Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Poho Da Watha Saha Poho Da Dharma Deshanawa
''පොහෝ දා වත සහ පොහෝ දා ධම්ම දේශනා'' නම් මෙම කෘතිය අත්තුඩාවේ රාහුල ස්ථවීරයන් වහන්සේ විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය තුළ පෙහෙවස් සමාදන් විම ගැනත්, පෙහෙවස් සමාදන් වූ බැතිමතුන්ට එම දිනයෙන් ප්‍රයෝජන ගත හැකිවන පරිදි අවශ්‍ය කරුණුත් මෙහි අන්තර් ගත අතර අදසමාජයේ සාරධර්ම පෝදා පාළුව දැඩිව දැනෙන කාල වකවාණුවක වැඩිහිටි නිවාස, අනාථ නිවාස ඉමක් නිමක් නොමැතිව ඉදිවන සමයක කරුණාව මෛත්‍රිය වැනි ගුණ ධම් ඈත්ව වෛරය,ක්‍රොධය,තෘෂ්ණාව වැනි විනාශකාරී ක්‍රියා දැඩිව ඇති සමාජයක මිනිසත්කම හදුනන ගුණ දහම් අගයන පිරිසක් බිහිකිරීමෙහිලා අත්තුඩාවේ රාහුල ස්ථවීරයන් වහන්සේ විසින් කරන ලද මෙම ශාසනික සේවය අති මහත්ය.
Rs 1,755.00
Rs 1,950.00
Guwan widuli Bana Maga
කර්තෘ ගෙන්...
මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේ දේශනාවට හැඩ ගැසෙන්නේ දැකපුරුද්ද, ඇසූ පුරුද්ද හා කළ පුරුද්දට අනුවය. සිය ගුරු දේවයන් වහන්සේ පන්සලේ නැතිවිට වටාපත අතට ගන්නා කුඩා සාමණේරයන් වහන්සේ කල්ගත වන විට ධර්මාසනාරූඪව දේශනාවද පටන් ගනිති. මෙය ගොවියා ගොවිකමටද, කුමරුවා රජකමටද හුරුවන්නාක් සේ පෙළ ගැසීමකි. ඇතැම් ගෝලයෝ ගුරුවරයාට පෙර පසු නොවී ගමන් කරන්නාහු වනමුත් ඇතැම්හු වාසනා ගුණ බෙලෙන් ගුරුවරයා පසුබා පෙරට යාමටද සමත් වෙති.
ගුවන් විදුලි මාධ්‍යයෙන් දේශනා ප්‍රචාරය ආරම්භ වූ මුල් අවදියේ (ගරු පැලෑනේ වජිරඥාන හිමිපාණන් වහන්සේ 1928) ඒවා අසා මහත් ප්‍රීතියට පත් කොළඹ අවට අසන්නන් එවන් දහම් කතා වඩ වඩා ප්‍රචාරය කරන මෙන් ගුවන් විදුලි බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ එම කතා අර්ථ රසය හා ශ්‍රවණ ප්‍රියතාව යන දෙඅංශයෙන් සරුවීම නිසාය. මෙවන් ශූර හිමිවරුන් ගුවන් විදුලියේදී අපටද හමු වූ වාර බොහෝය. මුන් වහන්සේට ගුවන් විදුලි ධර්ම දේශනා සම්බන්ධයෙන් පුහුණු වීම් ආයතනයක පිහිට ලැබුණේ නම් එය වඩාත් මහත්ඵල වන්නට ඉඩ තිබුණි. " ගුවන් විදුලි බණ මඟ' මේ පොත් පිංච එළිදැක්වීම අවශ්‍ය වූයේ ගුවන් විදුලි නවක දේශකයන් වහන්සේට යම් ගුරුහරුකමක් අත් කර ගැනීමටය. මෙහි අවස්ථා කිහිපයකදී ශූර දේශකයන් වහන්සේගේ හා වියත් කථිකයන්ගේ කථාවල විචිත්‍රතාව සවිස්තරව දක්වා ඇත.

Rs 765.00
Rs 850.00
Saddharma Nadaya
Out-of-Stock
පී. ඇම්. සේනාරත් මහතා විසින් සංස්කරණය කරණ ලද මෙම සද්ධර්ම නාදය ග්‍රන්ථයේ අන්තර්ගතව ඇත්තේ පූජ්‍ය හෙණ්ඩියගල සීලරතන නාහිමියන් විසින් වරින්වර ලියන ලද සමාජ සංශෝධන ග්‍රන්ථ මාලාවෙන් තෝරාගන්නා ලද ධර්ම කොටස්ය.බුද්ධාගම යනු කුමක්ද, බුදු වීම, අටලෝදහම, කර්ම විපාකය, භාවනා වැඩීම, ශාසනික පැවිද්ද, දුකින් මිදීම, විමුක්ති සුවය, පුනරුත්පත්තිය, නිර්වාණ මාර්ගය ආදී වශයෙන් ඒවා වර්ග කොට තිබේ.
