Home

Out-of-Stock

Budun Dekeema

Out-of-Stock
ඓතිහාසික ගෞතම බුද්ධ චරිතය සජීවි චරිතයක් ලෙස හඳුනා ගැනීමට පොහොසත් පොතකි.පරිච්ඡේද දහ අටක් ඔස්සේ අනු මාතෘකා හැත්තෑ හතරක් මගින් බුද්ධ චරිතය සජීවි චරිතයක් ලෙස ගොඩනගා ඇත.කියවීමට රසවත් පොතකි.බුදුන් දැකීම කියවීමෙන් තුනුරුවන් දැකිය හැක.අලුතින් සිතා ඉදිරිපත් කල කාලීන නිර්මාණයකි.
Out-of-Stock

Mage Bana Potha

Out-of-Stock
ධර්මයේ සැබෑ ස්වරුපය මනාව තේරුම්ගත හැකි බණ පොතක් වන මෙය විවේකිව හිඳ කියවා තේරුම්ගත යුත්තකි. බණ කියන්න උගන්වන භික්ෂුන් හට ද බණ ඉගෙන ගනු කැමති බෞද්ධන් හට ද ප්‍රයෝජනවත්ය..
Out-of-Stock

Daham Satahan

Out-of-Stock
මඟ පෙහෙළි කිරීම ප‍්‍රායෝගික කෘතියකි. මෙය ගරු ඤාණවීර තෙරුන්ගේ ‘Notes on Dhamma’ සහ ‘Letters’ යනුවෙන් වෙළුම් දෙකකින් සමන්විත වූ ‘Clearing the path, Writing of Dhamma’ හි සම්පූර්ණ පරිවර්තනයයි. 
Out-of-Stock

Sansarabandhana

Out-of-Stock
මිනිසා සසර බැඳ තබන බැමි ලිහා දමා විමුක්තිය ලබන්නේ කෙසේද යන්න මෙම පොතින් විග්‍රහ කෙරේ. සාමාන්‍ය දැනුමක් සහිත කෙනෙකුට එක විටම කියවා අවබෝධ කරගැනීමට නොහැකිය, පටිච්ච සමුප්පාදය ගැනත් අභිධර්මය ගැනත් දැනුමක් ඇති අයෙකුට මෙම පොත කියවා පහසුවෙන් තේරුම්ගත හැකිය.
Out-of-Stock

Saththwawasa

Out-of-Stock
සත්ව විෂය සිතා කෙළවරක් දැකිය නොහැකිය. එය අචින්ත විෂයක් ලෙස බුසු දහම පේනවා දෙයි.
 එහෙත් බුදු දහම සත්ව විෂය සම්බන්දයෙන් දේශනා කර ඇති මුලික සිද්ධාන්ත කොතරම් ඉදිරියට ගොස් ඇත්ද මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය තුලින් පුළුල්ව විග්‍රහ කොට ඇත.
Out-of-Stock

Gunawathkama

Out-of-Stock
කාලය, ආර්ථිකය, සමාජය වෙනස් වුව ද මිනිසා ගුණවත්කමින් වෙනස් විය යුතු නැති බවත් ඒ සඳහා ආකල්ප සකස් කරගත යුත්තේ කෙසේද යන්නත් බොදු සංස්කෘතියෙන් උරුම වූ ගුණවත්කම බුදු දහම හා සංකලනය කරමින් රචනා වූ අගනා කෘතියකි. 
Out-of-Stock

Hiru Sadu Sadisi

Out-of-Stock
ජීවිතයේ විවිධ පැතිකඩයන් විමර්ශනය කරමින්, බුදුරජානන් වහන්සේගේ ඉගැන්වීම් වලින් ප්‍රශ්න විසඳන ආකාරය නිදර්ශන ලෙස මෙහි සපයා ඇත. එමෙන්ම ජීවිතය පිළිබඳ හොඳින් විමසා බලා කටයුතු කිරීමට ඉවහල් වන අත්දැකීම් රාශියක් මෙයින් ලබාගත හැක.
Out-of-Stock

Mithyawen yatharthayata

Out-of-Stock
මිත්‍යාවෙන් යථාර්ථයට යන මැයෙන් ලිපි සංග‍්‍රහය සම්පාදනය වී ඇත්තේ ‘දිවිමගට අත්වැලක්’ යන නමින් පවත්වන ලද ගුවන්විදුලි ධර්ම දේශනා මාලාවක් ඇසුරෙනි. ඉතා හරවත් වූ මාතෘකා විස්සකින් සමන්විත වන මෙහි සමාජය තුළ මුල්බැස ඇති මිත්‍යා විශ්වාසයන් විවරණය කර ඇත. 
Out-of-Stock

oba Saba Bauddhayekda?

