Vinaya – Discipline

-10%

Pali Thripitaka Grantha Wanshaya

පාලි  ත්‍රිපිටක ග්‍රන්ථ වංශය  - සකල ලෝක සත්ත්වයින්ගේ සංසාර තරණය පිණිස බුදු රජුන් වදාළ ධර්ම - විනය සංගීතියෙහි මහ තෙරවරුන් විසින් ක්‍රිස්තු වර්ෂයෙනුත් ශත වර්ෂ කීපයකට පෙර පිටකත්‍රයෙහි ලා සංගෘහිත වූ නමුත්, ඒ එක් එක් පිටකයක ඇතුළත් වන පුස්තකයනුත්, එකී පුස්තකයන්හි පිළිවෙළින් අන්තර්ගත වූ සූත්‍රාන්ත ධර්ම දේශනාවනුත් පිළිබඳ විස්තරයක් සිංහල පාඨකයනට පහසුවෙන් වටහා ගත හැකි පරිදි මෙතෙක් සම්පාදනය නොවීමේ අඩුපාඩුව හුදෙක් පිරිමසාලීමේ අදහසින් මෙය පිළියෙල කරන ලදී.
 ත්‍රිපිටකය පිළිබඳ පර්‍යේෂණ පැවැත් වූ පෙර අපර දෙදිගෙහිම පඬිවරුන්ගේ ලිපි ලේඛනාදිය ආශ්‍රයෙන් පාලි භාෂාවේ සම්භවය හා ව්‍යාප්තිය ගැනත්, ධර්ම විනයාන්තර ගත පුස්තකයන්ගේ රචනා කාලයන් ගැනත් සිංහල පොත්වල සඳහන් නුවූ කරුණු රාශියක්ම මෙහි ඇතුළත් ය.
මෙකී සංස්කරණයෙහි විනය පිටකය සම්පූර්ණයෙනුත්, සූත්‍ර පිටකයෙන් දීඝ හා මජ‍්ඣිම නිකායනුත් මෙකල ආධුනිකයනට ප්‍රයෝජනවත් වන ලෙසකින් අන්තර්ගතකොට ඇත්තේ ය.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Herana Huruva

Out-of-Stock
හෙරණ හුරුව - ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පැවිද්දකු වශයෙන් දශක 05ට වැඩි කාලයක් ලත් තම අත්දැකීම් මූලික කරගෙන පූජ්‍ය මාපලගම මෙත්තෙය්‍ය හිමියන් නවක සාමණේරයන් වහන්සේලා අරමුණෙහි තබා 'හෙරණ හුරුව' ග්‍රන්ථය සසුනේ පැවිදි වූ සහ පැවිදි වන හෙරණුන් හට තම දායක පිරිස හා සම්බන්ධ කටයුතුවල දී දැනුවත් වීම සඳහා අවශ්‍ය ආගමික වතාවත් පිළිබඳව ග්‍රන්ථයක අවශ්‍යතාවය සපුරයි. 
සංඝගත දක්ෂිණාවේ පටන් බෝධි පූජාව දක්වා ආගමික වතාවත් ඉතා සරල අයුරින් රචනා කර ඇති මෙම ග්‍රන්ථය සෑම සාමණේරයන් වහන්සේ නමක් ම පරිහරණය කළ යුතු කෘතියක් වශයෙන් අගය කළ යුතුය.
Rs 198.00
Rs 220.00
-10%Out-of-Stock

Bauddha Bikshuvage Gaman Maga

Out-of-Stock
බෞද්ධ භික්ෂුවගේ ගමන් මග - සම්බුදු සසුන තුළ දිගු කලක් වැඩ සිටිමින් ශාසනයේ චිරස්ථිතිය පිණිස ක්‍රියාකාරී දායකත්වය සපයන භික්ෂුව සමාජයට මහත් ආශීර්වාදයකි. මෙම ශාස්ත්‍රීය කලාපය එළිදැක්වීමෙන් උපහාරයට ලක්වන "අපේ දේවහන්දියේ ජිනරතන නායක මාහිමියන් වහන්සේ ද" අඩ සියවසකට අධික කාලයක් මුළුල්ලේ සම්බුදු සසුනත්, සිංහල ජාතියත්, රැක ගැනීමෙහිලා සිය දායකත්වය සපයමින් ක්‍රියා කළ සංඝ පීතෘවරයෙකි. එබැවින් උන්වහන්සේට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව මගින් පිරිනමන ලද "අලුත්කුරු කෝරළයේ ප්‍රධාන සංඝනායක" පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ මහෝත්සවය වෙනුවෙන් සම්පාදනය කෙරෙන මෙම ශාස්ත්‍රීය සංග්‍රහය බෞද්ධ භික්ෂුව සම්බන්ධ යම් යම් පැතිකඩ මූලික කරගෙන රචනා කිරීමට උත්සාහ කළෙමු. 
Rs 270.00
Rs 300.00
-10%