ගැඹුරු බුදු දහම සරළව ඉදිරිපත් කිරීම මෙහි ඇති විශේෂත්වයයි. ප්‍රධාන බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් මෙයින් පාඨකයාට ලබාගත හැකිය.
ගැඹුරු බුදු දහම සරළව ඉදිරිපත් කිරීම මෙහි ඇති විශේෂත්වයයි. ප්‍රධාන බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් මෙයින් පාඨකයාට ලබාගත හැකිය.
Rs 405.00
Rs 450.00
Sri Gnanarathana Grantha Mala 1
අග්ගමහා පණ්ඩිත, විනය විශාරද, ආචාර්ය පරම පුජහීය වැලිගම සිරි ඤාණරතනාභිධාන අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායයේ මහානායක මාහිමිපාණන් වහන්සේ වූ කලී සමීපාතීතයේ ශ්‍රී ලාංකේය ථේරවාද භික්ෂු පෞරුෂය අන්වර්ථ කළාහු අජානේය සංඝ නේතෘවරයාණ කෙනෙකි. ධර්ම විනය පිළිබඳ අටුවා - ටීකා නයින් නිරාකූලව ලිවීමෙහි හා බිණීමෙහි විස්මයාවහ විස්කම් පෑ උන්වහන්සේ අග්ගමහා පණ්ඩිත පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ සමිඳුන් අතින් 1953 වර්ෂයෙහි ලක්දිව අග්‍රතම ධර්ම දේශකයන් වහන්සේ ලෙස අභිෂේක ලත්හ.
ධර්ම - විනය පිළිබඳ කුදු මහත් ග්‍රන්ථ ශතාධික සංඛ්‍යාවක් ලියා පළ කළ උන්වහන්සේ ථේරවාද මෙන් ම මහායාන බෞද්ධ ලෝකයාගේ ගෞරවාදරයට පාත්‍ර වූ චිරරාත්‍රඥ මහ තෙර නමකි. ගිහි බෞද්ධයාගේ සදාචාර වර්ධනය උදෙසා නිරතුරුව ලොකු කුඩා දහම් පොත් ලිවීම අවිජහිත සිරිතක්ව පැවති අතර, ඇතැම් දහම් ග්‍රන්ථවල පිටපතකුදු සොයා ගැන්ම දැනට දුර්ලභව පවතී. එබැවින් ඒ සියලු පොත් එකතු කොට කාණ්ඩ වශයෙන් පළ කිරීමට සූදානම් කොට ඇති අතර, මේ එහි පළමු පියවරයි. මෙම ධර්ම සංග්‍රහය හැම අතින් ම කාලෝචිත වන අතර, ධර්මකාමී සැමගේ වාසනාවක් බව නොපැකිළ පැවසිය හැකි ය.
පූජ්‍ය බුත්තල ඤාණාධාර හිමි පරිවෙණාධිපති - සිරි ඤාණරතන පිරිවෙන, මාකඳු ගොඩ, තල්පෙ, ගාල්ල,

Rs 360.00
Rs 400.00
Rs 810.00
Rs 900.00
Punchi Sithe Nuwana Athe
Out-of-Stock
ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි.එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි.මේ කථා පොඩ් දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි.මේ කථාවට පදනම් වූයේ 'වානරින්ද ජාතකය' යි.
Rs 225.00
Rs 250.00
Gata Nathi Una Bata
ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි.එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත.මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි.මෙහි එන කථාවට පදනම් වූයේ 'නළපාන ජාතකය' යි
Rs 225.00
Rs 250.00
Ek Gunayak Pala Dahasak
Out-of-Stock
ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'අම්බ ජාතකය' යි.
Rs 225.00
Rs 250.00
Muthu Malayak Soya
ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මෙහි එන කථාවට පදනම් වූයේ 'මහාසාර ජාතකය' යි.