Out-of-Stock
මෙය " බුදු දහමයි ජීවිතයයි " යන මැයෙන් දිනමිණ පුවත්පතට ලියූ ලිපි පෙළක් ආශ්‍රයෙන් සකස් කරන්නට යෙදුනු විචාරාත්මක කෘතියකි. බෞද්ධයන් යැයි ලෝකයා හමුවේ මතුපිටින් පෙන්වන්නන් ද 
බෞද්ධකම සැබෑ ද නාමික ද යන ප්‍රශ්න මතු කරමින්, සත්‍ය වශයෙන් ම තෙරුවන් සරණ ගිය බෞද්ධයකු වන ආකාරය මෙමගින් විග්‍රහ කරනු ලබයි.. 
Out-of-Stock

Buddhiya Diyunuva Saha Nivanmaga Obatath

Out-of-Stock
බුද්ධිය ඉස්මතු කරගෙන දියුණුවත්, සාර්ථකත්වයත්, නිවන් මගත් ලබා ගැනීමට උනන්දුවක් දක්වන සැදැහැවතුන්ගේ ඥානය වර්ධනය කරගැනීමට මෙය මහත් සේ උපකාරී වෙයි. සිහිය සහ මෛත්‍රිය පුරුදු කරගනිමින් කෙලෙස් දුරුකොට අසීමිත වූ දියුණුවක් ලබාගැනීමට උපදෙස් සැපයීම මෙම ග්‍රන්ථයේ පරමාර්ථයයි..
Out-of-Stock

Kaleena Dhamma Chintha

Out-of-Stock
වර්තමාන ශ්‍රී ලංකාවේ විටින් විට ඇතිවන බිහිසුණු අපරාධ සැලවන අවස්ථාවලදී ලියැවුණු මේ දහම් ලිපි යහපත් ජිවිතයක් උදෙසා අවශ්‍ය කල්පනය නොමදව අත්කර දෙයි.
Out-of-Stock

Bauddhayage Kusalatha Sanvardhanaya Ha Praja Nayakathva Gunanga

Out-of-Stock
බෞද්ධයකු හට සිය ජීවිතයේ ලෞකික අපේක්ෂා සහ ලෝකෝත්තර අපේක්ෂා ඉටුකර ගැනීමට තමා තුලම කුසලතා සංවර්ධනයක් ඇතිකරගත යුතු වෙයි. මනා කෞශල්‍යයකින් යුත් සංවර්ධිත පුද්ගලයින් වන්නට උත්සහ දරන බෞද්ධයින් සඳහාම ලියන ලද මෙහි ත්‍රිපිටක මුලාශ්‍රයන් ද ගෙනහැර දක්වන ලදී..

Niwan magata Dharma Deshana - Gihi Jeewithayen Niwana Kara....

මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් ගිහි ජීවිතයෙන් නිවන කරා ඔබව රැගෙන යන ශ‍්‍රී සද්ධර්මය ඇතුළත් ධර්ම දේශනා තුනක් ඔබ අතට පත්වේ. මෙම ග‍්‍රන්ථය ඉතා ශ‍්‍රද්ධාවෙන් යුතුව පරිශීලනය කිරීම තුළ ධර්මාවබෝධය පිණිස බාහිර අංගයක් ලෙස ලැබිය යුතු කල්‍යාණ මිත‍්‍ර සේවනයත්, සද්ධර්ම ශ‍්‍රවණයත් නොඅඩුව ලැබෙනු ඇත. 
Rs 720.00
Out-of-Stock

Saptha Aparihaniya Dharma Saha Gihi Pavidi Sambandhaya

Out-of-Stock
ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ලිච්ඡුවීන්ට දේශනා කරන ලද අපරිහානීය ධර්ම සත පිළිබද විස්තරාත්මකව, සරල භාෂාවෙන් ලියැවුණු අගනා ධර්ම පුස්තකයකි. 
Out-of-Stock

