Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Me Bhawayedima Sowan Wenna Puluwan
ඔබ මෙම ග්‍රන්ථය කියැවීමෙන් අවසාන වශයෙන් ඉගෙනගතයුතු කරුණු දෙකක් ඇත. පළමු වැනි කරුණ; සෝවාන් මාර්ගයෙහි ගමන් කරන ඔබ සෝවාන් මාර්ගයට පත්වීමට පහතදැක්වෙන අංග හතරෙන් අනිවාර්යයෙන්ම එගොඩ විය යුතුය. එම අංග හතර නම්; (1) බුදුරජාණන් වහන්සේගේ ගුණ දැන නොසැලෙන පැහැදීම. (2) ධර්මයේ ගුණ දැන නොසැලෙන පැහැදීම. (3) සංඝ රත්නයේ ගුණ දැන නොසැලෙස පැහැදීම. (4) ඔබ ආර්යකාන්ත ශීලයෙහි (පංචසීලයෙන්) සමන්නාගත වීම. දිනපතා ත්‍රිවිධ රත්නයට මල් පහන් සුවඳ දුම් පූජාකොට ත්‍රිවිධ රත්නයේ ගුණ 24 දිනපතා සජ්ජායනා කිරීමෙන් ඔබ සෝවාන් මාර්ගයට පත්වෙනු ඇත. සතර අපායෙන් මිදෙනු ඇත.
දෙවැනි කරුණ; සෝවාන් ඵලයට පත්වීමට නම්; (1) සත්පුරුෂ සේවනය, (2) සද්ධර්ම ශ්‍රවණය, (3) යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වීම, (4) ධර්මානුධර්ම ප්‍රතිපදාව - ශ්‍රවණය කළ ධර්මය අනුව මෙනෙහි කිරීමට ක්‍රියා කිරීම යන අංග හතර සම්පූර්ණ කිරීමෙන් ඔබ අංග අටම සම්පූර්ණ කරනු ඇත. එවිට ඔබ සෝතාපත්ති තත්ත්වයට පත්වීම අවසන් කරනු ඇත. ඔබ කුසල ගංගා හෙවත් පුණ්‍ය ගංගා අටෙන්ම එතෙර වනු ඇත.
ආර්.ජේ.ද සිල්වා

Rs 1,530.00
Rs 1,700.00
Lenad Wulf Baddegama Saha Wulf Noki Baddegama Namal Prasantha Dayawansha
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නාමල්ගේ මෙම කෘතිය ලෙනාඩ් වුල්ෆ් වටා ගෙතුණ බොහෝ අගනා තොරතුරු එක්රැස් කොට සිංහල පාඨකයා වෙනුවෙන් රචනා කරන ලද අනගි නිර්මාණයකි. අප රටේ බොහෝ දෙනා දැන සිටියේ, වසර හතක වුෆ්ගේ උප දිසාපති භූමිකාව හා ඔහු විසින් රචනා කරන ලද 'බැද්දේගම ' නවකතාව ගැන පමණකි. වුල්ෆ් චරිතය ඇසුරු කර සහ ඔහු ගැන ලියූ දෙස් විදෙස් ලේඛකයන්ගේ කෘති සේවනය කරමින්, යටත් විජිතයුගයේ ලංකාවේ සිටි පරිපාලකයෙකු හැටියටත්, ලිබරල්වාදී චින්තකයෙකු හැටියටත් ඔහුගේ පසුකාලීන ක්‍රියාකාරීත්වය මෙහි පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වෙයි. අධිරාජ්‍යවාදී අදහස් ඒ අයුරින් නොගෙන මානව හිතවාදී දෘෂ්ටියකින් ලෝකය දෙස බලා ඔහු කටයුතු කර ඇති ආකාරය මෙහි දක්වා තිබීම ඉතා වැදගත්ය. බ්‍රිතාන්‍ය වාමාංශික ව්‍යාපාරයේ හා කම්කරු පක්‍ෂයේ ක්‍රියාකරුවකු වූ වුෆ්ගේ මෙකී දේශපාලන උද්යෝගය එක්සත් ජාතීන්ගේ සංගමයේ මූලාරම්භයට යම් දායකත්වයක් සැපයිණි.
එසේම ඔහුගේ බිරිඳ වූ වර්ජිනියා වුෆ්ගේ සාහිත්‍ය ව්‍යාපාරය පිළිබඳව හා ඒවා ඇසුරින් නිර්මාණය වූ විවාදාපන්න චිත්‍රපට පිළිබඳව ලේඛකයා සිදුකරන එළිදරව් කිරීමේ ද ඉතා වැදගත් ය. වුල්ෆ් යුවළගේ සාහිත්‍ය, සමාජ, දේශපාලන යන ක්ෂේත්‍ර වල බලපෑම බ්‍රිතාන්‍යයට පමණක් සීමා නොවූ අතර ප්‍රංශය ඇතුළු යුරෝපීය රට වලට ද එහි බලපෑම ඇති විය. එහෙයින් මෙම නව විද්වත් රැඩිකල් අදහස් එම ශත වර්ෂයේ ආරම්භයේ යුරෝපයේ ජනයාගේ බුද්ධිය පුබුදු වන ලද ප්‍රබල දේශපාලන හා සාහිත්‍ය සංවාද හැටියට සැලකිය හැකිය.මෙම කෘතිය ඉතා වෙහෙස මහන්සිව රචනා කිරීමෙන් නොමල් සිදුකර ඇත්තේ ලාංකීය ප්‍රජාවගේ බුද්ධිමය ප්‍රබෝධය හා දැනුම පුළුල් කරන වටිනා වූත් සුවිශේෂ වූත් අපදාන කෘතියක් ලාංකීය පාඨකයාට ප්‍රදානය කිරීමකි.