Bhikshuni Samajaya - Buddhakalina Thorathuru Ashritha Adhyanayak

භික්ෂුණී සමාජය - බුද්ධකාලීන තොරතුරු ආශ්‍රිත අධ්‍යනයක් - කැළණිය විශ්වවිද්‍යාලයේත්, ඊට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේත්, මාගේ උපදේශකත්වය යටතේ දර්ශනපති හා දර්ශන විශාරද උපාධි පර්‍යේෂණයන්හි වසර ගණනාවක් අතිමහත් ධෛර්‍යයකින් හා විශාල කැපවීමකින් යුතුව කටයුතු කළ, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ, රාජ්‍ය පරිපාලන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්‍ය ආචාර්‍ය නිශාදිනී පීරිස් මහත්මිය සහජ හැකියාවන් රැසක් සහිත තැනැත්තියකි. උපදේශන විෂයෙහි ලා ඇයගේ දක්ෂතාව දිවයිනේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල කිහිපයක ප්‍රායෝගික හා න්‍යායික අධ්‍යාපන කාර්‍ය්‍යන්ගේ සාර්ථකත්වය තුළින් සනාථ වේ. ඉංග්‍රීසි සිංහල භාෂා දෙකින්ම කටයුතු කිරීමේ හැකියාවක් ඇති ඇය දේශීය හා ජාත්‍යන්තර සම්මන්ත්‍රණවල දී ඇයගේ පුළුල් විෂය ඥානය හා පර්‍යේෂණ හැකියාව ප්‍රදර්ශනය කර ඇත. ඇයගේ පර්‍යේෂණ ගණනාවක් අතුරින් ප්‍රකාශයට පත්වන මෙම කෘතිය ඇය ලබා ඇති ශාස්ත්‍රීය දියුණුවෙහි ඉතා සුළු ප්‍රමාණයක් නියෝජනය කරන්නක් බව මාගේ විශ්වාසයයි. 
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Palimutthakavinaya Winicchaya Sangaho

Out-of-Stock
පාළිමුත්තකවිනය විනිච්ඡය සංගහෝ - පාලි මුත්තක විනය විනිශ්චය නමැති මෙම මාහැඟි ග්‍රන්ථය පොළොන්නරු සමයේ දී පොළොන්නරුවේ ජේතවන විහාරයෙහි වැඩ විසූ විනය විශාරද ශ්‍රී ශාරිපුත්‍ර සඝරාජයන් වහන්සේ විසින් රචනා කරන ලද භික්ෂු විනය හා සම්බන්ධ වූවකි.
Rs 1,125.00
Rs 1,250.00
-10%Out-of-Stock

