවල අවශ්‍යතාව ගැන පමණක් නොව පූජකයන් හා ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳවත් පළමු පරිච්ඡේද දෙක යටතේ මාහැගි කරුණු ගණනාවක් ඉදිරිපත් කර තිබේ. අපේ අනුරාධපුර, පොළොන්නරු යුගයේ ආගමික ඇදහිලි මෙන්ම ප්‍රාග් බෞද්ධ ඇදහිලි ගැන මෙන්ම ලංකාවේ පුද පූජා ලබන දෙවි දේවතාවුන් සම්බන්ධයෙන් ශාස්ත්‍රීය අගයකින් කරුණු එක් රැස් කිරීමක් මෙහි දක්නට ලැබේ.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Lakdiwa Uthurukaraye Arya Sabyathwaya

Out-of-Stock
අතීතයේ ලක්දිව පුරා එක ම සංස්කෘතියක් අඛණ්ඩ ව පැවති බවට පිළිගත හැකි සාක්ෂ්‍ය බොහෝ ය. එහෙත් ඇතැම් දෙමළ ශාස්ත්‍රඥයෝ ද ඔවුන් අනුව යමින් කටයුතු කරන සමහර ශාස්ත්‍රඥයෝ ද දිවයිනේ උතුරු කරයේ වෙන ම රාජ්‍යයක් පැවතියේය යන්න සනාථ කිරීමට කලක පටන් උත්සාහ ගනිමින් සිටිති. දකුණු ඉන්දීය රාජ්‍යයන්ගේ ආක්‍රමණ වලට වරින් වර ලක් වුව ද ඔවුන් පලවා හැර තම රාජ්‍යයේ සහ සංස්කෘතියේ ස්වාධීනත්වය රැක ගැනීමට ශ්‍රී ලාංකේය රජවරු සමත් වූහ. දීර්ඝ කාලයක් තිස්සේ ඒ ආක්‍රමණිකයන් තාවකාලිකව හෝ දිවයින යටත් කර ගැනීම නිසාත් ආසන්න රාජ්‍ය සමග පැවති වෙළඳ, ආරක්ෂක සහ සංස්කෘතික සබඳතා නිසාත් භාරතීය සංස්කෘතික ආභාසය නිරන්තරයෙන් මෙරටට ලැබිණි. එහෙත් ඒ ආක්‍රමණ සහ සංස්කෘතික ආභාස වලින් උතුරු කරයේ ආර්ය සංස්කෘතික ලක්ෂණ මුළුමනින් ම යටපත් නොවුණේය.දිවයින තුළ බොහෝ කලකට පෙර සිට ස්වාධීන දෙමළ රාජ්‍යක් පැවති බව සනාථ කිරීමට ප්‍රයත්න දරන අධ්‍යයන රාශියක් මේ වන විට සිදු කෙරී ඇත. තම වර්තමාන දේශපාලන අභිලාෂ මත පිහිටා කෙරුණු බව පෙනෙන මෙම අධ්‍යයන තුළ දෙස් විදෙස් සාහිත්‍යය මූලාශ්‍රය. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය මෙන්ම ගවේෂණ වලින් හමු වූ පුරාවස්තු පක්ෂග්‍රාහී අර්ථකථන වලට බඳුන් කර තිබේ. ඒවා කියවනු ලබන පාඨකයන් මේ පිළිබඳව උන්දුවක් දක්වන දෙස් විදෙස් පර්යේෂකයන් ද මෙම කෘති මඟින් නොමඟ ගොස් තිබේ.
Rs 6,750.00
Rs 7,500.00
-10%

Sinhalaye Arakshaka Balakotuwa Aithihasika Rohanaya

පැරණි රුහුණු රාජ්‍යය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ දකුණ හා අග්නි දිග ප්‍රදේශය දේශීය සමාජ සංස්කෘතික ඉතිහාසයේ වැදගත් ක්‍රියාවලියකට සම්බන්ධව තිබුණි. විශේෂයෙන්ම දේශපාලන බලය වර්ධනය වීමේ ඉතිහාසය සම්බන්ධයෙන් ඒ ප්‍රදේශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවිධානාත්මක යුධ ව්‍යාපාරය සංවිධානය වීම ආරම්භ වන්නේ රුහුණු ප්‍රදේශයෙනි. ඒ දුටුගැමුණු රජුගේ නායකත්වයෙනි. එතැන් පටන් සංග්‍රාමික ව්‍යාපාර සම්බන්ධයෙන් රුහුණු ප්‍රදේශය වැදගත් වන ආකාරය පළමු වන විජයබාහු රජු චෝළ ජාතිකයන්ට එරෙහි සංග්‍රාමය සංවිධානය කරන ආකාරය මගින් පැහැදිලි විය. ඓතිහාසික මූලාශ්‍රය ඔස්සේ නොයෙක් අවස්ථා වලදී විස්තර කරන එවැනි සාහිත්‍යමය විස්තර කිරීමි සනාථ කරන ආනුභාවික සාක්‍ෂි පුරාවිද්‍යාත්මක භාවිතයෙන් තහවුරු කර තිබේ. එබැවින් රුහුණ ඓතිහාසික සංග්‍රාමික භූමි දර්ශනය අධ්‍යයනය කිරීම වැදගත් විශ්ලේෂණ ඒකකයක් බවට පත් කරයි.
Rs 1,125.00
Rs 1,250.00
-10%Out-of-Stock