සේවාර්ජිත මහාචාර්ය සෝමරත්න බාලසූරීය

The Jewel Of The Universe
The lotus comes out of water and blooms purely radiating its brilliance and fragrance. Likewise, the Buddha leaves the world of ignorance and shines brightly illuminating all the worlds with His Enlightenment. When we believe in the virtues of the Buddha our minds develop confidence-saddha. When the confidence increases, the mind goes in search of merits. Collecting a lot of merits is as much beautiful as collecting flowers to make a garland. Morality increases developing wisdom. Mind cleanses shining brilliantly. in sinhala translate
Rs 225.00
Rs 250.00
Danaya Nirwanaapodaya Pinisada
කතෘ හිමියන්ගෙන්....
බෞද්ධයාගේ පරම ප්‍රාර්ථනය නිවනය. මග ඵල ලැබීමටය. මග ඵල ලැබීමට දන්දීම නිසාම නොහැකිය. ඒ සඳහා මාර්ගඥාන අවබෝධය අවශ්‍යය. විදර්ශනා භාවනා වැඩීම ඒ සඳහා කළ යුතුය. සමත විදර්ශනා භාවනා කරන්නවුන් විසින් සිතෙහි අලංකාරය පිණිස දන් දෙති.
බුද්ධාදී උත්තමයන් දන්දීම තණ්හාව ක්ෂය කිරීමට දන්දීම මගින් අතහැරීම සිදු කරයි. ප්‍රථමයෙන්ම සිදු කළේ එනිසාය. පරිත්‍යාගය අත්‍යාවශ්‍යය. ඒ සඳහා දන් දිය යුතුය. දෙන දේ බත් පිඬක් වුව අසදෘශ මහා දානය වේලාම දානය වැනි මහා දානයක් වුව දෙන විට පතනුයේ සංසාර කාම සම්පත් නම් ඉන් සසර සැපම ලැබෙයි. එහෙත් නිවැරදි චේතනාව විය යුත්තේ "ඉධං මේ දානං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්කා පමුඤ්චතු" මාගේ මේ දානය සියලු දුක් දුරුකොට කෙලෙසුන් නසා නිවන් ලැබුම පිණිසම වේවා යන්නයි.

Rs 540.00
Rs 600.00
Kanda udarata gaman viththi
කන්ද උඩරට රාජධානියේ පිහිටි දැක බලා ගත යුතු අපමණ තැන්වලින් තෝරාගත් පෞරාණික සහ සුන්දර තැන් කිහිපයක් සොයා ගිය ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම කෘතිය රචනා කර ඇති අතර. මේ සෑම තැනක් සමඟම බැඳී පවතින්නේ කුතුහලය දනවන කතා පුවතක්ය.
බලන කපොල්ල, දිවිදොස්ගල දැක බලා ගෙන සුද්දන් ඉදිකළ පැරණි පාලම් වලින් මහනුවරට ඇතුළු වන කතුවරයා ලේවැල්ල කොටුතෙළ හරණය කර කුණ්ඩසාලේ නුවර දැක බලා ගෙන මැද මහනුවරට පැමිණෙයි. දුම්බර පුරාණ අමිබලම්වල නවතිමින් හිල්ඩය, ලැමසූරියගම, නිල්ලඹ නුවර, මන්දාරම් නුවර, සගම රජමහා විහාරය, එළදැක්කේ නොක්ස්ගේ ගම, වියන් ඇල්ල ඇතුළු තැන් රැසක් සොයා වාරිකා කරයි.

Rs 945.00
Rs 1,050.00
Sinhala Kashaya Sangrahaya
සිංහල කෂාය සංග්‍රහය නම් වූ මේ වෛද්‍ය ග්‍රන්ථය වනාහි අතීත ලංකාවෙහි සකලාංග සම්පූර්ණ ඉමහත් දියුණුවකින් පැවති ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය හකුළුවා පැවිදි - ගිහි පඬිවරයන් විසින් ලියන ලද අර්ක ප්‍රකාශය (ශ්‍රී ලංකාධිපති රාවණ අධිරාජ) සාරාර්ථ සංග්‍රහව (ශ්‍රී ලංකාධිපති නරේන්ද්‍ර බුද්ධදාස) වරසාරාර්ථ සංග්‍රහව -සාරසංග්‍රහව - යොගාණිවය ප්‍රයෝග රත්නාවලිය (මයුරපාද පරිවෙණාධිපති බුද්ධ පුත්‍ර හිමි) භෙසජ්ජ මඤ්ජුසාව (පංචමූල පරිවෙණාධිපති හිමි) යෝගරත්නාකරය (මෝරගම්මන හිමි) වරයොග සාරය - හෙසජ්ජ මංජුසා සන්නය (වැලිවිට ශ්‍රී ගරණංකර සංඝරාජ හිමි) ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ වෛද්‍යවරයාගේ අත් වේද පොත, ඇහැළපොළ අධිකාරම්තුමාගේ අත්වෙද පොතහා දඹදිව විසූ චරක - සුශ්‍රුත - වාග්භටාදි මහා දාර්ශනිකයන් විසින් ද ලියන ලද වෛද්‍ය ග්‍රන්ථයන්හි එන ප්‍රත්‍යක්ෂ ඵලදාසි ඖෂධ යෝග උපුටා තුන්දොස් සමනයෙන් දීර්ඝකාලීන නීරෝගතාවය අපේක්ෂා කරන රෝගීන්ගේ හා වෛද්‍යවරයන්ගේ ප්‍රයෝජනය සඳහා සකස් කරන ලද්දකි.