Rs 225.00
Rs 250.00
Sri Lankawe Kurumbara Deva Sankalpaya
දේශීය ශාන්තිකර්ම ආශ්‍රිතව පුද ලබන කුරුම්බර ඇදහිල්ල හා දේවාලය පිළිබඳ මනා විමසුමකින් රචිත ශ්‍රී ලංකාවේ කුරුම්බර දේව සංකල්පය නම් වූ මෙම කෘතිය පර්යේෂණයක අග්‍රඵලයකි. ශ්‍රී ලාංකේය වන පිළිවෙන්හි විවිධාකාරයෙන් පුද ලබන කුරුම්බර පිළිබඳව ශ්‍රී ලංකාවේ කුරුම්බර දේව සංකල්පය යන මැයෙන් රචිත මෙම ග්‍රන්ථය ඇදහිලි විශ්වාස, මානව සමාජ විද්‍යාව, අස්පර්ශනීය සංස්කෘතික උරුමය ආදී විෂය ක්ෂේත්‍ර විමර්ශනයට යොමුවන විද්‍යාර්ථින්ට මෙන්ම දැනුම එක් රැස් කිරීමේ පිපාසිත සෙසු පාඨකයන්ට ද පරිශීලනය කළ හැකි ඉනා වටිනා ග්‍රන්ථයකි. එමෙන්ම දේශීය සංස්කෘතික වපසරීය අධ්‍යයනය කිරීම තවදුරටත් පුළුල් කරවන ශාස්ත්‍රීය ග්‍රන්ථයක් බව මෙහි ලා සඳහන් කළ යුතු ය.
Rs 810.00
Rs 900.00
Parani Sri Lankeya Bhikshu Samajaya
කැලණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරන ආචාර්ය වසන්ත දිසානායක මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධිධරයෙකි. එම විශ්වවිද්‍යාලයෙන්ම දර්ශනපති උපාධිය ද ලබාගත් දිසානායක මහතා පාලි සහ සංස්කෘත භාෂා ප්‍රවීනයෙක් ද වේ. ඔහු විසින් සම්පාදිත "පැරණි ශ්‍රී ලාංකේය භික්ෂු සමාජය: පාළි අට්ඨ කථා ඇසුරෙන්" නම් කෘතිය, මෙම විෂය ක්‍ෂේත්‍රයේ මෑත කාලීනව සම්පාදිත විශිෂ්ටත ම පර්යේෂණ ග්‍රන්ථය වශයෙන් සැලකිය හැකි ය.පාළි ත්‍රිපිටකය ඓතිහාසික තොරතුරු ගවේෂණය කරන්නකුට ඥාන සාගරයක් වන්නේ යම්සේද, පාළි අට්ඨ කථා සාහිත්‍යය ද එබදුම ආකාරයේ ඓතිහාසික තොරතුරු ගැබිව ඇති සාහිත්‍ය සාගරයකි. භාරතීය ඉතිහාසය හා ශ්‍රී ලාංකීය ඉතිහාසය පිළිබඳව පර්යේෂණය කරන්නකුට අට්ඨ කථා වලින් ලැබෙන උපකාරය කෙතෙක් ද යන්න, මහාචාර්ය වල්පොළ රාහුල හිමි, ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම්, මහාචාර්ය හේම එල්ලාවල සහ මහාචාර්ය වස්. බී. හෙට්ටිආරච්චි වැනි විද්වතුන් විසින් සිදුකරන ලද පර්යේෂණ වලින් තහවුරු වේ.
ඔවුන් විසින් හෙළිකරන ලද ගමන් මග ඔස්සේ තවදුරටත් ඉදිරියට යාමට වසන්තදිසානායක විසින් දරන ලද ප්‍රයත්නය ප්‍රශංසාර්හ ය. ඔහුගේ කෘතිය අදාළ විෂය ක්‍ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කරන පර්යේෂකයන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයාට ද මහෝපකාරී වන බව කිව යුතු ය. අංකුර පර්යේෂකයකු වන ඔහුට මෙබඳු පර්යේෂණ වඩ වඩාත් සිදුකිරීම සඳහා ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
ඒ. එච්. එම්. එච්. අබයරත්න
ඉතිහාස අධ්‍යයන අංශය කැලණිය විශ්ව විද්‍යාලය

Rs 2,160.00
Rs 2,400.00
Shri Sharngadhara Sanhitha
කෘතිය ඇසුරෙන්...