Ramaknknvansa Deepaniya

Out-of-Stock
රාමඤ්ඤවංස දීපනිය - සිරි ලංකා රාමංඤ්ඤ නිකාය ආරම්භ කිරීමේ දී ම එහි චිර පැවැත්මට අදාළ ව මූලික අඩිතාලම දැමීමට දූරදර්ශී වූ ආරම්භක මහ තෙරවරු පරපුරින් පරපුරට ලිවිය හැකි වන සේ රාමඤ්ඤවංස දීපනිය නමින් වංස කථා ග්‍රන්ථයක් ද ලියා තැබූහ. නිකායේ තෙවන හා සිව් වන මහා නායක පදවි උසුළා වදාළ ඕබඩකන්දේ විමලානන්දතිස්ස, මාතර ඤාණින්දාසභ යන දෙනම එහි කතෘවරු වෙති. එම ඓතිහාසික ග්‍රන්ථය සංවර්ධනය කරමින් "මහානායක සාදු චරියා" නමින් දෙවන කාණ්ඩයක් එකතු කොට අභිනවයෙන් සකස් කැරුණු මෙම කෘතිය ශාසන ඉතිහාසය සම්බන්ධයෙන් ඉතා වැදගත් වූවකි. 
ව්‍යක්ත, විනීත, විසාරද, බහුස්සුක, ධම්මධර, ධම්මානුධම්ම පටිපන්න වූ, ගුණ වෘද්ධ, ඥාන වෘද්ධ, වයෝ වෘද්ධ, තපෝ වෘද්ධ භික්ෂුවක් ම මහා නායක පදවියට පත් කර ගැනීම ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය, ආරම්භයේ සිටම අනුගමනය කළ ශාසන සම්ප්‍රදාය වෙයි. එබඳු මහානායක පරම්පරාවේ අපවත් වී වදාළ එකොළොස් නමකගේ උදාර සාදු චර්‍යාවන් පිළිබඳ සත්‍ය තොරතුරු මෙහි අන්තර්ගත කොට තිබේ. එබඳු උතුමන්ගේ චරිත අධ්‍යනය කිරීමෙන් වර්තමාන පරපුරට ගත හැකි ආදර්ශ බොහෝ ය. ඒ සඳහා පිටිවහලක් වන සේ රාමඤ්ඤවංස දීපනියට දෙවන කාණ්ඩයක් එකතු කර අභිනවයෙන් සකස් කිරීමෙන් සංස්කාරකවරුනුත්, ග්‍රන්ථය ප්‍රකාශනයට පත් කිරීමෙන් දේශබන්ධු සිරිසුමන ගොඩගේ මැතිතුමාත් කැරැ ඇත්තේ බුදු සසුනේත්, රාමඤ්ඤ නිකායෙත් ඉතිහාසයේ ගමන් මගට නවාලෝකයක් ලබා දීමකි.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Winaya Sasanaye Ayushai

Out-of-Stock
විනය සාසනයේ ආයුෂයි - විනය පිටකය සහ සූත්‍ර පිටකය උපයෝගී කර ගනිමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 315.00
Rs 350.00
-10%

Arahath Sangamith Puda

අරහත් සඟමිත් පුද - සංඝමිත්තා තෙරණියන් වහන්සේගෙන් ලාංකික කාන්තාවගේ උන්නතිය අරභයා වූ මෙහෙවර අතිශයින් වැදගත් වන්නේ ය. ඒ සංඝමිත්තාවෝ පිළිබඳ බොහෝ විස්තර මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ.
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Shramana Sampradaye Aihithihasika Pasubima Ha Budusamaye Annanyathawa

Out-of-Stock
ශ්‍රමණ සම්ප්‍රදායේ ඓතිහාසික පසුබිම හා බුදුසමයේ අනන්‍යතාව - මේ තුළින් කතුවරයා පෙරදිග අධ්‍යාත්මික ශික්ෂණයේ උපරිම ඵලය බුදුරජාණන් වහන්සේ බවත්, උන්වහන්සේ හඳුන්වා දුන් බුදුසමයත්, ශාක්‍යපුත්‍රීය සංඝ සංස්ථාවත්, ශ්‍රමණ සම්ප්‍රදායේ ආගමික කණ්ඩායම් අතරින් මතු වූ නවමු ඵලය බවත්, එහි ඓතිහාසික උරුමය මොහෙන්ජොදාරො-හරප්පා සභ්‍යත්වය දක්වා ඈත අතීතයකට දිවයන්නක් බවත් පර්‍යේෂණාත්මක විමර්ශනයෙන් හෙළි කරලීමට යත්න දරා ඇති බව පෙනේ. ප්‍රමාණයෙන් කුඩා වුවත් මෙම මහඟු පර්‍යේෂණාත්මක ග්‍රන්ථය බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ ඉතිහාසය හදාරණ ආධුනිකයන්ටත්, පර්‍යේෂණයන්හි නියැලෙන්නටත්, බෞද්ධ ශාස්ත්‍ර්‍රිය ගවේෂකයන්ටත් එක සේ ප්‍රයෝජනවත් වේ.
Rs 261.00
Rs 290.00
-10%Out-of-Stock

Saga Bala Perali

Out-of-Stock
සඟ බල පෙරළි - ශ්‍රී ලාංකේය සමාජ සන්දර්භය තුළ බෞද්ධ භික්ෂුවගේ කාර්‍යභාරය සමාජ විද්‍යාත්මකව විමසා බැලෙන මෙම කෘතිය මෙරට ජාතික ඉතිහාසය පිළිබඳව වැදගත් සංරචකයන් රැසක් විග්‍රහාත්මකව පැහැදිලි කළ කෘතියකි. දේශපාලනය තුළ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ බෞද්ධ භික්ෂූන් වහන්සේ තම සමාජ බලපෑම පදනම් කරගෙන පාලන පක්ෂයේ වෙනස්කම් ඇති කළ ආකාරය පිළිබඳව සමාජ විද්‍යාත්මක විමසා බැලීමකට මෙම කෘතිය තුළින් කතුවරයා උත්සාහ දරා ඇත.  
 