Sri Lankawe Purana Dhaja Pathaka

Out-of-Stock
ශ්‍රි ලංකාවේ පුරාණ කොඩි, ධජ, පතාක, ඉතිහාසය කා හටත් ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය ප්‍රවීණ ලේඛක ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ සාර්ථක පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස හැදින්විය හැකි අතර
ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ ඝණයේ කොඩි රැසක් මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත. පිටු දහස් ගණනක නිබන්ධනයක ඇතුළත් කළ හැකි දේවල් රැසක් මෙම කුඩා ග්‍රන්ථයෙන් ඉදිරිපත් කිරීම තුළින් ග්‍රන්ථය පරිශීලනය කරණු ලබන පාඨකයා හට පුරාණ ධජ පිළිබදව ඉතා පුළුල් දැනුම මට්ටමක් වර්ධනය කර ගත හැකිය.
Rs 351.00
Rs 390.00
-10%

Sri Lankawe Wansha Katha

ශ්‍රී ලංකාවේ වංසකථාවන් සියල්ල එක ම කෘතියකින් හැදෑරීමට අවස්ථාව උදාකරන ග්‍රන්ථයක් ලෙස මෙය පෙන්වාදිය හැකි අතර ඉතිහාසය හදාරණ අධුනිකයන්ට, පාසල් ශිෂ්‍ය ප්‍රජාවට, විශ්වවිද්‍යාල සිසුන්ට පමණක් නොව ප්‍රවීණයන්ටද මෙම ග්‍රන්ථය ඉතා ප්‍රයෝජනවත් වනු නොඅනුමානය.
Rs 437.40
Rs 486.00
-10%Out-of-Stock

Senkadagala Yugaye Wew Jalasha Ha Wari Karmanthaya

Out-of-Stock
“ සෙංකඩගල යුගයේ වැව් ජලාශ හා වාරි කර්මාන්ත " උප ග්‍රන්ථ දෙකක් සහිත ශාස්ත්‍රීය ගවේෂණයකි. සෙංකඩගල යුගයේ ඉදි කළ වැව් ජලාශ හා වාරි කර්මාන්ත ගැන මූලාශ සිය ගණනක් දිගු කලක් ගෙන පරීක්ෂා කොට සකස් කළ නිබන්ධනයක් වන අතරමෙහි උප ග්‍රන්ථ ලෙස තවත් මේ යුගයට අයත් අංග හතක් එකතු කර ඇත.
Rs 351.00
Rs 390.00
-10%

Ribeiro Dutu Lankawa

'Ribeiro History Of Ceilao' නම් වූ මෙම ග්‍රන්ථය පෘතුගීසි භාෂාවෙන් මුලින්ම ලියැවුණේ දාසය වන ශතවර්ෂයේ දී  වන අතර එය ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුණේ විද්වත් පී.ඊ. පීරිස් දැරණියගල මහතා විසිනි. මෙම ග්‍රන්ථය ඉතා දුර්ලභ ග්‍රන්ථයක්ව පැවති සමයක රත්නපුර, නීතීඥ වෝල්ටර් සිල්වා මහතාගේ පෞද්ගලික පුස්තකාලයේ ඉතා ආරක්ෂිතව පැවති හෙයින් වර්ථමාන පාඨකයා හට රස විදීම සදහා එම අවස්ථාව උදා වන අතර මෙම ග්‍රන්ථය තුළ මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලනය පිළිබද කරුණු බොහෝමයක් ගම්‍ය වේ.
Rs 1,782.00
Rs 1,980.00
-10%

Madyama Lanka Pura wurtha

පෙර පැවති පිළිවෙළ පිළිබඳ පුවත් ' පුරා වෘත්තය ' යි සැලකෙයි. අන්තිම සිංහල රාජධානිය වූ සෙංකඩගලපුරය ඇතුළු ප්‍රදේශත්‍රයකින් සමන්විත මධ්‍යම ප්‍රදේශය පිළිබඳ එබඳු පුවත් ඇතුළත් මෙම ග්‍රන්ථය මධ්‍යම ලංකා පුරාවෘත්ත නම් වේ.
Rs 765.00
Rs 850.00
-10%Out-of-Stock

Parani lakdiva thakshanavedaya saha shilpa gnanya

Out-of-Stock
මෙම කෘතිය මගින් නූතන තාක්ෂණයට අභියෝග කළ හැකි තරම් වූ අපේ පැරණි තාක්ෂණය හා ශිල්පවේදය කෙබඳු එකක් දැයි ඓතිහාසික කරුණු හා ශේෂ වී ඇති භෞතික සාක්ෂි මගින්  මැනවින් චිත්‍රණය කරයි.
Rs 202.50
Rs 225.00
-10%