Rs 832.50
Rs 925.00
Cheena Therunge Gaman Vistharaya ha Hiuen Siyan BramanaWruthnthaya
ක්‍රි. ව. 629 දී ඉන්දියාවට පැමිණ අවුරැදු 16 ක් එහි වැස ධම ශාස්ත්‍ර ඉගෙන මුළු ඉන්දියාවේම ඇවිද සිද්ධස්ථානාදිය බලා, පොත් රාශියක් එත්කොට ගෙන ක්‍රි.ව. 645 හේ දී චීනයට පැමිණි හියුං සියං තෙරනම ලියූ ගමන් විස්තරය තරම් විශාල ගමන් විස්තරයක් අන්‍ය චීන තෙරනමක් විසින් නොලියන ලදී. චීන බසින් ලියූ ඒ ගමන් විස්තරය සමුවේල බිලී පඬිතුමා විසින් ඉංග්‍රීරිසියට නගන ලදී. ඉන්පසු එය ගමන් විස්තරයන්ගේ සිළුමිණක් බව දැනගත් පඬිවරු ප්‍රංශ, ජර්මන්, වංශ ආදී භාෂාවලටද, නැගූහ. මේ සිංහලානුවාදය වනාහි වී ගමන් විස්තරයන් එතුමාගේ ජීවන චරිතයත් එක්කොට ගලපා කරන ලද්දකි. "හියුං සියං යන්න ඒවං ඒවා යයිද ශබ්දය කරනු ලැබේ.
Rs 630.00
Rs 700.00
Jataka Tales Of The Buddha 4, 5, 6
Reincarnation or Rebirth was something taken for granted and a living reality in the continent of India 2600 years ago. Considering the present-day scenario, the West is inching its way into accepting reincarnation as something similar judging from various publications and experiments on hypnotic regression. In these stories found within these pages have been enumerated the past births of the Buddha, which were delivered as discourses as a cure for a certain psychological malady of a certain monk. These stories are parabolic in their exhortations and full of insights into leading a life fully in accordance with the morality inculcated in Buddhism. There are 548 Jataka Stories in all. Earlier 217 of these Tales were published with the translator and editorship of Ken and Visakha Kawasaki. The 331 odd stories found in this three-volume treatise is published as a sequel to the above with the translator and editorship of Mr. Viranjeewa Weerakkody.
Rs 3,960.00
Rs 4,950.00
Sethathra Malava Saha Srva Deva Kannalauva
'සෙතාත්‍ර මාලව සහ සර්ව දේව කන්නලවුව' යන මෙම ග්‍රන්ථය නිමල් ප්‍රේමතිලක මහතා විසින් රචනා කර ඇති අතර සමාන්‍ය ජනතාවට පහසුවෙන් කියවිය හැකි සේ සරලව නිතර අවශ්‍ය වන දේව සෙතාත්‍ර සහ කන්නලව් රාශියක් එකතු කොට කෘතිය රචනා කර ඇත.
Rs 234.00
Rs 260.00
Dhamma Padaya
Out-of-Stock
ධම්ම පදයේ ඇතුළත් වන්නේ "ගාථා" නම් වූ ශාස්තෘ ශාසනයයි. එම ගාථා සංඛ්‍යාව හාරසිය විසි තුනකි. මේ උතුම් ගාථාවන් ශාස්තෘ ශාසනය නමින් හඳුන් වන්නේ මේ තුළ පවතින සුවිශේෂී ගුණයක් නිසාය. එනම් මේ උතුම් ගාථාවන් ගේ අරුත් අවබෝධ කර ගෙන ඒ අනුව ජිවිත සකසා ගත හොත් ඒ ශ්‍රාවකයා හට මේ සංසාර දුකින් අත් මිදී ඒ අමා නිවන සාක්‍ෂාත් කළ හැකිය.
Rs 360.00
Rs 400.00
Sumadura Kavi Bana
කවිබණ පොත ගැන...
කවිය හා බුදු දහම අතර ඇත්තේ අභේද්‍ය සම්බන්ධතාවයකි. සිදුහත් මහ බෝසත්තුමා උපත ලබා පියුම් පිට සත් පියවරක් ගමන් කොට කීවේ "අගෝ හමස්මි ලෝකස්ස' යනුවෙන් කවියකි. බුද්ධත්වයට පත් ව කළ උදන් ඇනීම ද "අනේක ජාති සංසාරං" යනුවෙන් රසවත් කවියකින් කොට ඇත. මේ නිසා රහත් තෙර තෙරණියෝ ද ස්වභාව සෞන්දර්යයෙන් උදම් ව රසවත් කවි කීහ. වංගීස මහරහතන් වහන්සේ ප්‍රතිභා පූර්ණ කවියන් අතුරෙන් අග්‍රස්ථානය ලබා ගත්හ. එදා මෙදාතුර කවිය බුදුදහම සමග පවතින සම්බන්ධතාව අඛණ්ඩ ව පැවත එයි. ඒ ඒ වකවානුවල හෙළ කවියේ උන්නතිය හා අවනතිය දක්නට ඇත. නූතන යුගයේ ද සනිටුහන් වී ඇත්තේ හෙළ කවියේ පරිහානිය යි. කවිය නගා සිටුවීමේ කාර්යභාරය ගිහි පැවිදි දෙපක්ෂය ම දැරිය යුතු ය.
කවිබණ දේශකයන් වහන්සේ අතින් එළිසම කාව්‍ය පෝෂණයට ලැබෙනුයේ අමිල දායාදයෙකි. උත්පත්තියෙන් මිහිරි කටහඬක් දායාද කොට ඇති හිමිවරු කවිබණ දේශනයට පෙලඹෙති. එහෙත් බොහෝ කවිබණ දේශක හිමිවරුන්ට පද්‍ය බන්ධනයෙහි හැකියාව අඩු ය. එහෙයින් උන්වහන්සේට අතදීමක් වශයෙන් මම "සුමිහිරි කවිබණ " නමින් කවි බණ දහයක් සංග්‍රහ කොට මරදානේ රත්න පොත් ප්‍රකාශකයන්ට භාරදී පොතක් වශයෙන් එළිදැක්වීමි. ඊට පසු "සවණීය බුදුබණ ", "මේ කාලේ කවිබණ, '' '' සත්සිත් සනසන පන්සිල් කවිබණ " නමින් පොත් තුනක් එළි දැක්වීමි. "සුමධුර කවිබණ " මගේ පස්වැනි කවිබණ පොත යි.