Rs 180.00
Rs 200.00
-10%

Nivanata Magahelikarana Upasampadava

නිවනට මගහෙලිකරන උපසම්පදාව - ලංකා භික්ෂුණී ශාසනය සියවස් ගණනාවකට පෙර අභාවයට පත්විය. එහෙත් ලාංකීය කුල කාන්තාවෝ කසාවතින් සැරසී හිමිතැන ද නොලැබ ධර්මානුකූලව බඹසරෙහි හැසිරුණි. යළිලද උපසම්පදාවෙහි ප්‍රභාව තුළ රැඳෙමින් වෑකඩ භදා තෙරණින් විසින් බුද්ධකාලීන හා පශ්චාත්කාලීන ආගමික තත්ත්වයන් අධ්‍යනය කොට නිවනට මඟ හෙළිකරන උපසම්පදාව මැයෙන් යුතුව මෙම කෘතිය එළි දක්වන්නීය. හුදු වර්ණයන්ගෙන් බැහැරව ධර්ම කරුණු රැසක එකතුවක් ලෙස මෙය හැඳින්වීම වඩාත් යෝග්‍යය.
Rs 247.50
Rs 275.00
-10%

Lankeya Deshapalanaye Yathivara Lakuna

ලාංකේය දේශපාලනයේ යතිවර ලකුණ  - මෙම අධ්‍යනය මඟින් අවධානය යොමු කරන්නේ නූතන ප්‍රජාතන්ත්‍රවාදය කේන්ද්‍ර කර ගත් දේශපාලන ක්‍රියාදාමය තුළ භික්ෂු ප්‍රතිරූපය භාවිතයට ගෙන ඇති ආකාරය මෙම ග්‍රන්ථය දේශපාලන විද්‍යාව, බෞද්ධ දර්ශනය මෙන්ම ජනසන්නිවේදනය යන ක්ෂේත්‍රයන් වෙත වැදගත් වන ග්‍රන්ථයක් බැවින් මෙම ක්ෂේත්‍ර පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට වැදගත් වනු ඇත. තවද මෙම ග්‍රන්ථය තුළින් දේශපාලන තීන්දු තීරණ ගැනීමෙහි ලා වර්තනමානයේ ලාංකික ජන සමාජයේ බහුතරය වූ බෞද්ධ ඡන්ද දායකයන් වෙත බලපෑමක් කිරීමේ හැකියාව භික්ෂුවට හිමි වී තිබීම මත එවන් තත්ත්වයක් නිර්මාණය වූ ආකාරය පිළිබඳ අවබෝධයක් ද මෙම ග්‍රන්ථය මගින් ලබාදීම සිදු වේ. මෙනිසා භික්ෂු දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට ද මෙම ග්‍රන්ථය වැදගත් වනු ඇත. 
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Prathimoksha Wivaranaya

Out-of-Stock
ප්‍රාතිමෝක්ෂ විවරණය - සියලු කුසල ධර්මයනට මුල සුවිසුද්ධ ශීලයයි. ශීල ධර්මයන් අතර ප්‍රමුඛ හෝ ප්‍රධාන ශීලය ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයයි. එහෙයින්ම අධිශීලයයිද කියනු ලැබේ. ප්‍රාතිමෝක්ෂ සංවර ශීල ශ්‍රද්ධා සාධකය ශ්‍රද්ධාවේ උපකාරයෙන්ම සිදු කර ගත යුතු වෙයි. එසේම තමන් විසින් රක්ෂා කටයුතු ශික්ෂා පද පිළිබඳ මනා දැනුමක් ශික්ෂාකාමීන් තුළ ඇති විය යුතුයි. එසේ නොදත්තෙකුට ඒ ශික්ෂාපද නොරැකිය හැකි වේ. ශික්ෂා ගරුකත්වය ඇති වන්නේ බුද්ධාදී රත්නත්‍රය පිළිබඳ ගෞරවය ඇතිවීමෙනි.
විනය ශාසනයේ ආයුෂයයි. විනය බබළන කළ ශාසනය ද බැබලෙයි. ප්‍රාතිමෝක්ෂ ශීලය රකින්නා අපායිකාදී දුකින් මිදෙයි. එහෙයින් පාතිමොක්ඛයැයි කියනු ලැබේ.
Rs 1,170.00
Rs 1,300.00
-10%Out-of-Stock