අපේ පාරම්පරික වෙදකම වුවත් අංග සම්පූර්ණව ඉගෙනීමට නම් ශාර්ඩ්ගධර සංහිතාව පරිශීලනය කිරීම අවශ්‍ය වනුයේ පාරම්පරිකව වෙදකම ඉගෙනීම කිරීමේදී, තමන් ප්‍රතිකාර කරන රෝගීන්ට තමන් අතින්ම පිළියෙල කරන ලද බෙහෙත් යෙදීමේ සම්ප්‍රදාය නිසයි. එසේ ඖෂධ නිෂ්පාදනයේදී කෂාය, චූර්ණ, ගුලි, කල්ක, අවලේහ, රසායන, සෘත තෛල සහ රසදිය ගන්ධක ආදී රස බෙහෙත් නිෂ්පාදනය ද එම රස බෙහෙත් ශෝධන, මාරණ ක්‍රම ද, විෂ බෙහෙත් ද්‍රව්‍යවල විෂ නැසීම ද ඉගෙනගතයුතුය. ඒ හැර වෙදකමේ මූලධර්ම ද වෛද්‍ය ආතුර දෙපක්‍ෂයේ පෙරමග නිමිති, සිහින ඵලාපල සහ වමන විරේචන ආදී පංචකර්ම විධි ස්වේද කර්ම, රක්ත මෝක්ෂණ, ආදී හැම අංශයක්ම ගුරු වෙද ගෙදරින් අභ්‍යාස කළ යුතුය. ශරීර ක්‍රියා විඥාන ආහාර පරිපචන ක්‍රියා ආදිය ද අවශ්‍යයෙන් තම වෙද සිසුන්ට ඉගැන්වීම කළ යුතු වේ. මේ ආදි වශයෙන් මා විසින් මෙහි දැක්වුණු, නොදැක්වුණු එනම්, ධාතු ප්‍රකෘති, ත්‍රිධාතු ත්‍රිදෝෂ, භේද, ලෝකයේ මැවීම, ද්‍රව්‍යයන්ගේ රස ගුණ ආදියත් නාඩි පරීක්ෂා ආදී රෝග පරීක්ෂණ ක්‍රම, සහ ඒ ඒ රෝගයන්ට යොදන හස්තසාර ඖෂධ ද මෙම ශාර්ඩ්ගධර සංහිතාවේ ද සංහිතා ග්‍රන්ථයෙකැ දැක්වෙන පරිදි ලුහුඬින් දැක්වේ. මේ අනුව ආයුර්වේද විශ්වවිද්‍යාල ආයතන ආදී හැම ආයුර්වේද අධ්‍යාපන ස්ථානවල ම පරිශීලනය කළ යුතු, ඒ නිසා ම අප විසින් සාදර ගෞරවයෙන් පරිශීලනය කරනු ලබන මේ "ශාර්ඩ්ගධර සංහිතා" ග්‍රන්ථ රත්නය සොයා ගැනීමට අපහසු වීම මහත් පාඩුවකි. එම අඩුපාඩුව, දිවයිනේ හැම තැනක ම පතළ කීර්තිමත් වෛද්‍ය නාමයක් ඇති, දේශීය වෛද්‍යොපාධ්‍යාය පී. නාගොඩ විතාන විද්වතුන් විසින් පිරිමසනු ලැබීම කාලෝචිත වෙයි. "සුබසෙත" පත්‍රය ආරම්භයේ පටන් පාඨකයන්, රෝගීන්, විමසන ප්‍රශ්න වලට පිළිතුරු සහ ප්‍රතිකාර මේ දක්වා ම ලියන, ලේඛන කලාවෙහි ද සමත්කම දක්වන මෙතුමා ජනාධිපති සම්මානය ද ලබා ඇත.
තෙළඟපාත ධර්මකීර්ති නායක ස්ථවිර
තෙළඟපාත පාරම්පරික වෛද්‍යක්‍රම නිපුණායතනය තෙළඟපාත, කැලණිය

Rs 2,610.00
Rs 2,900.00
Rs 612.00
Rs 680.00
Rs 306.00
Rs 340.00
Jathakakatha adbhuthaya ha yatharthaya
දෙස් විදෙස් භාෂා සාහිත්‍ය විශාරදයන්ගේ නොමඳ සම්භාවනාවට ද නොමඳ පර්යේෂණයට ද ලක්ව ඇති ජාතක කථා දිනෙන් දින අලුත් පර්යේෂණ තේමාවන්ට තෝතැන්නක් වීමත් විෂය ක්ෂේත්‍රයක් වශයෙන් කිසිදා පැරැණි නොවීමත් එහි ඇති විමර්ශනශීලී ගුණය අනාවරණය කරන අතර 'ජාතක කථා, අද්භූතය හා යථාර්ථය' යන මෙම කෘතිය මගින් යථාර්ථය හා අද්භූතය යනුවෙන් ඉදිරිපත් වන සංකල්ප දෙක මිනුම් දඬු ලෙස ගෙන ජාතක සාහිත්‍යය මැනීමට ලක් කිරීමේ ප්‍රයත්නයක් ලෙස මෙම කෘතිය හඳුනා ගත හැකි වෙයි.
Rs 522.00
Rs 580.00
Kelaniya Sinhala Hindi Maha Shabda Koshaya
Out-of-Stock
''කැලණිය සිංහල-හින්දි මහා ශබ්ද කෝෂය'' නැමැති මෙම කෘතිය කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විසින් කැලණිය විශ්වවිද්‍යාලයේම සහාය සංස්කාරක මණ්ඩලයක සහාය ඇතුව කරන ලද අග්‍රගන්‍ය ශබ්ද කෝෂයක් ලෙස හැදින්විය හැකිය.
