Home

Sudu Wala Yata Eda wadi Maga (II Kotasa)

මෙය තිච් ඤතාන් යතිවරයාණන් විසින් ථේරවාද මහායාන හා තිබ්බත ත‍්‍රිපිටක ග‍්‍රන්ථ පරිශීලනයෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද බුදු සිරිතෙහි සිදුහත් චරිතයේ ළමාවිය, තාරුණ්‍ය හා උතුම් සත්‍යාවබෝධය ලැබීම පිළිබද කථා  පුවතයි. මෙය Old Path White Clouds නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයේ දෙවන භාගයයි. 
Rs 350.00

Nithi Patha Seth Pirith

නිතිපතා සෙත් පිරිත් - සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මය සහිත සත්‍යක්‍රියා සමූහය පිරිත් නම් වේ. එම පිරිත් දේශනාවන් හා ඒවාහි අදහස සමඟ පැහැදිලි ව සඳහන් කොට මෙම ග්‍රන්ථය සම්පාදනය කොට ඇති අතර ම නිතිපතා ‌මෙම පිරිත් දේශනා  භාවිතය සිතේ විශ්වාසයත්, ආශිර්වාදයත් ගොඩනංවා ජීවිතයේ සාර්ථකත්වයට මඟ පාදයි.
Rs 325.00
Out-of-Stock

Asirimath Mal Poojawa

Out-of-Stock
සිත පහදවා කරන උතුම් වූ මල් පූජාවෙහි මහත්ඵල මහානිසංසත් දස අකුසලයෙන් මිදුණ වූ සිතක හටගන්නා නිරාමිස ප‍්‍රීතියත් කැටි කරගත් මේ කුඩා කෘතිය දිවි මඟ එකලූ කරන ප‍්‍රදීපාලෝකයකි.
Out-of-Stock

Bauddha Manowidhyawe Padanama 1

Out-of-Stock
බෞද්ධ මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් ගම්‍ය කරන චිත්ත, මනෝ, විඤ්ඤාණ පදයන් මූලික සූත්‍රයන් ඇසුරින් භාවිතා වී ඇති ආකාරයත්, එම පදත්‍රයන්ගේ අර්ථයත් පෙන්වා දෙමින් ඒවායෙහි අනන්‍යතා අන්‍යතර ලක්ෂණ පෙන්වාදෙන බෞද්ධ මනෝ විද්‍යාවේ පදනම කෘතිය ආචාර්ය්‍ය පිටිගල විජිත ස්වාමීන් වහන්සේ රචිතය.
Out-of-Stock

Bodhisathwa Prarthana Gatha

Out-of-Stock
මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත්තේ බෝසත් චරිතයක් අනුගමනය කළයුතු දසපාරමිතා ධර්මයන්ය. සුමග පාලි වදන්වලින් හා මධුර ලෙස සජ්ඣායනය කළ හැකි ශෛලියකින් මේ ගාථා රචිත ය. 

Budu Dahamin Pilibimbuwana Igenweeme Shilpa Krama

නූතන අධ්‍යාපන විද්‍යාඥයන් ඉගැන්වීමේ ක්‍රම වශයෙන් සඳහන් කරන අධ්‍යාපන ක්‍රමවේදයන් මීට සියවස් ගණනකට පෙර බුදුන් වහන්සේ භාවිතා කර ඇති ආකාරය දහම් පුස්ථක ඇසුරෙන් එක් රැස්කොට ගනිමින් පෙර අපරදෙදිග උගතුන් දක්වා ඇති අදහස් විමසමින් ඒවා බුදු දහමට අනුව විග්‍රහ කිරීමක් ලෙස පූජ්‍ය ඇකිරියගල නන්ද හිමියන්ගේ බුදුදහමින් පිළිඹිබුවන ඉගැන්වීමේ ශිල්පීය ක්‍රම කෘතිය හඳුන්වා දිය හැක.
Rs 550.00

Hadawathen Nagena Dam Kada

අතිපූජ්‍ය අජාන් මහාබූවා ඤාණසම්පන්නෝ හිමිපාණන් වහන්සේ භාවනානුයෝගීන් අරමුණු කරගෙන පවත්වන ලද දේශනා අනුසාරයෙන් සම්පාදනය වූ මෙය Straight From The Heart නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. 
Rs 270.00
Out-of-Stock