Bhikshu Deshapalanaya Samaga Apa Kohi Yanne

Out-of-Stock
භික්ෂු දේශපාලනය සමඟ අප කොහි යන්නේ - මෑත කලක සිට භික්ෂු දේශපාලනය ඇතුළු කරුණු කිහිපයක් පදනම්ව ශාසනයට මහත් විපතක් සිදු වෙමින් පවතින බව පැහැදිලිව පෙනෙන්නට ඇති නිසා මෙම ග්‍රන්ථය මේ අයුරින් ඉදිරිපත් කිරීමට තීරණය කළෙමි. කිසිදු අන්‍ය ආගමික බලවේගයකින් බුදු දහම විනාශ නොවන බවත් යකඩයේ බැඳෙන මළකඩ වලින් යකඩය විනාශ වන්නා සේ ශාසනය තුළින් ඇති වන්නා වූ පිරිහීම් හේතු කොට ගෙන ශාසනය විනාශ වන බව බුදුරජාණන් වහන්සේ දේශණා කර ඇත. එසේ හෙයින් මෙම කෘතියේ අඩංගු කරුණු සියල්ල ශාසනයේ අභිවෘද්ධියටත් ඒ හරහා මානව වර්ගයාගේ අභිවෘද්ධියටත් පිටුවහලක් වේවා යන ප්‍රාර්ථනයෙන් යුතුව ඉදිරිපත් කළ බව සඳහන් කරනු කැමැත්තෙමි. 
Rs 198.00
Rs 220.00
-10%

Sikavalada Pradeepaya

සිඛවළඳ ප්‍රදීපය - කථිකාචාර්‍ය කුමාරසිංහ දිසානායක විසින් සංශෝධනය කොට ඇති "සිඛවළඳ ප්‍රදීපය", සිඛවළඳ නම් නව වන හෝ දස වන හෝ සියවසට අයත් සිංහල විනය කෘතියේ අර්ථසර්වප්‍රකාරයෙන් වටහා ගැනීමට අදාළ අර්ථ විවරණ හා ඒ හා සබැඳි මූලික මූලාශ්‍රය ද පෙළ ගස්වා ලීමට ගත් ප්‍රයන්තයකි. කුමාරසිංහ මෙහිදී සිඛවළඳේ එක් එක් විනය නීතිය දක්වා එහි වචන හා නිරුක්ති සහිත අරුත් දෙයි. ඒ සමඟම මූලසික්ඛා හෙවත් මුල්සිඛ හෝ මුන්සිඛ නම් පාලි කෘතියේ අදාළ ගාථාව ද උපුටා ඊට අදාළ මූලසික්ඛා ටීකා පාඨය ද දෙයි. බොහෝ විට පාටිමොක්ඛ හෙවත් ප්‍රාතිමෝක්ෂ නම් බුද්ධභාෂිත මූල විනය පාඨය ද දෙයි.
මෙහි උපග්‍රන්ථයක් වශයෙන් පළ කෙරෙන මුල්සිඛ සන්තනී ගැටපදය සිඛවළඳ සඳහා සම්පාදනය වූ ග්‍රන්ථිපදයකි. මෙතෙක් ශාස්ත්‍රකාමීන් ඇස නොගැටුණු මේ ග්‍රන්ථය පළමු වරට විද්වත් ලෝකයා අතට පත් වන්නේ කුමාරසිංහ මහතාගේ උත්සාහය හේතුවෙන් බවත් සඳහන් කළ යුතු ය.
Rs 477.90
Rs 531.00
-10%Out-of-Stock