Rs 7,200.00
Rs 8,000.00
Sanjeevani Sara Sangrahaya Nam Wu Ayurveda Waidya Shabdakoshaya
Out-of-Stock
''සංජීවනී සාර සංග්‍රහය නම් වූ ආයුර්වේද වෛද්‍ය ශබ්දකෝෂය'' මෙම ශබ්දකෝෂය වෛද්‍යචාර්ය, වෛද්‍යනිධි පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමිපාණන්වහන්සේ විසින් රචනා කොට ඇති අතර බහු භාෂික අර්ථ නිරූපන සහිතව ලියැවෙන ගබ්දකෝෂයකි. මෙම ශබ්දකෝෂය මගින් වසර 50 ට අධික කාලයක් ආයුර්වේද ක්ෂේත්‍රයේ පැවති බලවත් අඩුපාඩුවක් සම්පූර්ණ වන අතරේම ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්‍යාර්ථයින්ට මහගු පිටුවහලක් වනු නොඅනු මානය.
Rs 11,250.00
Rs 12,500.00
Sandakindurai Sanda Kinduriyi
කතෘ තුමියගෙන්...
'සඳ කිඳුරු ජාතක කතාව' මට ලියන්නට සිත් වූයේ පාඨකයින් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම ගැන අප සමාගමයේ නිශාන්ත වන්නි ආරච්චි මහතා මා දැනුවත් කිරීමේ ප්‍රතිඵලයකිනි. මේ සොඳුරු ජාතක කතාව දරු දැරියන් අරමුණු කරමින් සරල බසින් ලියා දක්වමි.
සඳ කිඳුරියගේ විලාපය දිව්‍ය ලෝක පවා සලිත කරයි. ඇය හමුවට ශක්‍ර දිව්‍ය රාජයාගේ පැමිණීම ඈ තුළ ඇති ගුණ ධර්ම වල බල මහිමය කියාපායි. අප ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ එක් භවයක් විස්තර වන සඳ කිඳුරු ජාතකය දරු දැරියනට පමණක් නොව වැඩිහිටියන්ට පවා රස විඳිය හැකි සුන්දර කතා වස්තුවකි.

Ummagga Jathakaya-Sithuwam Sahitha
උම්මග්ග ජාතකය යනු මහෞෂධ පණ්ඩිතයන්ගේ අසමසම ප්‍රඥාව සහ උපාය කෞශල්‍යය මැනවින් නිරූපණය වන, පන්සිය පනස් ජාතක පොතේ එන දීර්ඝතම සහ ප්‍රකටම ජාතක කතාවකි. වේදේහ රජුගේ මියුළු නුවර බ්‍රහ්මදත්ත රජුගේ ආක්‍රමණවලින් ආරක්ෂා කර ගැනීමට මහෞෂධ පණ්ඩිතයන් තම නැණ නුවණ මෙහෙයවා කටයුතු කළ ආකාරය මෙහි සිතුවම් සහිතව ඉතා ආකර්ෂණීය ලෙස රචනා කර ඇත.
Rs 675.00
Rs 750.00
Jathaka Atuwa Gatapadaya
Out-of-Stock
ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයට නිර්දේශිතව විශ්වවිද්‍යාල සහ පිරිවෙන් අධ්‍යාපනය සදහා මෙම ජාතක අටුව ගැටපදය කෘතිය නිර්මාණය කර ඇත.
Rs 855.00
Rs 950.00
Ape Daru Dariyanta Jathaka Katha – 2
අපේ දරු දැරියන්ට ජාතක කතා - 2
Rs 270.00
Rs 300.00
Jathaka Kathawen Mathuwana Ape Sanskruthiya
ජාතක පොත පොදුවේ අපේ සංස්කෘතිය කෙරෙහිත්, විශේෂයෙන් සාහිත්‍ය හා කලා ශිල්ප කෙරෙහිත් කර ඇති බලපෑම අනල්ප ය. එහෙයින් දිවයිනේ ප්‍රකට ගිහි පැවිදි වියතුන් කිහිප පළක් විසින් ජාතක පොතෙහි විවිධ අංශයන් අළලා කැරුණු දේශන වල පිටපත් රැගත් මෙම ලිපි සංග්‍රහය සිංහල සාහිත්‍යය වංශයට කැරෙන වැදැගත් එකතුවෙකි. මහාචාර්ය ඒ. වී. සුරවීර, මහාචාර්ය එම්. බී. ආරියපාල හා පණ්ඩිත බද්දේගම විමලවංස නා හිමි යන වියතුන් ගේ පර්යේෂණාත්මක හා සාර්ගර්භ ලිපි මෙහි ලා විශේෂයෙන් සඳහන් කරනු වටී.