Rs 378.00
Rs 420.00
Sanna Sahitha Purana Maha Sathipattana Suthraya
මහනුවර කාලයෙහි විසූ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේ සහ උන්වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පිරිස මහනුවර සාහිත්‍ය ඉතිහාසය බැබලුවන් වේ. පාලි ප්‍රබන්ධකරණය මෙන්ම පාලි දහග්න්‍යාය හෙළ බසින් තැබීම සඳහා මහත් උත්සාහයක් ගත්තේද සඟ රජ ශිෂ්‍යානුශිෂ්‍ය පිරිස ය. එහිදී පළමුවෙන් කළ දේ පාලි දහම්නය හෙළයෙන් කළ පැරණි සන්න මතුකර ගැනීමයි.
මේ උත්සාහය නිසා එතෙක් අප්‍රකටව පැවති පැරණි සන්න ගණනාවක් නැවත සාහිත්‍යයේ දිස්වන්නට විය. සඟරජ හිමියන් ඇරඹූ මේ කාර්යය වඩාත් දියුණු කරන ලද්දේ උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස් විසිනි. ඒ අනුව එවක ලියූ සූත්‍ර සන්න ගණනාවක් පවතී. ඒවා අතර සතිපට්ඨාන සූත්‍ර සන්නය එවක බොහෝ දෙනෙක් භාවිත කළ පොතකි. එය සග රජ හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය තිබ්බටුවාවේ නාහිමියන් විසින් ලියන ලද්දකි.

Sangharaja Sadhuchariyava
හෙල බස සාහිත්‍ය නෑසී යමින් පැවති යුගයක බසට නව අරුතක් දෙමින් එදා සිටි අපගේ ස්ථවිරයන් වහන්සේලා අතර අප සියල්ලන්ගෙම සිත් තුළ විරාජ මාන නාමයක් ලෙස වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ හැදින්විය හැකිය. එම බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ තිබූ ඒ එඩිතර භාවයත් නිර්භීත භාවයත් හෙල බසට සාහිත්‍යට තිබූ ළෙන්ගතු භාවයත් පිළිබදව හේන්පිටගෙදර පියනන්ද ස්ථවීරයානන් වහන්සේ විසින් විරචිත සංඝරාජ චරිතය නම් මෙම කෘතිය ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 198.00
Rs 220.00
Sumihiri Kavi Bana
දයා අංහෙට්ටිගම මහතා විසින් රචනා කරණ ලද ' සුමිහිරි කවි බණ' නම් මෙම කෘතිය තුළ මට්ටකුන්ඩලී,නන්ද තෙරුනුවෝ, ආලවක දමනය, පිතෘ උපස්ථාන වැනි අද සමාජයේ බොහෝ විට සාකච්චා නොවේන ඉතා වටිනා මාතෘකාවන් කවිය තුළින් ජිවිතයට උපදේශයක් එක් කර ගත හැකි ලෙස ලොකු කුඩා සියලු දෙනාටම ප්‍රිය උපදවන ආකාරයට රචනා කරන ලද ඉතා වටින කාව්‍ය මය කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 387.00
Rs 430.00
Sinhala Thupa Wanshaya
දුටුගැමුණු මහ රජතුමා විසින් අනුරාධපුරයෙහි කරවන ලද රුවන් වැලි සෑය පිළිබඳ ඉතිහාසය පවසන ථුපවංශ' නම් වූ මේ ග්‍රන්ථය සකල විද්‍යාචක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිත නම් උගතෙකු විසින් රචනා කරන ලද්දකි.මේ පඬිවරයා හා බුත්සරණ කළ විද්‍යා චක්‍රවර්තීන් එක් කෙනෙක්ම යයි මීට කලකට පෙර අප අදහස වූ නමුත් ඒ අදහස වැරදි බව කියන්ට දැන් කරුණු තිබේ.බුත්සරණෙහි භාෂාව හා වෙනත් කරුණුත් පරික්ෂා කළ විට පෙනෙන්නේ එය පොළොන්නරු කාලයට අයත් ය යන බවය. ථූපවංශයෙහි සමහර තැන බුත්සරණින් ගෙන යෙදූ පාඨ තිබෙන නමුත් එය කුරුණෑගල කාලයට අයත් බව එහි තිබෙන ද්‍රවිඩ වචන බහුල වූ භාෂාවෙන් ඔප්පු වේ. මෙහි පෙනෙන ' මයිලඩි' ආදී සමහර ද්‍රවිඩ වචන අනික් සිංහල පොතක නැත්තේය.
මහා ස්තූපය පිළිබඳ ඉතිහාසය ඇතුළත් මේ පොතෙහි මුල බුද්ධ චරිතය සංක්ෂේපයෙන් දක්වන ලදී. මාර යුද්ධය මනොරමාකාරයෙන් මෙහි දක්වන ලදී. දශ පාරමිතාවන් යොධත්වයෙන් රූපණය කොට කළ වර්ණනාව අතිශය චමත්කාර ජනකය.මේ පොත බෞද්ධයන් විසින් බණ පොතක් ලෙස ආදරයෙන් කියවනු ලැබේ. සමහර විට අධ්‍යයන පරීක්ෂණයන් සඳහා ද මෙහි කොටස් නියම කරනු ලැබේ.සම්පූර්ණ ථුප වංශය දැන් සුලභ නොවේ. ඒ පිළිබඳ ව යෙදීමට අපට කාලයක් නොමැති හෙයින් ඒ කාර්යය විද්‍යොදය පිරිවෙනෙහි ආචාර්යවරයෙකු වූ පණ්ඩිත ගලගම සරණංකර ස්ථවිර නමට පැවරිමු. ඒ ස්ථවිර නම විසින් මෙය සකස් කර ඉතා අමාරු ගැටපදයට විවරණයක් ද සම්පාදනය කරන ලදී. මේ පොත කියවන සාමාන්‍ය බෞද්ධයන්ට ඒ ගැටපද විවරණය ප්‍රයෝජනවත් විය හැකිය.