Piripun Nihada Sitha

Out-of-Stock
ප‍්‍රායෝගික ජීවිතය තුළදීම විදර්ශනාවේ ප‍්‍රායෝගික ශක්‍යතාවය පහදමින් ඉන්‍ද්‍රීය බද්ධ ධර්මයන්ගෙන් සිත රැකගනිමින් කාය චිත්ත විවේකය මගින් අභ්‍යන්තර මනසේ විකසිත බව දැක විචිත‍්‍රවත් වූ ශූන්‍යතාවය (නිර්වාණය) වෙත සරල නිදසුන් මගින් පාඨක මනස යොමු කරවන ග‍්‍රන්ථයකි. 
Out-of-Stock

Manase Pitara Galim

Out-of-Stock
කාය චිත්ත විවේකයෝ භාවනාවේ කල්‍යාණ මිත‍්‍රයෝය. සමාජ සබදතාවන්ගෙන් මිදුණු හුදකලාව හා මනසේ ගවේෂණශීලී භාවය මේ මොහොතේ පැවැත්ම විනිවිද දැකීමට සෑම අතින්ම පොහොසත්ය. එම විනිවිද දැකීමෙන් සිත ලෝකෝත්තර භාවයට පත්කරගන්නා ගැඹුරු වු දර්ශනය විස්තර කිරීමට මෙහිලා උත්සාහ ගෙන ඇත.

BuddhimathunYa Yuthu Maga - Uthumma Thyagaya

පූජ්‍ය දොළොස්වල උදිතධීර හිමියන් විසින් දේශනා  කරන ලද ධර්ම දේශනා එකතුවකින් සම්පාදනය කරන ලද වටිනා සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 280.00

Nopenena Amunushyayangen Siduwana Wipath

අමනුෂ්‍යයන් යනු කවුරුන්ද? අමනුෂ්‍යයන් මිනිසුන්ට බලපෑම් කරන්නේ කෙසේද? අමනුෂ්‍ය උවදුරින් මිදෙන්නේ කෙසේද? ඒ පිණිස අනුගමනය කළයුතු වැඩපිළිවෙල කුමක්ද? යන්න ධර්මානුකූලව මෙම ග‍්‍රන්ථය තුළින් පහදා දී ඇත.
Rs 620.00
Out-of-Stock

Sathya Sevima

Out-of-Stock
සත්‍ය සෙවීම - සත්ව ක්‍රියාකාරිත්වය යන යෙදීම, මිනිසාද  ඇතුළු සියලු භාවිතා වන බවත්, බුදු පියාණන් වහන්සේ විසින් ද ලෝක සත්වයා යනුවෙන් මීට සමාන අදහසක් ද ප්‍රකාශ කර ඇත්තේය. එහෙයින් සත්ව විෂය වූ පුළුල් පරාසය පිළිබඳවත්, එහි ක්‍රියාකාරිත්වය සිදුවන ආකාරය පිළිබඳවත් පර්යේෂණාත්මකව ලියන ලද මෙය මෙය කියවිය යුතු පොතකි.
 
Out-of-Stock

Dhammika Samaga Dhamma Sakachcha 2

Out-of-Stock
බුදුසරණ පුවත්පත වෙත ලිපි මගින් විවිධ දහම් ගැටළු එවන ලද අයවලුන් සඳහා මිරිස්සේ ගුණසිරි මාහිමිපාණන් වහන්සේ විසින් ලබා දෙනු ලැබූ පිළිතුරු ඇතුළත් කරමින් ලියැවුණු කෘතියක් ලෙසින් මෙය පාඨක ඔබට පිරි නමනු ලබයි. 
බෞද්ධ දර්ශනය හා සමාජය තුළ බැඳුනු යම් යම් ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් කරමින් ලියැවුනු කෘතියක් ලෙසින් දැක්විය හැක. මෙහිදී බෞද්ධයන් වුවද බුදු දහම හා බැඳුනු යම් යම් දේවල් වැරදි අර්ථකතන සපයනු ලබන අවස්ථා නැතුවාම නොවේ. එබැවින් එවැනි ගැටළු නිරාකරණය කර ගැනීමට මෙම කෘතිය මනා පිටුවහලක් වනු ඇත.
Out-of-Stock

Sunatha Dharetha Charatha Dhamme

Out-of-Stock
 ලංකාවේ මෙන්ම විදේශයන්හි ද ජනාදරයට පත්ව ඇති බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ධර්ම දේශනා රැසක් ඇතුළත් කරමින් සැකසී ඇති මෙය ධර්ම දේශනා ග‍්‍රන්ථයකි. 