Rs 157.50
Rs 175.00
Jathaka Katha Sangrahaya
කැලණිය විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර හා බාහිර ශාස්ත්‍රවේදී උපාධි ප්‍රථම භාග උපාධි පරික්ෂණයේ විෂය නිර්දේශයානුකූල අවශ්‍යතාවක් සපුරාලනු පිණිස මෙම ජාතක කථා සංග්‍රහය සම්පාදනය කර ඇති අතර. ඒ සඳහා කථා වස්තු තෝරා ගැනීමේ දී වස්තු විෂය, භාෂාව හා කථා කලාව, එමගින් ලද හැකි වින්දනය හා ඥානය වැනි කරුණු කෙරෙහි ද සාවධාන වෙමින් විවිධත්වයෙන් යුතු කථා වස්තු 14 ක් මෙහි සංග්‍රහ කොට ඇති අතර එසේ ම විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය සඳහා අදාළ ගැටපදයක් ද ඇතුළත් කර තිබේ.
Rs 180.00
Rs 200.00
Jathaka Atuva Gatapada Wyakyava
පොළොන්නරු යුගයේ ලියැවුණු ප්‍රශස්ත සිංහල ග්‍රන්ථාවලිය තුළ ජාතක අටුවා ගැටපදයට හිමි වන්නේ ඉතා වැදගත් ස්ථානයකි. විශේෂයෙන් ම සම්භාව්‍ය සිංහල ගද්‍යය හදාරන විද්වතුනට එහි විවිධ වව්‍යාකරණ ප්‍රයෝගත්, විවිධ ප්‍රස්තර වලට අයත් භාෂා ප්‍රයෝගත් හඳුනා ගැන්ම සඳහා මෙය බෙහෙවින් උපකාරී වන ග්‍රන්ථයකි.
Rs 405.00
Rs 450.00
Bheroonder
Deep in the heart of the island Lanka, where the monsoon rains crash against the jagged peak of Kobo-Thura, an unthinkable legend was born. A catastrophic blow splits its skull in two. It survives, emerging as a magnificent, terrifying singularity: a two-headed monster of the air named "BHEROONDER"
Rs 450.00
Rs 500.00
Cunningham's Erroneous Accounts Of Buddhist History
Drawing on colonial records and overlooked evidence, the author reveals how British authorities, confronted by strong resistance from Sri Lankan communities and the unifying influence of the Buddhist Sangha, came to regard Buddhism itself as a source of national cohesion. In response, colonial scholarship gradually shifted key elements of the Buddha's life and legacy away from Sri Lanka, weakening the island's historical and spiritual centrality to the tradition.
Rs 1,575.00
Rs 1,750.00
Wana Wadunu Dosthara
කෘතිය ඇසුරෙන්...
සිය පියා යමක් ලියනු දුටු හැම මොහොතකම ඔහුගේ ඇඟෙහි දැවැටෙමින් "තාත්තේ ඔයා හැම තිස්සේම කුරුටු ගොන්නේ මොනවා ද? යි ඇසූ සිඟිති දුවක් පසුව සුරංගනා කතා ලිවීමෙන් තාත්තාගේ අඩි පාරේම යන්නට පටන් ගෙන මුහුකුරා ගිය ලේඛිකාවක වශයෙන් ඇගේ තාත්තාගේ ජිවිත කතාවද ලිවීමට වාසනාවන්තියක් වූවාය. ඒ, ඉංග්‍රීසියෙන් ලියූ පොත් තුදුසකින් එම සාහිත්‍ය පෝෂණයට දායක වූ ක්‍රිස්ටීන් ස්පිට්ල් විල්සන් නමැති සුප්‍රකට ලේඛිකාට ය. මේ රටේ සිටි සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකු මෙන්ම ලේඛකයකුද වූ ආර්. එල්. ස්පිටිල්ගේ වැඩිමහල් දූ ය. ඇයට නැගණියක්ද සිටි නමුත් කුඩා කාලයේදීම මිය ගියාය.
ක්‍රිස්ටින් විල්සන්ගේ මුල් ඉංග්‍රීසි කෘති අතුරෙන් කීපයක් "තිත්ත කෝපි", "කඳුකර මාවත", "අත්තටු මැවිල්ලා", "වීර දිවයින", යනුවෙන් සිංහලයට පරිවර්තනය වී තිබේ. මේ " වන වැදුණු දොස්තර Surgeon of the Wilderness යනුවෙන් ඇය ලියූ ඇගේ පියාගේ ජීවිත කතාව ය. ක්‍රිස්ටීන් මෙම කෘතියෙන් ඇගේ පියාගේ ජීවිතයේ හැම පැතිකඩක්ම අතිශය භාව පූර්ණාකාරයෙන් විවරණය කරන්නී විවිධ සාහිත්‍ය රස පාඨක මනසට ඇතුළු වන ආකාරයෙනි.ක්‍රිස්ටීන් ස්පිටිල් විල්සන් දැන් ජීවතුන් අතර නැත. ඇයත් ඇගේ සැමියොත් සැබෑ මානව දයාවෙන් තෙරේ. ඉතා නිහතමානී, එමෙන්ම කාරුණික, වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම මිනිස් නාමය අන්වර්ථ කර ගත් යුවළක් බව ජීවතුන් අතර නැති ඒ දෙදෙනාටම දක්වන උපහාරයක් වශයෙන් මෙහි ලා සටහන් කරමු.