Ahalepolage jeevitha kathawa

මෙම කුඩා පොත එක්තරා ඉලක්කයක් සහිතව ලියවී ඇත. එම ඉලක්කය නම් 'ඇහැලෙපොලගේ ජීවිතය පිළිබද ව පොදුවේ පිළිගත් හා නිරවද්‍ය විස්තරයක් සැපයීමයි. ඔහුගේ ජීවිත කාලයෙහි කන්ද උඩරට රජවාසලෙහි සිටි ශ්‍රේෂ්ඨතම චරිතය විය. කන්ද උඩරට පළාත් බ්‍රිතාන්‍යයන්ට පවරා දීම සහතික කිරීම පිණිස කටයුතු කිරීමේ දී ඔහු නිසැකව ම ප්‍රමුඛ කාර්යභාර්යක් ඉටු කලේ ය. ඉතිහාසයේ පිටු මත නොමැකෙන අදුරු පැල්ලමක් ඇති කළ ඛේදවාචකයක දුක් පීඩා විදීමට ලක් වූ තැනැත්තකු ලෙස ඔහුගේ නම ලංකා ඉතිහාසයේ සිහි කටයුතු එකක් බවට පත් ව ඇත. අත්තනෝමතික රජකු විසින් ඇහැලේපොලගේ පවුලේ සාමාජිකයන්ගෙන් ගන්නා ලද අමානුෂික පළිගැනීම, දිවයිනේ ජනප්‍රියතම සිංහල නඩගමක තේමාව බවට පත් ව තිබේ.
Rs 432.00
Rs 480.00
-10%

Bauddha Rajadhani Pilibada Charikawa

චීන ජාතික පාහියන් ස්වාමීන් වහන්සේ ක්‍රි. ව. 399 - 414 කාලය තුළ ලංකාවේ සහ ඉන්දියාවේ කළ චාරිකා පිළිබඳ සටහන් මේ කෘතියෙහි ඇතුළත් ය.ස්කොට් ජාතිකයකු වූ ජේම්ස් ලෙගි ඔක්ස්ෆර්ඩ් සරසවියේ පළමුවන චීන භාෂා හා සාහිත්‍ය මහාචාර්යවරයා වූයේය. දිගු කලක් මලක්කාවේ සහ හොංකොංහි ධර්මදූත කටයුතුවල නිරතව සිටි ඔහු මූලාශ්‍ර කීපයක් ඇසුරු කරමින් පාහියන් හිමියන්ගේ චාරිකා සටහන් ඉංග්‍රීසියට නැගීය. මේ කාර්යයේ දී ඔහුට රිස් ඩේවිඩ්ස් පඬිතුමා ඇතුළු වියතුන් කීප දෙනෙකුගේ සහාය ලැබුණි.
Rs 225.00
Rs 250.00
-10%

Wanni Distrikkawala Athpotha

'වන්නි දිස්ත්‍රික්කවල අත්පොත' නමැති මෙම කෘතිය ජායානුගත පරිවර්තන කෘතියක් වන අතර එම්.යූ.ඒ. තෙන්නකෝන් මහතා විසින් මෙය පරිවර්ථනය කර ඇති අතර කිසිදු විශේෂිත අවුරුද්දකට සීමා නොකොට දීර්ඝ කාල පරාසයක් සදහා සකස් කරණ ලද  පරිපාලන වර්තාවක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය.
Rs 1,440.00
Rs 1,600.00
-10%

Ceylon Diwaine Sancharayak (Voyage a Ceylan)

දා හත්වන සහ දහ අටවන සියවසේදී බොහෝ යුරෝපීය ජාතිකයන් සංචාරකයන් ලෙස ලංකාවට පැමිණියහ. ඔවුන් ලංකාවේ සොබා සෞන්දර්යයට කැමැත්තක් දැක් වූ අතර, ඒ වන විට රට පුරා තිබූ වනාන්තර ඔවුන්ගේ ගවේෂණ වලට ලක්වූයේ ය.
මේ කෘතියේ සඳහන් වන්නේ එවැනි සංචාරකයන් පිරිසක් යුරෝපයේ සිට ලංකාව බලා පැමිණීම යි. ඔවුන් යුරෝපයේ සිට දකුණු අප්‍රිකාවටත්, එතැන් සිට මාලදිවයින හරහා මුහුදු මාර්ගයෙන් ලංකාව බලා පැමිණෙති. ඔවුන්ගේ මුහුදු ගමන අතරතුර සිදුවන සිද්ධීන් ද, මාලදිවයින් දූපත් වලදී මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්වී අවසානයේ ඔවුන්ගෙන් ගැලවී පලා යාම ද කතුවරයා විසින් සිත්ගන්නා ලෙස විස්තර කර ඇත. ලංකාවට පැමිණීමෙන් පසු ඔවුන්ගේ විවිධාකාර වූ ගවේෂණ පිළිබඳව ද කතුවරයා විසින් සිත් ගන්නා සුළු ආකාරයට විස්තර කර ඇත.
Rs 810.00
Rs 900.00