වැලිවිටියේ සෝරත නායක ස්ථවිර

Deva Withthi Sahitha Kolmura Kavi
Out-of-Stock
දිගු කලක සිට මෙරට භාවිත වන, දෙවියන් පිළිබඳ කවි එක් රැස් කොට තනි පොතක් වශයෙන් අද ඔබ අතට පමුණුවන මෙම කෘතිය. රුහුණු මාගම් පුර පෙදෙසේත්, සබරගමු පළාතේ හා නුවර ගම්පොළ ආදි පළාත් වලත් භාවිත වන දේව කවි රැසක එකතුවක් ලෙස හැදින්විය හැකිය.
Rs 738.00
Rs 820.00
Budu Rajanan Wahansege Luhundu Dharma Deshana
''බුදු රජාණන් වහන්සේ ලුහුඩු ධර්ම දේශනා දම් සභා මණ්ඩපය'' යන මෙම කෘතිය තුළ බුදු පියාණන් වහන්සේගේ සතර අකාරවන ධම්ම දේශනා ක්‍රමවේදය තුළින් මහ රහතන් වහන්සේලාට මෙන්ම ගිහි සැදැහැවතුන් හටද ධර්මය දේශනා කර දැහැමි මාර්ගයට ගත් අකාරය සදහන් වන අතර මෑත කාලීන සමාජයේ සියලු දෙනා හටද ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 584.10
Rs 649.00
Patichcha Samuppadaya Manasa Pilibada Wishleshanayak
පටිච්ච සමුප්පාදය මනස පිළිබද විශ්ලේෂණයක් යන මෙම කෘතිය වසර පහළොවක පමණ කාලයක සිට භාවනාවෙහි යෙදී අත්දැකීම් ලබාගෙන සිටින නිමල් ප්‍රනාන්දු මහතා විසින් රචනාකර ඇති අතර එය සත්වයකුගේ භවාන්තර උත්පත්තිය සංසාරික පැවැත්ම ධර්මාවබෝධය හා නිර්වාණවබෝධය පිළිබදව විස්තර කරයි.නොයෙකුත් කරුණු සංයෝජනය වීමෙන් මුළු විශ්වධාතුවම ඇතුළුව එහි තුළ අන්තර්ගත සියලු වස්තූන්හි හටගැන්ම,පැවැත්ම අභාවයටපත්වීම හා නැවත හට ගැන්ම සිදුවන බවත් මේ චක්‍රයෙන් මිදී යා හැකි බවත් ඒ සදහා මාර්ගයයක් පවත්නා බවත් ධර්මයෙහි විග්‍රහ වේ.
මෙම ග්‍රන්ථයේ කර්තෘ නිමල් ප්‍රනාන්දු මහතා පටිච්ච සමුප්පාදය තුළින් සිත පිළිබද විශ්ලේෂණයක් මෙහි ඉදිරිපත් කර ඇත. පටිච්ච සමුප්පාදය පිළිබදව ගැඹුරු අවබෝධයක් නොමැති අයට වුවද ඒ පිළිබදව ක්‍රමානුකූල අවබෝධයක් ලබා ගැනීමට පිටුවහලක් වන ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.

Rs 840.00
Rs 1,050.00
Budu Dahame Meda Mawatha Hewath Samathulithatha Muladharmaya
සබ්බමතථිතිබෝ කච්චායන අයම්කෝ අනෙතා සබ්බනතථිබො අයං අනේතා, එතේ බෝ කච්ජායන, උභෝ අන්තේ අනුපගම්ම තථාගතෝ ධම්මං දේසෙති.
කච්චායනය ! සියල්ල ඇතැයි යන දැකීම එක් අන්තයකි. සියල්ල නැතැයි යන දැකීම දෙවන අන්තයයි. කච්චායනය ! මෙම අන්ත දෙකටම නොපැමිණ තතාගතයන් මධ්‍යම මාර්ගයෙන් ධර්මය දෙශනා කරන්නේය.
'බුදුරජාණන් වහන්සේ'
කච්චායනය ! සියල්ල ඇතැයි යන දැකීම එක් අන්තයකි. සියල්ල නැතැයි යන දැකීම දෙවන අන්තයයි. කච්චායනය ! මෙම අන්ත දෙකටම නොපැමිණ තතාගතයන් මධ්‍යම මාර්ගයෙන් ධර්මය දෙශනා කරන්නේය.
'බුදුරජාණන් වහන්සේ'
Rs 371.70
Rs 413.00
Nirvana Prathipadava
Out-of-Stock
පූජ්‍ය මොරටුවේ ගුණරතන හිමියන් විසින් රචනා කරන ලද ''නිර්වාණ ප්‍රතිපදාව'' නම් මෙම කෘතිය බුදුන් වහන්සේගේ දේශනාවන්හි සදහන් දහම් කරුණු සියලු බෞද්ධ ශ්‍රාවකයන් හට තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් රචනා කරණ ලද ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 743.40
Rs 826.00
Sinhala Sahithya Yata Sidu Wu Wideshiya Balapama
මෙම කෘතිය මඟින් 16 වන සියවසේ පෘතුගීසි ආක්‍රමණයේ සිට 17 වන සියවසේ ලන්දේසි බලපෑම දක්වා වූ කාලපරිච්ඡේදය තුළ සිංහල සාහිත්‍යය ලත් නව මුහුණුවර විග්‍රහ කෙරේ. කෝට්ටේ යුගයේ පරිහානියත් සමඟ සාම්ප්‍රදායික සාහිත්‍ය රටාවෙන් බැහැරව, බටහිර ආගමික, සංස්කෘතික සහ භාෂාමය බලපෑම් සිංහල ලේඛන කලාවට හා ජන විඥානයට කාන්දු වූ ආකාරය මෙහිදී මූලිකව සාකච්ඡා වේ.