Rs 1,440.00
Rs 1,600.00
Mutti Mangallaye Sanskruthikawalokana
අතීතයේ වන්නි හත් පත්තුව නමින් ප්‍රකට භූගෝලීය කලාපයට ආවේණික චිර ප්‍රකට 'මුට්ටි මංගල්ලය' තද් ප්‍රදේශයේ කෘෂක ජන සමාජවාසී සංස්කෘතියේ අභ්‍යන්තරය විනිවිද දැකිය හැකි සංස්කෘතික සංස්පර්කයකි. ශ්‍රී ලාංකේය අස්පර්ශනීය සංස්කෘතික උරුමයේ ඒක දේශයක් නියෝජනය කෙරෙන තද් 'මංගල්ලය' පිළිබඳ ප්‍රාමාණික පර්යේෂණ සිදු වී නොමැති විපරීත සමාජ සංදර්භයක් තුළ සමාජ හා සමාජ මානව විද්‍යා විෂය ක්‍ෂේත්‍රය අරභයා පේරාදෙණිය විශ්වවිද‍්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපාලි වීරකෝන් විසින් රචිත 'මුට්ටි මංගල්ලයේ සංස්කෘතිකාවලෝකන' නම් පර්යේෂණාත්මක ශාස්ත්‍රීය කෘතිය තව දුරටත් මානව වංශ සංගීත විද්‍යාල ජනශ්‍රැතික විද්‍යා වල සමාජ මානව විද්‍යා වල සමාජ විද‍්‍යාව විෂය ක්ෂේත්‍ර පෝෂණය කිරීමට දායක වන්නේ මෙවැනි පසුබිමකයි. චිරාත් කාලයක් සමාජයේ නොනැසී පවත්වා ගෙන එනු ලබන වැව, කෘෂි ජීවනෝපාය සහ ස්වභාව ධර්මය සමඟ බැඳුණු සම්ප්‍රදායික ජන විශ්වාස මතපදනම් වූ මුට්ටි නැමීමේ මංගල්ලය ගැන ගැඹුරු විචාරාත්මක කරුණු අතිශයින් දුර්ලභ සමයක. සමාජ වෙනස්වීම් හා පරිවර්තන ක්‍රියාවලීන් අභිමුඛව හිඳින සමාජයක සම්ප්‍රදායික සිරිත් විරිත් පිළිබඳ ගවේෂණය ප්‍රශංසනීය දෙයකි. මෙවැනි මහඟු විශ්වාස පද්ධති ලේඛණ ගත කිරීමෙන් එහි සුරක්‍ෂිතතාව මෙන්ම අනාගත පරපුරට සම්ප්‍රේෂණය කිරීමේ ප‍්‍රවේශයක් ද සපයයි.
සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක
සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක
Rs 1,620.00
Rs 1,800.00
Soma Hamuduruwo
මෑත ඉතිහාසයේ මෙරට පහළ වූ ධර්ම විනය පිළිබඳ මනා පරිචයකින් යුතු විචිත්‍රවත් ධර්ම කථිකයාණන්වහන්සේ නමක ලෙස ජනතා සම්භාවනාවට පත් වන පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගේ ළමා විය, තුරුණු සමය සහ පැවිදි ජීවිතයේ පළමු දශක දෙක මුල්කොට ලියැවී ඇති මෙම ග්‍රන්ථය මගින් උන්වහන්සේගේ ජීවන චරිතය විවරණය වන අතරේම සමකාලීන බෞද්ධ ජන සමාජය පිළිබඳ හරවත් දැනුම් සම්භාරයක්ද පාඨකයා වෙත ප්‍රදානය කෙරේ.
Rs 252.00
Rs 280.00
Asirimath purisadammasarathee Gunayen Babalana Munidano
කෘතිය ඇසුරින්...
ආලවකට වේලායුදය නම් බලවත් ආයුදයක් තිබුණා. එයින් ගැසූ විට මහාමේරු පර්වතය පවා සුන් වෙනවා. අන්තිමට මේ ආයුදයෙන් බුදුරජාණන් වහන්සේට පහර දුන්නා. ඒ ආයුදය පාපිස්සක් සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ තැන්පත් වුණා. ආලවක තවත් කලබල වුණා. එවර ඔහුට සිතුණා මේ කරම් දේ කළත් මේ ශ්‍රමණයාගේ කිසි වෙනසක් නැහැ නෙ. කිසිම කම්පාවක් ද නැහැ. මේ ශ්‍රමණයන් වහන්සේ සිටින්නේ හොඳ ඉවසීමෙන්. කළ කිසිවකින් ජයක් නොලැබූ ආලවක උන් වහන්සේ කෝපයට පත් කරන්නට සිතුවා. නින්දා අපහාස වන වචන වලින්,
මහණ, වහාම මෙතැනින් පිට වෙනු කීය.