Sithata Ahara

විනය සඳහා සිහියත් සිහිය සඳහා විනයත් යන්න තේමා පාඨය කොටගත් පරිවර්තන ග්‍රන්ථයක් ලෙසින් නම් කළ හැකි අතරම අවාන් චා හිමියන් විසින් පැවැත්වූ දේශන මාලාවක් ඇසුරු කර ගනිමින් ලියැවුණු කෘතියක පරිවත්නයක් මෙන්ම මෙහි විශේෂත්වය වන්නේ භික්‍ෂූන් වහන්සේලා උදෙසා විනය සම්බන්ධ ඉගැන්වීම් කෙරෙන දේශනා මාලාවක් නිසාවෙනි. නමුදු ගිහි පින්වතුන් හටද ඉන් උගත හැකි දෑ බොහෝය.
Rs 600.00

Maranaya Idiriye Asarana Nowana Maga

මරණය ඉදිරියේ සෑම සත්වයෙකුම අසරණ වන්නේ ජීවිතය ගැන ධර්මානුකූල අවබෝධයක් නැති වීම නිසාය. මෙම ග්‍රන්ථය තුළින් මරණය ඉදිරියේ අසරණ නොවන මගත්, මරණාසන්න තම ඥාතියෙකු ඉදිරියේ බුද්ධිමත්ව කටයුතු කළයුතු ආකාරයත්, මරණ මොහොතක සිහි කළයුතු ධර්මය පිළිබදවත් ඉතා විස්තරාත්මක ලෙස බුද්ධ දේශනා ඇසුරෙන්  පහදා ඇත.
Rs 680.00
Out-of-Stock

Athharinna Hitha Hadanna

Out-of-Stock
බෞද්ධයෙකු වශයෙන් සොයා යන අවසානික පරමාර්ථය අත්පත් කර ගැනීමට අනුගමනය කළ යුතු පිළිවෙත මෙමගින් විවරණය කොට ඇත. රැස් කරන ලෝකය තුළ අස් කරන ජීවිතයක් අභ්‍යන්තරයෙන්ම අත්හරින ලද නම්‍යශීලී පෞරුෂයක අනම්‍යශීලී ගුණ වගාව දියුණු කරගන්නා ආකාරයත් සවිස්තරව දක්වා ඇත.
Out-of-Stock

Bauddha Gedara

Out-of-Stock
බෞද්ධයන් විසින් අවශ්‍යයෙන් ම දතයුතු ධර්ම කොට්ඨාසයන් ඇතුළත් මෙම කෘතිය, ගිහි බෞද්ධයන්හට අර්ථාන්විත ‘‘බෞද්ධ ගෙදර’’ක් තැනීමට උපකාරී වේ. 
Out-of-Stock

Budu Dahame Adhyathmaya (Kimaththiya Sutraya)

Out-of-Stock
බුදු රජාණන් වහන්සේ විසින් විශේෂයෙන්ම භාවනාවට සම්බන්ධ කර, විග‍්‍රහ කොට දේශනා කරන ලද සූත‍්‍රයන් අතරින්, තවත් එක් වැදගත්, වටිනා සූත‍්‍රයක් ආශ‍්‍රයෙන් රචිත ග‍්‍රන්ථයකි. 

Maha Rahathun Wedi Maga Osse 09

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 09 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ  නවවන්නැයි.
Rs 350.00

Maha Rahathun Wedi Maga Osse - Arya Ashtangika Margaya

මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය, පින්වත් ඔබ නිවැරදිව ජීවිතයට එකතු කරන්නේ නම්, සෑම නිමේෂයකදීම, නිවනට පක්ෂ වෙන්නා වූ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් සියල්ලම ඔබ තුලින් ලියලා වැඩෙනු ඇත.  
Rs 110.00

Sinasena Sudu Hamuduruwo - 18

අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evil
Rs 490.00

Sinasena Sudu Hamuduruwo - 20

 සිනාසෙන සුදු හාමුදුරුවෝ 20 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evil
Rs 490.00

Sinasena Sudu Hamuduruwo - 19

සිනාසෙන සුදු හාමුදුරුවෝ 19 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evil
Rs 490.00