Theravada Samanera Bana Daham Potha

Out-of-Stock
 ථෙරවාදී සාමණේර බණදහම් පොත - ථෙරවාදී සාමණේර බණ දහම් පොත, පණ්ඩිත රංජිත් වනරත්න (බී.ඒ.) මහතා විසින් සම්පාදිත ථෙරවාදී සාමණේර බණ දහම් පොත කියවා බැලීමි. මෙයට පෙර මුද්‍රිතව ඇති සාමණේර බණදහම් පොත් හි හා හැම කරුණක්ම මෙහි ඇතුළත්ව ඇත. එයට වැඩි පුරත් ශාසන ඉතිහාස සරාංශය ද, කතිකාවතක් ද, ප්‍රත්‍යවෙක්ෂාර්ථ ද, සේඛියාවන්ගේ අර්ථ ද, පැවිදි කිරීමට නොසුදුස්සන් හැඳින්වීම ද, උපසම්පදාපෙක්ෂකයන් විසින් කටපාඩම් කරගත යුතු දෑ ද, පුණ්‍යානුමෝදනාවක්‍යයක් ද ඇතුළත් ව ඇත. එබැවින් මෙය බොහෝ සෙයින් අංග සම්පූර්ණ සාමණේර බණදහම් පොතකි. 
Rs 675.00
Rs 750.00
-10%Out-of-Stock

Bhikkshu Samajaya, Ehi Lankika Muhunuvara Ha Urumaya Saha Eyata Erehi Akramanika Balawegayanhi Nawa Prawanatha

Out-of-Stock
භික්ෂු සමාජය, එහි ලාංකික ,මුහුණුවර හා උරුමය සහ එයට එරෙහි ආක්‍රමණික බලවේගයන්හි නව ප්‍රවණතා -  මෙම විමර්ශනාත්මක ග්‍රන්ථය මගින් භික්ෂු සමාජයේ ආරම්භක ලක්ෂණයන් ඔස්සේ මුහුණුවර බුදු රජුන් ජීවමාන සමයේම පරිපූර්ණත්වයට පත් වූ අයුරු හා ලංකාගමනයෙන් පසු එය ලාංකික මුහුණුවර ගනිමින් මෙරට තුළ ස්ථාපිත වූ අයුරු හා විවිධ ආක්‍රමණික බලවේග එයට එරෙහිව නැගී සිටි අයුරු විස්තර කෙරේ. එමෙන්ම අද දවස වන විට ඒ සියලු ආක්‍රමණික බලවේග නව මුහුණුවර ගන්වමින් හා උපක්‍රමශීලී ලෙසින් සිය ආක්‍රමණික ක්‍රියාදාමය අඛණ්ඩව ක්‍රියාවට නංවමින් සිටින අයුරු ද පෙන්වා දෙයි. 
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Mulsikha

Out-of-Stock
Mulsikha - Professor Risiman Amarasinghe intimated to us his yearing desire to write a Thesis on the "Mulsikha" or Monkish discipline in English. We are quite aware of his thorough knowledge of Sinhala and Pali. It is indeed profound. Hence we encouraged him further. Yet we entertained doubts in our mind whether he possessed the Buddhist Doctrine and that too on an abstruse text related to the discipline of the Buddhist clergy.
We are aware that he is a non-Buddhist ; in fact a Roman Catholic by persuasion but amazingly his research induce us to reject such a view. Until now scholars considered the name of this text as “Sikhavalanda”. Prof. Amarasinghe terms it “Mulsikha”. He employs his logical perception to reach such a conclusion.
This research not only displays Prof. Amarasinghe’s sound knowledge in linguistics but also his etymological erudition. Further he has based his research approach on Munidasa Kumarathunga’s analytical research and editing system.
In sri Lankan literature a research work on this book has not so far been produced. Hence it is with great pleasure that I introduce this scholarly work to the reader.
Rs 495.00
Rs 550.00
-10%