මෙතන දී මුදු ලෙස කතා කිරීමෙන් යකුගේ තද කෝපය අඩු කළ හැකි බව සිතූ බුදුරජාණන් වහන්සේ,
යහපති පින්වත' යි කියා බුදුරජාණන් වහන්සේ ගෙයින් පිට වූ සේක.
දඬු මුගුරු අවි ආයුද වලින් තොරව දරුණු ආලවක යක්ෂයා ධර්මයෙන් ම දමනය කළ අපේ බුදුරජාණන් වහන්සේ පුරිසදම්මසාරථී ගුණයෙන් බබළන සේක.

Rs 874.80
Rs 972.00
Chittahattha Maha Rahathan Wahane
මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ චිත්තහත්‍ථ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවන මහ රහතන් වහන්සේ නමකි. එසේ ම ඒ තරම් ප්‍රකට නැති මහ රහතන් වහන්සේ නමකි. මේ උතුම් මහ රහත් චරිත කථාව සකසා ගැනීමේ දී ප්‍රධාන වශයෙන් භාවිත කළේ ධම්මපදට්ඨ කථාවත්, කුද්දාල ජාතකයත් ය.
ගෞතම බුදුසසුන තුළ මුන් වහන්සේ වඩා ත් ප්‍රකට වී ඇත්තේ සය වතාවක් සිවුරු හැරදමා ගොස් සත් වැනි වර නැවත පැවිදි වී අවසානයේ රාගාදී සියලු කෙලෙසුන් නසා දමා රහත් ඵලයට පත් වූ තෙරුන් වහන්සේ වශයෙනි. '

Karambagale Ath Weda Potha
කරඹගල වනාහි පැරණි රොහණ රාජ්‍යයට අයත් සම්බුද්ධාගමනයේ ආදිම අවස්ථාව වන කාවන්තිස්ස සමයේ සිට මහත් ප්‍රසිද්ධියක් උසුලන බෞද්ධ පූජණීය ස්ථානයකි. ලංකා ශාසන ප්‍රවෘත්තිවල කරඤ්ජක ලෙන නමින් ව්‍යවහාර වූ මෙහි එකල මහරහතන් වහන්සේලා පවා වැඩසිටි බැව් පාළි භාෂාවෙන් ලියා තිබෙන ඇතැම් කථා වස්තු වලින් පෙනේ. මෙහි වූ ඇතැම් ගල් ගුහාවල ලංකාවේ ආදිම යුගයට අයත් අවුරුදු දෙදහසකට වඩා පැරණි බෞද්ධ සිතියම් තිබේ. එකල විසූ රහතන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිස පහළ වූ උනුදිය උල්පත් පවා මෙහි ඇති බැව් පුරාවෘත්තයන්හි සඳහන් වෙයි.සත්වයන්ගේ මනොරොග නිවාරණය සඳහා ක්‍රියා කළ භික්ෂූන් වහන්සේලා විසූ මෙම රමණීය ගල් විහාරයෙහි සත්‍වයන්ගේ කායික රෝග නිවාරණයටත් අවශ්‍ය ඖෂධ යොග ද ලියා තිබෙන බැව් මේ පොතෙන් පෙනේ. නොයෙක් වර්ග වලට අයත් රෝග සඳහා ලියන ලද ප්‍රත්‍යක්ෂතම ඖෂධ වට්ටෝරු 577 කට වැඩි ගණනක් මෙහි ඇතුළත්ව ඇත.
ඒ ඒ වට්ටෝරුවල භාෂා විලාසය අනුව සලකන විට අවුරුදු 1000 ක පමණ කාලයක සිට වරින්වර එකතු කළ වට්ටෝරු එක තැනක ලිවීමෙන් මෙය පොතක් වශයෙන් සකස් වී තිබෙන බැව් සිතිය හැක.මෙය වට්ටෝරු වෙද පොතකි. මෙහි ඇතුළත් ඇතැම් ඖෂධ යෝග වෙන කිසිම වෙද පොතක නොතිබෙන්නට පුළුවන. එකම පුස්කොළ පිටපතක් පමණක් තිබූ මේ පොත සකස් කිරීමේදී ලේඛකයන් අතින් සිදුවුනා යයි සිතිය හැකි සුළු සුළු අඩුපාඩු පමණක් සම්පූර්ණ කිරීම පමණකි මෙහි කර ඇත්තේ. පැරණි පුස්කොළ පිටපතත් මේ මුද්‍රිත පිටපතත් අතර ඊට වඩා යම්කිසි වෙනසක් සිදුවී නැත.