Vidarshana Bhawanawe Jeewana Athdakim

Out-of-Stock
දිනපතා ජීවිතයේ කටයුතුවල යෙදෙන අතරතුරේදීම භාවනාව පුහුණු වීමට මග පෙන්වීමක් වශයෙන් මෙම ධර්ම සංග‍්‍රහය "හැම මොහොතක්ම සිහි බුද්ධියෙන් ගත කිරීමේ කලාව" පුහුණුවීම සදහා මග පෙන්වන අත්පොතකි. තවද මෙය භාවනාවට ආධුනික අය සදහා මුල්පොතක් වශයෙන් ද හැදින්විය හැකිය. 
Out-of-Stock

Bhawanawata Maga

Out-of-Stock
භාවනාව කුමක්දැයි හදුන්වා දෙමින්, ඒ ඒ භාවනා ලක්ෂණ වශයෙන් වෙන් කොට දක්වා ඇති සුවිශේෂී වූ සදහම් ග‍්‍රන්ථයකි. 

Niwan Maga Abhiyasa

වනවාසී සේනාපති විමලරත්න හිමියන් විසින් දේශනා කරන ලද, ඉරිදා ලංකාදීප පුවත්පතෙහි පළවූ නිර්වාණාවබෝධයට මග නමැති ලිපි මාලාවකින් සැදුම්ලත් වටිනා ධර්ම ග්‍රන්ථයකි. 
Rs 195.00
Out-of-Stock

Teeka Adhyanaya

Out-of-Stock
පාලියෙන් ලියැවුණු ටීකා සාහිත්‍යය ඉතා දුර්ලභ අර්ථ විවරණ සහිත ග‍්‍රන්ථ පද්ධතියකි. ඒ සම්බන්ධ නිශ්චිත ලිපි පෙළක් ලෝකයේ කවර බසකින්වත් මෙතෙක් පල වී නැත. එහෙයින් මේ ලිපි පෙළ ඉතා වැදගත් ලිපි පෙළක් බව කිව යුතුය.
Out-of-Stock

Bhawana Aprakata Lipi

Out-of-Stock
ගත පෙනෙන කැඩපත ඉදිරියේ හැඩ වෙනවාට වඩා සිත දකින භාවනාවට සමවැදීමෙන් අපට සතුට ගෙන දෙයි. නිවනට අවැසි භාවනා විධි ප‍්‍රායෝගිකව හුරුකළ අපේ කාලයේ වැඩහිදි උතුම් යතිවරුන් තිදෙනෙකුගේ සදහම් සිතිවිලි භාවනා අප‍්‍රකට ලිපි කෘතියට ඇතුළත් කර තිබේ. 

Bhawana Kamatahan

කමටහන් වඩන ආකාරය පිළිබද කාටත් වැටහෙන අයුරින් සම්පාදනය කල අගනා සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 100.00
Out-of-Stock

Supasan Jeevithaya

Out-of-Stock
බුදුසරණ පුවත්පතෙහි පළ වූ සුපසන් ජීවිතය නැමති ලිපි මාලාවෙහි එකතුවකින් සම්පාදනය කරන ලද වටිනා සදහම් ග‍්‍රන්ථයකි. 

Sidatha Gauthama Bagavatha

බුදුන් වහන්සේ ලක්වාසී අපට අහිමි වීමට ‌‌හේතු වූ කරුණු කාරණා සහේතුකවත්, ගවේෂණාත්මකවත් විග්‍රහ කළ නව ග්‍රන්ථයක් මෙම ග්‍රන්ථය සැලකීමට හැකි ය.
Rs 1,445.50

Budu Dahame Haraya

මෙම ග‍්‍රන්ථයෙන් ගතවූ වසර දෙදහස් පන්සිය තිස්සේ බුදුදහම පිළිබද නැගුණු ප‍්‍රශ්න සියල්ලට ම පාහේ ආමන්ත‍්‍රණය කර තිබේ. මෙය සාමාන්‍ය පාඨකයාට බුදුදහම ගැන නිවැරදි හැදින්වීමක් සපයන අතර, බුදුදහම ගැඹුරින් හදාරණ උගතුනට ඒ සදහා අවශ්‍ය ප‍්‍රවේශ මාර්ගයක් ද වනු ඇත.
Rs 400.00

Sowan Weemen Labena Prathilaba

තිසරණගත බෞද්ධයාගේ පරම අපේක්ෂාව සසර ගමන කෙටිකර ගැනීම නම් ඒ සදහා බුද්ධ දේශනාවේ අඩංගු සෝවාන් ඵලස්ථයකු වීම සදහා දේශිත ධර්ම කරුණු මෙන්ම සෝවාන් වීමෙන් ලැබෙන ප‍්‍රතිලාභ ද පිටකයට අනුව පැහැදිලි කරනු ලබන කෘතියකි. 
Rs 300.00