Mahanakama 01

මහණකම 01 - හග්ගමුවේ සිරි රතනාලංකාර හිමි සඳුන් හා මා හා ඇත්තේ වසර සතළිහකට වැඩි සබැඳියාවකි. ඓදා මෙදා සිතේ වෙනසක් නම් නැත. එහෙත් ගතේ අමුත්තක් පෙනේ. අවුරුදු තිස් ගණනක් පිරුවන් ඇදුරුවරයකු හා පිරිවෙන්පතිවරයකු ලෙස කළ සේවයෙන් දෙස් විදෙස් පතළ කිතුරැසැති පළමු පෙළේ ගිහි පැවිදි උතුමන් ඇති බව මම දනිමි. 1990 දෙසැ 31 දින ඉසිඹු ලද උන් වහන්සේ හා පිළිසඳරේ යෙදී සිටි එක්තරා දිනක "දැන් විවේකවනෙ ඔබ වහන්සේ පන්සලේ වැඩ ඉන්නෙ. පොත් ලියන්නැ" යි ඇරයුම් කළෙමි.
ඒ අනුව මෙම පොතේ වැඩ බාගයක් කෙරීගෙන යද්දී දකුණතේ ඇඟිලිවල හිරියක් සෑදී රෝගීව සියලු කටයුතු නවතා දමා ඇඳටත් පුටුවටත් සීමා වූහ. නමුත් මගේ බලවත් ඇවැටිල්ල නිසාම පටන් ගත් දෙය අවසන් කළ යුතුයැ යි ගත් තීරණය මතය මෙය ඔබ වෙත එන්නේ.
එහෙත්, කෙසේ හෝ මෙහි දෙවන කොටස වෙසෙසින් උපසපන් හිමිවරුනට ඇවැසි දෙයින් සැරසී එළි දැක්වීමට ද මම මහන්සි ගනිමි.
Rs 171.00
Rs 190.00
-10%Out-of-Stock

Mahanakama 02

Out-of-Stock
මහණකම 02 - සිරි සම්බුදු සසුන මහණකම 1 සැපයුනේ බොහෝ සෙයින් පැවිද්ද පිළිබඳව දැනුමක් ඇතිකර ගැනීම හා විශේෂයෙන් සාමණේර භික්ෂූන්ගේ ප්‍රයෝජනය සඳහා බැව් දන්වමි. එහි දෙවැන්න වන මෙය උපසම්පදාපෙක්ෂකයන්ට මෙන්ම අධිශීලය - උපසම්පදාව ලත් ස්ථවිරයන් වහන්සේගේ ප්‍රව්‍රජ්‍යාව සාර්ථක කර ගැනීමට උපකාර වන කාරණාවන්ගෙන් යුක්ත කිරීමට වෑයම් කළෙමි.
Rs 180.00
Rs 200.00
-10%

Mahanakama 03

මහණකම 03
Rs 382.50
Rs 425.00
-10%

Sambhavya Bhikshu Adhyapanaya Ha Adhyapana Neethi

සම්භාව්‍ය භික්ෂු අධ්‍යාපනය හා අධ්‍යාපන නීති - මෙරට අධ්‍යාපනය පිළිබඳ සංක්ෂිප්ත, එහෙත් අත්‍යවශ්‍ය කරුණු අන්තර්ගත ඉදිරිපත් කිරීමක් මෙම කෘතියෙන් අරමුණු කෙරේ. හෙළ අටුවා යුගයේ සිට පාළි අටුවා කරණයෙන් අනතුරුව ටීකා හා ප්‍රකරණ බිහි වූ කාල වකවානුවල මහ සඟ රුවනේ අධ්‍යාපනය හා විශය පරිපාටිය ගැන මූලික ක්‍රම විධි ගෙන හැර දැක්වීමට යම් ප්‍රයන්තයක් දරා ඇත.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Purathana Sri Lankeyya Sanga Sanvidanaya Saha Ehi Wiyuhathmaka Padanama

Out-of-Stock
පුරාතන ශ්‍රී ලාංකේය සංඝ සංවිධානය සහ එහි ව්‍යුහාත්මක පදනම - ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍ර ඇසුරෙන් කරුණු විමසා බලමින් මුල් කාලීනව සංඝ සමාජය මුහුණ දෙන ගැටලු හා ඒවා නිරාකරණය පිණිස ගත් ක්‍රියා මාර්ග කවරේ ද යන්න වඩාත් ඉස්මතු කිරීමට, පරිච්ඡේද එකොළහක් යටතේ රචිත මෙම කෘතියෙන් අපේක්ෂා කෙරේ. මෙම අධ්‍යනයේ මූලික අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකාවේ සංඝ සමාජ හා එහි විකාශනය පිළිබඳවය.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Sanghadhikarana Lekana Samuchchaya