විශේෂයෙන් පෘතුගීසි ආභාසයෙන් බිහි වූ ක්‍රිස්තියානි සාහිත්‍යය, සිංහල භාෂාවට එක් වූ පෘතුගීසි වචන සහ මහනුවර යුගයේ මුල් අවධියේ ඇති වූ සංස්කෘතික සංකලනයන් පිළිබඳ මෙහිදී සියුම් අධ්‍යයනයක් සිදු කර ඇත. සාම්ප්‍රදායික ගද්‍ය පද්‍ය සම්ප්‍රදාය විදේශීය බලපෑම් හමුවේ වෙනස් වූ ආකාරය සහ අභියෝගයට ලක් වූ ආකාරය අවබෝධ කර ගැනීමට මෙය කදිම මඟ පෙන්වීමකි.

Rs 1,350.00
Rs 1,500.00
Sinhala Anuvada Sahitha Bahiranidhanavannana
සමන්තපාසාදිකා නම් වූ විනයමහා අටුවාවට අයත් බාහිරනිදනවණණනාව 1954-55 වර්ෂයන්හි (ඉංග්‍රිසී-සිංහල ) පොදු සහතික පත්‍ර විභාග වලට නියතව තිබූ අතර පසුව මෙය සම්පාදන කරන ලද්දේ කොස්ගොඩ ධම්මවංස ස්ථවීරයන් වහන්සේ සහ පණ්ඩිත තලල්ලේ ධමමානන්ද ස්ථවීරයන් වහන්සේ විසිනි.
Rs 796.50
Rs 885.00
Obath Kamathida Sathuten Inna
මුදල් ඉපයීම, ඉඩ කඩම්, ගේදොර, යාන වාහන ගැනීම්, ප්‍රිය සම්භාෂණ්යය, ගෞරව ලැබීම, බලය ලැබීම ආදී සියලුම දේවල් වලින් මිනිසා බලාපොරොත්තු වන්නේ සතුරින් ජීවිතය පවත්වාගෙන යාමය. එහෙත් සතුට ඇත්තේ එතැනද? මේ සියල්ලටම වඩා ලාභදායී ලෙස සතුරු ළඟා කරගැනීමේ ක්‍රමවේදය මෙහි කතුවරයා පෙන්වා දෙන්නයන් ඉතා සරල පැහැදිලි කිර්ම් මගිනි. මෙහි භාෂාව හසුරුවා ඇත්තේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් කරුණු ග්‍රහණය කර ගැනීමට හැකිවන පරිද්දෙනි.මීට පෙර නොයෙක් ක්ෂේත්‍රයන් කිහිපයක් සම්බන්ධව පොත් ගණනාවක් රචනා කර ඇති මෙහි කතුවරයා පළපුරුදු වෛද්‍යවරයෙකු මෙන්ම මනෝ විද්‍යාව සම්බන්ධ දාර්ශනිකයෙකි. එමෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ලේඛක පරපුරකින්ද පැවත එන්නෙකි. ඔහු ලියා ඇති සියලුම පොත් කියවා ඇති මට හැඟී ගියේ ඒ හැම එකක්ම මාගේ ජීවිතයේ යම් යහපත් විපර්යාසයක් ඇති කිරීමට සමත් වූ බව ය.
ඔබත් කැමැතිද සතුටෙන් ඉන්න නමැති මේ පොත කියවීමෙන් ද මාගේ ජීවිතයේ විශාල යහපත් පරිවර්තනයක් වූ බව කිව හැක.
චිත්‍රාල් ගමගේ
කර්තෘ සන්නස පුවත්පත
ඕස්ට්‍රේලියාව
ඔබත් කැමැතිද සතුටෙන් ඉන්න නමැති මේ පොත කියවීමෙන් ද මාගේ ජීවිතයේ විශාල යහපත් පරිවර්තනයක් වූ බව කිව හැක.
චිත්‍රාල් ගමගේ
කර්තෘ සන්නස පුවත්පත
ඕස්ට්‍රේලියාව
Rs 1,890.00
Rs 2,100.00
Saddharmadhara
ශ්‍රී සම්බුද්ධ මෙහෙයුම් පුණ්‍ය භාරයේ පණිවිඩය...
ත්‍රෙෙලෝකනාථ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළා වූ උතුම් සම්බුදු වදන කමටහන් කෙරෙනා ''සද්ධර්මධාරා භාවනා වැඩසටහන'' සඳහා යෝගියෙකු ලෙස හෝ පාඨකයෙකු ලෙසින් ඔබ හා සම්බන්ධ වන්නේ භක්ති පූර්වකවය. අතිපූජනීය බම්බලපිටියේ ඤාණාලෝක හිමිපාණන්ගේ උපදේශකත්වය හා අනුශාසකත්වය පරිදි මෙම සද්ධර්මධාරා තෝරාගත් සූත්‍ර දේශනා සංග්‍රහය සම්පාදනය කෙරිණි.