Ajhan Cha Therunge Bhawana Margaya Saha Nirwanawabodhaya

අජාන් චා හිමියන්ගේ ”භාවනා මාර්ගය සහ නිර්වාණාවබෝධය” නමැති මෙම පරිවර්තනයට අදාළ ''The Path to Peace''   මුල් කෘතියට ඇතුළත්ව ඇත්තේ අපේ කාලයේ වලසුන් ගහණ ආරණ්‍ය සේනාසනයක ධූතාංග කමටහන් වඩා නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගත් අති පූජ්‍ය අජාන් චා රහතන් වහන්සේගේ දේශනා සහ උන්වහන්සේගෙන් අසා ඇති ප‍්‍රශ්න හා උන්වහන්සේ ඒවාට දී ඇති පිළිතුරුත්ය. 
Rs 275.00
Out-of-Stock

Bauddha Bhawana Krama

Out-of-Stock
සුදුසුකම්ලත් ගුරුවරුන් හා විශ්වසනීය භාවනා කෘති සොයා වෙහෙසෙන කණ්ඩායම් හා හුදෙකලා යෝගාවචරයින් යන දෙපිරිසටම මෙම කෘතිය අත්පොතක් ලෙස එම මෙහෙය ඉටු කරනු ඇත. තව ද මෙම කෘතිය පහසුවෙන් පරිශීලනය කළ හැකි ගුරුපොතක් හා මූලාශ‍්‍ර ග‍්‍රන්ථයක් ලෙස භාවිත කළ හැකිය. 

The Buddhist Way Of Life (For Grade 6 Students)

To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 785.00

Maha Rahath Katha

Maha Rahath Katha - ‌මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත්තේ ඛුද්දක නිකායට අයත් ථේරගාථාට්ඨ කතා වලින් තෝරාගත් කථා ය. ‌ථේරගාථාට්ඨ කථාවල ඒ ඒ තෙරවරුන්ගේ චරිත වර්ණනා කෙරේ. උන් වහන්‌සේලා භවයක් පාසා මුහුණ දුන් කටුක අමිහිරි සිදුවීම් ද, සුන්දර මිහිරි සිදුවීම් ද, පරිසර වර්ණනා ද මෙහි දී පැහැදිලි කෙරේ.
Rs 275.00
Out-of-Stock

Sihiya Saha Sathiya

Out-of-Stock
සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පදනම් කර ගනිමින් සිහිය සහ සතිය පිළිබඳව මනාව කරුණු දක්වමින් ලියවුණු ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වාදිය හැක. 

Diwasin Dutu Prethayo

ප්‍රේතයන් යනු කවුරුන්ද? ප්‍රේතයන්ගේ ස්වරූපය කොයි ආකාරද? ප්‍රේතයන් ජීවත් වන්නේ කෙසේද? ප්‍රේත ලෝකයේ උපදින්නේ කුමන ආකාරයේ අකුසල කර්ම නිසාද? යන්න මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් බුද්ධ දේශනා ඇසුරෙන් ම ඔබට පහදාගත හැකිය. 
Rs 480.00
Out-of-Stock

Karmaya

Out-of-Stock
මෙම පොත මගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ කර්මය පිලිබඳවය. කර්මයට අදාල සංකල්ප සමග පුනරුප්පත්තිය පිළිබඳ විග්‍රහයන් සුලබ නිසා ඒ පිළිබඳවද සටහන් මෙම පොත තුල ඇත. 
 
Out-of-Stock

Punarbhavaya

Out-of-Stock
පුනර්භවයට සම්බන්ද බොහෝ කරුණු ධර්මනුකුලව රචනාකොට ඇත. සසර ගමනට හේතුවන භාව දෙකක් අතර සම්බන්දතාවය නැති කර දැමීමට තන්හාවට සම්බන්ද පුනර්භවය නැති කර දැමීමට තන්හාවට සම්බන්ද පුනර්භවය නැති කර දැමීම ප්‍රයෝජනවත් වන අකාරය පෙන්වා දීම ද මෙම පොතින් සිදු කර ඇත.
Out-of-Stock

Wignanaya

Out-of-Stock
ඉපදීම විස්තර වන්නේ විඥානය මවු කුසට බැස ගැනීමක් ලෙසට ය. එම විඥානය පිළිබඳව ඉතා පැහැදිලි ගැඹුරු විග්‍රහයක් මෙහිදී ඉදිරිපත් කර ඇත.