Out-of-Stock
සංඝාධිකරණ ලේඛණ සමුච්චය - ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අරමුණු කරගෙන ආයති භික්ෂු පරම්පරාවේ ප්‍රයෝජනය සඳහා, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වර්තමාන අධිකරණ ලේඛකාධිකාරි විනයාචාර්‍ය, ශාස්ත්‍රපති පූජ්‍යතර දෙපානම සුගතබන්ධු මහා සිථවිරයන් වහන්සේ විසින් සකස් කරන ලද සංඝාධිකරණ ලේඛන සමුච්චය අතිශයින් ම අගය කළ යුතු ග්‍රන්ථයකි. පැරණි වියත් මහ තෙරවරුන්ගේ අප්‍රකට දුර්ලභ ලේඛන මෙහි අන්තර්ගත වෙයි. සංඝාධිකරණ විෂය අරබයා ලියවුණු සිංහල පත පොත දුර්ලභය. එම අඩු පාඩුව මේ ලේඛන සමිච්චයෙන් බොහෝ දුරට සම්පූර්ණ වෙයි. භික්ෂූන්ට පමණක් නොව, නීති වෘත්තිකයන්ට ද මෙය අධ්‍යයනය කිරීම ඉතා වැදගත් වනු ඇත.
Rs 247.50
Rs 275.00
-10%Out-of-Stock

Sri Lankave Bhikshuni Parshadaya Pilibada Wimarshanayak

Out-of-Stock
ශ්‍රී ලංකාවේ භික්ෂුණි පර්ෂදය පිළිබඳ විමර්ශනයක් - ත්‍රිපිටකය ප්‍රධාන මූලාශ්‍ර කරගනිමින් අදාල වංශ කථා හා අටුවා උප මූලාශ්‍ර කර ගනිමින් මෙම ග්‍රන්ථයෙන් අප විසින් සාකච්ඡා කරනුයේ දෙවෙනි වරට ශ්‍රී ලංකාවේ ආරම්භව ක්‍රියාත්මක වෙමින් පවතින භික්ෂුණී පර්ෂදය හා තදනුබද්ධ වූ ධර්ම විනයානුකූල විමර්ශනාත්මක විග්‍රහයකි. භික්ෂු ශාසනය, භික්ෂුණී ශාසනය ව්‍යවහාරය ශාස්ත්‍රීය නොවන බව අපගේ පිළිගැනීමයි. උපාසක ශාසනය, උපාසිකා ශාසනය යනුවෙන් ව්‍යවහාරයක් නැත. ඇත්තේ බුද්ධ ශාසනය පමණි. 'පරිසා' යන පාලි වචනයට අනුරූප 'පර්ෂද' යන සංස්කෘත පදය වඩාත් සුදුසු යැයි පෙනී යන බැවින් එය මෙහි යොදා ඇත. ත්‍රිපිටක මූලාශ්‍ර වල උධෘත 'බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා' ඇසුරෙන් බව කරුණාවෙන් සලකන්න.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Shikshanaya Ha Wimukthiya

Out-of-Stock
ශික්‍ෂණය හා විමුක්තිය - මෙම ග්‍රන්ථයේ කර්තෘ ජෝන් ක්ලුෆර්ඩ් හෝල්ට් ශ්‍රී ලංකාවේ බුදු දහම, ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳව දිගුකලක සිට පර්‍යේෂණයන්හි නියැළී සිටින ඇමරිකානු මහාචාර්‍යවරයෙකි. මේ පරිවර්තනය යොදාගනු ලැබූ DISCIPLINE නම් ග්‍රන්ථය ඔහුගේ ප්‍රථම ශාස්ත්‍රීය නිබන්ධනයයි. මෙය විනය පිටකය පිළිබඳ ගැඹුරු විග්‍රහයකි. මුල් බුදු දහමේ සාරය හා විමුක්ති මාර්ගය විනය පිටකයේ ගැබ්වන ආකාරය මෙහි විමසීමට ලක්වෙයි.
Rs 225.00
Rs 250.00
-10%

Dabadeni Kathikawatha Saha Bhikshu Samajaya

දඔදෙනි කතිකාවත සහ භික්ෂු සමාජය - පරිච්ඡේද පහකින් සමන්විත මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය කතිකාවත් හා ලංකාවේ මධ්‍යකාලීන සංඝ සමාජය පිළිබඳ ඓතිහාසික තොරතුරු රැසක් විද්වත් පාඨකයාට සමීප කරවයි. 
Rs 207.00
Rs 230.00