උතුම් සම්බුද්ධ භාෂිතය ප්‍රායෝගික පදනමක් මත පිහිටා ඉදිරිපත් කෙරෙන මෙම තෝරාගත් සූත්‍රගත දේශනාවන් උපයෝගී කරගනිමින් යෝගියෙකු ලෙස ආර්ය මාර්ගය හා සම්බන්ධ වන ඔබ සැබෑ බුදු වදනින් ආලෝකවත් වනු ඇත. න්‍යායාත්මක කරුණු ඇසුරු කරගනිමින් මෙන්ම භාවනා අත්දැකීම් තමා තුළින් ම ළඟා කර ගැනීමට අවස්ථාව ඔබට උදාවනු ඇත. ශ්‍රද්ධා ඉන්ද්‍රිය සහ ශීලය හා තපස, බල ධර්මයන් වශයෙන් දියුණු කර ගන්නා අතරෙහි සද්ධර්මධාරා තෝරාගත් සූත්‍ර දේශනා ග්‍රන්ථය ඇසුරු කරන ඔබ ධර්ම මාර්ගයෙහි උපරිම ඵල අත්විඳිනු දැකීම අපගේ විශ්වාසයයි.

Rs 1,560.00
Rs 1,950.00
Ratana Sutta
A detailed description of one of the most used suttas by ven.Balangoda Dhammananda
Rs 336.00
Rs 420.00
Ahalepolage jeewitha kathawa
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අවසාන රාජාණ්ඩු සමය දෙදරුම් කළ ප්‍රබලම චරිතය ඇහැලෙපොළ මහා අදිකාරම්ය. සෙංකඩගල රාජධානියේ බලය සහ ඉංග්‍රීසි ආක්‍රමණිකයන්ගේ කූටෝපායන් මැද දෝලනය වූ ඔහුගේ ජීවිතය, වීරත්වයේත් ශෝකාන්තයේත් අසමසම එකතුවකි.ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමඟ ඇති වූ ගැටුම හමුවේ, ඇහැලෙපොළ කුමාරිහාමි සහ දරුවන් මුහුණ දුන් අතිශය අමානුෂික ඛේදනීය ඉරණම සිංහල ඉතිහාසයේ නොමැකෙන කැළලකි. බලය උදෙසා රට පාවා දුන් ද්‍රෝහියෙකු ද? නැතහොත් කෲර පාලනයකට එරෙහි වූ විප්ලවවාදියෙකු ද?
1815 උඩරට ගිවිසුම හරහා රාජධානි පෙරළියට මඟ පෑදූ ඔහුගේ භූමිකාවත්, පසුව ඉංග්‍රීසින් අතින්ම සිරකරුවෙකු වී මොරිෂස් දූපතේදී අවසන් හුස්ම හෙළීමට සිදු වූ ඉරණමත් මෙම කෘතියෙන් විමර්ශනය කෙරේ. ඉතිහාසයේ සැඟවුණු සත්‍ය සොයා යන පාඨකයාට මෙය අගනා අත්දැකීමකි.

Rs 1,080.00
Rs 1,200.00
Jathaka Pothen Helivana Darshanika Wigrahaya
Out-of-Stock
ජාතක පොත සම්බන්ධ විවිධ ප්‍රස්තුත විවරණය වී ඇත්තේ නමුත්, මෙම ග්‍රන්ථය නවමු ප්‍රවේශයක් සහිත දාර්ශනික විග්‍රහයක් බැව් ග්‍රන්ථය නිරික්ෂණය කිරීමෙන් පැහැදිලි වේ. එය මනාව සනාත වන්නේ, ප්‍රස්තුත මාතෘතා සියල්ලෙහි අවසානයේ දී නිගමනය හැඳින්වීම තුළඳීම සනාථ කොට ඇති හෙයිනි. මෙම පුස්තුත විග්‍රහය එතෙක් මෙහෙන් සාකච්ඡාවට භාජනය නොවූ උපන්‍යාශයක් බැව් ද සිහිපත් කරම්.ජාතක පොත හුදු ග්‍රන්ථයක් නොවන බවත්, දාර්ශනික ව්‍යුහයකින් සමුහනය වී ඇති බවත් මෙම ග්‍රන්ථයේ ප්‍රස්තුත මාතෘකා තුළින් මනාව සනාථ වෙයි. සැම පුස්තුන මාතෘකාවක් ම නිරික්ෂණ, පරික්ෂය හා සාධක කරුණු අනුව සනාථ කරන ලද උපන්‍යාශ බැව් මනාව පැහැදිලිය. එබැවින්, කියවීම කියවීමට, උචිත ග්‍රන්ථයක් ලෙස මෙම ග්‍රන්ථය සඳහන් කරමි.
කතුවරයා ඉදිරිපත් කොට ඇති තාර්කික පද බෙදීම මගින් ජාතක කතාව පිළිබඳ ප්‍රස්තුතය ග්‍රහණය කරගැනීම අතිශයින් සරල කොට තිබේ. අධ්‍යාපනය පිළිබඳ ප්‍රස්තුතය, ආර්ථිකය පිළිබඳ ප්‍රස්තුතය, ස්ත්‍රීභාවවේදය පිළිබඳ ප්‍රස්තුනය, භික්ෂු ආකල්පය පිළිබඳ ප්‍රස්තුතය, රාජ්‍ය පාළනය හා ධාර්මික බව පිළිබඳ ප්‍රස්තුතුතය යනාදිය ධර්ම ශාස්ත්‍රීය අධ්‍යයනයෙහි යෙදෙන්නට ග්‍රහණය කරගැනීමේ පහසුව මෙම ග්‍රන්ථය මගින් සිදුකොට තිබේ. එමඟින් පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මෙන්ම, සාමාන්‍ය පාඨකයාට ද වැදගත් වනු නොඅනුමානය.
පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙහි
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයෙහි අංශාධිපති
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය,
ආචාර්ය මුවඇටගම ඤාණානන්ද නාහිමි

Rs 3,150.00
Rs 3,500.00
Bauddha Saukhya Waidyopadesa
මිනිසාට රෝග වැලදේ. ඒ රෝග වැලඳි කල දුකකි. එය තමන්ට අවශ්‍ය පරිදි පාලනය කළ නොහැකි වන හෙයින් ඒ අනාත්ම නම් වෙයි. ඒ නිසා පුරාණ ආයුර්වේද ශාස්ත්‍රයේත් බුදු සමයෙත් කායික මානසිකත්වයන් මුලික වීමෙන් විවිධ රෝග වැලදෙන බවත් ඒවා සුවපත් කර ගැනීම සඳහා මානසික මෙන්ම ඖෂධීය ප්‍රතිකර්ම අවශ්‍ය බවත් පැවසේ. එබැවින් බුදු සමය නිරන්තරයෙන්ම පුද්ගලයන්ගේ කායික මානසික නිරෝගීතාවය උදෙසා ඉන්ද්‍රිය පරිපාලනයේ ද අවශ්‍යතාවය අවධාරණය කොට ඇත.
සංස්කෘත භාෂාව ඇතුලු පෙරදිග භාෂා කිහිපයක ගැඹුරු දැනුමක් ඇති ප්‍රවීණ ආචාර්යවරයෙකු හා ග්‍රන්ථ කතුවරයෙකු ද වන ශාස්ත්‍රවේදී එච්.බී.ආර්. වෑගන්තලේ මහතා ආයුර්වේද ගුරුවරයෙකු ලෙස ද කලක සිට සේවය කරණ අතර මෙතුමා තම අධ්‍යයනයන් මගින් ලත් දැනුම හා අවබෝධය හෙළි කරන උත්සාහයක් ලෙස 'බෞද්ධ සෞඛ්‍ය වෛද්‍යෙපදේශ' ග්‍රන්ථය දැක්විය හැකිය. කර්ම

Rs 765.00
Rs 850.00
Prethavasthu Prakaranaya Wimasuma
පාලි පෙතවත්ථු අට්ඨ කථාවෙහි අනුවාදයක් වන සිංහල ප්‍රේතවස්තු ප්‍රකරණය නොයෙක් විචාරකයින්ගේ විමසුමට ලක් වූ ග්‍රන්ථයකි. සම්භාව්‍ය සාහිත්‍යය මෙන් ම බෞද්ධ සාහිත්‍යය හදාරන විද්‍යාර්ථීන්ගේ විමසුම් නෙත ප්‍රේත වස්තු ප්‍රකරණය කෙරෙහි නිරතුරු යොමු වන්නේ මෙය අගනා සාහිත්‍ය නිර්මාණයක් මෙන් ම ධර්ම ග්‍රන්ථයක් ද වීම හේතුවෙනි. ඒ අනුව ප්‍රේත වස්තු ප්‍රකරණයෙහි පැනෙන මනස පිළිබඳ ව වන ගැඹුරු විග්‍රහය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් හා එහි නිර්මාණාත්මක ලක්ෂණ කෙරෙහි ද සාවධාන වෙමින් කළ මනෝවිද්‍යාත්මක මෙන් ම කලාත්මක නිරීක්ෂණයක් ලෙස ප්‍රේතවස්තු ප්‍රකරණය විමසුම නමැති මෙම කෘතිය හඳුන්වාදිය හැකිය.
Rs 477.90
Rs 531.00
Wisinavaye Lekammitiya
ලේකම්මිටිය යනු කුමක් ද? යන්න පිළිබඳව විමසා බැලීමේදී එකම කාර්යය මණ්ඩලයකට අයත් විවිධ කාර්යයන් පිළිබඳව තොරතුරු ලියූ එකට බඳින ලද පොත් කීපයක් සහ ප්‍රසිද්ධ විහාරස්ථානාදියේ අය-වැය විස්තර සඳහන් කරන්නට යෙදුණා වූ ලොකු පොත් එකට බැඳ තබන සිරිත නිසා ලේකම්මිටිය යන අර්ථයෙන් ඒවා හැඳින් වූ බව පෙනේ. මේ අයුරු අපේ ඉතිහාසය පුරා ගම්වසම්බිනි ලේකම්මිටිය, නානායක්කාර ලේකම්මිටිය, හීලේකම්මිටිය, කත්හාල් ලේකම්මිටිය, පාමුල් ලේකම්මිටිය, සංඝයා පිළිබඳ ලේකම්මිටිය, අතපත්තු ලේකම්මිටිය, කොඩිතුවක්කු ලේකම්මිටිය, ශ්‍රී පාදේ ලේකම්මිටිය, දළදා මාලිගවේ ලේකම්මිටිය, දේවාල හා පන්සල් වල ලේකම් මිටි යනාදි වශයෙන් බොහෝ ලේකම් මිටි අපට හමුවේ. මේවාට අමතරව තොරතුරු ලැබෙන ආකාරය අනුව තවත් නන්වැදෑරුම් ලේකම් මිටි තිබී ඇති බැව් විශ්‍රාමලත් විදුහල්පති, කලා භූෂණ රාජ්‍ය සම්මාන ලාභී ඩී. ඒ. ටී.බී. දේවසිංහයන් විසින් ශ්‍රී ලාංකීය ජාතියට හඳුන්වාදෙන "විසිනවයේ ලේකම්මිටිය " නම් වූ නවතම ග්‍රන්ථය තුළින් මොනවට පසක් කර දී ඇත්තේය.
Rs 675.00
Rs 750.00
Rs 1,327.50
Rs 1,475.00
Pali Preveshaya 01
පූජ්‍ය මොරටුවේ ගුණරතන හිමියන් විසින් සම්පාදනය කරන ලද පාලි ප්‍රවේශය - 1 නම් මෙම ග්‍රන්ථය පිරිවෙන් අධ්‍යාපනය කරණු ලබන ස්වාමීන් වහන්සේලාට සහ දහම් පාසල් අධ්‍යාපනය හදාරනු ලබන විද්‍යාර්ථින්ටද මහගු පිටුවහලක් සපයන ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 690.30
Rs 767.00